Our Health Minister

Our Health Minister The purpose of this page is to inform you about the public mission carried out by the Ministry of Hea

03/01/2025

මහරගම අපේක්ෂා රෝහලේදී අමාත්‍යතුමා සිදුකල සම්පූර්ණ කතාව ...

මොළයේ සෞඛ්‍ය ප්‍රවර්ධනය සදහා ලොව ප්‍රථම වරට ජනතාව දැනුවත් කිරීමට සන්නාම තානාපතිවරු 100 ක් සමාජගත කෙරේ.මොළයේ සෞඛ්‍ය ප්‍රව...
20/12/2024

මොළයේ සෞඛ්‍ය ප්‍රවර්ධනය සදහා ලොව ප්‍රථම වරට ජනතාව දැනුවත් කිරීමට සන්නාම තානාපතිවරු 100 ක් සමාජගත කෙරේ.

මොළයේ සෞඛ්‍ය ප්‍රවර්ධනය කිරිම සදහා ලොව ප්‍රථම වරට මහජනතාව දැනුවත් කිරීමේ අරමුණින් විශේෂ පුහුණුව ලත් 100 දෙනෙකුගෙන් යුත් සන්නාම තානාපතිවරුන් හෙවත් ජනතාව දැනුවත් කිරීමේ කණ්ඩායමක් ස්වේච්ඡා සේවය සදහා යොමු කරවීම ඊයේ (19) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් රත්මලාන ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ දී සිදුකෙරිනි.

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලය හා ඊට අනුබද්ධ රෝහල මගින් එම ආයතන දෙකේ සියළු අංශ නියෝජනය වන පරිදි තෝරාගත් 100 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම විශේෂ පුහුණුවකින් පසු මෙලෙස සන්නාම තානාපතිවරුන් ලෙස පත් කර ඇත.

එම සන්නාම තානාපතිවරුන් “මොළයේ සුවයට නිවැරදි කරුණු 10 ක්” නම් වූ මොළයේ සෞඛ්‍ය ප්‍රවර්ධනය සදහා වූ ප්‍රධාන කරුණු 10 ක් පිළිබදව ඉදිරියේ දී ජනතාව දැනුවත් කිරීම සදහා සමාජගතවීමට නියමිතය. බිම් මට්ටමෙන් ආරම්භ කරනු ලබන මෙම වැඩසටහන ඉදිරියේ දී දීප ව්‍යාප්තව මෙරට තුල දියත් කිරීමට ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලය හා ඊට අනුබද්ධ රෝහල තීරණය ඇත.

ඉදිරියේ දී ප්‍රවර්ධනය කිරීමට නියමිත මෙම “මොළයේ සුවයට නිවැරදි කරුණූ 10 ක්” නම් වූ සෞඛ්‍ය ප්‍රවර්ධන ක්‍රියාවලියට සෞඛ්‍ය සම්පන්න ආහාර රටාව, කායිකව ක්‍රියාශීලිවීම, යහපත් පුරවැසියෙකු වී සමාජීය සබඳතා ඇතිකර ගැනීම, ශාරීරික බර හා ඉනේ වට ප්‍රමාණය කළමණාකරණය, දුම්බීමෙන් වැලකීම, කොලෙස්ටරෝල් මට්ටම කළමණාකරණය, රුධිර ගත සීනි මට්ටම කළමණාකරණය, රුධිර පීඩනය කළමණාකරණය, ධනාත්මක මානසික ආතතිය කළමණාකරණය, සුවදායි නින්ද යන කරුණු ඇතුලත් වේ.

මොළයේ සෞඛ්‍යය ප්‍රවර්ධනය සහ ජනතාව දැනුවත් කිරීමට ගන්නා වූ මෙම ප්‍රයත්නය ඉතා විශිෂ්ට ක්‍රියාවක් බවත්, ඒ වෙනුවෙන් නායකත්වය ගෙන කටයුතු කරන්නා වු සියළු දෙනා සහ එම අංශ වෙත සෞඛ්‍ය අමාත්‍යරයා ලෙස සිය කෘතවේදීත්වය පළ කරන බවත් මෙම සමාරම්භක උත්සවයට එක් වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා මෙම ජනතාවාදී ස්වේච්ඡා සේවාව මෙරට සෞඛ්‍ය සේවාවේ පරිවර්තනීය වෙනසක ආරම්භය සනිටුහන් කරන බව ද අවධාරණය කළේය. රජය වාර්ෂිකව රෝග වැළැක්වීම සහ ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීම සදහා විශාල මුදලක් වැය කරන බව මෙහිදී පෙන්වා දුන් අමාත්‍යවරයා මෙවැනි ස්වේච්ඡා සේවාවන් තුලින් මෙරට ජනතාවට රෝගයන්ට ගොදුරුවීමෙන් වැලකී සිටීම පිළිබද උපදේශණය සහ දැනුවත්භාවය ලබාදිය හැකි බව ද වැඩිදුරටත් සදහන් කරන ලදි. මෙම වැදගත් මෙහෙවරට සහයෝගය දැක්වීමට සහ එම මෙහෙවර සමග සහයෝගයෙන් ඉදිරි කටයුතු කිරීමට රජය සැමවිටම සූදානම් බව ද ‌පැවසූ අමාත්‍යවරයා රෝග නිවාරණ කටයුතු සදහා ප්‍රමුඛතාවය ලබා දී කටයුතු කිරීම වත්මන් රජයේ ප්‍රධාන අරමුණක් වන බැවින් ඒ සදහා ගත යුතු සියළු ක්‍රියාමාර්ග මේ වන විට ද ගනිමින් සිටින බවද පැවසීය.

බිලියන 08 ක් වන ලෝක ජනගහනය අතුරින් බිලියන 04 කට ආසන්න ප්‍රමාණයක් එනම් බිලියන 3.4 ක් මේ වනවිට මොළයේ රෝගයකින් පීඩා විදින බවත්, මොළයේ රෝග 400 ක් පමණ මේ වනවිට හදුනාගෙන ඇති බවත් මෙහිදී අනාවරණය විය. මොළයේ ප්‍රධාන ‌රෝග ලෙස අංශභාගය, ඩිමෙන්ෂියාව, මයිග්‍රේන් ඇතුලු හිසරද රෝග, අපස්මාර රෝගය, දියවැඩියා රෝගය නිසා පර්යන්ත ස්නායු වලට හානිවීම මිනිස් ජිවිතයටම වැඩිපුරම බලපෑම් සිදු කරන රෝග ලෙස හදුනාගෙන ඇති බව ද මොළයේ රෝග පිළිබදව නිසි දැනුවත්භාවය ලබාදීම තුලින් සියයට 90 කටත් වඩා රෝග වළක්වා ගැනීමට හැකියාව ලැබෙන බව ද මෙහිදී හෙලිවිය.

ගෝලීය රෝගීන් වෙනුවෙන් පෙනී සිටින සන්ධානය (Global Patient Advocacy Coalition-GPAC) සහ ප්‍රමුඛ ජාත්‍යන්තර සංවිධානය (Leading international organization) යන සංවිධාන මෙම වැඩපිළිවෙල සදහා දායකත්වය ලබා දීමට ඉදිරිපත්ව සිටී.

මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික), සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ උපකුලපති රියර් අද්මිරාල් ධම්මික කුමාර, ස්නායු රෝග පිළිබඳ ලෝක සම්මේලනයේ මහාචාර්ය තිස්ස විඡේරත්න, මොළයේ සෞඛ්‍ය සතියේ ප්‍රධානී වෛද්‍ය ප්‍රසන්න හේරත් ඇතුලු මහාචාර්යවරුන්, විශේෂඥ වෛද්‍යවරුන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

මෙරට ළදරුවන්ට හා මවුවරුන්ට ඉහළම පෝෂණ ගුණයෙන් පරිපූර්ණ, සුව ගුණ සපිරි ත්‍රීපෝෂ අතිරේක ආහාරය අඛණ්ඩව ලබාදීම සෞඛ්‍ය අමාත්‍යා...
16/12/2024

මෙරට ළදරුවන්ට හා මවුවරුන්ට ඉහළම පෝෂණ ගුණයෙන් පරිපූර්ණ, සුව ගුණ සපිරි ත්‍රීපෝෂ අතිරේක ආහාරය අඛණ්ඩව ලබාදීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රමුඛ අරමුණක්.....

- සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස -

මෙරට ළදරුවන්ට හා මවුවරුන්ට ඉහළම පෝෂණ ගුණයෙන් පරිපූර්ණ, සුව ගුණ සපිරි ත්‍රීපෝෂ අතිරේක ආහාරය අඛණ්ඩව ලබාදීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රමුඛතම අරමුණක් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කරයි.

අමාත්‍යවරයා මේ බව සදහන් කරනු ලැබුයේ ලෝක ආහාර වැඩසටහනේ (World Food Programme) මෙරට නියෝජිතයන් සහ ශ්‍රී ලංකා ත්‍රීපෝෂ සමාගමේ කළමණාකාරීත්වය සමග‍ පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්වූ විශේෂ සාකච්ඡාවක දීය.

ත්‍රීපෝෂ ප්‍රතිලාභීන් වන ළදරුවන්ට, ගර්භනී සහ කිරිදෙන මව්වරුන්ට ත්‍රීපෝෂ අතිරේක ආහාරය ලබාදීමේ වැඩසටහන වඩාත් ඵළදායීතාවයෙන්, විධිමත්ව, කාර්යක්ෂමව සහ සෞඛ්‍යාරක්ෂිතව ඉදිරියටත් ක්‍රියාත්මක කිරීම පිළිබදව මෙහිදී ඉතා දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

නව රජයේ “පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්ති ප්‍රකාශයට අනූව “පෝෂණයෙන් පිරුණ ළමා පරපුරක්” ව්‍යාපෘතිය යටතේ අවශ්‍යතා ඇති පවුල් සදහා පෝෂ්‍යදායී ගුණාත්මක ආහාර ලබාදීමේ රජයේ ප්‍රමුඛතා වැඩපිළිවෙලට අනූව ආහාර නිෂ්පාදන ආයතන වල ආයතනික හා යටිතල පහසුකම් හදුනාගනිමින් පවතින ගැටලු වලට කඩිනමි විසදුම් ලබාදෙමින් ඉදිරි සැළසුම් ක්‍රියාත්මක කිරීම අරමුණ කරගනිමින් මෙම සාකච්ඡාව පැවැත්විනි.

ත්‍රීපෝෂ නිෂ්පාදනය කිරීම සදහා යොදා ගැණෙන මූළික අමුද්‍රව්‍යයන් වන බඩඉරිගු සහ සෝයා බෝංචි නිසි ප්‍රමිතියෙන් යුතුව අඛණ්ඩව අතිරික්තයකින් තොරව ත්‍රීපෝෂ නිෂ්පාදන ආයතනයට ලබාගැනීම, වාර්ෂිකව රටට අවශ්‍ය වන ත්‍රීපෝෂ ප්‍රමාණය උපරිම ධාරිතාවයෙන් ආයතනය තුළ නිෂ්පාදනය කිරීම, ඊට අදාළ කර්මාන්ත ශාලාවේ යන්ත්‍ර සූත්‍ර වල කාර්යක්ෂමතාවය වැඩිදියුණු කිරීම ආදී කරුණු සම්බන්ධව ගතයුතු ඉදිරි පියවරයන් පිළිබදව ද මෙහිදී සාකච්ඡා කරන ලදි.

ශ්‍රී ලාංකේය ජනතාව මන්දපෝෂණයෙන් තොර සෞභග්‍යමත්, අභිමානවත්, නිරෝගීමත් පෝෂිත‍ ජාතියක් බවට පත්කිරීමේ දැක්මෙන් යුතුව ශ්‍රී ලංකා ත්‍රීපෝෂ සමාගම ආරම්භ කල බවත්, එම ප්‍රමුඛ අරමුණ පෙරදැරිව අප සියලු දෙනා කටයුතු කලයුතු බවත්, නොමිලේ ලබාදෙන මෙම පෝෂණ අතිරේක ආහාරය ඉහළම පෝෂණ ගුණයෙන් පරිපූර්ණව, ඉතා පිරිසිදුව, විශ්වාසණීයව, ගුණාත්මකව ලබාදීම සියලු දෙනාගේ වගකීමක් මෙන්ම යුතුකමක් බවද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර සිටියේය.

ලෝක ආහාර වැඩසටහන මෙරට ළදරුවන්ගේ, මව්වරුන්ගේ හා පාසල් දරුවන්ගේ මෙන්ම ජනතාවගේ පෝෂණ මට්ටම ඉහළ නංවීම සදහා සිදුකරගෙන යන ව්‍යාපෘති පැසසුමට ලක්කල අමාත්‍යවරයා, මෙරට පාසල් වල ප්‍රාථමික ශ්‍රේණිවල ඉගෙණුම ලබන දරුවන්ට ආහාර වේලක් ලබාදීමේ වැඩපිළිවෙලට ලෝක අහාර වැඩසටහන දක්වන අනුග්‍රහයට සිය කෘතවේදීත්වය ප්‍රකාශ කළේය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුග්‍රහය ඇතිව ආහාර සුරක්ෂිතතාවය හා ගුණාත්මකභාවය සහතික කිරීම සදහා විධිමත් යාන්ත්‍රනයක අවශ්‍යතාවය පිළිබදවත්, පාසල් දරුවන් ඉලක්ක කරගෙන සිදු කිරීමට නියමිත ආහාර වැඩසටහන පිළිබදවත් ලෝක ආහාර වැඩසටහනේ මෙරට නියෝජිතයන් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා දැනුවත් කිරීමටද මෙහිදී පියවර ගත්තේය.

මෙම සාකච්ඡාව සදහා ලෝක ආහාර වැඩසටහනේ ( World Food Programme) මෙරට අධ්‍යක්ෂ අබ්දුල් රහීම් සිද්දිකි (Mr. Abdul Rahim Siddiqui), නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙරාඩ් රෙබෙලෝ (Mr. Gerard Rebello), වැඩසටහන් ප්‍රතිපත්ති නිළධාරීන් වන දිල්කා පේනී, පුබුදු ආරියරත්න, ශ්‍රී ලංකා ත්‍රීපෝෂ සමාගමේ සභාපති දීප්ති කුළරත්න,ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් කළමණාකාර චම්පික සල්ගාදු, මූළ්‍ය කළමණාකාර තරිදු ශාමික, ජනාධිපති ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ අරුණ බෝකුගමගේ, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ප්‍රසම්පාදන) රෝහණ ද සිල්වා, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය චම්පිකා වික්‍රමසිංහ, අධ්‍යක්ෂ (පෝෂණ) වෛද්‍ය මොනිකා විජේරත්න යන මහත්ම මහත්මීන්ද, ප්‍රජා විශේෂඥ වෛද්‍යවරුන්, නිළධාරීන් ඇතුලු පිරිසක් ද සහභාගි වූහ.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම් සිය ධූරයේ  වැඩ අරඹයි.......සෞඛ්‍ය සේවාවේ හා ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ වැදගත්ම ලක්ෂණය ...
11/12/2024

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම් සිය ධූරයේ වැඩ අරඹයි.......

සෞඛ්‍ය සේවාවේ හා ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ වැදගත්ම ලක්ෂණය ජනතාව තුල බිදවැටුණු විශ්වාසය නැවැත දිනා ගැනිමට කටයුතු කිරීම බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස සිය ධූරයේ වැඩ ආරම්භ කරමින් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අවධාරණය කරන ලදි.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ද සහභාගීත්වය ඇතිව අද දින (11) පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සිය රාජකාරී කටයුතු ආරම්භ කිරීමෙන් පසු පැමිණ සිටි නිලධාරීන් සහ කාර්ය මණ්ඩලය අමතමින් නව ලේකම්වරයා මේ බව පැවසීය.

වසර 05 කට පමණ පසු සෞඛ්‍ය අමාත්‍යාංශයට නැවත පැමිණීමට ලැබීම පිළිබදව තමන් සතුටට පත්වන බවත්, විශ්වාසය යනු සමහර පුද්ගලයින් ලග ඇති, සමහරුන් ලග නොමැති ඉතා දුර්ලභ මැණිකක් මෙන් බව ද කීවේය.

එම විශ්වාසය දිනා ගනිමින් ආර්ථික ගැටළුවට මුහුණ දී සිටින ජනතාවට සාධාරණ මනුෂ්‍යත්වයෙන් හෙඹි සේවාවක් රට තුල ස්ථාපිත කිරීමට වත්මන් සෞඛ්‍ය ජනමාධ්‍ය අමාත්‍යතුමාගේ මගපෙන්වීම, උනන්දුව සහ දැක්ම අනුව කටයුතු සිදු කරන බව ද ඒ මහතා පැවසීය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඡ්‍යෙෂ්ඨ, පළපුරුදු නිලධාරීන් සමග ජනතාව බලාපොරොත්තු වන වෙනස ඇති කරමින්, අධිෂ්ඨානශීලිව‍ රට ඉදිරි සංවර්ධනය කරා ගෙනයාමේ වැඩපිළ‍ිවෙලේ පංගුකාරයින් වීමේ වාසනාව අප සැමට හිමිව තිබෙන බවද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

නව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ලේකම්වරයා වැඩබාරගැනීමේ අවස්ථාවට එක්වෙමින් අදහස් දැක් වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කියා සිටියේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය ක්ෂේත්‍ර දෙක තුලම දැවැන්ත අභියෝගයන් පවතින බවයි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය ක්ෂේත්‍ර තුල විශ්වාසය තහවුරු කිරීම අප සැමගේ කාර්යභාරය වන බව ද සිදුකරගෙන යනු ලබන වැඩපිළිවෙල අඛණ්ඩව ඉදිරියට ගෙනයාමටත්, නව වැඩකටයුතු කිහිපයක් ආරම්භ කිරීමටත් බලාපොරොත්තු වන බවත්, නව ලේකම්වරයාගේ අත්දැකීම් ද සමගින් එක පවුලක් ලෙස ඉදිරියට කටයුතු සිදු කරන බව ද පැවසීය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා සහ ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් අතර හමුවක්.සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලීන් ...
26/11/2024

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා සහ ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් අතර හමුවක්.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලීන් ද ජයතිස්ස මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා අතර හමුවක් අද (26) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සිදු විය.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයෙන් කළ ඉල්ලීමකට අනුව මෙම හමුව සිදු විය.

වත්මන් රජය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශ තුලින් ඉදිරියේ දී දියත් කිරීමට සැළසුම් කර ඇති ව්‍යාපෘති කිහිපයක් පිළිබදව මෙහිදී පුළුල්ව සාකච්ඡාවට ලක් වූ අතර, දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති සහ වැඩසටහන් කිහිපයක වත්මන් ක්‍රියාකාරිත්වය පිළිබදව ද තොරතුරු විමසා බැලීමක් මෙහිදී සිදු විය.

ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා මෙහිදී කියා සිටියේ ශ්‍රී ලංකාව තුල ඉන්දියානු රජය විසින් ශ්‍රී ලාංකිකයන්ට වඩාත් ප්‍රයෝජනවත් වන ව්‍යාපෘති සහ සංවර්ධන ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කරන බවත් ඉදිරියටත් මෙරට සෞඛ්‍ය සේවාව ඇතුලු සියළු සේවාවන් හි උන්නතිය සදහා සහයෝගය ලබාදීමට කටයුතු කරන බවයි.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලීන් ද ජයතිස්ස මහතා කියා සිටියේ මෙරට සෞඛ්‍ය සේවාව ඉහළ නැංවීමට මෙන්ම ද්විපාර්ශ්වික සබඳතා ඉහළ නැංවීම සදහා ඉන්දීය රජය දක්වන දායකත්වය ඉතා අගය කොට සළකන බවයි.

සෞඛ්‍ය අමාත්‍යවරයා හා සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති රැසක් අතර විශේෂ සාකච්ඡාවක්. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය...
22/11/2024

සෞඛ්‍ය අමාත්‍යවරයා හා සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති රැසක් අතර විශේෂ සාකච්ඡාවක්.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා එම අමාත්‍යධූරයට පත්වීමෙන් පසු ප්‍රථම වරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති රැසක නියෝජිතයන් සමග අද (22) දිනය පුරා සාකච්ඡා මාලාවක් පවත්වන ලදී.

මෙහිදී සෞඛ්‍ය වෘත්තීකයින් මුහුණදෙන වෘත්තීය ගැටළු මෙන්ම ගුණාත්මක, ප්‍රශස්ත සහ විධිමත් සෞඛ්‍ය සේවාවක් පවත්වාගෙනයාම සදහා ගතයුතු කෙටි කාලීන හා දීර්ඝ කාලීන ක්‍රියාමාර්ග පිළිබදව අවධානය යොමු කරමින් මෙම සාකච්ඡාව පැවැත්වීම විශේෂත්වයකි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA), සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (ACMOA), විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය (AMS), රජයේ දන්ත වෛද්‍යවරුන්ගේ සංගමය (GDSA), සමස්ත ලංකා හෙද නිලධාරීන්‌ගේ සංගමය, රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සහ රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය (GNOA) යන වෘත්තීය සමිති වල නියෝජිතයන් මෙම සාකච්ඡා සදහා එක්විය.

මෙහිදී වෘත්තීය සමිති නියෝජිතයින් විසින් සිය වෘත්තීය ගැටළු සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කරන ලද අතර, එම ගැටළු පිළිබදව සාධනීය ප්‍රතිචාර දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ සහයෝගයෙන් පවතින ගැටලු විසදා ගැනීමට කටයුතු කිරීම ඉතා වැදගත් බවත් ඒ තුළින් සෞඛ්‍ය සේවාව නගා සිටුවීමට ක්‍රමවත්ව කටයුතු කල හැකිබවත් අවධාරණය කරන ලදී.

අළුතින් ගැටළු නිර්මාණය විමට අවකාශ නොතබා දැනට පවතින ගැටළු නිරාකරණය කිරිමට සියලු දෙනාගේම සහයෝගය ලබාදෙන්නැයි මෙහිදී විශේෂ ඉල්ලීමක් කල අමාත්‍යවරයා ක්ෂේත්‍රයේ සියළු වෘත්තීන් සමග සාමුහිකව සාකච්ඡා කර තීන්දු තීරණ ගැනීමේ ඇති වැදගත්කම ද මෙහිදී අවධාරණය කරන ලදී.

සෞඛ්‍ය වෘත්තිකයින්ගේ වෘත්තීය ගරුත්වය රැක ගනිමින් ඔවුන්ගේ වෘත්තීය අයිතිවාසිකම් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරියට කටයුතු කරන බවත්, මෙරට නිදහස් සෞඛ්‍ය සේවාවට ජාත්‍යන්තර ප්‍රසාදය පවා ලැබෙන බැවින් එහි ගෞරවය ඒ සදහා දායකත්වය දක්වන සියලුම සෞඛ්‍ය වෘත්තිකයින් හට හිමිවිය යුතු බවද අමාත්‍යවරයා සදහන් කරන ලදී.

වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සෞඛ්‍ය අමාත්‍යධූරයේ වැඩ ආරම්භ කරයි.නව රජයේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය  අමාත්‍යධූරයෙන් පිදුම් ලැබු වෛද...
19/11/2024

වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සෞඛ්‍ය අමාත්‍යධූරයේ වැඩ ආරම්භ කරයි.

නව රජයේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යධූරයෙන් පිදුම් ලැබු වෛද්‍ය නලින් ද ජයතිස්ස මහතා අද (19) පස්වරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සෞඛ්‍ය අමාත්‍යධූරයේ වැඩ බාර ගන්නා ලදී.

සෞඛ්‍ය අමාත්‍යධූරයේ වැඩ බාරගැනීමෙන් පසු අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ මෙරට ජනතාව විශාල බලාපොරොත්තුවක් තබමින් අති විශාල බහුතරයක්, පාර්ලිමේන්තු මන්ත්‍රීධූර සංඛ්‍යාවක් ලබාදෙමින් නව රජය බලයට පත් කරන ලද්දේ රට ඉදිරියට ගෙනයාමට බවත්, ජනාධිපතිවරයා ඇතුලු කැබිනට් මණ්ඩලය එම වගකීම ඉතා ඉහළින්ම ඉෂ්ඨ කරන බවත් ජනතාවට පොරොන්දු වන බවයි.

මෙරට සෞඛ්‍ය සේවාව වසර ගණනාවක ඉතිහාසය තුල ලෝකයේ කීර්තියක් උපයාගෙන ඇති බවත්, ඒ වෙනුවෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිලධාරීන් ඇතුලු සියළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල විශාල කැපකිරීමක් සිදු කර ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන් අතර, එනමුත් අප දකුණු ආසියාවේ සහ ලෝකයේ සෞඛ්‍ය සම්බන්ධයෙන් උපයාගෙන තිබුන කීර්ති නාමය මෙන්ම සෞඛ්‍ය සේවාව පිළිබද ජනතාවගේ විශ්වාසය පසුගිය කාලය තුල දුෂිත දේශපාලනය විසින් විනාශයට පත් කර ඇති බවද පැවසීය.

තමන්ට පැවැරී ඇති ප්‍රධානතම වගකීම සහ අභියෝගය සෞඛ්‍ය සේවාව පිළිබදව ජනතාවගේ විශ්වාසය යළි ප්‍රතිශ්ථාපනය කිරිම සහ සෙඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රතිරූපය නැවත නගා සිටුවීම බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන ලදි.

වෛද්‍ය නලින් ද ජයතිස්ස මහතා ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික හා ජාතික ජන බලවේගයේ විධායක සභිකයෙකු ද වේ. 2009 වර්ෂයේ දී බස්නාහිර පළාත් සභාව නියෝජනය කළ එතුමන් 2015 පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ප්‍රථම වරට පාර්ලිමේන්තුවට තේරී පත්විය.

*අගමැතිනිය " 1907 -සුව සවන "  ජාතික සෞඛ්‍ය උපකාරක සේවාවේ මෙහෙයුම් කටයුතු  නිරීක්ෂණය කරයි.*“සුව සවන” ජාතික සෞඛ්‍ය උපකාරක ...
12/11/2024

*අගමැතිනිය " 1907 -සුව සවන " ජාතික සෞඛ්‍ය උපකාරක සේවාවේ මෙහෙයුම් කටයුතු නිරීක්ෂණය කරයි.*

“සුව සවන” ජාතික සෞඛ්‍ය උපකාරක සේවාවේ මෙහෙයුම් ක⁣ටයුතු (1907) අද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ නිරීක්ෂණයට ලක්විය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හදිසි ආපදා සහ පෙර සූදානම් ඒකකයේ ක්‍රියාත්මක මෙම ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ උපකාරක සේවාව මගින් මෙරට ජනතාවගේ සෞඛ්‍ය ගැටළු වලට සිංහල, දෙමළ, ඉංග්‍රීසි යන භාෂා මාධ්‍ය ත්‍රිත්වයෙන්ම උපදෙස් හා මාර්ගෝපදේශන නොමිලේ ලබාදෙනු ලබයි.

මෙම ඇමතුම් මධ්‍යස්ථානයට ලැබෙන සෞඛ්‍ය ගැටළුවලට විශේෂඥ උපදෙස් ලබාදෙන අතර සතියේ දින පහ (5) තුළ පෙරවරු 8.30 සිට පස්වරු 4.00 දක්වා මෙම සේවාව ක්‍රියාත්මක වේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල, මහාචාර්ය ඉන්දික කරුණාතිලක, මහාචාර්ය මනෝජ් වීරසිංහ, විශේෂඥ වෛද්‍ය කපිල ජයරත්න, විශේෂඥ වෛද්‍ය ඉන්දික ලැන්රෝල්, විශේෂඥ වෛද්‍ය ඉනුක විඡේගුණවර්ධන, විශේෂඥ වෛද්‍ය අසංග වික්‍රමසිංහ යන විද්වත් මණ්ඩලය මෙම ජාතික වැඩසටහන සැළසුම් කිරීම වෙනුවෙන් දායකත්වය ලබා දී තිබේ.

1907 සුව සවන රෝගී උපකාරක සේවාව වෙනුවෙන් කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය, 1990 සුවසැරිය ගිලන් රථ සේවාව, 1926 ජාතික මානසික සෞඛ්‍ය ඇමතුම් සේවාව,ප්‍රජා විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය, හදිසි ප්‍රතිකාර පිළිබද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය, ආසියා ශාන්තිකර ප්‍රජා සෞඛ්‍ය අධ්‍යයන සංවිධානය (APACPH) සහ ශ්‍රී ලංකා ⁣ටෙලිකොම් මොබිටෙල් යන ආයතන පාර්ශ්වකරුවන් ලෙස දායකත්වය දක්වනු ලබයි.

සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට හා මහජනතාවට කෙරෙන විශේෂ නිවේදනයයි.සංවිධානාත්මක පිරිසක් විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නි...
10/11/2024

සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට හා මහජනතාවට කෙරෙන විශේෂ නිවේදනයයි.

සංවිධානාත්මක පිරිසක් විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිළධාරීන්ගේ නම් භාවිතා කරමින් සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලින් හා ජනතාවගෙන් මුදල් එකතු කිරී‍මේ සිද්ධීන් පිළිබදව සෞඛ්‍ය අම‍ාත්‍යාංශයට තොරතුරු වාර්ථා වී ඇත.

කිසිම අවස්ථාවක සෞඛ්‍ය අමාත්‍යාංශයේ කිසිදු නිළධාරියෙක් දුරකථන, වට්ස් ඇප් හෝ කිසිදු මාධ්‍යයක් භාවිත කරමින් එවැනි මුදල් එකතු කිරීමේ හෝ ඉල්ලා සිටීමේ ක්‍රියාවක නිරත නොවන බවත්, එවැනි වංචාකරුවන්හට හසුවී බැංකු ගිණුම් වෙත මුදල් තැන්පත් කිරීමට හෝ වෙනත් මාධ්‍යවලින් මුදල් ප්‍රේෂණය කිරීමට යොමු නොවන ලෙසත්, එම වංචාකාරීන් නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කරන ලෙසත් සෞඛ්‍ය අමාත්‍යාංශය මහජනතාවට අවධාරණය කර සිටී.

මේ පිළිබදව නීතිමය කටයුතුද ආරම්භ කර ඇත

🌍නොවැම්බර් 4 සිට 9 දක්වා පැවැත්වෙන විශේෂ සරම්ප පිළිබද දැනුවත් කිරීමේ හා ප්‍රතිශක්තිකරණය කිරීමේ සතියට එක්වන්න! 🌍 2024 වයස...
05/11/2024

🌍නොවැම්බර් 4 සිට 9 දක්වා පැවැත්වෙන විශේෂ සරම්ප පිළිබද දැනුවත් කිරීමේ හා ප්‍රතිශක්තිකරණය කිරීමේ සතියට එක්වන්න! 🌍

2024 වයස 20-30 (1994-2004 උපන්) ඔබට කරනා විශේෂ ආරාධනාව🤵👰

ඔබේ වයස අවුරුදු 20-30 අතරද? සරම්ප එන්නතක් අතපසු වුණාද? එසේනම් මේ ඔබේ වාරයයි👍 මේ සතියේ, අපි සරම්ප සහ රුබෙල්ලා වැනි බෝවන රෝගවලින් සෑම කෙනෙකුම ආරක්ෂා කර ගැනීම සහතික කිරීම සඳහා අවදානම් ප්‍රදේශ වල නොමිලේ එන්නත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කර ඇත 🦠✨

👀ඔබ එක්විය යුත්තේ ඇයි?
ප්‍රජා සෞඛ්‍යයට තරුණ ඔබ අත්‍යවශ්‍ය වේ - ඔබව ආරක්ෂා කිරීම යනු සියලු දෙනා ආරක්ෂා කිරීමයි! අපගේ ඉලක්කය වන්නේ ප්‍රතිශක්තිකරණ හිඩැස් වසා මෙම බෝවන රෝග පැතිරීම අවම කිරීමයි. සංජානනීය රුබෙල්ලා දරුණු උපත් ආබාධ ඇති කරන අතර සරම්ප යනු අප විසින් වළක්වා ගත යුතු ඉතා භයානක බෝවන රෝගයකි.🗣

📌 එන්නත් වැඩසටහන සිදුවන ආකාරය!!!!!
🔹 නොවැ 4-8 දක්වා - ගෙයින් ගෙට දැනුවත් කිරීම හා එනනත් ලබානොගත් හෝ නියමිත මාත්‍රා සම්පූර්ණ නොකළ අය හඳුනා ගැනීම. එන්නත් කිරීමේ ප්‍රතිලාභ ගැන ඔබගේ ගෙයි දොරකඩ සිටම දැන ගන්න!
🔹 නොවැම්බර් 9 වන දින MOH සායන වෙත පැමිණෙන්න - සරම්ප සහ රුබෙල්ලා එන්නත් සඳහා විශේෂයෙන් සායන විවෘත වේ. එදිනට අතපසු වුවහොත් මෙම මස ඇතුළත තෝරාගත් සෙනසුරාදා ඇතුළු දින වලදී ලබා ගත හැක.
🔹 ප්‍රජා ප්‍රතිශක්තිකරණ දින හා ස්ථාන පිළිබඳව ඔබේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයෙන් විමසා දැනගන්න.
🔹 විශ්ව විද්‍යාල, සේවා ස්ථාන සහ තවත් ආයතන ආවරණය වන පරිදි ස්ථානීය එන්නත් කිරීම.

අවදානම් වැඩි දිස්ත්‍රික්ක පුරා. එම දිස්ත්‍රික්කවලට ඇතුළත් වන්නේ: කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, කුරුණෑගල, මඩකලපුව, පුත්තලම, කල්මුණේ ,මහනුවර, යාපනය හා අම්පාර

මෙම ප්‍රතිශක්තිකරණ සතිය සාර්ථක කර ගනිමු!
පළමුව ඔබව ආරක්ෂා කරගන්න, එවිට ඔබේ ආදරණීයයන් ආරක්ෂා වනු නියතය. සැමට නිරෝගී අනාගතයක් ගොඩනැගීමට අප හා එක්වන්න!

💉 එන්නත් ලබා ගන්න. ආරක්ෂිතව සිටින්න. අන් අයටත් මෙම පණිවුඩය ලබා දෙන්න! 💉

වැඩි විස්තර සඳහා 1999 සුවසැරිය සෞඛ්‍ය තොරතුරු ක්ෂණික ඇමතුම් අංකය අමතන්න.

කුරුණෑගල ශික්ෂණ රෝහල තුළ හෘද හා උරස් ශල්‍යකර්ම සේවාව කඩිනමින් ආරම්භ කිරීමට සෞඛ්‍ය ලේකම්ගෙන් උපදෙස් .....දෙවන Cath Lab ඒක...
04/11/2024

කුරුණෑගල ශික්ෂණ රෝහල තුළ හෘද හා උරස් ශල්‍යකර්ම සේවාව කඩිනමින් ආරම්භ කිරීමට සෞඛ්‍ය ලේකම්ගෙන් උපදෙස් .....

දෙවන Cath Lab ඒකකයද ස්ථාපිත කිරීමටත් පියවර....

කුරුණෑගල ශික්ෂණ රෝහල තුළ හෘද හා උරස් ශල්‍යකර්ම සේවාව කඩිනමින් ආරම්භ කිරීමට පියවර ගන්නා මෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා ඊයේ දින (03) අදාල නිළධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

සෞඛ්‍ය ලේකම්වරයා එසේ උපදෙස් ලබා දුන්නේ එම රෝහලේ වත්මන් තත්ත්වය පිළිබදව සොයා බැලීම සදහා සිදුකරන ලද විශේෂ නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව පැවති විශේෂ සාකච්ජාමය අවස්ථාවේදීය.

කුරුණෑගල ශික්ෂණ රෝහල තුළ හෘද හා උරස් ශල්‍යකර්ම සේවාව ආරම්භ කිරීම සදහා එම ඒකකයට අවශ්‍යවන ‍ ගොඩනැගිලි පහසුකම් මේවන විටත් ස්ථාපිත කර ඇත. එහි ඇති ශල්‍යාගාර සදහා අවශ්‍ය ශල්‍යාගාර උපකරණ මෙන්ම අනෙකුත් වෛද්‍ය උපකරණද මේ වන විට ස්ථාපිත කරමින් පවතී. රෝහලට අවශ්‍ය හෘද ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයෙක්ද මේ වන විට රෝහලට අනුයුක්ත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

මෙම ඒකකය දැඩි සත්කාර ඇදන් (ICU Beds) 06 කින්ද, ඉහල යැපුම් ඒකක (HDU Beds) ඇදන් දෙකකින්ද සමන්විත වේ. ශල්‍යාගාරය අති නවීන වෛද්‍ය උපකරණවලින් සමන්විත වන අතර, ශල්‍ය ඇදන් දෙකකින් ද සමන්විත වේ. මෙහි එකවර ශල්‍යකර්ම දෙකක් සිදු කිරීමේ නවීන පහසුකම්වලින් සමන්විත වන අතර, මෙහි පිරිමි හා කාන්තා ලෙස හෘද ප්‍රතිකාර වාට්ටු දෙකක් ස්ථාපිත කිරීමට පියවර ගෙන ඇත. එහි ඇදන් ධාරිතාවය 40 කි.

මෙම ඒකකට අමතරව ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියේ (JICA) ව්‍යාපෘතිය හරහා කුරුණෑගල ශික්ෂණ රෝහල තුල තවත් Cath Lab ඒකකයක්ද කඩිනමින් ස්ථාපිත කිරීමට පියවර ගන්නා බවද සෞඛ්‍ය ලේකම්වරයා මෙහිදී කීහ. මෙම Cath Lab ඒකකය රෝහල තුළ ස්ථාපිත වන දෙවන Cath Lab ඒකකය වේ. එම ඒකකය ස්ථාපිත කිරීමෙන් පසු රෝහල තුල සිදුකරන හෘද කැතීටකරණ ශල්‍යකර්ම ප්‍රමාණය දෙගුණයක් දක්වා ඉහල නංවාලීමට හැකිවන බව හෘද ශල්‍ය විශේෂඥ වෛද්‍යතුමන් මෙහිදී ‍ලේකම්වරයාට පෙන්වා දෙන ලදී.

මෙම ඒකකයන් විධිමත්ව පවත්වාගෙන යාම සදහා අවශ්‍යවන වෛද්‍යවරුන් මෙන්ම හෙද නිළධාරිනියන් 80 ක්ද , අනෙකුත් අවශ්‍ය කාර්ය මණ්ඩලයද කඩිනමින් රෝහල වෙත අනුයුක්ත කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය ලේකම්වරයා මෙහිදී පැවසීය. එමෙන්ම මෙම ඒකකය සදහා අනුයුක්ත කිරීමට අපේක්ෂා කරන වෛද්‍ය, හෙද ඇතුලු කාර්ය මණ්ඩලයට පුහුණුවීම් සිදු කිරීම සදහා අවශ්‍ය ක්‍රමවේදයන් ද සකසන ලෙසටද නිළධාරීන්ට උපදෙස් දුන්නේය.

මෙම නව සේවාව මෙන්ම දෙවන කැත්ලැබ් ඒකකය ආරම්භ කිරීමත් සමග වයඹ පළාතේ ජනතාවට මෙන්ම යාබද පළාත්වල ජනතාවටද මෙමගින් සේවාව ලබා ගැනීමේ හැකියාව පවතින බව කී ලේකම්වරයා මෙරට ජනතාවට ගුණාත්මක, විශිෂ්ඨ සෞඛ්‍ය සේවාවක් ලබාදීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රමුඛ අරමුණ බව පැවසීය.

සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් කුරුණෑගල ශික්ෂණ රෝහලේ සිදු කල යුතු අත්‍යාවශ්‍ය අලුත් වැඩියාවන් හා අත්‍යවශ්‍ය කටයුතු සදහා මෙම වසරේ මේ වන තෙක් රෝහලට රුපියල් මිලියන 890 කට ආසන්න මුදල් ප්‍රතිපාදනද ලබා දී ඇත.

මෙම අවස්ථාවන් සදහා සෞඛ්‍ය අමාත්‍යාං‍යේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (ඉංජිනේරු) එම්.සී.අයි. හේරත්, කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය මිහිරි ප්‍රියන්ගනී, නියෝජ්‍ය අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය සඳමාලි සමරකෝන් යන මහත්ම මහත්මීන්ද , විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, හෙද නිලධාරීන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ පිරිසක්ද එක්ව සිටියහ.

*2024 ඔක්තෝම්බර් මස 16 වන දින HPV එන්නත ලබාදීමෙන් පසු ඇතිවුණු රෝගී තත්ත්වයක් පිළිබදව වූ මාධ්‍ය වාර්තාව සම්බන්ධවයි.*ශ්‍රී...
18/10/2024

*2024 ඔක්තෝම්බර් මස 16 වන දින HPV එන්නත ලබාදීමෙන් පසු ඇතිවුණු රෝගී තත්ත්වයක් පිළිබදව වූ මාධ්‍ය වාර්තාව සම්බන්ධවයි.*

ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට ඇතිවන පිළිකා අතර ප්‍රධානතම පිළිකාවක් වන්නේ ගැබ්ගෙල පිළිකාවයි. එය වළක්වා ගැනීමේ ප්‍රමුඛතම, සාර්ථකම ක්‍රමය වන්නේ HPV එන්නතයි. මෙම එන්නත ආරක්ෂිත හා ඵලදායී වන අතර, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සහතිකර කර ඇත. කෙටි කාලීන අතුරු ආබාධ ඇතිවීමේ අවධානමට සාපේක්ෂව බොහෝ වාසි හා ප්‍රතිලාභ මෙම එන්නතෙන් ලැබේ. ලොව පුරා නව යොවුන් දරුවන් සදහා මෙම එන්නත් මාත්‍රා මිලියන ගණනක් ආරක්ෂිතව ලබාදී ඇත.

HPV එන්නත ලබාගැනීමෙන් පසු කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රාථමික විද්‍යාලයක ශිෂ්‍යාවන් පස් දෙනෙකුට උදර වේදනාව, ඔක්කාරය, හිසරදය ඇතුළු රෝග ලක්ෂණ ඇතිවීමේ සිදුවීමක් සම්බන්ධයෙන් පසුගියදා පළ වූ මාධ්‍ය වාර්තාව පිළිබදව අනිසි කැළඹීමක් ඇතිකර ගැනීම සුදුසු නොවේ. මෙම සිසුන්ට කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර ලබා දී ඇති අතර, ඔවුන් මේ වන විට ස්ථාවර තත්ත්වයේ පසුවේ.

මෙම සුළු අතුරු ආබාධ කෙටි කාලීන වන අතර, එ්වාට අනිසි බියක් හෝ කැළඹීමක් ඇතිකර ගත යුතු නොවෙි. එන්නත් ලබාදීමේ දී දරුවන් තුළ ඇතිවන බිය නිසා සුළු ක්ලාන්ත තත්ත්වයන් මෙන්ම මෙවන් අතුරු ආබාධ ද සාමාන්‍යයෙන් පාසල් එන්නත් වැඩසටහන් වල දී දක්නට ලැබේ.

විධිමත් ක්‍රියාදාමය යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මේ සදහා පරීක්ෂණ ආරම්භ කර ඇත.

2017 වසරේ හදුන්වා දුන් HPV එන්නත එදා මෙදා තුර ශ්‍රී ලාංකික කාන්තාවන්ගේ පිළිකා සැදීමේ අවදානම අවම කරමින් අනාගතය සුරක්ෂිත කිරීමේ කාර්යයට උරදෙයි. එනිසා සෞඛ්‍ය අමාත්‍යාංශය සියළුම දෙමාපියන්ගෙන් ඉල්ලා සිටින්නේ HPV එන්නතෙන් ලැබෙන ආරක්ෂාව පිළිබදව විශ්වාසය මැනවින් පවත්වාගෙන, නියමිත එන්නත් මාත්‍රා සම්පූර්ණයෙන් ලබාදී තම දරුවන්ගේ නිරෝගීභාවය තහවුරු කරගන්නා ලෙසයි.

• ‘’රැකියා ස්ථානයේ මානසික සෞඛ්‍යට මුල්තැනක් දෙමු’’  තේමාවෙන් ලෝක මානසික සැමරුම් දින ජාතික උත්සවය සමරයි.• දරුවන් මුහුණ දෙ...
08/10/2024

• ‘’රැකියා ස්ථානයේ මානසික සෞඛ්‍යට මුල්තැනක් දෙමු’’ තේමාවෙන් ලෝක මානසික සැමරුම් දින ජාතික උත්සවය සමරයි.

• දරුවන් මුහුණ දෙන අනාරක්ෂිත භාවයෙන් සහ තරගකාරී අධ්‍යාපන ක්‍රමයෙන් දරුවන් බේරා ගැනීමේ සැළැස්මක් අවශ්‍යයි.

අනාරක්ෂිතභාවය සහ තරඟකාරී අධ්‍යාපන ක්‍රමය හේතුවෙන් දරුවන් ප්‍රශ්න රැසකට මුහුණ දෙන බවත්, දරුවන් එයින් මුදා ගැනීමට විධිමත් සැලැස්මක් අවශ්‍ය බවත් අග්‍රාමාත්‍ය සහ සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය, හරිනි අමරසූරිය පැවසීය

අග්‍රාමාතයවරිය මේ බව සඳහන් කළේ, ‘’රැකියා ස්ථානයේ මානසික සෞඛ්‍යට මුල්තැනක් දෙමු’’ යන්න තේමා කර ගනිමින් කොළඹ පදනම් ආයතන ශ්‍රවණාගාරයේ දී අද (08) පැවති ලෝක මානසික සෞඛ්‍ය දින ‍ජාතික සැමරුම් උත්සවට සහභාගි වෙමිනි.

සෑම වර්ෂයකම ඔක්තෝම්බර් 10 වෙනි දින විවිධ කාලීන මාතෘකාවන් යටතේ මෙම දිනය සමරනු ලබයි.

මානසික ව්‍යාකූලතාවය හේතුවෙන් ලොකයේ වසරකට ලක්ෂ 07 ක සංඛ්‍යාවක් සිය දිවි නසා ගැනීම් සදහා යොමුව වන අතර, මානසික පීඩාවෙන් දුක් විදිනු ලබන්නේ බොහෝ විට වයස අවුරුදු 15 ත්, 29 ත් අතර තරුණ පරපුර බව සෞඛ්‍ය දත්ත වර්තා තුළ සඳහන් වේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය සහ සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය, හරිනි අමරසූරිය,
පාසල් පද්ධතිය සහ සමාජය තුල දරුවාගේ ආරක්ෂාව තහවුරු කිරීමට නොහැකිවීම සහ අධ්‍යාපනයට අදාල ක්ෂේත්‍රවල ඇතිව තිබෙන තරගකාරීත්වය තුලින් පාසල් දරුවන් ප්‍රශ්ණ රාශියකට මුහුණ දෙනවා. දරුවන් එයින් මුදවා ගන්න විධිමත් සැළැස්මක් අවශ්‍යයි. පවුල සහ ප්‍රජාව තුල දරුවන්ගේ මානසික සෞඛ්‍ය රැකගැනීමට සකස් කළ යුත්තේ කුමන ප්‍රතිපත්ති ද, සැළසුම් ද යන්න පිළිබදව විශේෂ අවධානයක් යොමු විය යුතුයි.

මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රය අතිශයින්ම වැදගත් අවධානය නොලබන ක්ෂේත්‍රයක් ‘’රැකියා ස්ථානයේ මානසික සෞඛ්‍යට මුල්තැනක් දෙමු’’ යන්න වැදගත් තේමාවක්. ආර්ථීක දේශපාලන සාමාජීය අර්බුධ රැසක් පවතින කාලවකවානුවක වැඩ කරන ස්ථානය තුල සියළු පුරවැසියන්ට මුහුණදීමට සිදුවන ආතතීන් අපහසුතා වැඩි වෙනවා. තමන්ගේ දරුවා පාසලට බාරදුන් පසු පාසල තුල ආරක්ෂාව පිළිබද විශ්වාසයක් නැතිනම්, දිවා සුරැකුම් මධ්‍යස්ථාන පිළිබද විශ්වාසක් ඇතිව දරුවන් තැබිය නොහැකි නම්, වැඩිහිටියන් බලාගැනීමට නිසි ක්‍රමවේදයක් සමාජය තුල නැතිනම් ආයතනය තුල තිබිය යුතු මානසික සුවය සමග වැඩ කිරිමට අපහසු වෙනවා. ආයතනයක් තුල ස්ත්‍රී පුරුෂ අනන්‍යතා නිසා ඇතිවන වෙනස් කොට සැළකීම්, ලිංගික අතවර වැනි දේ පිළිබදවත් අවධානය යොමු කළ යුතුයි. සියදිවි නසාගැනීම්, සියදිවි නසා ගැනීමට තැත් කිරිම් වැනි දේවල් දැන් ප්‍රචලිත වෙලා තිබෙනවා. පාසලේ, ගරුවරුන්ගේ, දෙමාපියන්ගේ අතපසුවීමි නිසා මේ දේවල් සිදු වන බව කියමින් දොස් කියන්න සිදුවෙලා තිබෙනවා. ඊට එහා මේ කරුණ දිහා අවධානය යොමු කර දරුවන් මේ සදහා පත් කරන ක්‍රියාවලිය පිළිබදව අවධානය යොමු කළ යුතුයි. තරුණ තරුණියන් වෙනුවෙන් සංවේදී මානසික සෞඛ්‍ය සේවාවන් දියුණූ කිරීම පිළිබද අවධානය යොමු කිරීමත් ඉතාමත්ම අත්‍යාවශයයි.

ගෘහය සහ වැඩකරන ස්ථානය තුල ජනතාවට මානසික සුවය ලබාදිය යුත්තේ කෙසේ ද, මානසික සුවය සහ මානසික යහපැවැත්ම දියුණුව සදහා ගත යුතු ක්‍රියාමාර්ග ගැනීම සහ සමාජය තුල සාකච්ඡාවක් ඉතා වැදගත් වෙනවා. ආයතනය තුල තිබෙන විධිවිධාන සහ නීතිරීති පිළිබදව පමණක් නොව සමාජය තුල සමතුලිතතාවයක් පවත්වා ගත හැකි පරිසරක් ගොඩනැගීමට මැදිහත් වී ඇති ආකාරය පිළිබදවත් අවධානය යොමු කළයුතුයි.

ළමා නිවාස, රැදවුම් නිවාස, මානසික සෞඛ්‍ය සදහා වන රෝහල් මෙන්ම ආයතනගත පුද්ගලයින්ගේ මානසික සෞඛ්‍ය සේවා දියුණූ කිරීමට ගන්නා ක්‍රියාමාර්ග පිළිබදවත් අවධානය යොමු කළ යුතුයි. සියළුම ක්ෂේත්‍රවල වැඩ කරන සියළු සේවකයින් පිළිබද අවධානය යොමු කළ යුතුයි. මෙය අතිශයින්ම වැදගත් මාතෘකාවක්. මම ඉල්ලීම් කරන්නේ පුළුල් ලෙස මේ පිළිබද සාකච්ඡා කරන ලෙසයි. මෙය වෛද්‍ය ප්‍රශ්ණයක් පමණක් නෙමෙයි. මෙය මනෝ සමාජීය ප්‍රශ්ණයක්. මානසික සෞඛ්‍ය සේවාවන් පවත්වාගෙන යාමට ඇති බාධාවන් කුමක් ද යන්න පිළිබද හොද තේරීමක් අවධානයක් තිබිය යුතුයි. ඒ වෙනුවෙන් සියළු දෙනා වැඩ කළ යුතුයි. ඒ සදහා රජයක් ලෙස අප ප්‍රමුඛතාවය ලබාදීමට කටයුතු කරනවා.

මෙම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට කාර්යාලය නියෝජනය කරමින් වෛද්‍ය ශලාලා අමදෝවා, මානසික සෞඛ්‍ය අංශයේ අධ්‍යක්ෂ රොහාන් රත්නායක යන මහත්ම මහත්මින් ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන්, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන්, විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍ය කාර්ය මණ්ඩල ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

අග්‍රාමාත්‍ය හා සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය සේවාවේ ඉදිරි කටයුතු පිළිබද විශේෂ සාකච්ඡාවක්...
01/10/2024

අග්‍රාමාත්‍ය හා සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය සේවාවේ ඉදිරි කටයුතු පිළිබද විශේෂ සාකච්ඡාවක් ...

මෙරට සෞඛ්‍ය සේවාවේ වත්මන් තත්ත්වය පිළිබදවත්, ගතයුතු ඉදිරි පියවරයන් පිළිබදවත් කථිකා ‌කෙරෙන විශේෂ සාකච්ඡාවක් අද දින (01) පෙරවරුවේ අග්‍රාමාත්‍ය හා සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

මෙහිදී මෙරට ක්‍රියාත්මක ප්‍රාථමික සෞඛ්‍ය සේවාව, එන්නත්කරණ වැඩපිළිවෙල, දරුවන්ගේ / මව්වරුන්ගේ ඇතුළු සියළු ජනතාවගේ පෝෂණ තත්ත්වය, ඖෂධ පිළිබද තත්ත්වය, බෝවන හා බෝනොවන රෝග, ජනතාව දැනුවත් කිරීමේ සෞඛ්‍ය අධ්‍යාපනික වැඩසටහන්, සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට පවතින ගැටළු හා සේවා අවශ්‍යතාවය මත කාර්ය මණ්ඩල අනුමත කරගැනීම, ඖෂධ ප්‍රසම්පාදනය, ආයුර්වේද ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීම සහ ඊට අදාල පහසුකම් ලබාදීම, වසංගත රෝග, අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ සපයා ගැනීම ආදී කරුණු පිළිබදව විශේෂ අවධානය යොමු කරමින් දීර්ඝ වශයෙන් සාකච්ඡා සිදු කරන ලදි.

ශ්‍රී ලංකාව තුල වර්තමානය වන විට විශිෂ්ට සෞඛ්‍ය සේවාවක් ක්‍රියාත්මක බවත්, එම සේවාව ක්‍රියාත්මක කරනු ලබන සියළුම සෞඛ්‍ය කාර්ය මණ්ඩල දැඩි කැපවීමෙන් කටයුතු කිරීම නිසා මෙරට සෞඛ්‍ය සේවාව සංවර්ධිත රටවලට සමාන මට්ටමක පවතින බව ද සදහන් කළ අමාත්‍යවරිය ඉදිරියටත් මෙරට ජනතාවට ගුණාත්මක, විධිමත් සහ කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් ලබාදීම නව රජයේ ප්‍රමුඛ අරමුණ බවත්, ඊට බලපාන යම් කරුණූ වේ නම් ඊට විසදුම් ලබාගැනීම මෙම හමුවේ අරමුණ බව අග්‍රාමාත්‍ය, සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙහිදී සදහන් කරන කරන ලදී .

මෙම විශේෂ සාකච්ඡාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, ආයුර්වේද කොමසාරිස් ජනරාල් වෛද්‍ය ධම්මික අබේගුණවර්ධන යන මහත්වරු මෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ සියළුම අතිරේක ලේකම්වරු, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන් ඇතුලු නිලධාරීන් සහභාගි වී සිටියහ.

නව සෞඛ්‍ය අමාත්‍යතුමිය සිය ධූරයේ වැඩ අරඹයි.. !ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය නව රජයේ අග්‍රාමාත්‍යවරිය ලෙස අද (24) දින ගරු...
25/09/2024

නව සෞඛ්‍ය අමාත්‍යතුමිය සිය ධූරයේ වැඩ අරඹයි.. !

ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය නව රජයේ අග්‍රාමාත්‍යවරිය ලෙස අද (24) දින ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දීමෙන් අනතුරුව, පස්වරුවේ සෞඛ්‍ය අමාත්‍ය ධූරයේ ද වැඩ ආරම්භ කරන ලදි.

රෝගී ජනතාවගේ ද සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ ද අපේක්ෂාවන් මල්ඵල ගැන්වීම පිණිස නව රජයේ ප්‍රතිපත්ති හා බැඳෙමින් කටයුතු කිරීමට කැපවෙන බව එතුමිය එම අවස්ථාව් දී ප්‍රකාශ කරන්නට යෙදිණි.

සෞඛ්‍ය අමාත්‍යධූරයට අමතරව ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරුඅධ්‍යාපන, විද්‍යා සහ තාක්ෂණ,
කාන්තා, ළමා හා කරුණ කටයුතු සහ ක්‍රීඩා,
වෙළෙඳ වාණිජ, ආහාර සුරක්ෂිතතා, සමුපකාර සංවර්ධන, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන යන අමාත්‍යාංශ වලද අමාත්‍යවරිය ලෙස කටයුතු කරණු ලබයි.

සුව ඇමති උපදෙසින් ඵෙතිහාසික සෝමාවතී පුදබිමේ “නව පර්යන්ත රෝහලක්” ඉදිකිරීමට පියවර ......ඵෙතිහාසික සෝමාවතී රජ මහා විහාරස්ථා...
20/07/2024

සුව ඇමති උපදෙසින් ඵෙතිහාසික සෝමාවතී පුදබිමේ “නව පර්යන්ත රෝහලක්” ඉදිකිරීමට පියවර ......

ඵෙතිහාසික සෝමාවතී රජ මහා විහාරස්ථාන පුද බිමේ “ නව පර්යන්ත රෝහලක් ” ඉදිකිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත. ඊට අදාළව විශේෂ සාකච්ඡාවක් ඊයේ දින (19) පස්වරුවේ සෝමාවතිය රජ මහා විහාරයේ විහාරාධිපති පහමුණේ ශ්‍රී සුමංගල නාහිමියන් ප්‍රධානත්වයෙන් මෙන්ම අනුශාසකත්වයෙන්, සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් සෝමාවතී රජමහා විහාරස්ථානයේදී පැවැත්විණි.

සෝමාවතිය රජ මහා විහාරයේ විහාරාධිපති, සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පහමුණේ ශ්‍රී සුමංගල නාහිමියන් විසින් නව රෝහලක් ඉදිකර දෙන ලෙසට සෞඛ්‍ය අමාත්‍යාංශයේ කරනු ලැබූ ඉල්ලීමට අනූව සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා හට ලබා දුන් උපදෙස් මත මෙම විශේෂ සාකච්ඡාව සිදුවිය.

දෛනිකව සෝමාවතී පුද බිම වන්දනා කිරීමට 1000 ආසන්න බැතිමතුන් සංඛ්‍යාවක් පැමිණෙන බවත්, පොහෝ දිනයන් හිදී එම ප්‍රමාණය 50000 ඉක්මවන බවත්, පොසොන්, ඇසල පොහෝ දිනයන් හිදී ලක්ෂයකට අධික බැතිමතුන් සෝමාවතිය වන්දනාමාන කිරීමට පැමිණෙන බවත්, එහිදී හදිසි රෝගී තත්ත්වයන්ට පත්වන බැතිමතුන්හට ප්‍රතිකාර කිරීම සදහා පොලොනරුව මහ රෝහලට ‍ගෙන යායුතු බවත්, නව රෝහල ඉදිකිරීමෙන් බැතිමතුන්ට විශාළ සේවාවක්, සහනයක් සිදුවන බව සෝමාවතිය රජ මහා විහාරයේ විහාරාධිපති, සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පහමුණේ ශ්‍රී සුමංගල නාහිමියන් විසින් මෙහිදී පෙන්වා දෙන ලදී.

පොලොන්නරුව මහ රෝහල වෙත රෝගී වන බැතිමතුන් ප්‍රවාහනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් මත පොලොන්නරුව මහ රෝහ‍ලෙන් ගිළන්රථ දෙකක් මේවන විට විහාරස්ථාන භූමියේ සිට සේවාවන් සිදුකරන බවද, සුංගාවිල, කටුවන්වල, ගල්කන්ද, කන්දකාඩු යන අවට ගම්මාන වල වෙසෙන ජනතාවටත් මෙම නව රෝහල ඉදි කිරීමෙන් ප්‍රතිකාර සේවාවන් ලබා ගැනීමේ හැකියාව පවතින බවද විහාරාධිපති හිමියන් වැඩිදුරටත් මෙහිදී පෙන්වා දෙන ලදී.

මෙම නව රෝහල බාහිර රෝගී අංශයකින්, හදිසි ප්‍රතිකාර ඒකකයකින්, කාන්තා සහ පිරිමි වාට්ටු දෙකකකින් මෙන්ම වෛද්‍යවරුන් පුමුඛ සෞඛ්‍ය කාර්ය මණ්ඩළයට නේවාසික පහසුකම් සහිතව ඉදිකිරීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා මෙහිදී කියා සිටියේය.

මෙම නව රෝහල පොලොන්නරුව මහ රෝහලට අනුබද්ධිත පර්යන්ත රෝහලක් වශයෙන් ක්‍රියාත්මක වන බවත්, වෛද්‍යවරුන්, හෙදියන් ප්‍රමුඛ සෞඛ්‍ය කාර්යමණ්ඩලය පොලොන්නරුවමහ රෝහලෙන් අනුයුක්ත කිරීමට පියවර ගන්නා බවත්,

විශේෂ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර අනුමැතිය ලබාගෙන මෙම නව රෝහල ඉදිකිරීමට කටයුතු කරන බවත්, ඒ සදහා මෙම වර්ෂය තුළදී රුපියල් මිළියන 100 ක් වෙන් කිරීමට කටයුතු කරන බවත්, ඉදිකිරීම් කටයුතු මෙම වර්ෂය අවසන් වීමට පෙර හෝ ලබන වර්ෂයේ මුල් මාස කිහිපය තුළ අවසන් කර රෝගී සත්කාර සේවාවන් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවද ලේකම්වරයා ‍ කීහ.

කඩිනමින් මීට අදාළ ඇස්මේන්තු මෙන්ම සැළසුම් (Plan Drawing) සකස් කිරීමට අදාළ නිළධාරීන්ට තමන් උපදෙස් ලබා දෙන බව පැවසූ ‍හෙතෙම මෙම ඵෙතිහාසික පිං බිමට ගැළපෙන පරිදි ගෞරවනීය නායක ස්වාමීන්වහන්සේගේ උපදෙස් , අනුශාසනා මත එම සැළසුම් නිර්මාණය කළ යුතු බවත්, එම සැළසුම් වලට නායක ස්වාමීන්වහන්සේගේ අනුමැතිය ලැබුණු පසු ඉදිකිරීම් ආරම්භ කරන බවද වැඩිදුරටත් මෙහිදී පැවසීය .

මෙම විශේෂ සාකච්ඡාවෙන් අනතුරුව නව රෝහල ඉදිකිරීමට වෙන් කර ඇති භූමියද සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා ප්‍රමුඛ නිළධාරීන් විසින් නිරීක්ෂණය කිරීමටද පියවර ගත්තේය.

මෙම විශේෂ සාකච්ඡාමය අවස්ථාවට සෞඛ්‍ය අම‍ාත්‍යාංශය නියෝජනය කරමින් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන් වන විශේෂඥ වෛද්‍ය ලාල් පනාපිටිය, විශේෂඥ වෛද්‍ය ජී. විජේසූරිය, වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු, දිනුප්‍රිය හේරත්, යන මහත්වරුන්ද, පොලොන්නරුව මහ රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නිමල් ආරියරත්න, නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය නිහාල් ගුණතිළක, පරිපාලන නිළධාරීතුමා ඇතුලු නිළධරීන් පිරිසක් සහභාගි වූහ.

Address

385 , , Deens Road/Colombo 10
Colombo
NO

Telephone

+94112689540

Website

Alerts

Be the first to know and let us send you an email when Our Health Minister posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share