31/12/2024
අද මේ 2024 අවසානම දවස පුතේ...
ඔයා ගැම්මෙන් පටන් ගත්ත
2024 හෙටින් පස්සෙ
ඔයාට සදහටම අතීතයක්....
ඒ අතීයේ ඔයාට වරදින්න ඇති,
ඔයා කඩාගෙන වැටෙන්න ඇති
ඔයාට බෝහෝ දේ නැතිවෙන්න ඇති
සතුට , සැනසීම හොයපු ඔයාට
දුක වේදනාව උහුලගන්න අමාරු තරමටම
දරාගන්න වෙන්න ඇති,
ව්ශ්වාසකරපු මිනිස්සු ඔයාව අත්හරින්න ඇති,
ලගම හිටිය මිනිස්සු ඔයාව පහත් කරලා ව්වේචනය කරලා හිතින් කඩාවට්ටන්න ඇති,
ඔයාගෙන් උන වරදක් අල්ලගෙන ඔයාට පුදුමාකාර ව්දියට අපහාස කරන්න ඇති,
කමක් නෑ පුතේ....
ගෙවුන 2024 න් ගත යුතු හොද අරගෙඅ පියනගමු අලුත් 2025 අවුරුද්දට....
පුතේ ජීව්තේ දිනුවේ වැරදුන මිනිස්සු
ලොකේ දිනුවේ වැටුන මිනිස්සු
ලොකේ දිනුවේ නැතිම වුන තැන් පටන් ගත්‍ත මිනිස්සු
ලොකේ දිණුවේ දුක , වේදනවා දරාගත්ත තමන්ගේ හීන, බලාපොරොත්තු වෙනුවෙන් වැඩ කරපු මිනිස්සු.
එහෙම නම් පුතේ
පටන් ගන්න කාලය ඇව්‍ත්...
පුතේ අද 31 රෑ උඹේ හිතට ලොකු පොරොන්දුවක් දෙන්න ඔනීමයි ඔයා
2025 දී මම
මගේ ජීව්තේ දිනවාමයි
කියන පොරොදුව දීලා
පටන් ගනින් පුතේ
ඔයාගේ හීන වලට බලාපොරොත්තු වලට
මේ මහපොළව මත
පණ දෙන 2025 වර්ෂයක්......
ඔබට ජය...
යුවති - ප්‍රධාන කතෘ