Lanka Gossip

Lanka Gossip Uncover the Island's Secrets with Us!

03/12/2023
උපුටා ගැන්නා ලද්දකි!
10/11/2023

උපුටා ගැන්නා ලද්දකි!

07/11/2023

කොහොමද මොළේ..😅

හෙළකුරු නිසා ඔබ අනතුරක!අපේ දත්‍ත ඩාර්ක් වෙබ් එකට ලීක් වෙලාද කියලා Google One සේවාවෙන් පරීක්ෂා කරන්න පුලුවන්.අපේ බැංකු කා...
01/11/2023

හෙළකුරු නිසා ඔබ අනතුරක!

අපේ දත්‍ත ඩාර්ක් වෙබ් එකට ලීක් වෙලාද කියලා Google One සේවාවෙන් පරීක්ෂා කරන්න පුලුවන්.

අපේ බැංකු කාර්ඩ් පත්, ඊමේල්, පාස්වර්ඩ් ලීක් වෙලාද, හැකරුන් අතට ගිහින්ද කියලා මේ සේවාව නොමිලයේම පරීක්ෂා කරලා දෙනවා.

ලංකාවේ හෙළකුරු සමාගම විසින් ටික කාලයකට කළින් ගෙවීම් සේවාවක් හැදුවා.

මම සාමාන්‍යයෙන් ලංකාවේ ආයතන වලින් ගෙවීම් කරන්නෙ නැහැ.

පළමු හේතුව අපේ බැංකු කාර්ඩ්පත් විස්තර ඔවුන්ම හොරකම් කරන්න පුලුවන්. දන්නවානේ ලංකාවේ අයියලාගේ හැටි ?

දෙවැනි හේතුව, මේ ලංකාවේ සමාගම් අපේ දත්ත කිසිම ආරක්ෂාවක් නැතුව ගබඩා කරන්නේ.

සාමාන්‍යයෙන් ෆේස්බුක් වගේ සමාගමකට අපේ ක්‍රෙඩිට් කාර්ඩ් ඩීටේල්ස් දුන්නම, ඔවුන් ඒවා ආරක්ෂා කරන්න වෙනම වියදම් කරනවා.

ලංකාවේ අයියලා ගාව තියෙන්නේ ලෝ බජට් වැඩනේ. හැකර්ස්ලට අපේ ඩීටේල්ස් ගන්න එක කිරිකජු වැඩක්.

කොහොමහරි අද ගූගල් වන් පරීක්ෂා කරද්දි, හෙළකුරු සමාගමේ PayHere දත්ත ඩාර්ක් වෙබ් එකට ලීක් වෙලා තියෙන බව පෙන්නුවා.

පසුගිය වසරේ අප්‍රේල් මේ දත්ත ලීක් වී තිබෙන අතර, මේ අවුරුද්දේ ජුලි 28 වෙනිදා ඩාර්ක් වෙබ් වෙත මේ දත්ත මුදාහැරලා.

හොඳම වැඩේ, PayHere පාවිච්චි නොකරපු Helakuru පමණක් පාවිච්චි කළ මගේ ඊමේල් ලිපිනයත් ලීක් වෙලා.

ඒ කියන්නේ හෙළකුරු සමාගම, අපි හෙළකුරු කීබෝර්ඩ් එක ගන්න පාවිච්චි කරපු ඊමේල් ලිපිනත් ගබඩා කරගෙන.

ඒ විතරක් නෙවෙයි පේ හියර් සේවාව ප්‍රමෝට් කරන්න අපේ ඊමේල් ලිපින භාවිතා කරලා.

මේක දරුණු සයිබර් අපරාධයක්.

හෙළකුරු PayHere වලට ඔබ ඇතුලත් කරපු ඊමේල්, නොම්මර වගේම බැංකු කාර්ඩ් ඩීටේල්ස්නුත් ඩාර්ක් වෙබ් එකට ලීක් වෙලා.

මේවා PayHere සමාගමෙන්ම විකුණන්න දැම්මද, එහෙම නැත්නම් හැකර් කෙනෙක් හැක් කරලා ගත්තද කියන්න දන්නෙ නැහැ.

කොහොම වුනත් ඔබ හෙළකුරු හෝ PayHere පාවිච්චි කරනවා නම් ඔබේ දත්ත දැනටමත් ඩාර්ක් වෙබ් එකට ලීක් වෙලා.

දැන් ඔබේ කාර්ඩ් ඩීටේල්ස් ඕනෑම අයෙකුට භාවිතා කරන්නත්, ඔබේ ඊමේල් හෝ ෆේස්බුක් ගිණුම් ආදිය හැක් කිරීමේ ඉඩකුත් තියෙනවා

වෙන රටක මෙහෙම වුනා නම් නඩුත් දාලා සල්ලිත් ගෙවන්න වෙන තැනට සමාගම්වලට සිද්ද වෙනවා.

ලංකාවේ නිසාත් හෙළකුරු සමාගමත්, එහි හිමිකරුවාත් බේරෙවි.

ඔබ කීබෝර්ඩ් එක විදියට හෙළකුරු පාවිච්චි කරනවා නම් ඔබ ටයිප් කරන අකුරක් ගානේ ඔවුන්ට යනවා.

ඔබේ ඊමේල්, පාස්වර්ඩ්ස් ඔක්කොම ඔවුන්ට යනවා.

වෙන කීබෝර්ඩ් එකක් නොඉල්ලන මයික්‍රොෆෝන්, ඩිවයිස් ගැලරි ඇක්සස් පවා හෙළකුරු ගන්න නිසා ඔවුන්ට අවශ්‍ය නම් ඔබ කතා කරන දේවල් අහන් ඉන්න වගේම, ඔබේ ගැලරියේ තියෙන ඔබේ පුද්ගලික ඡායාරූප වලට ඇක්සස් ගන්නත් පුලුවන්.

ඒ නිසා මේවා පාවිච්චි කරද්දී පරිස්සමින්.

පළමු කමෙන්ට් එකේ ලින්ක් එකෙන් ඔබට, ඔබේ දත්ත ලීක් වෙලා නම් බලාගන්න පුලුවන්.

ලීක් වෙලා නම් වහාම ඔබේ සමාජ මාධ්‍ය ගිණුම් වලින් එම ඊමේල් ලිපින වෙනස් කර, ටූ ෆැක්ටර් ඔතන්ටිකේෂන් සක්‍රීය කර ගැනීම අත්‍යවශ්‍යයි.

ඒ වගේම ඔබ හෙලකුරු හෝ Payhere පාවිච්චි කළා නම් ඔබේ කාර්ඩ් වෙනස් කරගෙන, Payhere සේවාවෙන් බැංකු කාර්ඩ් ඉවත් කරගැනීම වැදගත්.

හෙළකුරු වෙනුවට ජාත්‍යන්තර කීබෝර්ඩ් එකක් පාවිච්චි කරන්න පුලුවන් නම් ඔබ තවත් ආරක්ෂිතයි.

Content Copied - වෙල්මා-Velma

🤔
31/10/2023

🤔

25/10/2023

යුරේණි තමයි යුරේණි..💯

NED 104/6..
21/10/2023

NED 104/6..

මේක ඇත්තක් නේද? 😁
20/10/2023

මේක ඇත්තක් නේද? 😁

19/10/2023

බැනුම් ඇහුවද?
කියලා දුන්නද?
සම්පූර්ණෙන්ම බලන්න 🙏🏼

විසාලම කරදරයක් මේකනම් හැබැයි..😂
19/10/2023

විසාලම කරදරයක් මේකනම් හැබැයි..😂

Welcome Back.. Dani ❤️🇱🇰❤️‍🩹
17/10/2023

Welcome Back.. Dani ❤️🇱🇰❤️‍🩹

ගාසා තීරයට එල්ලවන ඊශ්‍රායල් ප්‍රහාර වලින් එහි වෙසෙන පුද්ගලයින් 1,900 කට අධික පිරිසක් ජිවිතක්ෂයට පත්ව ඇති අතර තවත් පුද්ගල...
14/10/2023

ගාසා තීරයට එල්ලවන ඊශ්‍රායල් ප්‍රහාර වලින් එහි වෙසෙන පුද්ගලයින් 1,900 කට අධික පිරිසක් ජිවිතක්ෂයට පත්ව ඇති අතර තවත් පුද්ගලයින් 7,700ක් තුවාල ලබා ඇත. මියගිය පිරිස් අතරින් සීයයට 60ක පිරිසක් කාන්තාවන් සහ ළමුන් බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි 😥

13/10/2023

ඔබත් ඔහුගේ කලාව මොහොතක් හෝ රස වින්ද කෙනෙක්නම්..
ඔබේ ඇස් දෙකත් වීඩියෝ එක අවසානෙදි කඳුළු වලින් පිරේවි..🏳️💔

13/10/2023

😢😢
ලෝක ඉතිහාසයේ බිහිසුණුම ප්‍රහාරයට තව පැය 48 යි !
ගාසා තීරයට ඊශ්‍රායලයෙන් පැය 24ක කාලයක් ලබා දී තිබෙනවා.
ඒ අනූව අවසන් දැවැන්තම ප්‍රහාරය මීළග පැය 48 තුලදි සිදුවන බව දැන් තහවුරු වී තිබේ.

සියළුම සිවිල් වැසියන්ට ගාසා තීරයේ දකුණු දෙසට ගමන් කරන ලෙස ඊශ්‍රායාලය අවසන් වශයෙන් දැනුම් දී තිබේ.

එසේ නොයන සියළු දෙනා ත්‍රස්ථවාදීන් ලෙස සලකා ආක්‍රමණය මෙහෙයවීමට ඊශ්‍රායාලය සූදානමින් සිටී.

හිතාගන්නවත් බැරිජැකාගේ CV එක..1980 හොඳම නළුවා1980 හොඳම පිටපත1980 හොඳම නිෂ්පාදනය1983 මෙතනින් මාරුවෙනු හොඳම සහය නළුවා1986 ...
09/10/2023

හිතාගන්නවත් බැරි
ජැකාගේ CV එක..

1980 හොඳම නළුවා
1980 හොඳම පිටපත
1980 හොඳම නිෂ්පාදනය
1983 මෙතනින් මාරුවෙනු හොඳම සහය නළුවා
1986 මරාසාද් හොඳම නළුවා
1987 මරාසාද් හොඳම නළුවා
1987 කඩුල්ල හොඳම නළුවා
1991 කඩුල්ල හොඳම නළුවා
1992 මහමෙර පාමුල හොඳම පිටපත
1996 අකාල සන්ධ්‍යා රංගනය සඳහා විශිෂ්ටතා සම්මානය
1997 පිටගම්කාරයෝ හොඳම නළුවා
2002 මහා සිංහලේ වංසකතාව මාධ්‍ය සඳහා විශිෂ්ටතා සම්මානය
2004 යෙහෙලි හොඳම වත්මන් සිදුවීම
2008 ගඟ දිගේ හොඳම සඟරා වැඩසටහන
2008 අසල්වැසි කතා මාධ්‍ය සඳහා විශිෂ්ටතා සම්මානය
2016 දස්කොන් හොඳම ටෙලිනාට්‍යය
2016 දස්කොන් හොඳම ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය
2016 දස්කොන් හොඳම ටෙලිනාට්‍ය පිටපත
2018 සී රජ හොඳම ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය
2018 සී රජ හොඳම ටෙලිනාට්‍ය පිටපත දිනාගති
2006 මහා සිංහලේ වංසකතාව හොඳම රූපවාහිනී වැඩසටහන
2006 හොඳම රූපවාහිනී ඉදිරිපත් කරන්නා
1995 පුනරුප්පත්තිය හොඳම නළුවා
1996 ජුලියට්ගේ භූමිකාව වඩාත්ම ප්‍රවර්ධක අධ්‍යක්ෂ
1997 ගිනි අවි සහ ගිනි කෙලි හොඳම නළුවා
1996 ලොකු දුව හොඳම නළුවා
1997 බව කර්ම & බව දුක හොඳම නළුවා
2002 අග්නිදාහය කැපී පෙනෙන රංගනය
2005 රන්දිය දහර කැපී පෙනෙන රංගනය
2005 ගරිල්ලා මාර්කටින් කැපී පෙනෙන රංගනය
1996 අයෝමා කුසලතා සම්මාන
1997 බව දුක හොඳම නළුවා
2004 රන්දිය දහර හොඳම නළුවා
2005 මිල්ල සොයා හොඳම සහය නළුවා
1997 ජුලියට්ගේ භූමිකාව විශේෂ ජූරි සම්මාන
1997 බවා දුක හොඳම නළුවා
1998 ගිනි අවි සහ ගිනි කෙලි හොඳම නළුවා
1998 අස්වැසුම හොඳම නළුවා
2001 සූරිය අරණ හොඳම නළුවා
2005 ගරිල්ලා මාර්කටින් හොඳම නළුවා
1997 අග්නිදාහය සංස්කෘතික ජයග්‍රහණය
2007 ජනතා ඡන්දය වසරේ ජනතා කලාකරුවා
2007 අබා වසරේ ජනතා චිත්‍රපටය
2014 අප්පච්චි හොඳම නළුවා
2015 දස්කොන් හොඳම නාට්‍ය පිටපත
2015 දස්කොන් හොඳම නාට්‍ය අධ්‍යක්ෂණය
2015 දස්කොන් වසරේ හොඳම ටෙලිනාට්‍යය
2016 ඇඩ්‍රස් නෑ හොඳම නළුවා
2018 ධර්මයුද්ධය හොඳම නළුවා
2019 ජනප්‍රියම නළුවා
2016 මහරජ ගැමුණු ජූරියේ විශිෂ්ටතා සම්මානය
2019 විෂම භාග හොඳම නළුවා දිනාගති
2020 විෂම භාග හොඳම සහය නළුවා

ගඟදිගේ
සලංහංතේ
මහා සිංහලේ වංශ කතාව
අග්නිදාහය
කඩුල්ල
අකාල සන්ධ්‍යා
සුසීමා
දෑස පියාගත් කල
ගරිල්ලා මාකටින්
තාරාවෝ ඉගිලෙති
මරාසාද්
පිටගම්කාරයෝ
රෑ තාරකාවෝ
බවදුක
බවකර්ම
කන්ද උඩ ගින්දර
සූරිය අරණ
අස් වැසුම
අබා
මෙතනින් මාරුවෙනු
එකගේ සොකරි
දස්කොන්
සීරජ
ලොකු දුව
ජුලියට්ගේ භූමිකාව
රන්දිය දහර
අයෝමා
මිල්ල සොයා
ගිනි අවි සහ ගිනිකෙලි
වෙද හාමිනේ
පලිගු මැණිකේ
බෙර හඩ
අත්
ලෝම හන්ස
මඳුර ජවනිකා
ධවල භීෂණ
පළිගු මැණිකෙ
කන්දෙ ගෙදර
ගම්පෙරළිය
තාරාදේවී
ඇඩ්‍රස් නෑ

මේ ලංකාවේ කලාකාරයෙක්ට තියෙන ලෙජන්ඩරිම CV එකක්

සුබ ගමන් ජැකා 🤍🏳

🏳️
09/10/2023

🏳️

07/10/2023

මාධ්‍යවේදියාගේ හැසිරීම ඔබ අනුමත කරනවද?

#නොදැක්කපැත්ත

ජ්‍යෝතිර්වේදි ඉන්දික තොටවත්ත මහතාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බ...
06/10/2023

ජ්‍යෝතිර්වේදි ඉන්දික තොටවත්ත මහතාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

ආගමික ඇදහිලි සහ විශ්වාසයන්ට අපහාස කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.


අපේ Whatsapp Channel එකත් එක්ක එකතු වෙන්න.
https://whatsapp.com/channel/0029VaAWai9E50UhcrFCpE0P

බාල වයස්කාර පිරිමි ළමයෙකුට බරපතල ලිංගික අපයෝජනයක් සිදුකිරීම සම්බන්ධයෙන් හිඟුරක්ගොඩ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට...
03/10/2023

බාල වයස්කාර පිරිමි ළමයෙකුට බරපතල ලිංගික අපයෝජනයක් සිදුකිරීම සම්බන්ධයෙන් හිඟුරක්ගොඩ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිඟුරක්ගොඩ අධ්‍යාපන කලාපයේ පාසලක ගුරුවරියක් මේ මස 22 දක්වා රිමාන්ඞ් බන්‍ධනාගාර ගතකරන ලෙසට හිඟුරක්ගොඩ මහෙස්ත‍්‍රාත් සනත් නානායක්කාර මහතා නියෝග කළා.

මෙසේ රිමාන්ඞ් බාරයට පත් කරන ලද්දේ හිඟුරක්ගොඩ පදිංචි 26 හැවිරිදි විවාහක කාන්තාවකි.

මෙම ගුරුවරිය තමන් සේවය කරන පාසලේ ඉගෙනුම ලබන බාල වයස්කාර පිරිමි දරුවෙකු මාපිය බාරකාරත්වයෙන් බැහැරව අපහරණය කර බරපතල ලිංගික අපයෝජනයක් සිදුකර ඇති බවට විමර්ශන වලදී අනාවරණය වී ඇතැයිද මෙම පිරිමි දරුවා මාතලේ ප්‍රදේශයට රැුගෙන ගොස් රහසිගතව නිවෙසක සඟවාගෙන සිටියදී අත්අඩංගුවට ගනු ලැබූ බවද පොලීසිය සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු වාර්තා කළා.

මධ්‍යම පරිසර අධිකාරිය තනි භාවිත සහ කෙටිකාලීන ප්ලාස්ටික් තහනම් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය හෙට (01) සිට ක්‍රියාත්මක බව...
30/09/2023

මධ්‍යම පරිසර අධිකාරිය තනි භාවිත සහ කෙටිකාලීන ප්ලාස්ටික් තහනම් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය හෙට (01) සිට ක්‍රියාත්මක බව පවසනවා.

ඒ අනුව ගැසට් පත්‍රය කඩ කරමින් කටයුතු කරන ව්‍යාපාරිකයින්ට එරෙහි ව නීතියමය පියවර ගන්නා බවයි එහි සභාපති සුපුන් එස්.පතිරගේ මහතා සඳහන් කළේ.

සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ඔක්තෝබර් 01 වැනිදා සිට ඊට අදාළ වැටලීම් ද සිදු කිරීමට පියවර ගන්නා බවයි.

ධනා නිදහස්..💙ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක නිදොස් කොට නිදහස් කිරීමට ඔස්ට්‍රේලියානු අධිකරණය තීන්දු කර තිබෙනව...
28/09/2023

ධනා නිදහස්..💙

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක නිදොස් කොට නිදහස් කිරීමට ඔස්ට්‍රේලියානු අධිකරණය තීන්දු කර තිබෙනවා.

ඊට අදාළ නඩු තීන්දුව සිඩ්නි ඩව්නිං සෙන්ටර් දිස්ත්‍රික් උසාවියේදී අද ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

සිදු වීමට අදාළ සියළු කරුණු සලකා බලා විනිසුරු සාරා හගෙට් විසින් මෙම තීන්දුව ලබා දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

පසුගිය 21 වැනිදා ධනුෂ්කගේ නඩු විභාගය දිස්ත්‍රික් අධිකරණයේ දී අවසන් කෙරුණා.

27/09/2023

World Cup 2023
Without Them 😔💔

🔴 Dhanushka Gunathilakaගේ චැට් එක..
27/09/2023

🔴 Dhanushka Gunathilakaගේ චැට් එක..

🫣😁
27/09/2023

🫣😁

26/09/2023

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලාන තරඟාවලියට..❤️🇱🇰

ලෝක කුසලානයට සහභාගී වන කණ්ඩායමඉන්දියාවේ දී පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලාන තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම නම...
26/09/2023

ලෝක කුසලානයට සහභාගී වන කණ්ඩායම

ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලාන තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම නම් කර තිබේ.

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ අනුමැතිය හිමිව ඇති මෙම කණ්ඩායමේ නායකත්වය දසුන් ශානක විසින් දරයි.

අනුමැතිය හිමිව ඇති කණ්ඩායම මෙසේය.

දසුන් ශානක (නායක)
කුසල් මෙන්ඩිස් (උප නායක)
පැතුම් නිස්සංක
කුසල් ජනිත් පෙරේරා
දිමුත් කරුණාරත්න
චරිත් අසලංක
ධනංජය ද සිල්වා
සධීර සමරවික්‍රම
වනිඳු හසරංග (යෝග්‍යතාව මත)
මහීෂ් තීක්ෂණ ( යෝග්‍යතාව මත)
දුනිත් වෙල්ලාලගේ
කසුන් රාජිත
දිල්ෂාන් මධුෂංක (යෝග්‍යතාව මත)
මතීෂ පතිරණ
ලහිරු කුමාර

24/09/2023

Shane Zing ඇවිලෙයි..
ඒ වචන වල ගැම්ම.. 🔥

නිපා වෛරසය ලංකාවට එන්න තියෙන ඉඩකඩ අඩුයිඉන්දියාවේ කේරළය ඇතුළු ප්‍රදේශ කිහිපයක පැතිර සහ මාරාන්තික නීපා වයිරස රෝගය ශ්‍රී ලං...
24/09/2023

නිපා වෛරසය ලංකාවට එන්න තියෙන ඉඩකඩ අඩුයි

ඉන්දියාවේ කේරළය ඇතුළු ප්‍රදේශ කිහිපයක පැතිර සහ මාරාන්තික නීපා වයිරස රෝගය ශ්‍රී ලංකාවට ඇතුළුවීමට ඇති ඉඩකඩ අල්ප බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමාලි කොතලාවල මහත්මිය පැවැසුවාය.
මෙම රෝගය ඌරන්ගෙන් ව්‍යාප්ත විය හැකි බැවින් මෙරට සිටින උරන් සම්බන්ධව අවධානය යොමු කරමින් රෝග නිරීක්ෂ කටයුතු ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බවද අධ්‍යක්ෂ ජනරාල්වරිය සඳහන් කළාය.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවිර මහතා පේරාදෙණියේ පිහිටි සත්ව නිෂ්පාදන හා 7 සෞඛ්‍ය දෙපාර්තමේන්තු කාර්යාලයට ගොස් මෙරට සත්ව නිෂ්පාදන කර්මාන්තය සහ මහජන සෞඛ්‍යාරක්ෂාව සඳහා ගෙන ඇති පියවර සම්බන්ධයෙන් කරුණු විමසීය.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කෘෂිකර්ම අමාත්‍යවරයා පැවසුවේ නිසා වයිරස රෝග තත්ත්වය ලංකාවට ඇතුළුවීම වළක්වා ගැනීම සඳහා වහා රෝග අවේක්ෂණ කටයුතු අරඹින බවයි.

කුරුලු උණ රෝගය මෙ රටට ඇතුළු වීම වළක්වා ගැනීමට හැකි වූවාක් මෙන් නිපා වයිරසයද රටට ඇතුළුවීම වළක්වා ගැනීමට පියවර ගන්නා ලෙස ද අමාත්‍යවරයා එහිදී උපදෙස් දුන්නේය.

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Lanka Gossip posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share


Other News & Media Websites in Colombo

Show All