Moments With Didu

Moments With Didu 👋 Hello and Welcome! I’m Diduni, the face behind Moments With Didu. Here on this page, you’ll find a mix of travel vlogs, daily vlogs, and everything in between.

Thank you for being here—I’m excited to share this journey with you!

අද දෙසැම්බර් 31 වෙනිදා මේ අවුරුද්ද දිහා ආයේ හැරිලා බැලුවොත් ඔයාලා හැමෝටම ඇති ලැබුණු දේවල් වගේම නොලැබුණු දේවල් සාර්ථක උන ...
31/12/2024

අද දෙසැම්බර් 31 වෙනිදා
මේ අවුරුද්ද දිහා ආයේ හැරිලා බැලුවොත් ඔයාලා හැමෝටම ඇති
ලැබුණු දේවල් වගේම නොලැබුණු දේවල්
සාර්ථක උන දේවල් වගේම අසාර්ථක උන දේවල්
ජීවිතේට අලුත් යාලුවෝ ලැබුණු වගේම හිටපු යාලුවෝ ඔයාගෙන් ඈත් උන අවුරුද්දක් වෙන්න ඇති
ඔයා හිනාවෙන්න ඇති
ඒවගේම අඬන්නත් ඇති
මේ මොන දේ උනත් ඒ හැමදේම පරණ අවුරුද්දට තියලා අලුත් අවුරුද්ද අලුතෙන් පටන් ගන්න
අලුත් ඉලක්ක වලට යන්න වැඩ කරන්න
ජිවිතේ වැඩිපුර කාලයක් නිදාගත්තු කම්මැලි මනුස්සයෙක් වෙනවට වඩා planning එක්ක targets වලට වැඩ කරන එකේ වෙනස ඔයාගේ ජිවිතේ ගොඩක් වෙනස් කරාවි
ඒවගේම තමයි ඔයා වෙනුවෙන් ඔයාගේ සතුට වෙනුවෙනුත් කාලයක් වෙන් කරන්න
ඔයාගේ සතුට , හිනාව , අලුත් බලාපොරොත්තු එක්ක පටන් ගන්න අවුරුද්ද ගොඩක් ලස්සන වෙයි

ඉතින් හෙටින් පටන් ගන්න අලුත් අවුරුද්ද ඔයාලා හැමෝගෙම
යහපත් බලාපොරොත්තු ඉෂ්ට වෙන හැමෝටම ගොඩක් සතුටින් ඉන්න ලැබෙන අවුරුද්දක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා !

මම ලියන්න ආස වුනාට වචන ගලපලා ගොඩක් ලස්සනට ලියන්න බෑ මට 🙃දැන් වෙලාව උදේ 4 යි .නිදාගන්න සෑහෙන්න try එකක් දුන්නට නින්ද අහලක...
28/12/2024

මම ලියන්න ආස වුනාට වචන ගලපලා ගොඩක් ලස්සනට ලියන්න බෑ මට 🙃

දැන් වෙලාව උදේ 4 යි .නිදාගන්න සෑහෙන්න try එකක් දුන්නට නින්ද අහලකටවත් එන්නේ නෑ .ඉතින් මේ වෙලාවේ මට දෙන්නෙක් ගැන ලියන්න හිතුනා .

මම මෙහෙම පටන් ගන්නම්කො.

ජිවිතේ කාලෙන් කාල වලට අපිට හම්බ වෙනවා එක එක විදියේ යාලුවෝ.

scl කාලේ යාලුවෝ , class වල යාලුවෝ , campus එකේ , office එකේ වගේම මන් mention කරලා නැති එක එක විදියේ යාලුවෝ අපිට මුණ ගැහෙනවා.ඒ අය ජිවිතේ කාලෙන් කාල වලදී අපේ ජිවිතේ ලස්සන කරනවා.ඒවා හරි ලස්සන මතක.ඉතින් ඒවගේම කාලෙන් කාලෙට එයාලා අපෙන් ඈත් වෙනවා.ආයේ ලං වෙනවා.

මේවගේ එන යන ගොඩක් අය අතරේ ඔයාට ඉන්නවනම් හම්බුණු දවසේ ඉඳලම කවදාවත් වෙනස් නොවී කිසිම දවසක තරහ නොවී ඉන්න යාලුවෝ
ඔයාගෙන් කිසිම දෙයක් බලාපොරොත්තු නොවී හැමදාම ලඟින් ඉන්න යාලුවෝ
සැපේදී ළඟ හිටියේ නැතත් ඔයා වැටෙන හැමවෙලේම ඔයාට හයියක් වෙලා ලඟින් ඉන්න යාලුවෝ
ඔයාගේ සාර්ථකත්වයේදී ඒ දේ එයාලගේ වගේ සතුටු වෙන යාලුවෝ

ඒවගේ බැඳීම් හරිම අඩුයි
ඒත් එහෙම බැඳීමක් තියන ඔයා හරිම වාසනාවන්තයි

ඉතින් මටත් තියනවා ඒවගේ හරිම ලස්සන බැඳීමක් .හරි ලස්සන යාලුවෝ දෙන්නෙක්.
ලෝකේ කොන් තුනක රටවල් 3ක ඉන්න අපි 3න් දෙනාගේ මේ බැඳීමට මම හරි ආදරෙයි !

ආයේ දවසක ඉක්මනටම මුණ ගැහෙමු !

දිදූ

London වල ලස්සනටම christmas තියන places ටිකක් තමයි අද මම ඔයාලට අරන් ආවේ .අපි journey එක පටන් ගත්තේ Trafalagar Square වලි...
25/12/2024

London වල ලස්සනටම christmas තියන places ටිකක් තමයි අද මම ඔයාලට අරන් ආවේ .

අපි journey එක පටන් ගත්තේ Trafalagar Square වලින් .ඒ ගැන මම කලින් post එකක් දාල ඇති.Next Location එක තමයි Covent Garden .ඒ place එක හරිම ලස්සනයි .Covent Garden වලින් Leicester sqaure වලට එතනින් Oxford Street වලට .Oxford Street වලින් Regent Street වලට ඇවිත් තමයි අපි අපේ jouney එක ඉවර කලේ .උණු කෝපි එකක් බොන ගමන් ඒ පාරවල් දිගේ ඇවිදගෙන යන එක වෙනමම feeling එකක් .

Full Video එක මගේ youtube channel එකෙන් අරගෙන එන්නම්. http://www.youtube.com/

Merry Christmas Wishes for Everyone 😍

London වල Christmas ගැන කතා කරනකොට Trafalgar Square වල හැම අවුරුද්දෙම තියන Christmas tree එක කියන්නේ හැමෝටම මතක් වෙන දෙය...
23/12/2024

London වල Christmas ගැන කතා කරනකොට Trafalgar Square වල හැම අවුරුද්දෙම තියන Christmas tree එක කියන්නේ හැමෝටම මතක් වෙන දෙයක්.

1947 ඉඳලම Norway government එකෙන් UK වලට හැම අවුරුද්දෙම නත්තල් ගහක් gift කරන්නේ දෙවැනි ලෝක යුද්ධය කාලයේදී UK වලින් Norway වලට දීපු support එක වෙනුවෙන්.

හැම year එකේම Norway මැද තිබෙන වනාන්තරයක සිට සුන්දර, ශක්තිමත් "Norwegian Spruce" tree එකක් තෝරලා එක කපන්න උත්සවයකුත් තියලා තමයි මේ tree එක London වලට අරගෙන එන්නේ .


Bullet Journal සහ Action PlanDecember මාසේ කියන්නේ හැමෝම ජිවිතේ ගැන ආයේ අවුරුද්දක්ම හැරිලා බලන මාසයක්.ඉතින් මට හිතුනා 20...
21/12/2024

Bullet Journal සහ Action Plan

December මාසේ කියන්නේ හැමෝම ජිවිතේ ගැන ආයේ අවුරුද්දක්ම හැරිලා බලන මාසයක්.ඉතින් මට හිතුනා 2025 ඔයාලගේ හීන වලට යන්න ඒ හීන ඉක්මනට achive කරගන්න පුළුවන් ලස්සන ක්‍රමයක් ඔයාලත් එක්ක share කරගන්න . Bullet Jounal ගැන ගොඩක් අය දැනටමත් අහලා ඇති.ඒ උනාට මේක journal එකකට වඩා එහා ගිය process එකක් කියන්න පුළුවන්.

2025 ජනවාරි 1වෙනිදට කලින් නිදහස් වෙලාවක නිදහස් තැනක වාඩි වෙලා ඔයා වෙනුවෙන් පුංචි time එකක් අරගන්න.ඔයාට මේ අවුරුද්දේ තිබුණු targets මොනවද , ඒ දේවල් වලින් ඔයා achive කරගත්තු දේවල් මොනවද , ඒවගේම ඔයාට miss උන දේවල් මොනවද කියලා හැමදේම මතක් කරලා note කරගන්න .

next step එක විදියට 2025 අවුරුද්දේ ඔයාගේ හීන , ඔයාගේ targets මොනවද කියලා note කරගන්න . ඒ දේවල් පුංචිම දෙයක් වගේම step by step ඔයා achive කරගන්න try කරන දෙයක් වෙන්න පුළුවන් .

ඊළගට ඔයාගේ goals ඔක්කොම මේවගේ catergories වලට බෙදාගන්න .

Personal Development Goals
Career Goals
Life Goals
Beauty Goals
Travel Goals
Business Goals මීට අමතරව ඔයාට කැමති විදියකට මේක catergorize කරගන්න පුළුවන් .

ඊළඟට මේ ටික ලස්සනට අලුත් පොතක ලියාගන්න . ඒක ඔයාට බලන්න ආස හිතෙන විදියට. next step එක විදියට අපි මේ දේවල් achive කරන්න action items ටික හදාගන්න ඕන.උදාහරණයක් විදියට අපි හිතමු next year එකේ ඔයාට beauty goal එකක් තියනවා body weight eka control කරන එක .ඉතින් මේ goal එකේ action items විදියට අපිට note කරගන්න පුළුවන් diet plan එකකට යන එක , ඒවගේම exercise කරන්න පටන් ගන්න එක.

තව කෙනෙක්ට goal එකක් වෙන්න පුළුවන් අලුත් job එකක් හොයාගන්න එක.

Career Goal - Find a new job

Action items -

Create or update my CV
Improve my skills
Apply for jobs (10 jobs - Daily targets )
Interview Preparation

ඊළගට ඔයා මේ action items ටික goals ලියපු පොතේ plan එකක් widiyata add කරගන්න පුළුවන්.මතක ඇතුව මේ හැමදේටම deadline එකක් දාගන්න . මේ වැඩේට Trello , Jira වගේ personal board එකක් හදාගන්නත් පුළුවන් .Excel ශීට් ekak use කරන්නත් puluwan .

ඉතින් 2025 වෙනුවෙන් දැන්ම වැඩ පටන් ගන්න. 2025 December මාසේ ඔයාගේ journal එක හරි ඔයාගේ plan sheet එක හරි ආයෙමත් හැරිලා බලනකොට ඒ achivements ගැන ඔයාට සතුටු වෙන්න පුළුවන් විදියට වැඩ කරන්න .


homemade Chicken Biriyani 🥰🍗🍚!Basmati rice , soft chicken pieces, සහ special masala වල perfect blend එකයි මේ plate එකේ ත...
15/12/2024

homemade Chicken Biriyani 🥰🍗🍚!

Basmati rice , soft chicken pieces, සහ special masala වල perfect blend එකයි මේ plate එකේ තියෙන්නෙ. රයිතා එකක් side එකට දාලා enjoy කරන perfect combo එකක් කියලා හිතනවා! 😋

Hi friends In today’s vlog , we are taking you on a serene journey to the stunning Mayfield Lavender Farm in London . 😍 ...
01/09/2024

Hi friends

In today’s vlog , we are taking you on a serene journey to the stunning Mayfield Lavender Farm in London . 😍



"Join Us at London’s Most Beautiful Lavender Farm!"Welcome to our channel! In today’s vlog, we’re taking you on a serene journey to the stunning Mayfield Lav...

Hi friends! Welcome to our very first vlog on our channel! We’re super excited to share this with you. Today, we’re taki...
01/09/2024

Hi friends!

Welcome to our very first vlog on our channel!

We’re super excited to share this with you. Today, we’re taking you on a magical adventure to Winter Wonderland in London. If you love festive lights, fun rides, and holiday cheer, then you’re in for a treat. Let’s dive into the winter magic!


Hi friends! Welcome to our very first vlog on our channel! We’re super excited to share this with you. Today, we’re taking you on a magical adventure to Wint...

01/09/2024

🌍 Welcome to Moments With Didu ! 🎥

We’re excited to have you here! Join us as we explore new places, share daily life moments, and bring you a dose of inspiration. Hit follow and let’s start this journey together! ✈️✨

Address

London

Website

Alerts

Be the first to know and let us send you an email when Moments With Didu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Moments With Didu:

Videos

Share