Wiki Talks

Wiki Talks Wiki talks about anything social, economic, political, religious and life science aspects.
(1)

30/09/2023

පෑයුවත් නැතත් ඉර
හෙටත් නුඹ දකිනවා..
එක හිතින් මුළු රෑම
සුවෙන් මම නිදනවා..
පාට පාටින් උදේ
මලක් හද සිඹිනවා..
සුබ මොහොත විඳගන්න
නුඹත් මග බලනවා..

දිනක් දෙදොහක් නොවේ
සති ගනන් ගතවෙලා..
සියොළඟ නිවා නුඹ
සිහිල් සුලඟක් වෙලා..
විඳින්නට බදා නුඹ
හිතක් මග බලනවා..
සඳුදා වෙනකල් නුඹත්
පැය ගනන් කරනවා..

උන් හිටිගමන් දිනෙක
නිල් මැණික් රතුවෙලා..
කොළ හැලෙන්නත් කලින්..
වසන්තය ගෙන ගියා..
හෙටත් ආයෙම වරක්
කොරිඩෝවෙ නැවතිලා..
උස තීරු කවුළුවෙන්
තවම නුඹ සොයනවා..

ඇහැට නුඹ නොලැබුනත්
හිතට නුඹ ඉන්නවා..
ගෙවෙන හැම මොහොතකම
ඔයා මට දැනෙනවා..
කල් ගතවුනත් දිනෙක
මගෙ සවන් සනසලා..
මාත් එනකං ඉන්න
කියයි මට හිතෙනවා..

බෙදාගත් පුංචි ඉඩ
ආදරේ අතුරලා..
හැඟුම් නවතමි කෙලෙස
අයිතියෙන් ඉරි ගසා..
මියැදෙමින් ඉන්න හිත
පෙර දමනු වලළලා..
හොඳින් දැයි අසන් මැණික..
මට ආයෙ අමතලා..

🌸 ශුක්‍රානු වල මෙච්චර වාසි තියෙනව කියල දැනගන හිටියද  ? 🌸ඔයා හිතන් ඉන්නෙ ප්‍රෙග්නන්ට් වෙන්න විතරයි ශුක්‍රානු අවශ්‍යවෙන්නෙ...
08/04/2023

🌸 ශුක්‍රානු වල මෙච්චර වාසි තියෙනව කියල දැනගන හිටියද ? 🌸

ඔයා හිතන් ඉන්නෙ ප්‍රෙග්නන්ට් වෙන්න විතරයි ශුක්‍රානු අවශ්‍යවෙන්නෙ කියලද ? එහෙම හිතනවනම් ඔයා වැරදී. මේ ලිපියෙන් ඔයාට දැනගන්න පුලුවන් මොනාද අනෙකුත් ප්‍රයෝජන කියල.

ශුක්‍රානු වල පෝශණීය සංඝටක කීපයක්ම තියෙනව කියල ඔයා දන්නවද. දැනට කරල තියෙන සමීකශන වලට අනුව සොයාගන තියෙනව පහත තියෙන පෝශනීය කොටස් අන්තර්ගත වෙලා තියෙන බව.

- ප්‍රෝටීන
- විටමින් C , D
- කැල්සියම්
- සෝඩියම්
- යකඩ
- ලවණ

මේ සංයෝගවල තිබෙන බලපෑම සහ වැදගත් කම නිසා මේ ආශ්‍රිත විවිව්ද නිශ්පාදන පවා අද ලෝකයේ බිහිවී තිබෙනවා. නමුත් ගොඩක් අය මේවයෙ වටිනාකම දන්නෙ නෑ.

කායික එකතුවෙන සෑම විටකදීම එයා මුදාහරින ඒ ශුක්‍රානු වලින් මේවගේ දේවල් ඔයාට ලබාගන්න පුලුවන් කියල දන්නවනම් ඔයා ඒව නිකන්ම ඉවතට දාන එකක් නෑ.

🌷 සමට පෝශනීය සත්කාරය 🌷

මෙහි අඩංගු සංයුතිය තුල තියෙන තිබෙන විටමින් සහ අනෙකුත් සංඝටක අපේ සමට අවශ්‍ය පෝශනීය සත්කාරය ලැබෙන බව සොයාගන තිබෙනව. ඒ නිසා සම පැහැපත් වීම සහ සමේ රැලි වැටුනු ස්වභාවය සැකසෙන බව තහවුරුවෙලා තියෙන දෙයක්.

ඒ වගේම මුහුනේ සම මත තියෙන කුඩා සිදුරු (pores) තුලට කාවැදි තියෙන කුනු දූවිලි පිරිසිදු කරන දෙයක් ලෙසත් මේ ශුක්‍රානු ක්‍රියා කරනව. ඒක ගොඩක් වෙලාවට අපි රූපලාවන්‍ය කටයුතු වලදී භාවිතා වන ක්ලෙන්සර් එකක් වගෙයි.

තව දෙයක් තමා සමට අවශ්‍ය පෝශන සත්කාරයත් මෙහි තිබෙන විටමින් වර්ග හරහා ලැබෙනව. ෆේස් පැක් (face pac) එකක් ආකාරයට මෙය ක්‍රියාකරනව. මුහුන පිරිසිදු වීම සහ පෝශන සත්කාරය කියන ද්විත්ව ක්‍රියාකාරීතවයක් (dual action) මේමගින් ලබා ගන්න පුලුවන්.

ඒ නිසා මුහුනට ශුක්‍රානු පිටකිරීම සිදුකල විටකදී එය එකවරම සෝදාහැරීම කරන්න යන්න එපා. අවම වශයෙන් විනාඩි 10ක කාලයක්වත් මුහුන මත තිබෙන්න හැර සෝදා හරින්න.

තව දෙයක් තමා ඔයාගෙ පපු පෙදෙසේ සහ පියයුරු වලට අවශ්‍යය පෝශනය ලබාදීමත් සිදුවෙනව. ගොඩක් වෙලාවට මැදි වයසට එනකොට ගොඩක් දෙනාගෙ පියයුරු වල සම රැලි වැටීමකට ලක් වෙනව. නමුත් නොකඩවා යම් කිසි කෙටි කාලයක් ශුක්‍ර තරලය පියයුරු මත තැවරීම මගින් සම රැලි වැටීමෙන් වැලක්වීම සහ එය අවම කිරීමේ හැකියාව තිබෙන බව සඳහන් වෙනව

මේ වන කොට ලෝකෙ විවිද රූපලාවන්‍ය නිශ්පාදන මේ ආශ්‍රිතව බිහි වෙලා තියෙන්නෙ ඒවයේ තිබෙන ගුනාත්මක භාවය නිසයි. ඒ වගේම සමේ තිබෙන විවිද ආසාදන සහ කැසීම් වගේ දේවල් වලට ඉතාම ගුනදායක බවත් සොයා ගන තිබෙනව.

මේ නිසා කායික එකතුවීම් වලදී ශුක්‍රානු මුදාහැරීම මුහුන මත සිදුකිරීමෙන් මුහුන පැහැපත් වීම, පිරිසිදු වීම සහ මුහුනේ සමට පෝශනීය සත්කාරයක් ලැබීම සිදුවෙන බව තහවුරු වෙලා තියෙනව.

🌷 සෞඛ්‍ය සම්පන්න සිරුරක් 🌷

ශුක්‍රානු ගිලීම ඔයාගෙ සෞඛ්‍යට හිතකර දෙයක් කියල කවදාවත් හිතන්න නැතුව ඇති. නමුත් ගොඩක් දේවල් වලට ඒක වැදගත් වෙනව.

🌸 කොලෙස්ටරෝල් පාලනය 🌸

මෙහි අඩංගු පෝශනීය කොටස් වල තිබෙන ගුනාත්මක බව නිසා සිරුරේ තියෙන මේද මට්ටම පාලනය වෙනබව සොයාගන තියෙනව. රුධිර නාලිකා තුල තැන්පත් වෙලා තියෙන මේද කොටස් දියකර හැරීමට මෙය උදව් වෙන බව සොයාගන තියෙනව

🌸 ගැස්ට්‍රයිටීස් පාලනය 🌸

මේ මගින් ආමාශය තුල ආහාර ජීරණය ඉතා හොඳින් සිදුවෙන බව සොයාගන තියෙනව. ප්‍රදාන ආහාර වේලකින් පසුව ආමාශය තුලට මෙම ශුක්‍රානු මුසුවීම ඉතාම ගුනදායක බවයි සොයාගන තිබෙන්නෙ. ඒ නිසා ඔයාල රාත්‍රී ආහාරයෙන් පැය දෙකක් ඇතුලත ලිංගිව එකතු වෙනවා නම් හැකි සෑම විටකදීම ශුක්‍රානු ගිලීමක් සිදුකිරීමෙන් ආමාශගත සෞඛ්‍ය ඉතා හොඳින් තබාගන්න පුලුවන් වෙනව. ශුක්‍රානු ස්‍රාවයන් තුල තිබෙන විශේෂ සංඝටක මගින් බඩවැල් ආශ්‍රිත රෝග පවා අවම කිරීමට ප්‍රබල හැකියාවක් තියෙනව.

🌸 මුඛ රෝග සහ පාලනය 🌸

අපගේ මුඛය තුල වරින් වර හටගන්නා ඌශ්න බිබිලි සහ දන්ත මූල දියවී යාම සඳහා ධනාත්මක ප්‍රතිචාර දැක්වීමට මෙම ශුක්‍ර තරලයට හැකියාවක් තිබෙනව. එ වගේම අහිතකර බැක්ටීරියා සමග සටන් කිරීමේ හැකියාවත් තිබෙන බව සනාත වෙලා තියෙනව.

එනිසා ඔයාගෙ කට තුලට ශුක්‍රානු මුදාහැරියට පස්සෙ එකවරම එය ගිලීම හෝ ඉවත දැමීම කරන් නැතුව ටික වෙලාවක් කට තුල තබා ගැනීම ඉතාම වැදගත් වෙනව. ඒ වගේම කට සෝදාහැරීම අවම වශයෙන් විනාඩි 10 කට වත් පසුව කරන්න පුලුවන් නම් වඩා සාර්තක ප්‍රතිපල ලබා ගන්න පුලුවන්

🌸 ප්‍රතිශක්තිය වර්ධනය කිරීම 🌸

පොදුවේ සමස්ත සිරුරේ සෞඛ්‍ය තත්වය වැඩි කිරීමත් සිරුරේ ප්‍රතිශක්තිය වැඩි කිරීමටත් මේ ශුක්‍රානු වලට හැකියාවක් තිබෙනව. වරින් වර සිරුරට එන ලෙඩරෝග අවම වීම නිසා නිරෝගී ජීවිතයකට හේතු වෙනව.

🌷 අධෝමාර්ග ආශ්‍රිත රෝග පාලනය

කායිකව එකතු වීමේදී ඔයා බැක්සයිඩ් එකතු වීම කරන කෙනෙක් නම් බැක්සයිඩ් එක ඇතුලත ශුක්‍රානු පිටකිරීම ඉතාම වැදගත් දෙයක්. එමගින් ඒ ආශ්‍රිතව තිබෙන බැක්ටීරියා සමග ප්‍රතික්‍රියා කිරීම පටන්ගන්නව. ඒ වගේම එහි තිබෙන ලිහිසිකාරක ද්‍රව්‍ය මගින් ලැබෙන සහාය නිසා ඉතා පහසුවෙන් ඔයාට වැසිකිලි කටයුතු කිරීමේ පහසුව ඇතිවෙනව කියල හොයාගන තියෙනව

🌷 තරුණ බව රැක දීම

මේ කාරනාව ගොඩක්ම වැදගත් වෙන්නෙ මැදිවියේ ඉන්න අයටයි. වයස අවුරුදු 35-40 වගේ වෙනකොට මුහුනේ සමේ රැලි වැටිම්, විවිද ලෙඩ රෝග වලට මුහුන පෑම් වැනි දේවල් වලට ගොදුරු වෙන්න සිදු වෙනව. නමුත් ඒව අවම කරගන්න පුලුවන් කියල ඉහත දේවල් වලින් ඔයාට තෙරෙන්න ඇති. ඉතින් ගොඩක් මැදිවියේ කාන්තාවන් කායික එකතු වීම් වලදී මේගැනත් හිතන එක ගොඩක් හොඳයි.

ඉතින් මේවගේ ගොඩක් වාසි සහගත දේවල් ශුක්‍රානු ආශ්‍රිතව තියෙනව කියල ඔයා කවදාවත් හිතන්නවත් නැතිව ඇති සමහර විට. ඒනිසා කායිකව එකතු වෙන සෑම විටකම මේ ගැනත් ටිකක් කල්පනාකරල තමන්ගෙ සෞඛ්‍යට හිතකර දේ ලබාගන්න උත්සාහ කරන්න. තමන්ගෙ සහකරුවාවත් මේ ගැන දැනුවත් කරල එයාගෙ සහයෝග‍යත් ලබාගන්න මේ සඳහා.

එනිසා කායික එකතු වෙන සෑම විටකදීම ශුක්‍රානු පිටකිරීම ගැන අවදානය යොමු කරන්න. එය දෙන්නත් එක්ක සාකච්ඡා කරගන්න. එක එක වාර වලදි එක එක ක්‍රමයන් වලට පිටකිරීම කරවාගන්න. නිදසුනක් ලෙස එක දිනක බැක් සයිඩ් එකතුල මුදාහැරීම කරවා ගතහොත් ඊලඟ වාරයේදී කටතුල මුදාහැරීම කරවා ගන්න.
එලෙස එය හොඳින් සැලසුම කරගන සිදු කිරීම ඉතා වටිනව

Copped....

මොකක්ද මේ Depression? 🙂 #හැදිලද?  #හැදෙයිද? #දැනගන්න_කියවන්න!මානසික රෝග අතරින් පුද්ගල හානිය සහ සමාජ හානිය ප්‍රබල වශයෙන් ...
03/03/2022

මොකක්ද මේ Depression? 🙂
#හැදිලද? #හැදෙයිද?
#දැනගන්න_කියවන්න!

මානසික රෝග අතරින් පුද්ගල හානිය සහ සමාජ හානිය ප්‍රබල වශයෙන් දක්නට ලැබෙන රෝගයක් ලෙස විශාදය ( Depression ) හදුන්වා දිය හැකිය. චර්‍යාවෙහි සහ සිතුවිලි වල අසාමාන්‍යතාවය ප්‍රබල වශයෙන් මෙහිදී හදුනා ගත හැකි වේ. කෙටි කාලීනව හෝ දිගු කාලීනව රෝගියා අසාමාන්‍ය ලෙස කලකිරීමට පත්වීම මෙම රෝගයේ විශේෂ ලක්ෂණයක් ලෙස හදුන්වා දිය හැක. එසේම දැඩි අලසකම නිසා පරාජිත හැගීම් ඇති වීමත්, සිය දෛනික වැඩ කටයුතු කරගෙන යාමට බාධා ඇති වීමත් මේ රෝගයේ මූලික ලක්ෂණ වේ. ප්‍රබල වශයෙන් ජීවිතය පිලිබදව කලකිරීම සහ ඍණාත්මක සිතුවිලි ඇති වීම මෙම රෝගයේ දක්නට ලැබෙන මූලික ලක්ෂණ වේ. ඒ අනුව කිසියම් දෙයකට රෝගියා යථාර්ථයෙන් ඈත් වීම මෙහිදී දක්නට ලැබේ. තවද අශුභවාදී ලෙස කටයුතු කිරීමද දැක ගත හැක. උග්‍ර රෝග ලක්ෂණ ඇතිවූ විට රෝගියා සියදිවි නසා ගැනීමට පවා පෙළඹිය හැකිය.

විශාදය මානසික රෝගීන්ගේ ප්‍රතිශතයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් නියෝජනය කරයි. එසේම කෙටි කාලීනව සහ දිගු කාලීනව පුද්ගලයා මෙම රෝග තත්ට්යෙන් පෙලිය හැක. දැඩි කලකිරීමකට පත්වූ මෙවැනි රෝගීන් අලසකමෙන් යුක්තව බොහෝ පරාධීනව ජීවිත ගත කරයි. එසේම ස්වයං ගෞරවය අඩු මට්ටමක පවතී. එබැවින් රෝගියාට පමණක් නොව සමස්ත සමාජයටම මෙය අසුබවාදී ලෙස බලපායි. පුද්ගල කාර්‍යක්ෂමතාවය අඩුවීම, වෘත්තීය කුසලතා අඩපණ වීමද මෙහිදී පුද්ගලයා තුලින් ඉස්මතු වේ.

අප රටේ සංස්කෘතිය මෙයට කිසියම් හේතුවක් වී තිබේ. මිනිසුන්ගේ විනෝද අංශ අඩුවීම, විවෘත්සබදතා අඩුවීම, ප්‍රශ්න සමග හුදෙකලා වීම, දික්කසාදය, මත්පැන් මත්ද්‍රව්‍ය ආදී දේ භාවිතයට ඇබ්බැහි වීම ආදී ජාතික ප්‍රශ්න විශාල ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේද දක්නට ලැබේ.මේවා සදහා මිනිසුන්ගේ විදදරා ගැනීමේ මට්ටම කෙරෙහි බලපානු ලැබේ.
විශාදය ප්‍රධාන හේතු ආකාර දෙකක් හේතුවෙන් හට ගනී.
🌹රසායනික හේතු
🌹මනෝසමාජ හේතු

මෙම මානසික රෝගයෙන් පෙලෙන පුද්ගලයෙකු තුලින් පහත සදහන් ලක්ෂණ දක්නට ලැබේ.
🌲ස්වයං ගෞරවය බිද වැටීම.
මෙහිදී තමන් විසින්ම, තමන් වැඩකට නැති සමාජයට වටිනාකමක් නොමැති පුද්ගලයෙකු ලෙස සිතනු ලැබේ. එනිසා ජීවිතය අර්ථයක් නොමැති දුකක් ලෙස සිතනු ලැබේ.
🌲ස්වයං ප්‍රතිරූපය හෙවත් ස්වයං දැක්ම ඉතාමත් දුර්වල එකක් වීම.
මෙහිදී තමන් පිලිබදව සුභවාදී ආකල්ප ගොඩනගා ගත හැකි නොවේ.
🌲තීරණ ගැනීමේ නොහැකියාව.
🌲තමා අවාසනාවන්ත පරාජිතයෙකු බව සිතීම.
🌲තමන් තනිවී ඇතිබව සිතීම හා තමන්ට කිසිවෙකුගේ උදවු උපකාර නොමැති බව සිතීම.
🌲සතුට හා විනෝද කටයුතු වලින් ඈත් වීම.
හුදෙකලා වීම.
🌲ලිංගික හැගීම් ඇති නොවීම.

විශාද රෝගයේ මූලික ලක්ෂණ නැවත අංශ තුනක් යටතේ ඉදිරිපත් කල හැක.
1. කායික ලක්ෂණ
2. මානසික ලක්ෂණ
3. ආවේගී ලක්ෂණ

කායික ලක්ෂණ:
🌼ආහාර අරුචිය
🌼ගිලීමේ අපහසුව
🌼නින්ද නොයාම
🌼ශරීර අප්‍රාණිකතාවය
🌼ලිංගික බෙලහීනතාවය
🌼අම්ලපිත්තය
🌼අධික හිසරදය

මානසික ලක්ෂණ:
🌳ආත්ම විශ්වාසය බිද වැටීම
🌳සතුට අහිමි වීම
🌳අසුභවාදී ආකල්ප ඇතිවීම
🌳තීරණ ගැනීමේ අපහසුව
🌳බිය වීම

ආවේගී ලක්ෂණ:
🌸දැඩි කැලඹීම
🌸ප්‍ර@ .&චණ්ඩකාරී හැසිරීම
🌸දි@ .&$වි නසා ගැනීමට හා තවත් කෙනෙක් ම@ .@&රා දැමීමට සිතුවිලි ඇති වීම
🌸තමන් පිලිබද දැඩි වෛ@ .&රයක් ඇතිවීම

විශාද රෝගය නැවත ප්‍රධාන ආකාර දෙකකට බෙදා දැක්විය හැක. ඒ; සරල විශාදය හා උග්‍ර විශාදය ලෙසයි.

🌺සරල විශාදය (Simple Depression)

මනෝ සමාජ හේතූන් මත ඇතිවන විශාදය ‘සරල විශාදය’ න්ම් වේ. ඒ අනුව ප්‍රබල කලකිරීමකට පත් නොවුනද මානසික වේදනාව දෛනික වැඩ කටයුතු කඩාකප්පල්වීම මේ තුල දක්නට ලැබේ. එසේම මෙවැනි තත්වයක් යටතේ ප්‍රබල ලෙස සියදිවි නසා ගැනීම පිලිබද හැගීම් ඇති නොවේ. එනිසා රෝගියා නිරීක්ෂණය කර ආරක්ෂාව හා රැකවරණය ලබාදී අවශ්‍ය නම් වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමෙන් පසු උපදේශනයට යොමු කිරීම වැදගත් වේ.
🍁ප්‍රේමය කඩවීම
🍁රැකියාවේ ගැටලු
🍁දික්කසාදය
🍁පවුල් ප්‍රශ්න
ආදී මනෝ සමාජ ප්‍රශ්න පදනම් කරගෙන සරල විශාද තත්ත්වය ඇති විය හැක.

🌺උග්‍ර විශාදය (Severe Depression)

උග්‍ර විශාදය බොහෝ සෙයින් වෛද්‍ය විද්‍යාත්මක හේතු පදනම් කරගෙන ක්‍රියාත්මක වේ. මූලික වශයෙන්ම රසායනික හේතූන් මත ඇති වන විශාදය ‘උග්‍ර විශාදය’ නම් වේ.විශේෂයෙන්ම මොළය තුල විශාදය ඇති වන රසායනිකයන් නිෂ්පාදනය දීම මේ සදහා මූලික වශයෙන් හේතු වේ. මෙහිදී ප්‍රබල වශයෙන් සි@& ,.යදිවි නසා ගැනීමේ සිතුවිලි ඇති විය හැක. එසේම නින්ද නොයාම වැනි කායික ලක්ෂණ මෙහිදී හදුනා ගත හැකි වේ.ස්වයං ගෞරවය බිද වැටීම නිසා පරාදීන සිතුවිලි ඇති වීමෙන් රෝගියා ප්‍රබල වශයෙන් ආවේගශීලී තත්ත්වයට පත් වේ. මෙවැනි රෝගීන් හට ප්‍රතිකාර කිරීම ප්‍රමාද වුවහොත් රෝගියා දි@ .&වි නසා ගැනීමට තැත් කල හැකිය. එබැවින් මෙවැනි රෝගීන් ක්ෂණිකව මනෝවෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු කල යුතු වේ.

අධික ලෙස මත්පැන් වලට ඇබ්බැහිවූ පුද්ගලයන්ද උග්‍ර විශාද තත්ත්වයට පත්වන අවස්ථා තිබේ. එසේම ලාංකීය සමාජය තුල පසුගිය කාලයේ ප්‍රබල වශයෙන් සි@& .$යදිවි නසා ගැනීම් වර්ධනය වීමෙන් පැහැදිලි වන්නේද ලාංකික සමාජය තුල උග්‍ර විශාද තත්ත්වය ප්‍රබල වශයෙන් ඇති බවය. එසේම ක්ෂණික කම්පන පදනම් කරගෙනද මෙවැනි විශාද තත්ත්වයන් ක්‍රියාත්මක විය හැක.

එසේම සමස්තයක් වශයෙන් රටක මිනිසුන්ගේ පරිභෝජන මට්ටම, ඒක පුද්ගල ආදායම, සුබසාධන කටයුතු, සාහිත්‍ය හා විනෝද අංශ, අධ්‍යාපන තත්ත්ව්ය....විශාදය කෙරෙහි බලපානු ලැබේ.එබැවින් මානසිකව ඇති වන වේදනාව ඉවත්කර ගැනීමෙන් යහපැවැත්ම ( Subjective Well Being ) ඇතිවේ.

🌺එසේම විශාදය අවම කිරීම සදහා සෞඛ්‍ය මනෝවිද්‍යාව අනුව ප්‍රායෝගික වැඩපිළිවෙලවල් කීපයක් නම් කර තිබේ.

1. වෛද්‍ය ප්‍රතිකාර
2. මනෝ විද්‍යාත්මක ප්‍රතිකාර
3. ප්‍රජා සෞඛ්‍ය වැඩසටහන්

🍂විශාද කලමණාකරනය;
විශාද කලමණාකරනය පුළුල්ව සමාජීය අර්ථයෙන් ක්‍රියාත්මකවූ ක්ෂේත්‍රයකි. මෙහිදී;
රටක ජාතික අධ්‍යාපනයට මානසික සෞඛ්‍ය පිලිබද තොරතුරු ඇතුලත් කිරීම සහ පාසල් උපදේශනය මගින් ජීවිත අවබෝධයක් ලබා දීම.

විශාදය හා දි@&$ .&වි නසා ගැනීම පිලිබද අවධානම්ගත කලාප හදුනාගෙන ඒවා සදහා දැනුවත් කිරීමේ වැඩසටහන් ඉදිරිපත් කිරීම. එහිදී දේශන, වැඩමුළු, වාර්තා චිත්‍රපට, වීථි නාට්‍ය, විනෝදාත්මක වැඩසටහන්, මනෝරංගන ප්‍රධාන විය යුතුය.
ප්‍රජා මූලික වැඩසටහන් ක්‍රියාත්මක කිරීම. ජනතාවගේ රසාස්වාදය පුළුල් කිරීම, මත්පැන් මත්ද්‍රව්‍ය නිවාරණය, ප්‍රජා උපදේශන සේවාවන් ආදී ක්‍රමවේද මගින් රටක ජනතාවගේ අන්තර්ජීවන රටාව ( Inside life style ) ගුණාත්මක වශයෙන් වර්ධනය කල හැකි වේ.

උග්‍ර විශාද රෝගීන් මනෝ වෛද්‍ය සේවාවන් සදහා යොමු කල යුතුයි.

🍂විශාදය සදහා මනෝ චිකිත්සාව;

මනෝ චිකිත්සාවන් රාශියක් විශාදය සදහා භාවිතා වේ. මේව වෛද්‍ය ප්‍රතිකාර වලට සමගාමීව හෝ වෛද්‍ය ප්‍රතිකාර වලින් පසුව ලබා දිය යුතු ඒවා වේ. ඒවා අතර;

🍂සාම්ප්‍රදායික ක්‍රම -

🌷මෙහිදී විශාදය සමග ඇති වන දුක සහ කෝපය යන අංශ දෙක කායිකව පිටකර ගැනීමට අවස්ථාව සලසා දෙනු ලැබේ.
උදා:- හැඩීම, කෑ ගැසීම

ආරොන් බෙක් විසින් ඉදිරිපත් කර ඇති හේතුවාදී චිකිත්සාව ( Reality Therapy )
මෙම චිකිත්සාවෙන් විශාද රෝගියා යථාර්ථයට පත් කල යුතුයි.
මෙහිදී විශාදය පිලිබද හේතුව සහේතුකව අවබෝධ කරදෙමින් අසුභවාදී ආකල්ප ඉවත් කර ගැනීමට උපකාර කරනු ලැබේ.
එසේම ඍණාත්මක සිතුවිලි ඉවත් කරමින් විචාරශීලීව අත්දැකීම සාධාරණීකරනය කිරීමට සලස්වනු ලැබේ.
උදා:- පෙම්වතා අමනාපවූ තරුණියකට ප්‍රේමය අහිමි වීමෙන් ඇතිවූ වාසි හා අවාසි විශ්ලේෂණය කරනු ලැබේ.
එසේ කිරීමෙන් ප්‍රේමය කඩවීම සුභවාදීව දරා ගැනීම පුහුණු කිරීමෙන් විශාද රෝගයේ කම්පනීය ලක්ෂණ අවම කරනු ලැබේ.

විශාද රෝගියා තුල පවතින පීඩාකාරී අත්දැකීම පිටකර ගැනීම සදහා උපකාර කල යුතුය.
මෙහිදී චිත්තවේග මුදාහැරීමේ ප්‍රතිකාරය යොදාගනු ලැබේ.
කලා ප්‍රතිකාරය මගින් වේදනාව විදදරා ගැනීමට සලස්වනු ලැබේ.

🍂සංගීත චිකිත්සාව:

සංගීත චිකිත්සාවද මේ සදහා භාවිතා වේ. වේදනාවට ප්‍රතිවිරුද්ධ වන රාග ඇසීම, ලිහිලන සංගීතය ඇසීම වැඩි වශයෙන් සිදුවේ.

කාල කලමණාකරන වැඩසටහන් හදුන්වා දීම අතිශය වැදගත් වේ.

ලෝකයේ බහුල වශයෙන් සිදුවන ප්‍රතිකාරය ‘ප්‍රජානන චර්‍යා ප්‍රතිකාරය’යි. ඒ තුලින් චර්‍යා නවීකරණ වැඩසටහන් ඉදිරිපත් කරනු ලැබේ. ඒ යටතේ විශාද රෝගියාට විවිධ වෘත්තීය ප්‍රතිකාර හදුන්වා දීමෙන් චර්‍යා රටාව පලදායී ලෙස වෙනස් කරනු ලැබේ. එසේ කිරීමෙන් සිතන ආකාරයද කිසියම් ප්‍රමාණයකට වෙනස් කරනු ලැබේ. බොහෝ විශාද රෝගීන් තනිවීම තුල අධික වේදනාවකට පත්වේ. ඒ නිසා එම වේදනාව ඉවත් කිරීමට වෘත්තිකටයුත්ත් යෙදීමට සලස්වනු ලැබේ. අමතරව වේදනාව ඇතිකල සිද්ධිය වෙනුවට විකල්ප ඉලක්ක පෙන්වා දෙනු ලැබේ.

🌷උපදේශනය:
ව්ශාද රෝගියෙකුට උපදේශනය අවශ්‍ය වන්නේ;
🍀තමාගේ විශාද අත්දැකීම සාකච්චා මාර්ගයෙන් ව්සදා ගැනීමටත්, විශ්වාසනීය පුද්ගලයෙකු ප්‍රකාශ කල වේදන්ට කර ගැනීමටත්‍ය.
🍀දුක වෙනුවට සතුටුදායක ඉලක්ක වෙතට යොමු කිරීම.
🍀විදදරා ගැනීමේ කුසලතා දියුණු කිරීම.
🍀සාමාන්‍ය සමාජ ජීවිතයට අනුගත කිරීමට උපකාර කිරීම.
🍀සමාජ උපකාර සදහා මැදිහත් වීම....යනාදියටයි.

©වෛද්‍ය චන්දි රාජපක්ෂ

මා ස්තිී‍්‍ර විරෝධියෙකි !!!වෙන මොකවත් නිසා නො ව - මගේ ම ආත්මයෙ හි විමුක්තිය පිණිස ය !!!මේ දිනවල ඇති ජනපි‍්‍රය මාතෘකාව ...
28/11/2021

මා ස්තිී‍්‍ර විරෝධියෙකි !!!

වෙන මොකවත් නිසා නො ව - මගේ ම ආත්මයෙ හි විමුක්තිය පිණිස ය !!!

මේ දිනවල ඇති ජනපි‍්‍රය මාතෘකාව වන්නේ - ස්තී‍්‍ර විමුක්තියයි.

එහෙයින් මෙසේ ලියමි.

ස්තී‍්‍රන් යනු - අන්ත උපායශීලී කට්ටියකි.

උන ට මොළයක් නැතැ’යි කියනා පිරිමි ද - අමු ගොන් ය.

නැත - ස්තී‍්‍රන් ට - පිරිමින් ට වඩා මොළය තිබේ. කොහොම හරි ගේම ගහ ගන්නා විදිහ උන් කදිමෙ ට දනී.

එසේ ම - සියලු දුක් දරා ගැනීමේ මහා විභව ය ද - පිරිමින් ට වඩා උන ට තිබේ.

උන් - ආදරය කිරීම ට අති සමත් ය. - එහෙත් ඒ ‘ආදරය’ යනු ද - අවසන් විග‍්‍රහයෙ හි දී මුලාවකි. පිරිමියා ගොනා ට ඇන්දවීමකි.

එසේ ම - සුන්දර ව සිටිනා බහුතරයක් ස්තී‍්‍රන් වනාහි - ඉතා දුෂ්ඨ ය. වෙලාව ආ කල - කල් යල් බලා දෂ්ඨ කරන්නී ය.

මේ කටුක සත්‍යය දන්නේ - ස්තී‍්‍රන්ගෙන් බැට කෑ පිරිමින් පමණි.

අප ට ආදරය කරනා - නිරතුරු අප රැුක බලා ගන්නා - පෙම්වතියන් - බිරින්දෑවරුන් ඇතුලු දියණියන් ට ද මේ ඇත්ත අදා ල ය.

වැඩි කතා ඔ්නෑ නැත.

ලෝකයෙ හි ම ඉන්නා පිරිමින් නටන්නේ - සිය ගැහැණුන්ගේ පදය ට ය. ස්වාධීන චින්තනයකත් බොහෝ පිරිමින් ට ඇත්තේ ම නැත.

දෙ වැනි යැයි කීවා ට - මේ ස්තී‍්‍රන් ඒ තරම ට බලවත් ය.

‘ස්තී‍්‍රවාදය’ දේශණා කරනා පිරිමින් හැමෝ ම පාහේ - ගෙදර ගිය පසු - සිය ගැහැණුන් ට මාර බය ය.

මේ යථ - හරිය ට ම වටහා ගත්තේ - ඉන්දියානු බ‍්‍රහ්මණයින් සහ මුස්ලිම්වරුන් පමණි.

උන්- ස්ති‍්‍රය ට කිසි දා ඉඩ නො දුන්නේ - උන ට පළමු තැන දුන්නේ නම් - මේ ලෝකය ම විනාශ වේ යැ’යි සිතා ය.

අන්ත ලිබරල් - ලොව ට ම ආදරය කළ බුදුන් පවා - මෙහෙණි සසුනක් ඇති කිරීම ට විරුද්ධ වූ යෙ- නිකම ට නම් නො වේ.

මා කළණ මිත‍්‍ර සම්පත් සුසන්තයන් - ගැහැණුන් ගැන කියන්නේ මෙ වැන්නකි.

‘‘අයියේ - ‘ගැහැණු’ කියන්නෙ බුදු වෙච්ච කොට්ඨාශයක්... උන් එක්ක හැරෙන්නෙ වත් අපි ට බැහැ’’

අම්මපා - ඒ කතාව නම් සහතික ඇත්ත ය.

( ප. ලි. - මා ස්තී‍්‍රන් ට අනන්ත ව ආදරය කිරීම ට සහ උන් හා අර කණුහරුප වැඩේ කිරීම ට ද - ඉතා ආසා මුත් - කිසි දා උනගෙන් ආදරයක් හෝ විමුක්තියක් හෝ සාධාරණයක් අපේක්ෂා නො කරමි.

‘‘ඔබාමා මහතාගේ ස්තී‍්‍ර ප‍්‍රශ්නය’’ නම් මගේ සාහිත්‍ය කෘතිය තුල - මේ පිළිබ`ද ව - දේශපාලනික හා දාර්ශණික ලෙස - වැඩි දුර ලියා ඇත්තෙමි )

- Sirimal Wijesinghe -

ඉන්දියාවේ වෛද්‍ය අධ්‍යාපනයට සිදු වූයේ කුමක් ද?19 වන සියවසේ මුල් භාගයේදී (1835) කල්කටා වෛද්‍ය විද්‍යාලය පිහිටුවීම මගින් ද...
23/08/2021

ඉන්දියාවේ වෛද්‍ය අධ්‍යාපනයට සිදු වූයේ කුමක් ද?

19 වන සියවසේ මුල් භාගයේදී (1835) කල්කටා වෛද්‍ය විද්‍යාලය පිහිටුවීම මගින් දකුණු ආසියාවේ ප්‍රථම වරට ක්‍රමවත් වෛද්‍ය අධ්‍යාපනයක් ස්ථාපිත කල රට බවට ඉන්දියාව පත් විය.

ඉන්පසු පිලිවෙලින් මදුරාසි,කේරල ආදී වෛද්‍ය පීඨ සහ රජය මගින් පිහිටවූ වෙනත් උසස් ප්‍රමිතියේ වෛද්‍ය විද්‍යාල ආරම්භ විය.ඒවා මගින් බ්‍රිතාන්‍ය ක්‍රමයට අනුකූලව සංවිධානාත්මක අධ්‍යාපනයක් හා උසස් සායනික පුහුණුවක් ලබා දෙන ලදී. එතැන් සිට ක්‍රමිකව වර්ධනය වූ එරට වෛද්‍ය අධ්‍යාපනය ලොව ප්‍රමුඛ පෙලේ දක්ෂ වෛද්‍යවරුන් බිහි කිරීමට සමත් විය.අදටත් ලොව පුරා විසිරී සිටින දක්ෂ ඉන්දීය වෛද්‍යවරුන් පිරිසක් ඒ හරහා බිහි විය.
නමුත් පසුගිය දශක කීපයේදී ඉන්දීය ජනගහනයයේ සිදුවූ සීඝ්‍ර වර්ධනය හේතුවෙන් එරට ඇතිවූ වෛද්‍යවරුන් හිගයට පිලියම් ලෙස පෞද්ගලික අංශය මැදිහත් කරගන්නා ලදී.

ඉන්දිය වෛද්‍ය අධ්‍යාපනයේ ගුණාත්මක භාවයට කණකොකා හැඩීමට පටන් ගත්තේ එතැන් පටන් ය.ප්‍රමිතිගත වෛද්‍ය විද්‍යාල අතලොස්සක් මේ හරහා බිහි වුවත් රජයේ සහ කූට දේශපාලකයන්ගේ ආශිර්වාදයෙන් රටේ සෑම අස්සක් මුල්ලක් නෑර පෞද්ගලික වෛද්‍ය විද්‍යාල බිහි විය.1980 දී 10කට අඩු ගණනකින් ඇරඹුන පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සංඛාව අද වන විට280 ගණනක් දක්වා වැඩි වී ඇත.

මේවා බොහෝමයක් ලාභ ලැබීමේ පටු අරමුණ පෙරදැරි කරගන ක්‍රියාත්මක වූ අතර ඒ සඳහා ලබාදෙන වෛද්‍ය අධ්‍යාපනයේ සහ සායනික පුහුණුවේ ප්‍රමිතිය විශාල වශයෙන් පහත දැමීම දක්නට ලැබුනි.
බොහෝ විට මේවායෙ ඉගැන්වීම් සදහා දේශීය හා විදේශීය සුදුසුකම් රහිත ආචාර්යවරුන් සම්බන්ධ කරගැනීම දක්නට ඇත.ඇතැම් විට මෙම වෛද්‍ය විද්‍යාල වල සායනික පුහුණුව ලබා දීම සඳහා මුඩුක්කු වල නිරෝගී ජනතාව ලෙඩුන් මෙන් සකසා ඉදිරිපත් කිරීම,ළමා රෝග සායනික පුහුණුව සඳහා මුඩුක්කු වල නිරෝගී ලමුන් වංචනික ලෙස යොදාගැනීම සිදුකරන බවද රොයිටර් පුවත් වාර්තාවක දැක්වෙයි.

මෙම වෛද්‍ය විද්‍යාල බොහෝ විට වෛද්‍ය අධ්‍යාපනය පිලිබඳ කිසිදු දැනුමකින් තොර රටේ ප්‍රධාන පෙලේ ව්‍යාපාරිකයන් විසින් ආරම්භ කරන ලද අතර මෙම වෛද්‍ය අධ්‍යාපන මාෆියාව මෑත කාලයේදී ඔවුන් විසින් දේශපාලකයන් හා ඉන්දිය වෛද්‍ය සභාවට අල්ලස් දී ඔවුන්ව නම්මා ගැනීමට තරම් බලවත් විය.
ඉන්දීය වෛද්‍ය සභාවේ (MCI) පෙර සිටි සභාපති වරයා අල්ලස් චෝදනා වලට ලක් වන්නේ මේ වැනි පසුබිමක ය.

එසේම ධනවත් පුද්ගලයන් විසින් අල්ලස් ලබා දී මූලික සුදුසුකම් වලින් තොර ශිෂ්‍යයන් ඇතුල් කරගන්නා වටපිටාවක් ද නිර්මාණය වී ඇත.සාමාන්‍ය ක්‍රමයට පිටතින් යමින් උසස් ප්‍රතිපල සහිත සිසුන්ගෙන්ද අධික ගාස්තු අය කිරීම නිසා ඔවූන්ට වෛද්‍ය අධ්‍යාපනය අත් හැර දැමීමට සිදුවන අවස්තා ද බහුල ය.

බටහිර රටවල් වල ඉන්දීය වෛද්‍යවරුන් ට තිබූ පිලිගැනීම මෑතක සිට සීඝ්‍රයෙන් අඩුවෙමින් ඇත. එංගලන්තයේ 2008-2014 කාලය තුලදී ඉන්දීය වෛද්‍යවරුන් වැඩ තහනමට ලක් වීම 4 ගුණයකින් ඉහල ගොස් ඇත.
එසේම ඉන්දීය වෛද්‍යවරුන් විසින් සිදු කරන අපරාධ සහ වෙනත් රටවලදී ඉන්දීය වෛද්‍යවරුන් බන්ධනාගාර ගත වීමද ඉහල ගොස් ඇත.

එමෙන් ම ඉන්දියාවේ වෛද්‍ය පීඨ බොහෝමයක් සදහා දියුණු රටවල වෛද්‍ය සභා වලින් Black list වලට ඇතුලත් කර ඇත. (ලංකාවේ SAITM ආයතනය ද මෙසේ රටවල් කීපයක ම Black List ගත වීමේ වාසනාව උදා කරගත්තේය.)

එසේම ඉන්දියාවේ ළමා හා මාතෘ මරණ අනුපාතය ආදී සෞඛ්‍ය දර්ශක ද අද වන විට ඉතා පහත් මට්ටමක පවතී.ඉන්දීය වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය අමාත්‍යාංශ වාර්තා අනුව ඉන්දීය වෛද්‍ය වරුන්ගේ ප්‍රමිතිය මේ ආකාරයෙන් පහල බැසීමට ලක් ව ඇත්තේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වල ආරම්භයත් සමගයි.

අතීතයේ කලාපයේ ඉහල ප්‍රමිතියකින් යුත් වෛද්‍ය අධ්‍යාපනයක් ලබා දුන් ප්‍රමුඛ රට වන ඉන්දියාවේ වත්මන් තත්වය කෙතරම් ශෝචනීය ද?

මෙම වරද නිවරදි කරගැනීමට ඔවුන්ට කෙතරම් කල් ගත වේද?

අද වන විට සමස්ත ශිෂ්‍ය ප්‍රජාව ම පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය ට විරුද්ධ මතයක් දැරීම ඇතැම් විට සමහරුන්ගේ නිර්දය විවේචනයට ලක් වේ එසේ කතා කිරීම කුහක කැම්පස් කාරයෙක් යන ලේබලයෙන් පිදුම් ලැබීමට හේතු වේ.

නමුත් ඉන්දියාව හා සංසන්දනය කරන විට ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇති ගුණාත්මක බව පසුගිය මාස කීපය ඇතුලත හොදින් තහවුරු විය. එසේම විදෙස් රටවල ලංකාවේ වෛද්‍යවරුන් ට ඇති පිලිගැනීමද කෙතරම් ද යන්න බොහෝ දෙනෙකු නොදනී.
එසේම තවත් වසර් 5කින් රටේ වෛද්‍යවරුන් ප්‍රමාණය අවශ්‍ය තරම ද ඉක්මවා යන බව දත්ත විශ්ලේෂණ මගින් පෙන්වා ඇත.ඒ නිසා ඉන්දියාවේ මෙන් පෞද්ගලික අංශය මීට සම්බන්ධ කරගැනීමේ විශාල අවශ්‍යතාවක් ද නැත
ලංකාවේද පසුගිය දශක කීපයේ සිට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ කිරීම හා ඒවායෙ ප්‍රමිතිය ප්‍රශ්න කිරීමට ලක් විය. මේ කිසිවක් මායිම් නොකර නැවතත් රටේ අධ්‍යාපනය විනාශ කිරීමට යමෙක් උත්සහ කරයිද එය ලංකාවේ වෛද්‍ය ක්ෂේත්‍රයේ මලගම සිදුවන දිනයකැ යි සිහි තබා ගැනීම වටිනේ ය.

මූලාශ්‍ර

washington post වෙබ් අඩවිය -
https://www.google.com/amp/s/www.washingtonpost.com/news/worldviews/wp/2016/04/21/how-bad-are-most-of-indias-medical-schools-very-according-to-new-reports/%3foutputType=amp

රොයිටර් පුවත් වෙබ් අඩවිය -
https://www.google.com/amp/s/mobile.reuters.com/article/amp/idUSKBN0OW1NM20150617

- Himanka Harun
උපුටාගැනීමකි

ආදරණීය ගුරු-විදුහල්පති සහෝදර සහෝදරියනි.!!සෘජුවම කියතොත් නියතවශයෙන්ම අරගලය වෙනත් ස්වභාවයක් ගතයුතුයැයි යෝජනා කරමි. ඒ සඳහා ...
05/08/2021

ආදරණීය ගුරු-විදුහල්පති සහෝදර සහෝදරියනි.!!
සෘජුවම කියතොත් නියතවශයෙන්ම අරගලය වෙනත් ස්වභාවයක් ගතයුතුයැයි යෝජනා කරමි. ඒ සඳහා අපි දැනටමත් ප්‍රමාද බව මාගේ හැඟීමයි.!! කොළඹ දිස්ත්‍රික් ප්‍රධාන රෝහල් බොහොමයක් පාහේ ඉසිලීමේ ධාරිතාව ඉක්මවා ඇත. ඇතම් රෝහල් වල මළ කඳන් ගොඩගැසීමේ තත්වයකට පවා මුහුණදෙමින් තිබේ. ආදාහනාගාර දැරියහැකි ධාරිතාව ඉක්මවා ක්‍රියාවිරහිත වෙමින් පවතී.!! ගුරුවරුණි,විදුහල්පතිවරුණි.!! මෙතැන් පටන් අරගලය සඳහා වීදි සටන් නොගැලපේ.!! එය විවාදයකින් තොරව පිලිගත යුතුවෙමු.ඔබට, මට එය නොවැටහේනම් රටේ අවාසනාව විය හැක.!! දිනෙන් දින වැඩිවන සමාජ විරෝධය අප නුවණින් කියවාගතයුතුය.!! එය මුලින් කෘතිමව පාලකයා විසින් ඇතිකලද දැන් දැන් එය ස්වභාවිකවම පැනනගින බව අවබෝධ කලයුතුය, නැතහොත් නොබෝ දිනකින් මහ සමාජය තුල ගුරුවරයා තනිවනු ඇත.!! ඔබට,මට, අවශ්‍ය එය හැකි ඉක්මනින් සිදුකරවාගැනීමට නොවේ යැයි මම සිතමි! මදක් සිතන්න.. අප වෙනස් වෙමින් මෙම අරමුණට ලඟාවීම කලයුතුයි.!! එකම කඳුමුදුන්වලට පැමිණීමට බොහෝ මාවත් ඇත. මේ අවස්ථාවේ ප්‍රශ්නයේ ස්වභාවය වෙනස් වෙමින් අපවෙත පැමිනේ.. අපි එයට තලන්නේ සුපුරුදු මිටියෙන් නම් නොවිය යුතුමය. එනම් වීදි සටන් වෙනුවට අනෙකුත් ක්‍රමයක් යෙදීම ප්‍රායෝගික වනු ඇත. හැකි ඉක්මනින් වීදි සටනින් මිදිය යුතුය යන්න සියලුම පොදු ගුරු-විදුහල්පති බලවේග එකහෙලා ගතයුතු තීරණයකි.!! රටේ කොවිඩ් රැල්ල වැඩිවීමට රජයේ දුර්වල ක්‍රියාමාර්ග ප්‍රධානම හේතුවූ බව අපි කවුරුත් හොඳින් දනිමු.. එහෙත් එහි වරද දැන් දැන් ගුරුවරුන් පිට පැටවීමට රජය හෝ වෙනත් කල්ලියක් වෙරදරන බව පැහැදිලිය. ගුරු පොකුරු නමින් නව වචන සමාජගතකරවන්නෝ ඔව්හුය. එය අවබෝධ කරගැනීම දුරදක්නා බුද්ධිමත් පුරවැසියකුගේ වගකීමයි.!! අපි කිසිවිටෙක අරගලය නොනවතමු.! නමුත් අපගේ වේෂය වෙනස් වියයුතුමය එසේ කිරීමට හැකියාව අප සතුව ඇත. ඔබ සතුව ඇත්තේ මිටියක් පමණ නම් ඔබ සියලු ප්‍රශ්න දකිනුයේ ඇණයක් ලෙසය. එහෙයින් හැම එකටම මිටියෙන් තැලීමෙන් අපගේම ඇඟිලි තලාගැනීමට සිදුවන බව බුද්ධිමත් පුරවැසියා තේරුම්ගතයුතුය.!! මේ දැන් දැන්ම අරගලය වෙනත් ආරක් ගතයුතුය..!! එය කුමන අකාර වියයුතුදැයි ඔබ අප අතර සංවාදයක් ඇතිවිය යුතුමය. පිටිය හරි හැටි නොදැන හොඳ ඉනිමක් ක්‍රීඩාකල නොහැකි බව ඔබ සියල්ලටම අවබෝධ වේවා!!!
#විකුම්_කංකානම්ගේ

වන්ෂොට් දොස්තරලාගෙන් පරිස්සම් වෙන්න! ් තිස්සෙ නව ප්‍රතිජීවකඖෂධ නිෂ්පාදනය කර නැහැ...ප්‍රතිජීවක ඖෂධ අවභාවිතය නිසා ලෝකයම මර...
27/07/2021

වන්ෂොට් දොස්තරලාගෙන් පරිස්සම් වෙන්න!
් තිස්සෙ නව ප්‍රතිජීවකඖෂධ නිෂ්පාදනය කර නැහැ...
ප්‍රතිජීවක ඖෂධ අවභාවිතය නිසා ලෝකයම මරණය අබියස..
ප්‍රතිජීවක ඖෂධවලට ප්‍රතිවිරෝධි වීම නිසා 2050දී #මිලියන_50ක් මරුට
“මගේ කකුලෙ තුවාලයක් තියෙනවා. ඉකිලියේ කුද්දටියකුත් ඇවිත්. හරිම අමාරුයි. මට මොනවා හරි ඇන්ටිබයොටික් එකක් දෙන්නකෝ”

“මම කරල් ටිකක් දෙන්නම්. පැය අටකට සැරයක් ගන්නකෝ. බේත් ටික ඉවර වෙනකම් නොවරදවාම ගන්න. නවත්වන්න එපා.”

මෙම සංව‍ාදය මගේ දෙසවනත වැකුණේ සිනමා පටයක හෝ ටෙලි නාට්‍ය ජවනිකාවකින් නොවේ. මා ඖෂධ කීපයක් මිල දී ගැනීම සඳහා ඖෂධ අලෙවිසැලකට ගොස් සිටියදී ඊ‍ට ගොඩ වැදුණු කෙනෙකු සහ වෙළෙඳ සහායකයකු අතර ඇති වූ සංවාදයකි එය.

එය කන වැකුණු විගස මා තුළ ඇති වුයේ විමතියකි. ඒ කඩයකින් ලොසින්ජර් ඉල්ලන ආකාරයට ඇන්ටිබයොටික් හෙවත් ප්‍රතිජීවක ඖෂධ පහසුවෙන් මිල දී ගැනීම ය. අනෙක් පුදුමය නම්, වෙළෙඳ සහායක ද එකී ඖෂධ කිසිදු වෛද්‍ය නිර්දේශයකින් තොරව සරල කටයුත්තක් සේ සලකා අලෙවි කිරීමය. රෝගියා සහ වෙළෙඳ සහායක අතින් සිදු වන මෙම වරදින් අනිටු ඵල අත් විඳින්නට සිදු වන්නේ ඔවුන්ට පමණක් නොවේ. මුළු මහත් ලෝකයටම ය. එය තවත් විදිහකින් පවසන්නේ නම් 2050 වසර වන විට ප්‍රතිජීවක ඖෂධවලට එරෙහිව ඇති වන ප්‍රතිරෝධ ආසාදන හේතුවෙන් ලෝක ජනගහනයෙන් මිලියන 50 ක් මිය යන බව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු අඟවා ඇත.

මේ පිළිබඳව අනාවරණය කරනු ලැබුවේ ප්‍රතිජීවක ඖෂධ නිසි භාවිතය සම්බන්ධයෙන් පැවැත්වූ මාධ්‍ය සම්මන්ත්‍රණයක දීය. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී මෙය පැවැත්වූයේ නොවැ: 12 සිට නොවැ: 18 ( අද දින) දක්වා ඇති ප්‍රතිජීවක ඖෂධ දැනුවත් කිරීමේ සතිය නිමිත්තෙනි.

ලෝකයට හඳුන්වා දුන් ප්‍රථම ප්‍රතිජීවක ඖෂධය වන්නේ පෙන්සිලින් ය. ඒ 1920 දශකයේදී පමණ ය. පෙන්සිලින් සොයා ගැනීමට පෙර ඇති වූ පළමු වැනි ලෝක යුද්ධයෙන් විශාල සංඛ්‍යාවක් මිය ගිය ද දෙවැනි ලෝක සංග්‍රාමයෙන් එතරම් විශාල ප්‍රමාණයක් මිය නොගියේ ඒ වන විට පෙන්සිලින් ප්‍රතිජීවක ඖෂධය සොයා ගෙන තිබු නිසා ය. ඉන් අනතුරුව ප්‍රතිජීවක ඖෂධ රාශියක් ලෝකයට හඳුන්වා දෙනු ලැබිණි. අතීතයේ මිනිසාගේ පරම ආයුෂ අවුරුදු 50 වී තිබුණ ද වර්තමානයේ එය අවුරුදු 80 දක්වා දීර්ඝ වුයේ ප්‍රතිජීවක ඖෂධ සොයා ගැනීමෙන් බොහෝ ලෙඩ රෝග සුවපත් කර ගැනීමට හැකි වූ නිසා ය.

ප්‍රතිජීවක ඖෂධ භාවිත කෙරෙන්නේ බැක්ටීරියා මඟින් වැළ‍ඳෙන රෝගවලට පමණි. වෛරස් මඟින් වැළ‍ඳෙන රෝග සඳහා ප්‍රතිජීවක ඖෂධ භාවිත නොකෙරේ. එහෙත් වර්තමානයේ කැස්ස, හෙම්බිරිස්සාවටත් ඉවක් බවක් නැතිව ප්‍රතිජීවක ඖෂධ භාවිත කිරීම නිසා ප්‍රතිජීවක ඖෂධවලට එරෙහිව ප්‍රතිරෝධ බැක්ටීරියා ඇති වීමෙන් ප්‍රතිජීවක ඖෂධවලින් රෝග පාලනය කිරීමට නොහැකි තත්ත්වයක් හට ගනී. මෙය සාමාන්‍ය ව්‍යවහාරයේ හැඳින්වෙන්නේ “බෙහෙත් අහන්නේ නැතිව යෑම” යනුවෙනි. මෙය අද ලෝකය පුරා බරපතළ ප්‍රශ්නයක් වී තිබේ.

“අද ප්‍රතිජීවක ඖෂධ අවභාවිතයක් සිදු වෙනවා. මෙය වැඩි වශයෙන් සිද්ධ වෙන්නේ දකුණු ආසියානු රටවල්වල. මේ ඖෂධ අවභාවිතයට රෝගීන්, ඖෂධ අලෙවි කරන ෆාමසි වගේම වෛද්‍යවරුනුන් වග කියන්න ඕනෑ. මොකද සමහර වෛද්‍යවරුන් වෛරස් ආසාදනවලටත් ප්‍රතිජීවක ඖෂධ දෙනවා. එවැනි ලෙඩ රෝගවලට ප්‍රතිජීවක ඖෂධ වැඩක් නැහැ. ඒ වගේම වෛද්‍ය නිර්දේශක් නැතිව ප්‍රතිජිවක ඖෂධ අලෙවි කිරීමට නොහැකි වුණත් අද ෆාමසිවලින් එය කරනවා. ඊළඟට රෝගියා කරන වැරදි කීපයක් තිබෙනවා. රෝගියා හිතුමතේට ප්‍රතිජීවක ඖෂධ ගැනීම වරදක්. ප්‍රතිජීවක ඖෂධ ලබා දිය යුත්තේ වෛද්‍යවරයා විසින්. සමහරු වෛද්‍යවරුන්ගෙන් ප්‍රතිජීවක ඖෂධ ඉල්ලා සිටිනවා. ඒ වගේම ප්‍රතිජීවක ඖෂධ නියමිත වේලාවට නියමිත මාත්‍රාවෙන් ලබා ගත යුතුයි. සමහරු ලෙඩේ සනීප වුණා කියලා බෙහෙත් නවත්වනවා. එය වැරදියි. ලෙඩේ සුව වුණත් නිර්දේශ කළ බෙහෙත් ප්‍රමාණය නියමිත විදිහට ගත යුතුයි. ඒ වගේම නියම කළ වෙලාවට ප්‍රතිජීවක ඖෂධ නියමිත ප්‍රමාණයෙන් ම ගන්න ඕනෑ. මෙවැනි හේතූන් නිසා ප්‍රතිජීවක ඖෂධ අවභාවිතය සිද්ධ වෙනවා. එයින් ප්‍රතිජීවක ඖෂධ ලෙඩ රෝගවලට ඔරොත්තු නොදෙන තත්වයක් ඇති වෙනවා. මෙය භයානක තත්වයක්.” යනුවෙන් දීර්ඝ වශයෙන් විස්තර කළේ ජයවර්ධනපුර රෝහලේ ක්ෂුද්‍රජීවි විශේෂඥ වෛද්‍ය කුෂ්ලානි ජයතිලක ය.

මෙම භයානක තත්වය තවතවත් තීව්‍ර වන්නේ නව ප්‍රතිජීවක ඖෂධ නිෂ්පාදනය ලෝකයේ ඖෂධ සමාගම් නවතා දමා ඇති බැවිනි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ රසායනාගාර සේවා අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත බෙණරගම පවසන්නේ ලෝකයේ ඖෂධ නිෂ්පාදන සමාගම් වසර 20කින් වත් ලෝකයේ නව ප්‍රතිජීවක ඖෂධ නිපදවා නොමැති බව ය. ඊට හේතුව වසර 25ක් - 30ක් මුළුල්ලේ පර්යේෂණ සහ අත්හදා බැලීම් සිදු කරමින්, කෝටි ගණන් වියදම් කරමින් ඖෂධයක් නිපදවන විට ඊට ප්‍රතිරෝධී බැක්ටීරියා ඇති වීමෙන් ඖෂධය අපතේ යෑමෙන් විශාල නාස්තියක් සිදු වීමයි. අද වන විට ලෝකයේ ඖෂධ නිෂ්පාදන සමාගම් බැක්ටීරියා මඟින් ඇතිවන රෝගවලට එරෙහිව ප්‍රතිජීවක ඖෂධ නිෂ්පාදනය කිරීම වෙනුවට බෝ නොවන රෝග (අධි රුධිර පීඩනය, කොලෙස්ටරෝල්, දියවැඩියාව,පිළිකාව යනාදී රෝග) සඳහා ඖෂධ නිෂ්පාදනය කිරීමට පෙලඹී ඇත. එමනිසා ප්‍රතිජීවක ඖෂධ ප්‍රයෝජනයට ගත් කාලය අවසන් වෙමින් පවතින බව වෛද්‍ය කුෂ්ලානි ජයතිලක පැවසුවාය.

එහෙත් අපට ප්‍රතිජීවක ඖෂධ අත් හැර දැමිය නොහැකිය. ශරීර අභ්‍යන්තර ඉන්ද්‍රියයන් බද්ධ කිරීම ඇතුළු ශල්‍යකර්ම සඳහා ප්‍රතිජීවක ඖෂධ අත්‍යවශ්‍ය සාධකයකි. නමුදු ප්‍රතිජීවක ඖෂධ හෙම්බිරිස්සාවක් වැනි සුළු ලෙඩකදීත් ගත් විට බරපතළ රෝගයකට ඔරොත්තු නොදෙන තත්වයක් ඇති වේ.

“ඕනෑම කෙනෙකුගේ බඩවැල්වල බැක්ටීරියා ඉන්නවා. එහි ශරීරයට හිතකර බැක්ටීරියා වගේම අහිතකර බැක්ටීරියා වර්ග තිබෙනවා. ඒ වගේම පිටතින් ශරීරය තුළට බැක්ටීරියා ඇතුළු වෙන්න පුළුවන්. අහිතකර බැක්ටීරියාවන්ගෙන් ආසාදන ඇති වුණාම ප්‍රතිජීවක ඖෂධ ලබා දෙනවා. හැබැයි ප්‍රතිජීවක ඖෂධ බාගෙට අරං නැවැත්තුවොත්, නියමිත වේලාවට නොගත්තොත්, හිතුමතේට ගත්තොත් බැක්ටීරියා මැරෙන්නේ නැතිව ප්‍රතිරෝධයක් හදා ගන්නවා. ඒ ප්‍රතිරෝධය තිබෙන බැක්ටීරියා මරන්න සාන්ද්‍රණය වැඩි ප්‍රතිජීවක ඖෂධ දෙන්න සිද්ධ වෙනවා. ඒ ඖෂධ අධික මිලකින් යුක්ත නිසා ලොකු වියදමක් දරන්න වෙනවා. ඒ වගේම රෝගය සුවපත් වෙන්න ගත වන කාලය වැඩියි. සමහර විට රෝහල්ගත වෙන්න සිද්ධ වෙනවා. එය රටකට සුදුසු දෙයක් නෙවෙයි. අද අ‍පේ රටේ ඖෂධවලට කරන වියදමෙන් 13%ක් වියදම් කරන්නේ ප්‍රතිජීවක ඖෂධවලට. අවසානයේදී ප්‍රතිජීවක ඖෂධවලින් රෝග පාලනය කිරීමට නොහැකි තත්වයක් උද්ගත වෙනවා.

එයින් සිද්ධ වෙන්නේ රෝගින් මිය යෑම. 2050 වර්ෂයේ ලෝක ජනගහනයෙන් මිලියන 10 කට ප්‍රතිජීවක ඖෂධවලට රෝග පාලනය කිරීමට නොහැකිව මිය යෑමට සිද්ධ වීම බේදවාචකයක්.” යනුවෙන් පැවසුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ රසායනාගාර සේවා අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත බෙණරගම ය.

මේ අනුව ප්‍රතිජීවක ඖෂධවලට එරෙහිව හට ගැනෙන ප්‍රතිරෝධිතාව සුළු කොට තැකිය හැකි කාරණයක් නොවේ. එය සිද්ධ වෙන්නේ සාමාන්‍ය ජනතාවගේ නොදැනුවත්කම නිසා විය හැකි වුවත් වෛද්‍යවරුන් මේ පිළිබඳව නොදන්නවා නොවේ. ඔවුහු මේ සම්බන්ධයෙන් හොඳාකාරව ම දනිති. එහෙත් ඉතා සුළු රෝගයකට පවා ප්‍රතිජීවක ඖෂධ ලබා දෙන උගත් වෛද්‍යවරු අපේ රටේ සිටිති. ඇතැම් විට ඔවුන් විසින් එසේ සිදු කරනු ලබන්නේ ඔවුන්ගේ ජනප්‍රියත්වය සහ වෛද්‍යවරුන් අතර ඇති තරගය නිසා විය හැකිය. එහෙත් එවැනි පටු පරමාර්ථ මූලික කරගත් වෛද්‍යවරුන් නිසා අවදානමට ලක් වන්නේ සාමාන්‍ය ජනතාව නොවේද ? “වන්ෂොට්” වෛද්‍යවරුන්ගෙන් අප ප්‍රවේශම් විය යුත්තේ එබැවිනි. ඊට අමතරව වෛද්‍යවරුන්ගේ සුදුසුකම් පිළිබඳව ද සැලකිලිමත් විය යුත්තේ අද රට පුරා සුදුසුකම් නැති වෛද්‍යවරුන් පෞද්ගලික සේවයේ යෙදී සිටින නිසාය. “අපේ සමහර වෛද්‍යවරුන් අනවශ්‍ය විදිහට ප්‍රතිජීවක ඖෂධ දෙන බව අපට වාර්තා වී තිබෙනවා. ඒ අයගෙන් අපි ඇහුවා ඇයි ඒ විදියට කරන්නේ කියලා. ඒ වෛද්‍යවරුන් අපට දීපු උත්තරය වුණේ වෛරස් ආසාදනය සුව වූ පසුව බැක්ටීරියා ආසාදනයක් එන්න පුළුවන්. එය වැළැක්වීමටයි ප්‍රතිජීවක ඖෂධ දෙන්නේ කියලා. රෝගයක් වැළ‍ඳෙන්න පෙර ප්‍රතිජීවක ඖෂධ දීමෙන් ඵලක් නැහැ. බැක්ටීරියා මඟින් රෝගය හැදුණට පසුවයි ඒ බැක්ටීරියා මරන්න ප්‍රතිජීවක ඖෂධ දෙන්නේ. මෙහිදී වෛද්‍යවරුන් ලොකු වැරැද්දක් කරනවා. අනවශ්‍ය විදියට ප්‍රතිජීවක ඖෂධ ගැනීමෙන් සිද්ධ වෙන හානිය ඉහළයි. කොළඹ විශ්ව විද්‍යාලයේ ඖෂධ වේදය පිළිබඳ මහාචාර්ය ප්‍රියදර්ශනි ගලප්පත්ති විස්තර කළාය.

මෙම අවදානමට මුහුණ දී සිටින්නේ මිනිසුන් පමණක් නොවේ. හරකුන්, කුකුළන්, ඌරන්, ඉස්සන්, මත්ස්‍යයින් වැනි සත්ව ගොවිපළවල ඇති කරන සත්වයෝ පවා මෙම අවදානමට මුහුණ දී සිටිති. එනම් සතුන්ට රෝග වැළඳීමට පෙර ප්‍රතිජීවක ඖෂධ ලබා දීම සහ රෝග සුව වූ බව පෙන්වන විට ප්‍රතිජීවක ඖෂධ අතරමග නවතා දැමීමෙන් ප්‍රතිජීවක ඖෂධ කෙරෙහි ප්‍රතිරෝධි බැක්ටීරියා එම සතුන්ගේ ශරීර තුළ හට ගැනීම මෙන් ම සත්ව නිෂ්පාදන ධාරිතාව ඉහළ දැමීමට ප්‍රතිජීවක ඖෂධ භාවිත කරන අවස්ථා ඇත.

ඒවා සෑම රටකින්ම ඉවත් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් උපදෙස් දී තිබේ. අද වන විට ගවයකුගේ කිලෝ එකක මිලිග්‍රෑම් 45ක්ද කුකුළකුගේ කිලෝ එකක මිල ග්‍රෑම් 148ක් ද ඌරකුගේ කිලෝ එකක මිලිග්‍රෑම් 172ක්ද වශයෙන් ප්‍රතිජීවක තැන්පත් වී තිබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කර තිබේ.

“සතුන් තුළ තිබෙන ප්‍රති‍රෝධි බැක්ටීරියා සතුන්ගේ මලපහ මඟින් පරිසරයට එකතු වෙනවා. ඒවා ගස්වලට එකතු වෙනවා. ඒ වගේම ගස්වලට යොදන දලීර නාශක වලිනුත් ප්‍රතිරෝධි බැක්ටීරියා ඇති වෙනවා. පරිසරයට එකතු වන ප්‍රතිරෝධි ජලයට එකතු වෙන්න පුළුවන්. මේ නිසා ප්‍රතිජීවක ප්‍රතිරෝධ බැක්ටීරියා ව්‍යාප්තිය චක්‍රයක් ආකාරයට සිද්ධ වෙන බව දක්වන්න පුළුවන්. ඒ නිසා අපි ප්‍රතිජීවක ඖෂධ නිසි පිළිවෙළට භාවිත කිරීම ගැන මිනිසුන්ගෙන් විතරක් පටන් අරං හරියන්නේ නැහැ. එය ශාක, සත්ව, ජලය, අවට පරිසරය යන සෑම අංශයකින්ම ආරම්භ කළ යුතුයි.” යනුවෙන් පැවසුවේ පේරාදෙණියේ පශූ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වෛද්‍ය පාලිකා ප්‍රනාන්දුය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ මුලිකත්වයෙන් One Health C0ncept හඳුන්වා දී තිබෙන්නේ ඊට පිළියමක් වශයෙනි. මීට වෛද්‍යවරුන්, ජනතාව, පශූ වෛද්‍ය, කෘෂිකර්මය, මත්ස්‍ය, පරිසරය යන සෑම අංශයක්ම සම්බන්ධ කරගෙන ජාතික ක්‍රමෝපායන් සැලසුම් කර ඇත. එසේ නොමැතිව ප්‍රතිජීවක ඖෂධ කෙරෙහි ප්‍රතිරෝධයන් ඇති වීමෙන් මතු වන අර්බුදයට මුහුණ දිය නොහැකි බව විශේෂඥ වෛද්‍ය හේමන්ත බෙණරගමගේ අදහස ය.

හර්ෂා සුගතදාස
විශේෂාංග

උපුටා ගැනීම #ගාමිණී_වැන්ඩවාල් ගෙනි.

 #ෆින්ලන්තයේ_ජනතාව_ලොව_සතුටින්_ඉන්න_ජනතාව_වන්නේ_ඇයි?ලෝක සතුටු දර්ශකය අනූව පිට පිට දෙවෙනි වරටත් ප්‍රථම ස්ථානයට හිමිකම් කි...
27/07/2021

#ෆින්ලන්තයේ_ජනතාව_ලොව_සතුටින්_ඉන්න_ජනතාව_වන්නේ_ඇයි?
ලෝක සතුටු දර්ශකය අනූව පිට පිට දෙවෙනි වරටත් ප්‍රථම ස්ථානයට හිමිකම් කියන්නේ ෆින්ලන්තය. ලංකාවට හිමිවෙන්නේ 130වෙනි තැන. ෆින්තලන්තයේ මේ තත්වයට බලපාන හේතු කීපයක්ම තියෙනවා.....

01. නිතර එලිමහනේ ඉන්න ජනතාවක්
ෆින්තලන්තයේ ජනතාව වැඩියෙන්ම ඉන්නේ එලිමහනේ. රටේ පිරිසිදු වාතයක් සහිත පරිසරයක් තියෙනවා.රටේ වනාන්තර ප්‍රතිශතය 73%ක්. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනූව ෆින්ලන්තය පිරිසිදුම වාතය තියෙන රටවලින් එකක්. නිතර ස්වාභාවික පරිසරය එක්ක ගණදෙනු කරන නිසා වැසියන්ගේ ශාරීරික යෝග්‍යතාවය ඉහලයි වගේම මානසික ආතතියත් අඩුයි. ඒවගේම ස්වාභාවික පරිසරය ඔවුන්ගේ සංස්කෘතියේම කොටසක්.

02. බීමට ජලය සම්පූර්ණයෙන්ම නොමිලේ
ෆින්ලන්තය ලෝකයේ ප්‍රසිද්ධ විල් දහසේ රට කියලා. රටේ තියෙන විල් ගණන 187000කට වඩා වැඩියි. ජලාශවල ජලය කෙලින්ම බීමට ගන්න පුළුවන්. මේ හින්දම ඕනම වෙලැදසැලකින් නොමිලේම බෝතල්කරපු වතුර ගන්න පුළුවන්.

03. හැම දරුවකුටම වයස 17 වෙනතුරු දීමනාවක්
හැම දරුවකුටම මේ දීමනාව ලැබෙනවා. පළවෙනි දරුවට යුරෝ 100කුත් අනිත් දරුවන්ට වැඩි ගාණකුත් රජය ලබාදෙනවා. තව පාසල් උපකරණ, සෙල්ලම් බඩු, සනීපාරක්ෂක දාව්‍යය රජය නොමිලේ නිවසටම ගෙනත් දෙනවා. මේ නිසා දරුවෝ නිවසේ ආර්ථිකයට බරක් නෙවෙයි.

04. පොලිසිය පිළිබඳව ඉහළ විස්වාසය
පොලිසිය සම්පූර්ණයෙන්ම ස්වාධීන ඒකකයක් විදිහට ක්‍රියාත්මක වෙනවා. වංචා,දූෂණ අවමයි. සමීක්ෂණයටකට අනූව ජනතාවගෙන් 90%ක් පොලිසිය විස්වාස කරනවා. මේ හින්දම අපරාධ අවම මට්ටමේ තියෙනවා
05. ක්‍රීඩාව ජීවිතේම කොටසක්
රටේ හැමකෙනෙක්මවගේ කිසියම් හෝ ක්‍රීඩාවක් කරනවා. අන්තර්ජාතික ක්‍රීඩා වගේම දේශීය ක්‍රීඩාත් තියෙනවා. බිරිඳ කරේ තබාගෙන දිවීම රටේ ජනප්‍රිය ක්‍රීඩා අංගයක්.

06. අන්තර්ජාලය භාවිතය අයිතියක්
මෙය අයිතියක් කරේ 2010 දී.ඒ ඒ අයිතිය ලබාදුන්නු පළමු රට විදිහට.තම ප්‍රදේශයට හොද ආවරණයක් නැත්නම් පැමිණිලි කරන්න පුළුවන් වගේම අන්තර්ජාල වේගය අඩුවුනොත් වන්දි ඉල්ලන්නත් පුළුවන්.

07. අම්මලාටත් වඩා තාත්තලා දරුවෝ ගැන බලන රටක්
දරුවෙක් ඉපදුණාම තාත්තට පඩි සහිත සති 9ක නිවාඩුවක් ලැබෙනවා.තව දරුවොත් එක්ක කාලය ගතකරන්න දිරිමත්කරන වැඩසටහනුත් ක්‍රියාමකයි.දරුවා එලිමහන් ක්‍රියාකාරකම්වලට හුරුකිරීම,පොදු ස්ථානවලදී හදුන්වා දීම සංස්කෘතියේම කොටසක්.

08. වැඩියෙන්ම පොත් කියවන රටක්
ෆින්ලන්ත වැසියන්ගෙන් 70%කටත් වඩා තම ප්‍රදේශයේ පුස්තකාලයේ සක්‍රීය සාමාජිකයින්.පොත් මුදාණ ගාස්තු ඉතා අඩුයි වගේම පුස්තකාල පහසුකම් රජයෙන් සපයනවා.

09. ලොව හොදම අධ්‍යාපනය සහිත රට
අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම නොමිලේ වගේම ලොව හොදම අධ්‍යාපන ක්‍රමය තියෙන්නෙත් ෆින්ලන්තයේ.පොත්පත්,පාසල් උපකරණ,ක්‍රීඩා භාණ්ඩ නොමිලේ සපයනවා වගේම අසහනකාරී විභාගත් නෑ.තව ටියුෂන් නෑ වගේම ෆින්ලන්ත දරුවෝ ලොව අඩුම මානසික පීඩයක් සහිත දරුවෝ.

10. සිසු (SISU)
මේක ෆින්ලන්තයටම අවේනික ක්‍රමයක්. මේකෙන් ඕනම තත්වයක්ට මුහුණ දෙන්න පුළුවන් දරුවෙක් නිර්මාණය කරනවා. ඒ හින්දා ඕනෑම අවධාවමක් ගන්න, කැප වී වැඩකරන පුරවැසියෙක් බිහිවෙනවා.

11.තවද මෙය අනාගමික රාජ්‍යය කි.

Finland is a Northern European nation bordering Sweden, Norway and Russia. Its capital, Helsinki, occupies a peninsula and surrounding islands in the Baltic Sea. Helsinki is home to the 18th-century sea fortress Suomenlinna, the fashionable Design District and diverse museums. The Northern Lights can be seen from the country's Arctic Lapland province, a vast wilderness with national parks and ski resorts.

වැඩිදුර විස්තර සදහා මෙම වීඩියෝව නරබන්න .

https://youtu.be/GAUwOeL1shw

උපුටාගැනීමක්

✅මේ වගේ අලුත් දැනුම වටින ලිපි කිය්වන්න page එකටත් like කරන්න.මෙවැනි වටිනා ලිපි බොහොමයක් පල කර ඇත.
✅Be kind to hit a like on .2
✅පිටුව ගැන බලලා අදහස් review කරන්න ❤️

Thank you 💚🙏🏻

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Wiki Talks posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category