M.Sura

M.Sura Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from M.Sura, Social Media Agency, Anuradhapura.

09/12/2023

Battery behala ubl okkogema 4n off wenna one 😁😁😁

15/10/2023

80 ගනන් වල උන් බැදලා,
2000 ගනන් වල උන් 2 නි පාරමත් බැදලා,
සත්තයි 90 ගණන් වල උන් තාමත් තනිකඩයි 😅

13/10/2023

රජයේ සේවක වර්තමාන කතා වස්තුව; මම රජයේ සේවකයෙක්, විශ්‍රාම වැටුප් හිමියි, බැංකුවලින් ණය දෙනවා, හංදියේ කඩෙන් පොතට බඩු දෙනවා.
බිරිඳ ගෘහණියක්, එකම දරුවා පෙර පාසල් යනවා. බැංකු ණයට කැපිලා අතට එන්නෙ 40000/=
මාසෙ වියදම...
හාල්වලට190×30= 5700, එළවලු 7500, සීනි 450, පරිප්පු 600, සෝයා 500, පොල්තෙල් 1125, අල 1140, බීළූණු 500, කරවල 1000, හාල්මැස්සො 600, බිත්තර 810, සුදුළූනු 240, බැදපු තුනපහ 170, අමු තුනපහ 160, ගම්මිරිස් 300, කහ 150, ඔළුහාල් 150, ගිනිපෙට්ටි 100, පාන්පිටි 165, එළවලු 6000, සබන් 480, සබන් කුඩු 510, ලයිට් බිල 3500, වතුර බිල 2800, පොල් 2000, සීට්ටුව 1000, තේ කොළ 500, ෆෝන් දෙකට 1000, බස් වලට 6000, පෙර පාසලට 6500, පොත්පත්, පෙරපාසලේ අවශ්‍යතා වලට 3500, දරුවගෙයි මගෙයි කොණ්ඩ කපාගන්න 550,
එකතුව 47270/=
මම....
ගේ තව වැඩ එහෙමම, ගෑස් ගන්නෙ නෑ, දර හොයාගන්නවා, මස්,මාළු කන්නෙ නෑ, කිරිපිටි බොන්නෙ නෑ, බිත්තර බබාට විතරයි, පාන්, බිස්කට් කන්නෙ නෑ, මාමයිට්, චීස්, ෆ්‍රයිඩ් රයිස්, අයිස් ක්‍රීම්, සොසේජස්, ටින් මාළු, පළතුරු, රස අමතකයි, සෝස්, ජෑම්, ඉස්සො, දැල්ලො, දකිනකොටත් හීල්ලෙනවා. අලුතින් රෙදි, යට ඇඳුම් සපත්තු මේස් ගත්ත කාලයක් මතක නෑ. ගෙදරට කට්ටියක් ආවොත් හොර පාරෙන් කඩේ දුවන්නෙ ණයට මොනවහරි ඉල්ලන් එන්න. උත්සව අත්තිකාරම් සොච්චම රෙදි ගන්න මදියි. සෙල්ලම්බඩු, දරුවට රස කැවිලි චොකලට් යෝගට් දෙන්නෙ නෑ. නෝනටයි දරුවාටයි රෙදි ගත්ත කාලයක් මතක නෑ, සුවඳ විලවුන් ක්‍රීම් වර්ග ෂැම්පු ගෑවෙ ඒකාලේ. අම්ම තාත්තා, නෑදෑයො බලන්න යන්නෙ නෑ, පන්සලට දන් දෙන්න බෑ. පාටි මඟ අරිනවා, පොදු වැඩවලට මුදල් එකතු කරොත් 100 ක් දෙනවා. කැන්ටිමට යන්නෙ නෑ, මඟුල් ගෙවල් වලට ආරාධනා ආවොත් මාසෙම එරෙනවා. කඩේට ණයයි. චාරිකාවක් ගිය කාලයක්, චිත්‍රපටියක් නාට්‍යක් බලන්න ගිය කාලයක් මතක නෑ. ලෙඩක් දුකක් වුනොත් දෙවියො සිහිවෙනවා. ළමා පෙන්ඩෝල් එකක් 370. ලියල දෙන බෙහෙත් ගිනි ගනන්. දුර ගමනක්, විශේෂ වියදමක් ආවොත් ඔළුව කහකහ වටේ යන්න ඕන. කුලී වැඩට යන්නත් බෑ. ලැජ්ජයි. හිතේ පීඩනය. දෙන්නටම සුළු දේටත් තරහ යනවා.
දරුවො දෙන්නෙක් හිටියොත් කොහොම තියෙයිද? මිඩ් වයිෆ් මිස්ට පිං සිද්ද වෙන්න ඒ ගැන නම් බයක් නෑ. නරක දෙයක් නිසා අරක්කු නම් බොන්නෙ නෑ. බෝතයක් තුන්දාස් ගානක් ලු.
පඩි වැඩිවීමක් කියන්නෙ හීනයක්. රජයට පක්ෂපාතී වෘත්තීය සංගම්වල උන් පඩියෙන් ගානක් කපා ගන්නවා විතරයි. වැටුප් වැඩිවිම්, අනෙකුත් ගැටළු ගැන කියලා අමාත්‍යාංශයට ලිවුමක් වත් යවන්නෙ නෑ. ආණ්ඩුවේ හිත රිදෙයි කියලා. උන් ඉන්නෙ අනිත් සංගම්වල වෘත්තීය සටන් කඩාකප්පල් කරන්න විතරයි.
අපි මෙහෙම දුක් වින්දට...
මහින්දගෙ නංගි නිරූපමා රාජපක්ෂගෙ සැමියා තිරු නඩේශන්ගෙ පැන්ඩොරා පත්‍ර තැම්පතු වත්කම් රු මිලියන 35000ක්. ඒ මුදල්
එක දවසට රු 200000, (ලක්ෂ දෙක) ගානෙ වියදම් කරත් ඉවර කරන්න අවුරුදු 590ක් යනවා. ඒ උන්ගෙ එක ගණුදෙනුවක වටිනාකම විතරයි. නිදහස් උත්සවේදි ජනාධිපතියට මුත්‍රා කරන්න ලක්ෂ 134ක වැසිකිලියක් සවිකරලා ගලවගෙන ගියා.
අපි එකතුවෙලා සටන් කරලා තෘප්තිමත් වැටුපක් ගමුද? නැත්නම් මෙහෙමම දුක් විඳලා වැළලිලා යමුද?
_රජයේ සේවකයන් අතරේ Share කරන්න_

මේක ලියපු කෙනාට සම්මානයක් දෙන්න වටිනවා. මේක තමයි බහුතරයක් රටේ ඉගෙනගත්තු රාජ්‍ය සේවකයට දීලා තියෙන වටිනාකම ( හිඟාකෑම ) 😡😡😡😡 කියන්න අමතක උනා 40000 ක් එන් නෑ 36000 යි එන්නේ ලෝන් එකට කැපිලා😪

10/02/2023
Heart touching new 🎵 😌😍(සීරුනු හදවත)😍❤
31/12/2022

Heart touching new 🎵 😌😍(සීරුනු හදවත)😍❤

subscribe my channel

Address

Anuradhapura

Telephone

+94786944576

Website

Alerts

Be the first to know and let us send you an email when M.Sura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to M.Sura:

Share