Contemporary Highlights

Contemporary Highlights We are here to report news in an ethical and responsible manner.

31/12/2023
24/12/2023

Merry Christmas !!!

12/12/2023

2023.12.12
සියලු දෙනාටම තෙරුවන් සරණයි ....
ජයෙන් ජයම වේවා....

24/03/2023

ශ්‍රී ලංකාවේ ලාබාලතම සන්නිවේදන මහාචාර්යවරිය.

මහාචාර්ය මධුභාෂිණී හේවගේ මහත්මිය සන්නිවේදන අධ්‍යයනය ක්ෂේත්‍රයේ ලාබාලතම මහාචාර්යවරිය වශයෙන් 2022 වර්ෂයේ සිට බලපැවැත්වෙන පරිදි උසස්වීමක් ලැබී තිබේ. වයස අවුරුදු තිස් ගණන්වල දී මහාචාර්ය ධූරයෙන් මෙතුමිය පිදුම් ලැබීම ශ්‍රී ලාංකේය අධ්‍යයන ක්ෂේත්‍රයේ වාර්තාවක් ලෙස සැලකේ. කෙසේද යත් මින් පෙර සන්නිවේදන ක්ෂේත්‍රයේ මහාචාර්ය ධූරයකින් පිදුම් ලැබූ කිසිදු විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් හෝ ආචාර්යවරියක් අවුරුදු 40 ට පෙර මෙම තනතුර හොබවා නොමැත.

සන්නිවේදන අධ්‍යන ක්ෂේත්රයේ එදා මෙදා තුර මහාචාර්යවරියන් තිදෙනකු පමණක් බිහි වී ඇත. මහාචාර්ය හේවගේ මහත්මිය තුන්වන මහාචාර්යවරිය ලෙස පිදුම් ලැබීය. පළමු මහාචාර්යවරිය දැනට සේවයෙන් විශ්‍රාම ලබා ඇති අතර හතලිස් වියේ මැද භාගයේ පසුවන දෙවන මහාචාර්යවරිය ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයට අනුබද්ධව කටයුතු කරයි.

ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ එදා මෙදා තුර බිහිවූ මහාචාර්යවරුන් හා මහාචාර්යවරියන් අතරින් අඩුම වයසෙන් මහාචාර්ය ධූරයෙන් පිදුම් ලැබූ ඇය දැනට ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ලාබාලතම මහාචාර්යවරිය ලෙස සේවය කරයි. ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයන් බිහිවූ එකම හා පළවෙනි සන්නිවේදන මහාචාර්ය වීමේ භාග්‍යය ඇයට හිමිවිය. විවෘත විශ්වවිද්‍යාලයේ මීට පෙර සන්නිවේදනය පිළිබඳව සහකාර මහාචාර්යවරයකු සේවය කර ඇති අතර දැනට වසර කිහිපයකට පෙර මෙතුමා සේවයෙන් විශ්‍රාම ලබා ඇත. මෙතුමිය සමාජ අධ්‍යයන දෙපාර්තමේන්තුවේන් බිහිවූ ප්‍රථම කාන්තා මහාචාර්යවරිය ලෙසද වාර්තා ගතවේ. මහාචාර්ය හේවගේ මහත්මිය ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ පර්යේෂණ සම්මානයෙන්ද පිදුම් ලබා ඇත.

මෙතුමිය කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයෙන් ප්‍රථම වරට ප්‍රථම පන්තියේ සාමාර්ථයක් ලබා ගනිමින් තැබූ වාර්තාව අදටත් කිසිවෙකු බිද හෙලා නොමැත. ශ්‍රී පාලි මණ්ඩපයේ අධ්‍යාපනය හැදෑරූ අය අතරින් අද වනවිටත් ආචාර්ය උපාධිය සම්පූර්ණ කළ එකම පුද්ගලයා මෙන්ම මහාචාර්ය ධූරයෙන් පිදුම් ලැබූ එකම මෙන්ම පලමු පුද්ගලයා වන්නේ ද ඇයයි. යමෙක් සරසවියෙන් පිට වනවාත් සමඟ වෙනත් විශ්වවිද්‍යාලයක කථිකාචාර්යවරියක ලෙස සේවය කිරීමට දොරටු විවර වීම අතිශය දුර්ලභ අවස්ථාවකි. ශ්‍රී පාලි මණ්ඩපයෙන් ප්‍රථම උපාධිය සම්පූර්ණ කරන ඇය එම වසරේම අග භාගයේ දී ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයට ආධුනික කථිකාචාර්යවරියක ලෙස සම්බන්ධවේ. 2009 වසරේ මුල් භාගයේ සිට ස්ථීර කථිකාචාර්යවරියක ලෙස කටයුතු කිරීමේ භාග්‍ය ඇයට හිමිවේ.

ඇය තම M(Phil) උපාධිය සම්පූර්ණ කර ඇත්තේ කැලණිය විශ්ව විද්‍යාලයෙනි. කැලණිය විශ්ව විද්‍යාලයේ සන්නිවේදන ආදී විද්‍යාර්ථයන් අතර අඩුම වයසෙන් ආචාර්ය (PhD) උපාධිය ලබාගත් මෙන්ම මහාචාර්ය ධුරයට පත්වූ පුද්ගලයා වන්නේ ද ඇයයි. මැලේසියාවේ ජාතික විශ්වවිද්‍යාලයෙන් තම ආචාර්ය උපාධිය සම්පූර්ණ කිරීමට ඇය අවස්ථාව ලබාගත්තේ ලෝක බැංකුව හරහා ලැබුණු තරගකාරී ශිෂ්‍යත්වයක් මඟිනි. එංගලන්තයේ බර්මින්හැම් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යත්වයක් හිමි වුවද, පවුලේ එකම දරුවා ලෙස තිබු වගකීම නිසාම, ඇය ආචාර්ය උපාධිය සඳහා තෝරා ගන්නේ මැලේසියාවේ ජාතික විශ්වවිද්‍යාලයයි.

ඇගේ පර්යේෂණයේ අධීක්ෂකතුමා ආධාරයෙන් සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ කටයුතු හා විෂය කොටස් වලට සම්බන්ධවීමේ මහඟු අවස්ථාව ද ඇයට හිමිවිය. ලෝකයේ හොඳම විශ්ව විද්‍යාල සියයට ගැනෙන මැලේසියාවේ ජාතික විශ්වවිද්‍යාලයෙන් මෙන්ම ලෝකයේ හොඳම විශ්ව විද්‍යාලය දහයට ගැනෙන සිංගප්පූරුවේ ජාතික විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව ඇයට හිමිවිය. තම ආචාර්ය උපාධිය නියමිත කාල පරිච්ඡේදය තුළ සාර්ථකව නිම කළ සිසුවාට ලැබෙන සම්මානයෙන්ද ඇය පුදනු ලැබිණි.

ශ්‍රී ලංකාවේ සන්නිවේදන විෂයේ අඩුම වයසකින් ආචාර්ය උපාධිය සම්පූර්ණ කරමින් ඇය තැබූ වාර්තාව අදටත් කිසිවකු බිද හෙලා නොමැත. ඉදිරියට තවත් සන්නිවේදන අධ්‍යනයෙන් බොහෝ ආචාර්ය උපාධිධාරීන් බිහි වුවද, අවුරුදු 30 දී ඇය ලැබූ මේ ජයග්‍රහණය නිදහස් අධ්‍යාපනයෙන් ප්‍රතිලාභ ලැබූ ශිෂ්‍යයෙක් ලැබූ විශිෂ්ට ප්‍රවීණතාවක් ලෙස සැලකිය හැකිය.

හොරණ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලයෙන් තම අධ්‍යාපනය හැදෑරූ මෙතුමිය එම විද්‍යාලයෙන් බිහිවූ ලාබාලම මහාචාර්යවරිය වන අතර කලා අංශයෙන් බිහිවූ එකම සහ ප්‍රථම මහාචාර්යවරියද වේ.

මෙසේ කොතරම් නම් සුදුසුකම් ලැබුවද, ඇගේ නිහතමානීත්වය, සරලකම හා මනුෂ්‍යත්වය ඇය වටා සිටින බොහෝ දෙනෙක් අගය කරති. ඔබතුමියට පෞද්ගලික මෙන්ම වෘත්තීය ජීවිතයේ තව තවත් ජයග්‍රහණ ලබාගැනීමට ශක්තිය හා ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරමු.

We are here to report news in an ethical and responsible manner.

මහාචාර්ය සමන්ත හේරත්තම ප්‍රථම උපාධිය සිංහල විෂයෙන් හා පශ්චාත් උපාධිය සන්නිවේදන අධ්‍යයන විෂයෙන් සම්පූර්ණ කරන මෙතුමා දැනට ...
20/11/2022

මහාචාර්ය සමන්ත හේරත්

තම ප්‍රථම උපාධිය සිංහල විෂයෙන් හා පශ්චාත් උපාධිය සන්නිවේදන අධ්‍යයන විෂයෙන් සම්පූර්ණ කරන මෙතුමා දැනට කොළඹ විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය අංශ ප්‍රධානි ලෙස කටයුතු කරයි.

කලාව හා මාධ්‍ය සම්බන්ධයෙන් රජයේ උසස් තනතුරු කිහිපයක්ම දැරූ මෙතුමා, කලාව හා සාහිත්‍ය සම්බන්ධ බොහෝ සම්මාන උළෙලවල් වල ජූරි සභාවේ කටයුතු කර තිබේ. ශ්‍රී ලංකාවේ සාහිත්‍යය කෙත පෝෂණය කිරීමට මෙතුමාගෙන් ලද මෙහෙවරද අති විශිෂ්ටය.

මහාචාර්ය ආරියරත්න ඇතුගලජේෂ්ඨ මහාචාර්යවරයෙකු ලෙස කැලණිය විශ්වවිද්‍යාලයේ ජන සන්නිවේදන අධ්‍යයන අංශයේ සේවය කළ මෙතුමා ජනමාධ්‍...
20/11/2022

මහාචාර්ය ආරියරත්න ඇතුගල

ජේෂ්ඨ මහාචාර්යවරයෙකු ලෙස කැලණිය විශ්වවිද්‍යාලයේ ජන සන්නිවේදන අධ්‍යයන අංශයේ සේවය කළ මෙතුමා ජනමාධ්‍ය ක්ෂේත්‍රයට අදාල රජයේ පරිපාලන තනතුරු කිහිපයක්ම දැරූ විද්වතෙකි.

රූපවාහිනී සංස්ථාවේ සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස කටයුතු කළ මෙතුමා ශ්‍රී ලංකාවේ සිනමාව හා රූපවාහිනි මාධ්‍යයේ විශිෂ්ට නිර්මාණ දායක කළ විද්වතකු ලෙස ද ගෞරව බහුමානයට ලක් වේ.

මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාසකැලණිය විශ්ව විද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයනාංශයේ  සම්මානනීය මහාචාර්යවරයෙකු ලෙස මෙතුමා පිදුම...
20/11/2022

මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස

කැලණිය විශ්ව විද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයනාංශයේ සම්මානනීය මහාචාර්යවරයෙකු ලෙස මෙතුමා පිදුම් ලැබිණි.

තම ප්‍රථම උපාධිය හා පශ්චාත් උපාධිය කැලණිය විශ්ව විද්‍යාලයෙන් ද ආචාර්ය උපාධිය රුසියාවේ මොස්කව් විශ්වවිද්‍යාලයන් ද සම්පූර්ණ කරන මෙතුමා ශ්‍රී ලාංකීය මාධ්‍ය අධ්‍යනය ක්ෂේත්‍රයේ මූලාරම්භක ප්‍රවීණයෙක් ලෙස ගෞරව බහුමානයට ලක් වේ.

ඉතාම තරුණ වියේදී පුවත්පත් කලාවේදියකු ලෙස තම වෘත්තිය ජීවිතය ආරම්භ කරන මෙතුමා විවිධ ක්ෂේත්‍ර ගණනාවක් යටතේ පර්යේෂණ සිදුකර තිබේ. විශ්වවිද්‍යාලයේ මෙන්ම රජයේ බොහෝ පරිපාලන තනතුරු කිහිපයක්ම දැරූ මෙතුමා අද වන විට ක්‍රියාකාරී ලෙස සමාජ හා දේශපාලන කටයුතුවල නිරත වී සිටී.

14/11/2022

ශ්‍රී ලංකාවේ ළාබාලතම සන්නිවේදන ආචාර්ය උපාධිලාභිනිය - ආචාර්ය මධුභාෂිණී ගලගෙදරගේ හේවගේ.
Tagging - Madhubhashini Galagedarage Hewage

Tharindi Ekanayake ශිෂ්‍යයාව ආචාර්ය මධුභාෂිණී ගලගෙදරගේ හේවගේ මහත්මිය පිළිබඳව තැබූ සටහනකි මේ.

"මං මැඩම්ගෙන් ඉගෙනගෙන තියෙනවා මීට අවුරුදු කිහිපයකට කලින්. සරල, නිහතමානී වගේම ගොඩක් ලස්සන, කරුණාවන්ත විශ්ව විද්‍යාල ආචාර්තුමියකින් ලබාගත්තු දැනුම, ගුරුහරුකම්, උගන්නපු හොඳ ගතිගුණ අදටත් ගොඩක් වටිනවා. කියලා දුන්න විෂය කරුණු විතරක් නෙමෙයි, උගත්කමේ, නිහතමානීකමේ, මනුස්සකමේ තියෙන වැදගත්කම වගේ දේවල් අදටත් අපේ ජීවිත වලට ගොඩක් ප්‍රයෝජනවත්. ගොඩක් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ආර්ථික ප්‍රශ්න, සමාජයීය ගැටළු ආපු අවස්ථාවල ඇය පෞද්ගලිකව ඔවුන්ට උදව් උපකාර කළ අවස්ථා ශිෂ්‍ය ශිෂ්‍යාවන් විදිහට අපි දන්නවා. ඇගේ ඒ සියලු මානුෂීය ගුණාංග මේ ලබා ගත් උගත්කම දැනුම තව තවත් වර්ණවත් කරනවා. ඇය අපිට නිරන්තරයෙන්ම කිව්වේ මධ්‍යම පාන්තික දරුවෙකුට ඉදිරියට යන්න පුළුවන් හොඳම මාර්ගය තමයි හොඳ අධ්‍යාපනයක් ලැබීම කියලා. ගැහැණු කෙනෙක් නිරන්තරයෙන්ම චරිතයෙන්, අධ්‍යාපනයෙන්, ආර්ථිකයෙන් ශක්තිමත් වෙන්න ඕනි කියලා ඒ දුන් උපදෙස් අදටත් මතකයි."

"එතුමියට තව තවත් ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබේවා !!"

ආචාර්ය මධුභාෂිණී ගලගෙදරගේ හේවගේ මහත්මිය කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ ප්‍රථම වරට ප්‍රථම පන්තියේ සාමාර්ථයක් ලබා ගනිමින් තැබූ වාර්තාව අදටත් කිසිවෙකු බිද හෙලා නොමැත. ශ්‍රී පාලි මණ්ඩපයේ අධ්‍යාපනය හැදෑරූ අය අතරින් අද වනවිටත් ආචාර්ය උපාධිය සම්පූර්ණ කළ එකම පුද්ගලයා මෙන්ම පලවන ශ්‍රේණියේ ජේෂ්ඨ කථිකාචාර්ය තනතුරක් හොබවන එකම පුද්ගලයා ද ඇයයි. යමෙක් සරසවියෙන් පිට වනවාත් සමඟ වෙනත් විශ්වවිද්‍යාලයක කථිකාචාර්යවරියක ලෙස සේවය කිරීමට දොරටු විවර වීම අතිශය දුර්ලභ අවස්ථාවකි. 2007 වර්ෂයේ ශ්‍රී පාලි මණ්ඩපයෙන් ප්‍රථම උපාධිය සම්පූර්ණ කරන ඇය එම වසරේ අග භාගයේ දී ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයට ආධුනික කථිකාචාර්යවරියක ලෙස සම්බන්ධවේ. 2009 වසරේ මුල් භාගයේ සිට ස්ථීර කථිකාචාර්යවරියක ලෙස කටයුතු කිරීමේ භාග්‍ය ඇයට හිමිවේ.

හොරණ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලයෙන් සිප් සතර හැදෑරූ ආචාර්ය මධුභාෂිණී ගලගෙදරගේ හේවගේ මහත්මිය තම M(Phil) උපාධිය සම්පූර්ණ කර ඇත්තේ කැලණිය විශ්ව විද්‍යාලයෙනි. මැලේසියාවේ ජාතික විශ්වවිද්‍යාලයෙන් තම ආචාර්ය උපාධිය සම්පූර්ණ කිරීමට ඇය අවස්ථාව ලබාගත්තේ ලෝක බැංකුව හරහා ලැබුණු තරගකාරී ශිෂ්‍යත්වයක් මඟිනි. ඇගේ පර්යේෂණයේ අධීක්ෂකතුමා ආධාරයෙන් සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ කටයුතු හා විෂය කොටස් වලට සම්බන්ධ වීමේ මහඟු අවස්ථාව ද ඇයට හිමිවිය. ලෝකයේ හොඳම විශ්ව විද්‍යාල සියයට ගැනෙන මැලේසියාවේ ජාතික විශ්වවිද්‍යාලයෙන් මෙන්ම ලෝකයේ හොඳම විශ්ව විද්‍යාලය දහයට ගැනෙන සිංගප්පූරුවේ ජාතික විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව ඇයට හිමිවිය. තම ආචාර්ය උපාධිය නියමිත කාල පරිච්ඡේදය තුළ සාර්ථකව නිම කළ සිසුවාට ලැබෙන සම්මානයෙන්ද ඇය පුදනු ලැබිණි.

එක්තරා සම්මුඛ සාකච්ඡාවක දී ඇය ප්‍රකාශ කළේ පවුලේ එකම දරුවා ලෙස දෙමව්පියන් ගෙන් බොහෝ දුරකට ගොස් යුරෝපා රටක අධ්‍යාපනය හැදෑරීමට යනවාට වඩා ආසියානු රටක අධ්‍යාපනය ලැබීම ඇය එම අවස්ථාවේදී තෝරා ගත් බවයි. ඇය ආචාර්ය උපාධිය සම්පූර්ණ කරන විට යන්තම් අවුරුදු 30 සම්පූර්ණ වූවා පමණි. ශ්‍රී ලංකාවේ සන්නිවේදන විෂයේ අඩුම වයසකින් ආචාර්ය උපාධිය සම්පූර්ණ කරමින් ඇය තැබූ වාර්තාව අදටත් කිසිවකු බිද හෙලා නොමැත. 37 වන වියේ පසුවන ඇය දැනට ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ පලවන ශ්‍රේණියේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක ලෙස සේවය කරයි.

ඉතා මෑතකදී සන්නිවේදන විෂය ක්ෂේත්‍රයට අවුරුදු 44 ක් වයසැති මහාචාර්යවරියක් ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයෙන් බිහිවීම ද වටිනා දෙයකි. සන්නිවේදන ක්ෂේත්‍රයේ සිටින අතලොස්සක් මහාචාර්යවරුන් මහාචාර්යවරියන් අතරට මතු යම් දිනක ආචාර්ය මධුභාෂිණී ගලගෙදරගේ හේවගේ මහත්මියත් එක් වනු ඇත.

මහාචාර්ය සේන නානායක්කාරකැලණිය විශ්වවිද්‍යාලයෙන් තම ප්‍රථම උපාධිය, පශ්චාත් උපාධිය මෙන්ම ආචාර්ය උපාධිය සම්පූර්ණ කරන මෙතුමා...
14/11/2022

මහාචාර්ය සේන නානායක්කාර

කැලණිය විශ්වවිද්‍යාලයෙන් තම ප්‍රථම උපාධිය, පශ්චාත් උපාධිය මෙන්ම ආචාර්ය උපාධිය සම්පූර්ණ කරන මෙතුමා මෑතකදී, රජරට ස්වර්ණ සම්මානයෙන් පුදුම් ලබන්නේ, මෙතුමා විසින් රජරට ප්‍රදේශයේ අභිවෘද්ධිය වෙනුවෙන් සිදු කළ සේවයට ගෞරව ප්‍රණාමයක් වශයෙනි. මහාචාර්ය සේන රජරට විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර දෙපාර්තමේන්තුවට අනියුක්ත මහාචාර්යවරයෙකු වශයෙන්, විශ්වවිද්‍යාලයේ උන්නතිය වෙනුවෙන් මහත් කැපවීමකින් කටයුතු කරයි. සංවර්ධන සන්නිවේදනය, ගුවන්විදුලි සන්නිවේදනය මෙන්ම ජනශ්‍රැතික සන්නිවේදනය යන ක්ෂේත්‍රයට මෙතුමන් ලබාදෙන දායකත්වය අතිමහත්ය. මෙතුමා විසින් රචිත බොහෝ ග්‍රන්ථ සන්නිවේදනය විෂය හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතර ප්‍රචලිත ය.

ජනහිත කාමී මෙතුමන්, ඉතාමත් කරුණාවන්ත හා නිහතමානී මහාචාර්යවරයෙකු ලෙස සන්නිවේදන ක්ෂේත්‍රය තුළ ගෞරව බහුමානයට නිරන්තරයෙන් ලක් වේ. තව තවත් සන්නිවේදන අධ්‍යනය ක්ෂේත්‍රයට මෙතුමන්ගේ දායකත්වය ලබා දීමට ශක්තිය ධෛර්යය ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු.

මහාචාර්ය වාසනා මෛත්‍රී හේරත්කැලණිය විශ්වවිද්‍යාලයෙන් තම ප්‍රථම උපාධිය, පශ්චාත් උපාධිය මෙන්ම ආචාර්ය උපාධිය සම්පූර්ණ කරන ම...
04/11/2022

මහාචාර්ය වාසනා මෛත්‍රී හේරත්

කැලණිය විශ්වවිද්‍යාලයෙන් තම ප්‍රථම උපාධිය, පශ්චාත් උපාධිය මෙන්ම ආචාර්ය උපාධිය සම්පූර්ණ කරන මෙතුමිය උසස් පෙළ සමත් වන්නේ බදුල්ල දිස්ත්‍රික්කයෙන්ම දෙවෙනියා වෙමිනි. 1977 වර්ෂයේ උපත ලැබූ මෙතුමිය, 44 වන වියේදී සන්නිවේදනය පිළිබඳ මහාචාර්යවරියක බවට පත්වේ. මෙතුමිය සන්නිවේදන විෂයට ද වටිනා පොත් කිහිපයක් ද දායක කර තිබේ. ශ්‍රී ලංකාවේ සන්නිවේදන විෂයේ පළමු මහාචාර්යවරිය වන අජන්තා හපුආරච්චි මහත්මියගෙන් පසුව බිහිවන මහාචාර්යවරිය වන්නේ ද ඇයයි.

දැනට 45 වන වියේ පසුවන මෙම තරුණ මහාචාර්යවරියට තව තවත් සන්නිවේදන ක්ෂේත්‍රයට තම දායකත්වය ලබා දීමට ශක්තිය හා ධෛර්යය ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු.

සම්මානනීය මහාචාර්ය චන්ද්‍රසිරි රාජපක්ෂ ශ්‍රී ලංකාවේ  සන්නිවේදන අධ්‍යයන විෂය  හඳුන්වාදීමේ තවත් පුරෝගාමියෙක් ලෙස මහාචාර්ය ...
09/10/2022

සම්මානනීය මහාචාර්ය චන්ද්‍රසිරි රාජපක්ෂ

ශ්‍රී ලංකාවේ සන්නිවේදන අධ්‍යයන විෂය හඳුන්වාදීමේ තවත් පුරෝගාමියෙක් ලෙස මහාචාර්ය චන්ද්‍රසිරි රාජපක්ෂ මහතා හදුන්වා දිය හැකිය. මොස්කව් රාජ්‍ය විශ්වවිද්‍යාලයෙන් තම ආචාර්ය උපාධිය සම්පූර්ණ කරන මෙතුමා ලාංකේය සන්නිවේදන අධ්‍යයන ක්ෂේත්‍රයට ලබා දෙන දායකත්වය අතිමහත්ය.

ජන සන්නිවේදන විෂයේ පශ්චාත් උපාධි පාඨමාලා හඳුන්වාදීමට පුරෝගාමී මෙහෙයක් කළ මෙතුමන්, ජන සන්නිවේදන අධ්‍යයනාංශයේ අංශාධිපති ලෙස ද, සමාජ අධ්‍යයන පීඨයේ සහ පශ්චාත් උපාධි අධ්‍යන පිඨයේ පීඨාධිපති වශයෙන් ද කැපී පෙනෙන දායකත්වයක් මෙම ක්ෂේත්‍රයට මෙන්ම උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයට ලබා දී තිබේ.

සම්මානනීය මහාචාර්යවරයෙකු වශයෙන් මෙතුමන් වත්මන් මාධ්‍ය ක්ෂේත්‍රයේ ගන්නා ක්‍රියාමාර්ග හා ප්‍රතිපත්තිමය කටයුතු වලදී මෙන්ම පාසල් මාධ්‍ය අධ්‍යයන කටයුතු වලදී ද තම පුරෝගාමීත්වය ලබා දෙයි.

ශ්‍රී ලංකාවේ අධ්‍යනය ක්ෂේත්‍රයේ  සන්නිවේදනය හා මාධ්‍ය විෂය ධාරාවේ ඉතිහාසය 70 දශකය දක්වා දිවයයි. සන්නිවේදනය හා මාධ්‍ය අධ්...
29/09/2022

ශ්‍රී ලංකාවේ අධ්‍යනය ක්ෂේත්‍රයේ සන්නිවේදනය හා මාධ්‍ය විෂය ධාරාවේ ඉතිහාසය 70 දශකය දක්වා දිවයයි. සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යනය ක්ෂේත්‍රයේ ඉහලින්ම වැජඹෙන විද්වතෙකු ලෙස මහාචාර්ය ටියුඩර් වීරසිංහ හදුන්වා දිය හැකිය.

මෙතුමා මොස්කව් රාජ්‍ය විශ්වවිද්‍යාලයෙන් ජනමාධ්‍යවේදය හා දර්ශනය පිළිබඳව ශාස්ත්‍රපති විශේෂ උපාධි මෙන්ම ජනමාධ්‍යවේදය පිළිබඳව ආචාර්ය උපාධියද හිමිකර ගනී. එතුමා සන්නිවේදන ක්ෂේත්‍රයට ලබා දී ඇති මෙහෙය සත්‍ය වශයෙන්ම ඇගයීමට ලක් කළ යුතුය. මහාචාර්ය වීරසිංහ දැනට කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ මහාචාර්යවරයෙකු ලෙස කටයුතු කරයි. දැනුමෙන් පිරිපුන් ගෝල පරම්පරාවක් සන්නිවේදන හා මාධ්‍ය ක්ෂේත්‍රයට බිහි කිරීමට එතුමන් උර දී සිටී.

එතුමන් සතු පෘථුල දැනුම, නිරහංකාරී හා මානුෂීය ගුණාංග මෙම ක්ෂේත්‍රයේ සිටින තරුණ හා ආධුනික කථිකාචාර්ය වරුන්ට සහ වරියන්ටද මනා ආදර්ශයක් වනු ඇත. හරවත් හා විශ්ලේෂණාත්මකව සිදු කරන පර්යේෂණ මගින් දේශීය හා විදේශීය මට්ටමින් මෙම විෂය පෝෂණය කිරීමට කැපවීම සියලුම විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන්ගේ වගකීම වේ.
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යනය ක්ෂේත්‍රයේ සිටින විශ්වවිද්‍යාල ආචාර්යවරුන් තම පර්යේෂණ හා විශ්ලේෂණාත්මක දැනුම තම දේශන, රූපවාහිනිය, ගුවන්විදුලිය හා පුවත්පත් වැනි මාධ්‍ය මගින් මෙන්ම, Google scholar, Researchgate වැනි මාර්ගගත විද්වත් පද්ධති හරහා බෙදා දීම වැදගත් වේ. මන්ද යත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් හා පර්යේෂකයන් ලෙස දේශීය හා විදේශීය වශයෙන් තම අනන්‍ය තාවය ගොඩනඟා ගැනීමට මෙන්ම තම දැනුම මතු පරපුරට ලබා දීම ද මෙයින් අපේක්ෂා කෙරේ.

29/09/2022

මන්දපෝෂණය දුරලමු....... ලමා පරපුර සුරකිමු...........

26/07/2022

මුඛ ආවරණයක් පැළඳීම ඔබව බොහෝ වෛරස් රෝග වලින් ආරක්ෂා කරයි

07/06/2022

වගා සංග්‍රාමය අරඹමු

15/05/2022

පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!! සියලු ප්‍රශ්න විසඳී සිරිලක් මව වැජඹේවා

10/05/2022

ආදරය හා සාමය තුළින් ලොවක් ජයගත හැක

10/05/2022

පොදු දේපළ වලට හානී නොකරන්න....

14/04/2022

ආර්ථික හා සමාජීය ප්‍රශ්න වලට තිරසාර විසදුම ලැබෙන
අලුත් අවුරුද්දක් වේවා!!

12/04/2022

ජාතියක් ලෙස නැගී සිටිමු! ස්වයංපෝෂිත ආර්ථිකයක් ගොඩ නගමු!

ලාවා - සල්වේන්ද්‍ර ආදර ගීතය... ලේ නහර රුධිරය පුරා දුවනා එක් කතාවක්... පෙමක් ඇති... නීතියක් නැති... එක් කතාවක්... පද රචනය...
11/03/2022

ලාවා - සල්වේන්ද්‍ර ආදර ගීතය...

ලේ නහර රුධිරය පුරා දුවනා එක් කතාවක්...
පෙමක් ඇති... නීතියක් නැති... එක් කතාවක්...

පද රචනය - ආචාර්ය මධුභාෂිණී ගලගෙදරගේ හේවගේ
නිෂ්පාදනය - ජයමාල් හේවගේ
ගායනය - කල්පනා කාවින්දි
සංගීතය - අසංක ධනංජය ලියනාරච්චි
රූප රචනය - ඔෂාන් පියුමන්ත
රංගනය - සින්දුජා ශ්‍රී භාග්

Produced by Jayamal Hewage

10/03/2022

ලාවා - සල්වේන්ද්‍ර ආදර ගීතය...

ලේ නහර රුධිරය පුරා දුවනා එක් කතාවක්...
පෙමක් ඇති... නීතියක් නැති... එක් කතාවක්...

පද රචනය - ආචාර්ය මධුභාෂිණී ගලගෙදරගේ හේවගේ

නිෂ්පාදනය - ජයමාල් හේවගේ

ගායනය - කල්පනා කාවින්දි

සංගීතය - අසංක ධනංජය ලියනාරච්චි

රූප රචනය - ඔෂාන් පියුමන්ත

රංගනය - සින්දුජා ශ්‍රී භාග්‍යා

08/03/2022

වැඩ කරන පන්තියේ පීඩිත කාන්තාවන් ඇතුළු සියලුම කාන්තාවන්ට නිසි තැන මෙන්ම ඇගැයීම ලැබේවා !!

යුද්ධයෙන් සැබෑ ජයක් ලැබූවන් නොමැත.
01/03/2022

යුද්ධයෙන් සැබෑ ජයක් ලැබූවන් නොමැත.

ආදරය, කරුණාව හා දයාබරත්වය මුළු මහත් ලෝකයටම පතුරමු!
14/02/2022

ආදරය, කරුණාව හා දයාබරත්වය මුළු මහත් ලෝකයටම පතුරමු!

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Contemporary Highlights posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share


Other News & Media Websites in Colombo

Show All