Sri UK Magazine

Sri UK Magazine Know the unknown and keep an eye on the latest. It may include their practices and instructions about how to opt-out of certain options.

Third Party Privacy Policies
https://www.facebook.com/home.php?ref=wizard's Privacy Policy does not apply to other advertisers or websites. Thus, we are advising you to consult the respective Privacy Policies of these third-party ad servers for more detailed information. You can choose to disable cookies through your individual browser options. To know more detailed information about cookie manage

ment with specific web browsers, it can be found at the browsers' respective websites. Children's Information
Another part of our priority is adding protection for children while using the internet. We encourage parents and guardians to observe, participate in, and/or monitor and guide their online activity. https://www.facebook.com/home.php?ref=wizard does not knowingly collect any Personal Identifiable Information from children under the age of 13. If you think that your child provided this kind of information on our website, we strongly encourage you to contact us immediately and we will do our best efforts to promptly remove such information from our records. Online Privacy Policy Only
Our Privacy Policy applies only to our online activities and is valid for visitors to our website with regards to the information that they shared and/or collect in https://www.facebook.com/home.php?ref=wizard. This policy is not applicable to any information collected offline or via channels other than this website. Consent
By using our website, you hereby consent to our Privacy Policy and agree to its terms.

MOSHIKA BALLET contact-0773408810
28/06/2024

MOSHIKA BALLET contact-0773408810

නිරෝගී මිහිතලයක් සුවදායි හෙටක්පරිසරය නම් අපේ ජීවිතය -  නොවනසා රැක විපුල ඵල ලැබඔකද වී විද ගනිමු තව තව -  සොබා දහමේ චමත්කා...
28/06/2024

නිරෝගී මිහිතලයක් සුවදායි හෙටක්
පරිසරය නම් අපේ ජීවිතය -
නොවනසා රැක විපුල ඵල ලැබ
ඔකද වී විද ගනිමු තව තව -
සොබා දහමේ චමත්කාරය
වර්ණවත් පුෂ්පයෝ එකිනෙකා පරදවන තමන්ගේ සුගන්ධයන් දසත පුරා විසිරුවති. නුබ ගැබ අරක් ගත් සකුණ කැළ පෙර නොවී වීරූ සොදුරු ගීත රටාවන් අවකාශයට මුදාලති. එම නාද රටාවන්ට අනුරූපීව කුල මල භේද නොසලකා බිම් ගැබෙන් මතු ව ඇති කුඩාවුන් සිට මහා මේරු වෘක්ෂයෝ ද සුළගින් රුකුල් ගෙන තාලයට එම ගී වින්දනය කරති. මෙය පියකරුය. මනස්කාන්තය. ගිරි මුදුනෙහි අහස් තලයට වී විරාජමානව බැබලෙන්නා වූ හිරු තම නොනිමි රැස් මණ්ඩලයෙන්, දැනටත් ඕලූ, කුමුදු, මානෙල්, සියපත් දරා ඇති වර්ණ දහරාව තව තවත් ඔප් නංවති. රාස්සිගේ අව් රැල්ල තඹයකට මායිම් නොකරන කුඩා දරු කැළක් මි මැසි හඩින් ගුම් නගමින් පෙළ සෑදී ගමන් කරති. මේ සියල්ල ප්‍රාණියෝය . එක පවුල් සංස්ථාවක සාමාජිකයෝය. ඒ පවුල් සංස්ථාව අන් කිසිවක් නොව පරිසරයයි.
සරල සුගමාර්ථයෙන් හදුන්වන්නේ නම් පරිසරය යනු අප අවට වටපිටාවයි. අහස සිප ගන්නා උස් ගිරි මුදුන් මෙන් ම මිනිස් සවි ශක්තියෙන් ගොඩ නැංවූ ගොඩනැගිලි ද පරිසරයට එක සේ අයිතිය. මෙයින් හගවන්නට තැත් කරනුයේ ස්වභාව ධර්මය යනු ස්වභාවිකත්වය පමණක් උරුම කර ගත යුත්තක් නොවන බවයි. මනුෂ්‍ය වර්ගයාත් ස්වභාවික පරිසරයත් යන සුසංයෝගයම ලෝකයේ සමබරතාවයට අවැසි බවයි. මේ ද්විත්වයේම අවියෝජනීය ලබැදියාව සනාතන ලෝකයේ පැවැත්මට එක සේ අත්‍යවශ්‍යය. නමුදු විපත්තිදායක ම කාරණාව නම් සමපතිකය වන විට ලෝකයේ ජීවත් වන මනුෂ්‍ය ප්‍රාණියෝය .ස්වභාවධර්මය යන්න තඹ සතයකුදු මායිම් නොකරන බවට පත් ව තිබීමයි. එසේ නොවුනේ නම් ගෝලීය වශයෙන් පරිසර දිනය ලෙස නම් කළ දිනයක් කුමට දැයි ප්‍රශ්ණ නැගිය හැකිය.
ලෝක පරිසර දිනය වාර්ෂික වශයෙන් නම් කොට තිබෙන්නේ ජුනි 5 වෙනි දාය. මෙය දින දර්ශනයේ ඇති තවත් එක් සාමාන්‍ය දිනයක් නොවේ. එනම් ලොව පුරා ප්‍රජාවන්ට එක්සත්ව එක් සිත්ව හරිත පැහැයෙන් යුතු හෙටක් වෙනුවෙන් ක්‍රියාත්මක වීමට වෙන් කළ දිනයකි. මෙම දිනය පිහිටුවීමේ මුල් අඩිතාලම වැටෙන්නේ 1972 වසරරේ එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් ස්ටෝක්හෝම් හි මානව පරිසරය පිළිබද සම්මන්ත්‍රණයෙදි ජාත්‍යන්තර පාරිසරික ගැටලූ පිළිබද අවධානය දුන් සම්මන්ත්‍රණයකදීය. එතැන් සිට සෑම වසරකම නොකඩවා රටවල් සියයකට අධික මිලියන සංඛ්‍යාත ජනතාවක් ලෝක පරිසර දිනය සමරනු ලබයි. මේ වෙනුවෙන් වසරෙන් වසර වෙන් කරන ලද තේමාවක් ද හදුනා ගත හැකි වෙයි.
එ අනුව 2024 වසරේ ලෝක පරිසර දින තේමාව වන්නේ ”පරිසර පද්ධති සංස්කරණය” යන්නයි. මෙයින් බලධාරීන් සිය අරමුණ කොට ගෙන ඇත්තේ හානියට පත් පරිසර පද්ධති නැවත පණ ගැන්වීම සහ තව දුරටත් දුෂණයට ලක් වීමේ කටයුත්ත නවතාලීමයි. මේ සදහා ඔවුන් විවිධාකාර වූ ක්‍රියාකාරකම් පැවැත්වීමට අරමුණු කර ගෙන තිබේ. එනම් නැවත වන වගා ව්‍යාපෘති, වෙරළ පිරිසිදු කිරීම්, සහ තිරසාර කෘෂි කර්මාන්ත කටයුතු ආදිය නිදසුන් කිහිපයක් ලෙස දක්වාලිය හැකිය.
කෙසේ වුවත් මෙලෙසින් පරිසරය වෙනුවෙන් සංරක්ෂණ කටයුතු පවත්වන අතරවාරයේ වුවත් ඒ හා සමානව මෙන්ම ඊට සිය ගුණයක සීඝ්‍රතාවයකින් පරිසරය දුෂණය වන බැව් අප පිළි ගත යුතු කරුණකි. උක්ත යේ සදහන් කළ මෙන් වර්තමාන මනුෂ්‍ය ප්‍රාණින් ජීවත් වනුයේ පරිසරය ඔවුන්ගේ තනි වස්තුවක් කොටගෙනය. එනිසාවෙන් මානව ක්‍රියාකාරකම් නිසා ක්‍රමයෙන් ස්වභාවික පරිසරය අභාවයට යන පෙර මං පෙනෙන්නට තිබෙයි. දුර දිග නොබලා කරන වායු දුෂණය ජල දුෂණය ශබ්ධ දුෂණය ආදී මේ සෑම කටයුත්තක් නිසාවෙන්ම පරිහානියට පත් වන්නේ අප අවට වටපිටාවය. මේ අනුව දෛනික මිනිස් ක්‍රියාකාරකම් නිසාවෙන් පරිසරය දුෂණය වන බැව් ප්‍රක්ෂක්තය එයින් මෙයට අප කළ යුත්තේ කුමක්දැයි මෙන්ම පරිසර දිනය වෙනුවෙන් අපගේ කාර්යභාරය කුමක්දැයි විමසා බැලිය යුතු වෙයි.
පළමුවැන්න නම් මේ පිළිබද ව අපෙ ප්‍රජාව දැනුවත් කිරීමයි. ලෝක පරිසර දිනයත් එහි මුඛ්‍යාර්ථයත් පිළිබද ව අප ජනතාව දැනුවත් කිරීම තුළ පරිසරය සුරැකීම යන්න හුදු නාමාත්මක ක්‍රියාකාරකමක් බවට පත් වීම අභිබවා එය ප්‍රායොගික තලයට ගෙන ඒමට හැකියාව හිමි වෙයි. මන්ද ශ්‍රි ලාංකේය පසුබිමෙන් නම් අප සිටින්නේ න්‍යායන් පමණක් පාදක කොට ගත් අධ්‍යාපන රටාවක් තුළය. ශ්‍රි ලාංකේය දරුවෝ සබා ගැබ් ගිගුම් දෙන හඩින් පරිසරය සුරැකීමට කතා කරති. මුතු කැට අකුරින් පිටු පිරවෙන්න රචනා ලියති. ලිපි ලියති. නමුත් තමාගේ ටොෆි කොළයේ සිටම පාර ට අත හරිති. මෙවන් රටක තවත් පරිසර දින කුමකටදැයි සිතෙන තරමට මෙය ජුගුප්සා ජනකය. එතකින් අවසන් වන්නේ නැත. ඔවුන් අප රටෙහි අනාගත පරපුරය. ඔවුන් වැඩිහිටියන් බවට පත් වූ පසුව ඔවුන්ගේ දරුවෝ යන්නේ ද තම වැඩිහිටියන් ගිය අඩිපාරේය. ඉදින් මෙය චක්‍රයක් මෙන් නොනැවතී සිදු වනු විනා පරිසරය සුරැකීමක් පිළිබද සිතන්නටවත් අවකාශයක් ලැබෙන්නේ නැත. එබැවින් කළ යුතු මුඛ්‍ය කාර්යය වන්නේ පරිසරය පිළිබදවත් එය අපට කෙතරම් වැදගත් ද යන්නත් මූලික කොට ගත් අධ්‍යාපනයක් කුඩා දරුවාගේ සිට ම වැඩිහිටි ප්‍රජාව වෙත ලබා දිමයි. පරිසරය සුරැකීම පිළිබද ව ශ්‍රි ලාංකේය පසුබිමෙහි සිට නම් අපට කළ යුතු සුවිසල් ම කාර්යය වන්නේ එය මොවුන්ගේ ලේවලට ම එන්නත් කිරීමයි.
”අප පෘථිවියේ කොටසකි. පෘථිවිය අපේ කොටසකි. සුවදැති මල් අපගේ සොයුරියෝ වෙති. මුව පොව්වෝ රාජාලියෝ සහ අශ්වයෝත් අපේ සොහායුරෝ වෙති. ගිරි මුදුන්වල සිට තණ බිම් වනාන්තර අතරෙන් ගලා බසිනා දිය දහරා ද අශ්වයාගේ සහ මිනිස් සිරුරේ උණුසුම ද යන මේ හැම දේ එක පවුලක සාමාජිකයන්ය” රතු ඉන්දියානු නායක සියැටල් පරිසරය දැක්කේ මෙලෙසිනි. සැබෑ ලෙසම ලෝකයේ ජීවත් වන සියල්ලෝම පරිසරය තම ජීවිතයට බද්ධ කොට ගෙන ජීවත් වන්නේ නම් තව දුරටත් විශේෂ පරිසර දින කුමට ද යැයි සිතෙන තරමට පරිසරය සමස්ථ මානව ප්‍රජාවටම සුබ සෙත සලසන්නේය.

ලාංකීය කලා ක්ෂේත‍්‍රයේ නොනවතින ගමන්මගේ පෙර ගමන්කරුවන් වන්නේ කලාකරුවන් ය.එකී ගමන්මග තුළ රංගන ශිල්පියා යනු ඉන් ප්‍රමාණාත්ම...
27/06/2024

ලාංකීය කලා ක්ෂේත‍්‍රයේ නොනවතින ගමන්මගේ පෙර ගමන්කරුවන් වන්නේ කලාකරුවන් ය.එකී ගමන්මග තුළ රංගන ශිල්පියා යනු ඉන් ප්‍රමාණාත්මක ආකාරයෙන් මේ සඳහා දායකවන්නෙකි.ඉතින් එඅභිලාෂය කැටිකරගත් නවක පරපුරෙ දක්ෂ රංගන ශිල්පියෙක් අප සමඟ සම්බන්ධ වූවා.ඒ තමයි තාරුණ්‍යයේ සිත් සොරාගත් නැගීඑන ජනප්‍රිය සහ දක්ෂ රංගන ශිල්පී නිමේෂ් වීරංග.මේ දිනවල විසල් ආදරේ නම් වූ ප්‍රේමණීය සිනමා සිත්තම තුළින් අප හමුවට ප්‍රෙක්ශකයා හමුවට පැමිණෙන ඔහු ඉදිරියේදී කුරුල්ලෝ නම් වූ සිය නවතම ටෙලි සිත්තම හරහා ඔබ හමුවට පැමිණීමට නියමිතයි. ඉතින් ස්වාධීනව තමා පැමිණි මග ඔස්සේ ඉදිරියටත් කලා ලොවේ දිගු ගමනක් යාමට සිය සිහිනය බවට කරගත් ඔහු SriUk අප සමඟ රසවත් කතබහකට සම්බන්ධ වෙනවා.

රංගන ශිල්පියා යනු කවුද යන්න තම රංගන භූමිකාව තුළ ප්‍රෙක්ශකයන් වෙත සමීපකිරීමෙහිලා සහජ හැකියාවකට හිමිකම් කියන එ යෞවනයේ සිත්සොරා ගත් ආදරණීය රංගන ශිල්පී නිමේෂ් වීරංග Sri Uk වෙතට ආයුබෝවන් කියලා සාදරයෙන් පිළිගන්නවා. කොහොමද ඉතින් මේ දවස් වල ජීවිතේ ගෙවෙන්නේ ඔබේ?

මේ දවස් වල ”විසල් ආදරේ” චිත්‍රපටයත් එක්කම විසාල ආදරයක් ලැබෙනවා. අලූත් රසික හදවත් දවසින් දවස මා වටේ එකතු වෙනවා. සතුටුයි ඒ ගැන. රංගනය සහ ව්‍යාපාර කටයුතු එක්ක ටිකක් කාය–බහුලයි. නමුත් මේ හැමදේම සමබරව කරගෙන යනකොට ජීවිතේ හරි නිදහස්. එක මම විඳිනවා හැම මොහොතෙම.

නිමේෂයකින් ලාංකීය හදවත් තුළ ලැගුම් ගැනීම කියන්නෙ ම නවක පරපුරේ රංගන ශිල්පියෙකුට අපහසු කර්තව්‍යයක්.ඉතින් නිමේෂ් ඔබ එසේ වීමට තරම් ඔබ වාසනාවන්ත වූවෙක්.ඉතින් පිළිසඳරට පෙරාතුව ඔබේ පෞද්ගලික විස්තර ටිකක් මුලින්ම කියමු.

නිමේෂයකින් හදවත් දිනන තැනට එන්න මට අවුරුදු 10කට වඩා ගත වුණා. ගොඩක් අයට අද නිමේෂ් වීරංගව දකින්න ලැබෙනවා. එ්ත් අවුරුදු 10ක් තිස්සෙ, මම පොඩි චරිතෙ ඉඳලා සිනමා තරුවක් වෙනකන් ආපු ගමන ගොඩාක් දුෂ්කරයි. එකෙ ඇතුලෙ වාසනාව කියන දේ තිබුනේම නෑ. පවුලෙ ඉන්නෙ මම, අම්මා තාත්තා, සහෝදරිය සහා මගෙ බිරිඳ.

ඔබ ඇත්තෙන්ම සැබවින් දක්ෂයෙක් වගේම නිරූපණ ශිල්පියෙක් කීවොත් මා නිවැරදියි.ඔබට තරු පවුලකින් පැවත එන්නෙක් නොවෙයි.දැන හැඳුනුම්කම් මත මේ ක්ෂේත්‍රයට පිවිසූවෙක් ද නොවේ.ඉතින් ඔබේ මේ ස්වාධීන ව. ප්‍රවිශ්ඨ වූ රංගන ගමනේ ආරම්භයේ සිට මේ දක්වා පැමිණි මං පියවර පිළිබඳ ව අප හමුවේ තැබුවොත්?

ඔව්. මම කලාවට එන්නෙ තියන දුරම පාරෙන්. මම ඉතා දීර්ඝ සැලැස්මක් හැදුවා. රැකියාව කරන ගමන් මම 2013 රොසෑන් ඩයස් මහත්මිය යටතේ නිරූපණය හැදෑරුවා. ඒ හරහා මට පුලූවන් වුණා දැන්වීම්වල, ගීතවල පෙනී සිටින්න. මම විශ්වාස කරන විදිහට, දෙයක් පටන් ගන්න කලින් අපි එක ඉගෙන ගන්න ඕන. ඕනම ක්ෂේත‍්‍රයක් එහෙමයි. ඉතින් මම ඊලඟට 2014දි මහේන්ද්‍ර පෙරෙරා මහත්මයා යටතේ රංගනය හැදෑරුවා. රඟපෑම ඉගෙන ගත්තා කියලා කවුරුත් අපිට tray එකක තියලා චරිත ගෙනත් දෙන්නෙ නෑ. ඉතින් මට තිබුන එකම පාර තමා ඔඩිශන් යන එක. මම ඔඩිශන් සිය ගණනකට ගියා. පෝලිම්වල වරු ගනන් හිටියා.

ඔහොම ඔඩිශන් ගිහින් තමයි ”කූඹියෝ” ටෙලියට තේරෙන්නෙ. මාව රවීන්ද්‍ර කියන චරිතෙට තෝරා ගත්තායි කියන කෝල් එක එනකොට, අවාසනාවකට මම Accident වෙලා සැත්කමකුත් කරලා හිටියේ. එත් මම එ මොකුත් නොකියා චරිතෙ භාර ගත්තා. . මම එදා ඇත්ත කිව්වා නම්, අද මම මෙතන නැති වෙන්න පුලූවන්. මම බැන්ඬේජ් ගලවගෙන තමයි ශූටින් ගියෙ. ”කූඹියෝ” ජීවිතේ ලොකු හැරවුම් ලක්ෂයක් වුණා.

නිරූපනයෙන් මියුසික් වීඩියෝවලට, එතනින් වෙළඳ දැන්වීම්වලට, ඉන් පස්සෙ ටෙලි නාට්‍යවලට එතනින් සිනමාවට ආපු ගමනක් මේක. තව බොහෝ දුර යන්න තියනවා. ඉතින් කලබලයකුත් නෑ. මේ මොහොතේ ජීවත් වෙනවා.

මේ දිනවල බොක්ස් ඔෆිස් වාර්තා බිඳහෙලමින් ප්‍රදර්ශනය වන විසල් ආදරේ නම් වූ ආදරණීය සිනමා කෘතියට ඔබ සම්බන්ධ වෙන්නේ කොහොමද සහ එ තුළ ඔබේ ශවීන් නම් චරිතයෙහි භූමිකාව පිළිබඳවත් යමක් පවසන අතරේ ඔබ වාසවගේ පිට පිට ම සිනමා කෘතීන් දෙකක රංගනයෙන් දායකවුණා. ඒ ගැන යමක් කියුවොත්?

”විසල් ආදරේ” චිත‍්‍රපටයේ මම කරන්නෙ දිවිත්ව චරිතයක්. ඉතින් ශවීන්/කවීන් කියන දිවිත්ව චරිතය නිසාමයි මම මේ පිටපතට කැමති වෙන්නෙ. දිල්ශි තත්සරණී තමයි තිර රචනය කලේ. ඇය දක්ෂ ලේඛිකාවක්. ”විසල් ආදරේ” මගේ රංගනයට ලැබෙන හැම ප්‍රතිචාරයක්ම වාසවට තමයි ලැබෙන්න ඕන. මොකද, ”ආදරණීය ප්‍රාර්ථනා"සාලිය ඇතුලේ මම 100%ක් හිටියා.. නමුත් ”විසල් ආදරේ” චිත්‍රපට යේ ශවීන්/කවීන් පිටුපස ඉන්නෙ අධ්‍යක්ෂකවරයාම පමණයි. ඇත්තටම මම එ විධාන අනුගමනය කළා විතරයි කිව්වොත් නිවැරදියි.

වාසව මට මුලින්ම හමුවෙන්නෙ, භාතිය සන්තුශ්ගෙ ”සෙබල පුතු” සින්දුව හරහා. ඊට පස්සෙ ”ආදරණීය ප්‍රාර්ථනා " චිත්‍රපටයේ සාලිය කියන සහය චරිතයට මාව තෝරාගත්තා. එකට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණා. එ ප්‍රතිචාර නිසාම තමයි වාසව මට ”විසල් ආදරේ” චිත්‍රපටයේ ප්‍රදාන චරිතයකට ආරාධනා කරන්නේ.

තාරුණ්‍යයේ සිත් වසඟයට පත් කරගැනීමට ඔබට හැකියාව ලැබුණා විසල් ආදරේ ශවීන් කියන චරිතය තුළින්. ඔබ එ චරිතයට කළ සාධාරණය නිසාවෙන් ම ඔබ වටා ප්‍රෙක්ශක පිරිසක් ඔබ වටා සිටිනවා.ඉතින් ඔවුන්ගෙන් ලැබෙන ප්‍රතිචාර කොහොමද සහ ඒ ආදරය ගැන ඔබට මොකද හිතෙන්නේ?

ඇත්තටම ගොඩාක් සතුටුයි. මේ ආදරේට මම ගොඩාක් ආදරෙයි. මට අව්‍යාජ රසික පිරිසක් ඉන්නවා. එයාලා මට ආදරය කරන්නෙ මම තරුවක් වුණු නිසා නෙවෙයි. එයාලා මට ආදරේ කරන්නෙ මම ආපු ගමන නිසා. මම කැමතියි ”නිමේෂ් වීරංග කියන්නෙ නළුවෙක්. මම එයාව දන්නවා”ය කියනවාට වඩා. ”නිමේෂ් වීරංග කියන්නෙ අපේ කෙනෙක්. අද එයා නළුවෙක්!” කියලා කියනන එකට. එකට මම මාර ආදරෙයි!

නිමේෂ් ඔබ මෙතෙක් රංගනයෙන් දායකවුණු සියලූ නිර්මාණ පිළිබඳවත් මතකය අවදි කළොත්?

ටෙලි : කූඹියෝ, රාවණා, Bro, වසන්තය තව දුර ඇති, Bio
චිත්‍රපට : ඝරසරප, ගාඩි, ආදරණීය ප්‍රර්ථනා, විසල් ආදරේ.

නව්‍ය පරපුරේ තරුණ රංගන ශිල්පීන් බහුතරයක් වීරයාගේ චරිත වලට සීමාවෙමින් සහෘද හදවත් දිනාගැනීමට ප්‍රයත්නයක යෙදෙනවා.එසේ තිබියදී ඇයි ඔබ දුෂ්ටයාගේ චරිතයක් පන පොවන්න ආරාධනා ලැබෙනතුරු කැසකවන්නේ?

දුෂ්ටයා කියන්නෙ බොහොම අභියෝගාත්මක චරිතයක්. මම ආසයි එවැනි චරිතවල ඇතුලාන්තයටම යන්න. සමහර විට දුෂ්ටයාගේ චරිතය ඇතුලේ ජීවිතේට ගන්න දේවල් තියනවා. ඛෙදවාචකයක් වෙච්ච අතීතයක් තියෙන්න පුලූවන්. මම ආසයි ප්‍රෙක්ශකයාව දුෂ්ටයා, වීරයා අතර දෝලනය වෙනවාට. සංවේදී කරවන්න. දුෂ්ටයා ප්‍රඹ
නම් විතරයි වීරයා සමඟ තියන සටන ත්‍රීවවෙන්නෙ. දවසක මම දුෂ්ටයාගේ චරිතය කලාමත් අඩුවක් නැතිව මේ ආදරය ප්‍රෙක්ශකයාගෙන් ලැබුනොත් මම සාර්ථක නලූවෙක් කියලා මම හිතනවා.

රංගන භූමිකාව තුළ ඔබ මෙතරම් ගමනක් පැමිණීමට ඔබට සවියක් තිබෙන්න ඇති.නැතිනම් නිමේෂ් වීරංග නම් නවක පරපුරේ දක්ෂ රංගන ශිල්පියකු මෙතෙක් බිහිනොවෙන්න තිබුණා.ඉතින් ඔබගේ මේ ගමනට සවියක් වුණු පිරිසට ස්තූතිවන්ත වීමට මෙය අවස්ථාවක් කරගමු.

ඉවසීම, අධිෂ්ඨානය, කැපවීම තමයි මගේ ජීවිතේ ලොකුම ගුරුවරු. එ දේවල් ප්‍රගුණ නොකරා නම් මමත් අද මගින් හැරිලා ගිහින් ඇති. අම්මා තාත්තාට වුනත් මුලදි මේ ගමන ගැන පැහැදීමක් තිබුනේ නෑ. මොකද අපි සාමාන්‍ය පවුලක් නිසා. රැකියවෙ ඉහලටම ගිහින් හැමදේම අතෑරලා කලාවට මම එන්නෙ 2016දි. එක ජීවිතේ ගත්තු ලොකුම රිස්ක් එකක්. මොකද මම කලාවට එද්දි කිසිම ඇඳුනුම්කමක් තිබ්බෙ නෑ. එහෙම කියලා කවදාවත් තරු පවුල් වලින් එනවා කියලා කිසිම කෙනෙක්ට ඉරිසියා කලේ නෑ, මොකද එයාලා දක්ෂ නිසයි රැඳෙන්නෙ. අනික මම තරු පවුලකින් නාවත්, මගේ දරුවෙක් දවසක එන්නෙ තරු පවුලකින් තමයි, මොකද මම අද තරුවක් වෙලා ඉවරයිනෙ. ඉතින් එ වගේම ලමයෙක් ගැන අහිතක් හිතන්න මට බැහැ.

ඉතින් මම මේ යන ගමන ගැන විශ්වාසය තියලා හැමදාමත් මගේ හයියට හිටියේ මගේ අම්මා, තාත්තා, අක්කා සහා මගේ බිරීඳ. එයාලා තමා මගේ ශක්තිය, මගේ ආදරය, මගේ ආශිර්වාදය හැමදාමත්. එ වගේම හැමදාමත් මගෙත් එක්ක ඉන්න මගේ ආදරණීය යාලූවො. එ වගේම මාව විශ්වාස කරලා මාව නිර්මාණ වලට ගත්තු හැම අධ්‍යක්ෂකවරයෙක්ම. මාත් එක්ක වැඩ කරන හැම රංගන ශිල්පියෙක්ට ම,ශිල්පිනියක්ට ම මම ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම මාව හැබැහින් නොදැක්කත් මට ආදරේ කරන මන් වටා ඉන්න රසික පිරිසට ස්තූතියි, ආදරෙයි.

ඔබගේ රංගන පෞරුෂයට ආදරය කරන රසික රසිකාවියන් වෙනුවෙන් නුදුරේදී ලැබීමට නියමිත කුරුල්ලෝ නම් ටෙලිවෘතාන්තය ඇතුළු නිර්මාණ සහ ඔබේ බලාපොරොත්තු පිළිබඳ වත් අපට කියමු.

කුරුල්ලො ටෙලි නාට්‍යයේ මම කරන්නෙ ”ගුණේ” කියන චරිතය. අද හෙටම ප්‍රෙක්ශකයාට බලාගන්න පුලූවන්.කියන්න කලින් වැඩිය වුණත්, ප්‍රෙක්ශකයා දැඩිව ආදරය කරන නිර්මාණයක් වෙනවා ”කුරුල්ලො”. සුන්දර ගමක, පොළොවේ පය ගහලා ඉන්න අහින්සක, අව්‍යාජ මිනිසුන්ගෙ කතාවක් තමයි කුරුල්ලෝ.

අද අපේ SriUk කලා හදවත් සංස්පර්ශ කරන රසබර හෝරාව ගෙවුණේ ඒ දක්ෂ නවක රංගන ශිල්පී නිමේෂ් වීරංග සමඟ.ඉතින් නිමේෂ් අවසාන වශයෙන් SriUk අප සමඟ මෙලෙස අත්දැකීම් බෙදාහදා ගැනීමට ලැබීම පිළිබඳව ඔබට මොකද හිතෙන්නේ කියලා කියමු.

බොහොම පිළිවෙළට කරන සඟරාවක්. සිනමාව ගැන කලාව ගැන වටින දේවල් ගැන කතා කරන සඟරාවක්. ස්තූතියි මාව සම්බන්ධ කර ගත්තාට. විශ්වාස කරනවා මගේ කතාවෙ වැදගත් දෙයක් පාඨකයාට ගන්න ඇතියි කියලා. සමහරවිට ගොඩක් දේවල් කියවෙන්න නැතුව ඇති. ටිකක් කාය–බහුලව ඉන්න අතරේ තමයි ඔයාලා එක්ක මේ කතාබහ කලේ. සුභ පතනවා සඟරාවට. කලාව කියන මාතෘකාව හරහා ලෝ වටා ඉන්න ශ්‍රී ලාංකිකයන්ව එක්කාසු කරනවාට. තොරතුරු බෙදා ගන්නවාට.

ලාංකීය කලා ක්ෂේත්‍රයේ
සොඳුරු චරිතයන් සොයායන ගමනේ අපට අද මුණගැසුණේ එ නූතන පරපුරේ දක්ෂ රංගන ශිල්පී නිමේෂ් වීරංග.ඉතින් ඔහු සමඟ සිය කලා ගමනේ රසවත් සංධිස්ථානයන් පිළිබඳව සිය අත්දැකීම් අප සමඟ බෙදාගත්තා.ඉතින් අපේ ආරාධනාව පිළිගෙන කාය–බහුලත්වය හමුවේ වුවද SriUk අප සමඟ සම්බන්ධ වූවාට බොහොමත්ම ස්තූතිවන්ත වෙනවා.ඔබගේ සියලූ වැඩකටයුතු සාර්ථක වේවායි SriUk අපි හදවතින්ම සුභපතනවා.

දරුවන්ගේ දෑස් පාදන මොෂිකා  ගුරු මව්තුමියMoshika Ballet Institute නම් වෘක්ෂය වැඩෙන්නට අතු විහිදන්නට කාරනා රාශියක් තිබෙනවා...
26/06/2024

දරුවන්ගේ දෑස් පාදන මොෂිකා ගුරු මව්තුමිය
Moshika Ballet Institute නම් වෘක්ෂය වැඩෙන්නට අතු විහිදන්නට කාරනා රාශියක් තිබෙනවා තිරය ඉදිරියේ සහ පසුපස සිට විශාල පිරිසකගේ මහන්සියක ප්‍රතිඵලයක් ලෙස Moshika Ballet Institute අද අනෙකුත් නර්තන පාසල් අතරින් මේ ස්ථානයට එමට බලපා තිබෙන ඒ කාරනා ඔබට කියන්න අපි අද සූදනම්.
වසරකට වැඩි කාලයක් තුල සිසුවියන් 300කට පමණ ශිල්ප ලබාදෙමින් මාර්ගගත ක්‍රමය ඔස්සේ බැලේ නර්ථනය හැදෑරීම සඳහා කැමති දරුවන්ට මොෂිකා ගුරු මව්තුමිය විසින් නිවැරදි මග නොඅඩුව දරුවන් ට පෙන්වීමට. ක්‍රියා කිරීමට දරන වෑයම අගය කලයුතු කරුණකි. රට තුල කොතරම් කලා ආයතන, නර්තන ආයතන ඇතත් නිසි මග පෙන්වීමක් කිරීමට එම සෑම ආයතනයට හැකි කාර්යයක් නොවෙයි. දරුවන්ව පොත පතටම සිර කරන්නේ නැතුව ඔවුනගේ සැ`ගවුනු දස්කම්ද ඉස්මතුකර ගැනීමද වැඩිහිටියන් ගේ ද විශේෂයන්ම ගුරු මව්වරු පියවරුනගේ කාර්යයකි ඒ කාර්යය තමා සතු එක් කාර්යයකින් එහා ගිය විශාල වගකීමක් ලෙස මොෂිකා ගුරුමව්තුමිය විසින් නොමදව ඉටුකරමින් තිබේ සහ අපට ඒ කාරණාව ගැන දැඩි විශ්වාසයක් ඇය කෙරේ තැබීමට හැකි වීමද වැදගත් කරුණකි. මන්ද ඇය විසින් නර්තන කලාව නිවැරදිව පිලිගත් නර්තන කලාවේ ප්‍රවීණ ගුරුවරුන්ගෙන් සහ ශිල්පීය ආයතනයන්ගෙන් හදාරා ඇත. ඒ ශිල්පීය හැකියාවන් නොඅඩුව නොමදව ක්‍රමාණුකූළව දරුවන්ට ලබාදෙන නිසාවෙන් එය අප ඇස් ඉදිරිපිට ඔප්පු කිරීමට ඇය සමත් වී ඇත එයද
Moshika Ballet Institute විසින් දරුවන්ගේ හැකියාවන් ඉස්මතු කර ඇති බවට කාරනා ගනනාවකින් අපට දැකගත හැක. දරුවන්ගේ දක්ෂතා ඔපනන්වන වැඩසටහන්, ඔවුන්ට ඔවුන්ගේ හැකියාවන් ඉදිරපත් කිරීමට ඔවුන්ගේ විෂ්වාසය වැඩිකරගැනීමට හැකි පරිදී පවත්වන ප්‍රසංග සහ දරුවන්වගේ දක්ෂතාවයන් ගොඩනගමින් ඔවුන්ව ජාත්‍යන්තර මට්ටමේ තර`ග විජයග්‍රහණය ලබා ගැනීමට පවා ඔවුන්ව ඉතාමත්ම නිවරදිව සහ ඉතාමත් දක්ශ ආකාරයෙන් මේ විජයග්‍රහණ ලබා ගැනීමට ශිල්ප ලබා දී ඇති බව අපිට හොඳින්ම වැටහෙන කරුණක්.
තවද Moshika Ballet Institute සමග එක්වී දැනුම ලබා ගැනීමට කැමති බලාපොරොත්තුවෙන් සිටින දරුවන්ට ඔවුන් රටේ කොතැනක කුමන ස්ථානයක ජීවත් වුවද ඔවුන්ගේ හැකියාවන් ඔපනැන්වීමට මොෂිකා ගුරුමව්තුමිය විසින් ලබා දෙන ශිල්පීය ඥානය online මාර්ගයන් ඔස්සේ ඔවුන්ට ලබා ගැනීමට හැකියාව ඇත. මේ වෙනවිටත් සිසුන් විශාල ප්‍රමාණයක් ඔවුන් සමඟ online තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වී ඔවුන්ගේ ශිල්පීය හැකියාවන් වර්ධනය කරගනිමින් තිබේ. Moshika Ballet Institute මගින් දරුවන්ට ශිල්ප දැනුම ලබාගැනීමට ලේසි. ක්‍රම ලාබා දී ඇත්තේ දරුවන්ගේ දැනුම වර්ධනය ඔවුන්ගේ මූලික අරමුණ නිසාවෙනි. Moshika Ballet Institute වෙත පැමිණෙන දරුවන්ට පාසල කෙරෙහි දැඩි විෂ්වාසයක් ඒ තුලින් තැබිය හැකිය.
මේ සියලූ කටයුතු නිසි ආකාරයෙන් සැලසුමකින් දරුවන් මූලික කොටගෙන ඉදිරියට යෑමට තිරය පිටුපසින් සිට ලැබෙන සියලූම ප්‍රසංශා
ගැරහුම් නිහඩව වි`දදරා ගනිමින් තවත් කණඩායමක්ද සිටිනවා මේ ඒ සොදුරු පිරිස ගැන හැදින්විමක්

අපට මොෂිකා ගුරුමව් තුමිය විසින් මෙලෙස ලබා දුන්නා.
අප පාසලේ සියලූම සම්බන්ධීකරණ කටයුතු නිසි ආකාරයෙන් පැහැදිලිව Malshani Jayaneththi විසින් කරන ලබන අතර ආයතනයක ඉදිරිය තීරණය කරන සියලූම මූල්‍ය කටයුතු Sumudu Sampath Jayathungeවිසින් සිදුකරනු ලබනවා. අපගේ LOGO ව ඉතාමත් අලංකාරව නිර්මාණය කිරීම සහ අපගේ Moshika Ballet පේජය නිසිආකාරව සියලූම යාවත්කිරීම් සම`ගින් හැසිරවීම Sanjaya Bentotage විසින් සිදුකරනු ලබන අතර අපගේ පාසලේ ඇඳුම් නිර්මාණය සඳහා දක්ෂ ඇඳුම් නිර්මාණ ශිල්පිනියන් දෙදෙනෙක් සිටී අප දරුවන්ගේ ඇදුම් අලංකාර කරදෙමින් දරුවන්ගේ දක්ෂතා තවත් අලංකාර කරන්නේ මේ සොදුරු ශිල්පිනියන් දෙදෙනා විසින් ඒ දක්ෂ ශිල්පිනියන් දෙදෙනා නමින් Nilmine Dayarathna, shirani palihawadana වේ. අප පාසලේ විශේෂ අවස්ථා ඉතාමත් අලංකාර ආකාරයෙන් ජයාරූපයට ලක් කර ඔබට අපට සොදුරු මතක සටහන් ලබා දෙන්නට කටයුතු කරන Nishan Thushara, Pro – Eye iy Sajeewa Withanageහට ද ස්තූතිවන්ත වන අතර Cultural Officer Of Russian House In 2001 Mrs Chandi Aluvihare, Chief Executive Officer Of Russian House In Colombo Mr Buddhapriya Ramanayake මේ සියලූ දෙනාම අපගේ පාසලේ ඉදිරය සහ මෙතෙක් ආ ගමනෙහි දැවැන්ත කොටස් කරුවන් වනවා ඔවුන්ගේ කොන්දේසි විරහිත උපකාරයනට කැපකිරීම් හට ස්තුතිය පුදකරන අතර මේ සියලූ දෙනාගේම සහයෝගය නිසා පාසලේ ඉතාමත් දක්ෂ දරු දැරියන්ට ඉතාමත් දීප්තිමත් අනාගත පසුබිමක් නිර්මාණය කිරීමට හා ඉතාමත් වැඩදායික ප්‍රථිපල රාශියක් ලබා ගැනීමට මේ සෑම දෙනාගේ සහයෝගය නිසා අපිට හැකියාව ලැබුණා. එමෙන්ම මේ හැමදාම වගේ අලූත් දේවල් ඔයාලට ඉදිරිපත් කිරීමට අපි ගැන ලෝකය පුරා සිටින ශ්‍රි ලාංකිකයන්ට දැක බලා ගැනීමට ඉඩ අවකාශය ලබා දෙන SriUK Magazine හී කාර්ය මණ්ඩලයේ හැම දෙනාම අපි ආදරයෙන්ම මතක් කරනවා.
තමන්ගේ ගමනට සහයෝගය දෙන සියලූම දෙනා මතක් කරමින් ඔවුන්ගේ සැබෑ අගය ලොවට කියන්න තරම් මොෂිකා ගුරුතුමිය නිහතමානී හා අව්‍යාජ පුද්ගලයෙක් බවට අපට වැටහෙන් කරුණකි. අප දරුවන් ගේ අනගතේ ඇගේ සුරතේ තිබියදී සුරක්ෂිත බව අපට කිසිම දෙගිඩියාවක් තබා ගැනීමට අවශ්‍ය වන්නෙ නෑ.ලබන සතියෙන් Moshika Ballet Instituteනවතම තොරතුරු සමගින් හමුවෙමු.

මිශෙල් දිල්හාරා❤️.                                                ලාංකේය ටෙලි රසිකයන්ගේ ආදරය දිනූ පුංචි තිරයේ අති දක්ෂ උ...
25/06/2024

මිශෙල් දිල්හාරා❤️. ලාංකේය ටෙලි රසිකයන්ගේ ආදරය දිනූ පුංචි තිරයේ අති දක්ෂ උදාර වූ මිලා
මේ දිනවල අතිශය ජනප්‍රිය ලලයි ලිලයි ලයි ටෙලි නාට්‍යයයේ මිලා ව නොහදුනන ටෙලි නාට්‍යය රසවතෙක් නොමැති තරම්. ඉතින් SriUk අපත් සමග මෙවර කතා බහකට එකතු වූයේ ඇය. නමින් මිශෙල් දිල්හාරා. සුන්දර රූ සපුවකට නිබද ව උරුමකම් කියන ඇය රංගන ශිල්පිනියක් වගේම කතුවරියක්, සමාජ ක්‍රියාකාරිනීයක් ගායිකාවක් වගේම පදක්කම්ලාභී සටන් ශිල්පිනියක් ද වෙනවා. දිවි ගමනේ මෙවන් චරිත රැසකට පණ පොවන ඇය ටෙලි තිරයට සම්බන්ධ වන්නේ සල් සපුනා ටෙලි නාට්‍යයයෙන්. මේ එකී නොකී සියලූ දේ ගැන අපත් සමග ඇය මේ අයුරින් කතා බහට එක් වුණා.
ශ්‍රි ලාංකේය කලා ක්ෂේත්‍රයේ සිටින නිහතමානී සිනහවකට උරුමකම් කියන සුන්දර තාරකාවිය මිශෙල් දිල්හාරා මොනවද මේ දිනවල ඔබේ වැඩ කටයුතු?
මේ දවස්වල ස්වර්ණවාහිනී නාලිකාවේ ලලයි ලිලයි ලයි ටෙලි නාට්‍යය. ඒකේ රූගත කිරීම් කරගෙන යනවා මේ ටිකේ. ඒ වගේම අයි ටී එන් නාලිකාවේ ආයාචනා ටෙලි නාට්‍යයත් රූ ගත කිරීම් කර ගෙන යනවා. ඒ ඇරුණම මගේ පළවෙනි දමිළ සිනමාපටයේ රූ ගත කිරීම් පටන් ගන්නවා. ඒ වැඩ ටිකත් එක්ක මගේ අනික් ප්‍රොජෙක්ට්ස්වල වැඩ සහ මගේ දෙවනි පොත ලියන ගමන් ඉන්නේ. ඒ ටික තමයි මේ දිනවල කරගෙන යන්නේ.

පාසල් නාට්‍ය කණ්ඩායමේ ඇසුර ලබලා කොහොමද ඔබ ටෙලි නාට්‍ය ක්ෂේත‍්‍රයට සම්බන්ධ වෙන්නේ?
Newstead බාලිකා විද්‍යාලයේ තමයි මම උසස් පෙළ හැදෑරුවේ. ඒ කාලයේදී මට නාට්‍ය හා රංග කලාව විෂය හදාරන්න ලැබුණා. ස්කෝලේ යන කාලෙදි නාට්‍යයවලට සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබුණා. 2014 උසස් පෙලෙන් පස්සෙ මුලින්ම අනෝජා වීරසිංහ මහත්මිය ගාව තමයි රංගනය හැදෑරුවේ. ඊට පස්සේ දමයන්ති ෆොන්සේකා මැඩම් ගාව ඉන්දියාවේ උජ්වාල් සිංහා මහත්මයා ගාව රන්දික විමලසූරිය සර් සහ මහේන්ද්‍ර පෙරේරා සර් ගාව නාට්‍ය හා රංග කලාව ඉගෙන ගත්තා. මේ පිරිස සමග අවුරුදු 2 ක් මම රංගනය හැදෑරුවා. 2016 අවුරුද්දෙ දි තමයි මම මගේ පළවෙනි ටෙලි නාට්‍යය වන නාලන් මෙන්ඩිස් මහත්මයාගේ සල් සපුනා ටෙලි නාට්‍යයන් මේ ක්ෂේත්‍රයට ආවේ.

මේ සුන්දර රංගන ශිල්පිනිය පිටුපස සිටින සම්මානලාභී සටන් ශිල්පිනිය ගැනත් කතා කරමු
දැනට අවුරුදු 18 ක් විතර වෙනවා මම කරාතේ ක්‍රිඩාව කරන්න පටන් අරන්. මගේ තාත්තා තමයි ආත්මාරක්ෂාව වෙනුවෙන් මාව කරාතේ වෙත යොමු කළේ. රොහාන් පී උදයකුමාර මහත්මයා තමයි මගේ සෙන්සේ.ශිතෝකායි කියන ස්ටයිල් එක තමයි මම කරන්න පටන් ගත්තේ. 2006 ඉදලා අද වෙනකල් එක දිගට කරන්න උත්සාහ කරගෙන යනවා. දැනට මම බ්ලැක් බෙල්ට් සෙකන්ඞ් එකේ ඉන්නේ. කරාතේ කියන විෂය මට ගොඩක් උදව් වෙලා තියෙනවා විනය සහ ආත්මාරක්ෂාවට. ඒක මම දිගටම කරගෙන යන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

මේ දිනවල අතිශය ජනාදරය ට පාත‍්‍ර වෙලා තිබෙනවා ලලයි ලිලයි ලයි ටෙලි නාට්‍ය. ඔබත් එයට රංගනයෙන් දායක වෙනවා. කොහොමද ලැබෙන ප්‍රෙක්ශක ප්‍රතිචාර ?
ලලයි ලිලයි ලයි ටෙලි නාට්‍යය සුපුන් රත්නායක මහත්මයාගේ අධ්‍යක්ෂනයක්. රසික සුරවීර ආරච්චි මහත්මයාගේ තිර රචනයක්. මේ
නාට්‍යයේ මම නිරූපණය කරන්නේ මිලා රාජරත්නම් ගේ චරිතය. මිලා කියන්නේ මේ වත්ත අයිතිකාරයාගේ දුව. මම ගොඩක් ස්තූතිවන්ත වෙනවා සුපුන් රත්නායක මහත්මයාට මට මේ චරිතය ලබා දුන්නට. මෙතෙක් මම කරපු චරිතවලට වඩා ටිකක් වෙනස් චරිතයක්. ලලයි ලිලයි ලයි ටෙලි නාට්‍යයට ගොඩක් හොද ප්‍රතිචාර ලැබෙනවා. විශේෂයෙන්ම සමාජ මාධ්‍යය ඔස්සේ ලොකු කතා බහක් ඇති වුණ නාට්‍යයක් සහ මේ දවස්වල ට්‍රෙන්ඩ්න් 01,02 ,03 යටතේ ට්‍රෙන්ඩින් ආව නාට්‍යයක්. ගොඩක් සතුටුයි. අපි රූගත කරන ලොකේෂන්වලට පවා ගොඩක් දෙනා ඇවිත් කතා කරනවා. මේ නාට්‍යය ඇත්තටම බ්ලැක් කොමඩි කැටගරි එකට අයිති වෙන නාට්‍යයක්. සමාජ යථාර්ථය ගැන කතා කරනවා. මේ නාට්‍යයට රංගනයෙන් දායක වන සියලූම දෙනා නිරූපණය කරන්නේ සමාජයේ සිටින චරිත. රන්දික ගුණතිලක, සේමිණී ඉද්දමල්ගොඩ මහත්මිය, ධර්මප්‍රිය ඩයස් අයියා, නිරෝෂන්
විජේසිංහ ෆර්නි අක්කා වෝල්ගා කල්පනී ඇතුලූ මේ පිරිස එක්ක වැඩ කරන නාට්‍යයක්. අපි
හැමෝම හරි සතුටින් එක පවුලක් වගේ මේ නාට්‍යය ඇතුලේ වැඩ කරනවා. විශේෂයෙන් මතක් කරන්න ඕන මේ නාට්‍යයේ Crew එක. ඒකත් ගොඩක් මහන්සි වෙනවා නාට්‍යය
ලස්සනට රූගත කරන්න. මම හිතනවා මේ හැමෝගෙම ටීම්වර්ක් එක නිසා තමයි මේ නාට්‍යයට ලස්සන product එකක් විදිහට එළියට එන්න පුලූවන් වෙලා තියෙන්නේ කියලා. ගොඩක් ස්තූතියි නාට්‍යයය නරඹන සැමට.
ඒ හැරුනම ඔබ මේ වන විට රංගනයෙන් දායක වූ සෑම නිර්මාණයකදීම ප්‍රෙක්ෂක ආදරයත් ආකර්ෂණයත් නොඅඩුව ලබා ගන්නවා. ඒ ලැබෙන ආදරය ගැන ඔබට මොකද හිතෙන්නේ?
ඇත්තටම ගොඩක් සතුටුයි. රංගන ශිල්පියෙක් හෝ ශිල්පිනියක් නිර්මාණයකට සම්බන්ධ වුණාට පස්සේ ඒ නිර්මාණය පෙන්නකොට බලන ප්‍රෙක්ශක පිරිසක් හිටියේ නැතිනම් ඒ නිර්මාණය එළියට එන්නේ නැහැ. එහෙම නිර්මාණයක් තියෙනවද දන්නෙත් නැහැ. මම ගොඩක් වෙලාවට උත්සාහ කරන්නේ සමාජයට හොද පණිවිඩයක් දෙන චරිතයක් කරන්න. ඒ නිර්මාණවලට ආදරය කරන ප්‍රෙක්ශක පිරිසට ගොඩක් ස්තූතිවන්ත වෙනවා අපි මේ කරන නිර්මාණයට ගොඩක් ආදරය කරනවාට. ඒ අයට ලොකු ගෞරවයක් තියෙනවා අපිත් එක්ක හැමදාම ඉන්නවාට

ආදරය ප්‍රේමය කියන්නේම උත්තරීතර මානුෂීය හැගීමක්. තරුණ වියේ සිටින සුන්දර මිශෙල් දිල්හාරා ට මොකද ඒ ගැන හිතෙන්නේ සහ ඒ ගැන ඔබේ අත්දැකීමත් බෙදා ගමු?
ආදරය කියන්නේ ලේ ඇට මස් නහර තියෙන ඕනම කෙනෙක්ට දැනෙන දෙයක්. ආදරය නැතිව අපට ජීවත් වෙන්න බැහැ. අපි හැම කෙනෙක්ට ම විවිධ අයගෙන් ආදරය ලැබෙනවා. දෙමාපියන්ගෙන් සහෝදර සහෝදරියන්ගෙන් යාලූවන්ගෙන් ප්‍රෙක්ශකයන්ගේ හැම කෙනෙක්ගෙන්ම ආදරය ලැබෙනවා. ඒකත් එක්ක තමයි අපිට ජීවිතේ ඉස්සරහට ගෙනියන්න පුලූවන්. ඉතින් මම මගේ ජීවිතේත් මේ හැම කෙනෙක්ගෙන්ම ලැබෙන ආදරයත් එක්ක ඒක වැළදගෙන ඉස්සරහට යන්න උත්සාහ කරනවා.

ප්‍රදානවම රංගන ශිල්පිනියක් ඇරුණම ඔබ සමාජ ක්‍රියාකාරිණීයකුත් වෙනවා.ඒ සම්බන්ධයෙන් ඔබේ වගකීම ගැන කතා කළොත්?
රංගන ක්ෂේත්‍රයට අමතරව මම ප්‍රදානවම පරිසරවේදිනියක් විදිහට වැඩ කරගෙන යනවා.Earth Day Network සංවිධානයේ ශ්‍රි ලංකා තානාපති විදිහට වැඩ කරගෙන යනවා. මට ලැබිල තියෙන වගකීම තමයි පරිසර සාක්ෂරතාවය තරුණ පිරිස අතර ප්‍රචලිත කරන එක. අද වෙනකොට මට පරිසරය සම්බන්ධ ව්‍යාපෘති 300 කට අධික ප්‍රමාණයක් කරන් පුලූවන් වෙලා තියෙනවා රජයේ විශ්ව විද්‍යාල 12ක් එක්ක. ඒ වගේම පෞද්ගලික විශ්ව විද්‍යාල හා පාසල් මට්ටමෙන්. ඒ වැඩ ටික තමයි මේ සම්බන්ධව කරන්න උත්සාහ කරන්නේ. රංගන ජීවිතයත් එක්ක මේ දේවල් සමබර ව කරගෙන යන්න උත්සාහ කරනවා.

අවසාන වශයෙන් ඔබට ආදරය කරන ඔබ ආදරය කරන ප්‍රෙක්ෂකයන් වෙනුවෙන් යමක් කියමු
මම ක්ෂේත්‍රයට ආපු මුල් කාලයේ ඉදන් අද වෙනකල් මාත් එක්ක හිටපු සියලූම දෙනාට ගොඩක් ස්තූතියි සහ ආදරෙයි. ඒ හැමෝටම මම ගොඩක් ගරු කරනවා. ගොඩක් ස්තූතියි හැම නිර්මාණයකටම ආදරය කළාට.

හැඩ ඇති ගතේ සුන්දර හිමිකාරිය දේවිය සුප්පාහැඩ ඇතිනම් ගත හොදම ඇදුමයි නිරුවත. මේ වාක්‍ය ඛන්ඩය මේ දිනවල බහුතරයකගේ මුවග තිබෙන...
24/06/2024

හැඩ ඇති ගතේ සුන්දර හිමිකාරිය දේවිය සුප්පා
හැඩ ඇතිනම් ගත හොදම ඇදුමයි නිරුවත. මේ වාක්‍ය ඛන්ඩය මේ දිනවල බහුතරයකගේ මුවග තිබෙනවා. ඒ සොමරත්න දිසානායකයන්ගේ නවතම සිනමා පටයේ තිබෙන්නක් බව මේ වන විය සැවොම දන්නා කාරණාවක්. ඉතින් ඒ වගේම ඔහු විසින් සිනමාවට හදුන්වාදුන් සුන්දර යුවතියක් ගැනද මේ දිනවල කතාබහට ලක්වෙනවා. නමින් අභිලාෂි නම් වු ඇයගේ රංගනයේ දස්කම් මේ වන විටත් ලංකාවාසී සියල්ලක්ම නරඹා තිබෙන බවට සැකයක් නැහැ. වර්තමානයේ වැඩිම ජනතා ප්‍රසාදයක් හිමි රංගන ශිල්පිණිය කවුරුන්ද කියා ඇසුවොත් විවාදයකින් තොරව කිව හැකියි ඒ අභිලාශි යනුවෙන්. ඉතින් අද අපගේ කතාබහ ඇය සමගයි.
ඉතින් අභිලාශි කොහොමද මේ දවස්වල ජීවිතය ගෙවෙන්නේ?
ගොඩක් හොදින් මේ දවස් කිහිපය ගෙවීගෙන යනවා. ඇත්තටම මම හිතන්නේ අප්‍රියෙල් 18 ඉදන් අද දක්වා මගේ කාලය හරීම සුබයි කිව්වොත් මම නිවැරදියි. සිංහබාහු සිනමා නැකතකින් චිත‍්‍රපටය ආරම්භ කළා. ඉතින් මගෙත් හැරවුම් ලක්ෂ්‍ය සිංහබාහු. මොකද මම සිනමාවට එන්නේ සිංහබාහු තුළින්. ඉතින් ප්‍රෙක්ශක ආදරය නොඅඩුව ලැබෙනවා. ඒ වගේම කිහිපවරක්ම වාර්තා තබමින් වැසි නොතකා ප්‍රෙක්ශකයන් නරඹනවා මෙය. ඉතින් මගේ ජීවිතෙත් සිංහබාහු හින්දා මේ දවස්වල හරිම සතුටින් සන්තෝසයෙන් ලස්සනට ගෙවෙනවා.

රසික ආකර්ශනය ලබා ගැනීමට හැමෝටම බැහැ. ඒ වගේම පළමු නිර්මාණයෙන්ම රසිකයන් අතරට යාමත් බොහොමයකගේ සිහිනයක්. මේ වන විටත් ඔබ ඒ හපන්කම පෙන්වා අවසන්. ඒ ගැන කතා කරමු.
ඔව් ඇත්තටම රසික ආකර්ෂණය ගැන කිව්වොත් කෙනෙක්ට ලේසියෙන් පළවෙනි නිර්මාණයකින් ලැබෙනවා ගොඩක් අඩුයි. මම මේ කියන්නේ මට ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පී ශිල්පිණියන් ප්‍රෙක්ශකයන් කියන කතාවක්. මම වාසනාවන්ත වුණා මගේ පළවෙනි සිනමාපටයෙන්ම ගොඩක් ලොකු රසික ප්‍රජාවකගෙ ආකර්ෂණය ලබා ගන්න. ඒ වගේම ලොකුම සතුට තමයි මේ ෆීල්ඞ් එකේ ඉන්න අයගෙනුත් ගොඩක් හොද ප්‍රතිචාර ලැබෙන එක. හැමෝම චිත්‍රපටය වැළදගත්තා හා සමානව ම සුප්පා කුමරියව, අභිලාශිවත් වැළද ගෙන තියෙනවා. ඒ ගැන ගොඩක් සතුටුයි. ඉදිරියටත් ඒ විශ්වාසය රැක ගෙන පරිස්සමෙන් ගමන යන්න බලාපොරොත්තු වෙනවා.

මේ වෙලාව වෙන් වන්නේ ඔබගේ පළමු නිර්මාණය වන සිංහබාහු ගැන කතා කරන්නටත්, ඒ වෙනුවෙන් ඔබට ලැබෙන රසික ප්‍රතිචාර ගැන කතා කරන්නටත්?
සිංහබාහු සිනමාපටයේ පිටපත මගේ අතට එනකොටත් මට ඒක ලොකු පුදුමයක් සහ සතුටක් වුණා. මම ඇත්තටම පාසල් කාලයේ නාට්‍ය හා රංග කලාව හදාරපු ළමයෙක්. එතකොට මම සිංහබාහු කතාව ගැන දැනගෙන හිටියා සහ මටත් ගොඩක්
ප්‍රශ්ණ තිබුණා අපේ දැන් ළමයින්ට වගේම. මට ලොකු කුතුහලයක් සහ ආසාවක් ඇති වුණා මේක සිනමාපටයක් හරහා රග දක්වන්න. අනික සුන්දර සුප්පා කුමරිය කියන්නේ අභියෝගාත්මක ලස්සන චරිතයක්. මම ඒ අභියෝගය බාර ගත්තා. සෝමරත්න දිසානායක මහත්මයා සහ රේණුකා බාලසූරිය මහත්මිය මං ගැන තබපු විශ්වාසය ට පෙරළා මමත් විශ්වාසය තබලා මගේ උපරිම දක්ෂතාවය පෙන්නුවා. එතකොට මම අවුරුදු 17 ක පුංචි කෙල්ලෙක්. මම හිතන්නේ චිත්‍රපටය රිලීස් වෙන්නත් කලින් ඉදන් ම තමයි ප්‍රෙක්ශකයන් මාව වැළදගත්තේ. ඒ ආදරය දැන් තවත් වැඩි වෙනවා. දින 50 ක් වෙනවා ජූනි නව වෙනිදාට. ඇත්තටම මේ දින 50 තුළ අතිශය ප්‍රෙක්ෂක ප්‍රතිචාර එක්ක සිනමාපටය වාර්තා බිද දමමින් තිර ගත වෙනවා. මටත් ලැබෙන ප්‍රතිචාර එමටයි. ඇත්තටම මම සාධාරණයක් ඉශ්ට කළා කියලා මට මෙහිදී මට සුබ පතනවා. මගේ වැරදි අඩුපාඩු පවා පෙන්වලා දුන්න ප්‍රෙක්ෂකයෝ හිටියා. මම ඒ හැමෝටම ගරු කරනවා. නිහතමානීව සතුටු වෙනවා හැම ප්‍රතිචාරයන් ගැනම.

අභිලාශි සිංහබාහු චිත්‍රපටයට සම්බන්ධ වීම සිදු වන්නේ කෙසේද?
මගේ පාසල කෝට්ටේ ආනන්ද බාලිකා විද්‍යාලය. ඉතා කුඩා කාලයේ ඉදන් මම වේදිකා නාට්‍යය හැදෑරුවා. හොදම නිළිය වගේ ලැබුණම ගොඩක් සතුටුයි. ආයෙ ආයේ වේදිකා නාට්‍යයවලට එකතු වෙන්න ලොකු ආසාවක් හිතේ ඇති වුණා. මම මුලින් කළේ නර්තනය. ඒත් මම 10 වසරේදි රංගනය හදාරන්න තෝර ගන්නවා. ඒත් එක්කම එක දිගටම රංගනය හදාරනවා සහ වේදිකා නාට්‍යයවලට සම්බන්ධ වෙනවා. ගොඩක්ම ශේක්ස්පියර් නාට්‍යයන්. මේ හරහා Act 4 theatre for change ආයතනය අපේ පාසලට එනවා පුහුණු කරවන්න. එතනින් මට හම්බෙනවා නලින්ද ප්‍රේමරත්න සර් සහ බුද්ධි රන්දෙණිය මහත්මිය. ඇය තමයි මගේ ගුරුවරිය වුණේ. ඇය මගේ දක්ෂතා දැකලා මාව එයාලගේ වැඩවලට සම්බන්ධ කර ගත්තා. බුද්ධි රණ්දෙණිය මහත්මියගේ ගෝලයෙක් හැටියට තමයි සෝමරත්න දිසානායක මහත්මයා මාව දැන ගන්නේ. ඒ හරහා මට අවස්ථාවක් හම්බෙනවා ඔඩිශන් එකට සම්බන්ධ වෙලා සුප්පා කුමරියගේ චරිතයට රංගනයෙන් දායක වෙන්න.

ඔබගේ පළමු නිර්මාණය තුළින් ඔබ ට හැකි වෙනවා මේ ක්ෂේත‍්‍රයේ දැවැන්ත චරිත සමගින් සම්මුඛ වන්නට. ඒ වගේම ඔවුන්ගෙන් ගුරුහරුකම් ලබන්නට. ඒ අත්දැකීම මොන වගේද?
ඔව් දැවැන්තම චරිත කිව්වොත් හරි. මුලූ crew හරිම professional දැවැන්ත එකක් තමයි මට මුල්ම සිනමාපටයෙන් හම්බුණේ. සෝමරත්න දිසානායක සර් රේණුකා බාලසූරිය මහත්මිය ගාමිණී වික්‍රමසිංහ මහත්මයා හමුවීම මගේ භාග්‍යයක්. නිහතමානී ව සතුටු වෙනවා ඒ ගැන. ඒ වගේම මතක් කරන්න ඕන ජැක්සන් ඇන්තනී මහත්මයාත් අපිට දුන්න ගුරුහරුකම්වල
ප්‍රමුඛයෙක් කිව්වොත් මම නිවැරදියි.

මට ඇත්තටම පුංචි කාලයක් හම්බුනා ජැක්සන් ඇන්තනී මහත්මයා සමීපයේ කටයුතු කරන්න. මොකද ඔහුත් මේ සිනමාපටයේ කාව්‍යයේ බස්වහර ඉදන්ම පෙර පුහුණු වීම් කරා මාසෙකට වැඩි කාලයක් රූගත කිරීම්වලට පෙර. එතකොටත් ජැක්සන් ඇන්තනී මහත්මයා අපිට ගුරුහරුකම් දුන්නා. ඒ වගේ චරිතයක් එක්කත් පළවෙනි සිනමාපටයේ පොඩි කාලයක් ඉගෙන ගන්න හැකියාව ලැබුණා. ඒ වගේම ඔහුගේ වැඩිමල් පුතු අකිල ධනුද්ධර තමයි මගේ ප්‍රථම ප්‍රෙමවන්තයා වුණේ මගේ පළමු සිනමාපටයේ. ඔහුගෙන් ලැබුණ සහය අමතක කරන්න බැහැ. සුප්පා කුමරියගේ චරිතය ට සාධාරණයක් ඉෂ්ට කරන්න ඔහුගෙන් ලැබුණ සපෝර්ට් එක මට ගොඩක් වටිනවා. ඒ වගේම සජිත අයියා, දුශේනි අක්කා, සිනෙති අක්කා, රත්නා ලාලනී ජයකොඩි යශෝධා විමලධර්ම සහ තව බොහෝ පිරිස ආදරෙන් මතක් කරන්න ඕන. ඉතින් මගේ පිහිනීමේ සහ රංගනයේ දක්ෂතාවය වගේම මගේ හැඩ රුව යශෝ අක්කාට සමීප හින්දා තමයි මේ සිනමාපටයට මාව වැඩි පුරම තෝර ගන්නේ. මම හිතනවා ඒකත් මට ලොකු භාග්‍යයක්. මේ වගේ දැවැන්ත රංගන ශිල්පීන් අධ්‍යක්ෂකවරුන් සහ නිෂ්පාදකවරුන් එක්ක වැඩ කරන්න ලැබුණ එක මට පෙර පිනක් කියලා හිතනවා මම.

ඔබ වර්තමානය වන විට ජනතාව අතර ජනප්‍රියතාවයට පත් වී තිබෙනවා. ඉතින් එය දිගටම පවත්වා ගැනීමට කළ යුතු වන්නේ කුමක්ද?
මම විශ්වාස කරනවා මගේ රංගන හැකියාව නිසා, සිනමාපටයේ ප්‍රෙක්ෂකයන් දැකපු සුප්පා කුමරියගේ චරිතය නිසා, මගේ බාහිර පෙනුම නිසා වගේම මම සිංහබාහු සිනමාපටය හරහා ආපු නිසා, දැවැන්ත රංගන ශිල්පී ශිල්පිණියන් රැසක් එක්ක ආපු නිසා වගේ මේ හැමදේම එකතු කරලා තමයි මට මේ ජනප්‍රියත්වය ලැබුනේ කියල මම හිතනවා. ඒක ට මම ඇත්තටම නිහතමානීව සතුටු වෙනවා. මේ ලැබෙන ප්‍රෙක්ශක ආදරය ප්‍රතිචාර සීයට අනූ නවයයි නවයක් ගත්තම මට ලැබෙන්නේ හොදම ප්‍රතිචාර . ඒ ආදරයට මම ගොඩක් ආදරෙයි. ඒක ඒ විදිහට ම පවත්වා ගෙන යන්න මම කටයුතු කරනවා. මම හිතනවා තවත් හොදට පරිස්සමෙන් ප්‍රෙක්ශකයන්ට මට ලං වෙන්න හැකි ආකාරයට වැඩ තොරා බේරා ගෙන ගියොත් මම හිතනවා මට මගේ ගමන යන්න
හැකියාව ලැබෙයි කියලා. බාධක එයි අනිවාරෙන්. ඒවටත් ලස්සනට මුහුණ දීලා, මගේ පවුලේ ශක්තිය එක්ක මට ගුරුහරුකම් දෙන සෝමරත්න සර් රෙණු ආන්ටි මොවුන්ගේ ගුරුහරුකම් මැද පරිස්සමෙන් මේ ගමන යන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම මගේ ජනප්‍රියත්වය දිගටම පවත්වාගෙන යන්න නම් අවශ්‍ය වෙනවා මගේ නිහතමානීත්වය සහ කැපවීම. මම හිතනවා මේවා තියෙනවා නම් අපි ට කරන්න බැරි දෙයක් නැහැ. ඉතින් මම මගේ ජනප්‍රියත්වය ප්‍රෙක්ෂක ආදරය දිගටම පවත්වා ගෙන යන්න ඒ විදිහට කැප වෙලා කටයුතු කරනවා. හොදම නිළිය දක්වා ගමන් කරන්න තමයි මගේ බලාපොරොත්තුව.

අභිලාශි ඔබගේ ඉදිරි වැඩ කටයුතු වගේම ඔබ දායකත්වය සපයන්නට නියමිත නිර්මාණයන් ගැන දැන ගන්නටත් ඔබගේ ආදරණීය රසිකයන් බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඉතින් ඒ ගැන කතා කරමු.
ඉදිරියේදී හොද සිනමා නිර්මාණ තුළින් මාව දැක බලා ගන්න පුලූවන්. මම ඒක දැන්ම කියන්න යන්නේ නැහැ. මම කැමතියි මගේ ප්‍රෙක්ෂකයන්ව පුදුමයට පත් කරන්න. ඉතින් හොද නිර්මාණ තුළින් ඔබට මාව බලා ගන්න පුලූවන්. මම කියනවා මාත් එක්ක දිගටම
රැදිලා ඉන්න කියලා. අනිවාර්යයෙන් ඔයාලගේ අදහස් සහ ප්‍රතිචාර මට ලබා දෙන්න. මම හිතනවා හැම කටයුත්තකදී ම ප්‍රෙක්ශක ආදරය තමයි මම මාව දකින තැන කියලා.

අවසාන වශයෙන් ඔබගේ ආදරණීය රසිකයන්ට මොනවද කියන්නට තිබෙන්නේ?
ඔබ හින්දා තමයි මම අද මේ ඉන්න තැන ඉන්නේ. හරිම පොඩි කාලයක් ඇතුළත මාව මේ තරම් ලොකු තැනකට ඔසවා තිබ්බේ මගේ ආදරණීය ප්‍රෙක්ෂකයන්. මම කියනවා මේ ආදරයට මම ගොඩක් ආදරෙයි. ඔබේ මේ ආදරේ මේ විදිහට ම මගේ ළග තියා ගන්න මම ඇත්තටම කටයුතු කරනවා. ප්‍රෙක්ශකයන් තමයි මාව දිරිමත් කරන්නේ. ඉතින් මගේ ප්‍රෙක්ශකයන් හැම දෙනාටම ආදරෙයි. ඉදිරියේ දී හොද වැඩ
කටයුතුවලින් ඔයාලට මාව හමු වෙන්න පුලූවන්. රැදිලා ඉන්න කියලා ආරාධනා කරනවා මාත් එක්ක හැමදාටම.

පුංචි තිරය-වේදිකාව-රීදී තිරයේ එක ලෙස රංගනයෙන් පෙන්වන දක්ෂ චරිතාංග රංගන ශිල්පිනිය ඕනෑම චරිතයක් ඒ චරිතයට තුළට පිවීසි ඒ වෙන...
23/06/2024

පුංචි තිරය-වේදිකාව-රීදී තිරයේ එක ලෙස රංගනයෙන් පෙන්වන දක්ෂ චරිතාංග රංගන ශිල්පිනිය
ඕනෑම චරිතයක් ඒ චරිතයට තුළට පිවීසි ඒ වෙනුවෙන්ම කැප වී කරන්නට හැකියාවක් ඇති වර්තමානයේ සිටින රංගන ශිල්පීන් අතලොස්ස අතරෙන් ඉදිරියෙන් ම සිටින රංගන ශිල්පීණීය කවුරුන්ද කියා ඇසුවොත් විවාදයකින් තොරවම ඒ කසුනි කාවින්දි යනුවෙන් හදුන්වන්නට පුළුවන්. පුංචි තිරය වේදිකාව පමණක් නොව රීදී තිරය තුලද තම හැකියාවන් පෙන්වන කසුනි කාවින්දි ප්‍රදාන චරිතය නිරූපනය කරන සිහින සමීකරන සිනමාපටය පසුගියදා තිරගතවීම ආරම්භ කළා. ඉතින් අපි ඒ ගැනත් කසුනිගේ අලූත්ම තොරතුරු ගැනත් දැන ගැනීමට ඇයට සම්මුඛ වුණා.
කසුනි ගේ ජීවිතය කොහොමද මේ දවස්වල ගෙවෙන්නේ?
මේ දවස්වල ටිකක් කාර්යබහුලයි රූගත කිරීම් කිහිපයක් එක්ක. ඊට අමතරව සිහින සමීකරණ සිනමාපටයේ ප්‍රචාරණ කටයුතු ත් එක්ක ටිකක් කාර්යබහුල වෙලා ඉන්නවා. ඒ වැඩ ටික කරගෙන පාඩුවේ ඉන්නවා.

කසුනි කාවින්දි කියන දක්ෂ චරිතාංග රංගන ශිල්පිනිය මීට පෙර රංගනයෙන් දායක වුණ සිනමා නිර්මාණ සහ පිළිබද ව සහ මේ දිනවල කතා බහට ලක් වෙන සිහින සමීකරණ සිනමාපටය ගැන කතා කළොත්?
මම රගපෑ සිනමාපට අතරෙන් මුලින්ම තිර ගත වුණේ උතුරු සුළග කියන චිත්‍රපටය. ඒ මීට අවුරුදු කිහිපයකට කලින්. ඊට පස්සේ මම සුලූ චරිත රගපෑ සිනමාපට කිහිපයක් තිරගත වුණා. මම ප්‍රදාන චරිත රගපෑ ගජමෑන් තමයි ගිය අවුරුද්දේ එළියට ආවේ. ඒකට පස්සේ මේ එළියට එන්නේ සිහින සමීකරණ සිනමාපටය. ඒක අධ්‍යක්ෂණය කරන්නේ සසික හේරත් අයියා. ඔහු බොහෝ කාලයක් කලා ක්ෂේත්‍රයතුළ සහය අධ්‍යක්ෂකවරයෙක් විදිහට වැඩ කරලා ඔහු අධ්‍යක්ෂණය කරන පළවෙනි සිනමාපටය මේ. මේ සිනමාපටයේ මම ඇතුලූව සජිත ඇන්තනී රෙබෙකා දිල්රුක්ෂි රන්දික ගුණතිලක අශාන් ඩයස් ඇතුලූ දක්ෂ රංගන ශිල්පීන් ශිල්පිණියන් පිරිසක් රග පානවා. ඒ සිනමාපටයේ කතා කරනවා ආදරය ගැන. අපේ තරුණ පරම්පරාව මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා තමන්ගේ ජීවිත විනාස කර ගන්න ඛේදවාචකය ගැන වගේම අපේ අධ්‍යාපන ක්‍රමයේ තියෙන නිවැරදි විය යුතු තැන් ගැන කතා කරනවා. මම හිතනවා මේක පවුලේ හැමෝටම නරඹන්න පුලූවන් සහ තරුණ පරම්පරාවට දෙයක් හිතලා බලන්න වටින නිර්මාණයක් කියලා හිතනවා.

පුංචි තිරය තුළින් ඔබගේ ආදරණීය ප්‍රේක්ෂකයන් හමුවන ඔබට සිනමාවේ චරිත නිරූපණය කිරීම වෙනුවෙන් කෙතරම් වෙහෙසක් දරන්නට සිදු වුණාද? ඒ වගේම සිහින සමීකරණ සිනමාපටයේ ඔබගේ චරිතය ගැනත් පුංචි හැදින්වීමක් කරමු.
මම හිතනවා ටෙලි තිරය හෝ වේවා සිනමාව හෝ වේවා මොන ශානරයක වැඩ කළත් අපිට එක හා සමානව චරිත වෙනුවෙන් මානසික ශ්‍රමයක් වැය කරන්න සිද්ධ වෙනවා කියලා. ඒ ශ්‍රමය කොහොමත් මම සිහින සමීකරණ සිනමාපටය වෙනුවෙනුත් වැය කළා. සිහින සමීකරණ සිනමාපටයේ චරිතය ගැන කිව්වොත් මම නිරූපණය කරන්නේ ප්‍රදාන කාන්තා චරිතය වන රිද්මි. රිද්මි කියන්නේ ගොඩක් අඩු වයසකදි වගකීම් ගොඩක් ගත්ත තමන්ගේ සහකාරයා වෙනුවෙන් ඕනම කැපවීමක් කරන්න සූදානම් ඔහුගේ ගමන තමන්ගේ ගමන කර ගත් ඔහුගේ වගකීම ගත්ත එකතු වෙලා ඔවුන්ගේ දියුණුව හදා ගන්න ජීවිතය ගොඩ නගා ගන්න උත්සාහ කරන හරිම ආදරණීය චරිතයක්. එතකොට මේ දුෂ්කර ගමක ජීවත් වෙන කෙල්ලෙක්. හැබැයි මේ කෙල්ල බැලූ බැල්මට අහිංසකයි වගේ පේන්න පුලූවන් චිත්ත ගවුම ඇදලා ඉන්න හින්දා. හැබැයි මේ කෙල්ල ඇතුලේ පොඩි පිරිමි පෞර්ෂත්වයකුත් තියෙන බව සිනමාපටය නරඹන අයට දකින්න ලැබෙයි. නොබියව ධෛර්යවන්තව ගොඩක් ශක්තිවන්තව ජීවිතේ එන හැල හැප්පීම්වලට පරබාධාවලට මුහුණ දෙන්න උත්සහ කරන ශක්තිමත් පෞර්ෂයක් තියෙන ගැහැනු
ළමයෙක් තමයි රිද්මි කියන්නේ.

කසුනි කාවින්දි මේ වන විට ඔබව නොදන්නා කෙනෙක් නොමැති තරම් ඔබගේ රංගනය නොදුටු කෙනෙක් නොමැති තරම්. ඒ වගේම ඔබට හිමි ජනතා ප්‍රසාදය අතිමහත්. ඉතින් වර්තමානයේ ඔබ සිටින තැන ගැන ඔබට කියන්නට ඇත්තේ මොනවාද?
මම නිතර විශ්වාස කරනවා අපි කොච්චර ජනප්‍රිය වුණත් මිනිස්සු අතරට ගියත් අපිව නොදන්න අය ඉන්න පුලූවන්. අපි ලෝකප්‍රසිද්ද රංගන ශිල්පීන් නෙවෙයි. අපේ රටේ බොහෝ පිරිසක් ඉන්නවා ටෙලි නිර්මාණ නරඹන්නේ නැති සෝශල් මීඩියා නැති සිනමාපට නරඹන්නේ නැති. ඉතින් මේ ඔක්කොම එකතු වුණාම මම විශ්වාස කරන්නෑ රට ඇතුලෙ හැම කෙනෙක් මාව දන්නවා කියලා. ඒක මට ගැටලූවකුත් නෙවෙයි. මම ඇවිත් ඉන්නේ වෘත්තියක් කරන්න. ඒක හරි විදිහට කරනවා ඇරෙන්න මම හිතන්නේ නැහැ අනික් දේවල්. ඉතින් මාව දන්න පිරිසක් ඉන්නවා. ලොකු ප්‍රතිචාරයක් මට නිරන්තරයෙන් ලැබෙනවා. මගේ රංගනය මගේ චරිත වෙනුවෙන් ලොකු ප්‍රතිචාරයක් ලැබෙනවා. ඒ ගැන සතුටක් තියෙනවා. මේ වෙද්දි ලංකාවේ ප්‍රසිද්ධ චරිතයක් වෙනවා කියන එක ගොඩක් සුලූ දෙයක්. ඒක ට විවිධ ප්ලැට්ෆෝම්ස් තියෙනවා. හැබැයි ජනප්‍රිය වෙනවා කියන එක වෙන කාරණයක්. මම ජනප්‍රියතාවය හෝ ප්‍රසිද්ධිය පස්සේ හඹා ගිය කෙනෙක් නෙවෙයි කවදාවත්. මගේ ලොකුම සතුට තමයි මිනිස්සු කතා කරන්නේ මගේ රංගනය සහ මගේ චරිත ගැන. මගේ පෞද්ගලික ජීවිතේ හෝ වෙනත් කාරණා ගැන කතා කරන්නේ නැහැ. දැන් මම අවුරුදු 10 කට ආසන්න කාලයක් මේ ක්ෂේත්‍රයේ ඉන්නවා. මෙතුවක් මාව මාතෘකාවක් වෙලා තියෙන්නේ මිනිස්සුන්ට මගේ රංගනය ගැන විතරයි. මට අවශ්‍ය වුණෙත් ඒක. මේක දක්ෂතාවය ගැන විශ්වාස කරලා ආපු ගමනක්. වෙනත් කිසිම දෙයක් මත යැපෙමින් ආ ගමනක් නෙවෙයි මගේ යම්කිසි තියෙන දක්ෂතාවයක් මත ආපු ගමනක්. අද නිර්මාණයක මගේ දක්ෂතාවය දැකලා තමයි හෙට නිර්මාණයකට මට කතා කරන්නේ. අද වෙනතුරු මට අවස්ථා ලැබුණේ එහෙම. එහෙම පිරිසුදු තැනක් වටිනාකමක් හදා ගන්න පුලූවන් වීම ගැන මට ලොකු සතුටක් තියෙනවා.

ඔබගේ කලා ජීවිතයේ ආරම්භය සිදු
වන්නේ කෙසේදැයි ඇසුවොත් ඔබගේ පිළිතුර කුමක්ද?
ඒක සිද්ධ වෙන්නේ කුඩා කාලයේදීමයි. මම පොඩි කාලේ ඉදන්ම කලාව එක්ක සෞන්දර්ය විෂයන් එක්ක තමයි ගැවසුනේ. පොඩි කාලෙදි මට අවස්ථාව ලැබෙනවා පාසල් නාට්‍යයවල වැඩ කරන්න, තරගවලට සහභාගි වෙන්න, ජයග්‍රහණය කරන්න. පසුකාලීනව මම අනික් විෂයන්වලට වැඩිය නාට්‍ය හා රංග කලාව කියන විෂය සම්බන්ධයෙන් උනන්දුවක් දක්වනවා. මම හිතනවා නාට්‍ය හා රංග කලාව වැඩිදුර විධිමත් ව හදාරන්න ඕන කියලා. ඒ නිසා මම සාමාන්‍ය පෙළ සහ උසස් පෙළටත් නාට්‍ය හා රංග කලාව හදාරනවා. ඉන්පස්සේ මට අවස්ථාව ලැබෙනවා සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයට තේරී පත් වෙන්න. ඒකෙදී මම රංගනය සහ රූපණය පිළිබද විශේෂවේදී උපාධිය හදාරනවා. ඒ අතරතුරේ මට අවස්ථාව ලැබෙනවා වේදිකා නාට්‍යවල වැඩ කරන්න. ටෙලි නාට්‍යයවල ගීත රූප රචනාවල සහ සිනමාවේ වැඩ කරන්න. ඉතින් මේ වගේ රංගන ක්ෂේත‍්‍රයට අදාල හැම ශානරයක් තුළම වැඩ කරන්න මට අවස්ථාව ලැබෙනවා. මම වැඩ කරනවා. ඒ අයුරෙන් තමයි කුඩා කාලයේ මගේ ආරම්භ වුණ කලා ජීවිතය මෙතුවක් ගලාගෙන ආවේ.

ක්ෂේත‍්‍රයට පැමිණ එක රැයින් ප්‍රසිද්ධියට පත් වන්නට පුලූවන්. ඒත් එය ජනතා ජනප්‍රියත්වයට හරවා ගෙන ක්ෂේත්‍රයේ රැදී සිටීම අසීරු කාරණාවක්. එහෙත් ඔබ ඔබගේ ජනප්‍රියතාවය දිගින් දිගටම පවත්වාගෙන ක්ෂේත්‍රය තුළ ගරුත්වයකින් යුතු ව රැදී සිටිනවා. එයට හේතුව කුමක් කියාදැයි ඔබ සිතන්නේ?
මම කලිනුත් කිව්වා වගේ දැන් ලංකාවේ ප්‍රසිද්ධ වෙන්න ගොඩක් ක්‍රම අවස්ථා තියෙනවා. දැන් සමාජ මාධ්‍ය කියන එක ගොඩක් බලවත්. එක රැයින් ප්‍රසිද්ධ වෙන්න පුලූවන්. ඒත් ප්‍රසිද්ධ වෙන එකට වැඩිය මම හිතනවා ජනප්‍රිය වීම තුළ වටිනාකමක් තියෙනවා කියලා. ඒ වගේම තමන්ගේ දක්ෂතාවයකින් ජනප්‍රිය වීම තුළ වටිනාකමක් තියෙනවා. මම විශ්වාස කරනවා මම ජනතාව අතරේ ජනප්‍රිය වෙලා තියෙන්නේ රූපණය සම්බන්ධව මා තුළ තියෙන දක්ෂතාවයක් නිසා කියලා. ඉතින් ජනප්‍රියත්වය කියන්නේ හඹා යන්න හෝ අමාරුවෙන් අත් කර ගන්න අවශ්‍ය දෙයක් නෙවෙයි. තමන්ගේ වැඬේ හරියට කළොත් ඒකේ ප්‍රථිපල පසුකාලීනව නිරායාසයෙන්ම ලැබෙනවා. මම හිතන්නේ මට වුණේ එහෙම දෙයක්. මම උත්සාහ කළා මම සම්බන්ධ වෙන හැම නිර්මාණයකටම සාධාරණයක් කරන්න. පසුකාලීනව ඒවා ප්‍රේක්ෂකයෝ වැළද ගත්තා. ප්‍රතිචාර හරහා මම ලංකාවේ ජනප්‍රිය චරිතයක් බවට පත් වුණා.විශේෂයෙන් ජනප්‍රියතාවය රදවා ගන්න මොකුත් කරන්නේ නැහැ. වෘත්තිය හරියට කරන එක විතරයි කරන්නේ.

කසුනි කාවින්දිගේ ඉදිරි වැඩ කටයුතු ගැන ඔබගේ ආදරණීය ප්‍රෙක්ශකයන්ට කියමු
මේ දිනවල ටෙලි නාට්‍ය රූ ගත කිරීමකට සම්බන්ධ වෙලා තියෙනවා. ඒ ටෙලි නාට්‍ය ඇතුලූ තව ටෙලි නිර්මාණ කිහිපයක් විකාශය වෙන්න නියමිතයි. ඒ වගේම මෑත කාලයේ ධනුශ්ක රත්නායක අයියගේ ිැැ හදම ටෙලි නාට්‍යයයෙන් මාව දකින්න ලැබෙයි. ඒ වගේම සිහින සමීකරණ සිනමාපටය ජූනි 7 වෙනිදා ඉදලා බලන්න අවස්ථාව තියෙනවා. ඒක බලන්න හැමෝටම ගොඩක් ආදරයෙන් ආරාධනා කරනවා. ජූනි 29 වෙනිදා චාමර ගුරුගේ අයියා අධ්‍යක්ෂණය කරන අකලංක ගුරුගේ සහ මම රගපාන අප අතර වූ කියන වේදිකා නාට්‍යයත් ප්‍රෙක්ශකයන්ට බලන්න අවස්ථාව ලැබෙනවා. මේවගේ වැඩ කටයුතු තමයි තියෙන්නේ.

ඕනෑම රංගන ශිල්පිනියකට සිහිනයක් තිබෙනවා මා විසින් මෙවන් වූ චරිතියක් රග දැක්විය යුතුයි කියා. ඔබ තුළත් ආශාවක් තිබෙනවාද ඔබ රග දැක්වීමට සිටින චරිතයක් පිළිබදව?
මම හිතනවා තාමත් මට මා තුල රංගනයට තියෙන කැපෑසිටි එකෙන් උපරිම ප්‍රයෝජනය ගන්න පුලූවන් චරිතයක් මට තාම කරන්න ලැබුනේ නැහැ. මම ගොඩක් ආසාවෙන් ඉන්නවා ඒ වගේ මගේ හැකියාවෙන් හොද ප්‍රයෝජනය ක් ගන්න පුලූවන් චරිතයක් ලැබෙනකන්. ඒ වගේම මම රග දක්වන්න ආස කරන චරිත තියෙනවා. ඉතින් ඒවා මෙහෙම විස්තර කරන්න අමාරුයි. ඉතින් මගේ හැකියාවෙන් ප්‍රයෝජනය ගන්න පුලූවන් චරිත මට ලැබෙනකල් මම බලාගෙන ඉන්නවා.

අවසාන වශයෙන් ඔබගේ ආදරණීය රසිකයන් වෙනුවෙන් යමක් කියමු
ප්‍රෙක්ශකයෝ නැතිනම් කලාකරුවෙක් බිහි වෙන්නේ නැහැ. ඒ නිසා මම නිතර විශ්වාස කරන දෙයක් තියෙනවා අපි ප්‍රෙක්ශකයාට ගරු කළ යුතුයි. ආදරය කළ යුතුයි. ඔවුන් වෙනුවෙන් කාලය දිය යුතුයි. කරුණාවන්ත විය යතුයි කියලා. ඉතින් මම හැම වෙලාවෙම ඒක විශ්වාස කරලා මට පුලූවන් උපරිම දේ ඉටු කරන්න උත්සාහ කරන කෙනෙක්. මට මේ කාලය ඇතුළත මගේ වෘත්තීය අත අරින්න කළකිරුණ අවස්ථා කිහිපයක් ඇවිත් තියෙනවා. ඒ හැම අවස්ථාවකම මට මේක අල්ලන් ඉන්න ශක්තිය දුන්නේ ප්‍රෙක්ෂක ආදරය ප්‍රතිචාර . එක මැසේජ් එකක් කමේන්ට් එකක් දැක්කම මම ශක්තිමත් වෙනවා. මෙච්චර දුරක් එන්න මට අවස්ථාව ලැබුණේ ප්‍රෙක්ශකයා නිසාම විතරයි. ඉල්ලන්නේ ඉස්සරහටත් මාත් එක්ක ඉන්න. මම උපරිම උත්සාහ කරනවා රංගන ශිල්පිනියක් විදිහට ඔවුන් වෙනුවෙන් සහ ඔවුන්ගේ රසාස්වාදය වෙනුවෙන් කැපවෙන්න.

Address

London

Telephone

+447414446999

Website

Alerts

Be the first to know and let us send you an email when Sri UK Magazine posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sri UK Magazine:

Videos

Share

Category


Other Magazines in London

Show All