Ada Gasma

Ada Gasma Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ada Gasma, News & Media Website, 320, T. B JayaMawatha, Colombo.

01/03/2024

පසුගිය වසරේ නව HIV රෝගීන් 694ක් වාර්තා වී තිබෙනවා. එය 2022 වසරට සාපේක්ෂව 14.3%ක වැඩි වීමක්.

ශ්‍රී ලංකාවේ 36 වැනි පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා අද (29) නිල වශයෙන් වැඩ භාර ගත්තා.ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්...
29/02/2024

ශ්‍රී ලංකාවේ 36 වැනි පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා අද (29) නිල වශයෙන් වැඩ භාර ගත්තා.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහ වැඩබලන පොලිස්පති තෙන්නකෝන් මහතා නව පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණේ පසුගිය පෙබරවාරි 26 වැනිදායි.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පොලිස්පති තෙන්නකෝන් මහතා වෙත නිල පත්වීම් ලිපිය පිළිගැන්වුවා.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41C.(1) සහ 61E.(b) වගන්තිවල දක්වා ඇති නියමයන්ට අනුකූලව මෙම පත්කිරීම සිදුකර ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පැවරී ඇති බලතල යටතේ බව ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කළා.

ශ්‍රී ලංකාවේ තැඹිලි සඳහා සැලකිය යුතු විදේශ ඉල්ලුමක් ඇති නමුත් දේශීය වගා බිම් වල හිඟය හේතුවෙන් ඉල්ලුමෙන් 10%ක්වත් සපුරා ග...
29/02/2024

ශ්‍රී ලංකාවේ තැඹිලි සඳහා සැලකිය යුතු විදේශ ඉල්ලුමක් ඇති නමුත් දේශීය වගා බිම් වල හිඟය හේතුවෙන් ඉල්ලුමෙන් 10%ක්වත් සපුරා ගැනීමට අපහසුතා පවතින බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළා.

මැදපෙරදිග රටවල තැඹිලි සඳහා ඉහළ ඉල්ලුමක් පවතින බව ඔහු අවධාරණය කල අතර ඇතැම් අපනයනකරුවන් ලාභයට බලපාන පරිදි මිල අඩු කරන විට අභ්‍යන්තර තරඟයක් පැන නගින බව සඳහන් කළා.

රුපියල් 2000 පමණ මිල පවත්වා ගැනීමෙන් අපනයනකරුවන්ට මෙන්ම වැවිලිකරුවන්ටද ප්‍රතිලාභ ලැබිය හැකි බව අමරවීර මහතා යෝජනා කළා. හිඟය පියවා ගැනීම සඳහා නව වැඩපිළිවෙලක් මගින් අපනයන අරමුණු සඳහා තැඹිලි පැල වැඩිපුර වගා කිරීම ප්‍රවර්ධනය කිරීමටද කෘෂිකර්ම අමාත්‍යංශය සැලසුම් කරනවා.

2024 ජනවාරි 1 වැනිදා සිට මේ දක්වා මනුෂ්‍ය ඝාතන සම්බන්ධ සිද්ධීන්වලින් පුද්ගලයන් 83 දෙනෙකු මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්...
27/02/2024

2024 ජනවාරි 1 වැනිදා සිට මේ දක්වා මනුෂ්‍ය ඝාතන සම්බන්ධ සිද්ධීන්වලින් පුද්ගලයන් 83 දෙනෙකු මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පැවසුවා.

ගෙවල් බිඳීම් සහ දේපළ සොරකම් කිරීම් 1,180 ක් වාර්තා වී ඇති අතර කොල්ලකෑම් 310 ක් ද වාර්තා වී ඇති බව ඔහු සඳහන් කළා.

රට තුළ පවතින අපරාධ රැල්ල පාලනය කිරීමට පොලිසිය මේ වන විට කටයුතු කරමින් සිටින බව තල්දූව මහතා පැවසුවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ 2024 ජනවාරි 1 වැනිදා සිට මේ දක්වා වෙඩි තැබීම් 20ක් පමණ වාර්තා වී ඇති බවයි.

ඊට අදාළ වෙඩි තැබීමේ සිද්ධීන් 10කට පමණ සංවිධානාත්මක අපරාධකරුවන් සම්බන්ධ බවට අනාවරණය වී ඇති බවද ඔහු සඳහන් කළා.

කොළඹ 07, මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර මාවතේ පිහිටි ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය අද සිට මාර්තු 12 දක්වා වසා තැබෙන අතර එම කාලය...
27/02/2024

කොළඹ 07, මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර මාවතේ පිහිටි ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය අද සිට මාර්තු 12 දක්වා වසා තැබෙන අතර එම කාලය තුළ මහජන ප්‍රදර්ශන තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

ග්‍රහලෝකාගාරයේ ප්‍රක්ෂේපණ යන්ත්‍රවල අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ග්‍රහලෝකාගාරය වසා තැබෙනවා.
-
-
-

26/02/2024

කුරුණෑගල රෝහලේ රුධිර කාන්දුකරණ ප්‍රතිකාර ඒකකය තාවකාලිකව වසා දමා තිබෙනවා.

ගතවූ සතිය පුරා වාර්තා වූ විශේෂ පුවත් එකතුව
24/02/2024

ගතවූ සතිය පුරා වාර්තා වූ විශේෂ පුවත් එකතුව

24/02/2024

පාන් වල නියමිත බර සඳහන් කරමින් නිකුත් වූ ගැසට් පත්‍රය ගැන කුඩා පරිමාණ බේකරි හිමියන් සිය කනස්සල්ල පල කරනවා.

මෑතකදී සිදු කල රූපවාහිනී වැඩසටහනකදී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකිරීම හේතුවෙන් නොයෙක් පාර්ශව වලින් ලත් විවේචන මධ්‍යයේ නො...
22/02/2024

මෑතකදී සිදු කල රූපවාහිනී වැඩසටහනකදී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකිරීම හේතුවෙන් නොයෙක් පාර්ශව වලින් ලත් විවේචන මධ්‍යයේ නොයෙල් ප්‍රියන්ත ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධූරයෙන් ඉල්ලා අස් වුණා.

විදුලි බිල වැඩි කිරීම විශාල ප්‍රශ්නයක් නොවන බවත් දරුවන්ට අධ්‍යාපන කටයුතු සඳහා භූමිතෙල් ලාම්පු භාවිතා කළ හැකි බවත් යෝජනා කිරීම නිසා ඔහු මෙලෙස විවේචනයට ලක් වුනා. තේ වතු කම්කරුවන්ගේ ජීවන රටාව ගැනද ඔහු අසංවේදී අදහස් පළ කල අතර ඔහු මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සිදු වූ අගතිය සම්බන්ධයෙන් අදාළ පාර්ශවයන්ගෙන් සමාව ඉල්ලා සිටියා.

ජල සම්පාදන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් ට්විටර් ගිණුම ඔස්සේ ඔහුගේ ප්‍රකාශය විවේචනය කළා. විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ද ඔහුගේ ප්‍රකාශය විවේචනය කළ අතර, ඒවා රජයේ හෝ විදුලිබල මණ්ඩලයේ අදහස් පිළිබිඹු නොකරන බව අවධාරණය කළා.

21/02/2024

වතුකරයේ ජනතාව වෙනුවෙන් නිවාස 10,000ක් ඉදිකිරීමට සහ පවුල් ලක්ෂ දෙකකට වැඩි පිරිසකට පර්චස් 10 බැගින් ඉඩම් ලබා දීමට ව්‍යපෘති දෙකක් ආරම්භ කර තිබෙනවා.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත් කෙටුම්පත පිළිබඳ තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය අද කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත ලබා දුන්නා....
21/02/2024

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත් කෙටුම්පත පිළිබඳ තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය අද කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත ලබා දුන්නා.

ඇතැම් සංශෝධන සිදු නොකළහොත් පනත් කෙටුම්පතේ සමහර කොටස් සඳහා පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයක් අවශ්‍ය වන අතර අනෙක් ඒවාට විශේෂ බහුතරයක් සහ ජනමත විචාරණයක් අවශ්‍ය බව අධිකරණය තීන්දු කළා.

ජනවාරි 10 වැනිදා ත්‍රස්තවාදයට එරෙහි පනත් කෙටුම්පත සම්මත කර ගැනීම සඳහා තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් පාර්ලිමේන්තු ඡන්දයක් සහ ජනමත විචාරණයක් අවශ්‍ය බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ගොනු කර තිබුණා. මෙම පෙත්සම්වල වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කර තිබුණා.

දින හයක් පැවති නඩු විභාගය පෙබරවාරි 2 වැනිදා අවසන් වුණා. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත ප්‍රතිස්ථාපනය කිරීමේ අරමුණින් ගෙන එන පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සම් 31ක් ගොනු කර තිබෙනවා.

මැල්කම් කාදිනල් රංජිත්, සමගි ජන බලවේගයේ ප්‍රධාන ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, සමාජවාදී තරුණ සංගමය, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව සහ ලංකා ගුරු සංගමය පෙත්සම්කරුවන් අතර වනවා.

20/02/2024

බන්ධනාගාර රෝහල මේ වන විට එහි ධාරිතාවයට වඩා දෙගුණයක් රෝගීන්ට ප්‍රතිකාර කරනවා.

නිවාස අඩස්සියේ තැබීම වැනි ක්‍රම සමඟ ශ්‍රී ලංකාවේ පුනරුත්ථාපන පහසුකම් වැඩිදියුණු කළ යුතු බව බන්ධනාගාර සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද...
20/02/2024

නිවාස අඩස්සියේ තැබීම වැනි ක්‍රම සමඟ ශ්‍රී ලංකාවේ පුනරුත්ථාපන පහසුකම් වැඩිදියුණු කළ යුතු බව බන්ධනාගාර සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත රණසිංහ පැවසුවා.

මෙරට බන්ධනාගාර ධාරිතාව 10,000ක් බවත් මේ වනවිට 30,000කට වැඩි පිරිසක් ඒවායේ සිටින බවත් වෛද්‍ය රණසිංහ මහතා පැවසුවා. ඒ අතරින් රැඳවියන් 10,500 ක් පමණ වරදකරුවන් බවට අධිකරණය ඉදිරියේ ඔප්පු වූ පුද්ගලයන් වනවා. සෙසු පිරිස මත් ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ පසු වනවා.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය වැනි පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත යවනු ලැබේ. ඔවුන් කොතැනක හෝ සිරවී සිටිනවාට වඩා හොඳ වෛද්‍ය සහ මානසික සෞඛ්‍ය ප්‍රතිකාර ලබා දිය හැකි නම් පුනරුත්ථාපන ක්‍රියාවලිය වඩාත් ඵලදායී විය හැකියි.

16/02/2024

පසුගිය වසර තුළ පමණක් ළමා අපචාර පිළිබඳ පැමිණිලි 9,434 ක් ජාතික ළමා ආරක්ෂක අධිකාරියට ලැබී තිබෙනවා.

15/02/2024

ශ්‍රී ලංකාව සිය ත්‍රිවිධ හමුදාවේ සොල්දාදුවන් සංඛ්‍යාව අඩු කරමින් සිටිනවා.

ඔබ දැනගත යුතු දේ මෙන්න.

2024 ජාත්‍යන්තර ශුද්ධ භගවත් ගීතා උළෙල ශ්‍රී ලංකාවේ පැවැත්වීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී  තිබෙනවා.ඉන්දියාවේ මුල්‍ය අ...
14/02/2024

2024 ජාත්‍යන්තර ශුද්ධ භගවත් ගීතා උළෙල ශ්‍රී ලංකාවේ පැවැත්වීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී තිබෙනවා.

ඉන්දියාවේ මුල්‍ය අනුග්‍රහය ඇතිව මෙම උත්සවය මාර්තු 1 සිට 3 දක්වා නෙළුම් පොකුණ පරිශ්‍රයේදී පැවැත්වෙනවා.

14/02/2024

ශ්‍රී ලංකාවේ සංචාරය කරන ඉන්දියානුවන්ට තවදුරටත් ඔවුන්ගේ මුදල් ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය කිරීමට අවශ්‍ය නැහැ.

09/02/2024

පාන් වල නියමිත බර සඳහන් ගැසට් පත්‍රය උල්ලංඝණය කළ බේකරි සහ වෙළෙඳසල් හිමියන්ට එරෙහිව නඩු පැවරීමට පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරිය නඩු පැවරීමට සුදානම් වනවා.

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 15ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කළා.ඒ අනුව කොළඹ ...
09/02/2024

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 15ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කළා.

ඒ අනුව කොළඹ 11, 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට පෙබරවාරි 10 පස්වරු 05 සිට පෙබරවාරි 11 පෙරවරු 08 දක්වා ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි.

අඹතලේ ජල සැපයුම වැඩිදියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කරනවා.

මෑතකදී සම්මත කරන ලද මාර්ගගත ආරක්ෂණ පනතේ (OSA) අඩුපාඩු පවතින බව පිළිගත් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ, පනතට සංශෝධන ගෙන ඒ...
09/02/2024

මෑතකදී සම්මත කරන ලද මාර්ගගත ආරක්ෂණ පනතේ (OSA) අඩුපාඩු පවතින බව පිළිගත් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ, පනතට සංශෝධන ගෙන ඒමට රජය විවෘත බව ප්‍රකාශ කළා.

"මේ පනතේ අඩුපාඩු තියෙනවා. අපිත් යම් යම් අඩුපාඩු නිරීක්ෂණය කර තිබෙනවා. අපි සංශෝධන කිරීමට විවෘතයි. ඔබ අවශ්‍ය සංශෝධන යෝජනා කරන්න. අපි ඒවා සාකච්ඡා කරමු. ඒ බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට," අමාත්‍යවරයා කියා සිටියා.

සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජපක්ෂ මහතා එසේ සඳහන් කලා. ඊට ප්‍රතිචාර දක්වමින් ප්‍රේමදාස කියා සිටියේ පනතෙහි අඩුපාඩු ඇති බව රජය පිළිගෙන තිබීම ප්‍රශංසනීය බවයි.

ආබාධිත පුද්ගලයින්, වකුගඩු රෝගීන් සහ වැඩිහිටි පුරවැසියන් සඳහා ගෙවනු ලබන මාසික දීමනා 2024 ජනවාරි මාසයේ සිට නැවත වරක් ඉහළ න...
09/02/2024

ආබාධිත පුද්ගලයින්, වකුගඩු රෝගීන් සහ වැඩිහිටි පුරවැසියන් සඳහා ගෙවනු ලබන මාසික දීමනා 2024 ජනවාරි මාසයේ සිට නැවත වරක් ඉහළ නැංවීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කළා.

මෙම දීමනා සඳහා හිමිකම් කියන ‘අස්වැසුම’ ප්‍රතිලාභීන් 2024 පළමු කාර්තුව තුළ හඳුනාගෙන අප්‍රේල් 1 වැනිදා සිට වැඩි කළ ගෙවීම් ගෙවන බව සේමසිංහ මහතා අනාවරණය කළා.

තවත් ප්‍රතිලාභීන් 400,000ක් තෝරා ගැනීම සඳහා ‘අස්වැසුම’ සුබසාධන ප්‍රතිලාභ වැඩසටහන සඳහා නව අයදුම්පත් කැඳවීම පෙබරවාරි 10 ආරම්භ වීමට නියමිතයි. විවිධ පාර්ශ්ව විසින් ඉදිරිපත් කරන ලද යෝජනා මත පදනම්ව ප්‍රතිලාභීන් තෝරා ගැනීමේ ඇතැම් නිර්ණායක සංශෝධනය කරන බව සේමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළා.

PublicFinance.lk මගින් ප්‍රකාශයට පත් කරන ලද Verité Research හි විශ්ලේෂණ වාර්තාවක් පවසන්නේ ශ්‍රී ලංකාව දැනට දකුණු ආසියාවේ...
09/02/2024

PublicFinance.lk මගින් ප්‍රකාශයට පත් කරන ලද Verité Research හි විශ්ලේෂණ වාර්තාවක් පවසන්නේ ශ්‍රී ලංකාව දැනට දකුණු ආසියාවේ වැඩිම විදුලි ගාස්තු අය කරන බවත්, අනෙකුත් දකුණු ආසියාතික රටවල නිවෙස් වල පාරිභෝගිකයින් ගෙවන සාමාන්‍ය මිලට වඩා 2.5 සිට 3 ගුණයක් දක්වා වැඩි ප්‍රමාණයක් ශ්‍රී ලාංකිකයින් ගෘහ විදුලිය සඳහා ගෙවන බවත්ය.

2024 ආරම්භයේදී ඒකක 100, 200, හෝ 300 පරිභෝජනය කරන විට කුටුම්භවල විදුලිය සඳහා අය කරන්නේ කුමක්දැයි Verité පර්යේෂණය සොයා බලා තිබෙනවා.

මේවා ගණනය කිරීමේදී සැපයුම්කරුගේ ගාස්තු පමණක් සැලකිල්ලට ගෙන ඇති අතර, ශ්‍රී ලංකාව තුළ අතිරේකව අය කෙරෙන සමාජ ආරක්ෂණ බද්ද වැනි රජයේ බදු මෙයට ඇතුළත් කර නැහැ.

දකුණු ආසියාතික කලාපයේ දෙවන වැඩිම ගෘහ විදුලි ගාස්තු ඇත්තේ පකිස්ථානයේ වනනමුත් එය ශ්‍රී ලංකාවට වඩා බෙහෙවින් අඩු අගයක පවතිනවා. ඒකක 100 ක් පරිභෝජනය කරන කුටුම්භයන්ගෙන් පකිස්ථානයට වඩා ශ්‍රී ලංකාවේ 50% වැඩි මුදලක් අය කෙරෙන අතර, ඒකක 300 ක් පරිභෝජනය කරන අයගෙන් ශ්‍රී ලංකාව තුළ 97% වැඩි මුදලක් අය කෙරෙනවා.

09/02/2024

පොදු ප්‍රවාහන සේවා වලදී ළමුන්ට හා කාන්තාවන්ට හිංසනයන් සිදු කරන පුද්ගලයින් සොයා විශේෂ පොලිස් මෙහෙයුමක් දියත් කර තිබෙනවා.

ගොවීන්ට තම භෝග ආරක්ෂා කර ගැනීම සඳහා තුවක්කු ලබා ගැනීමට අවශ්‍ය සුදුසුකම් වූ වගා බිම් අක්කර පහක අවශ්‍යතාවය අක්කර දෙකක් දක්...
08/02/2024

ගොවීන්ට තම භෝග ආරක්ෂා කර ගැනීම සඳහා තුවක්කු ලබා ගැනීමට අවශ්‍ය සුදුසුකම් වූ වගා බිම් අක්කර පහක අවශ්‍යතාවය අක්කර දෙකක් දක්වා අඩු කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

සතුන් වගාවන් විනාශ කිරීම නිසා බොහෝ ගොවීන් තම වගාවන් අත්හැර දමා ඇති බවත් එයින් සිදු වූ හානිය 50% ඉක්මවා ඇති බවත් අමාත්‍යාංශය පවසනවා.

එබැවින් වන සතුන්ගෙන් සිදුවන හානිය අවම කිරීමට දැනට ශක්‍ය විකල්පයක් නොමැති බැවින් ගොවීන්ගේ යෝජනාව ක්‍රියාත්මක කිරීමට රජයට සිදුව තිබෙනවා.

2023 වසරේදී වන සතුන් විසින් මෙරට පොල් වගාවන් මිලියන 300ක් විනාශ කර ඇති බව අමාත්‍යාංශය පවසයි. 2022 දී පොල් ගෙඩි මිලියන 96 ක් රිලවුන් සහ දඬුලේනුන් විසින් විනාශ කර තිබෙනවා.

08/02/2024

මාර්ගගත ආරක්ෂණ පනත් කෙටුම්පත සම්මත කිරීම ගැන විපක්ෂය කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට සැලසුම් කරනවා.

05/02/2024

අපරාධ රැසකට සම්බන්ධ බවට සැක කෙරෙන ආවා කල්ලි නායක ප්‍රභා නැමැත්තා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

03/02/2024

ප්‍රාථමික ශ්‍රේණි වල දරුවන්ට දිවා ආහාරය ලබා දීමට අධ්‍යාපන අමාත්‍යංශය රුපියල් බිලියන 16 ක් වය කිරීමට සුදානම් වනවා.

Address

320, T. B JayaMawatha
Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Ada Gasma posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share


Other News & Media Websites in Colombo

Show All