20/08/2024
ඇත්තටම ආදරේ දැනුන කෙනෙක්ම විතරයි දන්නෙ ඇත්තම ආදරේ කියන්නේ අයිතිකර ගැනීමම නෙමෙයි කියලා❤🌻🥺
මං ඒ දේ අත් වින්දා...ඒ ඔයා නිසා...ඔයාව දැක්ක මුල්ම දවසෙ මං හිතුවෙම නෑ ඔයා මගේ ජීවිතේම වෙයි කියලා...ඔයාගෙ ඇස් ලඟ මං අතරමං වෙන තරමක් දන්නෙ මං විතරයි...ඔයාගෙ කටහඬ තාමත් මගේ කන්වල දෝන්කාර දෙනවා...ඒත් මං කවදාවත් මගේ ආදරේ ඔයාට පෙන්නුවෙ නෑ...ඔයාගෙ හිතෙත් මං ගැන අදහසක් තිබුණා කියලා මං දන්නවා...ඒත් ඔයා ඒක පෙන්නුවෙ නෑ...ඒ ඇයි කියලා මං දන්නෑ...මං කියන්න ගියෙත් නෑ...කොහොමහරි ඔයාව දැන් මට දකින්න වෙන් නෑ...දෙවියන්ටත් අපිව මුණගස්වන්න ඕන කමක් නෑ වගේ...ඔයාව මවලා තියෙන්නේ මට නෙමේ වෙන්න ඇති...ඒත් ඔයා ගැන මගේ හිතට දැනුණු ඒ ආදරේ කිසිම අඩුවක් නෑ...මහ ගොඩක් ආදරේ හිතේ තියන් කියාගන්න බැරුව ඔයාට හොරෙන් ආදරේ කරන එකත් මහ දුකක් වෙලාවකට...සමහර වෙලාවට ඔයාගෙ සතුට තියෙන්නේ වෙන කෙනෙක් ලඟ වෙන්න පුළුවන්...කොහොමහරි කමක් නෑ ඔයා සතුටින් ඉන්න...මට පුළුවන් දුර ඉඳන් ඔයාට ආදරේ කරන්න...ඒ ආදරේ කවදාවත් අඩු වෙන් නෑ...ආදරේ කරන අය දැක්කම ලෝබ හිතෙනවා වෙලාවකට...මටත් ඔයාගෙ අතේ එල්ලිලා යන්න තිබුණා නම් කියලා හිතෙනවා...🥺🌻❤
-Hasi-
Premaye Nawathana