
14/12/2022
https://www.facebook.com/100088385437253/posts/112793231676858/?app=fbl
1959 ඇරඹුණු සැබෑම දියසෙන් පිළිවෙත බුදු දහම පිණිස මිස ඔටුනු දැරීම පිණිස නොවේ. ඔටුනු දැරූවේද බුදු දහම පිණිසය. ඒ පැවිදිව නොව ගිහිවය. පැවිදිව කලේ ගුණදම් පිරීමය..
හොදින් කියවන්න... (කාගෙත් දැන්ගැන්ම පිණිස බව සිහියට ගන්න.)
දකුණු ලක මාතර කපුදූව සුන්දර ගම් පියසේ කේ. පී. එළියස් හා බී. හින්නිහාමි මව්පියන්ට දාව 1913 ජුනි මස 28 දින මහා ලාභී වූ සීවලී මහරහතුන්වහන්සේට සමකලහැකි යෝග පල අතින් අනූන මහේශාක්‍ය යෝගය උදාව පැවති සමයක බඹ මොහොතකට සමීප බ්‍රහ්ම මන්ඩලයේ කිරණ විහිදෙන සුබ නැකතක දෙවු ලොවින් බැස මේ මනුලොව උපත ලද පින්වත් පුත් රුවනකි.
කල් යත්ම පෙර සසර කළ මහ පින් ඇතිව සිටි උන්වහන්සේට පෙර පැතුම් බලයෙන් හා නොයෙක් ආත්ම වල මුලු රටේත් පලාත් වලත් රජ කිරුළ දරමින් ඉදිකල වෙහෙර විහාර,වැවු අමුණු,ලිවුව පත පොත ආදී පින් දහම් වල බලයෙන් බුදු සසුන වෙනුවෙන් පෙර බුදුරජාණන්වහන්සේලා ඉදිරියේද කළ පැතුම් ඇති නිසාවෙන් හෙතෙම දොළොස් වස් ළමා වියෙහිදීම 1925 මාර්තු 12 දින එකල කඹුරුපිටිය හොරපාවිට ශ්‍රී විජයසුන්දරාරාමාධිපති ගැටමාන්නේ පඤ්ඤාජෝති ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් පැවිදි දිවියට පත්ව කපුදූවේ සිරිගුණාලංකාර නමින් සසුනට එක්විණ.
මනුලොවට පෙර පැතුමකට පැමිණ දියසේන නොව "දියසෙන්" ලෙස අප්රකටව නමුදු සිරිගුනාලංකාර ලෙස සුපතල පැවිදි ජිවිතයක් ගතකල අධ්‍යාත්මික ගුණ වගාවෙන්,ශීලයේ බලයෙන් හෙබි චින්තන ශක්තියෙන් "සිතේ" බලයෙන් දියසෙන් නමින් පුද්ගලයෙක් නොව බලයක් විසුරුවා හැර මහා පිරිසක් මිසදුටු කමින් මුදවා සමිඳුටු කමට මාර්ගෝපදේශකත්වය දී රට, ජාතිය, ආගම සුරක්ෂිත කිරීමේ අති සූක්ෂම මිසදුටු බල නිවාරන ක්‍රමවේදයක් නිර්මාණයට 1959 සැප්තැම්බර් 20 වන දින සිට උන්වහන්සේ අනුබල දුන් සේක.
රටේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවකට ධර්මය කියන්නේ මෙයයි, විනය කියන්නේ මෙයයි මිසදුටු බව කියන්නේ මෙයයි මාරපාක්ෂික බලය මෙයයි කියා උතුම් සම්බුදු දහමම ගෞරව සත්කාර කරගෙන කියා දෙමින් ඒ අනුව ජීවිත හුරුකරවා ඔවුන්ගේ අධ්‍යාත්මික ශක්තිය දියුණු කර පවුලේ යහපත උදාකර දුන් සේක..
උන්වහන්සේ මිථ්‍යා දෘෂ්ටිය බිඳහෙළ සම්යටික් දෘෂ්ටිය කරා ශ්‍රී ලාංකික බෞද්ධයා ගෙන යාමට සමත් වූහ.තුන්සරණ පංචශිල ප්‍රතිපත්ති බලය රට තුල පැතිරීමෙන් බෞද්ධ බලය ගොඩ නැගීම තුලින් නිතිපතා, බොදු දහමින්, පංචශීල ප්රතිපත්තියත් අනුගමනය කිරීමෙන් මනසේ ගොඩනැගෙන නිවැරදි අධ්‍යාත්මික ශක්තිය තුළ ඕනෑම අභියෝගයකට මුහුණ දීමට හැකි බව විශ්වාස කළ සිරිගුණාලංකාර නාහිමියන් ඒ අනුව යමින් ධාර්මිකව දෛනික කටයුතු සිදුකිරීමෙන් පවුල තුළත් සමාජයේත් එමගින් රටටත් යහපත උදාකරගත හැකි බව පසක් කරමින් පංචශීල ප්‍රතිපත්ති ක්‍රමය දිවයින පුරා ව්‍යාප්ත කිරීමට දැඩිවෙහෙසක් ගත්හ. මේ වන විට දිවයින පුරා මෙලෙස සැබවින්ම පන්සිල් රකින ලක්ෂ සංඛ්‍යාත පිරිසක් සිරිගුනාලංකාර මිණිපහන් ආලෝකයෙන් එළිපෙහෙළි කල පිළිවෙත අනුව යමින් සිය ජීවිත ආලෝකවත් කර ගෙන දෙලොව දියුණුව ලැබ සිටිති.
උන්වහන්සේ එකල ප්‍රකාශ කල හැටියට පෙර ඈත සසර කල පැතුමක් අනුව
🌟ද්වීප ඉන්ද්‍ර ,
🌟දිව්‍යනාග
🌟හතරවන රාවණ
🌟විජය කුමරු
🌟පන්ඬුකාභය
🌟කාවන්තිස්ස,
🌟වලගම් අබා වට්ඨ ගාමිණී නොහොත් වළගම්බා
🌟දෙවෙනි දෙටුතිස්,
🌟දෙවෙනි අග්‍රබෝධි,
🌟දෙවෙනි පැරකුම්බා ,
🌟හතරවැනි පැරකුම්බා ,
🌟හයවෙනි පැරකුම්බා ,
🌟කීර්ති ශ්‍රී මේග වර්ණ,
🌟බෝසත් සිරිසඟබෝ,
🌟ධාතුසේන,
🌟කීර්ති කුමාර නොහොත් බෝසත් විජයබාහු,
🌟වෛද්‍ය බුද්ධදාස වැනි ආත්ම වලත් තවද නොයෙක් වර පැවිදි දිවියක් ගතකල ආත්ම ලබමින් මේ හෙල ද්වීපයටත් උතුම් වූ ගෞතම බුද්ධ ශාසනයට අමිල සේවයක් කල පෙර සසරේ කල මහා පුන්‍යකර්මයන්ගේ බලය හා පැතුම් ඇති අනාගතයේ පහලවන මෛත්‍රී බුදුරදුන්ට පිය පදවියට පාරමිතා සම්පූර්ණ කල ශ්‍රෙෂ්ඨ උත්තමයෙකි.
අදට බුද්ධාංතර බොහෝ කලකට එපිට රජවරු දොලොස් දෙනෙකුගෙන් හෙබි පෙර මෙසිරිලක සමනල කදු පාමුල රජකම් කල රාවන රාජ වංශයේ පහලවුන පලවන රාවනයන්ව සිට පෙරුම්දම් සම්පූර්ණ කර මේ මහාබද්රකල්පයේ මතු අනාගතයෙහි මෛත්‍රිය නම් සර්වඥතා ඥානය ලබන්නාවූ දිව්‍යරාජයානන් වහන්සේ නමක් තුසිත දෙවුලොව වැඩවසන්නේය ඒ දිව්යරාජයානන්ගේ දෙටු සොහොයුරු කණිටු සොයුරු වශයෙන්ද පෙර එම රාවණ රාජවංශයේ හතරවන රාවණව ඉපිද සිටි ද්විපඉන්ඳ්ර තෙමේ එනම් (සිරිගුනාලංකාර මහනාහිමියන්)ආත්මභාව තුන් සියයක් පමණ උපතලැබීය.
පැරණි දෑ විචාරණය කරන්නන් ඒවා අනුමත කරන්නන් හා විවේචනය කරන්නෝ කුමක් කීවද "යමක සාලානං අන්තරස්මිං තතාගතස්ස නිබ්බාතුං සයිත
ථිරමති විජය නාමකෝ කුමාරෝ ලංකායං තම්බපණ්ණිදීපෙ
ඔතිණ්ණො "
“මා සසුන මෙහි සුරැකෙන්නේ ය”
යැයි ලෝකශිවංකර දසබලධාරී සර්වඥරාජෝත්තම ශ්‍රීමත් සුගත තථාගත සිද්ධාර්ථ ගෞතම සම්බුද්ධ වීර භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් මංචකයේ පැතපී හොවා සිට අධිශ්ඨාන කරන ලද එදින මේ සිරිලක සම්බුදු සසුන සවිමත් කරනු වස්,මෙසිරිලක පෙර සිට පැවති රාවන රාජවංශය අභාවයට යාමෙන් තැනින් තැන අවශේෂව රජුන් නොමැතිව අරාජිකව තිබූ ලක් මව රජුන් සහිතව විජය ලද්දියක් කිරීමට පෙර සසර කල පෙරුම් දම් පිරි ඒ මහා යුග පුරුෂයෝ බුද්ධ අධිෂ්ඨාන පෙරදැරිව එදා ජන්බුද්දීපයෙන් නැවු නැගී තම්බපණ්ණි ද්වීපයට ගොඩ බට විජය කුමරුගේ සිට පන්ඬුකාභය,කාවන්තිස්ස ,
වලගම්බා,පැරකුම්බා වැනි ආත්ම වාර විසිගනනක් මේ මුලු සිරිලකටත් වරින්වර ප්‍රදේශ වලටත් අධිපතිව රාජ කිරුළු පැලැඳ අවසන් වරට රට ජාතිය ආගම වෙනුවෙන් අතට ගත් අසිපත බිම තබා දෙවුලොව මහේශාක්‍ය බෞද්ධ දිව්යදේවථාවන්ගේ ආරාධනා ලැබ යතීන්ඳ්ර වෙස් ගෙන සිරිගුනාලංකාර නමින් යලි ලක් පොලොවේ පා තබා වැදගත් සාසනික සිදුවීම් රැසකට පසුබිම නිර්මාණය කල ඒ ජෝතිමත් මිණි පහන 1986 ජුනි 28 දින 73න් වසරක් ආයු වළඳා දිවංගත සයනයේදී සියලු කථා සලලප නිමවා මම යම්හ නැවත එම්හ යි තෙපලා නිවී නික්මී පෙර සිටි තුසිත භවනටම වැඩි සේක.
පන්සිල් රකින දැහැමි සමාජයක් බිහිකිරීම උන්වහන්සේගේ පරම පැතුම විය.පංච ශීල ප්‍රතිපදාවත් සමගම අභීතව බුදු වත් පිළිවෙත් කරනු විනා ඉන් ඔබ්බට නොගොස් නොයැද හා කන්නලව් නොකර සදෙවුලොව මහේශාක්‍ය දිව්‍ය දේව පෙළට පමණක්ම පින් අනුමෝදන් කරන්නට දායක කාරකාදීන් පෙළඹවූ උන්වහන්සේ කෙටි කාල සීමාවක් තුල කර්ම විපාක ආබාධ හැර සුවපත් නොකල හැකි යැයි වෛද්‍යවරුන් ඉවතලූ ලෙඩුන් බුදු පිළිවෙතින් සුවපත් කළේය, බොහෝ නිවාස හා පුද්ගලයන්ට තිබූ අමනුෂ්‍ය දොාස් දුරුකලේය.රට ජාතිය ආගම වනසන මිසදුටු වසවත් මාර පාක්ෂික බලයට එරෙහිව දේව,බ්‍රහ්ම ,නාග,මහිද්ධික සමිදිටු සේනාව සමග සිය දිවියම කැප කරමින දියසෙන් සටනට වීර උදානයට ආර්යය සක්සේනා සුර සංග්‍රාමයකට මාර්ගය පාදා දුන් සේක.
ගරු ස්වාමින් වහන්සේගේ ප්රදිපාලෝක ක්‍රමයෙන් දෙවු,මිනිසුන් ,බඹුන් සහිත වූ ලෝක ධාතුවට සිදුවූයේ මහඟු සේවයකි. මිසදුටු මාරපාක්ෂික බලවේගයන්ගෙන් පිඩා විදි දම් ඇත්තවුන් උන්වහන්සේ සොයාගෙන අවුත් එම සේවය ලබා ගත්තෝය පංචශීලයේ පිහිටා තිසරණ සරණ එකම පිහිට බැවු පසක් කොට ගත්තෝය.අදටත් අප ඒ ප්‍රතිපත්ති ක්‍රමයෙන් දොලොව දියුණුව කෙරවල සසර ගමන නිමාවට වැඩ සලසා ගන්නෙමු.
හැත්තෑව දශකයේ ලංකාද්වීපය ආලෝකමත් කල බොහෝ ජෝතිමත් යතිවරයාණන් සේම උන්වහන්සේගේද ප්‍රාර්ථනාව ලොව්තුරා බුදු වීමයි.
✨මේ හෙල ද්වීපයටත් උතුම් වූ ගෞතම බුද්ධ ශාසනයට අමිල සේවයක් කිරීමට පෙර සසරේ කල මහා පුන්‍යකර්මයන්ගේ බලය හා පැතුම් ඇතිව බුදු සසුනේ ඉදිරි චිරස්ථිතියට වැඩ පිණිස දෙවු ලොවින් බැස මනුලොව පහල වූ
බුද්ධාංකූර වූ සීලාදි ගුණයන්ට ආකරයක් වෙමින් ලෝකසාසනික සේවයක් කරමින් බෝධිසත්ව පාරමි පූර්ණය කරමින් වැඩ සිටි මහෝත්තමයන් වහන්ස.. ඔබවහන්සේ අනාගත බුද්ධෝත්පාදයක තුන්ලොවට පිහිටවන්නට මතු උතුම් ලොව්තුරා බුදුබවම ලබත්වා..!!!🙏🙏🙏
උපුටා ගැනීමකි. පින් අනුමෝදන් කරමි. ලියා තැබුවාට සිරිගුණාලංකාවත් සංස්කාරකට.