Suneth Sandeepa

Suneth Sandeepa Journalist ❤️

" නිය තොල් රටා "Anju Herath ❤️" නිය තොල් රටා   සායම් කළා   යෞවනයේ සොඳුරු කලාවේ   ටැටුවක් පවා සිතුවම් කළා   පපු තලයේ සිනි...
03/02/2025

" නිය තොල් රටා "
Anju Herath ❤️

" නිය තොල් රටා
සායම් කළා
යෞවනයේ සොඳුරු කලාවේ
ටැටුවක් පවා සිතුවම් කළා
පපු තලයේ සිනිදු තලාවේ
රැඩිකල් කියා ගෙතුවත් කතා
කටු කාලා මේ තැනට ආවේ "

මුලින්ම මම කියන්න කැමතියි Song එකේ Trailer එක දැක්ක ගමන් මම ටිකක් Confused උනා.මොකද මම අංජලීගෙන් මේ වගේ Reggae Version එකක් බලාපොරොත්තු නොවිච්ච නිසා.
අංජලීට තියෙන්නේ හරි Unic Voice එකක්.මම හිතනවා ඒ Voice එකේ තියෙන Wow එක Song එකේ Meaning එකට මාර විදිහට Match උනා කියලා. Shehan Galahitiyawaගෙ පදයි , Udara Samaraweeraගෙ සංගීතයයි ඒක වෙනම තැනකට අරගෙන ගිහින් තියෙනවා.
පිරිමින්ට විතරද තමන්ගේ ජීවිතයේ නිදහසක් තියෙන්න ඕනේ.ගැහැණු හැමදාම සීමාවකට කොටු වෙලා ඉන්න ඕනෙද ?
ගැහැණියකට පුංචි කාලෙ ඉඳන්ම සිද්ධ වෙන්නේ කාගේ හරි කීමකට යටත් වෙලා ඉන්න. පුංචිම කාලෙ අම්මගේ තාත්තගේ , පස්සේ අයියගේ අක්කගෙ , ටිකක් ලොකු උනහම පෙම්වතාගෙන් , විවාහ වුණාට පස්සේ සැමියගෙන්.
ගැහැණියක් කියන්නේ කාගේ හරි කීමකට අවනත වෙලා තමන්ට විඳින්න තියෙන ජීවිතේ විඳවන්න ඕන කෙනෙක් නෙවෙයි.
කන විදලා , Tattoo එකක් කරලා , නහයට කරාබුවක් දාලා Fashion කරන්න පුළුවන් පිරිමින්ට විතරද ? සංස්කෘතිය මහා ඉහළින් විශ්වාස කරන සම හරක් ඉන්න රටක ගැහැණියක් එහෙම කරොත් හංවඩු ගහන්න ඕනෙද ?
නැහැ කොහෙත්ම නෑ.
සමාජයේ හැලපීම්වලට මුහුණ දීලා , ගෙදරටම කොටු වෙලා ඉන්න කුස්සි අම්මලා ටිකක් තවත් ඕනෙ නෑ. මතුපිටින් සරල අදහසක් තිබ්බත් , ගැහැණියකගේ සතුට, නිදහස ගැන මහ ලොකු අර්ථයක් මේ සිංදුවේ තියෙනවා .
අංජලී මේ වෙලාවේ සමස්ථ කාන්තාවන් වෙනුවෙන් තමන්ගේ නිර්මාණය ඔස්සේ හරි අපූරුවට කතා කරලා තියෙනවා.ඒක ගැන හරිම ආඩම්බරයි. Good Luck අංජලී. ❤️

සම්පූර්ණ සිංදුව මෙතනින් 👇
https://youtu.be/TWbaulnGGZ0?si=ufosjGIBhM8ZH_Pq

පුංචි ඉල්ලීමක් . පුළුවන්නම් මගේ Page එකත් Follow කරන් යනවද ?
https://www.facebook.com/share/1B5CbyG3rG/

" රාணி " හැදෙන අතරතුර 📽️🍿Ashoka handagamaපුංචි ඉල්ලීමක් . පුළුවන්නම් මගේ Page එකත් Follow කරනවද ? ❤️https://www.facebook...
02/02/2025

" රාணி " හැදෙන අතරතුර 📽️🍿
Ashoka handagama

පුංචි ඉල්ලීමක් . පුළුවන්නම් මගේ Page එකත් Follow කරනවද ? ❤️
https://www.facebook.com/share/1B5CbyG3rG/

" රාணி " ගැන මගෙ අදහස ..... ❤️" දන්සල් දොරෙහි නැත යදියෝ සල්පිල් වලය පුරවැසියෝපන්සිල් රකිති මැරවරයෝමේ කේතුමතී නුවරයි .......
01/02/2025

" රාணி " ගැන මගෙ අදහස ..... ❤️

" දන්සල් දොරෙහි නැත යදියෝ
සල්පිල් වලය පුරවැසියෝ
පන්සිල් රකිති මැරවරයෝ
මේ කේතුමතී නුවරයි ....// "

1990 ගනන් වල මෙරට දේශපාලන සමාජ වාතාවරනය තුල එක්තරා දේශපාලන නායකයෙකුගේ අනසක පරිදි රිචඩ් ද සොයිසා නැමති මාධ්‍යවේදීයා අමු අමුවේ මරා දැමූ පුවත අශ්‍රිතව ඔහුගේ මව තම පුතුට සිදු වූ අසාධාරණය වෙනත් දරුවන්ට නොවීමට උත්සුකවන මවකගේ අන්තර්ගතයකින් රාණි චිත්‍රපටය නිර්මාණය කර තිබේ.
මුලින්ම මම කියන්න කැමති Ashoka handagama සර්ගෙ කලින් නිර්මාණය කළ ඇගේ ඇස අග , අසන්ධිමිත්තා, ඇල්බොරාදා චිත්‍රපට වලට වඩා රාණිට පුළුවන් ටිකක් මාව වැඩිපුර සංවේදී කරවන්න.මට දැනෙන විදිහට ඒකට හේතුව චිත්‍රපටයේ මුල ඉඳන් අවසාන වෙනකම්ම අශෝක හදගමයන් ලියලා තිබ්බ ටිකක් වැඩිපුර හිතට දැනෙන සංවේදී දෙබස්.

" මනුස්සය නැතිවෙච්ච ගෑනියෙක්වයි , දරුවෙක් නැතිවෙච්ච ගෑනියෙක්වයි දරා ගන්න තරම් ඔය පත්තිරිප්පුවට හයිය නෑ කරූ "

චිත්‍රපටය තිරගත වෙන්න කලින් ඉඳන්ම චිත්‍රපටයට හොඳ ප්‍රචාරණයක් ලැබුණා.විශේෂයෙන් ඩිජිටල් ප්‍රචාරණ පත්‍රිකාවලින්. ඒ වගේම චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය ගැනත් කියන්නම ඕනේ. ඒක අමුතුම වැඩක් පහුගිය කාල වකවානුවල නිර්මාණය වුණු චිත්‍රපට පූර්ව ප්‍රචාරකපටවල යම්කිසි හීන ගුණාත්මක බවක් තිබුණාදැයි යන්න පිළිබඳව කතිකාවතක් ගොඩනැගුණු අතර , එය උඩුයටිකුරු කරන්නට රණ්‍ය චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය සමත් වීී තිබුණි.

Swarna Mallawarachchi සිනමාවේ ගැහැණිය. ස්වර්ණා මල්ලවාරච්චිගෙ රංගනය ගැන කොහොමත් තර්කයක් නෑ.ඇය නිරූපණය කළ චරිත අතුරින් වැඩිපුරම මා සිත් ගත්තේ ඇගේ ඇස අග චිත්‍රපටයේ ඇය නිරූපණය කළ චරිතයයි.මම හිතනවා මගේ අදහස වෙනස් කරන්න මනෝරාණී සරවනමුත්තුට පුළුවන් වුණා කියලා.මනෝරානිට උපරිම සාධාරණයක් කරන්න ස්වර්ණා මල්ලවාරච්ච් උපරිම උත්සාහ කරලා තියෙනවා.එක මිනිත්තුවකටවත් රිචඩ් වෙනුවෙන් එයාගෙ හිතේ තියෙන ආදරය ඒ ඇස්වලින් ගිලිහෙන්න ඇය ඉඩ දුන්නෙ නෑ. අම්මා කෙනෙක්ගේ ආදරය, කාන්තාවගේ තියෙන්න ඕනෙ පෞරුෂය හරි අමුතු විදිහට මම ස්වර්ණා මල්ලවාරච්චිගෙන් දැක්කා.

"මොකක්ද නම"

"මනෝරාණී සරවණමුත්තු"

"මිස් ද මිසිස් ද"

"ඩොක්ටර් මනෝරාණී සරවණමුත්තු"

මේ දෙබස් ඇහුනු ගමන් ඇඟ කිලිපොලා යන්න තරම් ඇය ඒ චරිතය තුළ ජීවත් වුණා. ක්ෂණයෙන් හැඟීම් වලට මාරු වෙමින් විවිධ රංගන අවස්ථාවන්ට ක්ෂණිකව මාරු වෙන්න පුළුවන් පුදුම හැකියාවක් ඇයට තිබුණා.

" එයාට ගහන්න එපා, මගේ රිචඩ්ට පුංචි කාලෙවත් මම ගහලා නෑ."

රිචඩ් ද සොයිසා කාලයක් ලංකාවේ මිනිස්සු පුදුම විදිහට ආදරය කරපු චරිතයක්. Rehan Amaratunga ශ්‍රී ලාංකීය ඉංග්‍රීසි වේදිකා නාට්‍ය රූපණ ශිල්පියෙක්.ඔහු සිනමාවට නවකයෙක්.නමුත් සුළු මොහොතකටවත් ඔහු සිනමාවට නවකයෙක් යන්න ප්‍රේක්ෂකයාට නොතේරෙන්නට චරිතය ඇතුලේ ඉතා විශිෂ්ට ලෙස ජීවත් වුණා.සාම්ප්‍රදායික මව් පුතු භූමිකාවලින් එහාට ගිහින් එකිනෙකාට අන්‍යෝන්‍ය අවබෝධයෙන් ජීවත් වෙන දෙදෙනෙක් සම්බන්ධය ගොඩනගන්න රෙහාන් උපරිම උත්සාහ කරලා තිබුණා. "අම්මා" කියල රෙහාන්ගෙ කටින් හරිම ආදරණීය විදිහට කියවෙකොට ඒක හරි අමුතු විදිහට පපුවට දැනෙනවා.රිචඩ්ට ඕනතරම් පෙම්වතියන් ඉන්න ඇති. ඒ වගේම පෙම්වතුනුත්.චිත්‍රපටය ගලායන විට රිචඩ් ගයාන්ව වැළඳගෙන සිටින අවස්ථාව, එය දුටු මනෝරාණිට රිචඩ් එය පැහැදිලි කරන අවස්ථාව, මාඝාත වේදිකා නාට්‍ය නරඹා එන අතරමග දෙදෙනා හතර හුවමාරු වන සංවාදය වැනි අවස්ථා රෙහාන්ගේ විශිෂ්ට රංගනය සාක්ෂි දරයි.

ඊට අමතරව චිත්‍රපටයේ අනෙකුත් චරිතයන් පවා ඉතා විශිෂ්ට රංගන හැකියාවක් නිරූපණය කරලා තියෙන්නෙ රාණි තව තවත් ඉහළට ඔසවා තබමිනුයි.

Sanath Gunathilake ( ලලිත් ඇතුළත්මුදලි )

Mayura Kanchana( කරූ )

Rithika Kodithuwakku ( තරුණ යුවතිය )

Sajitha Anuththara Anthony ( ගයාන් )

Priyantha Lalith ( ජනාධිපති රණසිංහ ප්‍රේමදාස )

Bimal Jayakodi ( මහින්ද රාජපක්ෂ )

Ashan Dias ( මංගල සමරවීර )

Anusuya Subasinghe , Sawumya Liyanage ( අසල්වාසීන්

කින් රත්නම් ප්‍රමුඛ මැරයින්

මේ ආදී සෑම චරිතයක්ම චිත්‍රපටයේ සාර්ථකත්වයට තමන්ගේ උපරිම දායකත්වය දක්වලා තිබුණේ ඉතාමත් විශිෂ්ට ආකාරයට.

චිත්‍රපටය ගලා යන මධ්‍යයේ අශෝක හඳගමයන්ගේම මාඝාත වේදිකා නාට්‍ය ගර්භ නාට්‍යයක් ආකාරයට සම්බන්ධ කර තිබීම චිත්‍රපටයේ අන්තර්ගතය තව තවත් තීව්‍ර කිරීමට උපයෝගී වී තිබුණු අතර , එයද චිත්‍රපටයේ ගුණාත්මකභාවය තව තවත් ඉහළට නැංවීමට උපයෝගී වී තිබුණි .

මීට අමතරව චිත්‍රපටයේ වේශ නිරූපණය, කැමරා කෝණ භාවිතය, සංවාද භාවිතය, සංකේත භාවිතය ද ඉතාමත් ඉහළ මට්ටමක තිබුණි .

චිත්‍රපටයේ වේෂ නිරූපණය ප්‍රියන්ත දිසානායක විසින් සිදුකර තිබුණු අතර සෑම නිරූපන ශිල්පියෙකුම ඔවුන්ට අදාළ සැබෑ චරිතය ලෙසින්ම ප්‍රතිනිර්මාණය කිරීමට ඔහු සමත් වී තිබුණි .

චිත්‍රපටයේ මා දකින තවත් සුවිශේෂතාවයක් වන්නේ චිත්‍රපටයේ සංකේත භාවිතයයි.චිත්‍රපටයට හානි නොවන ආකාරයට උචිත තැනදී උචිත සංකේත භාවිත කර තිබීම නිසා චිත්‍රපටයේ ගුණාත්මක භාවය දෙගුණ තෙගුණ වී තිබුණි. එයින් මා වඩාත් සිත් ගත්තේ රිචඩ්ගේ මිනීපෙට්ටිය පෙන්වා ඊට පසුව මනෝරාණි අවමංගල්‍ය දේශනය අවසන් කරනවාත් සමඟම පෙන්වන මරිය තුමිය ජේසුස් වහන්සේ තම උකුලේ හොවා සිටින දර්ශනයයි.

ඊට අමතරව චිත්‍රපටයේ කීප තැනකදීම අපි අහලා තියෙන ගීත කිහිපයක්ම හරි අපූරු විදිහට භාවිත කරලා තිබුණා.

" Don't they know
It's end of the world
It ended , when you say
Good Bye "

" සඳහිරු තරු පවතිනතුරු
අපි මැරෙන්නෙ නෑ,
අනග තරුණ බමර අපී
අමර වරම අපට හිමී
අපි මැරෙන්නෙ නෑ ....//"

" මැරුණත් මේ පුරේ
මේ මනරම් සමේ
ඉපදෙන්න යළි වාසනා "

මවකගේ අසීමාන්විත ප්‍රේමය, මළ තම එකම පුතු වෙනුවෙන් කැපකරමින් ගෙවූ ඒ කාල පරිච්ඡේදය මනාව ප්‍රේක්ෂකයා හට දනවන්නට රාණි චිත්‍රපටයට හැකි වී ඇත.
මෙය හුදු චිත්‍රපටයක්ම නොව ආදරය, දයාව, මිත්‍රත්වය හා මව් සෙනෙහස කැටිකරගත් තනිවීම , බලය, ප්‍රතිචාර , මුහුණදීම්, ඉල්ලීම්, පෙළඹවීම් , හැගීම් මැදින් ගලායන විශිෂ්ටතම නිමැවුමක් ලෙස " රාණී" නම් කල හැකිය.
ඔබත් අදම නරඹන්න රාணி.

" පුතුනේ නිදන්න.......//
දසමසක් මකුස තුළ ගුලිවී
සිටින මෙන් ඔබ නිදන්න,
පුතුනේ නිදන්න "

සටහන
සුනෙත් සංදීප

පුංචි ඉල්ලීමක් පුළුවන්නම් මගේ Page එක Follow කරගෙන යනවද ?
https://www.facebook.com/share/1B5CbyG3rG/

රෝජා -  Niluka Brandon ❤️"මිනිස්සු ...දුබලයන්ව ඉපදෙන්නාහ...මිනිස්සු...ජීවිතයේ යම් යම් යුගවල විවිධ හේතු කාරණාවන් නිසාවෙන්...
30/01/2025

රෝජා - Niluka Brandon ❤️

"මිනිස්සු ...දුබලයන්ව ඉපදෙන්නාහ...
මිනිස්සු...ජීවිතයේ යම් යම් යුගවල විවිධ හේතු කාරණාවන් නිසාවෙන් දුබලයන්ව ජීවිතය රැකගන්නාහ.
නමුත්..අප කිසිවෙකුටත් දුබලයන්ව මිය යන්නට අයිතියක් නැත.
අප නැගිටිය යුතුය!
අපි හිනැහිය යුතුමය !"

නිලූකා බ්‍රැන්ඩන්ගේ නවකතාවක් කිය වූ මුල් ම අවස්ථාව මෙය වුවත් මෙයට පෙර ඇයගේ ලියවීම පිළිබදව මුහුණ පොතේ සංවාද නම් බොහෝ මා හට දැක ගන්නට ලැබුණා.රෝජා කියවීමට මුල් වූයේ විශ්වවිද්‍යාලයේ පැවරුමකට මූලාශ්‍ර කොට ගත්තක් ලෙස වුවත් මෙය කියවීමට තෝරා ගැනීම සම්බන්ධව ඇත්තට ම මම සතුටු වෙමි.මන්දයත් රෝජා යනු නවකතාවක් ම පමණක් නොවන නිසා ය.රෝජා තුළ සමස්ත කාන්තාවම නියෝජනයක් මා දකියි.එනිසා මෙය කාන්තාවක් කියවිය යුතු ගණයේ පොතක් ලෙසට මා දකියි.

පොතේ කතාව වෙතට ගියහොත් ආදරය ,රැකවරණය හා හොද අන්‍යෝන්‍ය අවබෝධයකින් හෙබි දෙමව්පියක් දාව උපන් රෝජා වෛද්‍ය ශිෂ්‍යාවක් වන අතර මව ද වෛද්‍යවරියකි.දමිළ ජාතික කාන්තාවක් වන රෝජාගේ මවත් සිංහල පියාත් සතුව ඇති එකම වස්තුව රෝජා පමණකි.රෝජාට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන කාල පරාසය තුළ දී හමුවනා චිත්‍රාල් නිසා රෝජා ආදරවන්තියක් වුවත් ඒ ආදරයට ආයුෂ තිබූයේ ඉතා කුඩා කාලයකි.රෝජාගේ සහ චිත්‍රාල්ගේ ආදරය දෙදරා යාමත් සමග රෝජාට ඉන්පසු ගත කරන්නට ලැබුණු කාල පරිච්ඡේදයකි.ලියනාඩෝ විදෙස් ජාතිකයෙකු සමග ඉන්පසු විවාහ වන රෝජාගේ ජීවිතය සතුටින් කාලය ගත කරනා බිරිදකගේ භූමිකාව නම් ගත කරන්නට ලැබෙන්නේ නම් නැත.නාසිස්ටික් ඩිසෝඩර් නම් රෝගී තත්වයෙන් පෙළෙන්නකු වන ලියෝ යටතේ වහළියක් මෙන් ඔහුගේ අමානුෂික වධ බන්ධනයන් යටතේ ජීවත් වන්නට ඇයට සිදුවීමත් සමග ඇය ගත කරනුයේ දැඩි මානසික පීඩාවකිනි.ඇයගේ ජීවිතයට වෙනසක් සතුටක් එක් කරන්නට මොහොතකට හෝ ඇයට වරම් ලැබනුයේ සාරාගේ උපතයි.නමුත් සාරාට ආදරය පාන්නට දියණියට යෙහෙළියක් වන්නට රෝජාට ලියෝ නම් ඉඩ ලබා දුන්නේ නැත.මේ අනේක විද තත්වයන් හමුවේ රෝජාගේ ඉරණම කෙසේ විසදුනා ද යන්න මෙය කියවන ඔබට භාර කරමි.

ඒ වගේ ම මෙම කතාව තුළ රෝජා මෙන් ම පීඩාවිදින්නියක් සිටි ඇය බියංකාය.බියංකා අනෙක් පසින් පීඩා විදින්නියක් වේ.බියංකා යනු වෙන කවුරුන් හෝ නොව ලියෝගේ මවයි.ඇයටත් කතාවක් තිබේ.ඒ කතාව රෝජාගේ කතාවට සමාන්තර ලක්ෂණ ගෙන ආවත් ඊට හාත්පස වෙනස් කතාවකි.

මෙහි අපට දාරක ස්නේහය,කාන්තාවකගේ ඉවසීම,පුරුෂාධිපත්‍ය,ස්ත්‍රීවාදය නම් වූ කරුණු කාරණා මනාව හමු වන අතර සහෝදර බැදීමකට සමාන ආදර්ණීය මිතුදමක් වන රෝජා හා රෝසිගේ ම්ත්‍රත්වය අපූරු බවක් කතාවට ගෙන එයි.

අවසාන වශයෙන් කිව යුතු වන්නේ රෝජා යනු සමස්ත කාන්තා පුරෝකථනයක් වන අතර මෙම කතාව තුළ ගැබ් ව පවතින සමාජ ප්‍රස්තුතයෙන් පීඩා විදිනා කාන්තාවන්ගේ කැඩපතක් බදු වූවක් ලෙසයි.එමෙන් ම නිලූකාගේ අතින් 2024 වර්ෂයේ ලියවුණු මෙම රෝජා නවකතාව ඇයගේ ලියවිල්ලට ඇලුම් කරන්නට පෙළඹුමක් වශයෙන් හදුන්වන්නට ද කැමතිය.

සටහන :- Hansika Liyanage ෆේස්බුක් ගිණුමෙනි.

Interview By 📒:- Suneth Sandeepa 🖇️| ❛❛ රාමුවෙන් එළියේ ඉන්න කැමති කෙනෙක්. ඒ කියන්නේ මිනිස්සු Judge  කරන දේවල් මිනිස්සු හ...
29/01/2025

Interview By 📒:- Suneth Sandeepa

🖇️| ❛❛ රාමුවෙන් එළියේ ඉන්න කැමති කෙනෙක්. ඒ කියන්නේ මිනිස්සු Judge කරන දේවල් මිනිස්සු හිතන දේවල් මට වැඩක් නෑ. හැමවෙලාවෙම මම වැඩ කරන්නේ මගේ වටේ ඉන්න මිනිස්සු ගැන හිතලා සහ මගේ ලයිෆ් එක ගැන හිතලා. එතකොට මං හැමවෙලාම කරන්නේ මං සතුටු වෙන දේවල්. ❜❜
_______________________ Tattoo Addict Sri Lanka

Tattoos කියලා කියන්නෙ සමහරක් මිනිස්සුන්ට රස්තියාදුකාරයන්ගෙ සංකේතයක් . තවත් සමහරුන්ට හරි අපූරූ කලාවක්. කොහොම උනත් මේ Tattoo ලෝකයේ අමුතු අමුත් දේවල් අත්හදා බලමින් Field එකේ වෙනසක් කරන්න උතසහ කරන ගින්දර කෙල්ල , මාෂි සැන්ඩ්‍රා තමයි අද අපේ Radical කතාබහට එකතු වෙලා ඉන්නෙ ,

1) ආයුබෝවන් මාෂී, ඉතින් කොහොමද මේ දවස්වල වැඩ කටයුතු ?

* ආයුබෝවන් මේ දවස්වල ෂොප් එකේ වැඩත් එක්ක තව අලුත් අඩාගෙන ප්ලෑන් කරලා තියෙනවා ම්ම්ම් ඒ ටික කරන් යනවා.

2) මම මෙහෙම ඇහුවොත් මාෂී සැන්ඩ්‍රා කියන්නේ මොන වගේ Character එකක්ද ?

* කෙටියෙන් කියනවනම් රාමුවෙන් එළියේ ඉන්න කැමති කෙනෙක්. ඒ කියන්නේ මිනිස්සු Judge කරන දේවල් මිනිස්සු හිතන දේවල් මට වැඩක් නෑ. හැමවෙලාවෙම මම වැඩ කරන්නේ මගේ වටේ ඉන්න මිනිස්සු ගැන හිතලා සහ මගේ ලයිෆ් එක ගැන හිතලා. එතකොට මං හැමවෙලාම කරන්නේ මං සතුටු වෙන දේවල්. මං ආස දේවල් , ඒවත් එක්ක මම කැමතියි මගේ ඔලුව හැමවෙලා ප්‍රශ්න අඩුවෙන් හිත නිදහසේ ඉන්න තමයි මම කැමතියි.

3) එතකොට මේ Tattoo Addict Sri Lanka කියන්නේ මොකක්ද ?

* Tatoo Addict Sri lanka කියන්නේ මගේ brand name එක මගේ අවුරුදු ගානක, ඒ කියන්නේ අවුරුදු 2018 ඉඳන් මං ඉගෙන ගත්ත දේවල් වලින් මං මහන්සි වෙච්ච දේවල් වලින් මං කරපු දේ තමා Tattoo Addict කියන්නෙ. මං මෙච්චර කල් මහන්සි වුනේ මේ බ්‍රෑන්ඩ් එක ෆීල්ඩ් එකේ හොඳ තැනකට ගේන්න. ලංකාව ඇතුලේ මං හරි කැමතියි මාෂි සැන්ඩ්‍රා මගෙ නමට වඩා මගේ brand එක Tattoo Addict කියන එක ඉස්සරහට යනවට. ඒකට හේතුව Tattoo Addict Sri Lanka කියන්නේ Field එකේ ගත්තොත් මං හිතනවා අපි අද හොඳ තැනක ඉන්නවා. අපි ලස්සනට වැඩ කරගෙන යනවා. අපේ තව Artist ලා ස්ටුඩියෝ එකේ වැඩට එන්න ඉන්නවා දැනට වැඩ කරනවා. ඒවත් එක්ක Tattoo Addict Sri Lanka කියන්නේ බ්‍රෑන්ඩ් එකක්. ඒ බ්‍රෑන්ඩ් එක තව ඉස්සරහට Up කරන්න තමයි මට ඕනෙ.මේකෙ ඉන්නෙ වැඩ කරන ළමයි සහ මම මගේ හස්බන්ඩ් අපි family එකක් ඒ කියන්නේ අපි අතර තියෙන්නේ family විදිහටම තමා අපි වැඩ කරන්නේ? Tattoo Addict sri lanka අපි හැම වෙලාවෙම සමාජයට දෙන්න යන්නේ හොඳ දෙයක් අපි Try කරනවා.

4) සාමාන්‍යයෙන් අපි මේ Field එකේ බොහොමයක් වෙලාවට දකින්නේ Male Tattoo Artist ලා. Female Tattoo Artist කෙනෙක් විදියට Field එකට එද්දි මිනිස්සු මොනවා කියයිද කියල බයක් හිතුනෙ නැද්ද ?

* Field එකේ පළවෙනියටම පටන් ගන්න කාලය ටිකක් අමාරු වුනා. ඒකට හේතුව වුණේ ඒ කාලේ Female Tattoo Artist ලා ගොඩක් අඩුයි. දෙන්නෙක් තුන්දෙනෙක් වගේ තමයි හිටියේ . ඒකත් එක්ක මොන job එක කරත් අපිට කොහොමත් එකපාර ගොඩ එන්න අමාරුයි. ඒකට හේතුව අපිට වඩා පරණ අය ඉන්නවා එයාලා හිතන පතන විදිය සමහර වෙලාවට වෙනස් ඒවත් එක්ක දැන් මම ගත්තොත් මම ගමකින් කොළඹ ආපු කෙනෙක්.ඒවත් එක්ක මට මුලින් සෑහෙන්න අමාරු වුණා. Girl කෙනෙක් Tattoo කරනවා කිව්වහම සමහර මිනිස්සුන්ගේ ඔළුවල තියෙන්නේ වෙන වෙන දේවල්. ඒවත් එක්ක හැබැයි කාලෙත් එක්ක ඒ හැමදේම සාමාන්‍ය තත්ත්වයකට සාමාන්‍ය වෙන්න පටන් ගත්තා හේතුව දැන් අපි වැඩ කරනවා, Tattoos ගහනවා ඒවා දානවා අපේ Story වල එතකොට ඒවා Daily දකිද්දි එයාලට තේරුම් ගන්න පුළුවන් මොකක්ද මෙතන වෙන්නේ කියලා. ඕන ෆීල්ඩ් එක්ක අපිට ආපු ගමන් ඉතින් ඔලු උස්සන්න අමාරුයිවට පිටාවේ කට්ටිය කියන කරන දේවල් එක්ක . කෙල්ලෙක් විදියට අපි දන්නවා නම් අපිට අපේ ලිමිට් එක සහ අපිට ඕනේ මොකක්ද අපි කරන්න ඕනේ මොනවද කරන්න ඕනේ නැත්තේ මොනවද කියලා. අපිට ඕන Field එකක හරියට වැඩ කරලා ඉස්සරහට යන්න පුළුවන් . ඒක තියෙන්නේ අපේ අතේ තමයි. අමාරුයි හැබැයි අපිට සීමාවක් දාගත්තොත් අපිට limit එකක් තියාගත්තොත් අපි අපේ ටාගට් විතරක් ෆෝකස් කරොත් අපි පුළුවන් කවුරු මොනවා කිව්වත් අර අපි කැමති දේ කරන්න.

5) සංස්කෘතිය මහා ඉහළින් විශ්වාස කරන රටකනෙ මාෂි අපි ඉන්නේ.එහෙම වාතාවරණයක් තියෙද්දි ඔයාගේ මේ Dream එකට කොහොමද ඔයාගෙ පවුලෙ අයගෙන් ලැබුණු Support එක ?

* මගේ පවුල ගැන කතා කරොත් මම මේ ෆිල්ඩ් එකට එනවට මගේ අම්මවත් තාත්තවත් කැමති වුණේ නැහැ. ඒකට හේතුව මම ඇවිල්ලා මගේ පවුලේ වැඩිමලා. මට ඉන්නෙ නංගිලා දෙන්නෙක් සහ මගෙ ගම නුවර. ඒ නිසා එයා හිතුවා කෙල්ලෙක් විදියට මම මේ Field එකට ආවොත් මගෙ Life එක ඉවරයි කියලා. ඒ නිසා එයාලා කිව්වෙ ඔයාට ඕක හරියන්නෑ ඔයා වෙන මොනවා හරි බලන්න කියලා. මේ ෆීල්ඩ් එකට ආවේ මම මගේ තනි කැමැත්තෙන් ඒ කියන්නේ අම්මලා එපා කියද්දී මම බලෙන් තමා මේකට ආවේ. මුලින් අම්මා කතා කරෙත් නෑ එයා තරහ වෙලා හිටියා මාත් එක්ක සෑහෙන කාලයක්. හැබැයි මං කොළඹට ආවේ මම ආස දේ කරන්න මං ඒකට මහන්සි වුණා සෑහෙන්න. දැන් අපි අපි හොඳ බ්‍රෑන්ඩ් එකක් තියෙනවා අපිට හොඳ නමක් තියෙනවා. ඒවත් එක්ක එයාලා සාමාන්‍ය වෙලා ඉන්නවා. මුලින් නම් එයාලා පොඩ්ඩක්වත් කැමති උනේ නෑ. එපාම කියන තැන තමයි එයාලා හිටියේ.

6) කෙනෙක්ට ප්‍රශ්නයක් එන්න පුළුවන් මාෂි මේ දේවල් කරන්නේ නිසි අවබෝධයක්,ක්ෂේත්‍රය පිළිබඳව නිසි කියවීමක් ඇතුවද කියලා, මොකක්ද මාෂිට එකට දෙන්න තියෙන උත්තරේ ?

* මම මේ ෆීල්ඩ් එකට ආවේ මේ ගැන දැනගෙන Course එකක් කරලා.ඊට පස්සෙ අපි අපේම බ්‍රැන්ඩ් එකක් පටන්ගත්තා.ඒ නිසා මට මේ ෆීල්ඩ් එකේ සෑහෙන්න අත්දැකීම් තියෙනවා . Tattoo සෑහෙන ගොඩක් කරලා ඇති . මම කවදාවත් ගණන් කරලා නෑ.ඔයාලට ඒවා අපේ Page වලින් බලන්න පුළුවන් . අපේ Videos තියෙනවා . ඒවා බලලා ඔයාලට අපි ගැන තීරණය කරන්න පුලුවන්. මම මේ ෆීල්ඩ් එකේ ඉගෙන ගන්න තියෙන උපරිම ඉගෙන ගත්තා . තවත් ඉගෙන ගන්න ආසයි . Tattoo Field එකෙත් එක එක Category තියෙනවා ඉගෙන ගන්න තව.මේ කිසිම දෙයක් අපිට ඉගෙනගෙන ඉවර කරන්න බෑ.මම ට්‍රයි කරන්නෙ මගෙ උපරිමය මගෙ Client ට දෙන්න. හේතුව අපි රැදිලා ඉන්නෙ එයාලා මත. ඕනෙම දෙයක් ඉගෙනගෙන කරොත් අපිට වරදින්නෙ නෑ.

7) ලංකාවේ මිනිස්සුන්ගේ ඔලුවේ ලොකු අනවබෝධයක් තියෙනවා Tattoo කරන්නේ සමාජය විසින් පිළිගන්නෙ නැති පිරිසක් ය කියලා, ඒ ගැන මොකක්ද කියන්න තියෙන්නෙ?

* සමහර මිනිස්සු ඉන්නවා Tattoos දැක්කහම මාර ආසයි.සමහරක් ඉන්නවා Tattoos පෙන්නන්න බැරි.එයාලා කැමති නෑ තව කෙනෙක් ජීවිතේ ආස දේවල් කරනවට.සමාජේ ඉස්සරට වඩා Tattoos වලට දැන් ඉල්ලුමක් තියෙනවා .දැන් 10 ක් ගත්තොත් 9 ක්ම Tattoos කරලා.වැඩේ තියෙන්නේ හැමෝම එක වගේ නෑ.ඒ නිසා සමහරු මේක වැරදියට දකින්නේ.

8) මාෂි කියන්නේ Radical Girl කෙනෙක්ද කියලා මම ඇහුවොත් ?

* මම හිතන්නේ මම Radical කෙනෙක් නෙවෙයි .

9) Tattoo එකක් කරගන්න ආසාවෙන් ඉන්න කෙනෙක්ට කොහොමද Tattoo Addict Sri Lanka එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් ?

* අපිව සම්බන්ධ කරගන්න පුළුවන් 0704436728 ඒකෙ අපි Whatsapp ඉන්නවා. Call කරලා Booking දාගන්නත් පුළුවන් . Instagram ඉන්නවා Tattoo Addict Sri Lanka කියලා. එතකොට Face book ඉන්නවා Mashi Sandra ඒ වගේම Tattoo Addict Sri Lanka කියලා.ඒ වගේම අපි Mashi Sandra කියලා Tik Tok එකෙත් ඉන්නවා.

10) මොනවද ජීවිතේ ඉස්සරහට කරන්න හිතාගෙන ඉන්නේ, මොනවාද ජීවිතේ තියෙන ඉලක්ක ?

* ඉස්සරහට මේ Field එකේ අලුත් වැඩ ටිකක් කරන්න බලාගෙන ඉන්නවා. ඊට අමතරව තව අලුත් දේවල් ටිකක් හිතන් ඉන්නවා. අපි බලමු . මම හිතන් ඉන්නවා මේ අලුත් අවුරුද්දේ ඒ ටික කරන්න.

11) ස්තුති කරන්න පිරිසකුත් ඇති ?

* ස්තූති කරන්න ඕනේ විශේෂයෙන් මගේ Husband ට.ඊට අමතරව Tattoo Addict Sri Lanka විශ්වාස කරලා එන හැම Client කෙනෙක්ටම.

12) අවසාන වශයෙන් මාෂි අපේ මේ Radical කතාබහ ගැන මොකද හිතන්නේ ?

* ඇත්තටම හොද කතාබහක්. ඇත්තටම අපි අවශ්‍ය දේවල්නෙ කතා කරේ. අනවශ්‍ය දේවල් නෙවෙයි .ඉතින් ඔයාලට ස්තූතියි අපිට කතා කරාට.

කතාබහ
සුනෙත් සංදීප මධුෂාන්

🎙️ | ❛❛චරිතාංග නිළියක් වුණහම කරන්න ගොඩක් දේවල් තියෙනවා දක්ෂතාවයත් එක්ක සහ කැමැත්ත එක්ක.රංගන ශිල්පිනියක් වුණහම නිරුවත් දර...
29/01/2025

🎙️
| ❛❛චරිතාංග නිළියක් වුණහම කරන්න ගොඩක් දේවල් තියෙනවා දක්ෂතාවයත් එක්ක සහ කැමැත්ත එක්ක.රංගන ශිල්පිනියක් වුණහම නිරුවත් දර්ශන හෝ සිපගැනීම් ප්‍රතික්ෂේප කරලා ඉන්නත් බෑ.ඇත්තටම ඒක නිරූපණය කරන දෙයක්නෙ.නමුත් මම ගත්තොත් මගේ කැමැත්ත මත නිරුවත් දර්ශනයකට හෝ සිපගැනීමේ දර්ශනයකට නොයාවි. හැබැයි ඒ දේවල් කරන අයට මම වැරැද්දක් කියන්නෙ නෑ මොකද ඒක කලාවක්.❜❜
_________________🧚‍♀ Piyumali Edirisinghe

✍️ | Interview By - Suneth Sandeepa / Suneth Sandeepa

Address

Anuradhapura

Website

Alerts

Be the first to know and let us send you an email when Suneth Sandeepa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category