
11/12/2024
🌿 ඔබේ හා අපේ ආදරණීයයන්ගේ මනසට හා ශරීරයට - නිවනකට කිට්ටු නිදහසක් ගෙනෙන " වන ස්නානය " වගේම " ජල චිතික්ෂාව " සමගින් Tree 🌳 nature resort එක
💃අපේ ජීවිත එන්න එන්නම දැඩිසේ අවිවේකීව , ක්‍රියාශීලි වෙන්න පටන් අරං. ඇත්තෙන්ම එහෙම ක්‍රියාශීලි නොවුනොත් අපි මේ සමාජයෙන් කොන්වෙනව. ඒත් දිගින් දිගට අපි පෙලෙන මේ අවිවේකී ජීවිතයට සිහිලැල් නිවීමක් නොදුන්නොත් අපේ මනස අක්‍රීය වෙන්න ඉඩක් නැත්තෙත් නැහැ . දැන් ලෝකය පුරා පැතිරෙන Mindfulness සංකල්පය, වගේම බණ භාවනා, යෝග ව්‍යායාම අපේ මනසට හා සිරුරට නිදහසක්, සතුටක්, සැහැල්ලුවක් වගේම අලුතින් යමක් හිතන්න, කරන්න අපිට ආයිමත් ඉඩ හසරක් ලබා දෙනව.
🌹 ජපන් සංකල්පයක් තියෙනව මනසට හා ශරීරයට නිවීමක් ලබාගන්න සලස්වන
" වන ස්නානය " කියල. ආරක්ෂිතව වනයේ සැරිසැරීමයි ඒ සංකල්පය වෙන්නෙ. තවත් අපේ මනසට නිවනක් ලබාදෙන දෙයක් තමයි " Water therapy " නැත්නම් ජල චිතික්ෂාව ". ගඟක ගලාගෙන යන ජලධාරා සංගීතයට තමයි ඒ නම යොදාගෙන තියෙන්නෙ.
මේ ඔක්කොම අපේ ජීවිතවලට නොසලකා නොසිටිය යුතු අත්‍යාවශ්‍ය දේවල්.
🌿 මේ සියලුම දේ එකතුවුන ආර්ක්ෂිත තැනක් තමයි බදුල්ලේ Tree 🌳 nature resort එක. ඒකට ආව ලංකාවේ ප්‍රසිද්ධ ප්‍රධාන අලෙවි නිලධාරිනියෙක් හා රූපවාහිනී නිවේදිකාවක් වන හරිම අවිවේකී ජීවිතයක් ගතකරන යුවතියක් මට කීව පුංචි වාක්‍යයකින් මගේ මේ විස්තරය නතර කරනව.
" රත්නායක මහත්තයො මෙතන මට දිව්‍ය ලෝකයක්! This is the Heaven to me. 🌿
කොහොම නමුත් මට එතැන ඉවර කරන්න ගොඩක් දේ තියෙනවා. කොවිඩ් වසංගතය නිසයි ඒව පමාවුනේ. 🌻🙏
වැඩි විස්තර 0777 033603 (අනුර) අමතන්න