RED - රතු

RED - රතු Report Extremely Dangerous

රට වටේම මුහුදතියන් ලුණු රටෙන් ගේන රටකි සිරි ලංකාව..හා හා මුකුත් කියන්න එපා තාම පත්වෙලා මාස තුනයි.. මාස තුනෙන් ලුණු හදන්ඩ...
21/12/2024

රට වටේම මුහුදතියන් ලුණු රටෙන් ගේන රටකි
සිරි ලංකාව..
හා හා මුකුත් කියන්න එපා තාම පත්වෙලා මාස තුනයි.. මාස තුනෙන් ලුණු හදන්ඩ පුළුවන්ද?

අගමැති හරිනි මාගේ ගුරුවරියක් බව උපාධිය පෙන්නමින් සජිත් කියයි මෙතනින් බලන්න 👇👇👇
19/12/2024

අගමැති හරිනි මාගේ ගුරුවරියක් බව උපාධිය පෙන්නමින් සජිත් කියයි

මෙතනින් බලන්න
👇👇👇

අගමැති හරිනිගේ තනතුරු වලට මොකද වුනේ?පාර්ලිමේන්තු වෙබ් අඩවියේ, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ගේ නම ඉදිරියෙන් ආචාර්ය යනුවෙන්...
16/12/2024

අගමැති හරිනිගේ තනතුරු වලට මොකද වුනේ?

පාර්ලිමේන්තු වෙබ් අඩවියේ, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ගේ නම ඉදිරියෙන් ආචාර්ය යනුවෙන් සඳහන් කර තිබුණත්, ඇයගේ අධ්‍යාපන හෝ වෘත්තිය සුදුසුකම් සඳහන් කර නැහැ.

* එම සුදුසුකම් තහවුරු කර ගැනීමට නොහැකි නිසා ඒවා ඇතුළත් නොකළා ද?
*නැතහොත් කළින් ඇතුළත් කර තිබී පසුව ඉවත් කළාද?

එසේ නැතහොත්, පුද්ගලික විශ්ව විද්‍යාල වලට එරෙහිව සටන් පාථ කියමින් ආපු හරිනිට, තමන්ගේ පුද්ගලික විශ්ව විද්‍යාල උපාධිය කීමට ලැජ්ජාවක් ද?

එසේ නැතහොත් හරිනි ගේ ආචාර්ය පට්ටම, උපාධි විකුණන විදේශීය විශ්ව විද්‍යාලයකින් මුදලට ලබා ගත් ආචාර්ය තනතුරක් ද?

ඇයත් නොදන්නිය ඇය යන මාවත... උන් හිටි තැන් මතකයේ අඩමානය...පාර කියන්නේ කෙලෙසද මා හට... ඇයටද පාරක් ඇති නැති ගානය...
15/12/2024

ඇයත් නොදන්නිය ඇය යන මාවත...
උන් හිටි තැන් මතකයේ අඩමානය...
පාර කියන්නේ කෙලෙසද මා හට...
ඇයටද පාරක් ඇති නැති ගානය...

තනතුරු පුටු සහ මාලිමාවේ දිශානතිය

පවුල් වාදය, බල තණ්හාව, පාවාදීම් හමුවේ දුර්වල නායකත්වයක ලක්ෂණ පෙන්වූ නිසාම ගෝඨාභය රාජපක්ෂට එරෙහිව රට පුරා ජන අරගලයක් ඇතිවීමේ ප්‍රතිපලයක් ලෙස අරගලයේ පිහිටෙන් මලිමාවේ දිශානතිය සුබ අතට කැරකෙන්නට විය.

දෛවයේ රාජ යෝගයක් සිහිනයකින්වත් ලියවී නැති අනුර කුමාර මෙරට 09වන ජනාධිපති ලෙස පත්වන්නේ තම දෛවයේ රාජ යෝගය ලියා ඇති වත්මන් අගමැති හරිනිගේ පිහිටෙනි.
ඒ ඇවෑමෙන් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලයක් සමග 68ක ලක්ෂයක ජනවරමක් ලබා ගමින් ජයග්‍රණය කරන්නේ ජනතා විමුක්ති පෙරමුණ මෙන්ම ජාතික
ජනබලවෙගයද තුස්නිම්භුත කරමින් බව ඔවුන්ද දනී.

ගමේ දුප්පත් බණ්ඩයියා රුපියල් 40 දිනුමක් බලාපොරොත්තුවෙන් මිලදීගත් ලොතරැයියට කෝටි ගාණක සුපිරි ත්‍යාගය ලැබී කරන්නේ කුමක් දැයි කියා සිතා ගැනීමට නොහැකිව සප්‍රයිස්වී පිස්සු කෙලින්න පටන් ගන්නාක්මෙන් තමන්ට සිතන්නටවත් නොහැකිවූ ජනතා වරමක් ජනතාව ලබාදීම තුළින් සිදුවූයේ මාලිමාවද සප්‍රයිස් වීමයි. මාලිමාවට ඇදුනේද ලොතරැයියක සුපිරි ත්‍යාගයකි. මාලිමා රජයට අද අත්වී ඇත්තේද බන්ඩයියාට අත්වූ වූ ඉරණමය.
දිනූ මුදල බණ්ඩයියාට කළමනාකරණය කරගැනීමට නොහැකිවූ සේම අනුර අයියාටද රට පාලනය කර ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවී තිබේ. මාලිමා ලොක්කෝ තියා සොක්කොවත් කිසිසේත් මෙවැනි ජයග්‍රහණයක් බලාපොරොත්තු වූයේ නැත. එනිසාම ඔවුන් අද පත්ව ඇත්තේ පිහිනුම් තටාකයක් යැයි සිතා මුහුද මැදට ඇද දැම්මාක් මෙන් කොයි අතට පිහිනා ගොඩට යන්නේ දැයි සිතා ගැනීමට නොහැකිව අතරමංවී සිටියි.

අද වනවිට මාලිමාව එදා කෑමොර දෙමින් මාධ්‍ය සංදර්ශන මවමින් වේදිකාවේ කලකී කිසිවක් ඉටු කිරීමට නොහැකිව තම නොහැකියාව තමන්ට කතිරය ගැසූ ජනතාවට පෙන්නුම් කරමින් සිටී. ජනතාවද දිනෙන් දින ඒ සියල්ල තේරුම් ගනිමින් සිටි. ලොකුම ගැටළුව වන්නේ මාලිමා රජයේ නියෝජිතයන් ගැන නිසි අවබෝධයක් අනුර කුමාර ජනාධිපතිවරයාටවත් ජේ.වී.පී න්‍යයාචාර්ය ටිල්වින් සිල්වාත් නොදැන සිටීමයි.

මේ දින වල රඟ දක්වා අද අවසන්වූ කතානායක කෝලම ඇතුළු කෝලම් තුලින් එය මනාව පැහැදිලි වේ. එසේම තවමත් සෑම රජයේ අමාත්‍යංශයකම ඉහල තනතුරු දරන්නේ රනිල්ගේ, මහින්දගේ, මෛත්‍රීගෙ උන්වීම තුලින්ද පැහැදිලි වන්නේ ඒ තනතුරු සදහා පත් කිරීමට සුදුස්සන් තමන් සතුව නැති බවයි.
එය එසේ මොනවට පැහැදිලි කරමින් රජයේ වැදගත්ම මෙන්ම ප්‍රධානතම අමත්‍යන්ශ්‍යයක් වන ජනමාධ්‍ය අමාත්‍යංශයේ රජයේ ප්‍රවෘති අධ්‍යක්ෂ තනතුර හොඳම උදාහරණයක් ලෙස පෙන්වා දිය හැකිය. සාමාන්‍යයෙන් මෙවැනි තනතුරක් සදහා පත්වන්නේ ජනාධිපතිවරයාට හා පවතින රජයට විශ්වාසම හා හිතවත්ම පුද්ගලයෙකුවන අතර ඉතිහාසයේදීද එය එසේ සිදුවිය.
එහෙත් මාලිමා ආණ්ඩුවේ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් තනතුරට පත්කර ඇත්තේ යහපාලන ආණ්ඩුව සමයේ මෛත්‍රීපාල සිරිසේනට ආවැඩූ මෛත්‍රීපාලගේ දේශපාලන පැවැත්ම වෙනුවෙන් මෛත්‍රීපාලගේ පිළිසරණින් තමන්කඩුව ප්‍රාදේශීය ලේකම්වූ හර්ෂ බණ්ඩාර නැමැත්තාවේ .

හර්ෂ බණ්ඩාර නැමැත්තා අදවනවිට ජනමාධ්‍ය අමාත්‍යංශයේ හැසිරෙන්නේ අනුර කුමාරගේ මාලිමා රජයට ලැබුණු බලයෙන් කරන්නට බැරි දෙයක් නැති ගාණටය. මෙතෙක් ඉතිහාසයේ පත්වූ කිසිදු අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු නොහැසුරුනු ආකාරයට අද ඔහුගේ මැර බලය පෙන්වමින් සිටී. රටේ මාධ්‍යයද මේවා නොදැක සිටීම විමතියකට කරුණකි.

තට්ටු හතරක් උඩ පිහිටි තම කාර්යාලයේ සිට තම සේවකයින්ට ස්ත්‍රී පුරුෂ උස් පහත් භේදයකින් තොරව තිත්ත කුණු හරුපෙන් ආමන්ත්‍රණය කරමින් චණ්ඩි පාට් දමන හර්ෂ බණ්ඩාර නිරන්තරයෙන් සේවකයින්ට කිසිදු හේතුවක් නොමැතිව බැන වදිමින් මානසිකව දැඩි පීඩනයක් ඇති කරයි. අනුර ජනාධිපතිතුමා කට පුරා සාම්ප්‍රදායික ජේ.වී.පී ක්‍රමයෙන් මිදී සැමටම එකහා සමානව සලකමින් සාමකාමී පරිසරයක් ඇතිකරනවා කියද්දීත් තමාට අවස්ථාවක් ලැබුණහොත් ප්‍රතිවිරුද්ධ මත දරන්නන් කපනවා මරණවා කියමින් හර්ෂ බණ්ඩාර අධ්‍යක්ෂකවරයා විසින් පැරණි භීෂණකාරී ජෙ.වී.පීය ජනමාධ්‍ය අමාත්‍යංශය පුරා පතුරවයි.

එසේම මාලිමා රජයේ අමාත්‍යාංශවල මාධ්‍ය ලේකම්වරු පත්කර ඇති ආකාරයද විශ්මය ජනකය. මාධ්‍ය ලේකම්වරුන්ගේ පැටිකිරිය සොයා බැලීමේදී පෙනී යන්නේ පත්වූ මාධ්‍ය ලේකම්වරුන්ගෙන් බහුතරයක් පාරේ ගමන් කරමින් සිටින විට ඇදගෙන අල්ලා ගෙනැවිත් මාධ්‍ය ලේකම් පුටුවේ හිදුවා එම තනතුරට පත්කළ උදවිය විලසය.

සීයාගේ පිහිටෙන් මාලිමා රජයක් පිහිටුවා තනතුරු වලට පත්වූ අනුර කුමාර ජනාධිපතිවරයාට සහ සෙසු තනතුරු දරණ සියල්ලටම කියා දිය යුතු මෙන්ම අමතකකල නොහැකි සෑමවිටම මතක තබාගතයුතු පාඩමක් ඇත. ඒ ලක්ෂ 3ක ජනවරම ලක්ෂ 68 බවට පත් කළේ යූ.එන්.පී, ස.ජ.බ සහ පොහොට්ටු පාක්ෂිකයින් බව ඔවුන්ට අනිවාර්යයෙන් මතක තබා ගත යුතුය. අද වනවිට සැබැවින්ම සැබෑ ජේ.වී.පී පාක්ෂිකයින්ටත් ආණ්ඩුව එපා වෙමින් ඇත.

ගරු අනුර කුමාර ජනාධිපතිතුමනි සුදුසු පුද්ගලයින් නිසි තනතුරු වලට පත්කර ඔබ පැවසූ පරිදිම ඔබට ඡන්දය නොදුන් ජනතාවගේ විශ්වාසය දිනා ගනිමින් මුළු රටේම ජනතාවගේ ජනාධිපතිවරයා බවට පත් නොවුණහොත් දෙවෙනි අරගලය පැමිණෙන්නට පෙර රනිල් සීයා පැවසූ පරිදිම මාස 6න් මාලිමා ආණ්ඩුවට හකුලාගෙන සීයාටම ආණ්ඩුව භාරදී ගෙදර යාමට සිදුවනු ඇත.

එනිසා ඉතිහාසයේ කෙටිම කලකින් කථානායකවරයෙකු හකුලාගෙන ගෙදර ගියාමෙන් ඉතිහාසයේ කෙටිම කලකින් හකුලාගත් ආණ්ඩුව ලෙස ඉතිහාසය ලියනවද නැද්ද යන්න තීරණය ඇත්තේ ඔබ මෙන්ම මාලිමා රජය සතුවය.
-චානා-

09/12/2024

ගෝඨාගේ සහ අනුරගේ මීඩියා සංදර්ශන

රටින් හාල් ගෙනත් ප්‍රශ්නෙ විසදනව කියලා වසන්ත කිව්වට මෝල් වටලල ප්‍රශ්නෙ විසදනව කියලා නාමල් කිව්වට අනුර සහෝදරයා කිව්වේ වෙනම කතාවක්..

එහෙම බෑ කියලා කලින්ම දැන්න නිසා ඉදල
ඒකයි බොරුකාරයන්ට සංදර්ශන දාන්න දීල අන්තිමට එයා කියපු මීඩියා සංදර්ශනෙ එයාම දැම්මේ.

04/12/2024

මාලිමාවට ඡන්දෙ ඇයි මොකද උඹ දුන්නේ..?

*සියලුම ගෞරවය මුල් අයිතිකරුට..

කළුගල් නිධානය අස්සේ දෙදරන ආණ්ඩුවේ දෙදරීම වීඩියෝ Link එක පලවෙනි කොමෙන්ටුවේ👇👇👇
26/11/2024

කළුගල් නිධානය අස්සේ දෙදරන ආණ්ඩුවේ දෙදරීම
වීඩියෝ Link එක පලවෙනි කොමෙන්ටුවේ
👇👇👇

25/11/2024

කුසට සාගිණි හදට සෝගිණි
ඉනට වැරහැලි කැබලි එල්ලා...
සතුට සැනසුම අහිමි කරලූ
අදුර දිනු කාලය ගිහිල්ලා...

නොසිට මැරි මැරි සතුරු පායට
වකුටු වී අතපය හකුල්ලා..

#නැගිටපල්ලා.. #නැගිටපල්ලා..
නුබලාගේ වරේ ඇවිල්ලා..

අනුයි කනුයි  CID එකට වීඩියෝ Link එක පලවෙනි කොමෙන්ටුවේ
18/11/2024

අනුයි කනුයි CID එකට
වීඩියෝ Link එක පලවෙනි කොමෙන්ටුවේ

මේකත් හොඳ උප්පරවැට්ටියක්.. රවී කරුනානායක මුදල් ඇමති වෙලා ඉන්න කාලේ...ජාතික ලොතරැය මණ්ඩලයේ සභාපතිි කරපු ෂර්මිලා සිලින්ඩරේ...
18/11/2024

මේකත් හොඳ උප්පරවැට්ටියක්.. රවී කරුනානායක මුදල් ඇමති වෙලා ඉන්න කාලේ...ජාතික ලොතරැය මණ්ඩලයේ සභාපතිි කරපු ෂර්මිලා සිලින්ඩරේ ලේකම් විදිහට ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයට රවී කරුණානායක පත්කරලා.... නරකම නෑ...මහා බැංකුවෙන් හොරා කාපුවයි ලොතරැයි මණ්ඩලයෙන් හොරා කාපුවයි වහගන්න ලේසිනේ... ඔන්න ඉතින් අනුර ජනාධිපතිටයි ආණ්ඩුවටයි බාරයි... පාර්ලිමේන්තු වරප්‍රසාදවලින් රින්ගලා යන්න එහෙම දෙනවා නෙවෙයි...

14/11/2024

දෙනවනන් දෙන්න ලොවෙත් නැතිවෙන්න...
ආආආආආස හිතෙයි.. 😜

13/11/2024

රත්නපුරේ අපේ හද ගැස්ම

13/11/2024

රත්නපුරෙන් මැතිසබයට
සමගි ජන බලවේගයෙන්
අංකය නවයෙන්
රිද්මා ධර්මවර්ධන
☎️❎9️⃣❎

12/11/2024

ඇහැලියගොඩම රිද්ම ට

ඇහැලියගොඩ සොදුරු මිණිපුර මිනිස් හදවත්,
රිද්ම ව දිනවන අංකය නවයයි
අපේම කෙනෙක් - රිද්ම ට එකක්
☎️❎9️⃣❎

මන්ද මානසිකත්වය... 👇👇👇ක/ සී.ඩබ්.ඩබ්. කන්නංගර මධ්‍ය විද්‍යාලය මතුගම 12 ශ්‍රේණිය දෙවන වාර පරීක්ෂණය... සාමාන්‍ය පොදු පරීක්ෂ...
11/11/2024

මන්ද මානසිකත්වය...
👇👇👇

ක/ සී.ඩබ්.ඩබ්. කන්නංගර මධ්‍ය විද්‍යාලය මතුගම 12 ශ්‍රේණිය දෙවන වාර පරීක්ෂණය... සාමාන්‍ය පොදු පරීක්ෂණය👇👇
ඒකට JVP ය ගැන ප්‍රශ්න 5ක 🤣🤣🤣

10/11/2024

බලංගොඩම රිද්මට
බලංගොඩ සොදුරු මිණිපුර මිනිස් හදවත්,
රිද්ම ව දිනවන අංකය නවයයි

අපේම කෙනෙක් - රිද්මාට එකක්
☎️❎9️⃣❎

10/11/2024

රක්වානම රිද්මාට

රක්වාන සොදුරු මිණිපුර මිනිස් හදවත්,
රිද්මා ව දිනවන අංකය නවයයි

අපේම කෙනෙක් - රිද්මාට එකක්
☎️❎9️⃣❎

08/11/2024

රත්නපුර දිස්ත්‍රිකය
රිද්මා ධර්මවර්ධන
සමගි ජන බලවේගයේ
එකම කාන්තා නියෝජනය
☎️❎9️⃣❎

Address

London

Website

Alerts

Be the first to know and let us send you an email when RED - රතු posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share

  • 457Games

    457Games

    92 the larches, Palmers Green