Themidev

Themidev We're built for challengers,who want to get to the "next thing" first. Full stack web developer

UI/UX Design / Web Development / Digital Marketing / Computer Repair / Gaming / House Plan Drawing

අපි මේ video එකෙන් කතා කරන්නේ කොහොමද Hostinger platform එකෙන් අරගත්ත domain name එකක් AWS Lightsail platform එකේ DNS poi...
30/01/2025

අපි මේ video එකෙන් කතා කරන්නේ කොහොමද Hostinger platform එකෙන් අරගත්ත domain name එකක් AWS Lightsail platform එකේ DNS point කරගන්නේ කියල බලන්න (දෙලොවක් අතර 😅) ඒ වගේම විශේෂ දෙයක් කියලා දෙනවා ඒ තමා SSL certificate එක linux instance terminal එක හරහා නිවැරදිව install කරගෙන site එකේ connection එක secure කරගන්න විදිය. ඉතින් මේ දේවල් ලොකු ලොකු courses වලින් කරන දේවල් cloud engineering පැත්තට අදාළ දේවල් මේ දේවල් නොමිලේම මම ගොඩක් සරල විදියට ඔයාලට කියලා දෙනවා full video එකේ web advisor අපේ youtube channel එකෙන් බලන්න ❤️😍

Full Video -https://youtu.be/8oYk-C6MkNQ

ඔන්න මේ සති අන්තයේ පටන් ගන්නවා අලුත්ම වැඩක් ඒ තමයි web site එක විතරක් නෙවෙයී back end system ඇතුළුව අංග සම්පුර්ණ dynamic...
22/01/2025

ඔන්න මේ සති අන්තයේ පටන් ගන්නවා අලුත්ම වැඩක් ඒ තමයි web site එක විතරක් නෙවෙයී back end system ඇතුළුව අංග සම්පුර්ණ dynamic content add කරන්න පුළුවන් blog website එකක් තමා අරන් එන්නේ ඉතින් මේකත් කොටස් වශයෙන් තමා අරන් එන්නේ. ඉතින් මේ වගේ projects මම හිතන්නේ degree diploma එහෙම නැත්නම් IT field එකේ ඉන්න හො යන්න බලන් ඉන්න හැමෝටම ප්‍රයෝජනවත් වෙයි. ඉතින් මේ සියල්ලම ලබා දෙන්නේ 100%ක්‌ නොමිලේ ❤️. ඉතින් දිගටම එකතු වෙලා ඉන්න Web Advisor අපේ channel එකත් එක්ක. ගොඩක් ලොකු ගමනක් යන්න පුළුවන් අපි හැමෝටම එකතු වෙලා. ඉතින් channel එකත් subscribe කරගෙන යන්න කියලා පොඩි ඉල්ලමකුත් කරනවා. ඉතින් එහෙන්මනම් අපි video එකෙන් හම්බ වෙමු 😍සුභ දවසක් ඔයාලා හැමෝටම ❤️

ඔන්න Netflix Clone එකේ පලවෙනි video එක (Part 01) අද අරන් අවා.Video Link 👉 https://youtu.be/5p58DQTkpZkසම්පුර්ණයෙන්ම HTML...
22/01/2025

ඔන්න Netflix Clone එකේ පලවෙනි video එක (Part 01) අද අරන් අවා.

Video Link 👉 https://youtu.be/5p58DQTkpZk

සම්පුර්ණයෙන්ම HTML CSS සහ JavaScript භාවිතා කරලා කරන්නේ Full responsive layout එකක්.හැම කෙනෙක්ටම පැහැදිලිව තේරෙන්න පුළුවන් තරම් මන් පැහැදිලි කරන්න උත්සහ කරනවා ඉතින් අපැහැදිලි තැනක් තියනවනම් comment කරන්න එක්කෙනක් හරි ඉගෙනගෙන ගොඩ යනවනම් ඒ තමා මගෙ ලොකුම බලාපොරොත්තුව. 😌 ඉස්සරහට development videos ගොඩක් අරන් එනවා ❤️ ඉතින් දිගටම එකතු වෙලා ඉන්න 😍

අපි සාමාන්‍යයෙන් voice record කරන්න ගොඩක් ලොකු මුදලක් වියදම් කරලා mic අරගන්නවා mic සමහර ඒවා හරියට අපිට ඕන විදියට වැඩ කරන...
07/01/2025

අපි සාමාන්‍යයෙන් voice record කරන්න ගොඩක් ලොකු මුදලක් වියදම් කරලා mic අරගන්නවා mic සමහර ඒවා හරියට අපිට ඕන විදියට වැඩ කරන්නෙත් නැහැ. ඉතින් මෙහෙම ලොකු රිස්ක් එකක් ගන්නවට වඩා හොඳයි ඔයාට පුළුවන් මයික් මයික් එක වෙනුවට ඔයාගේ mobile phone එක use කරන්න. මේ ක්‍රමය ගොඩක් හොදයි screen recording වැඩ කරන අයටනම් ❤️
එහෙනම් බලන්නකෝ full video එකම

දැන් කාලෙ මයික් ගොඩක් ගණන්නේ ඉතින් ඒ වගේ ගොඩක් ගනන් දීලා මයික් එකක් ගන්න ඕන නෑ ඔයාගේ මොබයිල් ෆෝන් එක දැන් මයික් එක.....

2025 අලුත් අවුරුද්දේ ඔයාල හැමෝගෙම ප්‍රර්ථනා ඒ විදියටම ඉෂ්ට සිද්ද වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා ❤️. හැමෝටම සුභ ම සුභ අලුත් ...
31/12/2024

2025 අලුත් අවුරුද්දේ ඔයාල හැමෝගෙම ප්‍රර්ථනා ඒ විදියටම ඉෂ්ට සිද්ද වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා ❤️. හැමෝටම සුභ ම සුභ අලුත් අවුරද්දක් වේවා!

28/12/2024

Software Engineering Degree Final Project එක explain video එකක් තමයි අද අරන් එන්නේ. මේක develop කලේ MERN stack වලින්.

Full Video එක - https://youtu.be/wDrfz6n7qoc?si=3nJ6DSFIrE5YuWtL

28/12/2024

මේ video එකෙන් අපි කතා කරන්නේ WordPress Pro Blog Theme එකක් ගැන. මේක රු 9000ක්‌ විතර වටිනවා හැබැයි ඔයලට මම මේක ලබා දෙන්නේ 100%ක්‌ නොමිලේ.

Full Video link - https://youtu.be/cM2c9BF98r0?si=tNKw9VlwJ0pFvas2

28/12/2024

Payoneer දැන් ලංකාවට නැද්ද? මොකද උනේ? Account එකක් අලුතෙන් හදන කෙනෙක්‌ හදාගන්නේ කොහොමද? මේ හැම ප්‍රශ්නයකටම උත්තර මේ video එකෙන් අපි අරන් එනවා.😍

Full video link - https://youtu.be/c6EPU3S_U5g?si=CbXbkuBve0hws-3S

28/12/2024

අපි හැමෝගෙම ලොකුම ප්‍රශ්නයක් තමයි අපේ computer එකේ laptop එකේ space එක මදි වෙන එක ඉතින් මේ video එකෙන් අපි බලමු කොහොමද සතයක් වත් වියදම් නොකර මේ ප්‍රශ්නෙට solution එකක් හොයාගන්නේ කියලා

Full video - https://youtu.be/zYIqvnpAwCQ?si=l2gaQ10gHvl1Zc6L

28/12/2024

Canva වල සිංහල අකුරු type කරනකොට සමහර තැන් විශේෂයෙන් අකුරු හල් කරන තැන් එහෙම හරියට කරගන්න අමාරුයි. ඉතින් මේ වැඩේ කරන්න ලේසිම ක්‍රමයක් තමයි අද video එකෙන්.

Full video - https://youtu.be/tVOJDh5VAYw?si=aEy5hlWqhCGz5Roh

28/12/2024

hp life වෙතින් ලබා දෙන free courses වලට enroll වෙලා වටිනා සහතික අරගන්න chance එකක් ඔන්න අරන් අවා. මේවා කරගන්න එක ඔයාගේ career life එකට ගොඩක් ලොකු උදව්වක්‌ වෙයි ඉස්සරහට

Full Video එක මෙතනින් - https://youtu.be/7PlUEDqMg48?si=l6Qpy_NS47As6k3i

27/12/2024

මේ video එකෙන් අපි කතා කරන්නේ Google Blogger එකේ එන කැතම කැත theme එක අය්න් කරලා ලස්සනම ලස්සන theme එකක් දාගන්න හැටි. සමහර අය දන්නවා ඇති Google Blogger කියන්නේ මොකක්ද කියලා ඒ වගේම දන්නේ නැති යාළුවොත් ඇති. ඉතින් ඒ යාලුවොන්ට මන් මේ ගැන කෙටියෙන් මේ විදියට කියන්නම්. ඔයාලා Google Search කරනකොට result හැටියට ගොඩක් website එනවනේ travel, health, food, sport, news මේ වගේ නොයෙකුත් website.ඉතින් ඒ එන website ගොඩක් ඒවා මෙන්න මේ blog කියන category එකේ ඒවා. Blog ගත්තම WordPress කියන platform එකෙනුත් ගොඩක්‌ website හදනවා ඒ වගේම blog site හදන platform එකක් තමයි මේ Google blogger කියලා කියන්නේ. WordPress blog site එකකට servers, domain අපි සල්ලි දීලා ගන්න ඕනේ උනාට Google Blogger ඔයාලට සතයක් වත් වියදම් නොකර හදාගන්න පුළුවන්. ඉතින් එහෙම හැදුවට පස්සේ මුලින්ම හම්බ වෙන්නේ කැත theme එකක් ඉතින් අන්න එක වෙනස් කරලා ලස්සන theme එකක් දාගන්න හැටි තමා මේ video එකෙන් කියලා දෙන්නේ

Full video link - https://youtu.be/DsaAbUjCg30?si=6XVkqbRHVANc-9ex

Address

No:20, Niroga Medical Center, Kekirawa Road, Thalawa
Anuradhapura
50230

Alerts

Be the first to know and let us send you an email when Themidev posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Themidev:

Videos

Share