Miw__Niw

Miw__Niw U N I D E N T I F I E D

ගර්භාෂෙම අයින් කරන්න හිතෙනව අයියේ.........ලඟින් ඉන්න විතරයි පිරිමි දන්නෙ....ඒකේ අමාරුව දන්නෙ ගෑනු අපි...කටට එන එන එක ඔහේ...
01/01/2024

ගර්භාෂෙම අයින් කරන්න හිතෙනව අයියේ.........
ලඟින් ඉන්න විතරයි පිරිමි දන්නෙ....
ඒකේ අමාරුව දන්නෙ ගෑනු අපි...

කටට එන එන එක ඔහේ තොර තෝන්චියක් නැතිව කියල දැම්මට,
ඇත්තටම
වචන අමතක වෙන
මොහොතක් ඒක...😔
මොනාද කියන්න ඕන
මොනාද කරන්න ඕන
මොනාද හිතන්න ඕන.......

කකුල් දෙකම පන නෑ වගේ අයියේ...
කියද්දිත්,
තර්කයක් නෑ..
එකඟයි මාසික ඔසප් රුදාව..😔

ඉතින්,
තිබෙන්නට බැරි ද
හොයන්නට බැරි ද
හදන්නට බැරි ද
ඖෂධයක්....
සාමාන්‍ය දවසක් ලෙසම ගෙවන්නට
එදවසුත්..💌🌻

මම මුදල් හුවමාරුවක් සඳහා මගේ පියා සමඟ බැංකුවේ පැයක් ගත කළෙමි.මම ඔහුගෙන් මෙසේ ඇසුවෙමි."තාත්තා,ඇයි අපි ඔබේ අන්තර්ජාල බැංකු...
10/10/2023

මම මුදල් හුවමාරුවක් සඳහා මගේ පියා සමඟ බැංකුවේ පැයක් ගත කළෙමි.

මම ඔහුගෙන් මෙසේ ඇසුවෙමි.

"තාත්තා,ඇයි අපි ඔබේ අන්තර්ජාල බැංකුව සක්‍රීය නොකරන්නේ?"

"ඇයි මම එහෙම කරන්නේ?" ඔහු පිළිතුරු දුන්නේය.

"හොඳයි ඔබට මුදල් මාරු කිරීම වැනි දේවල් සඳහා මෙහි පැයක් ගත කිරීමට සිදු නොවනු ඇත.

ඔබට අන්තර්ජාලය හරහා සාප්පු යෑමට පවා හැකි ය.සෑම දෙයක්ම පහසු වනු ඇත! "

Internet Banking ලෝකයට ඔහුව හඳුන්වා දීමට මම ඉතා උනන්දුවෙන් සිටියෙමි.

ඔහු මගෙන් මෙසේ ඇසීය.

"මම මේක කළොත්, මම ගෙදරින් යන්නේ නැහැ?"
"ඔව් හරියටම!"

සිල්ලර කඩයෙන් පවා දැන් එය දොරට ගෙන යා හැකි ආකාරය සහ Amazon විසින් සියල්ල ලබා දෙන ආකාරය මම ඔහුට පැහැදිලි කළෙමි.

ඔහුගේ ප්‍රතිචාරය මට දිව අවුල් කළේය.

"මම අද මේ බැංකුවට ඇතුළු වූ දා සිට, මට මගේ මිතුරන් හතර දෙනෙක් මුණගැසුණා, මම දැන් මාව හොඳින් දන්නා කාර්ය මණ්ඩලය සමඟ ටිකක් කතා කළා.

ඔයා දන්නවනේ මම තනියම කියලා...මේක තමයි මට අවශ්‍ය සමාගම.මම කැමතියි සූදානම් වෙලා බැංකුවට එන්න.මට ප්‍රමාණවත් කාලයක් තිබේ, එය මට අවශ්‍ය භෞතික ස්පර්ශයයි.

අවුරුදු දෙකකට කලින් මම අසනීප වුණා.මම පලතුරු මිලදී ගන්නා වෙළඳසැල් හිමියා මගේ ඇඳ අසල මා බැලීමට පැමිණියා.

දින කිහිපයකට පෙර ඔබේ මව උදේ ඇවිදීමේදී වැටී සිටින විට, අපගේ ප්‍රදේශයේ සිල්ලර වෙළෙන්දා ඇයව දැක වහාම ඇයව නිවසට ගෙන ගියේ මා ජීවත් වන ස්ථානය ඔහු දන්නා බැවිනි...

මට එම මානව ස්පර්ශය අන්තර්ජාලයෙන් ලැබේවිද?

සෑම දෙයක්ම මා වෙත ලබා දීමට සහ මගේ පරිගණකය සමඟ අන්තර් ක්‍රියා කිරීමට මට බල කරන්නේ ඇයි?

මම විකුණුම්කරු පමණක් නොව මා ගනුදෙනු කරන පුද්ගලයා දැන ගැනීමට කැමතියි.එය සම්බන්ධතා බැඳීම් ඇති කරයි.
Amazon ඒ සියල්ල ලබා දෙනවාද? "

තාක්ෂණය අවශ්‍යයි නමුත් එය ජීවිතය නොවේ.මානව සබඳතාවලට මුල්තැන දෙන්න...උපාංග සමඟ නොව මිනිසුන් සමඟ කාලය ගත කරන්න!
Copied ....!!

1000ක් උනා නම් කර කී දෑඉන් 2ක් වත් නොදනී ඉතින් ඈකුමට කිව යුතුද  කෙරූ දෑමමත් සමගම තනිව ගමනකි එවැනි දෑසිටියානම් බලන් ඈමූනට...
08/10/2023

1000ක් උනා නම් කර කී දෑ
ඉන් 2ක් වත් නොදනී ඉතින් ඈ

කුමට කිව යුතුද කෙරූ දෑ
මමත් සමගම තනිව ගමනකි එවැනි දෑ

සිටියානම් බලන් ඈ
මූනට කියාවිද එපා මා

දවසක තේරේවි එවැනී දෑ
පෙරහැර ගොසින් ඇත පෙරේදෑ

ගතින් නොකියමි
හිතින් කකියමි
සතුටක් නැති පෙරේදෑ

සතුටකින් යමි
අනාගත දෙස
කෙරූ පෙම අවන්කෙම හින්දෑ
❤️🌸

06/10/2023

ප්‍රේමය ගිය පසුව සුළඟේ ගසාගෙන...
දුරුතු සඳ වැටුනි අහසින් කඩාගෙන...
💔🥀

🖤
14/09/2023

🖤

❤️😌
08/09/2023

❤️😌

😌
02/09/2023

😌

01/09/2023

💗🌸
නා දුනන ලෙස....
මග හැරලා යන් නැතිව
නතර වෙලා මොහොතකට
දැන්වත්
මේ...
අ හ ග න් න...
මා උමතු කල
ඔබට කෙරූ ආ ද ර ය
හඬ නගලා ලෝ ක ය ට
මම ආසයි ප ව ස න් න...

😏
31/08/2023

😏

31/08/2023
🤎👁️
30/08/2023

🤎👁️

𝑲𝒊𝒔𝒔 එකක් දෙන්න ආසම වුනේ ඇස් කොනට.ඇහේ කෙලවරයි ඇහිබැම්මෙ කෙලවරයි සෙට් උනා නම් අන්න එතෙන් ට. පුරුද්දක් තිබ්බ,දැකක ලස්සන එව...
24/08/2023

𝑲𝒊𝒔𝒔 එකක් දෙන්න
ආසම වුනේ
ඇස් කොනට.
ඇහේ කෙලවරයි
ඇහිබැම්මෙ කෙලවරයි
සෙට් උනා නම්
අන්න එතෙන් ට.
පුරුද්දක් තිබ්බ,
දැකක ලස්සන
එවලේම කියන්න.
මෙහෙමත් ඔයා ලස්සනට ඇති කියල,
ගහ ගත්ත 𝚜𝚌𝚛𝚎𝚎𝚗𝚜𝚑𝚘𝚝 එකක් යවන
ලස්සන පුරුද්දකුත් තිබ්බ,
ලස්සන අගයන්නත්
වැරැද්දක් නම් නොරිදා හිත
කියල දාන එකත්,
මම පුරුදු වුන හැටි වෙන්න ඇති.

ඕනකමින් මග නොහරින උඹ,
හරි ආදරෙන් ලඟ දැවටෙන උඹ,
ලැබෙන වෙලාවට හඬ අස්සවන උඹ,
හිනා වෙලා හද සනසන උඹ,
ලස්සන හිනාවක් තියෙන උඹ,
ලස්සන ඇස් දෙකක් තියෙන උඹ,
සුභ විදියට
හැමදේම
හරි යන්න ඕන උඹට..!
💗

💔🥀
21/08/2023

💔🥀

ලෝකෙ ඉස්සරලම  ජල මුද්‍රිත වැසකිලි තිබ්බ රට මේක.ලෝකේ ඉහළම  වද්‍ය විද්‍යාව තිබ්බ රටත් මේක.ලෝකේ හොඳම වාරි තාක්ෂණය තිබ්බ රටත...
14/08/2023

ලෝකෙ ඉස්සරලම ජල මුද්‍රිත වැසකිලි තිබ්බ රට මේක.
ලෝකේ ඉහළම වද්‍ය විද්‍යාව තිබ්බ රටත් මේක.
ලෝකේ හොඳම වාරි තාක්ෂණය තිබ්බ රටත් මේක.
වතුරෙන් දුවන වාහන හදන Company ක් හදන්න හැදුව රටකින් එකකුත් මේක(මතකය නිවැරදි නම්).
හොඳම මොල බිහි වෙන රටවලින් එකකුත් මේක.
හිත නැතත්,
අත දෙන්නවත් හිටියනම් මෙකේ උන්ටත් කෞරුම හරි 😌
අරමුදල් වෙන් වුනා නම් ඔවුන්ටත් අන් රටවල් වල මෙන්,
Elon Musk ල දහසක් මේ පුන්චි රටටත් උරුම වීම නොරහසකි.
වුනා නම් එහෙම,
කුතුහලය රජ කරන,
නව සොයාගැනීම්,
නව නිර්මාණ,
නව විද්‍යාඥයන්,
නව ගණිතඥයන්,
එක පිට එක බිහි වනු නොඅනුමානය.
ඔවුන් මෙරට හැර නොයා යන බවද
නිසැකය.
🖤😌

Hᴀɴᴅ Tᴀᴛᴏᴏs..🖤🖋️
13/08/2023

Hᴀɴᴅ Tᴀᴛᴏᴏs..🖤🖋️

🤨
10/08/2023

🤨

එක කෙල්ලෙක් කාලයක් මගෙ පස්සෙන් ආව..ඒත් මං ඒකිට ආදරේ කළේ නෑ.ඒකි ලස්සනත් නෑ.ඇති විශේෂත්වයකුත් නෑ.එය දුප්පත් පවුලක කෙල්ලෙක්...
09/08/2023

එක කෙල්ලෙක් කාලයක් මගෙ පස්සෙන් ආව..ඒත් මං ඒකිට ආදරේ කළේ නෑ.ඒකි ලස්සනත් නෑ.ඇති විශේෂත්වයකුත් නෑ.එය දුප්පත් පවුලක කෙල්ලෙක්.තනියම ජීවත්වුනේ. එයාගෙ මූනෙ හැමවෙලාවෙම තිබුණෙ මහ බරපතළ ශෝකාකූල පෙනුමක්.මං ආස වුනේ නෑ ඒකට.මට ඕන වුනේ හුරතල් සෙක්සි කෙල්ලෙක් මම ඒක එයාට කියලා තියෙනව.ඒ සාරා..

කවදාවත් කෙලින් නොකිව්වට සාරා මට ආදරේ කළා.මං ඒක දැනගන හිටියා.

සාරා මගෙ පස්සෙන් ආව අවුරුදු ගානම මම ඔලී පස්සෙන් ගියා.ඔලී ලස්සන කෙල්ලෙක්..හුරතල් කෙල්ලෙක්.සිනිඳු කෙල්ලෙක්...හොඳ පවුල් පසුබිමක කෙල්ලෙක්..ඉතිං මං ඇයි ඔලීට ආදරේ නොකරන්නෙ....

මගෙ බිස්නස් එක වැටුණා .ඒක කියන්න මට කෙනෙක් හිටියෙ නෑ.ඒක ඔලීට කියලා වැඩක් නෑ.ඔලීට ඒ ගැන තේරුමක් නෑ.අනික මගෙ ආර්ථිකය අවුල් කියලා දනගත්තම ඔලීගේ ආදරය අඩුවෙන්න ඉඩ තියෙනව කියල මගෙ හිත කිව්ව.ගෑනුන්ට ඕන ප්‍රබල පිරිමියෙක්..මං ප්‍රබල පිරිමියෙක් බව ඇයට ඔප්පු කරන්න ඕන.මට ඇයව රැක බලාගන්න පුලුවන් බව ඇයට ඔප්පු කරන්න ඕන..ඉතිං මං ඇයට කිව්වෙ නෑ..

මං ඒක සාරට කිව්වා.සාරා මට අදහස් දුන්නා.හැබැයි වැටිච්ච බිස්නස් එක ගොඩගන්න එක ලේසි වුනේ නෑ.

වෙනදා වගේ කෝල් කරපු ගමන් ඔලීව බලන්න යන්න මට නිදහසක් තිබ්බෙ නෑ.මට වැඩ කන්දක්.මම ආයෙ නාන්න ඕන.ඇඳුම් මැදල අඳින්න ඕන.ඒකට ගැලපෙන සපත්තු .දෙයියනේ කාර් එක ෆිනෑන්ස් එකෙන් උස්සලා දවස් ගානක්.මට ඔලීව නැතිවෙයි කියන බයට මං කොහොම හරි බොරු දාහක් කියලා,කරලා ඔලී ඉස්සරහා මාව මේන්ටේන් කළා.සාරා මට උදවු කළා ඔලීව සතුටු කරන්න,..ඇත්තම කිව්වොත් ඔලී මට වැඩියෙන්ම මට බැඳුනෙ ඒ කාලෙ.ස්ත්‍රී හදවතේ හැම අහුමුල්ලක්ම දන්න සාරා ඔලීව මට සම්පූර්ණයෙන්ම දිනා දුන්නා කිව්වොත් නිවැරදි.

අන්තිමේ මං ආයේ හිටපු තත්වෙට ආවා.ඒ නැවත ගොඩ නැඟීමට ප්‍රබලම හේතුවක් වුනේ සාරාගෙ දිරිගැන්වීම් සහ අදහස් කියනෙක සම්පුර්ණයෙන් ඇත්තක්.

කාලය ගෙවිලා,සාරා ආයෙම දුරස් වෙලා ගියා.මං මගෙ විවාහයට සූදානම් වෙමින් හිටියා.

මගෙ එන්ගේජ්මන්ට් එකට ම්ං සාරට එන්න කිව්ව.ඒකත් හෙට උදේ කියලා කිව්වෙ..එක කෝල් එකයි.සාරා එන්නම් කිව්ව.

හෙට මගෙ විවාහ ගිවිස ගැනීම..මම මගෙ යාලුවොත් එක්ක ශරන්‍යා රෙස්ට් එකේ පොඩි පාටියක් එදා.

මගෙ විවාහක මිත්‍රයො විවාහය ගැන මට උපදෙස් දෙන්න පටන් ගනිද්දි රෑ එකොලහ පහුවෙලා.

ඔක්කොම සාම්ප්‍රදායික උපදේශ.බාගයක් කුනුහරුප..ඒව එච්චර වැදගත් නෑ.

මට හිටපු නිහඬම මිත්‍රයා සන්දේශ්..ඔහුගෙ විවාහය අවුරුද්දකට සීමා වුනා.ඔහු දික්කසාද වුනා.ඔහු මට මෙහෙම කිව්ව.ඒ මගෙ පිටට අතකුත් තියලා..

"ඕනම මනුස්සයෙක් කසාද බඳින්න ඕන පවුලක් පන්සලක් කියන එකේ පන්සලක් කියන කෑල්ල බලාගන මචං..ඔය පන්සල කියනෙකේ අදහස බං සැනසීම,නිදහස කියනෙක..එතකොට ආභරණ ආටෝප නැති නිදහස් කියනෙක....අන්න ඒක තමා අපිට මචං කසාදෙකින් ඕන කරන්නෙ.."
"යකෝ පන්සල් යන්නෙත් මේකප් දාල මේකප් දලා..ආටෝප නැත්තෙ මොකද..ආටෝප..ඇයි උඹට හිටියෙ එකක්..අප්පා ..ඒක උඹ කවදහරි හරියට දැක්කද මචං...නෑ මං ඇහුවෙ ඒක ඉතිං අත පයටත් මේකප් දාගනනෙ හිටියෙ...."

ඒ අනුරාධ..අනුරාධගෙ කට වහන්න ඕන කමක් මටත් තිබ්බත් මට ඉස්සර වුනේ මාලිංග.

"මචං සංදේශයා..සිරාවට ඇයි බං උඹ ඩිවෝස් වුනේ..?"

ඇල්කොහොල් හින්ඳ නෙවෙයිනම් මාලිංග කවදාවත් ඒක අහන එකක් නෑ.

"මට මං වෙලා ඉන්න නැති හින්ඳ...මට මං නැතිවුනා මචං කසාදෙන් පස්සෙ.ඒ අවුරුද්දම ගෙදර හිටියෙ ශානිගෙ හබී මිසක් සන්දේශ් නෙවෙයි..මට මහන්සි වුනාම මං මේ වගෙ තනියෙන්ම ගහලා ගෙදර ගියා..ආන්න එතකොට මං..මම වෙලා හිටියා...මාව..ඒ කියන්නෙ ඇත්තම ඇත්ත මාව දකිනකොට ඒකිට එපා වුනා.ඒකිත් වැරදි නෑ..මං අවුරුදු පහක් ඒකි ඉස්සරහ මේන්ටේන් කළේ මචං ඒකි ආස සංදේශයා මිසක් ඇත්තම ඇත්ත මං නෙවෙයි..ඒකි කියනෙක ඇත්ත.මං ඒකිවත් රවට්ටල මාවත් රවට්ටගත්ත..ආන්න එතකොට සැනසීම නෑ මචං..සැනසීම තියෙන්නෙ මට මං වෙලාම ඉන්න කිසි අවුලක් නැති එකා ගාව...ඕ...අන්නේකයි ඇත්ත."

එදා රෑ මං හුඟාක් හිතුවා.මට මං වෙලා ඉන්න බැරිවීම කියන එකෙන් සන්දේශ් අදහස් කළේ මොකද්ද කියලා.

මං හිතන්නෙ මං ඒක තේරුම් ගත්තා.

මං ඔලී ගාව ඉන්නෙ මම හැටියටමද?ඔලී නම් මම ගාව ඉන්නෙ ඔලී හැටියටම තමා..

ඔලී හමබ්වෙන්න යද්දි මම තාමත් හුඟක් හිතනව..මගෙ ඇඳුම ගැන,ඒක එයාට කැතට පෙනෙයිද,,අතේ තියා සල්ලි ඇතිවෙයිද,එයාට මගෙ පැහුනු කෙස් ගහක් පෙනෙයිද වගෙ දේවල්...

දෙයියනේ එතකොට මං හැමදාමත් ඔලී කැමති මිනිහව මේන්ටේන් කරන්න ඕනද?ජීවිත කාලෙම?.

ඒ වෙලාවෙ මට දැනුණෙ මට මොකද්ද මේ වෙන්න යන අපරාධෙ වගෙ හැඟීමක්...එතකොට ඔලී..ඔලීට වෙන්න යන්නෙත් මට වෙන්න යන අපරාධෙට අඩු අපරාධයක් නෙවෙයි කියලත් මට මතක් වුනා..

ඒ වෙලාවෙ සාරගෙන මැසේජ් එකක් ආවා.එන්න වෙන්නෙ නෑ කියන්න.

"ඇයි?"මම ඇහුවා.

ඇත්තටම මේකයි මට හෙට අඳින්න ඇඳුමක් නෑ.මම වෙඩින් එකට අනිවාර්යයෙන්ම එන්නම්.."සාරා කිව්ව.

මට සාරා එක්ක කතා කරන්න ඕන වුනා.මං සාරාට මැසේජ් එකක් යැව්ව මෙහෙම

"මේ මට උඹ එක්ක ටිකක් කතාකරන්න ඕන..පොඩ්ඩක් හිටපං ඕෆ්ලයින් යන්නෙපා..මං චූ පාරක් දාල එන්නම් විනාඩියෙන් "කියලා.

බාත් රූම් එකේ හිටපු විනාඩියට මට මෙහෙම දේවල් ටිකක් හිතුණා.

ඔලී එක්ක ඉද්දි වොෂ් රූම් ගිහින් එන්නම් බබා කියන මම "චූ බරයි බං"කියලා නිදහසේ කියනවා.

සාරා හමබවෙන්න යන්න අලුතින් ඇඳුම් ඕන නෑ.මේ ඇඳන් ඉන්න ඕන එකකින් යන්න පුලුවන්.

නහය හරි පස්ස හරි කහනව නම් "කහනව"කියලා පාඩුවේ කහගන්න පුලුවන්.

මං ගාව නම් සල්ලි නෑ ඔයා ගාව තියෙනවද කියලා දෙපාරක් නොහිතා අහන්න පුලුවන්.

අතේ තියන ගානට කමු කියන්න පුලුවන්

රෙදි හෝදලා නෑ.ඇඳන් එන්න එකක් නැ.කිලුටු එකක් ඇඳන් එන්නෙ කියන්න පුලුවන් .

ගැලපෙන ඒව නොහිතා මට පහසු සපත්තු දෙකක් දාන්න ඇඳුමක් අඳින්න
පුලුවන්

ලෙඩක් දුකක් වුන දාක හැමදේම බලාගන්න ඒකි ඉන්නව කියන විශ්වාසෙන් මට හොඳවෙනකම් නිදහසේ නිදාගන්න මට පුලුවන්.

මං දවස් ගානක් නාලා නැතුව දත් මැදල නැතුව රැවුල කපලා නැතුව හිටියත් සාරා ආව කියලා දැනගත්තොත් ගෙදර දොර අරින්න මට පුලුවන් ..ඒත් ඒ ආවෙ ඔලී නම් මං දොර අරින්න බය වෙනව.මෙහෙම ජරාවට මාව දැකල ඒකිට මාව එපා වෙයි කියලා.

මට හරියට ඉංග්‍රීසි බෑ කියලා ඔලීට කියන්න මට ලැජ්ජා වුනාට මං ඒක සාරට හැංගුවෙ නෑ.

කාලය වේගයෙන් ගලාගන ගියා..

හරියටම මාස හයකට පස්සෙ දවසක මම සාරාව කසාද බැන්ඳා..වෙඩින් නෑ..මොකද අම්මලා ඔලීව මිසක් සාරව භාරගන්න කැමති වුනෙ නෑ.

ඔලී මට සාප තියලා රටින් ගියා.පස්සෙ ආරංචි වුනා එයාගෙ කලින් බෝයිෆ්‍රෙන්ඩ්ව එහෙදි බැන්ඳ කියලා.

දැන් අපි බැඳලා අවුරුදු දෙකක්.සාරාගෙ මූනෙ දැන් අර ශෝකාකූල පෙනුම නෑ.ආදරය ලබන්න ලබන්න සාරා හුඟාක් සිනිඳු වුනා කියල මට හිතෙනව.ඇත්තමයි ඔලීට වඩා හුඟාක් සිනිඳුයි සාරා...මේ ලෝකේ හුරතල්ම සෙක්සිම කෙල්ල සාරා..හැබැයි ඒ කෙල්ල මතුවෙන්න ටික කාලයක් ගියා.
ඒ මොනව කොහොම වුනත් මට කියන්න තියෙන්නෙ මම මං හැටියට ජීවත් වෙනව.අමතර වෙහෙසක් නෑ.සැනසීමක් තියනව ගෙදර යන එකේ.ටයි ගැටේකින් හිරකරන හැම පිරිමියෙක් ඇතුලෙම වගේ මගෙ ඇතුලෙත් ඉන්න අමු ගොරකයා තෙත පිටින් ඇඳ උඩ දාපු ටවල් එක අරන් අව්වට දාන්න යනගමන් මං ලඟට ආව සාරා මගෙන් අහලා යනව "හෙනා එකක් දාන්නද කියලා."
මගෙ ඔලුවට.දගෙදරින් එලියෙ කිසිකෙනෙක් නොදන්නවට සාරා දන්නව මගෙ කෙස් සුදුයි කියලා..

මං කියන්නෙ හැම මිනිහෙක්ම ගෑනියෙක්ම බඳින්න ඕන තමන්ට තමන්ම වෙලා ඉන්න ඉඩ දෙන කෙනෙක්ව.
එයා ඉස්සරහ ගෙදර අය ඉස්සරහ ඉන්නව වගේම ඉන්න පුලුවන් නම්
එයා ඉස්සරහ තමන්ගෙ නැති කම්,බැරි කම්,දුර්වල කම් කියන්න ලැජ්ජාවක් බයක් ඇතිවෙන්නෙ නැත්තං ..එයා තමා හරි කෙනා....

එයා ගාව මට මං වෙලාම ඉන්න පුලුවන් ද..අමතර වෙහෙසක් නැතුව...එයා තමා හරිම කෙනා...විවාහ වෙන්න ජීවත් වෙන්න එයා තමා හරිම කෙනා...

උපුටා ගැනීමකි

Address

Anuradhapura

Website

Alerts

Be the first to know and let us send you an email when Miw__Niw posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share