The Audience

The Audience News and Documentaries

07/04/2024

මැද පෙරදිග කලාපයේ උද්ගතවී ඇති නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ ඊශ්‍රායලය වෙත යම් ප්‍රහාරයක් එල්ලවේ යැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා හා පවතින සැකය මත, මේ වනවිට ඊශ්‍රායල හමුදාව සීරුවෙන් තබා ඇත.. [ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා]..

01/04/2024

ඉන්දියාවේ පිහිටි ප්‍රසිද්ධ 'තිරුපති කෝවිලේ' #ශාඛාවක්
ශ්‍රී ලංකාවට....?

බොරලැස්ගමුව, දෙහිවල-මහරගම ප්‍රධාන බස් මාර්ගයේ ඇඹිල්ලවත්ත මංසන්ධියට ආසන්නයේ පිහිටා ඇති අනවසර සම්බාහන මධ්‍යස්ථානයකට සේවා ල...
01/04/2024

බොරලැස්ගමුව, දෙහිවල-මහරගම ප්‍රධාන බස් මාර්ගයේ ඇඹිල්ලවත්ත මංසන්ධියට ආසන්නයේ පිහිටා ඇති අනවසර සම්බාහන මධ්‍යස්ථානයකට සේවා ලබා ගැනීම සඳහා පැමිණි පුද්ගලයෙකු හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් සම්බාහන මධ්‍යස්ථානය තුළදී ම ජීවිතක්ෂයට පත්ව ඇත..(බොරලැස්ගමුව පොලිසිය)..
+++++++
මෙලෙස මියගොස් ඇත්තේ 52හැවිරිදි ඇරවල, පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, මෙම පුද්ගලයා හට ඇති වු හෘදයාබාධ තත්වයක් මත ඔහු මියයන්නට ඇතැයි සැක කරන බවත්, ඒ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරන බවත්, පොලීසිය පැවැසීය...
_______
අරුණ..

~සමාජය කළඹන 'ළමා හිංසන'~[ලංකාදීප]
31/03/2024

~සමාජය කළඹන 'ළමා හිංසන'~
[ලංකාදීප]

2023 ඔක්තෝම්බර් 23 දිවයින පුවත්පත.....✒️🧾
24/10/2023

2023 ඔක්තෝම්බර් 23 දිවයින පුවත්පත.....✒️🧾

15/06/2023

බලපත්‍රලාභී වානිජ බැංකු කිහිපයක අද ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රු:315 ලෙසත්, විකුණුම් මිල රු:335 ලෙසත් සටහන් වෙයි.
Hirunews.lk

15/06/2023

බලපත්‍රලාභී 'වානිජ බැංකු' කිහිපයක අද ඇමෙරිකානු ඩොලරයක #ගැනුම් මිල රු.315 ලෙසත්, #විකුණුම් මිල රු.335 ලෙසත් සටහන් විය ..
Hirunews.lk

~වන්නිලඇත්තෝ, 'පාර්ලිමේන්තු නියෝජනයක්' ඉල්ලයි~*****************************************************💢 #ආදිවාසි කෙනෙකු 'ජා...
06/11/2022

~වන්නිලඇත්තෝ, 'පාර්ලිමේන්තු නියෝජනයක්' ඉල්ලයි~
*****************************************************
💢 #ආදිවාසි කෙනෙකු 'ජාතික ලැයිස්තුවෙන්' පාර්ලිමේන්තුවට පත්කළ යුතු බව ආදිවාසි නායක 'ඌරුවරිගේ වන්නිලඇත්තෝ' පැවැසීය..
• #දඹානේ දී මාධ්‍යවෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.
-------
💢ඔහු පවසා සිටියේ බදුල්ල, මොණරාගල, අම්පාර, මඩකලපුව, ත්‍රිකුණාමලය, පොළොන්නරුව යන දිස්ත්‍රික්කවල ආදිවාසී ජනතාව [ලක්ෂ 5කට] වැඩි පිරිසක් සිටින බව ය..
-------
💢‍'ඕස්ට්‍රේලියාවේ' පාර්ලිමේන්තුවේ ද [ආදිවාසී නියෝජනයක්] තිබෙන බවත්, #නේපාලයේ 'ආදිවාසී පරම්පරාවේ' ඇත්තෝ, 'ඉහළ නිලතල' උසුලන බවත්, ඔහු පෙන්වා දුන්නේය..
''අපේ රටේ මුල්වරට ආදිවාසී #තරුණියක් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියක ලෙස තේරී පත්වුණා.. #හෙන්නානිගල ජිවත්වන ඇය, මගේ #ලේලියක්..එහෙත්, මේ රටේ මුල්ම අයිතිකරුවන් වන පැරණිතම ජන කොට්ඨාශය බවට ගෞරවයට පත්වූ අපේ ඇත්තන්ට, තවම පාර්ලිමේන්තු නියෝජනයක් නැහැ..කාලයක් තිස්සේ මං කතා කරනවා..ආණ්ඩුවට යෝජනාවකුත් ඉදිරිපත් කළා ආදිවාසි ගැටලු ගැන කතා කරන්න..පාර්ලිමේන්තුවේ වෙනම ඇමති කෙනෙක් හරි අමාත්‍යාංශයක් හරි, මොකක් හරි ඇති කරන්න කියලා..එහෙම සතියක් දෙකක් යනකොට ආදිවාසීන් වෙනුවෙන් කතා කරන්න කණ්ඩායමක් ඉන්නවා..ඒකේ බලය තියෙන්නේ, #දිසාපතිට කියලා කතාවක් තිබුණා..හැබැයි සතියක් දෙකක් යනකොට අමතක කරලා දැම්මා..විවිධ ජාතීන් ගැන කතා කරන්න පාර්ලිමේන්තුවේ කවුරුහරි ඉන්නවා..සමහර ආගම් නියෝජනය කරන අයත් ඉන්නවා..හැබැයි මේ රටේ 'මුල් අයිතිකරුවන්' වන 'අපේ රැහේ ඇත්තන්ට' ඒ අයගේ ගැටලු ගැන කතා කරන්න කවුරුවත් නැහැ..දැනට සංස්කෘතික අමාත්‍යාංශය යටතේ තමයි ආදිවාසින් ගැන බලන්නේ..'සංස්කෘති අමාත්‍යාංශය' කියන්නේ ආදිවාසීන් ගැන විතරක් හොයන්න තියෙන අමාත්‍යාංශයක් නොවෙයි..මේ රටේ තවත් බොහෝ කටයුතු කරන අතරතුර තමයි අපේ කටයුතු බලන්නේ..ඒ නිසා අපේ කටයුතු නිතරම #අතපසු වෙනවා..ඡන්දයට ඉදිරිපත් නොවුන අය මෙන්ම ඡන්දයෙන් #පැරදුන අයත් අපේ රටේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්වෙලා තියෙනවා..කොහොම හරි එතැනට එනවා..එහෙමනම් අපේ පරම්පරාවේ කාට හරි #අයිතියක් තියෙනවා ජාතික ලැයිස්තුවකින් පාර්ලිමේන්තුවට පත්වෙන්න..එහෙම වෙන්න ඕනේ..''
___________________
දෙරණ..උපුටනයකි...
Mike Anthony Fernando

~ගුරු බැතියෙන්, 'අමර-සමර'~*****************************✴️  #කොළඹ 'පෞද්ගලික මල් ශාලාවක' [පුරා වසර 6ක්] තිස්සේ තැන්පත් කර ...
06/11/2022

~ගුරු බැතියෙන්, 'අමර-සමර'~
*****************************
✴️ #කොළඹ 'පෞද්ගලික මල් ශාලාවක' [පුරා වසර 6ක්] තිස්සේ තැන්පත් කර තිබූ, හෙළයේ මහා ගාන්ධර්ව ආචාර්ය, පණ්ඩිත්, ඩබ්ලිව්.ඩී. අමරදේවයන්ගේ 'භෂ්මාවශේෂ' බත්තරමුල්ල, #අපේගම පරිශ්‍රයේ ඉදිකළ 'සුසාන ඝරයක' තැන්පත් කිරීම 'අමරදේව පදනම' මඟින් සිදුකෙරිණි..
=======
✴️ #බත්තරමුල්ල, අපේගම පරිශ්‍රයේ ඉදිකෙරෙමින් පවතින 'අමරදේව සංගීත හා පර්යේෂණ කලා කේන්ද්‍රයෙහි'(අමරදේව අසපුව) අමරදේවයන්ගේ සහ එතුමන්ගේ බිරිඳ වූ 'විමලා අමරදේවයන්ගේ' භෂ්මාවශේෂ තැන්පත් කිරීමට වෙනම ස්ථානයක් ද එහි ගෘහ නිර්මාණ ශිල්පියා විසින් සැලසුම් කරන ලදී..
•එසේ වුවත් 'අමරදේව අසපුව' ඉදිකිරීම දිගින්-දිගටම පමාවෙමින් පැවැතීම හේතුවෙන්, එම අසපුව ඉදිවන භූමියේ, ඒ ආසන්න ස්ථානයක මෙම 'සුසාන ඝරය' ඉදිකර, මෙලෙස 'භෂ්මාවශේෂ' තැන්පත් කිරීම සිදුවිය..
=======
✴️අමරදේවයන් අභාවප්‍රාප්ත වී පසුගිය 3වනදා ට 'වසර 6ක්' සම්පූර්ණ වූ අතර, එතුමන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතුවලින් පසු මේ දක්වා එම භෂ්මාවශේෂත්, ඉකුත් වසරේ මාර්තු මස අභාවප්‍රාප්ත වූ 'විමලා අමරදේවයන්'ගේ භෂ්මාවශේෂත්, මෙතෙක් එම #මල්ශාලාවේ තැන්පත් කර තිබිණි..
=======
✴️එම භෂ්මාවශේෂ [ඉවත්කරගන්නා ලෙස] මල් ශාලාවෙන් ද දැනුම්දීමක් කර තිබූ බවත්, ඒවා තැන්පත් කිරීමට 'අමරදේව අසපුව' ඉදිකරන තුරු බලා සිටිය නොහැකි බැවින්, ඉදිකරන අසපුව ආසන්නයේම වෙනත් ස්ථානයක් ඉදිකළ බවත්, අමරදේව පදනමෙහි ආරම්භක සභාපති, මහාචාර්ය 'සුනිල් ආරියරත්න' පැවැසීය..
=======
✴️මෙම 'සුසාන ඝරය' ඉදිකිරීම සඳහා අමරදේවයන්ගේ ශිෂ්‍යාවක ද වන ආචාර්ය 'නන්දා මාලිනී' මුදල් ලබාදුන් බවත්, වෛද්‍ය සර්ධා මහතා ද ඒ වෙනුවෙන් අනුග්‍රහය දැක්වූ බවත්, මහාචාර්ය 'සුනිල් ආරියරත්න' අනාවරණය කළේය..
=======
✴️බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ #ලේකම් 'සෝමරත්න විදානපතිරණ' මහතාගේ ද සහභාගීත්වයෙන් පැවැති චාම් උත්සවයකින් පසු, මෙම භෂ්මාවශේෂ තැන්පත් කිරීම සිදුකෙරුණු අතර, එහිදී ආචාර්ය 'නන්දා මාලිනිය' විසින් #අමරදේවයන්ගේ භෂ්මාවශේෂත්, අමරදේවයන්ගේ වැඩිමහල් දියණිය වන 'ප්‍රියංවදා අමරදේව' මහත්මිය විසින් 'විමලා අමරදේව' මහත්මියගේ භෂ්මාවශේෂත් එලෙසට තැන්පත් කරන ලදී..
=======
✴️ #පතිරගොඩ, 'නාලන්දාරාම වාසී' භික්‍ෂූන්වහන්සේලා, මෙම අවස්ථාවේදී සෙත්පිරිත් සජ්ඣායනා කළ අතර, කතෝලික ආගමික වතාවත් ද සිදු කෙරිණි..
=======
✴️භෂ්මාවශේෂ තැන්පත් කරන ස්ථානය තෙක් ඉදිකර ඇති 'සුසාන ඝරයේ' ඉදිකිරීම් සම්පූර්ණ කිරීම, ඉදිරි දිනවලදී සිදුවන බව ද 'සුනිල් ආරියරත්න' මහතා පැවැසීය..
=======
✴️'හෙළයේ මහා ගාන්ධර්වයාණන්' වූ ආචාර්ය, පණ්ඩිත් ඩබ්ලිව්.ඩී අමරදේව සූරීන් සිහිකිරීම වෙනුවෙන්, 'අමරදේව අසපුවේ' ඉදිකිරීම් ආරම්භ වූයේ [යහපාලන රජය] පැවැති 2017 වසරේදී ය..
=======
✴️මෙරට දරුවන්ට #සංගීතය හැදෑරීම සඳහා ඉන්දියාවේ ශාන්ති නිතේකනය වැනි ආයතනයක් ආරම්භ කරන ලෙස ආචාර්ය, පණ්ඩිත් ඩබ්ලිව්.ඩී අමරදේවයන් [ජීවත්ව සිටි සමයේ] #ඉල්ලීමක් කර තිබූ අතර, එම ඉල්ලීම ඉටුකරන බවට එතුමන්ගේ අවසන් කටයුතු සිදුකෙරුණු [2016 වසරේ නොවැම්බර් මස 5වනදා] ඊට සහභාගී වූ හිටපු ජනාධිපති 'මෛත්‍රීපාල සිරිසේන' මහතා ප්‍රතිඥාවක් ද ලබා දුන්නේය..
•ඒ අනුව, 'අපේ ගම පරිශ්‍රයේ' \පර්චස් 120ක/ භූමි භාගයකදී 2017 වසරේ අගෝස්තු 28වනදා මෙහි ඉදිකිරීම් ආරම්භ කෙරුණු අතර, එහි වියදම රුපියල් 'කෝටි 20ක්' බවට #ඇස්තමේන්තුගත කර තිබිණි..
•දිගින්-දිගටම ඉදිකිරීම් #ප්‍රමාද වෙමින් පැවැති මෙම 'අමරදේව අසපුව' [වර්ෂ 2019 අගෝස්තු මස 31වන දිනයේ]දී [ජනතා අයිතියට] පැවැරීමට කටයුතු කරන ලෙස, හිටපු ජනාධිපති 'මෛත්‍රීපාල සිරිසේන' මහතා අදාළ නිලධාරීන්ට එම වසරේ #ජූනි මස උපදෙස් දී තිබුණත්, එහි ඉදිකිරීම් මේ දක්වාත් අවසන් කර නොමැත..
•එවක 'ජනමාධ්‍ය අමාත්‍යාංශය' යටතේ ඉදිකිරීම් ආරම්භ වූ මෙහි කටයුතු [වත්මන් රජය යටතේ බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය] යටතට පවරනු ලැබූ අතර, මෙහි ඉදිකිරීම් පමාවෙමින්, ගොඩනැගිලි #වල්වැදෙමින් පැවැතීම සම්බන්ධයෙන් පසුගිය කාලය පුරා 'මාධ්‍ය මඟින්' ද #අනාවරණය කර තිබිණි..
=======
✴️ඒ කෙසේ වුවත්, මේ වනවිට එහි ඉදිකිරීම් 'යළි ආරම්භ වී' ඇති බවත්, නාවික හමුදා නිලධාරීන් කණ්ඩායමක් එහි ඉදිකිරීම් කටයුතු සිදු කරමින් සිටින බවත්, 'සුනිල් ආරියරත්න' මහතා පැවැසීය..
•තවත් 'මාස 8ක්' පමණ ඇතුළත මෙහි ඉදිකිරීම් #අවසන් කිරීමට සැලසුම් කර ඇතැ'යි ද බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය 'විදුර වික්‍රමනායක' මහතා පැවැසූ බවද, අනාවරණය විය..
=======
✴️පණ්ඩිත් ඩබ්ලිව්.ඩී, අමරදේවයන්ගේ කණිෂ්ඨ දියණිය වන 'සුභානි අමරදේව' මහත්මිය සහ පුත්, 'රංජන අමරදේව' මහතා ඇතුළු පිරිසක්, මෙම අවස්ථාවට එක්ව සිටියහ...
_______________________________
ලංකාදීප..ඩයනා උදයංගනී විසිනි...
(උපුටනයකි)...

Mike Anthony Fernando

~'බෝතලේ ජයවර්ධන' මහතා සොයා ගිය ගමන~•'ශත වර්ෂයක්' පැරණි ග්‍රැමෆෝනයක්..•'සංගීත කලාගාරයක්'..•ඉපැරණි දේට  #ලැදි මිනිසෙක්..**...
06/11/2022

~'බෝතලේ ජයවර්ධන' මහතා සොයා ගිය ගමන~
•'ශත වර්ෂයක්' පැරණි ග්‍රැමෆෝනයක්..
•'සංගීත කලාගාරයක්'..
•ඉපැරණි දේට #ලැදි මිනිසෙක්..
**********************************************
♻️බොහෝ මිනිසුන් තුළ ඇත්තේ අපූරු-පුරුදු ය..සමහර පුරුදු සමාජයට හිතකර නොවන ඒවා ය..එහෙත් සමාජයට බොහෝ සෙයින් #හිතකර සමාජය අර්ථවත් කරන බොහෝ පුරුදු ඇති අය, සමාජය තුළ කොතෙකුත් හමු වේ..සමහර පුරුදු ඇති අය, 'ඇවිදින විශ්වකෝෂ' බඳු ය..
•එවැනි බොහෝ පිරිසක් නිරන්තරයෙන්ම සමාජයේ සුබ-සිද්ධිය වෙනුවෙන් සිය දායකත්වය සපයන්නෝ වෙති..ඒ අතර ජීවිතය කෞතුකාගාරයක් බවට පත්කර ගත් අයව ද අපට මුණගැසේ..
=======
♻️'බෝතලේ ජයවර්ධන' මහතා එවැන්නෙකි..මීරිගම ප්‍රදේශයේ බොහෝ දෙනෙකු ඔහු හඳුනන්නේ එලෙසිනි..හෙතෙම සමාජශීලීය, සමාජය මිනිසුන් කෙරෙහි, පරිසරය කෙරෙහි අතිශය ලෙන්ගතු චරිතයකි..ඔහුගේ 'පුරුද්ද' අපූරු එකකි.. පෙර-කී පරිදි ඔහු ජීවිතය කෞතුකාගාරයක් බවට පරිවර්තනය කරගත් තැනැත්තෙකි..
•ජයවර්ධන මහතා සිය 'කෞතුකාගාරය' සකස් කොට ඇත්තේ 'සන්නිවේදන උපකරණ'වලිනි..ඒ අතරම බොහෝ පැරණි තවත් කෞතුක වටිනාකම්වලින් යුත් භාණ්ඩ රැසක් ඔහු සතුව තිබේ..ඒ අතර දේශීය මෙන්ම විදේශිය පෞරාණික භාණ්ඩ රැසකි..
>>ජයවර්ධන මහතා තම කතාව කියන්නට පටන් ගත්තේ මෙලෙස ය..
''මට මතකය තිබෙන කාලයේ ඉඳලාම මගේ #තාත්තා එවකට හිටපු අගමැති 'ඩඩ්ලි සේනානායක' මහතාගේ #රියැදුරු ලෙස සේවය කළ අයෙක්..ඊට පෙර 'දෙවන ලෝක යුද්දෙ' කාලයේ දී යුධ සෙබළෙකු ලෙස සේවය කළා..එයින් පසුව යුද්ධය ඉවර වෙලා ලංකාවට ආ විගසම, සේනානායක පවුලේ රියැදුරු ලෙස සේවයට එක්වුණා..ඒ නිසා ම මගේ තාත්තා |මිලිටරි මහත්තයා| යන නමින් ප්‍රදේශයේ කොයි කා අතරත් ජනප්‍රිය චරිතයක් වුණා..ඒ කාල වකවානුව ගැන මතකය හරිම සුන්දරයි..මගේ පුංචි කාලේ ඉඳල ම මගේ තාත්තා මාවත් එක්කරගෙන |බෝතලේ වලව්වට| යනවා..අගමැතිතුමාගේ 'මිනිටෝ' කාර් එක, 'ලෑන්ඩ්රෝවර්' පරණ ජීප් එකත් වැඩි හරියක් තිබුණේ අපේ ගෙදර..ඒ නිසා තාත්තා එක්ක ඒ කාර් එකේ නැඟලා යන්න අවස්ථාව ලැබුණා..ඒ යන-කොටත් මට ඒ පැරණි වාහන ගැන ලොකු ආසාවක් ඇතිවුණා..ඒ යන්නේ #පරණ ගෙවල්වලට..බෝතලේ වලව්ව, පහළ වලව්ව ඒ තැන්වලදී මට දකින්න ලැබුණා..ඒ වගේම පැරණි රේඩියෝ, පැරණි වාහන, පැරණි ගෘහභාණ්ඩ ඒ නිසාම පැරණි ගෙවල්වලටත් ලොකු ආසාවක් ඇතිවුණා..ඔය අතර වාරෙදි තමයි මගේ තාත්තාට අගමැතිතුමා දීලා තිබුණා පැරණි දුම් පයිප්පයකුයි, පැරණි කැමරාවකුයි..ඒක තමයි මගේ මේ 'පැරණි භාණ්ඩ එකතුවේ' #මූලාරම්භය..''
=======
♻️'සංගීත කලාගාරයක්' බඳු වූ මැද සාලයේ ග්‍රැමෆෝන්, ගුවන් විදුලි යන්ත්‍ර, පැරණි කැමරා, රෙකෝඩර්, ප්ලේයර්, ග්‍රැමෆෝන් ගීත-තැටි, ප්‍රොජෙක්ටර්, කලින්-කලට ආ 'ගුවන් විදුලි යන්ත්‍ර' ආදියෙන් පිරී ඇත්තේ කෞතුකාගාර ස්වරූපයකිනි..ඒ වගේම ග්‍රැමෆෝන් තැටියේ සිට අද පවත්නා 'සංයුක්ත තැටිය' දක්වා විකාශය වූ තැටි ද ඔහුගේ නිවසේ දැක බලා ගැනීමට අවස්ථාව ඇත..
පැරණි ඔරලෝසු, පෙට්ටගම්, පැරණි ලාම්පු, බොයිලේරු, පැරණි බීරංග, ගල් වංගෙඩි, කුරක්කන් ගල්, ඒ මහතාගේ නිවසේ දක්නට ඇත්තේ 'අනාගත පරපුරේ' ප්‍රයෝජනය සඳහා ය..
•කෙතරම් පැරණි වුවත්, ග්‍රැමෆෝන් තැටියෙන් නැඟෙන සංගීත ස්වර රටා තවමත් [කිසිඳු වෙනසකින් තොරව] පෙර පරිදිම මිහිරි හඬින් යුක්ත ය..ඒ අතරේ ශ්‍රේෂ්ඨ ගායන ශිල්පීන් දෙපළක් වන 'සුනිල් ශාන්තයන්' සහ 'අමරදේවයන්'ගේ ගීත-තැටි ද ඒ අතර දක්නට ඇත්තේ, ඒවා ආදරයෙන් සුරක්‍ෂා කරන බැවිනි..
=======
♻️ඔහුගේ නිවසට පැමිණෙන්නන්, ඉතාමත් සුහදත්වයෙන් යුතුව පිළිගෙන, එම ගීත-තැටි වාදනය කරමින්, ඔවුන්ව සතුටු කිරීමට ඒ මහතා සැදී පැහැදී සිටී..තවද ලී-කැටයම්වලින් නිර්මාණය වූ දේ පමණක්, ඒ මහතාගේ නිවසේ තිබීමත් ඔහුගේ කලාකාමී ජීවිතය කොතරම් සුන්දර ද, අර්ථවත් ද යන වග එම ස්ථානය දැකබලා ගැනීමට පැමිණෙන කොයි කාටත් සිතට දැනෙන කාරණයකි..සිතා ගැනීමටවත් නොහැකි වන අයුරින් ජයවර්ධන මහතාගේ නිවස #අලංකරණය කර ඇත්තේ ද ඉපැරණි ආකාරයට ය..
=======
♻️'සේනානායක පරපුරේ' පැරණි වලව්වල සහ දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන 'මීරිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය' ඉදිරිපස ඇති විශාල කණුවල ස්වභාවය, මෙහි ලෑලි-කැටයම්, #මරදාන දුම්රිය ස්ථානයෙනුත් ආදේශ කර ගනිමින් මෙම නිවස ඉදිකර ඇති ආකාරය, දුටු පමණින් කාගෙත් සිත සතුටින් පිනායන ආකාරයට ගොඩනඟා ඇත..එමෙන්ම, නිවස ඉදිරිපිට විරාජමානව තිබෙන ගේට්ටුව, 'ඈපා පංඬාංග ලිතෙහි' #අයිතිකරුගේ පැරණි නිවසේ ගේටුටව බව ද පැවැසුණි..එසේම මෙම නිවසට \විදුලි සීනුවක්\ වෙනුවට එයට ආදේශකයක් ලෙසින් #පිත්තලින් නිමැවුණු 'ඝණ්ඨාරයක්' ඇත..
=======
♻️ #බෝතලේ සුන්දර ගම් පියසෙහි ඉපැදුණු ජයවර්ධන මහතා තම පාපැල් ජීවිතය තවලම්පිටිය කනිෂ්ඨ විද්‍යාලයෙනුත්, කීනදෙණිය මහා විද්‍යාලයෙනුත්, පසුව ද්විතියික අධ්‍යාපනය සඳහා, මීරිගම ඩී.එස්. සේනානායක මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් විය..
•ඉන් අනතුරුව ජාතික ආධුනිකත්ව මණ්ඩලයේ [මෝටර්-රථ කාර්මික පුහුණුව] සඳහා එක්වීමෙන් පසු, එහි අවසන් අදියරේ පුහුණුව සඳහා කොළඹ 'යුනයිටඩ් මෝටර්ස්' ආයතනයට වෙත යොමුවිය.. එම ආයතනය තුළ ඉතාමත් ප්‍රියමනාප, විශ්වසනීය සහ මහත් කැපවීමෙන් ගබඩා පාලකයෙකු ලෙස 2016 වසරේ තම සේවයෙන් විශ්‍රාම දිවියට යනවිට, ආයතනය තුළ තම වෘත්තීය ජීවිතය ඉතාමත් සතුටින් යුතුව ගත කළ බව ඒ මහතා පැවැසීය..තවද, විශ්‍රාම යන තෙක්ම තමන්ගේ කැපවීම උදෙසා ආයතනය තුළින්ම ගරු-බුහුමන් ලැබීමට තරම් වාසනාවන්ත පුද්ගලයෙකු බවට ද පත්වී ඇත..
=======
♻️'දෙදරු පියෙකු' වන ඒ මහතා තම පුතණුවන්ගේ 'හදිසි වියෝවත්' සමඟින් තම බිරිඳ සහ දියණිය සමඟින් මීරිගම, කොටදෙණියාව පාරේ, 'තලාකොළ යාය' ප්‍රදේශයේ නිවහන තුළ මෙම පෞරාණික වටිනාකමකින් යුත් භාණ්ඩ /තම ජීවිතය/ කරගනිමින් ආදර්ශවත් පුද්ගලයෙකු ලෙස ජිවත් වේ..
=======
♻️මෙම ඉපැරණි භාණ්ඩවලට ඇලුම් කළ ඒ මහතා, ''ඇත්තට ම මම මේවා සියල්ල කළේ විනෝදාංශයක් වශයෙන්..ඒත් නොසිතූ විදිහට තාක්‍ෂණ විෂය හදාරන පාසැල් දරුවන් බොහෝ දෙනෙකු මේ ස්ථානයට එනවා නැරඹීමට සහ ඒ කරුණු එක්රැස් කිරීමට..ඒ වගේම පොත-පතට අවශ්‍ය දෑ එකතු කරන විද්‍යාර්ථයින්, කලා කරුවන් වගේම ඡායාරූප ශිල්පීන් ද ගෙදරට පැමිණිලා මනාල-යුවළවල් සමඟ ඡායාරූප පවා ගන්නවා..ඒ නිසා මේ තුළ මහා විශාල වටිනාකමක් තිබෙනවා කියලා මා දැන් විශ්වාස කරනවා..ඒ වගේම මට ලොකු #සතුටක් දැනෙනවා මෙයින් කෙනෙකු, යම් ප්‍රයෝජනයක් ගැනීම ගැන..ඒ වගේම විශාල පිරිස් අපේ ගෙදරට නිතර-නිතර එන එකත් සමහර වෙලාවයට යම් බාධාවන් ඇති නොවනවාම නෙමෙයි..ඒ නිසා මේ සියලුම භාණ්ඩ වෙනම ස්ථානයක ස්ථාපිත කර, තවදුරටත් මේ සමාජයට යම් ප්‍රයෝජනයක් වන ආකාරයට [සංරක්‍ෂණය] කරන්න බලාපොරොත්තු වෙනවා..'' යැයි පැවැසීය..
=======
♻️මිනිසෙකු හට ජීවිතය තුළ තමන්ට කළ හැකි විවිධ කටයුතු තිබේ..මිනිසත්කම අර්ථවත් කරමින්, අන් අයට සතුට, විනෝදය, සැනසීම මෙන්ම #දැනුම ද රැගෙන එන මෙවන් අපූරු කටයුත්තක නිරත වෙන ජයවර්ධන මහතාට, සුබ පතමින්, අපි #තලාකොළයායෙන් සමු ගත්තෙමු...
_____________________________________
දිවයින..
සටහන සහ ඡායාරූප : සුජාතා ජයරත්න..
(උපුටනයකි)..

Mike Anthony Fernando

___'අඟුරු කකා' වතුර බිබී, අඹේපුස්සට 'ගිය ගමන'___*************************************************🟢 #අපගේ 'සංචාරක ව්‍යාපා...
09/10/2021

___'අඟුරු කකා' වතුර බිබී, අඹේපුස්සට 'ගිය ගමන'___
*************************************************
🟢 #අපගේ 'සංචාරක ව්‍යාපාරය' බොහෝ #යක්කුන්ගෙන් වැඩගෙන තිබේ..ගරා යකා, කළු යකා, අභිමාන යකා, රීරි යකා ඉන් කිහිප දෙනෙකි.. #අම්බලන්ගොඩ 'ආරියපාල ගුරුන්නාන්සේ'ලා වැන්නවුන් ඊට නොමඳ සහයෝගයක් ලබා දී ඇත..'පහතරට' #ශාන්තිකර්මවල එන ඉහත නම් සඳහන් යකුන්ගේ[වෙස් මුහුණු] සංචාරකයින්ට #අලෙවි කිරීමෙන් අප රටට #ඩොලර් කෝටි ගණනක ආදායම් ලැබී තිබෙන බවට සැකයක් නැත..ගල්කිස්සේ, #ගොඩ්වින්ස් ආයතනයේ මේවා අලෙවි කළේ, අප කුඩා කාලයේ පටන්ය..
-------
🔶'අඟුරු කකා වතුර බිබී කොළඹ දුවන යකඩ යකාගෙන්' සංචාරක අංශය වැඩ ගත්තේ ද බොහෝ කලක පටන් ය..
-------
♨පැරණි B1 සහ B2 මොඩලයේ දුම්රිය 'වාෂ්ප ඇන්ජින්' #රත්මලානේ දුම්රිය යන්ත්‍රාගාර වැඩපොළේ #අලුත්වැඩියා කරන ලදුව, සංචාරකයින් රැගෙන යාම සඳහා භාවිතයට යොදාගැනීමේ වැඩපිළිවෙළක් දියත් කොට ඇති බව #නොබෝදා වාර්තා විය..එම වැඩපිළිවෙළේ පළමු ගමන, වර්ෂ1864 සිදුවූ අපගේ [පළමු දුම්රිය ගමනාගමනය] #අනුස්මරණය කරනු සඳහා [කොළඹ සිට අඹේපුස්ස] දක්වා ධාවනය කිරීමෙන් ඇරඹීමට යෝජනා වී ඇතැයිද එම වාර්තාවේ සඳහන් විය..
-------
♨'සංචාරක ව්‍යාපාරය' පැරණි 'යකඩ යකුන්' අලුත්වැඩියා කොට වැඩ ගැනීම ආරම්භ කළේ වර්ෂ1986 පටන් ය..ඊට අදාළ තොරතුරුද තරමක් රසවත් වේ..
අවුරුදු 75ක් පමණ පැරණි වාෂ්ප ඇන්ජිමක් අලුත්වැඩියා කොට සංචාරකයන් උදෙසා ධාවනය කරන්නට මුලින්ම යොදවන ලද්දේ 1986 වසරේදී ය..එම දුම්රිය නම් කරන ලද්දේ 'The Viceroy Special' නමිනි..Viceroy නැතහොත් [ප්‍රතිරාජයා] යන නම ඊට ලැබුණේ 'මවුන්ට් බැටන්' සාමිවරයා නිසා ය..ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ හිමිකාරීත්වය යටතේ පෞද්ගලික දුම්රියක් ලෙස එහි මෙහෙයුම් කටයුතු කළේ 'J.F. Tours and Travels (Ceylon) Ltd' සමාගමයි.. අති සුඛෝපභෝගී දුම්රියක් ලෙස නම් කරන ලද 'වයිස්රෝයි ස්පෙෂල්' හි වායු සමීකරණය කරන ලද නැරඹුම් මැදිරි දෙකක් තිබිණි..ඊට අමතර ජංගම #අවන්හලක් ද එහි විය..
-------
🎇1984 වසරේ මෙරටට සංචාරක කටයුතු ප්‍රවර්ධනය උදෙසා 'උපාය මං' සොයන්නට පැමිණි 'ක්ලිෆ් ජොන්සන්', දුම්රියෙන් #මහනුවර ට ගියේය..ආපසු පැමිණි විගස ඔහු #දෙමටගොඩ [දුම්රිය අලුත්වැඩියා යන්ත්‍රාගාරයේ] තිබූ පැරණි 'වාෂ්ප දුම්රිය ඇන්ජින්' බලන්නට ගියේය..ඒ දුටු ඔහු කීවේ ''මේ නම් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම 'දැවැන්ත සංචාරක විභවතාවක්' ඇති සුසාන භූමියකි..'' යන්නයි..එවකට සිටි 'දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා' සහ 'හේමසිරි ප්‍රනාන්දු' මහතා, 'ක්ලිෆ් ජොන්සන්' මහතාගේ යෝජනාව එවකට සිටි රාජ්‍ය අමාත්‍ය 'ආනන්ද තිස්ස ද අල්විස්' මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු, 'යකඩ යකා' [සංචාරක කටයුතු සඳහා] යෙදවීමේ අලුත්වැඩියා කටයුතු ඇරඹුණේය..එය ඵල දැරුවේ වර්ෂ 1986දී ය..මෙම දුම්රියට 'Viceroy Special' යන නම ''මවුන්ට් බැටන්' සාමිවරයා 'ප්‍රතිරාජයා' සිහි කරනු වස් යෙදුවේ ද අතීත කතාවක් ඇතිවයි..
☑යටත් විජිත ඉන්දියාවේ අවසාන ප්‍රතිරාජයා වූ 'මවුන්ට් බැටන්' සාමිවරයා එවකට ඉන්දියාව, දකුණු ආසියාව සහ අග්නිදිග ආසියාවේ 'සියලුම හමුදාවන්ට' #එකවර [අණ-දෙන නිලධාරියා] විය..ඔහුගේ 'ප්‍රධාන කාර්යාලය' පිහිටා තිබුණේ #මහනුවර යි..ඔහු නිතර [කොළඹ සිට මහනුවරට] ගමන් කළ දුම්රිය හැඳින්වූයේ, 'SEAC Special' යනුවෙනි.. අකුරුවලින් අදහස් කළේ [South East Asian Command] හෙවත් 'අග්නිදිග ආසියා අණසක' යන්නයි.. වර්ෂ 1986 සංචාරක ව්‍යාපාරය සඳහා යෙදවූ 'වාෂ්ප ඇන්ජිම' සහිත දුම්රිය 'Viceroy Special' යනුවෙන් නම් කළේ එකී පසුබිම නිසා ය..
-------
♨වර්ෂ 1864 'උඩරට දුම්රිය මාර්ගයේ' පළමු ධාවනය #අඹේපුස්ස දක්වා ගමන් ඇරඹුණ ද(54km කින්) දුම්රිය මාර්ගය, වර්ෂ 1867 මහනුවර දක්වා ද, වර්ෂ 1874 නාවලපිටිය දක්වා ද, වර්ෂ 1885 නානු ඔය දක්වා ද, වර්ෂ 1894 බණ්ඩාරවෙල දක්වා ද, වර්ෂ 1924 බදුල්ල දක්වා ද #දීර්ඝ කළේය..
උඩරට දුම්රිය මාර්ගය ආරම්භ කරන ලද්දේ, එම ප්‍රදේශවල වවන #කෝපි සහ #තේ 'කොළඹට' ප්‍රවාහනය කිරීම උදෙසා ය..
☑දුම්රිය ගමන් ඇරඹී වසර කිහිපයක් ඇතුළත උඩරට කෝපි වගාව, #වෛරසයක ප්‍රහාරයට ලක්වීම නිසා, #මුළුමනින් විනාශ වී ගියේය..එයින් පසුබට නොවූ බ්‍රිතාන්‍ය ජාතිකයෝ [තේ වගාව] සඳහා 'අත්හදා බැලීම්' කළහ..එම අත්හදා බැලීම් #සාර්ථක විය..
-------
♨ඉන්පසු උඩරට වගා කරන 'තේ' ප්‍රවාහනය උදෙසා මහඟු මෙහෙවරක් ඉටු කරන ලද්දේ උඩරට දුම්රියයි..උඩරට දුම්රිය මාර්ග ඉදිකිරීමේදී පුරෝගාමී මෙහෙවරක් ඉටු කළේ 'ගිල්ෆර්ඩ් ලින්ඩ්සේ මොලෙස්වර්ත්' (Guilford Lindsay Molesworth) ඉංජිනේරුවරයා ය..
☑උඩරට දුම්රිය මාර්ගය ඉදිකිරීම උදෙසා බ්‍රිතාන්‍ය ජාතික පාලකයන් කළ #ආයෝජනය යටිතල පහසුකම් උදෙසා කළ ආදර්ශමත් ආයෝජනයක් වග මහාචාර්ය 'සිරිමල් අබේරත්න' කරුණු සහිත විස්තර කළ ලිපියක් වසර දෙක තුනකට පෙර පුවත්පතක පළ විය..උඩරට දුම්රිය මාර්ගය ඉදිකිරීම වෙනුවෙන් ගත් ණය මුදල්, දුම්රිය ධාවනයෙන් ලැබූ ආදායමෙන් පියවා ගනු ලැබුවේ, නියමිත කාලයටත් පෙරයි..වතු හිමියන්ගෙන් තේ ප්‍රවාහනය උදෙසා අය කළ 'බදු මුදල' නියමිත කාලයටත් පෙර 'ඉවත් කරන්නට' ඒ නිසා හැකියාව ලැබී ඇත..තවමත් අපට විදේශ විනිමය ලැබෙන මූලාශ්‍රවල 'තුන්වැනි ස්ථානය' හිමිවන්නේ 'තේ' අපනයනයටයි..ඒ සඳහා 19වන සියවසේ ප්‍රවාහනය උදෙසා මහඟු මෙහෙවරක් ඉටු කරනු ලැබුවේ [දුම්රිය සේවාව]යි..
-------
♨අපගේ දුම්රිය සේවාවේ 'ස්වර්ණමය යුගය' ලෙසට වාර්තා වී ඇත්තේ වර්ෂ1955-1970 අතර කාලයයි..එම කාලයේ ප්‍රධාන දුම්රිය යාන්ත්‍රික ඉංජිනේරු තැන මෙන්ම, සාමාන්‍යාධිකාරිවරයා වූයේ ද 'බී.ඩී. රම්පාල' මහතා ය..'වාෂ්ප එන්ජින්' සාමාන්‍ය දුම්රිය ධාවනයේ යෙදීම 'ඉවත්' කරමින් #ඩීසල් බලයෙන් ධාවනය වන දුම්රිය ඇන්ජින් යොදාගැනීමේ [පරිවර්තන යුගය] වූයේ එම යුගයයි..වර්ෂ 1970 වනවිට 'වාෂ්ප එන්ජින්' ධාවනයේ යෙදවීම, මුළුමනින් #නතර විය..ඉන්පසු දුම්රිය සේවය පසුබෑමට ලක්වූයේ, හේතු කිහිපයක් නිසාය.. වතු ආර්ථිකයට අමතරව, #කාර්මීකරණය අපගේ ආර්ථිකයට සම්බන්ධ වීම, එක් හේතුවකි..අපගේ [මාර්ග පද්ධතිය සංවර්ධනය වීම] තවත් හේතුවකි..දුම්රිය සේවය දියුණු නොවී එක තැන ඇණහිට, පාඩු ලබන සේවාවක් බවට පත්වූයේ තාක්ෂණික නවීකරණය, අපගේ දුම්රිය සේවාවට සම්බන්ධ #නොවූ නිසා ය.. #ජපානය සමඟ සැසඳීමෙන්, අපගේ දුම්රිය සේවාවේ ඇණහිටීම හොඳින් දිස් වේ..
-------
♨වර්ෂ1864දී අපගේ දුම්රිය සේවාව ආරම්භ වනවිට ජපානයේ දුම්රිය සේවාවක් තිබුණේ නැත..දුම්රිය සේවාව ආරම්භ කළ ජපානය, නවීන දුම්රිය ඇන්ජින් නිෂ්පාදනයට ද අත තැබුවේය..මේ වනවිට ලෝකයේ වඩාත් #වේගයෙන් ධාවනය වන දුම්රිය හිමි රටවල් අතරට, 'ජපානය' එක්ව සිටී..ජපානය අති නවීන දුම්රිය සේවා යොදවා, 'සංචාරක කර්මාන්තය' දියුණු කර ගිනිද්දී, අපි #අතීතකාමය සංචාරකයන්ට අලෙවි කොට, 'ඩොලර් කිහිපයක්' උපයා ගන්නෙමු..
-------
♨කෙසේ වුවද, අපගේ 'උඩරට දුම්රියේ' යන ගමන ලෝකයේ ඇති දුම්රිය ගමන් අතුරෙන් වඩාත් #සුන්දර අත්දැකීම් ලැබෙන දුම්රිය ගමනක් සේ සැලකේ..කඳු ශිඛර, ගංගා, දියඇළි, මනහර පාලම්, බිං ගේ පසු කර යන එම ගමන, නෙතට සුන්දර දසුන් ගෙන එන විනෝදවත් ගමනකි..එහෙත් පැය 12ක් තිස්සේ 'බදුල්ලට' ගිය එම ගමන උදෙසා, දුම්රිය #රියැදුරන් සහ #සේවකයින් යෙදවූ 'පරිශ්‍රමය' පිළිබඳව මෑතකදී දැනගන්නට ලැබිණි..එය තනි දුම්රිය රියැදුරකු, තනි දුම්රිය ඇන්ජිමක් ධාවනය කරමින් යන #සරල ගමනක් නොවීය..එම ගමනට දුම්රිය #රියැදුරන් 'හත්-අට' දෙනෙක් මගින්-මගට හවුල් වෙති..ඇතැම් කඳුකර ප්‍රදේශවලදී ඉවහල් කර ගන්නේ 'අති දක්ෂ' දුම්රිය රියැදුරන්ගේ සේවාවයි..එම ගමනට ඇන්ජින් [හයකට වඩා] වරින්-වර ඉවහල් කරගත් බවද දැනගන්නට ලැබිණි..පැරණි වාෂ්ප එන්ජිමෙන් එතරම් දුෂ්කර ගමනක් සාර්ථකව ගියේ කෙසේදැයි සිතාගැනීම පවා අසීරු ය..එහෙත් ඒ කාලයේ දුම්රිය [ප්‍රමාදයක්] ගැන වැඩි #දොස් ඇසූ බවක් නම් දැකගන්නට #නැත..
-------
♨දුම්රිය 'නවීකරණයට' ලක් නොවුණ ද, දුම්රිය ගමන් කරන ආකාරයේ දර්ශන පෙන්වන තාක්ෂණය හෝ අපට ලැබී තිබීම ගැන සතුටු විය හැකිය..දුම්රියේ ගමන් කරන විට දැනෙන [චමත්කාරජනක හැඟීම] හා සමාන චමත්කාරයක්, දුම්රිය ගමන් කරන නවීන දර්ශනවල ද ඇත්තේය..විශේෂයෙන් නවීන #ඩ්‍රෝන යන්ත්‍රවල යෙදූ #කැමරා උපයෝගී කරගෙන, උඩරට දුම්රිය ගමන් කරන ආකාරය 'ග්‍රහණය කරගත් දර්ශන' අතිශය සුන්දර ය..හරිත වර්ණ #කඳුකරය ඔස්සේ වංගු ගනිමින් නැමි-නැමී යන දුම්රිය, පහත #හරිත භූමියක ඇදෙන #සර්පයකු සේ දිස්වෙන ආකාරය එම දසුන්වලින් පෙනේ..
-------
♨යකඩ යකා නමින් හැඳින්වූ දුම්රියට 'ස්ත්‍රී' බවත්, 'සුන්දරත්වයත්' ආරෝපණය කොට, #මැණිකෙලා හා #දේවිලා නමින් දුම්රිය හඳුන්වන්නට ගෙන ඇත්තේද #රම්පාල මහතාගේ කාලයේදී ම ය..උඩරට මැණිකේ, යාල් දේවි, සමුද්‍ර දේවි, රුහුණු කුමාරි ආදී නම්වලින් වඩාත් ජනප්‍රියත්වයට පත්ව ඇත්තේ [උඩරට මැණිකේ] දුම්රියයි..වැඩිපුරම ගීත පද බැඳී ඇත්තේද 'උඩරට මැණිකේ' දුම්රිය ඇසුරෙනි..
-------
♨දීර්ඝ කාලීන නිරෝධායන ඇඳිරි-නීතිය ක්‍රියාත්මක වූ කාලයකින් පසුව, අපගේ දුම්රිය මැදිරිවල #මකුළුදැල් කඩා, #දුහුවිලි පිසදා, #විෂබීජහරණය කර සූදානම් කරන බව එක් වාර්තාවක පළ විය..රේල්-පීලි ද මේ වනවිට 'මළ-කා' ඇති බැවින්, ඒවායේ ද මළකඩ සූරන්නට වේවිදැයි සැක සිතේ..අතීතකාමයම #නොවිකුණා [මුළු රේල්ලුවම, නවීකරණය වන්නේ නම්] කෙතරම් අගේ ද?...
___________________________
දේශය...
•සමන් පුෂ්ප ලියනගේ...
(උපුටා ගැනීමකි)...
ඡායාරූප : අන්තර්ජාලයෙනි...

07/02/2021

ිසිදා මිනිසුන් පා නොතැබූ දක්ෂිණ අධිවේගී මාර්ගයේ අරුම පාලම

 #කොරෝනා ව්‍යසනයට පෙර, වසරකට ලොවපුරා සැරිසරන සංචාරකයන් සංඛ්‍යාව බිලියන 1.4ක් පමණ විය..ඔවුනට නවාතැන් ගැනීම සඳහා ලොව පුරා ...
02/09/2020

#කොරෝනා ව්‍යසනයට පෙර, වසරකට ලොවපුරා සැරිසරන සංචාරකයන් සංඛ්‍යාව බිලියන 1.4ක් පමණ විය..ඔවුනට නවාතැන් ගැනීම සඳහා ලොව පුරා 'ප්‍රධාන' පෙළේ සංචාරක හෝටල් 700,000 පමණ ඇති අතර, ඒවායේ කාමර මිලියන 16.4 පමණ පවතී..සංචාරක හෝටල් කර්මාන්තය වසරකට උපයන මුදල, ඩොලර් බිලියන 570ක් පමණ වේ..
#මෙම හෝටල් අතර, සංචාරකයන් වැඩි පිරිසකගේ 'ප්‍රසාදය' දිනූ තරු 'පහ-හයේ' හෝටල් රැසක් තිබේ..ඒ අතුරින් ඇතැම් හෝටල් පිළිබඳව අපූරු තොරතුරු තිබේ..මේ ඉන් කිහිපයකි..

• ෂැන්ග්‍රිලා..
'ලෝක ප්‍රකට' ෂැන්ග්‍රිලා හෝටල් සමූහය ආරම්භ වූයේ වර්ෂ 1971දී ය..එහි නිර්මාතෘ, ධනපති මැලේසියානු ව්‍යාපාරිකයකු වූ 'රොබට් කුඔක්'(Robert Kuok) ය..ලොව පුරා සුඛෝපභෝගී සංචාරක හෝටල සහ නිවාඩු නිකේතන 100කට අධික සංඛ්‍යාවක්, එම සමාගම සතුව තිබේ..මෙම හෝටල් සමාගමේ 'ප්‍රථම' හෝටලය විවෘත කෙරුණේ වර්ෂ 1971දී 'සිංගප්පූරුවේ'දී ය..එම හෝටල ජාලයට ෂැන්ග්‍රිලා(මිහිපිට සුරලොව) යන 'නම' යොදන ලද්දේ නවකතාවක සඳහන් වූ 'මනඃකල්පිත' ස්ථානයක නමිනි..බ්‍රිතාන්‍ය ජාතික නවකතාකරුවෙකු වූ 'ජේම්ස් හිල්ටන්' වර්ෂ1933දී 'ලොස්ට් හොරයිසන්'(Lost Horizon) නමින් ඉංග්‍රීසි නවකතාවක් ප්‍රකාශයට පත් කළේය..'ටිබෙට්' කඳුකරයේ මනඃකල්පිත 'ෂැන්ග්‍රිලා' නම් පුරවරයක් පිළිබඳව ඔහුගේ නවකතාවේ සඳහන් කර තිබිණි..පාරාදීසයක් බඳු එම පුරවරයේ ජනයා, දීර්ඝ ආයුකාලයක් අත්වින්දහ..ඉන්දියානු මහාරාජා කෙනෙකු සහ තවත් පිරිසක් ගමන්ගත් ගුවන් යානයක්, කිසියම් පිරිසක් විසින් පැහැරගෙන, ටිබෙටයේ කඳුකර ප්‍රදේශයක තිබූ 'ෂැන්ග්‍රිලා' නම් ප්‍රදේශකට ගොඩ බාන ලද අතර, යානයේ ගමන්ගත් පුද්ගලයන් මුහුණ දුන් 'අපූරු සිදුවීම්' එම නවකතාවට පාදක විය..
**'රොබට් කුඔක්' තම හෝටල් ජාලය 'ෂැන්ග්‍රිලා' ලෙස නම් කළේ එම හෝටලවලට නවාතැන් ගන්නා පුද්ගලයන්හට #පාරාදීසයක අත්දැකීම විඳගන්නට අවකාශ ලැබෙන බැව් කියා පෑමට ය..

• හිල්ටන්..
#රටවල් 91ක්‍ පුරා විහිද ඇති 'හිල්ටන්' හෝටල් ජාලය සතු හෝටල් සංඛ්‍යාව 3,890ක් පමණ වේ..වර්ෂ 1919 සිට සංචාරක හෝටල් ක්ෂේත්‍රයේ 'ප්‍රකට' නාමයක් වන #හිල්ටන් හෝටල් ජාලයේ 'පළමු' හෝටලය ආරම්භ වූයේ #ටෙක්සාස් ප්‍රාන්තයේ ය..එවක එය හැඳින්වූයේ 'මොබ්ලි හොටෙල්'(Mobley Hotel) නමිනි..එහි නිර්මාතෘවරයා 'කොන්රඩ් හිල්ටන්(Conrad Hilton) ය..පසුව එය ඔහුගේ නමින් 'කොන්රඩ් හිල්ටන් හෝටලය' ලෙස නම් කෙරිණි..වර්ෂ 1954දී ස්ටැට්ලර් හෝටල් ජාලය(Statler Hotels) ද 'හිල්ටන් හෝටල් ජාලය' යටතට පැවැරුණු අතර, වර්තමානයේ ලොව ප්‍රධාන පෙළේ හෝටල් නාම අතර ඔවුනට ද හිමිවන්නේ 'අද්විතීය' ස්ථානයකි..

• ඔබරෝයි..
#ඉන්දියානු සම්භවයක් සහිත හෝටල් ජාලයක් ලොවපුරා ව්‍යාප්ත කළ 'පළමු' ව්‍යාපාරිකයා ලෙස හැඳින්වෙන්නේ, 'රායි බහදූර් මෝහන් සිං ඔබරෝයි'(Rai Bahadur Mohan Singh Oberoi)ය..වර්ෂ 1934දී ආරම්භ වූ ඉන්දියාවේ 'දෙවැනි' විශාලතම හෝටල් ජාලය වන 'ඔබරෝයි හෝටල ජාලයට' අයත් හෝටලයක් 'ශ්‍රී ලංකාවේ' ද තිබිණි..පසුව 'සිනමන් ග්‍රෑන්ඩ්'(Cinnamon Grand) හෝටලය බවට පත්වූයේ එම හෝටලයයි..
**'ඔබරෝයි හෝටල් ජාලය' මුලින් හැඳින්වූයේ 'නැගෙනහිර ඉන්දීය හෝටල්'(East India Hotels) සමාගම ලෙසිනි..'මෝහන් සිං ඔබරෝයි'ගේ නමින් ආරම්භ කළ 'පළමු' හෝටලය ඉදිකෙරුණේ #කල්කටාවේ ය..ඉන්දියාවේ [පළමු තරු 5හේ හෝටලය] වූයේ දිල්ලියේ 'ඔබරෝයි ඉන්ටර්කොන්ටිනන්ටල්'Oberoi Intercontinental) හෝටලය යි..

• මැරියට්..
ලොව රටවල් 131ක ව්‍යාප්තව ඇති 'මැරියට් හෝටල් ජලය' සතුව පවතින හෝටල සංඛ්‍යාව 7,003කි..වර්ෂ 1927දී ආරම්භ කෙරුණු 'මැරියට් හෝටල ජාලයේ' නිර්මාතෘවරුන් වන්නේ 'ජෝන් විලාඩ් මැරියට්' (John Willard Marriott) සහ ඔහුගේ බිරිඳ 'ඇලිස් මැරියට්' ය.. **ආරම්භයේ 'බීර' අලෙවි හලකින් ආරම්භ වූ එම ව්‍යාපාරය, පසුව 'හොට් ෂොපර්ස් රෙස්ටොරන්ට්'(Hot Shoppes Restaurant) බවට පත්විය..තම ව්‍යාපාරය පුළුල් කිරීමට තීරණය කළ මැරියට් යුවල, වර්ෂ 1957දී #වර්ජීනියාවේ දී 'ට්වින් බ්‍රිජස් මෝටර් හොටෙල්'(Twin Bridges Motor Hotel) හා 'කී බ්‍රිජ් මැරියට්'(Key Bridge Marriott) නමින් හෝටල් දෙකක් ආරම්භ කළහ..පසුව ඔවුන්ගේ නමින් ජාත්‍යන්තර හෝටල් ජාලයක් බවට පත් වූයේ, මෙම කුඩා හෝටල දෙක ය..එතෙක් 'හොට් ෂොපර්ස්' ලෙස හැඳින්වුණු එම හෝටල් ජාලය වර්ෂ 1967දී 'මැරියට් ඉන්ටර්නැෂනල්' බවට පත් විය..

• ඉන්ටර්කොන්ටිනෙන්ටල්..
වර්ෂ 1945දී එවකට ඇමෙරිකා ජනාධිපති 'ෆ්‍රැන්ක්ලින් ඩී. රුස්වෙල්ට්' (Franklin D. Roosevelt) සහ 'Pan Am' ගුවන් සමාගමේ සභාපති 'ජුආන් ට්‍රිප්'(Juan Trippe) ධවල මන්දිරයේ 'උදෑසන ආහාරය' සඳහා හමු වූහ..එහිදී ලතින් ඇ‍මෙරිකාවේ ආයෝජන සඳහා ඩොලර් උපයා ගැනීමේ ක්‍රමයක් පිළිබඳව ඔවුහු සාකච්ඡා කළහ..ව්‍යාපාරිකයන් සහ සංචාරකයන් ආකර්ෂණය කර ගත හැකි එක් ක්‍රමයක් වනුයේ, 'ප්‍රධාන' නගරවල 'සුඛෝපභෝගී හෝටල්' ඉදිකිරීම යැයි ඔවුන්ගේ අදහස විය.. එවක ලොව විශාලතම ජාත්‍යන්තර ගුවන් සේවය වූ 'Pan Am' සමාගමට ලොව පුරා ගුවන් ගමන් ඉල්ලුම වැඩි වී තිබිණි..ඇමෙරිකා එක්සත් ජනපදයේ 'ආනයන-අපනයන' බැංකුවේ සහාය ඇතිව, 'Pan Am' සමාගම එයට අනුබද්ධ ආයතනයක් පිහිටුවීය..'Pan Am' #කාර්යමණ්ඩලයට සහ එම යානාවලින් ගමන් ගන්නා #මගීන්ට නවාතැන් ගැනීම සඳහා 'වැඩි පහසුකම්' සහිත හෝටල් ජාලයක් ආරම්භ කිරීමට මෙම අනුබද්ධ ආයතනය මඟින් පියවර ගත් අතර, වර්ෂ 1946 අප්‍රේල් මාසයේදී, 'ඉන්ටර්කොන්ටිනෙන්ටල්' හෙවත් 'අන්තර් මහද්වීපික හෝටල් සංස්ථාව' (Inter-Continental Hotel Corporation) ආරම්භ කෙරිණි..ලොව සෑම මහද්වීපයකම පවතින හෝටල් ජාලය යන #අරුතින් එයට 'ඉන්ටර්-කොන්ටිනෙන්ටල්' යන නම ලැබිණි..එම සමාගම මඟින් මිලදී ගන්නා ලද 'පළමු' හෝටලය වූයේ බ්‍රසීලයේ, 'බෙලෙම් ග්‍රෑන්ඩ් හෝටලය'යි(Grand Hostel Belem-Brazil)..
**ලතින් ඇමෙරිකාව සහ කැරිබියන් දූපත්වල හෝටල් රාශියක් ආරම්භ වූ අතර, එම ජාලය ලොව පුරා ව්‍යාප්ත විය..මේ වනවිට ලොව පුරා ඔවුන් සතු හෝටල සංඛ්‍යාව 213ක් වන අතර, 'ශ්‍රී ලංකාවේ' ද කාමර 250කින් යුතු හෝටලයක් ඔවුන් සතු විය..වර්තමානයේ 'කිංග්ස්බරි' හෝටලය ලෙස හැඳින්වෙන්නේ එම හෝටලයයි..

• හොටෙල් කපිල්..
'සුප්‍රකට' ඉන්දියානු තුන් ඉරියව් පන්දු යවන්නකු හා ලෝක කුසලානය දිනූ නායකයකු වූ 'කපිල් දේව්' විසින් චන්දිගාර් හි ඉදිකරන ලද 'සංචාරක හෝටලය' නම් කර ඇත්තේ 'හොටෙල් කපිල්' නමිනි..වර්ෂ 1983දී ලෝක කුසලානය ජයග්‍රහණයෙන් පසු, 'ක්‍රිකට්' ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව, තමන්ගේ 'මූල්‍ය ආරක්ෂාව' සහතික කර ගැනීම 'කපිල් දේව්'ගේ අරමුණ විය..තම නමින් 'කපිල් හෝටලය' ආරම්භ කිරීමට මුල් වූයේ එයයි..හෝටලය සඳහා තම 'නම' භාවිත කිරීමට ඔහු පියවර ගත්තේ, ක්‍රීඩාවෙන් උපයාගත් කීර්ති නාමයෙන් සංචාරකයන් ආකර්ශණය කර ගැනීමට ය..දැන් ඔහු විශ්‍රාමික ය..එහෙයින් එහි #නම 'කැප්ටන්ස් රිට්‍රීට්' ලෙස වෙනස් කෙරිණි..

• ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය..
'ශ්‍රී ලංකාවේ' ඇති පැරණිතම හෝටල අතර 'ග්‍රෑන්ඩ් ඔරියන්ටල්' හෝටලයට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි..අතීතයේ මෙරට සිටි 'ඕලන්ද' ආණ්ඩුකාරයාගේ 'නිල නිවෙස' ලෙස ද මෙම ගොඩනැගිල්ල භාවිත විය..වර්ෂ 1837දී 'බ්‍රිතාන්‍ය හමුදා බැරුක්කය' ලෙසින් භාවිත වූ මෙම ගොඩනැගිල්ල, වර්ෂ 1873දී #නේවාසිකාගාරයක් ලෙස භාවිත වූ අතර, පසුව #හෝටලයක් බවට පත් කෙරුණේ, එවක ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා වූ ශ්‍රීමත් 'රොබට් විල්මට් හෝර්ටන්'ගේ අවශ්‍යතාව පරිදිය..වර්ෂ 1875දී කාමර 154කින් යුතුව විවෘත කෙරුණු අතර, එහි හිමිකම පැවැතියේ 'කලම්බො හොටෙල්ස් කම්පනි ලිමිටඩ්' නම් ආයතනයකට ය..යුරෝපීයයන් සතු 'සියලු පහසුකම්' සහිත #ආසියාවේ 'හොඳම හෝටලය' ලෙස එයට ප්‍රචාරයක්ද ලැබිණි..
**එයට 'ග්‍රෑන්ඩ් ඔරියන්ටල්' යන හිමි වූයේ, පෙරදිග විශිෂ්ඨතම හෝටලය යන අරුතිනි..එතෙක් විදේශිකයන්ට පමණක් වෙන්වූ එම හෝටලය, වර්ෂ 1940දී 'ශ්‍රී ලාංකික' ධනවතුන්ට හා විවාහ මංගල උත්සව සඳහා භාවිත කිරීමට අවසර ලැබිණි..වර්ෂ 1950දී ඇතිවූ ජාතිවාදි අරගලය හා මෙරට ඇතිවූ දේශපාලනික තත්වය මත, හෝටල් සේවකයන්ද වර්ජනය කිරීම හේතුවෙන් #කලකිරීමට පත් එහි බ්‍රිතාන්‍ය හිමිකරු වූ 'සෑම් ඩි වොස්'(Sam De Vos) එය 'ලංකා බැංකුවට' විකුණා දැමීය..එතෙක් 'ග්‍රෑන්ඩ් ඔරියන්ටල්' නොහොත් [ජී.ඕ.එච්.හෝටලය] නමින් හැඳින්වුණු එහි #නම 'තැප්‍රොබේන්' හෝටලය ලෙස වෙනස් විය..අතීතයේ 'ග්‍රීක' ජාතිකයන් #ලංකාව හැඳින්වූයේ 'තැප්‍රොබානා' නමිනි..එහෙයින් එම නමින් මෙරට පැරණිතම හෝටලය නම් කිරීමට එහි පාලනාධිකාරිය පිරවර ගත්තේය..වර්ෂ 1989දී එය යළිත් 'ග්‍රෑන්ඩ් ඔරියන්ටල්' හෝටලය ලෙස නම් කෙරිණි..

• ගල්කිස්ස මහ හෝටලය..
'මවුන්ට් ලැවීනියා හොටෙල්' හෙවත් 'ගල්කිස්ස මහා හෝටලය'(Mount Lavinia Hotel) ද 'ශ්‍රී ලංකාවේ' පැරණිතම හෝටල කිහිපය අතර ඉදිරියෙන්ම තිබෙන්නකි..වර්ෂ 1947 සිට මේ දක්වා නොකඩවා ක්‍රියාත්මක මෙම හෝටලය, පැරණි ඉතිහාසයකට හිමිකම් කියන්නකි.. **වර්ෂ1805දී ලංකාවේ 'බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා' ලෙස පත් වූ ශ්‍රීමත් 'තෝමස් මේට්ලන්ඩ්'ගේ(Thomas Maitland) ගේ #නිවෙස ලෙස වර්ෂ 1806දී මෙම ගොඩනැඟිල්ල ඉදිවූයේ, එම ප්‍රදේශයේ කුඩා කඳු ගැටයක් සහිත භූමියක ය..ගල්වලින් ගහන එම ප්‍රදේශය හැඳින්වූයේ #ගල්කිස්ස නමිනි..මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයා තම නිවෙස නම් කළේ 'මවුන්ට් ලැවීනියා හවුස්' ලෙසිනි..ඒ ඔහුගේ 'පෙම්වතිය' වූ 'ලොවිනා' සිහිපත් වීමට බව පැවැසේ..
**මෙම ගොඩනැගිල්ල එක්තරා 'ප්‍රේම වෘත්තාන්තයක්' සඟවාගෙන ඇති ස්ථානයකි..පුරාවෘත්තයට අනුව, ආණ්ඩුකාරවරයාට ගෞරවය පිණිස පැවැති පිළිගැනීමේ සාදයකදී, නර්තනයක් ඉදිරිපත් කළ කණ්ඩායමේ 'ලොවීනා අපොන්සුවා'(Lovina Aponsuwa) නම් 'තරුණියක' සිටියා ය.. ඇගේ පියා එම නර්තන කණ්ඩායමේ ප්‍රධානියා විය..ආණ්ඩුකාර 'මේට්ලන්ඩ්' [පෘතුගීසි හා සිංහල] සම්භවයක් සහිත ලොවිනා සමඟ ප්‍රේම සම්බන්ධයක් ඇති කර ගත්තේය..මෙම ගොඩනැගිල්ල ඉදිකිරීමේ දී ආණ්ඩුකාරවරයා එම ගොඩනැගිල්ල ආසන්නයේ වාසයකළ ලොවීනාගේ නිවෙස වෙත ගමන් කළ හැකිවන සේ, තම #වයින් ගබඩාවේ සිට [රහසිගත උමඟක්] ඉදිකරන ලද්දේ, සෑම රාත්‍රියකම ඇය දැක ගනු පිණිස ය..
**ශ්‍රීමත් 'තෝමස් මේට්ලන්ඩ්' වර්ෂ 1811දී 'මෝල්ටාවේ ආණ්ඩුකාරවරයා' ලෙස පත් කොට යැවීය..ඔහු මියයන තෙක්ම #අවිවාහකයකු වූ අතර, පසු කලෙක ලොවීනා, 'ලැවීනියා ආර්යාව' ලෙස හැඳින්විණි..ලොවීනාගේ 'ප්‍රතිමාවක්' ගල්කිස්ස හෝටලය ඉදිරිපස අද දිනයේ ද දැකිය හැකි ය..
**වර්ෂ 1920දී පමණ, මෙම #ගම්මානය 'නවීන නගරයක්' බවට සංවර්ධනය විය..ආණ්ඩුකාර 'තෝමස් මේට්ලන්ඩ්' තම තැපැල් ලිපිනය ලෙස භාවිත කළේ [මවුන්ට් ලැවීනියා, සිලෝන්] යනුවෙනි..ඒ අනුව, පසු කලෙක, මෙම ගල්කිස්ස නමැති නගරය ද 'මවුන්ට් ලැවීනියා' යනුවෙන් නම් කරන ලදී..
**වර්ෂ 1877 දී බ්‍රිතාන්‍ය රජය 'කොළඹ වරාය' දක්වා වෙරළට සමාන්තරව දුම්රිය මාර්ගයක් ඉදිකළේය..දුම්රිය මාර්ගය වැටී තිබුණේ 'ලැවීනියා කන්ද' ඉදිරියෙනි..දුම්රියෙන් පැමිණෙන සංචාරකයන් ආකර්ශනය කර ගැනීමෙන්, ලාබයක් ලබාගත හැකි බැව් වටහා ගත් ව්‍යාපාරිකයෙකු, එම මන්දිරය මිල දී ගෙන, එය 'මවුන්ට් ලැවීනියා ග්‍රෑන්ඩ් හෝටලය' බවට පත් කළේය..පසුව ගොඩනැගිල්ලට තවත් කොටස් එක් කෙරිණි..වර්ෂ 1927දී කොළඹ පිහිටි ග්ලෝබ්, බ්‍රිස්ටල් සහ වයිට්හෝස් යන හෝටලවල හිමිකරුවන් වූ 'කාගිල්ස් සමාගම' ['මවුන්ට් ලැවීනියා' හෝටලය] මිලදී ගත්තේය..දෙවැනි ලෝක යුධ සමයේ මෙම හෝටලය, හමුදා රෝහලක් ලෙස ද භාවිත විය..
**බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරුන් සිව් දෙනකුගේ නිල නිවෙස වූ ගල්කිස්ස මහ හෝටලය පිහිටි ගොඩනැගිල්ල, ඉතිහාසයේ 'සිදුවීම් රුසක්' #සඟවාගත් ස්ථානයකි..

• ගාලු මුවදොර හෝටලය..
'ගාලු මුවදොර පිටිය' මුලින්ම තනන ලද්දේ #ඕලන්ද ජාතිකයන් විසිනි.. #පෘතුගීසින්ගෙන් එල්ල විය හැකි 'ප්‍රහාරයනට' මුහුණ දීම සඳහා කාලතුවක්කු සවි කිරීමට ඔවුහු එම ස්ථානය භාවිත කළහ..පසුව මෙරට සිටි 'ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයෙකු' වූ ශ්‍රීමත් 'හෙන්රි ජෝජ් වෝඩ්'(Henry George Ward) විසින් 1859වසරේදී ගාලු මුවදොර පිටිය තුරඟ-තරඟ පැවැත්වීමට හා 'ගොල්ෆ් ක්‍රීඩා' කිරීම සඳහා යොදා ගත්තේය..අතීතයේ මෙම ස්ථානය හඳුන්වන ලද්දේ #ගල්බොක්ක ලෙසිනි..පසුව [ගාල්ල දෙසට මුහුණ ලා ඇති ප්‍රදේශය] යන 'අරුතින්' #ගෝල්ෆේස් හෙවත් 'ගාලු මුවදොර' බවට පත්විය..'ගෝල්ෆේස් හොටෙල්' නොහොත් 'ගාලු මුවදොර හෝටලය' ඉදිකරන ලද්දේ වර්ෂ 1864දී ය..ගෝල්ෆේස් පිටියට මුහුණ ලා පිහිටි බැවින්, එය 'ගෝල්ෆේස් හොටෙල්' ලෙස නම් කෙරිණි..'සූවස් ඇළට' #නැගෙනහිරින් පිහිටි පැරණිතම හෝටල් අතරින් එකක් වන මෙම හෝටලය පිහිටා ඇති ස්ථානයේ, ලන්දේසින්ගේ 'ගෝල්ෆේස් හවුස්' නමින් යුතු විශාල විලාවක්(Villa) විය..පසුව එම භූමිය මිලට ගත් 'බ්‍රිතාන්‍ය ව්‍යාපාරිකයන්' සිව් දෙනෙක්, එම ස්ථානයේ ගාලු මුවදොර හෝටලය ඉදිකරන ලද්දාහ.. වර්ෂ 1894දී, එහි වෙනස්කම් කිහිපයක් සිදු කෙරුණු අතර, මහල් දෙකකින් යුතු ගොඩනැඟිල්ලක් බවට පත්විය..කලින්-කළ 'සුළු වෙනස්කම්' සිදු වුවද, අද දක්වා ඇත්තේ එම පැරණි ගොඩනැගිල්ල ය...

___________________
#දේශය..
ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා...
(උපුටා ගැනීමකි)...

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when The Audience posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to The Audience:

Share


Other News & Media Websites in Colombo

Show All