Trip Eka

Trip Eka Life journey with wife....
ජීවිතේ කියන්නෙම Trip එකක්�
(4)

25/01/2024

අලි කරදර මැද ඉස්කෝලෙ යන පුංචි මල් කැකුලු ටිකක් හොයාගෙන ඊළඟට දඹේයායට..💗🙏

24/01/2024

අපි දෙන්නගෙ එකම විනෝදෙ...😄😄💪

23/01/2024

අපේ රටේ පාරවල් අයිනෙ තියෙන දිය ඇලි ටිකම ඇති මේ රටේ ටුවරිසම් දියුණු කරන්න.

21/01/2024

තනි මිනිසෙකු ඉදි කල ලංකාවේ විශාලතම ගනදෙවි කෝවිල.

20/01/2024

කතා කරන්න බැරි නිසා අවුරුදු 6ක් වෙනකල් ඉස්කෝලේ ගිහින් නෑ..😥 පාසැල් උපකරණ දෙන්න සුදුසු දරුවන් හොයාගෙන යද්දි අහන්න හම්බුන තවත් සංවේදී කතාවක්. අපිට ඕනේ ඒ වගේ අත්‍යාවශ්‍යම දරුවන්ට මේ මේ වැඩේදි උදව් කරන්න.මේ වැඩේට සහයෝගයක් දෙන්න පුලුවන් ඕනම කෙනෙක් 0713663634 whatsapp මැසේජ් එකක් දාන්න. ඒක ලොකුම ලොකු සහයෝගයක්...පිනක් 💗🙏

18/01/2024

ලක්ෂ ගානක ධනය ධර්ම ශාලාවෙ ගොඩ ගහන් ඉන්න හන්තාන සඳගිරි සෑයේ හාමුදුරුවො

17/01/2024

නමක් ගමක් විස්තරයක් හොයාගන්න බැරි උන ලස්සන ජලාශයක්. විස්තරයක් දන්න අය කියාගෙන යන්න...

16/01/2024

හන්තානෙදි හම්බුන ලස්සන යාලුවො ටික.

15/01/2024

අදට සිංදුවක් අහලා ඉන්න වෙනවා...😁 වීඩියෝ එක හදන ගමන් තාම..🙏😘

13/01/2024

රාවණා විනාශ කිරිමේ පාපයෙන් ගැලවීම සඳහා රාමා විසින් ඉදිකළ කෝවිල් පහෙන් එකක් ලෙස සැලකෙන ත්‍රිකුණාමලයේ කෝනේශ්වරම් කෝවිල.

12/01/2024

රට ඉඳි ගස් පිටින් ගෙනල්ලා හිටවපු ලංකාවෙ පුංචි අරාබිය. හරි ලස්සන නගරයක්. කාත්තන්කුඩි නගරය.

11/01/2024

හනුමන්තා කෝවිලක් දැකලා තියෙනවද මීට කලින්. හනුම දේවත්වයෙන් අදහන්න හේතු සහ ඒ ගැන දන්න අය විස්තරයක් කියාගෙන යන්න. හරි ලස්සන නිර්මාණ..🧡🙏🙏

10/01/2024

උත්සාහවන්ත මිනිස්සුන්ට දවසක හරියන්නම ඕනෙ. ඒ අම්මගෙයි තාත්තගෙයි උත්සාහවන්ත කම නිසාමයි ඒ පොඩ්ඩො ටික තෝරගන්න හේතුව උනේ... අපේ වෑයම හොඳම සුදුසුම පිරිසක් හොයලා මේ පාර වැඩේ ලස්සනටම කරන්න...🙏❤️

09/01/2024

දේවානම්පියතිස්ස රජ සමයට, ක්‍රිස්තු පූර්ව දෙවන සියවසට අයිති විහාරය. අද වන විට අසපුව මගින් පරණ දේවල් ප්‍රතිසංස්කරණය කරලා පවත්වාගෙන යන ශ්‍රීමත් ලලාඨ ධාතුව තැන්පත් සේරුවාවිල මංගල මහා විහාරය. ඔයාලාගෙ අදහස් වගේම දන්න දේ කියාගෙනම යන්න...🙏🧡

08/01/2024

මනුස්සයෙක් දරාගෙන ඉන්න පුළුවන් කොළයක් ගැන මීට කලින් අහලා තිබුණද.ලංකාවට ආපු විදිය අදටත් හොයාගන්න බැරි වික්ටෝරියා ලිලී. මේ ගැන විස්තර දන්න අය කියාගෙනම යන්න....🧡💜️

07/01/2024

පොත් පත් ටික දෙන්න හොයාගෙන යද්දි හම්බුන හුරතල් පොඩ්ඩොන්ගෙන් ටික දෙනෙක්. සමහර මිනිස්සු දුප්පත් උනාට එයාලගෙ හිත් හරි පෝසත්. සමහර කතා තිබුනා ඒව පෙන්නන්න බැරි තරම් සංවේදී කතන්දර. ඉතින් අපි කොහොම හරි මේ වැඩේ ලස්සනට කරමු...💪🧡🙏

07/01/2024

ඉන්නල කියන්නෙ ඉතින් සුපිරිම කෑමක් තමයි, ආස අය කවුද ඉන්නෙ.ඇත්තටම ඒ කඩේ කෑම පට්ටම රසයි..😲👌 ඒකයි වීඩියෝ එක upload කරන්න හිතුවෙ. අම්පාර පැත්තෙ යනකොට කාලා බලන්න අනිවාර්යයෙන්ම ..👌

06/01/2024

ඉන්දියාවෙ නෙමෙයි මේ, ලංකාවේ තියෙන විශිෂ්ටතම නිර්මාණ සහිත කාලි අම්මාන් කෝවිල. ත්‍රිකුණාමලයේ ගියොත් අමතක නොකර මෙතනට යන්න. එතරම් විශිෂ්ට නිර්මාණ ගොඩාක් මේ කෝවිල ඇතුලේ තියෙනවා. සුහැම සියුම් නිර්මාණයක්ම බලා ඉන්න ආස හිතෙන තරම් සිත්ගන්නා සුලු ආකාරයට නිමා කරලා තියෙනවා..😍❤️🙏

05/01/2024

ගං වතුරට මැදි වෙලා මේ වගේ මාරාන්තික අද්දැකීම් විඳලා තියෙන්නෙ කවුද තව. එදා රෑ ජීවිතේ වැඩිපුරම බය උන දවසක් ..😟🙄

04/01/2024

කවදාවත් සපත්තු දාලා නැති දරුවො ඉන්න රටක් මේක. ඉගෙන ගන්න ඒ වගේ පොඩි උන්ට හයියක් වෙමු.මේ වැඩේට එකතු වෙන්න පුළුවන් ඕනම කෙනෙක් කතාකරන්න. අපි ඒ පොඩි උන් ටික ගොඩ දාමු. 0713663634.

03/01/2024

ලංකාවෙ ලස්සනම සඳකඩ පහන. සීක්‍රට් බොක්ස් එකත් බලන්ම යන්න ඔහොමම

02/01/2024

ලස්සනම වාන තියෙන වැව පිඹුරත්තෑව , උදා ගම්මානයක් වූ වගයි...💜️😁 💖

01/01/2024

2024 සුබ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම...🙏💪💗

31/12/2023

හේනකට ගිහින් කිරි ඉරිඟු කරලක් පුච්චගෙන කනකොට දැනෙන රස 😋😋 දිව්‍ය භෝජන පරාදයි..😍😋

30/12/2023

මයිනහම දැකලා නැති අයට..💜️ ටිකෙන් ටික ඈත් වෙන අපේ රටේ පරණ පරම්පරාවෙ වටින දේවල්

29/12/2023

අසරණ දෙමව්පියන්ගෙ අහිංසක දරුවො. මේ විඳින දුක් වලින් උඩට එන්න ඒ පොඩි උන්ට අපි එකතු වෙලා පාර පෙන්නමු.. දුෂ්කරම ජීවිත ගත කරන පොඩි උන්ට අධ්‍යාපනයට අවශ්‍ය දේවල් ලබා දෙන වැඩපිළිවෙළ අපි ඉස්සරහටත් අරගෙන යමු කියන එක තමයි සඳගිරි සෑයේ අපේ පොඩි හාමුදුරුවන්ගෙ අදහස උනේ. ඉතින් ඒකට සුදුසුම පොඩි උන් හොයාගෙන ගිය ගමනේ අපිට හම්බුන අය අතරින් කිහිප දෙනෙක් තමයි මේ ඉන්නෙ. ආර්ථික අපහසුතා නිසා පාසැල් ගමන අතරමග නවතින පොඩි උන් ටික කොහොම හරි එකතු කරගෙන උන්ට හයියක් වෙන එක තමයි අපේ අරමුණ. ඒකට සුදුසුම පිරිස හොයාගන්න තමයි අපේ උත්සාහය. හාමුදුරුවෝ ගෙනියන වැඩපිළිවෙළට අපිත් හයියක් වෙමු හැමෝම එකතු වෙමු. මේක රැල්ලක් කරමු මචන්..🙏🙏

28/12/2023

පණ්ඩුකාභය කුමරු රජ වන තෙක් මාමාවරුන්ගෙන් සැඟවී සිටි ගල් ලෙන. දොරමඩලාව.. 😍

27/12/2023

දැන් මෙහෙමනං ඒ කාලෙ කොහොම තියෙන්න ඇතිද. පොලොන්නරු රාජධානිය අපේ රටේ තිබුන ශ්‍රී විභූතිය. ලංකාවෙ මනුස්සයෙක් විදියට බලන්නම ඕන තැනක්.කොයි තරම් ස්වයංපෝෂිත රටක්ද අමන පාලකයො නැතිකරලා දැම්මෙ..😥

25/12/2023

ගල් පර්වතයකට පණ දෙන්න පුළුවන් අති දක්ශයෝ හිටිය රටක් මේක. කාලයක් පස් වලට යට වෙලා තිබුන එකම ගලක පිළිම හතරක් සහිතව සම්පූර්ණ විහාරයම කර ඇති ගල් විහාරය. ඒ තරම් සියුම්ව නිර්මාණ කරන්න කොයි තරම්නං ඉවසීමක් තියෙන්න ඇතිද..🙏😍

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Trip Eka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Trip Eka:

Videos

Share

Category