![ලොව පුරා ඉස්ලාම් බැතිමතුන් මහත් හරසරින් සමරන මිලාද් උන් නබි උත්සවය අදට යෙදී තිබෙනවා.ඉස්ලාමික චන්ද්‍ර දින දර්ශනයේ තුන්වන...](https://img4.medioq.com/882/894/867367418828949.jpg)
16/09/2024
ලොව පුරා ඉස්ලාම් බැතිමතුන් මහත් හරසරින් සමරන මිලාද් උන් නබි උත්සවය අදට යෙදී තිබෙනවා.
ඉස්ලාමික චන්ද්‍ර දින දර්ශනයේ තුන්වන මාසය වන රබ්අල් – අව්වල් මාසයේ අද වැනි දිනක සෞදි අරාබියේ මක්කා නගරයේදී නබි නායකතුමන් උපත ලබා ඇති බව ඉස්ලාමීය දර්ශනේ දැක්වෙන්නේ.
මනුෂ්‍යත්වයේ පිරිපුන් ගෞරවනීය මානව ප්‍රේමයක් ගොඩනැගීමට කැපවු නබි නායකතුමන්ගේ ජන්ම දිනය ලොව පුරා වෙසෙන ඉස්ලාම් බැතිමතුන් අද දිනයේදී මහත් උත්සවාකාරෙයෙන් සහ ආගමානුකූලව සමරනු ලබනවා.
ලොව පුරා විවිධ රටවල නබි නායක තුමාගේ ජන්ම දිනය සැමරීම සිදුකරන අතර ශ්‍රී ලංකාවේ ද ඒ වෙනුවෙන් වැදගත් වැඩසටහන් රැසක් සංවිධානය කර තිබෙනවා.