කඩුල්ල

කඩුල්ල News

22/01/2025
ඔබගේ දණහිස් අමාරුව නිට්ටාවටම සනීප කර ගැනීමට නම් මුළින්ම කොයි ලෝකෙන් හෝ ගංසූරිය ගහක් සොයා ගත යුතු ය. මීට වුවමනා කරන්නේ ගන...
21/01/2025

ඔබගේ දණහිස් අමාරුව නිට්ටාවටම සනීප කර ගැනීමට නම් මුළින්ම කොයි ලෝකෙන් හෝ ගංසූරිය ගහක් සොයා ගත යුතු ය. මීට වුවමනා කරන්නේ ගන්සූරිය ගසේ කොල හා පොතු ය.

මේ ගස ගැන විස්තර සොයා බැලීමේදී මට දැන ගැනීමට ලැබුනේ මේ ගංසූරිය ගසද වැටවල් වලට වවා ඇති බව යි.

මේ ගංසූරිය ගහේ කොල පොඩි අතර බෝ කොලයක හැඩැති ය.

මුළින්ම දණහිස සහ දණහිසින් පහළ කොට උණු වතුරෙන් හොඳින් තවා ගන්න. අනතුරුව දණහිස් සඳහා ඇති තෙල් ටිකක් හොඳින් දණහිසේ සහ දණහිසින් පහළ කොටසේ ගාන්න. මෙහිදී තෙල් ටික වළලුකර සිට දණහිස දක්වා ඉහළට ආලේප කිරීමට සිහියේ තබා ගන්න. මා විසින් මේ සඳහා පාවිච්චි කළේ දණහිස් ආබාධය සඳහා මා හට ආයුර්වේදයෙන් ලබා දී තිබුණු තෙල් ම ය. ඔබ බෙහෙත් කඩ වල ඇති වෙනත් තෙලක් භාවිතා කළත් වරදක් නොමැති බව මගේ විශ්වාසය යි.

අනතුරුව, මේ ගංසූරිය ගසේ පොතු හා කොල හොඳින් වංගෙඩියේ කොටා හෝ ග්‍රයින්ඩරයේ දමා ගංසූරිය කොල හා පොතු හොඳින් ග්‍රයින්ඩ් කර ගැනීම යි. අනතුරුව ප්‍රමාණවත් තරමට මී තෙල් දමා එය ලිපේ තියා යන්තම් මළවා ගන්න.

ඊට පසු කෙසෙල් කොලයක් මඳ ගින්නේ තවා කළින් සකස් කළ ගංසූරිය කොල, දළු හා මී තෙල් පත්තුව දණහිසේ බඳින්න. දණහිස නිතරම චලනය වන ස්ථානයක් බැවින් රෙදි පාන්කඩ වලින්ද ඔතා ගැනීමට සිදු වනු ඇත.
මා දැන් මේ ප්‍රතිකාරය කර පැය ගණනකි. මට සෑහෙන සුවයක් ලැබී ඇත. මට වියදමකට ගියේ මී තෙල් බෝතලයට ගිය මුදල පමණි. මී තෙල් බෝතල් කාලක් බෙහෙත් කඩේ රුපියල් 300 කි.

දණහිස් ආබාධ වලින් පීඩා විඳින බොහෝ දෙනා අප අතර ඇත. සමහරුන් එය කියන්නටද අකමැති ය. කවුරුන් හෝ මේ ප්‍රතිකාරයෙන් යම් සහනයක් ලබනවා නම් එය මගේ එකම සතුට යි.

Hi යාළුවනේ මට පොඩි උදව්වක් ඕනි.. මගේ යාලුවෙක්ගේ දරුවෙකුට "ටීනියා" චර්ම රෝගය හැදිලා තිබෙනවා එම දරුවා ට  අවුරුදු 15ක් වෙදක...
15/01/2025

Hi යාළුවනේ මට පොඩි උදව්වක් ඕනි.. මගේ යාලුවෙක්ගේ දරුවෙකුට "ටීනියා" චර්ම රෝගය හැදිලා තිබෙනවා එම දරුවා ට අවුරුදු 15ක් වෙදකම්කළත් තාම සුවයක් ලැබිලා නෑ english වෙදකම් තමයි කරලා තියෙන්නේ මේ සදහා..ඔබ දන්න ගොඩ වෙදකමක් හෝ දන්න docter කෙනෙක් ඉන්න්වනම් අප වෙත දන්වන්න ලොකු උදව්වක් ...❤️❤️❤️❤️

අපේ වටිනා ඔසුපැල 🌿දැක්ක ගමන් හදුනගන්න 🙏🍃💚(උපුටාගැනීමකි )
15/01/2025

අපේ වටිනා ඔසුපැල 🌿දැක්ක ගමන් හදුනගන්න 🙏🍃💚(උපුටාගැනීමකි )

පමාව පසුතැවීමට මුලයි.අනේ සිරි කඩේ ගියාම මට හොඳ ගස්ලබු ගෙඩියක් ගෙනත් දෙන්නකෝ. මගේ බඩ හොඳටම වේලලා. ටොයිලටි ගිහාම ලේ ටිකකුත...
03/01/2025

පමාව පසුතැවීමට මුලයි.

අනේ සිරි කඩේ ගියාම මට හොඳ ගස්ලබු ගෙඩියක් ගෙනත් දෙන්නකෝ. මගේ බඩ හොඳටම වේලලා. ටොයිලටි ගිහාම ලේ ටිකකුත් පිටවෙනවා.

ඒක බල බල ඉන්න හොද ලෙඩක් නෙවෙයි ඉක්මනටම ඩොක්ටර් කෙනෙක් හම්බවෙන්න යමු.

අනේ මට මේ වැඩ එක්ක වෙලාවක් නෑ. හැමදාම හවසට දූවට ටියුෂන් තියෙනවා. හොඳට පළතුරු කාලා වතුර බීල හිටියම ඕක හරි යයි.

එසේ හය මාසයක් ගත විය.

සිරි දැන්නම් මට හොඳටම අමාරුයි වගේ. කෑම කාපු ගමන් බඩ පුරවලා දානවා. ටොයිලට් යනවා හොඳටම හොරයි. තවම ලේත් පිටවෙනවා.

මම ඔයාට කිව්වනේ ශීලා. අදම ඩොක්ටර් කෙනෙක් චැනල් කරලා යමු.
ආ,මිසිස් පෙරේරා, මොකක්ද අමාරුව?

අනේ doctor දැන් හය මාසෙක විතර ඉඳලා, මගේ බඩ වේලනවා, ලේත් යනවා. ඉක්මනින්ම බඩ පිරෙනවා. කෑම පිරියත් අඩුයි.

ආ එහෙමද මල පහ වල හැඩයේ වෙනසක් තියෙනවද? ටොයිලට් ගියාට පස්සේ ආයෙත් යන්න ඕනේ වගේ ගතියක් එනවද?
එහෙමයි doctor.

ඇයි ඉතින් මෙච්චර දවස් ආවේ නැත්තේ? මාස හයක් කියන්නේ කොච්චර කාලයක් ද?

අනේ ඩොක්ටර් මගේ දුවගේ විභාගේ තිබුණා.එන්න වෙලාවක් තිබුනෙ නෑ.

මිසිස් පෙරේරා කොච්චර වැඩ තිබුණත් තමන්ගේ සෞඛ්‍ය ගැන බලන්න ඕන නේද?

අනේ doctor දැන් මොකද කරන්නේ?

මම දැන් බඩවැලේ පරීක්ෂාවකට (colonoscopy) ඔයාව ඇතුළත් කරගන්නවා. මේ මම දෙන බෙහෙත් ටික අරගෙන කියන දවසට ශල්‍යාගාරයට එන්න.

සති දෙකකට පසුව ශීලා, පරීක්ෂණයේ ප්‍රතිඵල බැලීම සඳහා වෛද්‍යවරයා හමුවට ගියාය.

ආ එන්න එන්න මිසිස් පෙරේරා. ප්‍රතිඵල නරකම නෑ. මම මහ බඩවැලේ ගෙඩි කීපයක් අරන් දැම්මා. එයින් ගෙඩි දෙකක් පසුවට පිළිකාවකට එන්න තිබුණු ගෙඩි. දැන් ඉතින් බය වෙන්න දෙයක් නෑ. ඒත් ඔයා තව අවුරුදු තුනකින් පමණ මේ පරීක්ෂණයට නැවත එන්න ඕනේ.
අනේ ඩොක්ටර් ට බොහොම ස්තූතියි.මම හොඳටම බයේ හිටියේ. මට මේ බඩවැලේ පිළිකා ගැන තව ටිකක් දැනගන්න පුලුවන්ද?
ඔව්,ඔව් මම කියලා දෙන්නම්.

මහ බඩවැලේ පිළිකා ලෝකයේ පිළිකා වලින් තෙවැනි තැන ගන්නවා. ඒ වගේම මරණය ගෙන දෙන පිළිකාවලින් දෙවැනි තැන ගන්නවා.

එතකොට doctor මොන වගේ අයටද වැඩිපුර මේ පිළිකාව හැදෙන්නේ?
1. වයස පනහේ සිට 75 දක්වා, බඩවැලේ පිළිකා සැදීමේ අවදානම වැඩි වෙනවා.
2. පවුලේ ළඟම ඥාතීන්ට පිළිකාව තිබුණා නම් අවදානම වැඩියි.
3.ulcerative colitis, Crohn's disease වගේ මහා අන්ත්‍රයේ ඇතිවන රෝග ඇති අයට අවදානම වැඩියි.
4. බඩවැලේ ගෙඩි තිබුණු අයට
5. පරම්පරානුගත පිළිකා රෝගයෙන් පෙළෙන අයට.
6. දියවැඩියා රෝගයෙන් පෙළෙන අයට ( diabtes type 2) අවදානම වැඩියි.

තවත් වළක්වා ගත හැකි අවදානම් තත්ත්ව තිබෙනවා
1. තරබාරු බව
2. දුම්බීම
3. මධ්‍යසාර පානය
4. ඌරු මස් හරක් මස් ආදී මාංශ සහ සොසේජස් වැනි පිළියෙල කරන ලද මාංශජනක ආහාර වැඩිපුර ගැනීම.
5. ව්‍යායාම නොකිරීම.

ඉතින් doctor මේ රෝගය වළක්වා ගන්න පුළුවන් කම තියෙනවා ද?
ඔව්
1. දිනපතා ව්‍යායාම වල යෙදීම.
2. දිනපතා පලතුරු වර්ග සහ එළවළු ආහාරයට ගැනීම
3. කොහිල වැනි කෙඳි අධික ආහාර නිතර ගැනීම.
4. කිරි ආහාර කැල්සියම් අවශ්‍ය ප්‍රමාණයෙන් ගැනීම.
5. ෆෝලික් ඇසිඩ් සහිත ආහාර ගැනීම.
6. ශරීරයේ විටමින් ඩී පදාර්ථය අවශ්‍ය ප්‍රමාණයෙන් තබාගැනීම.
ඒ වගේම අවුරුදු 50 ට පසු අවුරුදූ දෙකකට සැරයක් FOBT(fecal blood test) පරීක්ෂණය කර ගැනීම.
පවුලේ ලඟම ඥාතීන් අතර අවුරුදු 45 ට පෙර බඩවැලේ පිළිකා තිබුණේ නම් ඔවුනට පිළිකා හැදුණු වයසට අවුරුදු දහයකට කලින් සිට තමන් colonoscopy පරීක්ෂාව කර ගත යුතුයි.
මහා බඩවැලේ පිළිකා මුල් අවස්ථාවේදී හඳුනා ගැනීමෙන් අවුරුදු පහක් පිලිකාවෙන් තොරව ජීවත්වීමේ අවස්ථාව 90% වේ (5yr survival rate).

අනේ doctor ඔබතුමාට බොහොම ස්තුතියි. මම මේ තොරතුරු මගේ පවුලේ අනිත් අයටත් යහළු යෙහෙළියන් හැමෝටමත් දන්වන්නම්. ඒ වගේම වැසිකිළි යාමේ වෙනසක් ඇත්නම් පුළුවන් ඉක්මනින් වෛද්‍යවරයෙකු හම්බ වීමේ වැදගත්කම අවධාරණය කරන්නම්.

වෛද්‍ය හිමානි අබේරත්න.

උපුටා ගැනීමකි

මේක කියවන්නේ නැතුව පහලට යන්න එපා ! " හොඳට පාඩම් මතක හිටිනවා "" මහන්සි නැතුව වැඩ කරන්න පුළුවන් "" නිදිමත එන්නෙම නැහැ "" ප...
03/01/2025

මේක කියවන්නේ නැතුව පහලට යන්න එපා !

" හොඳට පාඩම් මතක හිටිනවා "
" මහන්සි නැතුව වැඩ කරන්න පුළුවන් "
" නිදිමත එන්නෙම නැහැ "
" පොඩ්ඩක් ගත්තොත් මුළු ජීවිතේම ගොඩ දාගන්න පුළුවන් "
" අවුලක් වෙන්නෑ විභාගෙ එනකන් විතරයි"
" ගැම්මට වැඩ කරන්න පුළුවන් එක දිගට දවස් කීයක් වුණත් "
" ටූනර්මන්ට් එනකම් එකක් ගනින් "
" ආතල් එකට එක පාරක් ගැහුවට අවුලක් නෑ බං"
" බඩගිනි වෙන්නෙත් නෑ බං මහන්සි එන්නෙත් නෑ ආතල් එකේ වැඩක් කරගන්න පුළුවන් "

✋ ලෝකෙ තියෙන භයානකම, හුස්ම ගනිමින් හොඳට ඉන්න මිනිස්සු පණ පිටින් අපායට අරන් යන ' අයිස් මත්ද්‍රව්‍ය' ( Ice drug ) ඔයා ලඟට මෙන්න මේ වගේ තමයි එන්නේ !
හොඳට මතක තියාගන්න .
මේක කෑවා කියලා ඔයාට හොඳක් වෙන්නේ නැහැ !
මං ආයෙත් කියනවා කිසිම හොඳක් වෙන්නේ නැහැ !
කිසිම සතුටක් දැනෙන්නෙ නැහැ !
හොඳට හුස්ම ගන්න ඔයාගේ ජීවිතේට පනපිටින් දරාගන්න බැරි වේදනාවක් විතරයි මෙන්න මේ මාරයා අරගෙන එන්නේ !
පාඩම් කරන්න කියලා ඔයාගේ අතට මෙහෙම කෙනෙක් දුන්නොත් කරුණාකරලා පිලිගන්න එපා !
සල්ලි වලට අහිංසක දරුවන්ගේ ජීවිත විනාශ කරන මිනිස්සු ගෙන්නන මේ ජරාව පාවිච්චි කරන කෙනෙක් හරි තියෙන තැනක් හරි දැක්කොත් හෝ දන්නවානම් මෙන්න මේ අංක වලට පැමිණිලි කරන්න.

☎️ 119
☎️ 118
☎️ 1927

ඔයාගේ ළඟම කෙනෙක් මේ මාරයට බිලිවෙලා නම් මෙන්න මේ අංකයට කෝල් එකක් දෙන්න.
එයාලා ඔයාගේ ළඟම හිතවතා ව හිරේ දාන්නේ නැතුව එයාට උදව් කරනවා ඒ මානසික තත්ත්වයෙන් ගැලවෙන්න.

☎️ 1926

අයිස් ඒ කියන්නේ මේ ලෝකේ දරුනුම මත්ද්‍රව්‍ය !
මේ තියෙන්නෙ ඒක ගත්තම වෙන දේ !

👉 නින්ද යන්නෙ නෑ
👉 කටේ තුවාල
👉 අධික ලෙස කෙට්ටු වීම
👉 ශරීරයේ පලු මතුවීම
👉 දිව පැලීම
👉 ආහාර අරුචිය
👉ඇස විශාල වීම ( pupilඑක )
👉කරකැවිල්ල
👉 දහඩිය දැමීම
👉වියළි මුඛය
👉මාංශ පේශි කැක්කුම
👉හිසරදය
👉ඔක්කාරය
👉බඩේ කැක්කුම
👉නොපැහැදිලි පෙනීම
👉හිසරදය
👉කරකැවිල්ල
👉තෙහෙට්ටුව
👉ශක්තිය වැඩි වීම
👉ආක්රමණශීලී හැසිරීම
👉වෙව්ලනවා
👉නුරුස්නා බව
👉 කරන කියන දේවල් එයාලට තේරෙන්නේ නැහැ
👉අධි ක්‍රියාකාරීත්වය
👉සැලකිය යුතු හා හදිසි බර අඩු වීම
👉සමේ තුවාල
👉වේගවත් අක්ෂි චලනය
👉පිළිස්සුම්, විශේෂයෙන් තොල් හෝ ඇඟිලි මත
👉අක්‍රමවත් නිදි රටා
👉දිරාපත් වූ දත්

පලවෙනි පාර ඔයාට හිතෙයි මේක තමයි හොඳම කියලා.. ඒත් මේක තමයි ඔයාගෙ ජීවිතේ වෙන්න පුළුවන් නරකම ඇබ්බැහිය.

🛑 මේක ගත්තම ඔයාගේ දුක නැති වෙන්නෙ නැහැ . මේක ගත්තම ඔයාගේ හැමදේම සාර්ථක වෙලා ඔයාට සතුට ලැබෙන්නේ නැහැ ! කොටින්ම කිව්වොත් මේ ඔයා කරගන්නේ ඔයාව ප.ණපිටින් පිහියකින් ක.පන එක !!!!!!
මේ මාරයට ගොදුරු වෙලා ඉන්න කෙනෙක් දන්නවනම් කරුණාකරලා ඒවා හංගන්නෙ නැතුව අදාල උපදෙස් ගන්න ! කිව්වොත් හිරේ දායි කියලා ඒ මනුස්සයගේ ජීවිතේ නැති කරලා දාන්න එපා. අනිවාර්යෙන් එයාව පුනරුත්ථාපනය කරලා අලුතෙන් එයාට ජීවිතයක් දෙන්න පුළුවන් එයාගේ තත්වය කියලා ඔයා උදව් ඉල්ලුවොත්.

🛑 මං ආයෙත් කියන්නේ අංගොඩ මානසික රෝහලේ ඉන්න හොඳට හිටපු පිරිමි ළමයි වගේම ලස්සන ගෑනු ළමයි දැන් මානසික ලෙඩ්ඩු වෙලා මෙන්න මේ මාරයා නිසා.....!

සල්ලි හොයන්න අහිංසක ජීවිත බිලි ගන්න මිනිස්සු වගේම ඇස් දෙකට මේ දේවල් දැක දැකත් නිශ්ශබ්දව ඉන්න මිනිස්සුත්, මේ දේවල් තමන්ගේ ළඟ ඉන්න අයට හුරු කරවන මිනිස්සු ගැනත් කරුණාකරලා පැමිණිලි කරන්න !
මේ තියෙන්නේ නිකම්ම මත්ද්‍රව්‍යයක් නෙමෙයි !

සතුටින් ඉන්න ලස්සන වෙන්න උත්සාහ කරන ඔයා ඇයි විහින් විකෘති ජීවිතයක් වෙන්න හදන්නේ !
බේරෙන්න ! බේරගන්න !

ආයෙත් ගැලවීමක් නෑ කියලා වැටෙන්න එපා ! අන්තෙටම ගියපු මිනිස්සු දැන් හොඳ ජීවිත ගත කරනවා වෛද්‍ය ප්‍රතිකාරත් එක්ක ! බලාපොරොත්තුව අත්හැර ගන්න එපා.

- Gumiho's Diary -

මිස්ටර් බීන් (රෝවන් ඇට්කින්සන්)තම සිහින කිසිදා අත් නොහරින මිනිසාගේ කතාව....🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂රෝවන් ඇට්කින්සන් මධ්‍යම පාන්තික පවු...
02/01/2025

මිස්ටර් බීන් (රෝවන් ඇට්කින්සන්)
තම සිහින කිසිදා අත් නොහරින මිනිසාගේ කතාව....
🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂
රෝවන් ඇට්කින්සන් මධ්‍යම පාන්තික පවුලක උපත ලැබූ අතර ඔහුගේ ගොත ගැසීම නිසා කුඩා කාලයේ දැඩි දුක් වින්දා. ඔහුගේ පෙනුම නිසා පාසලේදී ඔහුට විහිළුවට හා හිරිහැරවලටද ලක් විය. ඔහුගේ හිරිහැර කරන්නන් සිතුවේ ඔහු පිටසක්වල ජීවියෙකු ලෙසය. ඔහු ඉක්මනින්ම අමුතු කෙනෙකු ලෙස සලකුනු කරන ලද අතර බොහෝ මිතුරන් නොමැති ඉතා ලැජ්ජාශීලී, ඉවත් වූ ළමයෙකු බවට පත් විය, එබැවින් ඔහු විද්‍යාවට කිමිදුණු බව ඔහුගේ ගුරුවරයෙකු පැවසීය. ඔහු ගැන කැපී පෙනෙන කිසිවක් නොතිබුණි. ඔහු දක්ෂ විද්‍යාඥයෙකු වනු ඇතැයි මම අපේක්ෂා නොකළ නමුත් ඔහු සියල්ලන්ම වැරදි බව ඔප්පු කර ඇත. ඔහුගේ කාලය තුළ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයට ඇතුළත් වූ ඔහු රංගනයට ඇලුම් කිරීමට පටන් ගත් නමුත් ඔහුගේ කථන ආබාධය හේතුවෙන් රඟ දැක්වීමට නොහැකි විය. ඔහු උපාධිය ලැබීමෙන් පසු ඕනෑම චිත්‍රපටයකට හෝ රූපවාහිනී වැඩසටහනකට පෙනී සිටීමට පෙර විදුලි ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ලබා ගත් ඔහු, ඔහුගේ සිහිනය හඹා ගොස් නළුවෙකු වීමට තීරණය කළ නිසා ඔහු ප්‍රහසන කණ්ඩායමකට ඇතුළත් වූ නමුත් නැවතත් ඔහුගේ ගොතගැසීම බාධාවක් විය.

බොහෝ රූපවාහිනී වැඩසටහන් ඔහුව ප්‍රතික්ෂේප කළ අතර, බොහෝ ප්‍රතික්ෂේප කිරීම් තිබියදීත් ඔහුට විශ්වාසයක් දැනුනි. ඔහු තමා ගැන විශ්වාස කිරීම නතර කළේ නැත. මිනිසුන් සිනහ ගැන්වීමට ඔහු තුළ දැඩි ආශාවක් තිබූ අතර ඔහු එයට ඉතා දක්ෂ බව දැන සිටියේය. ඔහු තම මුල් හාස්‍ය රූප සටහන් කෙරෙහි වැඩි වැඩියෙන් අවධානය යොමු කිරීමට පටන් ගත් අතර ඔහු යම් චරිතයක් රඟපාන සෑම අවස්ථාවකම චතුර ලෙස කතා කළ හැකි බව ඉක්මනින්ම වටහා ගත්තේය. ඔහු තම පැකිලීමෙන් මිදීමට මගක් සොයා ගත් අතර ඔහුගේ රංගනයට ආශ්වාදයක් ද භාවිතා කළේය. රෝවන් ඇට්කින්සන් තම අධ්‍යාපනය හදාරමින් සිටියදී මිස්ටර් බීන් ලෙස හැඳින්වෙන අමුතු, අති යථාර්ථවාදී සහ දැන් කතා කරන චරිතය සම-නිර්මාණය කළේය.

ඔහු වෙනස් සංදර්ශනවලින් සාර්ථක වූ අතර, මිස්ටර් බීන් ඔහුව ගෝලීය වශයෙන් ප්‍රසිද්ධියට පත් කළේය, කෙතරම් බාධක මධ්‍යයේ වුවද, ඔහුගේ පෙනුම සහ ඔහුගේ කතා කිරීමේ ආබාධය නිසා, ඔහු වීර ශරීරයක් හෝ හොලිවුඩ් මුහුණක් නොමැතිව වුවද ඔබට ඕනෑම කෙනෙකු විය හැකි බව ඔප්පු කළේය. ලෝකයේ වඩාත්ම ආදරය කරන සහ ගෞරවනීය නළුවකු වන රෝවන් ඇට්කින්සන්ගේ කතාව බොහෝ පිරිස් අභිප්‍රේරණය වන සාර්ථක කතාවකි.

එය ඉතා ආශ්වාදජනක වන්නේ එය උගන්වන්නේ ජීවිතයේ සාර්ථක වීමට නම්, වඩාත්ම වැදගත් දෙය වන්නේ ආශාව, වෙහෙස මහන්සි වී වැඩ කිරීම, කැපවීම සහ කිසි විටෙකත් අත් නොහැරීමයි, මන්ද අපගේ හැඟීම් සහ දුර්වලතා ගැන සැලකිල්ලක් නොදක්වයි.

කතාවේ සාරාංශය:

කිසිම කෙනෙක් සර්ව සම්පූර්ණව ඉපදෙන්නේ නැහැ. බිය නොවන්න. මිනිසුන්ට ඔවුන්ගේ දුර්වලතා සහ අසාර්ථකත්වයන් නොතකා සෑම දිනකම පුදුමාකාර දේවල් කළ හැකිය. ඉතින් ගිහින් ඔයාට ලැබිච්ච එක ජීවිතයෙන් ඔයාට කරන්න පුළුවන් උපරිමය කරන්න...

-උපුටා ගැනීමකි-

31/12/2024

Shout out to my newest followers! Excited to have you onboard! Wije Kosala Ranga, Thamara Nilan, Geeshani Darshana, Randi Srsndkkl, Yanaka Priyadarshan Priyadarshana, Saman Deshappriya, Sumithra Ramanayaka, Mahalekam M. P .L., pathama

වැදගත් ලිපියක්..නැවතිලා කියවලාම යන්ට..ඉදිරියේදී ලෙඩ නොවී ඉන්ට පුලුවනි.ඉතාම  කෙටියෙන් කුකුලා ගැන කිව්වොත් ක්ලෝස් හවුස් සි...
29/12/2024

වැදගත් ලිපියක්..
නැවතිලා කියවලාම යන්ට..
ඉදිරියේදී ලෙඩ නොවී ඉන්ට පුලුවනි.

ඉතාම කෙටියෙන් කුකුලා ගැන කිව්වොත් ක්ලෝස් හවුස් සිස්ටම් එකට දවස් 21-30 අතර මාකට් එකට එනවා.දවස් 1,12,14,19,25න් වැක්සින් සීරිස් එකක් යනවා.25 එක නොදුන්නොත් 19න් දෙනවා 25 එකත් අල්ලලා ඩබල් කරපු හොට් වැක්සින් එක.ඊට පස්සේ මුල් දවසේ ඉදන් ඇන්ටිබයෝටික් එක්ක තව ඩ්‍රග්ස් දවස් 5ක් යනවා එක දිගටම.ඒක ඉවරුනු ගමන් ඊලග එක පටන් ගන්නවා සෙමට.ඒක ඉවරුන ගමන් පටන් ගන්නවා විටමින්.එකත් ඉවරුන ගමන් රස්නෙට බෙහෙත් දෙනවා.ඔය අතරේ ලෙඩ උනාමත් එක එක මගුල් දෙනවා.උදාහරණයක් විදියට දවස් 21ක් ජීවත් උනු කුකුලෙක් ඒ දවස් 21ටම ඩ්‍රග්ස් නැතුව පිරිසිදු වතුර විතරක් බොන්නේ අඩුම දවස් 2,3ක් කීවොත් පිලිගන්නවද? අර දවස් 21 වෙනකොට මොන තරම් ඩ්‍රග්ස් ඇගේ සාන්ද්‍රද? ඒ විතරක් නෙමේ බූස්ටර්,ස්ටාටර්,ග්‍රෝවර්,ෆිනිශර් විදියට යන ෆීඩින් රැශන් එක සතාගේ බර ගන්නම හදපු ෆීඩ් එකක්.එකේ මොන තරම් අහිතකර දේවල් තියෙනවද?තව නොදත් කරුණක් කියන්නම්.අර 19න් දෙන වැක්සින් එක දුන්නම සමහර වෙලාවට එදාම ඒ සත්තු මාකට් එකට කොලඹට ඕන තරම් එන දවස් තියෙනවා.

සතා පෝස්ට් මෝර්ටම් කලාම බලාගන්න පුලුවන් සතාගේ වැක්සි බූස්ට් පවා තිබෙනවා ඇගේ.එතකොට අර වැක්සින් ඇගේ වියැකෙන්නත් මත්තේන් පිගානට එනවා නේද? කවුද ඕවා දන්නේ කවුද ඕවා කියන්නේ? ඒ මස් කුඩා දරුවන්ට ,ගැබිණි මවුවරුන්ට ගුණයිද? ඒ විතරක් නෙමේ ගම්බෝරෝ,රැනිකට් වගේ ලෙඩ හැදිලා මැරිලා යන කුකුලන් ඉතා අඩු මිලට හෝටල් වලට හා සවස රයිස් ,කොත්තු කඩවල් වලට අරන් යනවා.ඒවා තමයි ඔය රයිස් එක100,120 ට දෙන්නෙ කුකුල් ගාතයක් එක්ක.කවුද මේවා නියාමනය කරන්නේ.මුදලට සියල්ල යටයි.කම්පැනිකාරයා ලාබ ලබනකොට සුව්හසක් ජනතාව හිමි හිමින් ලෙඩ ඇදේ.කවුද මේවා දන්නේ.හැම එකාම කෑ ගහන්නේ මහින්ද ,රනිල්,සිරා,අනුර වෙනුවෙන් හා ආගම් වාද වලට.

2)
👉ඇපල්,දොඩම්,අඹ,ගස්ලබු,බ්යිට්ස් වර්ග,කුකුළු මස්,වම්බටු,තක්කාලි,තිබ්බටු,අධි සාණ්ද්‍ර පැණි බීම ඔය ඔක්කොම වස තමයි.

👉බයිට් වලට තෙල් තාච්චුව උතුරපු ගමන් මෙගා බෝතලේ දානවා.උබලා රස කර කර ඒක කනවා මයිලෝ වලට බයවෙලා.

👉වම්බටු,තක්කාලි,තිබ්බටු වගේ ඒවා හොදට කනවා.කෙටිකාලීන මාංසල භෝග වස නාලා කඩේට එන්නේ.

👉කොමඩු ගෙඩියටත් නැට්ට ලගින් කුකුල් සායම් ඉන්ජෙක්ට් කරනවා රතු පාට වෙන්න.එව්වා තමයි ඔය පේන්න කපලා තියෙන්නෙ රතට රතේ.

👉ගම්මිරිස් වලට ගස්ලබු ඇට දානකොට ,මිරිස් කුඩු වලට සායම් දානකොට,කහ කුඩු වලට මෙතැනිල් කහ දානවා.

👉හොද හාල් වලට කෑලි හාල්,සුදු කල සත්ත්ව ආහාර හාල් එකතු කරනවා.

👉පොල්තෙල් වලට පාම් තෙල් කලවම් කරනවා.

👉හොද බත් එක මරාගෙන ඒකට අජිනමෝටෝ,ඌරු තෙල් දාගෙන කඩේට ගිහින් ෆ්‍රයිඩ් රයිස් කියල තොල පිනවගන්නවා.

👉දිවුල් ඉදවන්නේ මඩේ දාලා.අලියා ගිල්ල දිවුල් එලියට එනකොට එම්ටි.මඩේ දාලා ගත්තම සුපිරි.

👉හොද තේ කුඩු වලට එකතු කරන්නෙම අයින් කරන කසල තේ කුඩු.

👉රස කර කර කන කරවල වල ෆෝමලින් එමට.සමහරු බැටරි ඇසිඩ් හිටන් දානවා.

👉මාලුවලටත් සමහරු ෆෝමලින්,දිස්නයට කෙමිකල්,පරණ මාලු වලට අලුත් මාලුන්ගේ ලේ දාලා දෙනවා.

ඉතින් බන් ඔහොම බලාගෙන ගියාම ඉවක් බවක් නැතුව කන්නෙම වහ තමයි.පොඩ්ඩක් නැවතිලා බලහල්ලා ඔය බිසී බිසී කියලා කඩියෝ වගේ දුවන් නැතුව.පර්චස් 10ක් උනත් කුන්දිරා ගස් 2ක් හිටවගන්න පුලුවන්.අවුරුදු 5න් පොල් කන්න පුලුවන්.පලතුරු ගස් 2,3 ක් ගෙදර ඉන්දගල්ලා.ඒවා කාහල්ලා.ඒවා වස නෑනේ.එලවලු ගස් 2,3ක් ඉන්දගෙන දරුවන්ට කවහල්ලා.කඩේ ශෝටීස් එක කටේ ඔබලා හිටහ් හදාගන්න එපා.උන් ඕවා බදින්නෙත් හැමදාම එකම තෙලෙන්.පර්චස් 10 පුරාම ගේ හදාගෙන නම් ඉන්නේ මාලිගාව වගේ නිකම් ඉදහල්ලා.උන් ගේ කා හල්ලා.උබලා දෙයක් කීවට නොකරන සිරාගේ මයිලෝ එකට බනින්නේ අනිත් පැත්තෙන් ඔක්කොම ජරාව කන ගමන්.කිසි කෙනෙක් බලෙන් බොලාට කවන්නෙ නෑ.බොලායි ගිහින් ගන්නේ.බොලාගේ හිතටයි කටටයි මාංචු දාගල්ලා එක එකාට බනින්න කලින්.

-by Damith Namal -

අනේ උදව් කරන්න. පුලුවන් තරම් share කරන්න 🥺💗" මට මගේ දරුව සොයා ගන්න උදව් කරන්න පින් සිද්ද වෙයීඅනේ කව්රු හරි දැක්කොත් හරි ...
29/12/2024

අනේ උදව් කරන්න. පුලුවන් තරම් share කරන්න 🥺💗
" මට මගේ දරුව සොයා ගන්න උදව් කරන්න පින් සිද්ද වෙයී
අනේ කව්රු හරි දැක්කොත් හරි ඉන්න තැනක් දන්නවනම් හරි මගේ මේ නම්බර් එකට කෝල් එකක් දෙන්න."
0704845331
දරු පැටියව හොයලා දෙන්න
- copied -

කාටත් වැදගත් වෙවි යැයි සිතුණා.......උපුටා ගැනීමක්මම පිළිකා රෝගයෙන් මිදුණහැටිSumali De Silva Gunasekeraපළමුව - ඔබ දන්නා ...
27/12/2024

කාටත් වැදගත් වෙවි යැයි සිතුණා.......
උපුටා ගැනීමක්
මම පිළිකා රෝගයෙන් මිදුණහැටි
Sumali De Silva Gunasekera

පළමුව - ඔබ දන්නා පිළිකා දොස්තර කෙනකු හමුවන්න.. ඔහු දෙන ආවවාද හොදින් පිළිපදින්න.. බේත් හේත් සේරම අකුරට පිළිපදින්න.

පිලිකාව කියන්නේ මරණ දඬුවමක් නොවන බව මතක තියාගන්න. පිලිකාව යනු විටමින් ඌණතාවයක් නිසා හටගන්නා රෝගයකි.. ඉතින් අප කලයුත්තේ මෙම ඌණතාවය මගහරවාගන්න එකයි.. එය මම මගහරවා ගත් අයුරු තමා පහත සඳහන් වන්නේ.. ඉතින් ඔබත් කරලා අත්හදාබලා සුවයක් ලාබාගන්න.

කිමෝ ගන්න තියනවානම්
ඊට දවස් 14කට පෙර සිටන් කහ පැහති ආහාර පාන අර ගන්න.
කැරට්, වාට්ටක්කා.. විටමින් සි 500 පෙති 6යක් සහ විටමින් D දිනපතා වතුර හමග බොන්න.

සතියට වරක් උදේ කැමට පෙර මෙම ආහාර
කෑමට ගන්න වග බලාගන්න

1) මංඤොඤෝකා මිශ්‍රනය
මංඤොඤ්කා අගල් 4ක පමණ අලයක් ගෙන එහි පිටපොත්ත හොදින් සුද්දකර වතුරෙන් සෝදාගන්න. ගෙදර
බෙලේන්ඩරයක් ඇතිනම් මංඤොඤ්කා අලය පොඩි කැලිවලට කාපා බොන වතුර කොප්ප 2ක් දාමා හොදින් බෙලෙන්ඩර් කරගන්න.
මේම මිශ්‍රනය දැන් කිරි පාට එකාක්.. සීතකරණයක් අතොත් මේම මිශ්‍රනය උස ජොග්ගුවකට දමා පැය 2-4ක් සොලවන්නේ නැතුව තබන්න.. ශීතරකරණයක් අවශයම නැහැ. බෙලෙන්ඩරයක් නැති නම් වන්ගෙඩියෙ හෝ දමා උරාච්චිකරගෙන බොන වතුර කොප්ප 2ක් එක්කර ජොග්ගුවකට දාමා පැත්තකින් තාබා පැය 4ක් ගිය පසු සෙමින් මන්ඩි කලඹවගන්නේ නැතුව උඩ වතුර ටික පමණක් පෙරා ගෙන පානය කරන්න. උදේට එක විදුරවයි හවසට එක විදුරුවයි පානය කරන්න.. සතියට වාර 2 ක් වත්

2) මුරුංගා කොල මිශ්‍රනය.
*මුරුංගා කොල අහුරු දෙකක්
*ගොටුකොල අහුරු 2කක්
*කරපිංචා කොල 1ක ඉත්තක්
*ඉඟුරු කැබැල්ලක් (කැමතිනමි)
*සුදුලුණු බිකක්

හොදින්සොදා ගෙන බ්ලෙන්ඩරයකට දමා බොන වතුර කොප්ප 2 ක් දාමා හොදින් බ්ලෙන්ඩර කරගන්න.. බ්ලෙන්ඩරයක් නැතොත් වන්ගෙඩියේ දාමා උරාච්චිකර එකට බොන වතුර කොප්ප 2 ක් එක්කර
හොදින් මිශ්‍රරකරගන්න.. එය පෙරාගෙන වතුර ටික බොන්න.. මන්ඩි ටික කැමතිනම් ආහාර පිසිමේදි ආහාරයකට එකතු කරගන්න.. මෙය සතියට වතාවක් නොවරදවාම කරන්න.

3) රතු හාල්
රතුහාල් පමණක් ආහාරයට ගන්න. පිෂ්ඨධාතු ආහාර වැඩිපුර ගැනිමේන් වළකින්න. පාන්පිටි ආහාර නවත්වන්න

4) සීනි පැණි බීම සහ ඒවායින් හදන කැම ගැනීමෙන් වලකින්න.

5) කටු ආනෝදා කන්න

6) දෙළුම් ඉස්ම හො දෙලුම් කැමති තරම් කන්න.

7) සති 3නකට වරක්
කහ සහ ඉඟුරුතලා දෙහි හෝ ලෙමන් ගෙඩියක් එකතු කර ඒ මිශ්‍රනය පානය කරන්න.

😎 නිතර වතුර බොන විට දෙහි හො ලෙමන් කැබැල්ලක් වතුරට දාමා වතුර පානය කරන්න.

ඇපල් ඇට කන්න.. දවසකට 1ක ඇපල් ගෙඩියක ඇට පමණක් කැමට ගන්න (ප්‍රමාණය ඉක්මවා නොකන්න)

මිදි ගෙඩිවල ඇට ද කන්න

වට්ටක්කා ඇට කන්න

කරවිල ඇට දිනකට 9 ක් කන්න

කරවිල අමු සම්බෝල කැමට ගන්න

9) බේකින් සෝඩා තේ හැන්දක් හොඳට නටන උනු වතුර කෝප්ප බාගයකට දාමා හොඳින් දියකරගන්න. දියරය පාට නැති (වතුර පාට වෙන තුරු දියකර ගන්න) ඉන්පසු
කොප්පයේ ඉතුරු බාගයට බොන වතුර එක්කර හොඳ මිපැණි තේ හැන්දක් එක්කර ගන්න. මෙම මිශ්‍රනය උදේ කෑමට පෙර බොන්න.. (බේකින් සොඩා වලින් කරන්නේ පිලිකා ශෛල මරණ එකයි මිපැණි වලින් කරන්නේ
බේකින් සොඩා එක පිලිකා ශෛලවලට ඇතුල් කිරිමයි. පිළිකාව පැවතෙන්න සීනි ඉතා අත්‍යාවශ්‍යයි එනිසා මේ විදිහට පිලිකාව මැරිය හැක. සතියක් ඇර සතියක් වෙන වෙන එකක් කරන්න

ඇපල්|බීට්|කැරට් මිශ්‍රනයත් බොන්න සතියකට සැරයක්

මේ වට්ටොරු
සිල්ලම එක එක සතියට කරන්න.

දොස්තර අනුමැතිය ඇතිව පමණක් 👇

කිමෝ ගන්න කලින් හොඳට ලෙමන් යුෂ බොන්න සීනි නැතුව.. වමනය යැම වැලකෙනවා. වමනය යනවානම් දොස්තරගෙන් emset 4mg පෙත්තක් ඉල්ල ගත්තොත් කිමෝවලට කලින් වමනය යන්නේ නැහැ. මේවා දොස්තරට කිව්වේ නැත්නම් දෙන්නේ නැහැ.. මම කියලයි ඉල්ල ගත්තේ....

උපුටා ගැනීමකි.

ඔබ පැය 4 ක් ජීවත් වීමට පැය 8 ක් වැඩ කරයි.ඔබ දිනක් භුක්ති විඳීමට දින 6 ක් වැඩ කරයි.ඔබ විනාඩි 15 කින් කෑම අවසන් කිරීමට පැය...
26/12/2024

ඔබ පැය 4 ක් ජීවත් වීමට පැය 8 ක් වැඩ කරයි.

ඔබ දිනක් භුක්ති විඳීමට දින 6 ක් වැඩ කරයි.

ඔබ විනාඩි 15 කින් කෑම අවසන් කිරීමට පැය 8 ක් වැඩ කරයි.

ඔබ පැය 8 ක් වැඩ කර නිදාගෙන පැය 5ක් නිදාගනී..

ඔබ සතියක් හෝ දෙකක් නිවාඩුවක් ගත කිරීම සඳහා අවුරුද්ද පුරා වැඩ කරයි.

මහලු වියේදී විශ්‍රාම ගැනීමට ඔබ ඔබේ මුළු ජීවිත කාලයම වැඩ කරයි...

ඔබේ අවසන් හුස්ම හෙලීම ගැන මෙනෙහි කරන්න. ජීවිතය යනු අන් කිසිවක් නොවන බව අවසානයේ ඔබට වැටහෙන්නේය..

ජීවිතය කෙටි ගමනක්, එහි සෑම මොහොතක්ම අත් නොහැර ජීවත් වන්න. පුලුවන් කාලයේදී විදින්න...!!

උපුටා ගැනීමකි..
- Diary with Abhi Ru

"හෙට දවසේදී හමුවන්න පෙරුම් පිරූ නුඹ, අප හැරගියේ සිතකින් නොවේ යැයි දනිමි.."
24/12/2024

"හෙට දවසේදී හමුවන්න පෙරුම් පිරූ නුඹ, අප හැරගියේ සිතකින් නොවේ යැයි දනිමි.."

Caption අවශ්‍ය නැත 🤍 මේ තමයි ජීවිතය ✋කෙසේවෙතත් ඉක්මන් සුව ❤️
20/12/2024

Caption අවශ්‍ය නැත 🤍 මේ තමයි ජීවිතය ✋
කෙසේවෙතත් ඉක්මන් සුව ❤️

Address

Anuradhapura
50500

Alerts

Be the first to know and let us send you an email when කඩුල්ල posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share