විශ්ව පියස-Vishwa Piyasa

විශ්ව පියස-Vishwa Piyasa කියවීම මිනිසා සම්පූර්ණ කරයි.

අරිට්ඨ පෙරුමාල්ට විහිලු කරන්න ට ලියවුන "අතුරු මිතුරු පද පෙළ"අතුරු මිතුරු දඹදිවතුරු -රාජකපුරු සෙට්ටියා අලුත ගෙනා මනමාලිට ...
28/12/2023

අරිට්ඨ පෙරුමාල්ට විහිලු කරන්න ට ලියවුන "අතුරු මිතුරු පද පෙළ"

අතුරු මිතුරු දඹදිවතුරු -රාජකපුරු සෙට්ටියා
අලුත ගෙනා මනමාලිට හාල් පතක් ගරලා....

කුඩා ළමුන් පිරිසක් ඉහත පැදි පෙළ කියමින් අත් පෙළට තබා යම් ක්‍රීඩාවක යෙදේ.අයෙක් මෙය කියවමින් අතින් අතට තට්ටු කරමින් ක්‍රීඩාවේ නිරත වේ.
අපද කුඩා කළ මේ ක්‍රීඩාව කර ඇත්තෙමු.එහෙත් මෙහි අග මුල සොයන්නට කිසි විටෙක උත්සහා නම් නොකරන්නට ඇත.

ඇත්තෙන්ම මෙහි අක්මුල් සෙවීමෙදී ඉතා රසවත් කතාවක් හමු වුණා.ඇත්තටම මේක සෙල්ලමට යොදාගන්න කලින් ලියවුනේ කෙනෙක්ව අපහසුතාවයට පත් කරන්න ලියන දැන්වීමක් නැත්නම් සරළව කිවොත් කැලෑ පත්තරයක් කීවොත් ඔබ විශ්වාස කරාවිද දන්නේ නෑ.

කතාව මෙහෙමයි.මේකේ අතීතය සීතාවක රාජධානිය දක්වා දිවයනවා.ඒ කාලේ සීතාවක රාජධානිය පාලනය කලේ රාජසිංහ රජ්ජුරුවෝ.හරිම තේජවන්ත වගේම ගොඩක් රස කතා මේ රජ්ජුරුවෝ එක්කත් බැඳිලා තියෙනවා.

මේ රජතුමාගේ කාලේ ලංකාවට ඉන්දියාවෙන් පෙරුමාල් වරු සත් කට්ටුවක් ලංකාවට ආවලු.මෙයින් එක්කෙනෙක් වුන 'අරිට්ඨ කීවෙන්ඩු' කියන පෙරුමාල් වරයා රජු එක්ක ඉතා හොඳ සම්බන්ධයකුත් හදාගත්තා.

කොහොමින් කොහොම හරි 'මනම්පෙරුම මොහොට්ට්' කියන නමින් සිංහලයට කුලවද්දන ලද (සිංහල කෙනෙක් බවට පත්වීම) මේ පුද්ගලයා උපායෙහි වගේම රණකාමීත්වයෙන් පිරුණ දක්ෂයෙක් වුණා.
ඔහු කොතරම් දක්ෂයෙක් වුනාද කීවොත් අවසානයට රජසිංහ රජ්ජුරුවෝ තමන්ගේ ආගම වෙච්ච ශිව ආගමට පවා හරවගන්න මොහු සමත් වුණා.

රාජසිංහ රජ්ජුරුවෝ මියගියේ උණ කටුවක් ඇනිලා කියලා කතාව හැමෝම දන්නවනේ.ඒකෙදී ඇත්තටම වෙලා තියෙන්නේ රජතුමා මිය ගියාට පස්සේ කිරුළ හිමිවන බව දන්න රාජසූරීය කියන රජතුමාගේ මුණබුරත් දොඩම්පේ ගණිතයත් එකතු වෙලා තුවාලයට විශ බඳිමින් කළ කුමන්ත්‍රණයක් නිසා කියලා කතාවක් තියෙනවා.

ඉතින් රාජසිංහ රජතුමා මියගියාට පස්සේ කිරුළ දරන්නේ රාජසූරිය කියන කුමාරයා.මෙම රාජප්‍රාප්තියට ඉස්සෙල්ලා කීව මාන්නප්පෙරුම අකමැති වෙනවා.

රාජසූරිය රජතුමා දොඩම්පේ ගණිතයාගේ දුවෙක් මානියංගම කියන පැත්තේ නවත්වලා රෑට රෑට බලන්න යනවාලු.

ඒ අවස්ථාවෙදි ඔහු කරන්නේ රජතුමාගේ වැඩිමහල් සොයුරිය වුන මත්තමගොඩ මහ බිසෝ බණ්ඩාර එක්ක එකතු වෙලා රාජසූරිය රජතුමාව මරා දමලා මහබිසෝ බණ්ඩාරගේ අවුරුදු පහක පොඩි පුතා වුන 'නිකපිටියේ බණ්ඩාර' ව රජ කරනවා.

දැන් සීතාවක පාලනය කරන්නේ අවුරුදු පහක නිකපිටියේ බණ්ඩාර.එහෙම කීවට ඇත්තටම පරිපාලනමය කටයුතු ඔක්කොම වගේ සිදුකලේ අර කීව මාන්නප්පෙරුම.

මේ කාලේ පෘතුගීසි රටේ පාලනයට එහෙන් මෙහෙන් අත දාන කාලේ.රටේ වෙරළබඩ කොටසක් අල්ලගෙන වෙළඳාම් කර කර හිටපු පෘතුගීසින්ට මේක ආරංච් වෙනවා.අරාජික වෙල කියලා හිතපු සීතාවක අල්ලගන්න දියෝගුද සිල්වා කියන පෘතුගීසි යුධ නායකයා සේනාවක් අරන් එනවා.නමුත් සීතාවක ඇත්තටම පාලනය කරපු මාන්නප්පෙරුම නැත්නම් අරිට්ඨ කීවෙණ්ඩු එළව එළවා පහරදීලා පෘතුගීසි එළවනවා.

උපායෙහි දක්ෂ අරිට්ඨ කීවෙණ්ඩුටත් රටේ රජ කම ගන්න ආසවක් ඇතිවෙනවා.නමුත් උරුමය නැතුව රජ වෙන්න නම් බෑ.ඒකට උපායක් විදියට ඔහු කරන්නේ බිසෝ බණ්ඩාරගේ දුව තමන්ට විවාහා කරලා දෙන්න කියලා ඉල්ලපු එක.

බිසෝ බණ්ඩාරටත් ඕක එකපාර ප්‍රතිශේප කරන්න බැරි වුණා.සියලු දේම දැනන් හිටියෙත් පාලනය කලෙත් මාන්නප්පෙරුම.

බිසෝ බණ්ඩාර කරන්නේ මේ ගැන මහ අතපත්තුවේ දොලොස් හමුදාව බාර අතපත්තු ආරච්චිට මේ ගැන කියනවා.
අතපත්තු කලේ කැළෑ පත්තරයක් ගහලා හැමතැනම ප්‍රචාරය කළ එක.ගැමියන් ලවා මාන්නප්පෙරුම යද්දි ඕකේ තියෙන කවි කියවනවලු ඇහෙන්න.මේ ලැජ්ජාව ඉවසගන්න බැරුව මාන්නප්පෙරුම මොරවත්තට පලා ගියේ ලු.
මාන්නප්පෙරුම නැතුව සීතාවක පාලනය අපහසු බව දැනගෙන නැවත එහෙම වරදක් නොවෙන්න පොරොන්දු කරන් ආයෙම මාන්නප්පෙරුම සීතාවකට කැඳවන්න බිසෝ බණ්ඩාරට සිදුවෙනවා.
ඒත් අර කවි ගායනා නම් නතර වුණේ නෑලු.පොඩි ළමයි සෙල්ලමට වගේ ඒවා දිගටම ගායනා කළ අතර

" අතුරු මිතුරු දඹදිවතුරු රාජ කපුරු සෙට්ටියා
අලුත ගෙනා මනමාලිට හාල්පතක් ගරලා
ඉහළ ගෙටත් බෙදාළා පහල ගෙටත් බෙදළා
උස කොල්ලෝ පේලියයි මිටි කොල්ලෝ පේළියයි
කුකුළ කපලා වැට මුල්ලේ කිකිළි කපලා වැට මුල්ලේ
කලු කපුටා සුදු වනතුරු මෝල් ගහේ දළු ලනතුරු බලා හිඳින් සෙට්ටියෝ"

මින් කියවෙන්නේ කිසිදු දිනෙක සිංහල මනාලියක් ලෙස කුමරියව සෙට්ටියා නොහොත් පෙරුමාල් හට නොලැබෙන බව උපහාසයෙන් ප්‍රකාශ කිරීමකි.

කොහොම නමුත් අවසානයේ මුලු සීතාවකත් එක්කම තරහ වුන මාන්නප්පෙරුම පෘතුගීසි වෙතට සේනාවක් අරගෙන යනවා.ගිහින් ජයවීර බණ්ඩාර විදියට කුලවැද්දුම් ලබලා පෘතුගීසි එක්ක ඇවිත් සීතාවක යටත් කරගන්නවා.

කොහොම හරි අවසානයේ ජයවීර බණ්ඩාර රාජ්‍යත්වය ගැන කුමන්ත්‍රණයක් නිසා පෘතුගීසි අතින්ම මිය යනවා.

අතුරු මිතුරු හැදුනේ ඔන්න ඔහොමයි.

උපුටා ගැනීමකී කතෘ නොදනී.ස්තූතියී

17/11/2023
11/11/2023

මේ මොකක්ද වෙන්නෙ ?

සිරිපාදේ යද්දී කට වරද්ද ගන්න එපා කියල පැරැන්නෝ කිවේ කට කහනවට නෙවෙයි.සමනල අඩවිය හෙවත් ‘‘හිමේ’’ හා බැදුනු කතා අපමණය. මේවා ...
07/11/2023

සිරිපාදේ යද්දී කට වරද්ද ගන්න එපා කියල පැරැන්නෝ කිවේ කට කහනවට නෙවෙයි.

සමනල අඩවිය හෙවත් ‘‘හිමේ’’ හා බැදුනු කතා අපමණය. මේවා අතර සිරිපා අඩවියේ යාබද ගම්වල වැසියන්ගේ ජීවිත හා බැදුනු ඒවා ද තිබේ. ඊට අමතරව සිරිපා වන්දනාවේ යන්නට ආ බැතිමතුන් මුහුණ දුන් ඒවාද තිබේ. එදා සිරිපා අඩවියට හෝ සිරිපා මළුවට කෙනෙක් යන්නට සිතුනොත් එය ආවාට ගියාට නොකරයි.

ඇතැම් අවස්ථාවල පේවීම හෝ පිරිසිදුවීමකින් තොරව මේ භූමියට පිවිසිය යුතු නැති බව පැරැන්නෝ විශ්වාස කළහ. එයට හේතුව සිරිපා අඩවිය හෙවත් ‘‘සමනල අඩවිය’’ ඔවුන්ට ‘‘ශුද්ධ භූමියක්’’ වූ නිසාය. මේ ශූද්ධ භූමියට වන්දනාවේ ගිය බැතිමතුන් වගේම අවට ගම් වල ගම්වැසියන්ද ඉඳහිට මේ ‘‘ශුද්ධ භූමියේ’’ ඇති හාස්කම් අත් වින්දෝය. එවන් සිරිපා හිමේ සැඟවුණු අපූරු කතා කිහිපයක් අපි මෙසේ ඔබ වෙත තිලිණ කරන්නෙමු.

කාලෙකට ඉස්සරදි පත්තිනි දේවාලයක කපු මහත්තයෙක් ගමේ කිහිප දෙනෙක් සමග දැන හැදුනුම්කම් පැවැත්තුවා. අවුරුද්දකට විතර පස්සේ මේ කපු මහත්තයාට ඕනෑ වුණා හිමේ ගරන්න යන්න. කපු මහත්තයා තව කිහිප දෙනෙක් එක්ක හිමේට ගිහිං වාඩි ගහගෙන උයාගෙන කාලා මැණික් ගරන්න පටන් අරගත්තා. එයා පත්තිනි දේවාලයක කපුවෙක් හින්දා වෙන්න ඇති සමන් දේව අඩවියේ අනුහස් ගැන වැඩි තැකීමක් කළේ නෑ. ගමේ අපිවත් හිමේ යනකොට පිලී ජාති ගෙනියන්නේ නෑ. මෙයා කපුවා හින්දා කරවල ජාති එහෙම අරගෙන ගිහිං තිබුණා.

දවසක් සියලූ දෙනාම එකතුවෙලා උදේම උයලා කෑමටික වාඩියෙ තියලා ගරන්න ගිහිං තිබුනා. මෙහෙ වාගේ තුන හතර වෙනකම් හිමේ වැඩකරන්න බෑ. උදේ දහයේ ඉදලා හවස දෙක වෙනකම් විතර තමයි වැඩ කරන්න පුලූවන්. ඉතිං මේ අය වැඩකරලා නාගෙන දෙකට විතර ඇවිත් කන්න බලනකොට බත් මුට්ටියේ ඉහඳ පනුවොලූ. ඉතිං ඒක දැකපු කපුවා බයවෙලා කට්ටිය එක්ක ආපහු එන්න ආවා. නමුත් මිනිහ ගමට එන කොට පිස්සු හැදිලා. ඒ පිස්සුව සනීප වුනේ නෑ. පස්සේ ඒ පිස්සුවෙන්ම මිනිහා මැරුනා. සිරිපා හිමේ හාස්කම් එහෙමයි.

වරක් සමනල අඩවියට ගිය පිටගංකාරයෙක් ‘‘සමන් දෙවි හාමුදුරුවන්ගේ අලියා පෙන්නන්කො’’ කියලා තියනවා. එතකොටම එතන ළග තිබුණ බටපදුර බිදින ශබ්දය ඇහිලා. අලි තමයි ඒ බට පදුර බිදින්නේ කියලා කට්ටිය දුවලා. නමුත් පස්සේ ඇවිත් බලන කොට අලි ඉදලා නෑ. කට වරද්දාගැනීම නිසා ඒ වගේ අමාරුවෙත් වැටෙනව කියලයි ගම්මු කියන්නේ.

තිහේ දශකයේ බෙලිහුල්ඔය ගලගම ප‍්‍රදේශයේ සිටි කිරිඅප්පුහාමි නම් උපාසක මහත්මයකු මේ මාර්ගය ඔස්සේ සිරිපා කරුණා කරද්දී කට වරද්දා ගැනීම නිසා දහතුන් වතාවක් ඔහුට සිරිපා මලූවට යාමට නොහැකිවූ පුවතක් පැරණි ගැමියන් අතර පවතී. සිරිපා අඩවියට ඇතුළු වන විට තුන් සරණ කීම සිරිතකි. කෙසේ හෝ උපාසක තැනට සිරිපා මළුවට යන්නට ‘‘බෑ’’ කියා කට වැරදුණි. ඔහු අන්තිමේ දී සිරිපා කරුණා කරන්නට ලැබුණොත් වෙහෙරගොඩ පන්සලේ කිරිමැටියෙන් වෛත්‍යයක් තනන බවට බාර වීමෙන් පසු දාහතර වැනි අවස්ථාවේ සිරිපා මළුවට යන්නට හැකිවූ බව ඒ අතීතය මතක තිබූ කිහිප දෙනෙක්ම පැවසූහ. ඉර අවරට යන්නට කලින් ගමෙන් පිටත් වන පිරිස රාත‍්‍රිය පුරාම ගමන් කරන්නේ සිරිපා අඩවියෙනි.

ඇතැම් අවස්ථාවල ඉතා ළගපාත හේවිසි හඩ ඇහෙන්නට පටන් ගනී. එදා අද මෙන් විදුලි ආලෝකය හෝ වෙනත් සන්නිවේදන පහසුකම් නොතිබුණ නිසා සමහරු මළුව ළග යැයි රැවටෙන අවස්ථා ද තිබුණි. නමුත් ඒ හඩ ළග ඇසුන ද මළුවට ළගා වන්නට පැය දහයක්වත් ගතවු අවස්ථා තිබිණි. රාත‍්‍රි ගමනේ දී අදුර මකා ගන්නේ පන්දම් හෝ ලන්තෑරුම් එළියෙනි. ඒ නිසා නඩයේ සැම දෙනාම පෙනෙන දුරකින් යාම සිරිතකි. යම් හෙයකින් නඩයෙන් ඈත්වී තනි වුණොත් පාර වරදින්නට පුළුවන. එසේ වුවහොත් සතා සිවුපාවාට ගොදුරු විය හැකිය.

මෙවැනි නඩවල සිටින කියන දේ නාහන තරුණ ගැටවු කිහිප දෙනෙක්ම ඒ අකරතැබ්බයන්ට පත්වූ අවස්ථා ඇති බව කියන්නේ සිරිපා අඩවිය අවට ගම්වල වැඩිහිටියන්ය. එක් අවස්ථාවක එසේ නඩයෙන් ඈත්වු තරුණයෙක් රාත‍්‍රියේ අතරමං විය. ඔහු නැති බව නඬේ පිරිසට දැනුනේ අතරමග නැවතී ගිමන් හරින විටය. නඬේ ගුරුන්නාන්සේ අත්දැකීම් ඇති වැඩිහිටියෙක් විය.

මුලින්ම ඔහු සමන් දෙවිදුන්ට පඩුරක් බැද බාරයක් විය. හොදින් හද එළිය තිබූ ඒ දිනයේ මේ මග හැරුණු තරුණයා සොයා වැඩිහිටියන් කිහිප දෙනෙක් ආපසු ආවේ නඬේ සෙසු පිරිස එතැන විවේක ගන්නට ඉඩ සලස්වාය. සැතපුමක් දෙකක් ආපසු එන විට පාරෙන් තරමක් දුරින් පුංචි එළියක් එහා මෙහා යනු පැමිණි කිහිප දෙනාට දැක ගන්නට ලැබී තිබේ. ඒ සමගම ගස්වල අතු බිදින ශබ්දයත් ඔවුන්ට ඇසී තිබෙනවා. ඉන් තරමක් බියට පත්වූ පිරිස අතු බිදින ශබ්දය ඇසුණු දෙසට කන් යොමාගෙන අවධානයෙන් ටික වෙලාවක් සිටිය ද කිසිදු ශබ්දයක් ඉන් පසු ඇසී නැහැ. ඒ ශබ්දය ඇසුණු දෙසට කන් යොමද්දී මුලින් දුටු එළිය ගැන ඔවුන්ගේ අවධානය ගිලිහී එය නොපෙනී ගොස් තිබේ. කෙසේ වෙතත් මේ පිරිස එළි වෙන තෙක් අතරමංවූ තරුණයා සෙව්ව ද ඔහු හමුවී නැහැ. එළිය වැටුණු පසු නඬේ අනික් අය බොහෝ දුරකින් ඈත්ව ඇති බව සිතා අතරමංවූ තැනැත්තා සෙවීම නවතා ආපසු ඉදිරියට ගොස් තිබේ.

එසේ විනාඩි කිහිපයක් ගත වන විට වන්දනා නඩයක කතාබහක් පිරිසට ඇසී ඒ ගැන සොයා බලද්දී තමන්ගේ නඬේ පිරිස ගිමන් හරිමින් ඉන්නවා දැක තිබේ. පසුව සොයද්දී සැතපුම් ගණනක් ඇවිද තිබෙන්නේ නැවතී සිටි ස්ථානය අවටමය. නඩෙන් අතරංමංවූ තරුණයා තමන් ඉදිරියෙන් පැන්න කළු ගුලියකට බියවී ගහක් මුල සැගවී සිටි බව පවසා ඇතත් ඔහු සැගවි සිටියා යැයි කී තැනට ඔහු සෙවීමට ආ පිරිස කිහිප වතාවක්ම ඇවිත් ගොස් ඇති බව නඬේ ගුරාට අවබෝධවී තිබුණි. මෙය නඬේ කෙනකුගේ කට වරද්දා ගැනීමකින් වුවක් නිසා බව නඬේ ගුරාගේ විශ්වාසය විය.

කළු ගුලියක් සේ දිස්ව ගියේ වළසාගේ දිෂ්ටිය බවට ඔහු විශ්වාස කළ බවත් අතු කඩනවා සේ ශබ්දයක් ඇසුනේ අලියාගේ වුවත් එය ද අද්භූත සිදු වීමක් ලෙස එම පිරිස විශ්වාස කළ බව ගැමියන්ගේ මතයයි. මේ සිද්ධිය මතක ඇති වැඩි දෙනෙක් ඉන් පසු සිරිපා ගමනේ දී බොහොම පරිස්සම් වන්නට වූ බව ද ඔවුහු කියති. ගලගම වෙළහාමි මහතා ද මේ ගම්වල සිරිපා නඩවල ගුරුන්නාන්සේ කෙනෙක් ලෙස කටයුතු කළ අයෙකි. වලකඩවල ගමේ පදිංචි හැත්තෑපස් හැවිරිදි එච්.ඒ. පේ‍්‍රමරත්න මහතා එවැනි මතකයන් ඇති කිහිප දෙනාගෙන් කෙනෙකි.

සිරිපා අඩවියේ බවුන් වඩන හිමිවරු ගැන කතා ද ඇත. ඒ අතර වලහා පැන්න හාමුදුරුවන් ගැන ගම් කිහිපයකදීම අසන්නට ලැබුණි. මේ වන විට ජීවතුන් අතර නොමැති බව පවසන මේ හිමිනම සිරිපා අඩවියේ දී දැක ඇත්තේ කිහිප දෙනෙක් පමණකැයි ද කියති. ඇසින් දුටුවන් කියුවැයි පවසන උදවිය පවසන්නේ සිහින් සිරුරකින් හෙබි භික්‍ෂූ නමක් එලෙස සිරිපා අඩවියේ කුණුදියගල ප‍්‍රදේශයේ ගල් ගුහාවක බවුන් වැඩූ බවයි.

සිරිපා අඩවියේ වැඩෙන ඵලවැල අනුභව කරමින් මිනිස් වාසයෙන් බැහැරව විසූ උන්වහන්සේගේ මුහුණට සිරිපා අඩවියේ වෙසෙන වලසෙක් පැන හානි කිරීමෙන් පසු මුහුණෙහි යම් විකෘති බවක් ඇතිව තිබූ බවයි. වලසා පැනීමෙන් පසු ප‍්‍රතිකාර කරගෙන ඇත්තේ ද ඒ හිමියන් විසින් බවත් කැලෑ කොළ ඖෂධ ලෙස භාවිත කර ඇති බවත් සිද්ධිය ගැන දන්නා වැඩිහිටියෝ කිහිප දෙනෙක්ම කීහ. මේ අතර තවත් තොරතුරකින් කියවුණේ ජීවිතයේ සැදෑ සමයේ මේ හිමිනම සිරිපා අඩවියෙන් ගම්මානයකට පැමිණ විහාරස්ථානයක වැඩ විසිමින් සිටිය දී අපවත්වූ බවයි.

අවාරය සිරිපා අඩවියේ වන සතුන් නිදහසේ එහාමෙහා යන කාලය ලෙස සිරිපා අඩවිය අවට ගම්වල වැසියෝ කියති. අවාරයට සුදු ඇතා ද සමනොළ අඩවියේ සැරිසරන නිසා සමනොළ කන්ද පාමුල ප‍්‍රදේශයට නොයා යුතුය යන අදහසක් බෙලිහුල්ඔය ප‍්‍රදේශයේ පැරැුණියන් අතර විශ්වාසයක් පවතී. එමෙන්ම රත්නපුර පැරණි රජ මාවත ඔස්සේ ගිලීමලේ රංකොත් විහාරය ද වැද සිරිපා වදින්නට එන බැතිමත්හු අතීතයේ හිරු අවරට ගිය පසු උඩුතුලාන කදිරවාන් ඇළෙන් එගොඩ නරහින්වලින් ඉදිරියට ගමන් නොකරතියි කියති. විශේෂයෙන් රාත‍්‍රි කාලයට මෙතැනට හේවිසි හඩ ඇසෙන බවත් හාස්කම් නිසා මෙසේ රාති‍්‍ර කාලයට නොයන බව ද කියති.

තවත් එක් කතාවකට අනුව ගිනිගත්හේනට නුදුරු සිල්මාතාවක් තවත් සිල්මාතාවන් සමඟ ශ්‍රී පාද වන් දනාවේ ගියාය. වෙහෙසට පත්වූ ඔවුහු පියගැටපෙලේ මඳක වාඩි වී ගිමන් හැරියාහ. දෙපා ඉදිමී තුවාල වලින් දෙකකුල් වැසී ගිය මහල්ලෙක් අවුත් සිල්මාතාවන් පසුකර හැරමිටියක ආධාරයෙන් පියගැටපෙළ නගිමින් නායක සිල් මාතාවගේ හිසට අත තබා කතා කළේය. සිල් මාතාවට ඇතිවූයේ දැඩි පිළිකුලකි. මේ මහළු තුවාල කරු කවදා කෙසේ ශ්‍රී පාදය නඟින්නදැයි සියල්ලෝම කතාබහ කළහ. ටික වේලාවකින් නැවතත් ගමන පටන් ගත් සිල්මාතාවරු තවත් සැතපුම් 2ක් පමණ ඉහළට ගොස් පියගැටපෙළේ වාඩිවී ගිමන් හරින්නට වූහ.

තුවාල පිරී ගිය කකුල් ඉදිමුණු අර මහළු මිනිසා දෙවැනි වරටත් ඔවුන් පසු කරමින් නායක සිල් මාතාවගේ හිසට අත තබා කතා කළේය. රෝගී මහළු මිනිසා මෙම ස්ථානයට පැමිණි හැටි ඔවුනට පුදුමයක් විය. විවේකය නිමාකොට නැවත ගමන ඇරඹූ සිල්මාතාවරු මහගිරිදඹය අසළ තුන්වැනි වරටත් නැවතී විවේක ගැනීමට වූහ. පාද පුරා තුවාල පිරුණු පිළිකුල් සහගත රෝගී මහල්ලා 3න් වන වරටත් ඔවුන්ව පසු කරමින් නායක සිල් මාතාවගේ හිසට අත තබා සෙත් පැතුවේය. ඇය පිළිකුලෙන් යුතුව මුහුණ පසෙකට හරවා ගත්තාය. මේ රෝගියා මේ තරම් ඉක්මනින් කඳු මුදුනට ආවේ කෙසේදැයි ඔවුනට ගැටලුවක් විය. ශ්‍රී පාද පද්මය මුදුනට ගිය සිල් මෑණිවරු ඉර සේවය උදා වනතුරු පද්මය මුදුනේ ඉඩ ඇති තැනක බිම ඉඳගෙන භාවනා කිරීමට වූහ. පුදුමයකි, නායක සිල් මාතාවගේ මුහුණට එක්වරම අමුතු ආලෝකයක් පතිත විය.

”දරුවා, මං උඹට තුන්සැරයක් කතා කළා. මතකද?” ඒ හඬ හා ආලෝකය අතුරුදන් විය. නායක සිල් මාතාව සහ ඇගේ පිරිවර උතුරා යන භක්තියෙන් ශ්‍රී පාද පද්මය මුදුනේදී සමන් දෙවියන්ට පින් දුන්හ.

ගිලීමලේ චන්ද්‍රාලෝක නායක හිමියන් මවුබිම පුවත් පකට මෙසේ ප්‍රකාශ කර තිබුනි.

මොනවද ඔය මළුවේ ඉද්දි එහෙම දැකලා අහලා තියෙන්නේ…

හේවිසි හඬ නම් ඇහෙනවා. පිරිත් කියනවා ඇහෙනවා. තව ඉතින් දේවතා එළි එනවා දැකලා තියෙනවා.

රාත්‍රියට තමයි ගොඩාක් එහෙම ඒවා පේන්නේ. ඇහෙන්නේ. මහත්තයාට කියන්න ඝණ්ටාරය ගහනවා ඇහෙනවා. ගිහින් බැලුවාම කවුරුත් නෑ. රෑ නවයෙන් පස්සේ වගේ තමයි ගොඩාක් ඒ වගේ අමුතු දේවල් වෙන්නේ.

උඩ මළුවටම යනවද…

නෑ. මළුවේ පත්මේ ගාවට යන්නේ නෑ. වට රවුමේ යනවා. උඩටම නඟින්නේ නෑ. තාප්පෙන් මෙහා. තව එනවා මහත්තයා පිච්ච මල් සුවඳක්. කොහෙන් එනවද දන්නේ නෑ. දවල්ටත් ඒක නම් එනවා. අපි උඩට ගිහින් බැලුවට හඳුන්කූරුවත් පත්තු කරලද කියලා. එහෙම නෑ. කවුරු පත්තු කරන්නද? හරි පුදුමයි. එක එක පැත්තට සුවඳ වෙනයි.

කීයට විතරද එහෙම සුවඳ එන්නේ…
උදේට හවසට තමයි වැඩියෙන් එන්නේ.

පුවත්පත් ලිපි ඇසුරෙනි

තෙරුවන් සරණයි ..!
දාන පාරමිතා

කල්ප 30 ක් විපාක දෙන කඨින පිංකම  සිංහල බෞද්ධ ජනතාවගේ ඉමහත් ගෞරවයට, පූජාවට නිමිති වී තිබෙන උසස්‌ම පින්කමක්‌ ලෙස කඨින පිංක...
03/11/2023

කල්ප 30 ක් විපාක දෙන කඨින පිංකම

සිංහල බෞද්ධ ජනතාවගේ ඉමහත් ගෞරවයට, පූජාවට නිමිති වී තිබෙන උසස්‌ම පින්කමක්‌ ලෙස කඨින පිංකම හැඳින්වීම වටී. ඉකුත් ඉල් පුන් පොහෝ දිනයෙන් මෙම වසරේ කඨින පිංකම් මාලාවද අවසන් විය. ලංකාවේ ගම් නියම්ගම්වලද නුවරවලද විවිධ අයුරින් කඨින පිංකම් සිදු විය. ලංකාවෙන් බැහැරව ඉන්දියාවේ හා තවත් රටවල් කීපයකම කඨින පිංකම් සිදු කෙරුණි. මේ ලිපිය කඨින පිංකම් නිමවා සිටින අවස්‌ථාවේ වුවද ඒ පිළිබඳව සිත යොමු කරවන්නකි.

🌱කඨින පූජාව යන්න ශ්‍රී ලාංකීය සමාජය තුළ මුල්බැසගෙන ඇති උත්තරීතර වචනයකි. එතරම් ශ්‍රී ලාංකීය ජනහදවත් තුළ සදානුස්‌මරණීය වන්නට හේතුකාරණාවක්‌ ඇත. කඨින චීවරයක්‌ මහා සංඝරත්නයට පූජා කිරීමෙන් ලැබෙන ආනිසංස කඨිනානිසංස නම් වේ. වර්ෂය පුරාම චීවර පූජාව කිරීමට හැකියාව තිබුණත් කඨින චීවරයක්‌ පූජා කිරීමට හැකි වන්නේ එක්‌ විහාරස්‌ථානයක වර්ෂයකට එක්‌ වතාවක්‌ පමණි. ඒ නිසා මෙහි සුවිශේෂත්වයක්‌ ඇත. කඨිනය යන වචනය පිළිබඳව අර්ථ කීපයක්‌ ඇත. ඒ අතර තද බව, ගොරෝසු බව, මුවහත් බව, ස්‌ථිරසාර බව, නොසැලෙන බව, සෘජු බව, කම්පා නොවන බව, තියුණු බව ආදිය දැක්‌විය හැකිය. අනෙක්‌ කුසලයන්ට වඩා කඨින චීවර පූජාමය කුසලය ප්‍රබල වේ. බුදුසසුනේ සඳහන් අට මහා පිංකම්වල පළමු පිංකම වන්නේ මේ කඨින චීවර පූජාවයි.

🌱පංචානන්තරිය පාප කර්ම හැර වෙනත් සෙසු අකුශල කර්ම ප්‍රබල කුසලකර්ම වලින් වැසිය හැකිය “කුසලෙන පිථියති” යන්නෙන් දැක්‌වෙන්නේ එයයි. කඨින පිංකම වැනි ප්‍රබල කුසලකර්ම සිදුකර ගැනීමෙන් තමා කළ සෙසු අකුශල කර්ම පවා වෙනස්‌ විය හැකිය. කඨිනය යන්නට ගොරෝසු යන අර්ථය දක්‌වා ඇත්තේ ඉන්දියාවේ ශීත කාලගුණික තත්ත්වයට වස්‌ත්‍ර සකස්‌ කරගත යුතු බැවිනි. ගොරෝසු වස්‌ත්‍ර නොමැති වුවවොත් අධික ශීතල නිසා රෝගී විය හැකිය. “සීතස්‌ත පටිඝාතාය” යන්නෙන් දැක්‌වෙන්නේ සීතලට ඔරොත්තු දීම සඳහාය.

🌱වස්‌කාලය යනු වැසි කාලයයි. එදා ඉන්දියාවේ වැසි කාලයේදී අනෙක්‌ ආගමික පිරිස්‌ එක්‌ තැනෙකට වී ඔවුන්ගේ ආගමික කටයුතු කළහ. භික්‍ෂූන් වහන්සේලා සුපුරුදු ලෙස චාරිකාවේ යෙදුනහ. එම අවස්‌ථාවේ අනෙක්‌ ආගමිකයන්ගෙන් විවිධ චෝදනා එල්ලවිය. පක්‍ෂීන් පවා වැසිකාලයේදී කෑම සොයාගෙන එක්‌ තැනෙකට වී හිඳිති. සියලු සත්ත්වයන්ට මෛත්‍රී කරන්නට උගන්වන ගෞතමයන් වහන්සේගේ ශිෂ්‍යයන් කුඩා සතුන් පාගමින් අලුත් තණ පාගමින් වැසි කාලයේ සැරිසරණ බවයි. එම කාරණාවන් හා තවත් කාරණාවන් හේතුකොටගෙන බුදුරජාණන් වහන්සේ විසින් භික්‍ෂූන් වහන්සේලාට වස්‌ කාලයේ එක්‌තැනෙකට වී ආගමික කටයුතු කරන්නැයි අනුදැන වදාළහ. එනම් “අනුජානාමි භික්‌ඛවේ වස්‌සානේ වස්‌සං උපගත්තුං” ‘මහණෙනි වර්ෂා කාලයෙහි වස්‌ වසන්නට නියම කරමි’. යනුවෙන් අවසර දුන්හ. ඒ බුද්ධ නියමයන් අනුව අදට වසර 2500 කට වැඩි කාලයක්‌ ගත වෙලත් උන්වහන්සේගේ අනුශාසනාව ඒ අයුරින්ම ක්‍රියාත්මක වීම කෙතරම් විශ්මයජනකද?

🌱ලෝකයේ වෙහෙර විහාරස්‌ථාන ඇති බෞද්ධ සැදැහැවතුන් සිටින හැම රටකම බොහෝ විට වස්‌ කාලයේ වස්‌ පින්කම් කෙරෙනු ඇත. අවසානයේ කඨින පිංකමද සිදුවේ. දැන් දැන් කඨින පිංකම පිළිබඳව දැඩි උනන්දුවකින් ක්‍රියාකරනු ලක්‌නට ලැබේ. ශ්‍රී ලංකාවේ කඨින පිංකම සෑම විහාරස්‌ථානයකම උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට ගිහි-පැවිදි උභය පාර්ශ්වයම සංවිධානය වෙති. එක්‌ විහාරස්‌ථානයක මූලික වී කඨින පිංකමක්‌ භාරගැනීමද දුෂ්කර කරුණක්‌ වී ඇත. ඒ එතරම්ම පිරිසක්‌ කඨින පිංකම් භාරගත් ලයිස්‌තුවේ සිටීම නිසාය.

🌱කඨින චීවරයක්‌ අනුදැන වදාරන්නට විශේෂ සිදුවීමක්‌ ඇත. එනම් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ඡේතවනාරාමයේ වැඩවෙසෙන සමයේ පාවා නුවර වැඩවෙසෙන භික්‍ෂූන් වහන්සේලා 30 නමක්‌ සැවැත්නුවරට වඩින්නට ගමන ආරම්භ කළහ. උන්වහන්සේලාගේ බලාපොරොත්තුව වූයේ බුදුරජාණන් වහන්සේ වැඩ වෙසෙන සැවැත්නුවර ඡේතවනාරාමයේ වස්‌ කාලය ගතකිරීම සඳහාය. එහෙත් උන්වහන්සේලාට නියමිත දිනට සැවැත් නුවරට ළඟාවීමට නොහැකි වූහ. ඒ නිසා සාකේත නම් නුවර වස්‌ කාලය ගත කළහ. උන්වහන්සේලා එම වස්‌ කාලය ගතකළේ බුදුරජාණන් වහන්සේ දැක ගන්නට නොලැබීමේ කනස්‌සල්ලෙනි. වස්‌ තුන් මාසය අවසන් වූ විට එම ස්‌වාමීන් වහන්සේලා යළිත් වරක්‌ සැවැත්නුවරට වඩින්නට ගමන ආරම්භ කළහ. අතර මගදී මහ වැසි පතිත වීම නිසා ගොහොරු මඩ සහිත බිමෙහි වැසි ජලයෙන් තෙත්වූ වස්‌ත්‍ර වලින් යුතුව ඡේතවනාරාමයට වැඩම කළහ.

🌱එම භික්‍ෂූන් වහන්සේලා බුදුහිමි වැඳ පිළිසඳර කතාවෙහි යෙදුනහ. වස්‌ කාලය කරදරයක්‌ නැතිව ගත කළාද? සමගියෙන් විවාද නැතිව සතුටින් ගත කළා දැයි බුදුරජාණන් වහන්සේ ඒ භික්‍ෂූන් වහන්සේලාගෙන් විචාලසේක. එහිදී භික්‍ෂූන් වහන්සේලා සඳහන් කළේ ස්‌වාමීනි අප සමගියෙන් විවාද නැතිව සතුටින් වස්‌කාලය ගතකළ බවයි. එහෙත් අප සැවැත්නුවරට වැඩම කරන විට මහ වැසි ඇදහැලීම නිසා අතරමග මඩෙන් හා වැසි ජලයෙන් පීඩාවට පත්වූ බවත් තෙත් වූ සිවුරුවලින් යුතුව පැමිණි බවත් දැන්වූහ. එවිට මහාකාරුණික බුදුරජාණන් වහන්සේ ඒ ගැන සිතා තවත් සිවුරක්‌ තිබුණා නම් මේ ආකාරයේ දුෂ්කරතාවයකට පත් නොවන බව සලකා වස්‌ වැසූ භික්‍ෂූන්ට කඨින චීවරයක්‌ ලබාගන්නට අවසර දුන්හ.

🌼🌼කඨිනයෙහි බලසම්පන්න භාවය පහත ගාථාවෙන් දැක්‌වේ.

පඨවිරිව න ජාතුකම්පතේ – න චලති මේරුරිවාතිවායුනා
වජිරම්ව න භිඡ්ජතේ ඝනං – තමිධමතෝ කඨිනන්ති වුච්චති

එනම් මහ පොළොව සේ ස්‌ථිර වූ කුසලකර්මයකි. එම කුසලය මහාමේරු පර්වතය සුළඟින් නොසෙල්වෙන සේ නොසැලෙන පිංකමකි. එසේම වජ්‍ර පර්වතය සේ බිඳිය නොහැකි වූ කුසලයකි.

දෙපට සිවුර, තනිපට සිවුර, අඳන සිවුර යන තුන් සිවුරෙන් කැමති චීවරයක්‌ කඨිනය සඳහා පූජා කළ හැකිය. මසා නිමකළ චීවරයක්‌ මෙන්ම චීවරයක්‌ වශයෙන් සකස්‌ නොකළ චීවරයකට ප්‍රමාණවත් වස්‌ත්‍රයක්‌ (දුස්‌සං) වශයෙන් පූජාකළ හැකිය.

🍂🍂අටමහා කුසලයන් වන්නේ

කඨිනට්‌ඨ පරිඛාරං – වාසදානං ච උත්මං
බුද්ධප්පමුඛ සංඝස්‌ස – දානං ධම්මස්‌ස ලේඛනං
ඛෙත්තදානං ච බුද්ධස්‌ස – පටිමාකරණම්පි ච
කරණං වච්චකුටියා – අට්‌ඨ පුඤ්නි වුච්චරේ

එනම් –

1. කඨින පූජාව
2. අටපිරිකර පූජාව
3. උතුම් ආවාස කරවා පූජා කිරීම
4. බුදුපාමොක්‌ මහ සඟනට දන්දීම
5. දහම් පොත්පත් ලියවීම
6. කෙත්වතු පූජා කිරීම
7. බුද්ධ ප්‍රථිමා කරවීම
8. වැසිකිළි කැසිකිළි කරවීම – දැක්‌විය හැකිය.

මෙහි පළමු පිංකම වන්නේ කඨින පිංකමයි. ඒ අනුව එහි ප්‍රබල බව සිතාගත හැකිය. කඨින චීවර පූජාව සමගින් අතිරේක පිරිකර පූජා කිරීමද සිදුවේ. ඒ සඳහා කැමති කෙනෙකුට ඉඳිකටුවේ සිට විහාරස්‌ථානයට අවශ්‍ය කරන පුද පිරිකර පූජා කළ හැකිය.

කඨින පිංකම පිළිබඳ සඳහන් කරනවිට නාගිත මහරහතන් වහන්සේගේ නම අනිවාර්යයෙන්ම සඳහන් කළ යුතුය. බුදුරජාණන් වහන්සේ එක්‌තරා අවස්‌ථාවකදී ඒහි භිCඛු භාවයෙන් පැවිදි වූ මහරහතන් වහන්සේලා 500 නමක්‌ අනෝතත්ත විල්තෙරට එක්‌රැස්‌ වන්නැයි සිහිපත් කළහ. එම මහරහතන් වහන්සේලා අතර පෙර බුදු-පසේබුදු මහරහතන් වහන්සේලාට කළ කුශල කර්මයක්‌ ඇත්දැයි ඇසූහ. එහිදී නාගිත මහරහතන් වහන්සේ පෙර ජාතිවලදී කළ කඨින පිංකම්වල හා අනෙකුත් පින්කම් ගැන විස්‌තරයක්‌ කළහ. ඒ අනුව,

“කඨින දානං දත්වාන – සංඝේ ගුණ වරුත්තමේ
ඉතෝ තිංසේ මහා කප්පේ – නාභිජානාමි දුග්ගතිං”

උත්තම ගුණ ඇති මහා සංඝරත්නයට කඨිණ චීවර දානය පූජාකර කල්ප තිහක් දුගතියෙන් තොරවූ බව හා තවත් ආනිසංශ ගෙනහැර දැක්‌වීය.

මෙසේ බලන විට නිවන් දකින ආත්ම භාවය දක්‌වාම විශිෂ්ට වූ මනුෂ්‍ය සම්පත් ලැබීම සඳහා කඨින පිංකම හේතුවේ. කිසිදු අඩුවක්‌ නොමැති ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය ජීවිතයක්‌ සඳහා මෙන්ම දිව්‍ය ආත්මභාව ලැබීමටද කඨින පිංකම් බලපානු ඇත. එපමණක්‌ නොව සදාකාලික සැපත, උතුම් නිර්වාණ සම්පත්තිය උදාකර ගැනීමට මේ උතුම් කඨින පිංකමේ බලය හා ශක්‌තිය ද හේතුවේ.

තෙරුවන් සරණයි !! සුවපත් වේවා

24/10/2023

කොහොමද සයිස් එක 😮

ඇහැලේපොල  කුමාරිහාමිව ඇත්තටම දියේ  ගිල්ලෙව්ව ද   ?ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා විසින් ඇහැලේපොළ කුමාරිහාමි සහ අඹුදරුවන් ඝ...
08/10/2023

ඇහැලේපොල කුමාරිහාමිව ඇත්තටම දියේ ගිල්ලෙව්ව ද ?

ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා විසින් ඇහැලේපොළ කුමාරිහාමි සහ අඹුදරුවන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් කථා කීපයක් ම අහන්න ලැබෙනවා. මේ කථා අතරත් තියෙනවා යම් යම් වෙනස්කම්.

1
ඇහැලේපොළ අදිකාරම සමඟ පැවැති ආරවුල නිසා ශ්‍රී වික්‍රම රාජසිංහ රජු විසින් ඇහැලේපොළ දරු පවුල ඝාතනය කිරීම සඳහා නියෝග‍යක් නිකුත් කෙරෙනවා. ඒ අනුව ඇහැලේපොළ කුමාරිහාමිත්, ඇකයේ හුන් බිළිඳියත්, පිරිමි දරුවන් දෙදෙනාත් ඝාතනය වෙනවා. මේ දඬුවමට පාත්‍ර වූ අය අතර ඇහැලේපොළ ගෙ පවුලට අයත් වෙනත් කීප දෙනකු ද සිටි බව සඳහන් වෙනවා. ප්‍රකට කථාව වෙන්නෙ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා හුදු අත්තනෝමතියක් ‍මත මේ දඬුවම ක්‍රියාත්මක කරවූ බව.

2
“ශ්‍රී වික්‍රම රාජසිංහ චරිතය - උඩරට පුරාණ මුලාදෑනීන්ගේ ලේකම් මිටිය” නමැති පුස්කොළ ලේඛනයක දක්නට ලැබුණු වැදැගත් තොරතුරක් රංගන කුරුවිට සූරීන් ශ්‍රී නාම රත්නාලංකාරය සංස්කරණයෙ දි මතු කරනවා. එහි කියැවෙන ආකාරයට “දෙවැනි අදිකාරම් පදවිය ලබා සිටි මුල්ලේගම නිලමේ විසින් යම් රාජද්‍රෝහියකුට දඬුවම් කිරීමට ඉඩක් නො ලැබේ නම් ඔහු ගේ අබු දරුවංට දඬුවම් දීම නීතිය බව ප්‍රකාස කරනවා. නිරපරාධයට දඬුවම් කිරීමට සිංහල රාජ නීතියේ මෙසේ ඉඩක් ඇති මුත් මෙහි... යුක්තිය සලකා රජතුමා තෘෂ්ණිම්භූත වූ බව” වැඩි දුරටත් සඳහන් වෙනවා.

3
කොළඹ කෞතුකාගාරයේ 2371 ‘ඇහැ‍ලේපොළ දරුවන් මැරීම’ නමින් සූචිගත කරලා තියෙන පුස්කොළ ලේඛනයක් ගැන පෝල් ඊ. පීරිස් සාකච්ඡා කරනවා. ඔහු සිය ‘ත්‍රී සිංහලය’ කෘතියෙ මේ විදිය‍ට ඒ ගැන වාර්තා කරනවා.

“... රාජද්‍රෝහී වී පලා ගිය අයවලුනට, සිංහල නීතිය අනුව දිය යුතු දඬුවම කවරේ දැ යි විමසා සිටියේ ය. මේ අවස්ථාවේ නිලමේ විසින් පහත සඳහන් සිංහල නීතිය කියෙව්වේ ය. “රාජද්‍රෝහී වූ විට, එම ද්‍රෝහියාගේ පවුලේ උදවිය අල්ලා පිරිමි අය හිස ගසා මරා දැමිය යුතු අතර, ගැහැණු උදවිය දියේ ගිල්වා මරා දැමිය යුතු ය: සිංහල නීතිය එය යි” යි කීවේ ය. ...”

4
තවත් විස්තරයක කියැවෙන ආකාරයට ‍ඇහැලේපොළ කුමාරිහාමි ඇතුළු දරු පවුල ඝාතනය කිරීමේ සැලැසුම්කරු වුණේ මොල්ලිගොඩ සහ තවත් ප්‍රධානියෙක්.

රජු ගේ කටුපුල්ලේ සහ අතපත්තු යන අංශවලින් පණිවිඩකරුවන් යවමින් මොල්ලිගොඩ විසින් ඇහැලේපොළ කුමාරිහාමිට සහ ඇගේ දරුවන්ට රජු ඉදිරියේ පෙනී සිටින ලෙස දන්වනවා. ඔවුන් රජු සම්මුඛයට පැමිණි පසු මොල්ලිගොඩ ගෙන් රජතුමා ඔවුන් ගැන විමසනවා. ඒ ඇහැලේපොළ ගෙ දරු පවුල බව මොල්ලිගොඩ විසින් රාජසිංහ රජුට හඳුන්වා දීමත් සමඟ රජු කෝපයට පත් වෙනවා.

“මට ඒ දියබරි ඔළුවක් තියෙන ලොක්ක‍ ගෙ ගෑනිවයි, ළමයින්වයි දකින්න වත් කැමැත්තක් නෑ. වහා ම මගෙ දෑහැට නො පෙනී යන ලෙසට දන්වනු!”

මේ අවස්ථාවෙ රජුට හිතවත් පාක්ෂිකයෙක් (ටී. බී. පෝහත් කෙහෙල්පන්නල අනුමාන කරන්නෙ මේ රජතුමා ගෙ සළුවඩන නිලමෙ විය හැකි බව) ආයාචනා කරමින් පවසන්නෙ මෙ බඳු අය ජීවත් වනවාට වඩා මරණයට පත් කිරීම වඩාත් සුදුසු බව. “එහ්! හරි!” කියමින් නැඟී සිටින රජතුමා මාලිගාවට යනවා. මේ වචනය රජතුමා නිතර නිතර පවසන එකක්ලු. නමුත් මේ කෙටි පිළිතුර ඔවුන් වරදකරුවන් බවට පත් කිරීමට ප්‍රමාණවත් පිළිතුරක් විදියටත්, දඬුවම් පැමිණැවීම සඳහා කළ සාධාරණීකරණයක් ලෙසත් මොල්ලිගොඩ සැලැකිල්ලට ගන්නවා. ඒ අනුව ඇහැලේපොළ කුමාරිහාමි ඇතුළු දරු පවුලට දඬුවම් පමුණවන්නෙ මොල්ලිගොඩ විසින්. මේ කාරණාව ගැන පසු අවස්ථාවක මොල්ලිගොඩ විසින් ම රජතුමාට දන්වනවා. කෝපයට පත් වුණු රජතුමා ඔහුට මේ විදියට තරවටු කළාලු.

“එක මොල්ලියක් තියෙන ගොනෙක් මෙල්ල කර ගන්න එක මෙච්චර අමාරු නම් මොල්ලි ගොඩක් තියෙන ‍ගොනෙක් මෙල්ල කර ගන්න එක කොච්චර අමාරු වෙයි ද?”

(මේ විස්තරය ගත්තෙ ටී. බී. පෝහත් කෙහෙල්පන්නල රචනා කළ The Life of Ehelapola කෘතියට රංජිත් ඉලුප්පිටිය කළ පරිවර්තන‍ය අනුසාරයෙන්. ඇහැලේපොළ පවුලේ ඝාතනය සම්බන්ධ පරස්පර විරෝධී විස්තරය ඉදිරිපත් කරන්නෙ ටිකිරි බණ්ඩා උනම්බුවේ මහතා. ඔහු‍ට තද් විස්තරය ලැබෙන්නෙ මාලිගාවේ පරිවාර කාන්තාවක වශයෙන් සේවය කළ ඔහු ගෙ කුඩම්මා ගෙන් සහ වෙනත් විශ්වාසදායක මූලාශ්‍රයවලින් බවත් වැඩිදුරට සඳහන් වෙනවා).

ඇහැලේපොළ කුමාරිහාමි ඇතුළු දරු පවුල ඝාතනය වුණේ නෑ කියන කාරණාව ඉඳුරා කියන්න අපහසු යි. විද්‍යමාන සාධක අනුව නම් ඒ වගේ දෙයක් වෙලා තියෙනවා. පෝල් ඊ පීරිස් ආදින් සටහන් කරන විදියට ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා තමන්ට දෝෂාරෝපණය කරන අයට දුන්නු පිළිතුර මේ විදිය යි.

“මහනුවර රාජධානියේ නීති කවුරුත් දනී. ඒවා නිර්මාණය කළේ මා ද?”

මීවැවේ විත්ති පොතේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා ඉංග්‍රීසින් ගෙ අත් අඩංගුවට පත් ව ගෙන යන අවස්ථාවෙ දි පුංචිරාල වෙද රාළ විසින් රජතුමාටත්, රජුට අත් වූ තත්ත්වය පිළිබඳ හඬා වැටෙන මැණික්රාළ මොහොට්ටාලටත් බැණ වැදුණු ආකාරය සටහන් වෙලා තියෙනවා.

“පුංචිරාල වෙදරාල අපිට වින කරපු දරුවන් කොටවපු වඩිගයා නැහුනා කියා මොහොට්ටාලටත් බැණ වැදී ගියා ය”

‍ඉංග්‍රීසින් සම්මුඛයේ සිටි ඇහැලේපොළ මහ නිලමේ විසින් මතුරට රදළවරු වෙත වර්ෂ 1815 දි එවපු ලිපියක් ගැන වාර්තා‍ වෙනවා. පුවක්ගොල්ලෙ, සපුහීන්නෙ, මීගස්වත්තෙ, යටිවැල්ලෙ, බජ්ජල, දරාඩෙකුඹුරෙ, පුස්සලමංකඩ, අරාවේ ආදි රදළවරු ගැන ලිපියෙ සටහන් වෙනවා.

“සිංහල ද්වීපවාසින්ගේ ආරක්ෂාව පිණිස සියළු වැඩ බොහෝ සේ මන් කළ මාගේ ක්‍රත්‍ය හතුරෝ නපුරු තේරුම් උපදවා වාසලට දන්වා කළ බව ඒකාන්තයි. රටවාසී කවුරුත් දන්වා මාගේ අවංක බවත් දැන දැනත් වඩුග රජ ම‍ට මේ විපත කළේ ය. කොහොමත් වඩුග පරම්පරාව නිසා සිංහළ සේනාව හැම විදියෙන් ම විනාශ වේ. ඉබාගාතේට ආ වඩුගයෝ කරණ නපුරුකම් අසන විට ඉවසාගත නොහැකිවේ. රජ්ජුරුවන්ගේ යහපත් ක්‍රියා ද මොවුන් නිසා නෂ්ට වී ගියැ, අපේ දියුණුව ඔවුන් නො ඉවසත් අපේ සම්පත් සියල්ලත් බලාත් ලෙස ගණිතත් රජ අන මොවුන් හැර බැවින් දිනෙන් දින බලවත් අනදර වැඩේ. මේවා මැඩ පවත්වා ආණ්ඩුකරවීමට මා කළ කී දේ කාටත් මතක ඇති. ඒ සියල්ල අපේ සස්තෘ වූ නුනුවන නපුරු ලෙස වාසලට දන්වා වවුල්ගතියෙන් ............ ආරක්ෂාවත් කැමැත්තෙන් සි‍ටිත්. මේ සියල්ල අප ජාතියේ රජ පරපුර නෂ්ට වීමෙන් සිදුවූ විපත් යැ. මෙම විපතින් ඉදිරියටවත් සිංහලය ආරක්ෂාවන අයුරු පරීක්ෂාවෙන් වැඩ කිරීම අප කාටත් බාර වැඩකි ...”

අදාල ලිපියෙ කෙටි උධෘතයක් ‍ඒ.

ඇහැලේපොළ කුමාරිහාමි ඇතුළු දරු පවුල ඝාතනය කිරීම සම්බන්ධ කාරණාවල විතරක් නෙවෙ යි, ඔවුන්ට දඬුවම් පැමිණ වූ ස්ථානය ගැනත් එකිනෙක වෙනස් තොරතුරු සටහන් වෙනවා. ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා ගැනත් ඒ විදිය යි.

කියැවෙන විදියට රාජසිංහ රජතුමා බීමත්කමට ඇබ්බැහි කරවපු පළමු කෙනා තම යි නුවරකලාවියෙ (පුස්සැල්‍ල) දිසාවේ. රජතුමා සමහර කෲර දඬුවම්වලට ඔහුත් හේතුවක්. නමුත් කාලයත් එක්ක රජතුමා ඔහු ගෙ දුෂ්ටකම් ගැන අනාවරණය කරගන්නවා. රජ අණින් අතිශය බියකරු මරණයක් ඔහුට හිමි වුණා. කියැවෙන විදියට ලබා දුන් වධ හිංසා ඉවසා ගත නො හැකි ව ඔහු විසින් නැඟූ මරණීය විලාපය මහනුවර, මල්වත්ත විහාරයේ වැඩ සිටි මහලු භික්ෂුන් වහන්සේලාට පවා ඇසුණලු.

මේ සමහර කථා ලේඛනගත වෙලා තියෙනවා. සමහර ඒවා ජනප්‍රවාද විදියට පවත්වාගෙන ආපුවා. කථාන්දර විවිධ යි. නමුත් නිර්මාණය වෙලා තියෙන්නෙ ඉතිහාසයක් එක්ක

උපුටාගැනීමකි.
මුල් සටහන - ශකිල රාජකරුණා

ස්තුතියි මුල් හිමිකරුට..🙏

--== ලෙව්කේ රාළ ==--ලෙව්කේ රාළ කියන්නේ ලෙව්කේ පරපුරේ අවසාන පුරුක. මොහුගේ පියා ලෙව්කේ දිසාවතුන් කෝරළයේ හා හතර කෝරළයේ ප්‍ර...
05/10/2023

--== ලෙව්කේ රාළ ==--

ලෙව්කේ රාළ කියන්නේ ලෙව්කේ පරපුරේ අවසාන පුරුක. මොහුගේ පියා ලෙව්කේ දිසාවතුන් කෝරළයේ හා හතර කෝරළයේ ප්‍රධනියා විදියට ශ්‍රී විජය රාජසිංහ රජු යටතේ කටයුතු කළා. ඒ වගේම මේ ලෙව්කේ නිළමේ කාලයක් පැවිදි වෙලා ඉඳලා තියෙනවා. ඒ වගේම වැලිවිට සරණංකර හිමියන්ට පාලි භාෂාවත් උගන්වලා තියෙනවා. ඉතින් මේ නිළමේ තමන්ගේ එකම පුතාට “විජේසුන්දර” නමින් උසස් නාමයක් ප්‍රධානය කර ඇති බවක් කියවෙනවා. ඒ හින්දා ඔහුව “ලෙව්කේ විජේසුන්දර රාජකරුණා සෙනෙවිරත්න හේරත් වාසල මුදියන්සේ” නාමයෙන් හඳුන්වා තිබෙනවා. තම පියා දරපු හතර කෝරළේ දිසාව පදවියත් ලෙව්කේ නිළමේට ස්වභාවිකව උරුම වුණා.

තමන්ගෙ තාත්තට තිබ්බ කලා හැකියාව වගේම මේ ලෙව්කේ රාළට සටන් හැකියාවත් උපරිමයෙන්ම පිහිටලා තිබ්බා. ඒ වගේම මොහු විවේකී අවස්ථා වල ගායනා කළ කවි අහන්න කීර්ති ශ්‍රී රාජසිංහ රජුද ගොඩාක් ප්‍රිය කරලා තියෙනවා. ඔහුගේ කවි වල ගැමි සුන්දරත්වය හා ස්වභාව ධර්මයා ගැන අපූරුවට ලියවිලා තියෙනවා. ඒ වගේම ලෙව්කේගේ සමහර සටන් ක්‍රම මොහුටම හෝ මොහුගේ පරම්පරාවටම ආවේණික වූ සටන් ක්‍රම කියලා හඳුන්වනවා. ඒ වගේම මොහු සතුවු ඒ විශිෂ්ට හැකියාව නිසාම මොහුගේ කාය ශක්තිය පිරික්සන්න ආපු ගොඩාක් අය මොහුට බියේ ආපහු හැරී ගිහින් තියෙනවා.
ඉන්දියාවෙන් ආපු දක්ෂ මල්ලවපොර කාරයෙක් බිය කර නැවත හරවා යවපු කතාව ලෙව්කේ නිළමේ පිළිබඳව ඇති එක් ප්‍රසිද්ධ රස කතාවක්. ඒ කතාවෙ හැටියට මේ ලෙව්කේ රාළ කිරිබත් එක්ක කොට්ට පොල් කිරි කන්න ගොඩාක් කැමතියිලු. ඉතින් මේ සටනට සතියකට විතර කලින් ඉන්දියානු ප්‍රතිවාදියා ඉස්සරහ ඔහු පැහුණු කොට්ට පොල් ගෙඩියක් අතින් මිරිකගෙන ගත්ත කිරිත් එක්ක පෙරේත කමින් කිරිබත් කාල තියෙනවා. මේ සිද්ධිය දැක්ක ප්‍රතිවාදියා සටන පැවැත්වීමට කලින් නැවතත් තමන්ගේ මවු රටවල් ගිහින් තියෙනවා.

ඉතින් මේ ලෙව්කේ රාළ හතර කෝරළයේ විහාර කිහිපයක් ම ප්‍රතිසංස්කරණය කරලා තියෙනවා. ඔහුගේ අක්කර 366 ක් වූණු නින්ද ගම් සමූහයෙන් ඉඩම් කිහිපයක් ම රඹුක්කන ගල් විහාරයටත්, දනකිරිගල ලෙන් විහාරයටත් 1766 දී පූජා කල බව බෙල් ගේ වාර්තා වල සඳහන් වෙනවා. ඔහු දනකිරිගල විහාරයේ කරපු ප්‍රතිසංස්කරණයන් සම්බන්ධයෙන් අපූරු කතාවකුත් තියෙනවා. දනකිරිගල විහාරයට යන්න මාවතක් නොතිබ්බ නිසා මොහු එයට ගල් පඩි පෙලක් තමන්ගේ අසිමිත කාය ශක්තියත්, හිත තුල වූ ශ්‍රද්ධාවත් උපයෝගී කරගෙන තනලා තියෙනවා. . ඔහු මෙය කළේ ගොඩක් වෙලාවට ගොම්මන් වේලාවන් වල. මේ අසිමිත හැකියාවන් නිසා ඔහුට ගොඩාක් උඩරට රදළයන් ඊරිෂ්‍යා කරලා තියෙනවා..
එක වරක් ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා මුළු දිවයිනේම දක්ෂ තරුණයින් රැසක් මහනුවරට ගෙන්වලා අපහසු අභියෝග රැසක් ලබාදුන්නා. ඉතින් මේ අවසන් අභියෝගය වෙනකන් සුදුසුකම් ලැබූවේ, කප්පාගොඩ නම් තරුණයා හා අද අපි කතා කරන මේ ලෙව්කේ රාළයි.

අන්තිම අභියෝගය වූනේ අඟලක්-දෙකක් විතර තුඩක් පොලවෙන් එලියට සිටින විදියට පොලව යට අඩි කිහිපයක් වළලපු ඇත් දලක් පොලවෙන් උඩට ගැනීමයි. ඇත් දලේ පොලව යට තිබුණු අගට, පොලවට සිරවෙන විදියට, යකඩින් කරපු කුරුසයක් ද අටවා තිබුණා. ඒ තුඩට තල තෙල් ගල්වා තිබුණා. ඉතින් මේ අභියෝගය තේරුම් ගන්න එක වගේම ඒ අභියෝගයක් ගොඩාක් අපහසුයි. ඉතින් කොහොම හරි මේ ලෙව්කේ මේ අභියෝගයත් ජයගෙන ගොඩාක් තෑගි භෝග ලබා ගත්තා…
ඉතින් මේ උඩරට රාජ්‍ය සමයේ අවාසනාවන්ත විදියට ජීවිතෙන් වන්දිගෙවපු තවත් රදලයෙක් තමයි මොහු. 1803 දී හංවැල්ල සටනේදී ඉංග්‍රිසින්ගෙන් පැරදුණු රජුගේ සේනාව, අවිස්සාවේල්ලේදී නැවතිලා තියෙනවා. ඒ අසල වෙල්යායම ළඟට ආපු පැමිණි ලෙව්කේයි ඔහුගේ මහා මොහොට්ටාල, කුරුම්බා ගෙඩියක් බොමින් විවේකී සුවයෙන් හිටියා. මේ වෙලාවෙදි අවාසනාවන්ත විදියට කිසිම හේතුවක් නැතුව මේ දෙන්නව රජු හිස ගසා දාලා තියෙනවා. ඒ වගේම තවත් මේ වගේ සිදුවීම් රැසක් තියෙනවා මේ මරණය ගැන. කොහොමවුනත් ශ්‍රි වික්‍රමරාජසිංහ රජු අතින් වුනු බලවත් ම වැරැද්ද විදියට සලකන්නේ මේ මරණය. පස්සේ රජු මේ ගැන දුකින් හිටියා කියලත් කියවෙනවා.

උපුටා ගැනිමකි..
ස්තුතියි මුල් හිමිකරුට..🙏
📸❤️

30/09/2023

පසුගිය 27වන දින ඉරාකයේ විවාහ මංගල්‍යයක් අතරතුර විවාහ ශාලාවේ සිදුවූ ගිනිගැනීමකින් 100කට ආසන්න පිරිසක් මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබෙනවා. මනාල යුවල නර්තනයේ යෙදෙන අවස්ථාවේ ශාලාව තුල දල්වන ලද ගිනිකෙළි වලින් මෙම ගින්න හටගෙන ඇත...

24/09/2023

සංවේදී දර්ශන සහිතයි ⚠️️
ගෘහාශ්‍රිතව ඇති දැඩිවන සතුන්ට බොහෝවිට බාහිර පරිසරයේ ඇති අනතුරු පිළිබඳ එතරම් වැටහීමක් නැත. මේ එවැනි බල්ලන් දෙදෙනෙකු කිඹුලන්ට ගොදුරු වන අවස්ථා දෙකක්... ⛔

6 හැවිරිදි පිරිමි ළමයෙක් ඔහුගේ 3 හැවිරිදි සහෝදරිය සමඟ පොත් සල්පිලෙහි ඇවිදිමින් සිටියේය. හදිසියේම දරුවා දැනගත්තේ තම සහෝදර...
22/09/2023

6 හැවිරිදි පිරිමි ළමයෙක් ඔහුගේ 3 හැවිරිදි සහෝදරිය සමඟ පොත් සල්පිලෙහි ඇවිදිමින් සිටියේය. හදිසියේම දරුවා දැනගත්තේ තම සහෝදරිය ප්‍රදර්ශන කුටියක් අසළ නැවතී සිටින බවකි.

ඔහු නැවතිලා ආපසු හැරිලා බැලුවා - ඔහුගේ සහෝදරිය පොත් ප්‍රදර්ශන කුටියක් ඉදිරිපිට සිටගෙන ඉතා උනන්දුවෙන් යමක් දෙස බලා සිටින බව දුටුවේය. පිරිමි ළමයා ඇය වෙත ආපසු ගොස් "ඔබට යමක් අවශ්‍යද?" යනුවෙන් විමසීය.

සහෝදරිය පොතක් වෙත ඇඟිල්ල දිගු කළාය. පිරිමි ළමයා ඇගේ අත අල්ලා වගකිව යුතු වැඩිමහල් සහෝදරයෙකු මෙන් එම පොත ගෙන ඇයට දුන්නේය. සහෝදරිය ඉතා සතුටු විය.

පිරිමි ළමයාගේ පරිණත හැසිරීම දැක වෙළෙඳ කුටිය හිමියා සියල්ල දෙස බලා විනෝද වෙමින් සිටියේය. පිරිමි ළමයා කවුන්ටරය වෙත පැමිණ වෙළෙඳ කුටිය හිමියාගෙන් ඇසුවේ "මේ පොතේ මිල කීයද?" කියාය.

වෙළෙඳ කුටිය හිමියා කාරුණික පුද්ගලයෙක් වූ අතර ජීවිතයේ අවාසි අත්විඳ ඇත.
ඒ නිසා ඔහු මහත් ආදරයෙන් හා සිනාවෙන් පිරිමි ළමයාගෙන් "හොඳයි, ඔබට ගෙවීම සදහා මුදල් කොපමණ තිබේද?"

පිරිමි ළමයා මුහුදු වෙරළේ සිට සාක්කු තුළට එකතු කරගත් වර්ණවත් සිප්පි කටු පිටතට ගෙන සාප්පු හිමියාට දුන්නේය. සාප්පු හිමියා එම දැකුම්කළු සිප්පි කටු රැගෙන මුදල් ගණන් කරනවා සේ ගණන් කිරීමට පටන් ගත්තේය. එවිට ඔහු එය ගණන් කරන අතරතුර පිරිමි ළමයා දෙස බැලුවේය.

පිරිමි ළමයා කණස්සල්ලෙන් ඔහුගෙන් ඇසුවේ "පොත සඳහා ඔය ප්‍රමාණය මදිද?" යනුවෙනි. සාප්පු හිමියා කීවේ "නැහැ නැහැ, මේවා පිරිවැයට වඩා වැඩියි, ඒ නිසා ඉතිරි ටික මම ආපසු දෙන්නම්" කියාය. එසේ කියමින් ඔහු සිප්පිකටු 4 ක් පමණක් තබා ඉතිරි ඒවා ආපසු දරුවා අතට දුන්නේය.

පිරිමි ළමයා ඉතා සතුටින් සිප්පි කටු නැවත සාක්කුවේ දමාගෙන තම සහෝදරිය සමඟ පිටව ගියේය.

මේ සියල්ල දෙස බලා සේවකයෙක් පුදුමයට පත් විය. ඔහු වෙළෙඳ කුටිය හිමියාගෙන් ඇසුවේ "ඔබතුමා මෙතරම් මිල අධික පොතක් සිප්පි කටු 4 කට පමණක් දුන්නේ මන්ද?"

වෙළෙඳ කුටිය හිමියා සිනාසෙමින් කීවේ "හොඳයි, මේවා අපට මුදල් නොවන අතර සිප්පි කටු 4 ක්. නමුත් ඒ ළමයාට මේ සිප්පි කටු ඉතා වටිනා ය."

"මේ වයසේදී ඔහුට තවමත් මුදල් යනු කුමක්දැයි නොතේරෙන නමුත් ඔහු වැඩෙන විට එය නිසැකවම දැන තීරණය කරනු ඇත. එවිට මුදල් වෙනුවට සිප්පිකටුවලින් පොතක්, කුඩා කල මිලදී ගත් බව ඔහුට මතක ඇති අතර, ඔහු මා සිහිපත් කර ලෝකය තවමත් යහපත් හා කරුණාවන්ත මිනිසුන්ගෙන් පිරී ඇතැයි සිතනු ඇත."

අනුවර්තනයකි

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when විශ්ව පියස-Vishwa Piyasa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share

Category



You may also like