World News International Sri Lanka

World News International Sri Lanka 🎙️📺පුවත් අන්තර්ජාතික📺🎙️ Join us as we navigate

📺පුවත් අන්තර්ජාතික📺

"ලොව වටේ සිට මිනිත්තුව දක්වා, විස්තීර්ණ සහ අපක්ෂපාතී පුවත් ආවරණය සඳහා ඔබේ විශ්වාසදායක මූලාශ්‍රය වන [World News International Sri Lanka] වෙත සාදරයෙන් පිළිගනිමු. පුළුල් පරාසයක මාතෘකා පිළිබඳ නිවැරදි සහ තීක්ෂ්ණ බුද්ධිය සහිත වාර්තාකරණයක් ලබාදීමට අපි කැපවී සිටිමු. ලෝක සිදුවීම්, දේශපාලනය, ව්‍යාපාර, විද්‍යාව, තාක්‍ෂණය, සංස්කෘතිය, සහ තවත් දේ ඇතුළුව. අපගේ පළපුරුදු මාධ්‍යවේදීන් සහ සංස්කා

රකවරුන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් ඔබට ගැඹුරු විශ්ලේෂණයක්, උණුසුම් පුවත් සහ සිතුවිලි අවුස්සන විශේෂාංග ලබා දීමට කැපවී සිටින අතර ඒවා පිළිබඳව දැනුවත්ව සිටීමට ඔබව බලගන්වයි ඔබ නවතම සිරස්තල, ගවේෂණාත්මක වාර්තා, හෝ විවිධ ඉදිරිදර්ශන සොයන්නේ නම්, [World News International Sri Lanka] යනු දිනෙන් දින විකාශනය වන ගෝලීය භූ දර්ශනය සමඟ සම්බන්ධ වී සිටීම සඳහා ඔබගේ ගමනාන්තය වේ. අප සමඟ එක්වන්න සැරිසරන්න. "Welcome to [World News International Sri Lanka], your trusted source for up-to-the-minute, comprehensive, and unbiased news coverage from around the globe. We are dedicated to delivering accurate and insightful reporting on a wide range of topics, including world events, politics, business, science, technology, culture, and more. Our team of experienced journalists and editors is committed to providing you with in-depth analysis, breaking news, and thought-provoking features that empower you to stay informed about the world's most pressing issues. Whether you're seeking the latest headlines, investigative reports, or diverse perspectives, [World News International Sri Lanka] is your go-to destination for staying connected to the ever-evolving global landscape.

වැල්ලම්පිටියෙ ඉස්කෝලෙක තාප්පෙ කඩාවැටිලා දැරියක් මියගිහින් දවස් තුනයි! මෙන්න මාදම්පේ ඉස්කෝලෙකත් කඩාවැටෙන්න ඔන්න මෙන්න තිය...
18/11/2023

වැල්ලම්පිටියෙ ඉස්කෝලෙක තාප්පෙ කඩාවැටිලා දැරියක් මියගිහින් දවස් තුනයි! මෙන්න මාදම්පේ ඉස්කෝලෙකත් කඩාවැටෙන්න ඔන්න මෙන්න තියෙන ගොඩනැගිලි රැසක් තියෙනවලු.

මාදම්පේ සේනානායක මධ්‍ය මහා විද්‍යාලයේ ගොඩනැගිලි රැසක් කඩාවැටීමේ අවදානමට ලක්ව ඇති බව වාර්තා වනවා.

වැල්ලම්පිටිය ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩාවැටී පසුගියදා දැරියක මියයාමේ සිද්ධියත් සමග මෙවැනි අවදානම් සහිත පාසල්ගොඩනැගිලි පිළිබඳ දැඩි අවධානයක් යොමු තිබෙනවා.

එබැවින්, අනතුරක් වීමට පෙර මෙම ගොඩනැගිලිවලින් සිසු දරුවන් ඉවත් කළ යුතු බවයි බොහෝ දෙනා පවසා සිටින්නේ.

"මුන් වටකරලා ගහපල්ලා.. " - කතක් මහ හයියෙන් කෑ ගහලා.. පොලිසියට පෙට්‍රල් දාලා ගිනි තියන්න හැදුව අමුතුම ප්ලෑන් එක.. අවසානයේ...
18/11/2023

"මුන් වටකරලා ගහපල්ලා.. " - කතක් මහ හයියෙන් කෑ ගහලා.. පොලිසියට පෙට්‍රල් දාලා ගිනි තියන්න හැදුව අමුතුම ප්ලෑන් එක.. අවසානයේ සිදුවුණ දේ හිතන්නවත් නැතුව ඇති..

කොම්පඤ්ඤවීදිය, වෑකන්දවත්ත ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය වැටලීමක් සඳහා ගිය පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට ප්‍රදේශවාසීන් පහරදී, පෙට්‍රල් දමා ගිනි තැබීමට උත්සහා කිරීමේ සිදුවීමක් වාර්තා විය.

ඒ පෙරේදා (16) රාත්‍රියේ ය.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව ඔහුව අත්අඩංගුවට ගැනීමට කොළඹ දකුණ කොට්ඨාස අපරාධ දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් කොම්පඤ්ඤවීදිය 57 වත්ත ප්‍රදේශයට ගොස් තිබෙනවා.

එහිදී යතුරු පැදියකින් මත්ද්‍රව්‍යය ද රැගෙන පැමිණි සැකකරු තවත් පුද්ගලයෙකු සමඟින් එහි නිවසකට ඇතුළු වී ඇත.

එම අවස්ථාවේ දී ඔවුන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය අදාළ නිවසට තුළට යාමට උත්සාහ දරා තිබෙනවා.

එවිට නිවසේ සිටි කාන්තාවන් දෙදෙනෙක් කෑ ගසා පරුෂ වචන කියා ඇති අතර ඒ අනුව අවට පදිංචිකරුවන් පොලු, මුගුරු සහ මන්න පිහි ආදියද රැගෙන පොලිස් නිලධාරීන් වටකර පහරදීමට උත්සාහ කර ඇත.

එක් පුද්ගලයෙකු ප්ලාස්ටික් බෝතලයක තිබූ පෙට්‍රල් පොලිස් නිලධාරීන්ගේ සිරුරුවලට විසිකර ගිනි තැබීමට උත්සාහ ද‍රා ඇති අතර එහිදී පොලිස් නිලධාරීන් අහසට වෙඩි තබා එම ස්ථානයෙන් පළාගොස් තිබෙනවා.

කෙසේ වෙතත්, පසුව සිදුවීම සම්බන්ධයෙන් කාන්තාවන් තිදෙනෙකු ඇතුළු 9 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගැනිණ.

මේ අතර මත්ද්‍රව්‍ය ජාවාරම්කරු හා ඔහු සමග සිටි අනෙක් පුද්ගලයා සිද්ධියෙන් පසු ප්‍රදේශයෙන් පළාගොස් ඇත.

උත්සව සමයේ කුකුළු මස් හා බිත්තර මිල ගණන් ගැන දැනුම් දීමක්..උත්සව සමයේදී කුකුළු මස් සහ බිත්තර මිල ගණන් තවදුරටත් පහළ යනු ඇ...
18/11/2023

උත්සව සමයේ කුකුළු මස් හා බිත්තර මිල ගණන් ගැන දැනුම් දීමක්..

උත්සව සමයේදී කුකුළු මස් සහ බිත්තර මිල ගණන් තවදුරටත් පහළ යනු ඇති බව සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා පවසනවා.

වැට් බදු වැඩි කිරීම මඟින් ආනයනික සත්ත්ව ආහාර මිල ගණන්වල ඉහළ යාමක් සිදුවුවහොත් මෙම තත්ත්වයේ වෙනසක් සිදුවිය හැකි බව එම සංගමයේ සභාපති පවසනවා.

වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා කියා සිටියේ සුළු හා මධ්‍ය පරිමාණ ගොවීන් ඔවුන්ගේ නිෂ්පාදන අඛණ්ඩව වෙළෙඳපොළට එවීම හේතුවෙන් මේ වන විට රුපියල් 35– 40 අතර මිලකට බිත්තරයක් අලෙවි කිරීමේ හැකියාවක් පවතින බවයි.

ජනපතිගෙන් අති විශේෂ ගැසට්ටුවක්...Ranil Wickremesingheජනාධිපතිවරයා විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා.එම ගැ...
18/11/2023

ජනපතිගෙන් අති විශේෂ ගැසට්ටුවක්...
Ranil Wickremesinghe

ජනාධිපතිවරයා විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා.

එම ගැසට්ටුව මඟින් විදුලිය සහ ඛනිජ තෙල් අත්‍යවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

අදාළ ගැසට් නිවේදනය පහතින්,

රජයෙන් පිරිසකට හෙට මුදල් - ලැබෙන්නේ මෙහෙමයි.. එම සම්පූර්ණ විස්තරය මෙතනින්.යල කන්නයේ වගා හානි සිදු වූ ගොවීන්ට වන්දි ලබාදී...
18/11/2023

රජයෙන් පිරිසකට හෙට මුදල් - ලැබෙන්නේ මෙහෙමයි.. එම සම්පූර්ණ විස්තරය මෙතනින්.

යල කන්නයේ වගා හානි සිදු වූ ගොවීන්ට වන්දි ලබාදීමේ පළමු අදියර වශයෙන් රුපියල් මිලියන 389ක් ගොවීන් අතර බෙදා දීමට රක්ෂණ මණ්ඩලය තීරණය කර තිබෙනවා.

එම වැඩපිළිවෙළ යටතේ හෙට (19) ගොවීන් 250 දෙනෙකුට වන්දි පිරිනැමීම මහින්ද අමරවීර අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ ය.

පසුගිය යල කන්නයේ අක්කර 65,000ක් නියඟයෙන් හානියට පත් විය.

පසුව ඇති වූ අධික වර්ෂාව නිසා අස්වැන්න නෙළීමට ආසන්නව තිබූ කුඹුරු අක්කර 11,000ක් ද විනාශයට පත් විය.

එම හානි තක්සේරු කර ඇති අතර මේ හේතුවෙන් වගා හානි කඩිනමින් මෙම වසර අවසාන වීමට ප්‍රථම ලබා දීමට පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයට උපදෙස් ලබා දී ඇත.

කෙසේ වෙතත්, සාමාන්‍යයෙන් වගා කන්නයක දී සිදුවන වගා හානි සඳහා වන්දි ගෙවීමට වසරක කාලයක් ගත වූවත් මෙවර නියඟය නිසා සිදු වූ වගා හානි සුවිශේෂී අවස්ථාවක් සේ සලකා ලබා දිය යුතු බවට අමාත්‍යවරයා උපදෙස් දී තිබෙනවා.

ගෙවී ගිය මාස 10 තුල දුම්රිය පීලිපැනීම් ගණන ඉහළට.මෙම වසරේ ගෙවී ගිය මාස දහයක කාලය තුළ දුම්රිය පීලිපැනීම් 75ක් සිදුවී ඇති බ...
18/11/2023

ගෙවී ගිය මාස 10 තුල දුම්රිය පීලිපැනීම් ගණන ඉහළට.

මෙම වසරේ ගෙවී ගිය මාස දහයක කාලය තුළ දුම්රිය පීලිපැනීම් 75ක් සිදුවී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ කොළඹ දුම්රිය අංගණ තුළ පීලිපැනීම් 38ක්ද දුම්රිය මාර්ගවල පීලිපැනීම් 37ක්ද වාර්තා වී තිබෙන බවයි.

දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් සඳහන් කළේ මෙම අගය පසුගිය 2021 සහ 2022 වසරවලට වඩා සැලකිය යුතු වැඩිවීමක් පෙන්නුම් කරන බවයි.

ගෙවී ගිය මාස 10 තුල දුම්රිය පීලිපැනීම් ගණන ඉහළට ..... | Train Derailments Have Increased

එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේ දුම්රිය මාර්ගවලට යොදා ඇති පීලි මල බැඳීම්වලට ලක්වීම සහ දිරාපත්වීම පීලිපැනීම් වැඩිවීමට හේතුවී ඇති බවයි.

දුම්රිය වෘත්ති සමිති පෙන්වා දෙන්නේ අබලන් දුම්රිය මාර්ග නවීකරණය කිරීමට කිසිඳු වැඩපිළිවෙලක් මෙතෙක් ආරම්භ කර නොමැති බවයි.

මේ අතර දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ දුම්රිය හරස් මාර්ග හරහා ගමන් කරන රියදුරන්ගේ අපරික්ෂාකාරී ධාවනය හේතුවෙන් මෙම වසරේ ගෙවුණු කාලය තුළ දුම්රිය හරස් මාර්ගවලට යොදා ඇති ආරක්‍ෂිත ගේට්ටු 346කට අලාභහානි සිදුවී ඇති බවයි.

රාජ්‍ය සේවයට නවකයින් 2,519ක්.ඊයේ (17) දිනයේ නවක හෙද හෙදියන් 2,519 කට පත්වීම් ලබා දීම සිදු කෙරිණ.ඒ අරලියගහ මන්දිරයේ දී අග...
18/11/2023

රාජ්‍ය සේවයට නවකයින් 2,519ක්.

ඊයේ (17) දිනයේ නවක හෙද හෙදියන් 2,519 කට පත්වීම් ලබා දීම සිදු කෙරිණ.

ඒ අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ යන අයෙගේ ප්‍රධානත්වයෙන් ය.

එහිදී අදහස් දක්වමින් අමාත්‍ය රමේෂ් පතිරණ සඳහන් කළේ හෙද වෘත්තීය අල්ලස්, දුෂණ, වංචා, අක්‍රමිකතා, පැමිණිලිවලින් තොර අනගිභවනීය විශිෂ්ට වෘත්තියක් බවත් මෙරට මාතෘ මරණ, ළදරු මරණ ඉතා අඩු මට්ටමට පත්ව තිබෙන බවත් ය.

පාලිත මහීපාල නව සෞඛ්‍ය ලේකම්.සෞඛ්‍ය සේවා හිටපු අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්...
18/11/2023

පාලිත මහීපාල නව සෞඛ්‍ය ලේකම්.

සෞඛ්‍ය සේවා හිටපු අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ලෙස පත්කිරීමට නියමිත බව ආරංචි මාර්ග පවසයි.

වෛද්‍ය පාලිත මහීපාල මහතා අනිද්දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.

මහීපාල මහතා ජාත්‍යන්තර සෞඛ්‍ය සංවිධාන රැසකද නිලතල හොබවා ඇති නිලධාරියෙකි

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස දැනට කටයුතු කරන්නේ ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා ය.

ICC මහ සභා රැස්වීමට වාඩිවෙන්න ෂම්මි අද ඉන්දියාවට යයි.ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මහ සභා රැස්වීමට සහභාගි වීම සඳහා ශ්‍ර...
18/11/2023

ICC මහ සභා රැස්වීමට වාඩිවෙන්න ෂම්මි අද ඉන්දියාවට යයි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මහ සභා රැස්වීමට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා අද (18) ඉන්දියාව බලා පිටත් ව යාමට නියමිත බව වාර්තා වේ.

නිමාවට පත් වූ ආසියානු ක්‍රීඩා උලෙළේ පදක්කම්ලාභීන්ට සහ ඔවුන් ගේ පුහුණුකරුවන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහයෙන් මුදල් පිරිනැමීම සඳහා පැවති උත්සවයේ දී ශ්‍රි ලංකා ක්‍රිකට් භාණ්ඩාගාරික සුජීව ගොඩලියද්ද මහතා මේ බව සඳහන් කළේය.

VAT එකතු කළ අගය මත බද්ද වැඩිකිරීම ගැන ඔබ දැනගත යුතුම කරුණු 5ක්.එළැඹෙන 2024 ජනවාරි 01 වැනිදා සිට VAT නොහොත් එකතු කළ අගය ම...
18/11/2023

VAT එකතු කළ අගය මත බද්ද වැඩිකිරීම ගැන ඔබ දැනගත යුතුම කරුණු 5ක්.

එළැඹෙන 2024 ජනවාරි 01 වැනිදා සිට VAT නොහොත් එකතු කළ අගය මත බද්ද, 15% සිට 18% දක්වා වැඩි කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවීම පසුගිය දිනවල කතාබහට ලක්වූ කරුණක් විය. වක්‍ර බද්දක් වන මෙම බද්ද භාණ්ඩ හා සේවා මිලදී ගනු ලබන සෑම පාරිභෝගිකයකුටම ගෙවීමට සිදුවන බද්දකි.

රජය මෙම බදු ඉහළ දැමීමට තීරණය කළේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින්, රජයේ බදු ආදායම වැඩි කරගැනීම සඳහා අවශ්‍ය බදු සංශෝධන කරන ලෙස නිර්දේශ කර ඇති පසුබිමකදීය. VAT රජයේ බදු ආදායමේ එක් ප්‍රධාන බද්දක් වන අතර එය වැඩි කර රජයට ආදායම් වැඩි කරගැනීමට එරෙහිව ඇති ප්‍රධාන තර්කය වන්නේ එමගින් භාණ්ඩ මිල ඉහළ යන නිසා අවසානයේ බදු බර අවසාන පාරිභෝගිකයාට දරාගැනීමට සිදුවන බවයි.

එසේ නම් ඔබේ එදිනෙදා ජීවිතයට VAT වැඩිවීම බලපාන්නේ කෙසේද? මෙම ලිපියෙන් සාකච්ඡා කරන්නේ ඒ පිළිබඳවයි.

මොකක්ද මේ VAT?

එකතු කළ අගය මත බද්ද හෙවත් VAT පළමුව ක්‍රියාත්මක කළ රට වන්නේ ප්‍රංශයයි. ඒ 1954දීය. නිෂ්පාදන ක්‍රියාවලියේදී අගය එකතු කිරීමේ දී (Value Add) බද්දක් අය කිරීම ඒ අනුව සිදුවේ. එය ඉතා සීමිත භාණ්ඩ ප්‍රමාණයකට පමණක් බලනොපවත්වන අතර වෙළෙඳපොළේ ඇති භාණ්ඩවලට අවම වශයෙන් එක් අවස්ථාවක දී හෝ VAT අය වේ.

එකතු කළ අගය මත බද්ද 2002 අංක 14 දරන පනත මගින් හඳුන්වා දෙන ලද අතර එය 2002 අගෝස්තු 01 වැනි දින සිට ක්‍රියාත්මක වේ. භාණ්ඩ හා සේවා බද්ද වෙනුවට එකතු කළ අගය මත බද්ද එවක රජය ආරම්භ කළ අතර, එය භාණ්ඩ හා සේවා පරිභෝජනය මත අයකරන බද්දකට බොහෝ සෙයින් සමානය.

එය දේශීය භාණ්ඩ හා සේවා පරිභෝජනය මත පනවන ලද බද්දකි. ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන භාණ්ඩ හා ශ්‍රී ලංකාවේ දේශසීමාව තුළ සපයනු ලබන භාණ්ඩ හා සේවා මෙම බද්දෙහි විෂය පථයට ඇතුළත්ය. මෙම බද්ද භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීමේ සහ බෙදාහැරීමේ ජාලයේ සෑම අදියරකදීම එකතුවන අගය මත අයකරන අදියර කිහිපයකින් සමන්විත බද්දකි.

බද්ද අවසාන වශයෙන් පරිභෝජනය කරනු ලබන පාරිභෝගිකයා දරනු ලබයි. එය වක්‍ර බද්දක් වන අතර නිෂ්පාදනය හා බෙදාහැරීමේ ජාලයේ සියලු අතරමැදි සැපයුම්කරුවන් හරහා අවසන් පාරිභෝගිකයා විසින් ගෙවනු ලබන බද්දෙහි වටිනාකමට සමාන වටිනාකමක් අවසානයේ දී රජයට ලැබේ.

VAT ගෙවීම සඳහා ව්‍යාපාර විසින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විය යුතුය. වාර්ෂික පිරිවැටුම රුපියල් මිලියන 1.2ට වැඩි සියලු සමාගම් ඒ සඳහා ලියාපදිංචි වී බද්ද ගෙවීම කළ යුතුය. එම පිරිවැටුම් සීමාව නොඉක්මවන අයට ස්වේච්ඡාවෙන් ලියාපදිංචි විය හැකි අතර එය අනිවාර්ය නොවේ.

මම මිලදී ගන්නා භාණ්ඩයක මිලට VAT අගය එකතු වන්නේ කොහොමද?

සරලවම ඔබ මිලදී ගන්නා ඕනෑම භාණ්ඩයකට ඔබ එය මිලදී ගන්නා අවස්ථාවේ දී VAT ගෙවීමට සිදුවේ. භාණ්ඩයේ අවසාන මිල ගණනය කර ඇත්තේ VAT එකතු කිරීමෙන්ය. එමෙන්ම අදාළ භාණ්ඩයේ සැපයුම් ජාලයේ අවසාන පාරිභෝගිකයා වන්නේ ඔබ නම් බද්දේ අගය ගෙවන්නේ ඔබයි.

භාණ්ඩයේ මිල සමග තිබෙන සම්බන්ධය

ඔබ සාමාන්‍යයෙන් වෙළෙඳපොළෙන් මිලදී ගන්නා යෝගට් නිෂ්පාදනයක් මේ සඳහා උපකල්පිත උදාහරණයක් ලෙස ගනිමු.

යෝගට් නිෂ්පාදනය සඳහා යෝගට් නිෂ්පාදකයාට පළමුව ප්ලාස්ටික් යෝගට් කෝප්ප අවශ්‍ය වේ. ප්ලාස්ටික් යෝගට් කෝප්ප නිෂ්පාදන කරන නිෂ්පාදකයාට පළමුව ඒවා නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය මිලට ගැනීමට සිදුවේ.

එක් යෝගට් කෝප්පයකට අවශ්‍ය ප්ලාස්ටික් මිලට ගැනීමට අවශ්‍ය වටිනාකම රුපියල් 10ක් ලෙස සැලකුවහොත් 18%ක VAT සමග ඔහුට එය මිලට ගැනීමට සිදුවන්නේ රුපියල් 1 සත 80ක බද්දක් සමග රුපියල් 11 සත 80කටයි.

ඉන්පසු ප්ලාස්ටික් නිෂ්පාදකයා අමුද්‍රව්‍ය භාවිත කර ප්ලාස්ටික් යෝගට් කෝප්පයක් සකසයි. ඔහු එම එක් කළ වටිනාකම රුපියල් 15ක් ලෙස සටහන් කරයි. එවිට බදුරහිත නිෂ්පාදනයේ වටිනාකම රුපියල් 25කි.

යෝගට් කර්මාන්තශාලාව විසින් එවිට මෙම ප්ලාස්ටික් යෝගට් කෝප්පයක් මිලදී ගන්නේ රුපියල් 25කටයි. එම රුපියල් 25ට අමතරව 18%ක බද්දක්, එනම් රුපියල් 4 සත 90ක් ද එක් යෝගට් කෝප්පයක් වෙනුවෙන් දැරීමට යෝගට් කර්මාන්තශාලාවට සිදුවේ.

යෝගට් සාදා එම ප්ලාස්ටික් කෝප්පයේ ඇසුරුම් කරන ක්‍රියාවලියේ අගය රුපියල් 50ක් ලෙස උපකල්පනය කළහොත් මෙම නිෂ්පාදනයේ මේ වන විට සම්පූර්ණ වටිනාකම රුපියල් 75කි. එය පාරිභෝගිකයා විසින් මිලදී ගන්නා විට නැවත 18%ක බද්දක් එකතු වේ. ඒ අනුව අවසන් යෝගට් නිෂ්පාදනය ඔබට මිලට ගැනීමට සිදුවන්නේ රුපියල් 88 සත 50කටයි.

ඒ අනුව VAT ප්‍රතිශතය සෑම විටම භාණ්ඩයේ අවසන් මිල තීරණය කරයි. ඔබ මිලදී ගන්නා භාණ්ඩවල නිෂ්පාදකයන් VAT ගෙවීමට ලියාපදිංචි වී ඇති අය නම් ඔබට ඉහත පෙන්වා දුන් ආකාරයේ මිල සැකසුම් ආකෘතියකට අනුව භාණ්ඩ මිලට ගැනීමට සිදුවේ.

නමුත් යම් හෙයකින් ඔබ මිලදී ගන්නා භාණ්ඩයේ නිෂ්පාදන ක්‍රියාවලියේ එක් ස්ථානයක VAT සඳහා ලියාපදිංචි නොවූ සැපයුම්කරුවකු සිටී නම් භාණ්ඩයේ මිල ඉහත පෙන්වා දුන් ක්‍රමයට වඩා මිල අධික විය හැකිය.

VAT එකතු කරන්නේ කොහොමද?

ඉහත යෝගට් නිෂ්පාදන උදාහරණයේ, නිෂ්පාදන අවධි දෙකේ නිෂ්පාදකයන් දෙදෙනාම (ප්ලාස්ටික් කෝප්ප නිෂ්පාදකයා සහ යෝගට් නිෂ්පාදකයා) දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ VAT ගෙවීමට ලියාපදිංචි වී ඇති ව්‍යාපාරිකයන් දෙදෙනකු යැයි උපකල්පනය කරමු.

පළමු අවස්ථාවේදී ප්ලාස්ටික් කෝප්ප නිෂ්පාදකයාට ප්ලාස්ටික් අමුද්‍රව්‍ය අලෙවි කරන්නාගෙන් එක් කෝප්පයක අමුද්‍රව්‍ය මිලට ගැනීමට සිදුවූයේ රුපියල් 10ක් සහ රුපියල් 1 සත 80ක බදු මුදලකුත් ඇතුළත්ව රුපියල් 11.80කටයි. ඔහුගේ ප්ලාස්ටික් යෝගට් කෝප්පයක වටිනාකම රුපියල් 25කි.

එය නැවත ඔහු යෝගට් කර්මාන්තශාලාවට විකිණීමේදී එක් යෝගට් කෝප්පයක් සඳහා රුපියල් 25කුත්, ඒ සඳහා 18%ක බදු මුදලක් ලෙස රුපියල් 4 සත 50ක් අයකර ගනියි. යෝගට් කර්මාන්තශාලාවෙන් ප්ලාස්ටික් කෝප්පය මිලට ගන්නේ රුපියල් 29 සත 50කටයි.

VAT හි ඇති සුවිශේෂ ලක්ෂණය වන්නේ නිෂ්පාදකයන්ට නිෂ්පාදන ක්‍රියාවලියේදී වියදම් වූ VAT අගය දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නැවත ඔවුන් වෙත ගෙවීමයි.

ඉහත උදාහරණයට අනුව ප්ලාස්ටික් කෝප්ප නිෂ්පාදකයා එක් කෝප්පයක අමුද්‍රව්‍ය සඳහා රු. 1.80ක බද්දක් ගෙවා ඇත. ඔහුට එම වියදම් වූ බදු මුදල දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නැවත ඔහුට ගෙවයි. එය සිදුවන්නේ මෙසේයි.

ප්ලාස්ටික් නිෂ්පාදකයා කෝප්ප 100කට අවශ්‍ය අමුද්‍රව්‍ය ඉහත මිල ගණන්වලට මිලදී ගත්තේ නම් ඔහු රුපියල් 180ක් බදු සඳහා වියදම් කර තිබේ.

ඔහුගෙන් ප්ලාස්ටික් කෝප්ප මිලදීගත් කර්මාන්තශාලාකරුවා එක් කෝප්පයක් සඳහා නිෂ්පාදනය මිලට ගෙන ඇත්තේ රුපියල් 29.50කට නම් ඔහු එක් කෝප්පයකට රුපියල් 4.50ක් බදු ගෙවා ඇත. කර්මාන්තශාලාකරුවා ප්ලාස්ටික් නිෂ්පාදකයාගෙන් කෝප්ප 100ක් මිලට ගත්තේ නම් ඔහු රුපියල් 2950.00ක් ඒ සඳහා වියදම් කර ඇත. ප්ලාස්ටික් යෝගට් කෝප්පයක වටිනාකම රුපියල් 25ක් ලෙස උපකල්පනය කළ නිසා එම කෝප්ප 100හි සැබෑ වටිනාකම රුපියල් 2500කි. කර්මාන්තශාලාකරුවා රුපියල් 450ක අමතර මුදලක් බදු ලෙස ප්ලාස්ටික් නිෂ්පාදකයාට ගෙවා තිබේ. ප්ලාස්ටික් නිෂ්පාදකයාට අමුද්‍රව්‍ය මිලට ගැනීමට රුපියල් 180ක බදු මුදලක් දැරීමට සිදුවූ නිසා එම රුපියල් 450ක බදු මුදලෙන් ඔහුට මුල් අවස්ථාවේ ගෙවීමට සිදුවූ ආදායම අඩුකර ඉතිරි මුදල දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත ගෙවිය යුතුය.

මීළඟ අදියරේදී රුපියල් 75ක් වටිනා අවසන් යෝගට් නිෂ්පාදනය VAT අගය සහිතව පාරිභෝගිකයා වෙත එන මිල වන්නේ රුපියල් 88.50කි. යම් පාරිභෝගිකයකු යෝගට් 100ක් මිලදී ගත්තේ නම් කර්මාන්තශාලාකරුවාට රුපියල් 1350ක අමතර ආදායමක් හිමි වේ. එහිදී ඔහු මුල් අවස්ථාවේදී ඔහුට වියදම් වූ රුපියල් 450ක බදු මුදල එම මුදලෙන් අඩු කර දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත ගෙවිය යුතු වේ. නිෂ්පාදනය හා බෙදාහැරීමේ ජාලයේ සියලු අතරමැදි සැපයුම්කරුවන් හරහා අවසන් පාරිභෝගිකයා ගෙවනු ලබන බද්දෙහි වටිනාකමට සමාන වටිනාකමක් අවසානයේ රජයට හිමිවනු ඇත.

නිෂ්පාදකයන් VAT සඳහා ලියාපදිංචි වී සිටින්නේ නම් VAT අගය නිෂ්පාදකයාට බලපෑමක් වන්නේ ඉතා අඩු වශයෙන්ය. සාමාන්‍යයෙන් මහා පරිමාණ ව්‍යාපාර සියල්ලම පාහේ ඒ සඳහා ලියාපදිංචි වී තිබේ. අවසානයේ දී භාණ්ඩය මිලදී ගත් පාරිභෝගිකයාට එය ඍජුව බලපාන්නේ එය භාණ්ඩයේ අවසාන මිල තීරණය කරන නිසාය.

ඔබ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයෙකු නම් හෝ නව ව්‍යවසායකයෙකු නම් ඔබට VAT වලින් ඇති බලපෑම මොකක්ද?

අලුතෙන් ව්‍යාපාරයක් ආරම්භ කරන සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර කරන අයගේ වාර්ෂික පිරිවැටුම (වාර්ෂික ආදායම) රුපියල් මිලියන 1.2ට වඩා බොහෝ විට අඩු වීමට ඉඩ තිබේ. එවිට ඔවුන් අනිවාර්යයෙන්ම VAT සඳහා ලියාපදිංචි විය යුතු නොවේ. බොහෝ එවැනි ව්‍යාපාර කරන්නන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ VAT ගෙවීමට ලියාපදිංචි වී නොමැති නිසා ඔවුන්ට තම නිෂ්පාදන සඳහා දැරීමට සිදුවූ VAT අගය ආපසු ගෙවීමක් සිදු නොවේ.

එනිසා ඔවුන්ට ගෙවීමට සිදුවූ බදු මුදලද දරාගැනීමට සිදුවේ. එය එම නිෂ්පාදකයාගේ වියදමකි. එනිසා අවසන් නිෂ්පාදනයක් වෙළෙඳපොළ වෙත නිකුත් කිරීමේදී අවසන් මිල තීරණය වන්නේ එම බදු මුදලත් සමගය. එය බොහෝ විට සුළු පරිමාණ ව්‍යාපාරිකයන්ට තරගකාරී මිලක් පවත්වාගෙන යාමට බාධා පමුණුවයි.

මෙම බදු ඉහළ දැමීම ඍජුව පාරිභෝගිකයාට සහ සුළු පරිමාණ ව්‍යාපාරිකයන්ට බලපෑමක් ඇති කරන නමුත්, එය රාජ්‍ය බදු ආදායමේ වැදගත් ආදායම් මාර්ගයකි.

නැවත දැනුම් දෙන තුරු කෝප් කමිටුව රැස් වන්නේ නෑකථානායකගෙන් පාර්ලිමේන්තුවට ප්‍රකාශයක්පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් ...
18/11/2023

නැවත දැනුම් දෙන තුරු කෝප් කමිටුව රැස් වන්නේ නෑ
කථානායකගෙන් පාර්ලිමේන්තුවට ප්‍රකාශයක්

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව නැවත දැනුම් දෙන තුරු රැස් නොවන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ (17) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් කෝප් කමිටුවේ රැස්වීම් වාරයක් ඊයේ (17) ප.ව. 1.00ට කැඳවා ඇති බවත්, ඒ වේලාවට සිකුරාදා මුස්ලිම් ආගමික වතාවත් පැවැත්වෙන හෙයින් එහි සාමාජිකයන් වන එස්.එම්. මරික්කාර් සහ රාවුෆ් හකීම් මහත්වරුන්ට ඊට සහභාගි වීමට නොහැකි වන බවත් සඳහන් කර, එ් සම්බන්ධයෙන් මැදිහත් වන ලෙස කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.

කෝප් කමිටුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් වූ මත ප්‍රකාශ කිරීම්වලින් අනතුරුව අදහස් දැක්වූ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කළේ ප.ව. 1.00ට රැස්වීමට නියමිතව තිබූ කෝප් කමිටු රැස්වීම පමණක් නොව, නැවත දැනුම් දෙන තුරු කෝප් කාරක සභා රැස්වීම් නතර කරන බවයි.

එහිදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේ කෝප් කමිටු රැස්වීම දහවල් 2.00ට හෝ පවත්වන ලෙසයි. ඊට පිළිතුරු ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කළේ කෝප් කමිටුවේ පැනනැඟී ඇති ගැටලුකාරි තත්ත්වයන් මඟහරවාගෙන අදාළ රැස්වීම් නැවත පවත්වන බවයි.

ප්‍රමෝද්‍ය ක්‍රීඩා වැරදි වළක්වන විමර්ශන ඒකකය හමුවටශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ මේ වන විට උද්ගත වී ඇති දරුණු පසුබෑම පි...
18/11/2023

ප්‍රමෝද්‍ය ක්‍රීඩා වැරදි වළක්වන විමර්ශන ඒකකය හමුවට

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ මේ වන විට උද්ගත වී ඇති දරුණු පසුබෑම පිළිබඳ පසුගියදා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සිදු කළ හෙළිදරවුව සම්බන්ධව තොරතුරු ලබාගැනීමට ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ ප්‍රධානි ප්‍රමෝද්‍ය වික්‍රමසිංහට මේ මස 21 දා ක්‍රීඩාව සඳහා වන වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ.

ඒකකයේ ප්‍රධානි සහකාර පොලිස් අධිකාරී ජයනාත් වනසිංහ ‘දිනමිණ’ කළ විමසුමකදී ප්‍රකාශ කළේ මේ සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා පසුගියදා ලිඛිත ඉල්ලීමක්ද කළ බවයි.

“ප්‍රමෝද්‍ය වික්‍රමසිංහට අපි ලබන 21 වැනිදා අපේ ඒකකයේ පෙනී සිටින ලෙස දැනුම් දුන්නා. ක්‍රිකට් ක්‍රීඩාවේ පසුබෑම පිටුපස කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වුණු බව ඔහු කළ ප්‍රකාශය මාධ්‍ය මගින් ප්‍රචාරය වීමෙන් පස්සේ අප ඒ ගැන අධ්‍යයනය කරමිනුයි සිටියේ. ඒ ගැන පරීක්ෂණයක් පවත්වන්න කියලා ඒ අතරතුරම ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා අපට දැනුම් දුන්නා,” සුගතදාස ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණයේ පිහිටි ක්‍රීඩාව සඳහා වන වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයේ ප්‍රධානියා වැඩිදුරටත් කීවේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පසුබෑම දීර්ඝ කාලයක් තිස්සේ විවිධ මට්ටම්වලින් ක්‍රියාත්මක වූ බහුවිධ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළක ප්‍රතිඵලයක් බවත්, ඒ පසුපස ක්‍රිකට් ආයතනයේ බලය සඳහා සබැඳි පුද්ගලයන්ද තරග පාවා දීමේ සූදුවේ නිරතව සිටින තැරුව්කරුවන්ද, ආත්මාර්ථකාමය පදනම්ව ජාතික කණ්ඩායම තුළ තම ස්ථානය තහවුරු කරගැනීමට වෙර දරන පුද්ගලයන්ද සිටින බව තමාට නිරීක්ෂණය වන්නේයැයි ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ සිය මාධ්‍ය නිවේදනය මඟින් සඳහන් කර තිබිණි.

කැලණිතිස්ස බලාගාරයත් සති 6කට වැසේකැලණිතිස්ස බලාගාරයේ ගෑස් සහ වාෂ්ප ටර්බයිනය නඩත්තු කටයුතු සඳහා ඊයේ(17) සිට සති 06ක කාල ස...
18/11/2023

කැලණිතිස්ස බලාගාරයත් සති 6කට වැසේ

කැලණිතිස්ස බලාගාරයේ ගෑස් සහ වාෂ්ප ටර්බයිනය නඩත්තු කටයුතු සඳහා ඊයේ(17) සිට සති 06ක කාල සීමාවක් දක්වා වසා දමා තිබේ.

කැලණිතිස්ස බලාගාරය මෙගාවොට් 165ක ධාරිතාවකින් සහ නැප්තා ඉන්ධනවලින් ක්‍රියාත්මක වේ.

කෙසේ වෙතත්, කැළණිතිස්ස සංයුක්ත විදුලි බලාගාරය මෙරට විදුලි පද්ධතියට එක් වූයේ 2002 වසරේ සිටය.

මේ අතර නොරොච්චෝලේ තාප බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රයේ අධි පීඩක හීටර් පද්ධතියේ ඇති වූ හදිසි බිඳවැටීම හේතුවෙන් ජනන යන්ත්‍රය ඊයේ (17) රාත්‍රියේ සිට ක්‍රියා විරහිත කිරීමට සිදුව ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනය කර ඇත.

බලාගාරයේ කාර්ය මණ්ඩලය මෙම බිඳවැටීම යථාතත්ත්වයට පත්කිරීම සදහා අවශ්‍ය මුලික කටයුතු මේ වනවිටත් ආරම්භ කර ඇතැයි එම නිවේදනයේ දැක්වේ.

තවද මෙම බලාගාරයේ තෙවන ජනන යන්ත්‍රයේ නඩත්තු කටයුතු අවසන් කර ඇති අතර, මේ වනවිට එහි පරීක්ෂණ ධාවන කටයුතු සිදුකරන ලැබේ.

ඒ අනුව මෙම තෙවන ජනන යන්ත්‍රය ඉතා ඉක්මනින් විදුලිය නිෂ්පාදනය සඳහා යොමුකිරීමට හැකි බව ද එම නිවේදනයේ සඳහන්ය.

මේ හේතුවෙන් විදුලිබල සැපයුමට බාධාවක් නොවන අතර, මෙම නඩත්තු කාලය තුළ උපරිම ලෙස ජල විදුලි නිෂ්පාදනය සිදුකරමින් අඛණ්ඩව විදුලිය සැපයීමට ලංකා විදුලිබල මණ්ඩලය කටයුතු කරන බව ද නිවේදනයේ දැක්වේ.

නීති විරෝධි ධීවර කටයුතු මඬින්න STF සහායමිරිදිය මත්ස්‍ය ජලාශවල මෙන්ම මෙරට මුහුදු සීමාවේ සිදු වන නීති විරෝධි ධීවර කටයුතු න...
18/11/2023

නීති විරෝධි ධීවර කටයුතු මඬින්න STF සහාය

මිරිදිය මත්ස්‍ය ජලාශවල මෙන්ම මෙරට මුහුදු සීමාවේ සිදු වන නීති විරෝධි ධීවර කටයුතු නැවැත්වීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායේ සහාය ගැනීමට කටයුතු කරන බව ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා පවසයි.

ඒ අනුව මෙරට මුහුදු සීමාවේ සිදු වන නීති විරෝධි ධීවර කටයුතු හා ඩයිනමයිට් යොදා මසුන් මැරීම, මිරිදිය ජලාශවල නීති විරෝධිව කරන මසුන් ඇල්ලීම වැනි කටයුතු මර්දනයට පොලිසිය, නාවික හමුදාව විසින් ධීවර දෙපාර්තමෙන්තුවේ නිලධාරීන්ටදෙන සහායට පොලිස් විශේෂ කාර්ය බළකායද එක් වනු ඇත.

ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති ධීවර අමාත්‍යාංශ උපදේශක කාරක සභා රැස්වීමේදී ඇමැතිවරයා මේ බැව් අනාවරණය කරන ලදි.

ධීවර අමාත්‍යාංශය විසින් මේ පිළිබඳව පොලිස්පතිවරයාට දැනටමත් ලිඛිතව දැනුම් දී ඇති අතර, එම වැඩපිළිවෙළ වහාම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවද ඇමැතිවරයා මෙහිදී අවධාරණය කර තිබේ. මේ සඳහා ධීවර දෙපාර්තමේන්තුවේ හා ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ටද විශේෂ බලතල ඇති වන ආකාරයට නව ධීවර පනතේදී සංශෝධන ඇති කරන බවත් දේවානන්දා මහතා මේ උපදේශක කාරක සභා රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.

රජයේ ඉඩම් අක්කර ලක්ෂ 3ක් මහා පරිමාණ කෘෂිකර්මාන්තයටරජය සතු ඉඩම්වලින් අක්කර ලක්ෂ තුනක් මහා පරිමාණයේ කෘෂිකර්මාන්තයට යොදවන බ...
18/11/2023

රජයේ ඉඩම් අක්කර ලක්ෂ 3ක් මහා පරිමාණ කෘෂිකර්මාන්තයට

රජය සතු ඉඩම්වලින් අක්කර ලක්ෂ තුනක් මහා පරිමාණයේ කෘෂිකර්මාන්තයට යොදවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ ජනාධිපති කාර්යාලයේ පෙරේදා (14) පස්වරුවේ පැවති හමුවකදීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී මෙසේද ප්‍රකාශ කළේය:

රජය සතුව අප දැනට දන්නා පරිදි ඉඩම් අක්කර මිලියන එකහමාරක් තිබෙනවා. එය මිලියන 1.7ක් විය හැකියි. 1972දී පිහිටුවූ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව ඔවුන් සතු ඉඩම් ප්‍රමාණය කෙතෙක්දැයි අද වන තුරු දන්නේ නැහැ. ඔවුන් සතු ඉඩම් සංඛ්‍යාව සොයන්න මා කමිටුවක් පත් කරනවා.

අපේ කෘෂිකර්මය තරගකාරි නැහැ. අප කෘෂිකර්මය නවීකරණය කරනවා. අපේ සාමාන්‍ය වී නිෂ්පාදනය හෙක්ටයාරයකට මෙට්‍රික් ටොන් 3.5 යි. අලුත් තාක්ෂණය යොදවා අනෙකුත් භෝග වගා කරන්න සැලසුම් කරනවා. ඒ සඳහා රජයේ ආයතන සමග පෞද්ගලික ආයතන සම්බන්ධ කරනවා. මහචාර්ය සේනානායක යටතේ කෘෂිකර්ම නවීකරණ කමිටුව අප පත් කර තිබෙනවා. තෙත් කලාපයේ වී වගාව අසාර්ථක අයට වෙනත් භෝග වගාවට ඉඩ දෙනවා. ඒත් ඉඩම් ගොඩ කරන්න දෙන්නේ නැහැ.

උත්තරකාන්ද් උමං කඩාවැටීම: විදුම් යන්ත්‍රය සිරවී සිටින ඉන්දීය කම්කරුවන්ට බලාපොරොත්තුවක් ගෙන දෙයිඋත්තරාකාන්ද් ප්‍රාන්තයේ ද...
18/11/2023

උත්තරකාන්ද් උමං කඩාවැටීම: විදුම් යන්ත්‍රය සිරවී සිටින ඉන්දීය කම්කරුවන්ට බලාපොරොත්තුවක් ගෙන දෙයි

උත්තරාකාන්ද් ප්‍රාන්තයේ දින හතරකට වැඩි කාලයක් උමං මාර්ගයක් තුළ සිරවී සිටි ඉන්දීය කම්කරුවන් 40 දෙනෙකු බේරා ගැනීම සඳහා විශේෂඥ විදුම් යන්ත්‍රයක් යොදවා තිබේ.

එය බදාදා දිල්ලි නුවර සිට ගුවන්ගත කර ඇත්තේ වෙනත් යන්ත්‍රයක් භාවිතයෙන් සුන්බුන් හරහා සිදුරු කිරීමට ගත් උත්සාහය අසාර්ථක වීමෙන් පසුවය.

මෙම යන්ත්‍රය මඟින් සේවකයන්ට බඩගා යා හැකි නලයක් ඇතුළු කළ හැකි වන පරිදි ඡේදයක් සිදුරු කිරීමට උපකාරී වේ.

නාය යෑමක් හේතුවෙන් උමඟේ කොටසක් කඩා වැටීමෙන් පසු ඉරිදා සිට ඔවුන් ඇතුළත සිරවී සිටියහ.

බලධාරීන් බීබීසීයට පැවසුවේ සුන්බුන් ඉවත් කිරීමේ කාර්යයට කොපමණ කාලයක් ගතවනු ඇත්දැයි අනුමාන කිරීමට අවශ්‍ය නැති නමුත් බ්‍රහස්පතින්දා සවස් වන විට “ධනාත්මක වර්ධනයක්” අපේක්ෂා කරන බවයි.

කෙසේ වෙතත්, ෆෙඩරල් අමාත්‍ය වීකේ සිං බ්‍රහස්පතින්දා වාර්තාකරුවන්ට පැවසුවේ ගලවා ගැනීමේ මෙහෙයුම් තවත් දින දෙක තුනක් දක්වා පැවතිය හැකි බවයි.

හිමාල කඳුකරයේ උත්තරකාන්ද් ප්‍රාන්තයේ ඉරිදා ප්‍රාදේශීය වේලාවෙන් සවස 05:00 ට (GMT 23:30) මෙම අනතුර සිදුවිය. සිල්ක්‍යාරා උමග විවෘත කිරීමේ සිට මීටර 200ක් පමණ ඈතින් වූ කොටසක් සේවකයන් එහි සිටියදී කඩා වැටී ඇත. සුන්බුන් ගොඩවල් නිසා සේවකයන්ට ඔක්සිජන් සැපයුම ඇනහිටියා.

සේවකයින් මීටර් 200 ක් පමණ උමග තුළ සිරවී ඇති අතර ඔවුන් ආරක්ෂිතව සිටින බව බලධාරීහු පවසති. ගැලවුම්කරුවන් මිනිසුන්ට ආහාර, ජලය සහ ඔක්සිජන් පයිප්ප හරහා සපයා ඇති අතර වෝකි ටෝකි හරහා ඔවුන් සමඟ සන්නිවේදනය කරයි. කෙසේ වෙතත්, ඔවුන්ගෙන් කිහිප දෙනෙකුට හිසරදය, කාංසාව සහ ඔක්කාරය ඇති වී ඇති බව සමහර වාර්තා පවසයි.

බලධාරීන් මෙය ප්‍රතික්ෂේප කර ඇති අතර සේවකයින්ට තුවාල සිදුවී නොමැති බව පවසා ඇත.

ඉරානයේ පාවාදීම නිසා හමාස් සංවිධානයට යන්නට තැනක් නැතඔක්‌තෝබර් 7 දා සිදු වූ කුරිරු ප්‍රහාරය ගැන කල්තියා නොදැන සිටියේ ඊශ්‍ර...
18/11/2023

ඉරානයේ පාවාදීම නිසා හමාස් සංවිධානයට යන්නට තැනක් නැත

ඔක්‌තෝබර් 7 දා සිදු වූ කුරිරු ප්‍රහාරය ගැන කල්තියා නොදැන සිටියේ ඊශ්‍රායලය පමණක්‌ නොවේ. හමාස් සංවිධානය කිසිදු පූර්ව අනතුරු ඇඟවීමක් නොකළ බවට ඉරානයේ උත්තරීතර නායකයා චෝදනා කරයි. එමෙන්ම හිස්බුල්ලා සටන්කාමීන් දේශ සීමාවට ආසන්න ගම්මානවල පවා සීරුවෙන් නොසිටි බව වාර්තා වේ. "අපි යුද්ධයකට අවදි වුණා" හිස්බුල්ලා අණදෙන නිලධාරියෙක් පැවසීය. සොරුන් අතර ගෞරවයක් නැතැයි කියමනක් තිබේ.

මෙම ගැටුම සඳහා නිසැක වශයෙන්ම තීරණාත්මක මොහොතක් වන අයතුල්ලා අලි කමේනි දැන් හමාස් වෙත පවසා ඇත්තේ ඉරානය දේශපාලන හා සදාචාරාත්මක පිටුබලය දිගටම ලබා දෙන අතර එය සෘජුව මැදිහත් නොවන බවයි. ඉරානය ප්‍රමාණවත් ලෙස කර ඇති බවට කෙනෙකුට තර්ක කළ හැකිය; හමාස් සංවිධානය සඳහා එහි මූල්‍ය ආධාර වසරකට ඩොලර් මිලියන 100ක් බව පැවසේ. ඊශ්‍රායලය ඉලක්ක කර ගැනීම සඳහා ඉරානය සිය සංකීර්ණ මිලීෂියා සහ ත්‍රස්තවාදී කණ්ඩායම් ජාලය දිරිමත් කර ඇත්තේ නිසැකවම ය. සිතාගත නොහැකි හානියක් කිරීමට සෘජු ගැටුමක් අවශ්ය නොවේ.

නමුත් ඉරානයේ සහාය නොමැතිව, ඊශ්‍රායල ජනතාවට මෙතරම් කුරිරුකම් කළ හමාස් විනාශය සහතික විය හැකිය.

“නපුරේ අක්ෂයේ” සමහර හවුල්කරුවන් විසින් සපයනු ලබන සහයෝගයට සීමාවන් පවතිනු ඇතැයි හමාස් මෙම ප්‍රතිචාරය පුරෝකථනය කළේද? සමහර විට වඩා වැදගත් ප්‍රශ්නයක් නම්: එය වැදගත් වේද? මෙම ත්‍රස්තවාදීන් උමතු වූවන් වන අතර, කලාපය තුළ ටෝපිඩෝ සාමාන්‍යකරණයට ඇති ආශාව පමණක් නොව ස්වාධීන රටක් විනාශ කිරීම ද මෙහෙයවනු ලැබේ.

එබැවින් මිලිටරි විසඳුම වන්නේ ඊශ්‍රායල ආරක්ෂක හමුදාව (IDF) හමාස් සංවිධානය හැකි ඉක්මනින් උදාසීන කිරීමයි. IDF ත්‍රස්තවාදීන් තුරන් කරන අතරතුර මානුෂීය ආධාර ලබා දීමෙන් සහ තුවාල ලැබූවන් ඉවත් කිරීමෙන් බටහිරට උදව් කළ හැකිය. මෙය සිදු කිරීමට ප්‍රමාණවත් තරම් එක්සත් ජනපද සහ එක්සත් රාජධානියේ රෝහල් නැව් සහ හෙලිකොප්ටර් ගාසාන් වෙරළට ඔබ්බෙන් ඇත, සහ දැන්.

හමාස් අක්ෂීය වශයෙන් පරාජය කිරීමේ සටන ජය ගැනීම සාපේක්ෂ වශයෙන් පහසු කොටස විය හැකිය. සාමය දිනා ගැනීම, කලාපයේ දිගුකාලීන ස්ථාවරත්වයක් ඇති කිරීම, වොෂින්ටන්, ලන්ඩන්, රියාද්, දෝහා සහ ටෙහෙරානයේ සහ ඇත්ත වශයෙන්ම ටෙල් අවිව්හි දේශපාලඥයින් සහ රාජ්‍ය තාන්ත්‍රිකයින්ගේ අවධානය යොමු කළ යුතු දෙයයි.

එහෙත් ඔවුන් එසේ කරනු ඇත්තේ හමාස් සංවිධානය අසාර්ථක වූ පසුබිමක ය. කණ්ඩායමට අවශ්‍ය පරිදි මැදපෙරදිග ගිනි තැබීමට සමත් වී නැත, මෙම අදියරේදී උත්සන්න වීම පෙනෙන්නට නැත. ප්‍රගතිශීලී බටහිර රටවල පලස්තීන ගැති පාගමන් ඇති විය හැකි නමුත්, සාක්ෂිය නම් අරාබි ලෝකය හමාස් සංවිධානයට එරෙහිව හැරී ඇති බවයි. The Jewish Chronicle හි කතුවරයා වන Jake Wallis Simons යෝජනා කර ඇති පරිදි: “හමාස් ම්ලේච්ඡයන් විසින් සිදු කරන ලද අනුකම්පා විරහිත, මත්ද්‍රව්‍ය ඉන්ධන සහිත අධි ප්‍රචණ්ඩත්වය පලස්තීන අරමුණ සඳහා ස්වභාවික ආධාරකරුවන් අතර පවා කුපිත කරවනසුළු බවක් සහ කනස්සල්ලක් ඇති කර ඇති බව පෙනේ.”

මෙම රටවල් දෙකෙහි ආරක්ෂාව සහ සෞභාග්‍යය සහිත ප්‍රාන්ත දෙකක් ඇතුළත් විසඳුමක් ඔක්තෝම්බර් 7 ට පෙර තිබූ තත්ත්වයට වඩා ළඟා වීමට බොහෝ දුරට ඉඩ ඇති බව අවිවාදාත්මක ය. වෙස්ට්මිනිස්ටර් හි දක්නට ලැබෙන නොසැලකිලිමත් දර්ශනවලට වඩා බටහිරින් අධිෂ්ඨානශීලී නායකත්වයක් සඳහා දැන් කාලය පැමිණ තිබේ. . දැන් ඩේවිඩ් කැමරන්ට - සහ ටෝනි බ්ලෙයාර්ට පවා - මැද පෙරදිග සිදු වූ වැරදි සඳහා සමාව ගැනීමට කාලයයි.

Isis සහ හිස්බුල්ලා වැනි අනෙකුත් කණ්ඩායම් ඉරානය තවදුරටත් ඔවුන්ගේ ත්‍රස්තවාදය යටපත් නොකරන බව තේරුම් ගන්නේ නම්, එය ඔවුන්ව ඉතිරි කරන්නේ කොහේද? ඊශ්‍රායලය සහ හමාස් අතර සෘජු ගැටුම බොහෝ දෙනා බිය වූවාට වඩා ඉක්මන් අවසානයකට පැමිණිය හැකි වුවද, එහි ඇඟවුම් විශාල වනු ඇත.

ගාසා තීරයෙන් පලා යාමට උත්සාහ කරන ජනකායකගේ චන්ද්‍රිකා ඡායාරූප අර්බුදයේ සිතාගත නොහැකි පරිමාණය පෙන්නුම් කරයිදකුණු ගාසා තීරය...
18/11/2023

ගාසා තීරයෙන් පලා යාමට උත්සාහ කරන ජනකායකගේ චන්ද්‍රිකා ඡායාරූප අර්බුදයේ සිතාගත නොහැකි පරිමාණය පෙන්නුම් කරයි

දකුණු ගාසා තීරයෙන් පලා යාමට උත්සාහ කරන පලස්තීනුවන් පිරිසක් අභ්‍යවකාශයේ සිට දැකගත හැකිය.

ඊශ්‍රායලය බ්‍රහස්පතින්දා දකුණු ප්‍රදේශයෙන් කොටසක් ඉවත් කරන ලෙස නියෝග කළේය.

උතුරේ භූමි ආක්‍රමණයක් දියත් කිරීමෙන් ඊශ්‍රායලය දකුණට යාමට සූදානම් විය හැකිය.

දකුණු ගාසා තීරයෙන් පලා යාමට තැත් කරන දැවැන්ත පලස්තීනුවන් පිරිසක් අභ්‍යවකාශයේ සිට දැකගත හැකි බව චන්ද්‍රිකා ඡායාරූප පෙන්වයි.

ඊශ‍්‍රායල හමුදා විසින් බ‍්‍රහස්පතින්දා දකුණු ගාසා තීරයේ ප‍්‍රදේශවලින් ඉවත් වන ලෙස නියෝග කළ අතර, ඊශ‍්‍රායලය උතුරේ ගොඩබිම් ප‍්‍රහාරවලින් පසු කලාපය ආක්‍රමණය කිරීමට සූදානම් වන බවට සංඥාවක් ලෙස, Forbes වාර්තා කරයි.

මැක්සාර් ටෙක්නොලොජීස් සිකුරාදා චන්ද්‍රිකා ඡායාරූප නිකුත් කළේ සමාගම පවසන පරිදි දකුණු ගාසා තීරයේ සලාහ් අල් ඩීන් පාර දිගේ පලස්තීනුවන් පිරිසක් ඉවත් කිරීමේ කොරිඩෝවක් හරහා පැන යාමට උත්සාහ කරන බව පෙන්නුම් කරන බවයි.

සෙනඟ කොතරම් විශාලද යන්න හරියටම පැහැදිලි නැත, නමුත් MAXAR ඇස්තමේන්තු කළේ එයට දහස් ගණනක් මිනිසුන් ඇතුළත් විය හැකි බවයි. ගාඩියන් පුවත්පත වාර්තා කළේ මිනිසුන් සිය ගණනක් මුරපොල හරහා යාමට බලා සිටින බවයි.

උතුරෙන් බලහත්කාරයෙන් ඉවත් කළ දා සිට, වටලනු ලැබූ භූමි ප්‍රදේශයේ මිලියන 2.3 ක පදිංචිකරුවන්ගෙන් වැඩි ප්‍රමාණයක් දැන් හිර වී සිටින, පලස්තීනුවන් සිය දහස් ගණනක් දකුණේ නවාතැන් ගෙන සිටින බව ඇසෝසියේටඩ් ප්‍රෙස් වාර්තා කරයි.

එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන සිකුරාදා අනතුරු ඇඟවූයේ ගාසාන් වැසියන්ට ආහාර සහ ජලය හිඟ වෙමින් පවතින අතර දැන් “සාගින්න අද්දර” සිටින බවයි.

ඉන්ධන හිඟයක් හේතුවෙන් බ්‍රහස්පතින්දා දුරකථන සහ අන්තර්ජාල සේවා ඇනහිටීමකින් මුළු ගාසා තීරයම යට වූ බව ප්‍රදේශයේ ප්‍රධාන ටෙලිකොම් සැපයුම්කරු පැවසීය.

පලස්තීන සෞඛ්‍ය බලධාරීන්ට අනුව හමාස් සංවිධානයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධය ආරම්භ වූ දා සිට පලස්තීනුවන් 11,000 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති අතර තවත් 2,700 ක් අතුරුදහන් වී ඇති බව වාර්තා වේ. ඔක්තෝබර් 7 වැනිදා හමාස් සටන්කාමීන් ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කළ අතර, තවත් සිවිල් වැසියන් 240ක් ප්‍රාණ ඇපයට ගෙන ඊශ්‍රායලයේ 1200කට අධික පිරිසක් මිය ගියහ.

සිතියම්ගත කිරීමේ රොබෝවරුන් සහ බ්ලාස්ට් ජෙල් සමඟ ඊශ්‍රායලය හමාස් උමං මාර්ගවලට එරෙහිව යුද්ධ කරයිඊශ්‍රායලය (රොයිටර්) - උතුර...
18/11/2023

සිතියම්ගත කිරීමේ රොබෝවරුන් සහ බ්ලාස්ට් ජෙල් සමඟ ඊශ්‍රායලය හමාස් උමං මාර්ගවලට එරෙහිව යුද්ධ කරයි

ඊශ්‍රායලය (රොයිටර්) - උතුරු ගාසා තීරයේ ඉවත් කරන ලද රෝහලක් යටතේ හමාස් උමං මාර්ගයකට ඇතුල් වන ස්ථානය ලෙස ඔවුන් විස්තර කළ දේ සොයා ගැනීමෙන් පසු, ඊශ්‍රායල හමුදා ඉංජිනේරුවන් එම කොටස පිපිරෙන ජෙල් වලින් පුරවා ඩෙටනේටරයට පහර දුන්හ.

පිපිරීමෙන් ගොඩනැගිල්ල ගිලී ඇති අතර බෙයිට් හැනූන් නගරයේ දිස්ත්‍රික්කයක අසල මාර්ගයක් දිගේ අවම වශයෙන් ස්ථාන තුනකින් දුමාරයක් නිකුත් වූ බව නිරීක්ෂණ දර්ශනවලින් පෙනී ගියේය.

"උමග තුළ ඔවුන් අප එනතුරු බලා සිටි ඕනෑම දෙයක් ජෙල් පැතිරී පුපුරා ගියේය" යැයි හමුදා නිලධාරියෙක් දකුණු ඊශ්‍රායලයේ සීලිම් භූමි හමුදා කඳවුරේ පැවති සාකච්ඡාවකදී වාර්තාකරුවන්ට පැවසීය.

ඔක්තෝබර් 7 වැනිදා දකුණු ඊශ්‍රායලයට පලස්තීන සටන්කාමී කණ්ඩායම එල්ල කළ මාරාන්තික ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් ගාසා තීරයේ හමාස් සංවිධානයට එරෙහිව ඊශ්‍රායලයේ හමුදා මෙහෙයුමේ වැදගත් අංගයක් වන්නේ උමං ඉවත් කිරීමයි.

ගාසා තීරය යටතේ කිලෝමීටර් සිය ගණනක් (සැතපුම්) ධාවනය වන බව දෙපාර්ශ්වයම පවසන බංකර්, ප්‍රවේශ පතුවළ සහ උමං මාර්ග සිතියම්ගත කිරීමට යුධෝපකරණ භාවිතා නොකරන විට, හමුදාව ට්‍රැකර් රොබෝවරුන් සහ දුරස්ථව ක්‍රියාත්මක වන වෙනත් තාක්‍ෂණය තෝරා ගනී.

මෙම නිලධාරියා දැනුවත් කිරීමේ නීතිරීති යටතේ හඳුනා ගත නොහැකි වූ අතර, ඔහු පැවසූ පරිදි බිම් මට්ටමේ සටන පිළිබඳ වැඩිදුර විස්තර සැපයීම ප්‍රතික්ෂේප කළේය. ඔහු Beit Hanoun හි රෝහල නම් කළේ නැත.

"මම හිතන්නේ වෙනත් ක්‍රම දියුණු වෙමින් පවතිනවා," ඔහු පැවසීය. "නිර්මාණශීලිත්වය සහ නවෝත්පාදනය ප්‍රයෝජනවත් වන්නේ එහිදීය."

ඔහුගේ හමුදා ක්‍රියාත්මක වූ Beit Hanoun හිදී, තුවක්කුකරුවන් කිහිප දෙනෙකු උමං පතුවළින් ඊශ්‍රායල හමුදාවට කඩා වැදී මරා දමා ඇති බව ඔහු පැවසීය.

ඊශ්‍රායලයේ ප්‍රතිපත්තිය වූයේ තමන්ට හුරුපුරුදු පටු, අඳුරු, අඩු වාතාශ්‍රය සහ කඩා වැටිය හැකි ඡේදවල ආරක්ෂකයෙකුගේ වාසියක් ඇති පලස්තීන සටන්කරුවන්ට මුහුණ දීම සඳහා වෙනත් දිශාවකට පිරිස් යැවීම නොවේ.

"අපිට එතනට බහින්න අවශ්‍ය නැහැ. අපි දන්නවා ඔවුන් අපිට පැති බෝම්බ (වැඩිදියුණු කළ පුපුරණ ද්‍රව්‍ය උපකරණ) ගොඩක් දාලා ගිය බව," ඔහු පැවසීය.

බිම් මට්ටමේ උමං ප්‍රවේශ පතුවළක් ආවරණය වන පරිදි සකස් කරන ලද එවැනි එක් බෝම්බයක් පසුගිය සතියේ විශේෂ බලකා භටයන් හතර දෙනෙකු මරා දමා තිබුණි.

උමං මාර්ග

ප්‍රහාර, ජාවාරම් සහ ගබඩා කිරීම සඳහා හමාස් උමං මාර්ග ඇති බව ආරක්ෂක ආරංචි මාර්ග පවසයි. පතුවළ දුසිම් ගනනක් මීටර් 20 සහ 80 (අඩි 65-260) අතර ගැඹුරකදී සෑම උමගකටම ගෙන යා හැකිය.

පතුවළක් විනාශ කිරීම සාපේක්ෂව පහසු සහ ඉක්මන් වන අතර, නිලධාරියා පැවසුවේ, "ඕනෑම සේනාංකයකට එය කළ හැකිය."

මේ වන විට පතුවළ 130ක් විනාශ කර ඇති බව ඊශ්‍රායල හමුදාව පසුගිය සතියේ ප්‍රකාශ කළ නමුත් කඩා දැමූ උමං මාර්ග පිළිබඳ සංඛ්‍යාලේඛනයක් ලබා දුන්නේ නැත.

උමං මාර්ග හැසිරවීමට වඩා දුෂ්කර ය. එම නිලධාරියා පැවසුවේ පිපිරෙන ජෙල් ටොන් කිහිපයක් - එය ට්‍රක් රථයකින් ගෙන එන බව පැවසීම හැර කිසිදු තාක්ෂණික විස්තරයක් ලබා දීම ප්‍රතික්ෂේප කළ බවයි - සෑම මීටර් සිය ගණනකටම උමං මාර්ගයක් අවශ්‍ය වේ.

ක්රියාවෙන් පසු විශ්ලේෂණය අපහසු වේ. ඔහුගේ Beit Hanoun මෙහෙයුම් කලාපයේ පතුවළෙන් අඩක් පමණ විනාශ වී ඇති බව නිලධාරියා පැවසූ නමුත් මේවා නැවත ගොඩනැගිය හැකි බව පිළිගත්තේය.

"උමං මාර්ග කීයක් (විනාශ වී තිබේද) ඒවා සියල්ලම සම්බන්ධ වී ඇති නිසා කීමට අපහසුය," ඔහු පැවසීය.

එවැනි උමං සඳහා ආවරණයක් ලෙස රෝහල් භාවිතා කිරීම හමාස් ප්‍රතික්ෂේප කරයි. බදාදා ඊශ්‍රායල හමුදා ඇතුළු වූ ගාසා තීරයේ විශාලතම රෝහල වන අල් ෂිෆා යටතේ තමන්ට අණදෙන මධ්‍යස්ථානයක් ඇති බවට ඊශ්‍රායලය කරන ප්‍රකාශයන් එය ප්‍රතික්ෂේප කර ඇත.

ප්‍රාණ ඇපකරුවන් අනතුරට පත් කිරීම වැළැක්වීමට දරන ප්‍රයත්න

1200ක් පමණ මිය ගිය ඔක්තෝබර් 7 ප්‍රහාරයෙන් හමාස් සංවිධානය පුද්ගලයන් 240ක් පමණ නැවත ගාසා තීරයට ගෙන ගිය බව ඊශ්‍රායලය පවසයි. මුදා හරින ලද ප්‍රාණ ඇපකරුවන් අතළොස්සක් අතුරින් එක් අයෙක් පැවසුවේ ඇය සහ අවම වශයෙන් තවත් දුසිම් දෙකක්වත් උමඟක රඳවා ඇති බවයි.

ප්‍රාණ ඇපකරුවන් සිටිය හැකි උමං මාර්ග අනතුරේ නොවීමට වගබලා ගන්නා බව හමුදා නිලධාරියා පැවසීය.

"මෙය (ඉලක්කයක්) ප්‍රාණ ඇපකරුවන් හා සම්බන්ධ විය හැකි බවට අපට සමහර විට ඇඟවීම් ලැබේ. එවිට අපි අනුමැතියක් ලබා ගන්නේ නම් මිස (එය පැහැදිලියි) එයට පහර නොදෙන ලෙස අපි දනිමු", ඔහු පැවසීය.

උතුරු ගාසා තීරයේ බොහෝ ප්‍රදේශ මෙන්ම, හමාස් තුරන් කිරීමට ගොඩබිම් භටයන් යවන විට ඊශ්‍රායලයේ නියෝග යටතේ දකුණට පලා ගිය සිවිල් වැසියන්ගෙන් Beit Hanoun හිස් කර ඇත.

"ඉතිරිව සිටින එකම ජනගහනය ත්‍රස්තවාදීන්" යැයි නිලධාරියා පැවසීය, සමහර විට උමං විනාශ කිරීමේ පිපිරීමකින් ඇති වූ ද්විතියික පිපිරීමක් "මීටර් සිය ගණනක් ඈතින් ඇති ගොඩනැගිල්ලක් බිමට ඇද දමනු ඇත".

අල්ලා ගත් පලස්තීන තුවක්කුකරුවන් ඊශ්‍රායලයට උමං ජාලය පිළිබඳ බුද්ධි තොරතුරු ලබා දී ඇති නමුත් මෙම තොරතුරු සීමිත බව ඔහු පැවසීය.

"බොහෝ දෙනෙක් මුළු නගරය ගැනම දන්නේ නැහැ. නමුත් ඔවුන් තමන්ගේම ගම දන්නවා, ඔවුන් උමං පද්ධතිය හොඳින් දන්නවා," නිලධාරියා පැවසීය.

ගාසා තීරයේ සම්පූර්ණ භූගත ජාලය විනාශ කිරීමට මාස කිහිපයක් ගත විය හැකි බව නිලධාරියා පැවසීය.

"මම හිතන්නේ එය නිව් යෝර්ක් නගරයේ උමං මාර්ගයට වඩා සංකීර්ණයි," ඔහු පැවසීය.

රුසියානු නිලධාරියෙක් පැවසුවේ සොල්දාදුවන් විශාල වශයෙන් මිය යන නමුත් ඔහු තවත් සටන් කිරීමට නොයවන්නේ නම් ඔහු අමාරුවේ වැටෙනු ...
18/11/2023

රුසියානු නිලධාරියෙක් පැවසුවේ සොල්දාදුවන් විශාල වශයෙන් මිය යන නමුත් ඔහු තවත් සටන් කිරීමට නොයවන්නේ නම් ඔහු අමාරුවේ වැටෙනු ඇති බවයි, කාන්දු වූ වීඩියෝ දර්ශන.

කාන්දු වූ වීඩියෝ පටයක දැක්වෙන්නේ යුක්රේනයේ හමුදා රොත්තක් ලෙස මිය යන බව රුසියානු නිලධාරියෙකු පවසයි.

නමුත් රුසියානු මාධ්‍යවලට අනුව, ඇලෙක්සැන්ඩර් ඇව්ඩොනින් පැවසුවේ ඔහු තවත් එව්වේ නැත්නම් තමා අමාරුවේ වැටෙන බවයි.

"අපට ඇත්තේ අඩුම ප්‍රතිශතයකි, එබැවින් යම් ප්‍රතිවිපාක ඇති වනු ඇත," ඔහු මොස්කව් ටයිම්ස් වෙත පැවසීය.

රුසියානු නිලධාරියෙක් පැවසුවේ යුක්රේනයේ සොල්දාදුවන් විශාල වශයෙන් මිය යන නමුත් ඔහු තවත් මිනිසුන් සටන් කිරීමට නොයවන්නේ නම් ඔහුට කරදරයක් විය හැකි බව රුසියානු ප්‍රවෘත්ති ආයතනයක් වන සයිබීරියා රියලිටිස් පවසයි.

යුධ විරෝධී ෆ්‍රී යකුටියා පදනම විසින් ටෙලිග්‍රාම් හි බෙදාගත් සහ අලෙවිසැල විසින් උපුටා දක්වන ලද කාන්දු වූ වීඩියෝවට අනුව, රුසියාවේ ඈත-නැගෙනහිර සකා ජනරජයේ හමුදා බඳවා ගැනීමේ ප්‍රධානී ඇලෙක්සැන්ඩර් ඇව්ඩොනින්, සමීප දොරේ රජයේ රැස්වීමකදී ප්‍රකාශ කළේය.

එහි දී, Avdonin ප්‍රකාශ කළේ, රුසියාවේ ඈත පෙරදිග හමුදා දිස්ත්‍රික්කයේ සියලුම ජනරජවල අඩුම ස්වේච්ඡා සේවකයන් සංඛ්‍යාව කලාපය විසින් බඳවාගෙන ඇති බවත්, ඔවුන් එක් අලෙවිසැලකට ලබාගෙන ඇත්තේ ඔවුන්ගේ කෝටාවෙන් තුනෙන් එකක් පමණක් බවත්ය.

හිඟය පියවා ගැනීම සඳහා, එක් අලෙවිසැලකට අනුව, ජනරජයේ සෑම දිස්ත්‍රික්ක 36කින්ම සතියකට සොල්දාදුවන් 15 දෙනෙකු බැගින් වසර අවසානය දක්වා එවන ලෙස ඔහු නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

ඔවුන් එසේ නොකළහොත්, ඔහු සහ අනෙකුත් ප්‍රාදේශීය නිලධාරීන් ක්‍රෙම්ලිනය සමඟ ගැටලු ඇති විය හැකි බව Avdonin වැඩිදුරටත් පැවසීය.

"අපට ඇත්තේ අඩුම ප්‍රතිශතයකි, එබැවින් යම් ප්‍රතිවිපාක ඇති වනු ඇත," ඔහු පැවසුවේ මොස්කව් ටයිම්ස් හි පරිවර්තනයකට අනුව ය.

රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය, රුසියානු ආරක්ෂක කවුන්සිලයේ නියෝජ්‍ය සභාපති දිමිත්‍රි මෙද්විඩෙව් සමඟින් සෑම දිනකම බඳවා ගැනීමේ අංක පරීක්ෂා කරමින් සිටින බවත් අලෙවිසැලේ පරිවර්තනයට අනුව "දැනටමත් ප්‍රශ්න අසමින් සිටින" බවත් Avdonin පැවසීය.

Avdonin පැවසුවේ Sakha හට තවමත් ක්‍රෙම්ලිනයේ 2023 වාර්ෂික ඉලක්කය 20% කින් මග හැරෙනු ඇති බවත්, එය 2024 දී සංඛ්‍යා සෑදීමට ඉතිරි වන බවත්, Free Yakutia පදනම විසින් කාන්දු කරන ලද වෙනම වීඩියෝවක් උපුටා දක්වමින් අලෙවිසැල වාර්තා කළේය.

"ඉදිරි පෙරමුණේ දේවල් පහසු වී ඇති බවක් පෙනෙන්නට තිබේ. [නමුත්] එය පහසු දෙයක් නොවේ. පිරිමි ළමයින් දිනපතා අගල්වල මිය යති," Avdonin අලෙවිසැලට අනුව පැවසීය.

ක්‍රෙම්ලිනය සිය බලමුලු ගැන්වීමේ ව්‍යාපාරය 2022 සැප්තැම්බරයේ අවසන් සහ එකම කැඳවීමේ සිට පුනර්ජීවනය කිරීමට අරගල කර ඇත.

රුසියාවේ හමුදා බලමුලු ගැන්වීම "ජනප්‍රිය නොවන" වන අතර, ලබන වසරේ මාර්තු මාසයේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට පෙර එවැනි "ප්‍රතිපත්තිමය පියවරයන්" වළක්වා ගැනීමට ක්‍රෙම්ලිනයට අවශ්‍ය වනු ඇති බව එක්සත් රාජධානියේ ආරක්ෂක අමාත්‍යාංශය ඔක්තෝම්බර් මාසයේදී ප්‍රකාශ කළේය.

2022 පෙබරවාරි මාසයේ ආරම්භ වූ යුක්රේනයේ පූර්න පරිමාණ ආක්‍රමණයේ සිට රුසියානු සොල්දාදුවන් 120,000 ක් පමණ මිය ගොස් ඇති බව එක්සත් ජනපද නිලධාරීන් අගෝස්තු මාසයේදී පැවසීය.

Address

Colombo
00500

Website

Alerts

Be the first to know and let us send you an email when World News International Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share


Other News & Media Websites in Colombo

Show All