
02/01/2024
❤️🩹......🔥✍️
හරි හැටි අවසානයක්වත් නැතිව සමහර ආදර කතා,
හීනෙකින්වත් වෙන්වෙන්න හිතපු නැති
බැදීම් මග නතර උනාම...! 😔
" කවදා හරි ආයෙ එයා එයිනේ " කියන තැන ඉදන් ගන්න
හුස්මක් ගානේන මග බලන් ඉන්නවා හූල්ල හූල්ල...! ❤️🩹
දෙවියනේ ඒකනම් මෙහෙමයි කියලා වචන කරන්න බැරි
සසරක්ම කලකිරෙන, උහුලගන්න බැරි තරම් වේදනාවක්...! 😪
සමහර මිනිස්සු මහ පුදුම විදියට ආදරේ කරනවා,
එක අංශුවක් හිස්තැනක් නොතියම,
අන්තිම පරිච්ඡේද ගැන නොහිතම...! 💘
ඉතින් පවු නැද්ද ඒ අහිංසක හිත්,
කියාගන්න උහුලගන්න බැරුව
කොයිතරම් අසරණවෙලා ඇතිද...! 😷
කවදා හරි මේ හැම දේම හරි යයි,
කියලා හිතන්න තරම් අසරණ වෙනවා කියන්නේ
දැනුන හිතක ලැව් ගින්නක් කිසිමදවසක නිමාගන්න බැරිම...! 🔥
මට හිතාගන්න බෑ ඇත්තටම ගැඹුරු මුහුදද,
එහෙමත් නැත්තන් අයිතියක් නැති හිතක් කෙරේ තියෙන ආදරේ ද කියලා...!💔💟
බැදීම් කියන්නෙ සෙල්ලමක් නෙවෙයි,
ඒක විහිලුවකට ගන්න එපා...! 😔❤️🩹
පවු අහිංසක මිනිස්සු මානසික පිස්සෙක් කියන තැනටම එයි,
එහෙම උන්ට දෙන බෙහෙත් බොයි
" කවදා හරි " කියන දවස වෙනුවෙන් බලාගෙනම ඉදලා...! 🤕🔥
කවදාවත්ම ආවෙ නැත්නම්...! 😪🌼
අනේ ඒ බලාහිදීම කොච්චර අසරණ වෙයිද
ඉරි තලා ගියපු හිත් වලට වැහැපන් දෙවියනේ
වසන්තය නා කපන වැස්සක් වෙලා
සතුට දෝරෙ ගලන්නම..!❤️🩹🥀🥺
Heshan Avishka........✍️