Ridmi's Diary

Ridmi's Diary 🤗 Hey lovelys👉 Join my page to colour life beautifully like a rainbow 🌈🌈
(12)

දවසක හවසක එයා ආසම කෑම බීම හදාගෙන ආසම කාටූන් එකක් බලන්න මග බලන් ඉන්නේ මමRid ❤️
18/02/2025

දවසක හවසක එයා ආසම කෑම බීම හදාගෙන ආසම කාටූන් එකක් බලන්න මග බලන් ඉන්නේ මම

Rid ❤️

කොත්තු මී කියන්නේ ඉතින් කොච්චර කන්නේ නැහැ කියලා හිතුවත් ඉඳලා හිටලා කන්න හිතෙන කෑමක්....Ridmi ❤️
18/02/2025

කොත්තු මී කියන්නේ ඉතින් කොච්චර කන්නේ නැහැ කියලා හිතුවත් ඉඳලා හිටලා කන්න හිතෙන කෑමක්....

Ridmi ❤️

17/02/2025
මේවා කන්න ආස අය ඉන්නවද
17/02/2025

මේවා කන්න ආස අය ඉන්නවද

දවසක් මට කමේන්ට් එකක් ඇවිත් තිබුනා " බබත් එක්ක ඔයා හරි ලස්සනට වැඩ මැනෙජ් කරගෙන ඉන්නවා" කියලා. ඇත්තටම මට ඒ කමේන්ට් එක දැක...
17/02/2025

දවසක් මට කමේන්ට් එකක් ඇවිත් තිබුනා " බබත් එක්ක ඔයා හරි ලස්සනට වැඩ මැනෙජ් කරගෙන ඉන්නවා" කියලා. ඇත්තටම මට ඒ කමේන්ට් එක දැකලා පුදුම හිතුනා. පේජ් එකේ මාත් එක්ක ඉන්න ගොඩක් අය මේ විදියට හිතනවා ඇති නේද කියලා මට ඒ වෙලාවේ හිතුනා. ඇත්තටම මම බබා එක්ක කිසිම දෙයක් තාමත් මැනෙජ් කරගෙන නැහැ. බබා හම්බවුන අලුත මමත් Phone එකේ අනික් අම්මලා බබාලා එක්ක ඉන්න විදිය බලලා ගොඩක් දුක් වුන කෙනෙක් අනේ මට විතරක් ඇයි මෙහෙම ඒකට අනික් අම්මලා කොච්චර ශෝක් එකට ඉන්නවද කියලා. එහෙම හිතෙන කොට ගොඩක් ස්ට්‍රේස් වෙන්න ගන්නවා අපිව. කිසිම දෙයක් හිතපු වෙලාවට කරගන්න බැරි වෙද්දී. මට ඕන වැඩේ ඕන විදියට කර ගන්න බැරි වෙද්දී මට සෑහෙන්න කෙන්ති ගියා. ඉතින් තාමත් ගොඩක් දේවල් එහෙමයි. මගේ අත් දෙක වගේ හයියට මාව අල්ලගෙන ඉන්නේ මගේ හස්බන්ඩ්, මගේ අම්මා මගේ පුංචි මේ තුන් දෙනා බබා හම්බවුන වෙලාවේ ඉඳලා මාව තාමත් අත්නොහැර අල්ලන් ඉන්න නිසා තමයි මම මේහෙම හරි මේ දේවල් කර ගන්නේ.

මගේ බබා ලැබුන වෙලාවේ ඉඳලම නොනවත්වා අඬපු කෙනෙක්. බබා එක්ක පුංචි දවස් වල පින්තූරයක් වත් මාත් එක්ක නැහැ. ඒ තරම් කලබලෙන් තමයි අපි එයා ලැබිලා මාස ගානක් යනකන් හිටියේ. බබාට කෝලික් තිබුනා දරුණුවටම. ඒ නිසා එයා ඉපදිලා මාස 1ක් යනකන් මම පුදුම දුකක් වින්දා. ඊට පස්සේ මගේ බබාගේ ඩොක්ටර් මාරු කරලා ඩොක්ටර් සමන්තගෙන් බෙහෙත් ගත්තට පස්සේ තමයි පුංචි සහනයක් ආවේ. එත් එයාගේ ඇඬිල්ල නතර වෙන්න මාස 3ක් ගියා. ඉතින් මුල් මාස 3ම අඬන නිසා එයා අපේ අතේමයි හිටියේ. මම මගේ අම්මා පුංචි අපි මාරුවෙන් මාරුවට එයාව නිදි කරවගෙන තුරුලේ තියන් ඉන්නවා එතකොට උණුසුමට නින්ද යන්න. අන්තිමට මාස 3 ඉවර වෙද්දී එයා අතට හුරු වෙලා. කිසිම විදියකින් බිම තියා ගන්න බැරි වුනා. බබා වෙනුවෙන් කෙනෙක් ඉන්නම ඕන වුනා. බබා ගොඩක් කරදර කරන්න ගත්තා.තාමත් බබා දවල්ට නිදා ගද්දී කකුලේ දාගෙන ඉන්නම ඕන කවුරු හරි ඇඳෙන් තිබ්බොත් පොඩ්ඩ වෙලාවකින් ඇහැරෙනවා. බබා හම්බවෙලා මුල් මාස 3ක් යනකන්ම මගේ අම්මා තමයි අපිට උයලා කන්න දුන්නේ. හස්බන්ඩ්ගේ කෑම බීම වගේම බබා බලන්න ගෙදර එන අයට තේ පවා හදලා දුන්නේ මගේ අම්මා. ඒ තරම් අමාරු කාලයක් වුනා අපිට ඒක.

බබා ලැබිලා පලවෙනිදවස් විසි එකක් මගේ අම්මයි හස්බන්ඩ්නුයි එක දිගටම ඇහැරගෙන හිටියා බබා එක්ක. මට නිදා ගන්න දීලා. බබාට කිරි ඕන වුනාම මට කිරො දෙන්න කියලා ආපහු බබා එක්ක එයාලා ඇහැරගෙන ඉන්නවා. මාසෙකින් පස්සේ මම බබාට රෑට නිදියන එක එකම වෙලාවක කරන්න පුරුදු කරා. මාසයක් වගේ එකම වෙලාවට නිදි කරවද්දී ඒකට එයා පුරුදු වුනා. රෑ 7ට නිදා ගත්තට පස්සේ තමයි මට ටිකක් සහනයක් ලැබුනේ. ඒ වෙද්දී අපි රෑ කෑම හදාගන්න පුරුදු වුනා. මාස 3 න් පස්සේ හස්බන්ඩ් ඔෆිස් ගෙනියන්නත් මම කෑම උයන්න පුරුදු වුනා. මොකද අම්මට ගොඩක් වැඩ තියන නිසා එයාට හැමතිස්සේම වද දෙන එක මගේ හිතට හරි නැහැ. හැබැයි උයපු දවස් වලට වඩා කඩෙන් කාපු දවස් වැඩි වුනා. එක දිගට සමහර දවස් වලට කඩෙන් කෑවා. මොකද බබාට කිරි දෙන කොට මට ගොඩක් බඩගිනි. අපි කෑම හැදුවේ නැහැ කියලා දැනුන ගමන් අම්මා මට කෑම අරන් එනවා.

මේ වෙනකන් කවදාවත් මට උයන්න බැරි වෙනවා කියලා හස්බන්ඩ් මුකුත්ම කියලා නැහැ. මට උයා ගන්න බැරි වෙලා කියලා දැනුන ගමන් එයා ගිහින් කඩේන් බත් එකක් අරගෙන එනවා. ඔෆිස් ගිහින් ඇවිත් ගෙදර මට කරගන්න බැරි වෙච්ච වැඩත් ඔක්කොම කරන්නේ එයා. බබා ලැබුනට පස්සේ අද වෙනකන් අපෙයි බබාගේයි රෙදි මැශින් එකට දාලා හොඳලා වෙලලා නවලා අල්මාරි වලට දාන්නේ එයා. බබාගේ රෙදි ඔක්කොම අයන් කරලා කබඩ් වලට දාන්නේ එයා. සතියකට දවසක් වැඩට කෙනෙක් දම්මවලා ගෙවල් වටේ අතුගාලා සුද්ද කරවලා දෙන්නේ එයා. ඒ අතරේ අපේ අඩුපාඩු බලලා අපිව සතුටු හිතෙන දේවල් කරන්නේ එයා. අපිව එලියට එක්ක ගිහින් හිත නිදහස් කරගන්න ඉඩ දෙන්නේ එයා. ඇත්තටම ඒ නිසා මට නිදහසක් තියනවා.

මගේ පුංචි කිලෝමීටර් ගානක් දුර ඉඳන් හැමදාම ඇවිත් බබා බලාගන්න උදව් කරනවා. මගේ අම්මා ගැන කතා කරන්න වචන නැහැ මම වෙලාවකට අම්මා දිහා බලාගෙන හිතනවා එයා කොහොමද මෙච්චර වැඩ කරන්නේ කියලා. ඒ තරම් හැම දෙයක්ම දරාගෙන ඉන්නවා. මගේ අම්මයි පුංචි මටත් වඩා ආදරෙන් මගේ දරුවා බලා ගන්න නිසා මගේ හස්බන්ඩ් මගේ හැම දේකටම උදව් කරන නිසා මම තාමත් නිදහසේ ඉන්නවා නිදහසේ නානවා කෑම කනවා. එයාලා නිසා තමයි මට ටිකක් හරි නිදහසක් තියෙන්නේ.

ඉතින් අපි මේ ඔක්කොම කරන අතරේ මගේ අම්මාම්මා තමයි අපිට හැමදාම කෑම උයලා කන්න දෙන්නේ. ඇත්තටම දරුවෙක් හදන්න තනියම බැහැ. සමහර අයට පුලුවන් ඇති හැබැයි මට බැහැ. මට මුළු පවුලම උදව් කරා මේ මුළු අවුරුද්ද පුරාවටම පරිස්සමින් දශෝරාව ලොකු කරගන්න. අන්න ඒ නිසා මම දැන් හිමින් හිමින් ආපහු මේ ජිවීතේට හුරු වෙමින් ඉන්නවා. ඔයාලට පේන මගේ ජිවීතේ පිළිවෙල කරගන්න උදව් කරන පිරිස තමයි මේ. මාවයි බාබාවයි දෙන්නම එක වගේ ආදරෙන් බලා ගත්ත මේ හැමෝටම මම හැමදාම පිං දෙනවා.

〰️ Ridmi 〰️

රයිස් නූඩ්ල්ස් එක්ක බිත්තරයක් බැඳලා කුකුල් මස් බොර. මේ කෑම එක නම් අම්මා හදපු එකක්. Ridmi ❤️
17/02/2025

රයිස් නූඩ්ල්ස් එක්ක බිත්තරයක් බැඳලා කුකුල් මස් බොර. මේ කෑම එක නම් අම්මා හදපු එකක්.

Ridmi ❤️

අද නිවාඩු දවසක් වුනාට ඊයේ ඉඳලම මම ගොඩක් කාර්‍යබහුල වෙලා ඉන්නේ ඉතින් ඒ නිසා ඉක්මනට ලේසියෙන් හදාගන්න පුලුවන් ලන්ච් එකක් තම...
16/02/2025

අද නිවාඩු දවසක් වුනාට ඊයේ ඉඳලම මම ගොඩක් කාර්‍යබහුල වෙලා ඉන්නේ ඉතින් ඒ නිසා ඉක්මනට ලේසියෙන් හදාගන්න පුලුවන් ලන්ච් එකක් තමයි හදා ගත්තේ. කලින් මැරිනේට් කරලා තිබුන තන්දුරි චිකන් වින්ග්ස් ටික එයාර් ෆ්‍රයර් එකෙන් බැඳලා අරගෙන පරිප්පු කිරට උයලා එළවළු බත් හදා ගත්තා. ඉක්මනට හැදුවට ගොඩක් රසට තිබුනා.

Ridmi ❤️

කියලා ලැබෙන මල් වලට වඩා නොකියා ලැබෙන මල් වලට තමයි කෙල්ලෝ ආසම 😍😍😍〰️ Ridmi 〰️
15/02/2025

කියලා ලැබෙන මල් වලට වඩා නොකියා ලැබෙන මල් වලට තමයි කෙල්ලෝ ආසම 😍😍😍

〰️ Ridmi 〰️

අවුරුදු 9ක් මේ මාසේට අපේ ආදරේට  2016/02 මාසේ තමයි අපේ ආදර කතාව පටන් ගත්තේ. හරිම ලස්සනට නිදහසේ ආදරේ කරපු අපි අපේම වෙන්නේ ...
14/02/2025

අවුරුදු 9ක් මේ මාසේට අපේ ආදරේට 2016/02 මාසේ තමයි අපේ ආදර කතාව පටන් ගත්තේ. හරිම ලස්සනට නිදහසේ ආදරේ කරපු අපි අපේම වෙන්නේ 2020 දී ඉතින් මේ අවුරුද්දට අවුරුදු 5ක්. එයාව බැන්ඳට පස්සේ තමයි මට තෙරුනේ ජිවීතේ කියන්නේ මොනතරම් ලස්සන දේයක්ද ආදරේ කියන්නේ කොයි තරම් සුන්දර දෙයක්ද කියලා. දවසින් දවස ආදරේ වැඩි වෙද්දී ඒ ආදරේ තෑග්ග අපි ගාවට ආවේ 2024 දී තවත් අපේ ආදරේ වැඩි කරගෙන. දැන් ඒ පුංචි තෑග්ගට අවුරුද්දක්. අවුරුදු ගානක් තිස්සේම මේ තරම් ආදරෙන් මාව බලා ගන්න එයාට මම හැමදාමත් ප්‍රාර්ථනා කරන්නේ හිතන පතන හැමදේම ලැබෙන නීරෝගිමත් ජිවීතයක් ලැබෙන්න කියලා. ඉතින් මට මේ ආදරේ පුදුම සැනසීමක්. මුළු ජිවිත කාලේටම ආදරෙන් එකම සහාකාරයෙක් එක්ක හදවතින්ම ඉන්න ලැබෙන්නත් සසරේ අපි හුඟක් පිං කරලා ඇති. ඉතිං ආදරේට හැමදාමත් ආදරේ කරන්න. එවිට ආදරය නිරතුරුවම ඔබ අසල තියේවී.

Happy Valentines Day My Love ❤️
〰️Ridmi〰️

කකුළුවෝ ටිකක් හිටියා ෆ්‍රිජ් එකේ ගල් ගැහි ගැහි. තවත් සීතලේ ඉන්න දෙන්න බැහැ නේ පව් නේ කියලා හිතලා. හොඳ කකුළුවෝ හොද්දක් හද...
13/02/2025

කකුළුවෝ ටිකක් හිටියා ෆ්‍රිජ් එකේ ගල් ගැහි ගැහි. තවත් සීතලේ ඉන්න දෙන්න බැහැ නේ පව් නේ කියලා හිතලා. හොඳ කකුළුවෝ හොද්දක් හදලා ගත්තා. ඒකටම පරිප්පු කිරට උයලා තෙම්පරාදු කරලා ගෝවා කොල තෙල් දාලා ගත්තා.

Ridmi ❤️

12/02/2025

Rs.200 ට 300ට Temu එකෙන් මම ඔර්ඩර් කරපු දේවල්

මේ කෑම එක බබා එක්ක Water World බලන්න ගිය දවසේ දවල්ට කන්න අපි දෙන්නට හදාගෙන ගිය කෑම එක. ලොකු ලොකු දේවල් කරන්න වෙලාවක් තිබ...
11/02/2025

මේ කෑම එක බබා එක්ක Water World බලන්න ගිය දවසේ දවල්ට කන්න අපි දෙන්නට හදාගෙන ගිය කෑම එක. ලොකු ලොකු දේවල් කරන්න වෙලාවක් තිබුනේ නැහැ
කීරි සම්බා බතට
පරිප්පු කිරට උයලා
ටූනා මාළු ඩෙවල් එකක් දැම්මේ. කෙසෙල් කොලේක ඔතාගෙන ගිහින් කනකොට නම් පුදුම රසක් තිබුනේ. මම කොහොමත් කැමති එකක් කිරට උයලා අනික තෙලට හදන්න එතකොට ගොඩක් රසයි 😋

ගැඹුරු තෙලේ බදින්නේ නැතුව හදන මගේ මාළු ඩෙවල් රෙසපිය මෙතනින් බලන්න : https://www.facebook.com/share/v/14hA742utd/?mibextid=wwXIfr

Ridmi ❤️

11/02/2025

වත්තල අවට පරණ වලව්වක් , බංගලාවක් වගේ තියන තැනක් දන්නවද?
Vintage Photo Shoot එකකට

11/02/2025

දොළදුක් වලට හදපු කෑම 😍

10/02/2025

ආච්චිලා හදන කෑම කන්න ආස මම විතරද
ඒවයේ තියෙන්නේ පාරම්පරික රසක්
😋😋😋😋

කවුරු හරි කියන්නකෝ මේ වගේ සමෝසා ගන්න තැනක්...
10/02/2025

කවුරු හරි කියන්නකෝ මේ වගේ සමෝසා ගන්න තැනක්...

බබා ලැබෙන්න ඉන්න කාලේ මට මාර දොළදුකක් ආවා. ඉවසගන්න බැරි තරම් ආසාවක් ආවා පැණි වළලු කන්න. හැබැයි ඒ ආසාව ආවේ අවුරුදු ගානකට ...
10/02/2025

බබා ලැබෙන්න ඉන්න කාලේ මට මාර දොළදුකක් ආවා. ඉවසගන්න බැරි තරම් ආසාවක් ආවා පැණි වළලු කන්න. හැබැයි ඒ ආසාව ආවේ අවුරුදු ගානකට කලින් කෑගල්ලේදී මම කාපු පැණි වළලක රස මතක් වෙලා. එහෙම එකක් කන්න. හස්බන්ඩ් මට එක එක පැණි වළලු ගෙනත් දුන්නා. ඒ එකක්වත් අර රස නෙමෙයි නිසා මගේ දොළදුක සන්සිඳුනේ නැහැ. මාස 3 ටත් වඩා එක දිගටම ඒ ආසව තිබුනා. ඒ අතරේ තමයි සුදු නෝනා's Tasty Food Collection එකේ අක්කා එයාගේ අම්මා ගමේන් ගෙනාවා කියලා පැණි වළලු වීඩියෝ එකක් දාලා තිබුනේ. අනේ මම අක්කට ඉක්මනට මැසේජ් එකක් දාලා මගේ ආසාව කිව්වම මට ඒ පැණි වළලු හදන තැනින් පැණි වළලු අරගෙන එවන්නම් කියලා කිව්වා. සුදු අක්කාට ගොඩක් පිං සිද්ද වෙනවා මගේ ආසාව ඉශ්ඨ් කර ගන්න උදව් කරාට.

ගොඩක් දුරක ඉඳන් ගේන නිසා ඉක්මනට ගෙන්න ගන්න විදියක් හිත හිත ඉන්න කොට. එයාලගේ මල්ලී කෙනෙක් වත්තලට වැඩට එනවා කියලා එයාගේ අතේ තමයි පැණි වළලු උණු උණුවෙම එව්වේ. උදේ පාන්දරම හස්බන්ඩ් ගිහින් පාර්සලේ අරන් ආවා. අම්මෝ ගෙනාපු ගමන් උදේ කියලා බැලුවේ නැහැ ඇති වෙන්න කෑවා. එහෙම ආසාවෙන් ඉඳලා කනකොට පුදුම සැනසීමක් දැනෙන්නේ. මම හිතුව රසටත් වඩා ඒ පැණි වළලු රසට තිබුන නිසා මම මාරම ආසාවකින් කෑවේ. කොච්චර ආසාවක් තිබ්බද කිව්වොත් පැණි වළලු 50 ක් ගෙන්න ගත්තට පින්තූර ගන්න මතක් වෙද්දී මෙච්චරයි ඉතුරු වෙලා තිබ්බේ.

ඔයාලත් ප්‍රේග්නට් කාලේ මෙහෙම ආසාවෙන් කාපු දේවල් තියනවද?

Ridmi ❤️

Address

Wattala
Colombo
11300

Telephone

+94779219365

Website

Alerts

Be the first to know and let us send you an email when Ridmi's Diary posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ridmi's Diary:

Videos

Share