Kadapatha - a friendly talk in the atrium

  • Home
  • Kadapatha - a friendly talk in the atrium

Kadapatha - a friendly talk in the atrium Kadapatha - Sri Lankan Community Magazine based in Australia The focus is on the individual’s vision of the world and is made by the nature of the individual.
(1)

Mirror, a space for reflection of self what you see is what you are and what you are is what you see. Magazine is a forum to improve oneself when you are better, what you see in the world is better. The power of the collective human understanding to bring contentedness to each individual. We can change through the example of other people’s work and endeavour and then go on to change in a small the

world around us. Kadapatha Mission – From Ecstasy to Wisdom

Kadapatha Vision – Meaningful and content life from Sri Lankan migrants in Australia

We believe the history of migration could run to the beginning of mankind. Ancient people migrated from one place to another with sticks and stones for better food and climate. Today instead of Stone Age weapons we carry our degrees and diplomas when migrating to another country for a better life. In fact we don’t think that there is a difference in intention when migrating, whether it happened in the Stone Age or the space age. But if a migrant doesn’t understand his starting blocks and can’t see his finish line correctly, the chances are less sure for his dreams to come true. As such we work hard for the sake of the Sri Lankan migrant’s wellbeing, benefit and contentedness life in Australia. We admire any natural, artistic and creative endeavour regardless of its origin. And again we admire all wonderful men and women who made this world so beautiful. We believe that knowledge and understanding are the foundation for a content and productive life. More than anything we would like to speak to our reader’s hearts. We hope Kadapatha will help to brighten our minds and lives in all aspects. Kadapatha is your family magazine. And she will definitely lead to a beautiful, positive conversation among your family members very soon.

සංසාරේ ඉන්න ඕන කෙනෙක්ට බැරි නැහැ. ඒත් සංසාරෙන් එතෙර වෙන්න හැමෝටම බැහැ. සංසාරෙන් එතෙර වෙන්න හිතාගෙන ඉන්න අය යන යකා කොරහත්...
23/06/2024

සංසාරේ ඉන්න ඕන කෙනෙක්ට බැරි නැහැ. ඒත් සංසාරෙන් එතෙර වෙන්න හැමෝටම බැහැ. සංසාරෙන් එතෙර වෙන්න හිතාගෙන ඉන්න අය යන යකා කොරහත් බිඳගෙන යනවා වගේ ආගම් සංස්කෘතීන් සහ ඇතැම්විට දර්ශනවාද වගේ සියලු දේම නැති කරගෙන යාම කොයිතරම් සාධාරණද? මෛත්‍රී සහගතද?

තෙල් මිල වැඩි නිසා බුදුන්ට පහන් පූජා නොකළ යුතුද?Please Subscribe and Comment on your views of this video. සැකසුම සහ ඉදිරිපත් කිරීම - සාමන්ත තැන්නගේPresent...

“අවධානය සහ සරල බව - ඒ මම ජප කරන මන්ත්‍රවලින් එකකි. සරලකම සංකීර්ණ වීමට වඩා අමාරු වෙන්න පුළුවන්: ඇත්තටම සංකීර්ණ නොවන සිතුව...
08/06/2024

“අවධානය සහ සරල බව - ඒ මම ජප කරන මන්ත්‍රවලින් එකකි. සරලකම සංකීර්ණ වීමට වඩා අමාරු වෙන්න පුළුවන්: ඇත්තටම සංකීර්ණ නොවන සිතුවිලි ඇති අයෙකු වන්නට නම් ඔබ දැඩි අධිෂ්ඨානයකින් සහ වීර්යයකින් වැඩ කළ යුතුය. අවසානයේ ඉන් ඔබට ලැබෙන ප්‍රයෝජනය අති මහත්ය. මක්නිසාද කියනවා නම් ඔබ එහි ළගා වූ පසු කඳු ඔබට කඳු පවා සෙළවිය හැකි නිසාවෙන්.” - ස්ටීව් ජොබ්ස්

“අවධානය සහ සරල බව - ඒ මම ජප කරන මන්ත්‍රවලින් එකකි. සරලකම සංකීර්ණ වීමට වඩා අමාරු වෙන්න පුළුවන්: ඇත්තටම සංකීර්ණ නොවන ස...

කැලේ තිබෙන කොයි දේ වත් රස වේ වා මලේ බඹරු ලෙස පිරිවර ඇති වේ වා
01/06/2024

කැලේ තිබෙන කොයි දේ වත් රස වේ වා
මලේ බඹරු ලෙස පිරිවර ඇති වේ වා

දණක් පමණ මල් අතුරපු දිව යහ නේ පමණක් බිසව් සැතපෙන කල දුටු සී නේ මැණිකක් දකින කොට ගැබ ඇතුළට වැදු ණේ මොන මොන දෙයක් දෝ න.....

මෙම වීඩියෝවෙන් අප සාකච්ඡා කරන්නේ සූර්යය වන්දනාව, බෝධි වන්දනාව සහ පිළිම වන්දනාවේ මානුෂීය පැතිකඩ ගැන ය.
26/05/2024

මෙම වීඩියෝවෙන් අප සාකච්ඡා කරන්නේ සූර්යය වන්දනාව, බෝධි වන්දනාව සහ පිළිම වන්දනාවේ මානුෂීය පැතිකඩ ගැන ය.

මෙම වීඩියෝවෙන් අප සාකච්ඡා කරන්නේ සූර්යය වන්දනාව, බෝධි වන්දනාව සහ පිළිම වන්දනාවේ මානුෂීය පැතිකඩ ගැන ය. In this video we discuss the h...

මුලින්ම උතුරු නැගෙනහිර යුද පෙරමුණු වල රාජකාරි කළ සොල්දාදුවන් විසින් ලියන ලද කුරුටු ගී එකතු කොට ඒවා අනාගත පරපුර සඳහා සංරක...
18/05/2024

මුලින්ම උතුරු නැගෙනහිර යුද පෙරමුණු වල රාජකාරි කළ සොල්දාදුවන් විසින් ලියන ලද කුරුටු ගී එකතු කොට ඒවා අනාගත පරපුර සඳහා සංරක්‍ෂණය කළේ මේජර් කමල් ශ්‍රී මනතුංග නම් නිලධාරියෙකි. ඔහුගේ අභාවයෙන් පසු යුද බිමේ කුරැටු ගී එකට ගොනු කරන්නට වෙහෙසූ කෙනෙකි, ලුතිනන් කර්නල් සුජිත් චමින්ද එදිරිසිංහ.

මේ ඔහු සමග යුද සමයේ සාමාන්‍ය සොල්දාදුවන් ඇතුලු නිළධාරීන්ගේ ජීවිත කතාවල සැඟවුණු පැතිකඩක් ගැන අප කළ සාකච්ඡාවකි.

මෙම වීඩියෝවෙන් අප කතා කරන්නේ තිස් වසරක් පුරා ඇදී ගිය යුද බිමක ලියවුණු කුරුටු ගී ගැන ය. Please Subscribe and Comment on your views of this video. සැකසු.....

මුලින්ම උතුරු නැගෙනහිර යුද පෙරමුණු වල රාජකාරි කළ සොල්දාදුවන් විසින් ලියන ලද කුරුටු ගී එකතු කොට ඒවා අනාගත පරපුර සඳහා සංරක...
18/05/2024

මුලින්ම උතුරු නැගෙනහිර යුද පෙරමුණු වල රාජකාරි කළ සොල්දාදුවන් විසින් ලියන ලද කුරුටු ගී එකතු කොට ඒවා අනාගත පරපුර සඳහා සංරක්‍ෂණය කළේ මේජර් කමල් ශ්‍රී මනතුංග නම් නිලධාරියෙකි. ඔහුගේ අභාවයෙන් පසු යුද බිමේ කුරැටු ගී එකට ගොනු කරන්නට වෙහෙසූ කෙනෙකි, ලුතිනන් කර්නල් සුජිත් චමින්ද එදිරිසිංහ. මේ ඔහු සමග යුද සමයේ සාමාන්‍ය සොල්දාදුවන් ඇතුලු නිළධාරීන්ගේ ජීවිත කතාවල සැඟවුණු පැතිකඩක් ගැන අප කළ සාකච්ඡාවකි.

මෙම වීඩියෝවෙන් අප කතා කරන්නේ තිස් වසරක් පුරා ඇදී ගිය යුද බිමක ලියවුණු කුරුටු ගී ගැන ය. Please Subscribe and Comment on your views of this video. සැකසු.....

අන්තිමට අර දේව දූතිය ටිකක් නැමිලා එයාගේ අතේ ඇඟිලි වලින් අම්මගේ ආකෘතියේ දෙකොපුල් පිරිමැද්දා… ඒ වෙලාවේ දේවදූතියට පොඩි වෙනස...
12/05/2024

අන්තිමට අර දේව දූතිය ටිකක් නැමිලා එයාගේ අතේ ඇඟිලි වලින් අම්මගේ ආකෘතියේ දෙකොපුල් පිරිමැද්දා… ඒ වෙලාවේ දේවදූතියට පොඩි වෙනසක් දැනුනා…

මේ ආකෘතියේ මොකක් හරි කාන්දුවක් එහෙම නැත්තම් ලීක් එකක් තියෙනවා.

ඒ කාන්දුවක් නෙමෙයි. දෙවියෝ උත්තර දුන්නා.

ඒ කඳුළක්.

මොකටද ? සුර දූතිය පුදුම වෙලා අහනවා.

මෙම වීඩියෝවෙන් අප කතා කරන්නේ Erma Bombeck විසින් මවුවරුන් ගැන ලියූ අපූරු තීරු ලිපියක් ගැන ය. අර්මා බොම්බෙක් උපදින්නේ 1927 පෙ...

අයිසැක් නිවුටන් මිය ගිහින් දැන් අවුරැදු 300 කට ආසන්නයි. ඒත් අද වාහන ධාවනය වෙනවා. රොකට් අභ්‍යවකාශයට යනවා. ඒත් ප්‍රකාශ විද...
05/05/2024

අයිසැක් නිවුටන් මිය ගිහින් දැන් අවුරැදු 300 කට ආසන්නයි. ඒත් අද වාහන ධාවනය වෙනවා. රොකට් අභ්‍යවකාශයට යනවා. ඒත් ප්‍රකාශ විද්‍යාව, චලිතය, කලනය වගේ නිව්ටන්ගේ සොයා ගැනීම් වලින් ප්‍රයෝජන ගන්න අය නිව්ටන්ගේ දැඩි ආගම් භක්තිය ගැන හරිම නිහඬයි.
අපි මීට කලින් කථා කරපු නිර්මාංශී පෛතගරස්ගේ ජීවිතයත් හරිම අමුතු සිල්පද වලින් හික්මුණු එකක්. එදිනෙදා වැඩකටයුතු වලට පෛතගරස් ප්‍රමේය අවශය අපි කවුරුත් පෛතගරස්ගේ සිල්පද ගැන කර කරදර වෙන්නේ නැහැ.
ලුවී පාස්චර් කියන්නේ තදබල විදිහට දෙවියන් සහ මැවීම විස්වාස කරපු කෙනෙක්. ඒත් කාටවත් ඒක ගැටළුවක් වුණේ නැහැ.
නිකලස් කොපර්නිකස් ගේ කතාවත් ඒ වගේමයි.
ඒ විතරක් නෙමෙයි අදටත් විද්‍යාඥයන්ගෙන් සියයට 33 ක් දෙවියන්ව විශ්වාස කරනවා. තවත් සියයට 18 ක් විශ්ව ශක්තිය හෝ විශ්වය පාලනය වෙන වෙනත් බලවේගයක් ගැන විශ්වාස කරනවා.

සිංහල බෞද්ධ චින්තනයෙහි මේ සම්මුති දැනුම ලබාගැනීමේ ක්‍රමය වනුයේ ප්‍රත්‍යක්‍ෂය ය. නිවණ වුව ද ප්‍රත්‍යක්‍ෂ කළ යුතු ...

මේජර් ජනරාල් නිශ්ශංක ඊරියගම========================“මචං, මම මැයි පළවෙනිදා රිටයර් වෙනවා.” මේ දැනට සති දෙකකට කලින් මේජර් ජ...
01/05/2024

මේජර් ජනරාල් නිශ්ශංක ඊරියගම
========================
“මචං, මම මැයි පළවෙනිදා රිටයර් වෙනවා.”

මේ දැනට සති දෙකකට කලින් මේජර් ජනරාල් නිශ්ශංක ඊරියගමට දුරකථක ඇමතුමක් ගත් අවස්ථාවේදී ඔහු අපට කියූ දෙයක්.

ඒ වචන අහපු ගමන් මම පුදුමයෙනුත් පුදුමයට පත් වුනා. ඒ අපිට දැන් පනස් පහකටත් ළං වෙලාද කියලා එක පාරටම හිතට දැනුණු නිසා. ලංකාවේ විශ්‍රාම යන වයස පණස් පහ වුනාට අපිට පැන්සොන් එකක් ගන්න වාසනාව තිබ්බොත් ඒකට හැට හත පනින්න වෙනවා.

මේ පළවෙනි පිංතූරය ගත්තේ හරියටම 1988 පෙබරවාරි හතරවෙනිදා. ඒ මහනුවර ශාන්ත සිල්වෙස්තරය නියෝජනය කරමින් බෝගම්බර පිටියේ පැවති හතළිස් වෙනි ජතික නිදහස් සමරු උත්සවටය සහභාගී වී යළි පාසලට පැමිණීමෙන් පසුව. ඒ, අපි අපේ පාසල නියෝජනය කරමින් නිදහස් උත්සවයකට සහභාගී වූ අවසාන අවස්ථාව ද වුණා.

ඒ පිංතූරේ මැද ඉන්නේ මම. මගේ වම් පැත්තෙන් ඉන්නේ අද පැංසොන් යන මේජර් ජනරාල් නිශ්ශංක ඊරියගම. දකුණෙන් ඉන්නේ දීපාල් නානායක්කාර.

88 න් පස්සේ මට මගේ පාසල් මිතුරාව හමුවෙන්නේ 2024 දී. ආපහු හැරිලා බලනකොට ඒ කාලය ගතවෙලා තියෙන්නේ හීයේ වේගයකින්. නමුත් ඒ වසර 36 ක කාලය පුරාවට නිශ්ශංකලා කරපු කැපකිරීම් නොවන්නට සමහර විට අද අපට මෙහෙම අකුරක් කුරුටු ගෑමත් සිහිනයක් වෙන්නට ඉඩ තිබුණා.

ඊට හොඳම නිදසුනක් ඊයේ මා හා පැවසුවේ මගේ තවත් පාසල් සුමිතුරෙක් වූ සුනිල් උපාලි ඒකනායක විසින්. දිනක් ගූගුල් සිතියම සුනිල්ට ගමනාන්තය කරා යන්නට කෙටි පාරක් දී තිබුණා. ඒ, කෙටි මාර්ගය වැටී තිබුණේ අසූව හෝ අනූව දශකයේ මහනුවරින් ධාවනය ඇරඹූ බසයක් කොටි ත්‍රස්තවාදීන් විසින් අල්ලාගෙන, එම බසයේ සිටි සියලුම මගීන් ඝාතනය කල පෙදෙසක් මැදින්.

අද අපට නොදැනුනාට නිවසින් එළියට ගිය අයෙක් නැවත නිවසට ඒ දෝ නො ඒ දෝ කියා දෙගිඩියාවෙන් පසු වූ අතීතයකත් අප ජීවත් වූ බව මතක් වෙන්නේ අප අතරින් අතළොස්සකට ය. මේ කාලය පුරාවට යුද්ධය නිසා අපට අහිමි වූ අපේ පාසල් මිතුරෝ ගණනාවකි. ඉන් එක් අයෙක් අපේ ‘වැව රවුම’ කෘතියේ දැක්වෙන මගේ අතිජාත මිත්‍ර පසන් බංඩාර ඇහැලේපොල ය.

දිනක් නිශ්ශංක, පසන් බංඩාර ගැන අපට කීවේ මේ ටික ය.

“හමුදාවට බැදෙන මගේ අයදුම් පත්‍රය පුරවලා දුන්නෙත් ඇහැලේපොළ. මගෙත් එක්ක එකට හමුදාවට බැඳුණු අනික් තුන් දෙනාම මම ඉද්දිම යන්න ගියා. මොකක් හරි නිසා මම විතරක් බේරුණා.”

ඒ වචන ඇතුළේ අපට දැනෙන්නේ අතිශය ගැඹුරු කතිකාවතක් නොවේද? මෙතෙක් නොලියවුණු එබඳු සංවේග - වියෝගයන් තවත් මොන තරම් නම් අපේ කාලයේ පරපුර තමන්ගේ හදවත් තුළ අදටත් දරාගෙන ඉන්නවා ඇත් ද?

මා දන්නා තරමට නිශ්ශංක ඊරියගම කියන්නේ එදත්, අදත් මතුවටත් තමන් කරපු දේවල් කියපු හෝ කියන කෙනෙක් නොවෙ යි. ඒ නිසාම බොහෝ දෙනෙක් ඔහු ගැන නොදන්නා දේ බොහෝ ය.

ඒ කොහොම වුණත් මට හිතෙන්නෙම, නිශ්ශංකලා පණස් පහෙන් විශ්‍රාම යා යුතු අය නොවන බව. යුද්ධ ගැන ලියවුණු සාහිත්‍යයේදී, යුධ බිමේ දිවි දුන් විරුවෝ ගැන අපි සාපේක්ෂ වශයෙන් බොහෝ දේ දන්නා බව ඇත්ත ය. ඒත් යුද්ධයේ ආරම්භයේ පටන් අවසානය ද, පස්චාත් යුද සමය ද සාර්ථකව නිම කළ මේජර් ජනරාල් නිශ්ශංකලා ගැන ලියුවුණු දේ විරල බව කිව යුතු ය. ඒ නිසාම අපි ඔවුන්ව මීට වඩා කෘතඥ විය යුතු බව මගේ හැඟීම ය.

මේ දෙවෙනි ඡායාරූපය ගත්තේ පසුගිය මාර්තු 16 වෙනිදා අපගේ ග්‍රන්ථ ත්‍රිත්වයක් එළි දැක් වූ අවස්ථාවට මේජර් ජෙනරාල් නිශ්ශංක ඊරියගම සිය දියණියද කැටුව පැමිණි අවස්ථාවේදී ය.

තෙවෙනි පිංතූරය මා ගත්තේ ඊයේ දිනයේදී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, මේජර් ජනරාල් නිශ්ශංකට සමුදුන් අවස්ථාව සනිටුහන් කළ https://www.ocds.lk/ වෙබ් අඩවියෙනි.

මේ ඡායාරූප තුනෙන්ම මා වඩාත් කැමති 1988 පෙබරවාරි 4 වෙනිදා අපේ පාසලේ මැද මිදුළේ දී ගත් එකට ය. ඊට හේතුව, මට තවමත් මා ගැන හිතෙන්නේ, ඒ අවුරැදු 18 එකාගේ සෑම්පලේටම නිසා ය. සමහර විට මේජර් ජනරාල් නිශ්ශංකටත් එහෙම ම හිතෙන්නටත් බැරි නැත.

ඉතිං සොයුර අදින් ඇරඹෙන ඔබගේ විශ්‍රාම දිවිය ඔබටත්, ඔබේ පවුලේ සැමටත් සුබම සුබ විශ්‍රාම දිවියක් වේවා යි ආසිරි පතමි.

එමෙන්ම, ඔබට සුබ උපන් දිනයක් ද වේවා...!
___________________________
සාමන්ත තැන්නගේ - 01 මැයි 2024

https://youtu.be/5_Sa_HT3Xkw?si=wy3C-v6rf79dubBp
21/04/2024

https://youtu.be/5_Sa_HT3Xkw?si=wy3C-v6rf79dubBp

මගේ ප්‍රතිරූපය මම්ම නෙලා ගන්නා මැක්කෙක් නොවීමට ගත් සුළු උත්සාහයකි, මෙය. මට වැරදුණු තැන් මිළ දී ගැනීමට අදාළ සබැඳි…h...

සරත් කාලයේ අපට ගස් වල පත්‍ර හැලිලා යන ආකාරය පේනවා. මේ ගස් වල පත්‍ර, පාට, පරිසරය ඉතා කෙටි කාලයක් ඇතුළත වර්ණ කිහිපයකට හැරි...
20/04/2024

සරත් කාලයේ අපට ගස් වල පත්‍ර හැලිලා යන ආකාරය පේනවා. මේ ගස් වල පත්‍ර, පාට, පරිසරය ඉතා කෙටි කාලයක් ඇතුළත වර්ණ කිහිපයකට හැරිලා අන්තිමට සීත ඝෘතුව පිළිගන්න ලක ලෑස්ති වෙන කාලයක්. පරිසරය විතරක් නෙමෙයි දවසත් වෙනස් වෙන්න පටන් ගන්නවා. ඒ වගේම අපේ ශරීරයත්, සිතත් වෙනස් වෙනවා. කොටින්ම හොඳින් විමසා බලන කෙනෙකුට අනිත්‍යතාව කියන ධර්මතාව සක් සුදක් වගේ පැහැදිලි වන කාලයක් තමයි මේ.

මේ ලෝකයේ වෙනස් නොවන එකම එක දෙයක් තියනවා නම් ඒ තමයි “වෙනස්වීම”. - ග්‍රීක දාර්ශනික හෙරක්ලිටස්. සරත් කාලයේ අපට ගස් වල ...

මාර මැයි ගස-----------මට මස්ඉඹුල මුලින්ම හමු වන්නේ කටු ඉඹුලක් පාමුළ දී. මස්ඉඹුලගේ මැයි මාර ප්‍රසංගය ඩොලර් විස්සක් දීලා ම...
18/04/2024

මාර මැයි ගස
-----------
මට මස්ඉඹුල මුලින්ම හමු වන්නේ කටු ඉඹුලක් පාමුළ දී. මස්ඉඹුලගේ මැයි මාර ප්‍රසංගය ඩොලර් විස්සක් දීලා මිලට ගත්තෙත් එතන දී.

ඒත් මැයි මාර ප්‍රසංගය කියවන්න ගත්තේ පෙරේදා හවස. පිටු 108 කියවලා ඉවර කළේ ඊයේ රෑ. කොටින්ම අන්තිම පරිච්ඡේදය කියෙව්වේ රෑ දොළහත් පහු වෙලා අපේ සේවාස්ථානයේ රථ ගාලේ ඉඳගෙන ජංගමේ එළියෙන්.

මැයි මාර ප්‍රසංගය අවසන් කළ ගමන්ම අපේ හදවතේ සදාතනිකව ලියවුනු චරිත දෙකක් මගේ හිතේ යළි හොල්මන් කරන්න පටන් ගත්තා. එකක් දෙවෙන්දරා සාන් ය. අනෙක සන්තියාගෝ ය.

දෙවෙන්දොරා සං මතකයට ඒම සාධාරණයි කියමුකෝ. ඒත් මොන උලව්වකටද සන්තියාගෝව මතක් වුනේ. කිරි හොදියි, බුල්ටොයි වගේ වුණාට ඒක තමයි මට දැනුන ඇත්ත.

මස්ඉඹුල පේන දේ ගැනම විතරක් ලියා තැබුවා නම් ගවරවෙල කන්දේ මුදුනේ පැත්තකට වෙන්න තිබුණු මැයි මාර ගස තවත් එක ගහක් විතරක් ම වෙන්නට ඉඩ තිබුණා.

ඒත් සමිධයියගේ තාත්තා මෙහෙම කියනවා.

‘ඔය ගෑනු අය පුතේ පස්සෙන් යනකොට ගණන් උස්සනවා. ගණන් උස්සනකොට පස්සෙන් එනවා. අනික පුතේ ඔය හැම ගෑනු කෙනෙක්ම එකයි. උන්ගේ නම් විතරයි වෙනස්.’

ඔන්න ඉතිං මම හිතන්ට පටන් ගන්නවා. මම දන්න ගෑනු එක එක්කනා අරගෙන ඔය කියන කෝවට දාලා බලනවා. දැන් කාලේ ඉන්න බහුතර පුතාලට හිතෙන්නේ එහෙම. එහෙව් එකේ තාත්තලා ගැන මොන කතාද?

සමිධ අය්යා වෙලාවක මෙහෙම කියනවා.

“වඩාත් වැදගත් වෙන්නේ කියන දේ නෙමෙයි. කියන විදිහ.”

ඔන්න ඔතනදී තමයි ගැනුන්ගේ නම් විතරයි වෙනස් කියන තියරිය ලොප් වෙන්නේ. ඕක ඉතිං අපටත් අදාළයි.

සංචරණීගේ හැම ඉරියව්වක්ම සමිධගේ ෆේස් රෙකග්නයිස් සොෆ්ට්වෙයාර් එකට දැම්මා ම හැම දේම හරිම අමුතු විදිහට පේන්න පටන් ගන්නවා. එතකොට මීදුම අතරින් ගලා හැළෙන දිය දහරක් වගේ ඉදිරියට එන සංචරණියේ මූණේ ඇඳෙන සිනාව ‘මට - මස්ඉඹුලට’ පෙනුනේ මෙන්න මේ විදිහට.

‘ම්ම්… ළා හිනාවක්ම නෙවෙයි, හිනාවක පෙරනිමිත්තක් වගේ දෙයක් ඒක.’

ඒ නම් නැවත නැවත මට හිතන්න හිතුණු පේළිය ක්.

‘ඔහුට තිබුණේ සතුට පිරැණු මූණක් සහ දුක පිරැණු ඇස් දෙකක් කියලා මං ඒ වෙලේ තේරැම් ගත්තා.’

ඒත් අර 'හිනාවක පෙරනිමිත්ත' වගේම මට දැනුනු තවත් තැනක්.

'ඇත්තම කියනවා නම් ඒ වෙලාවේ ඉර එළිය නිසා ඒ දසුන ලස්සනට පෙනුණ නෙමෙයි. ඒ දසුන නිසා ඉර එළිය ලස්සනට පෙනුණා.’

ඒත්, අපේ සිත සුසර කළ මැයි මාර ප්‍රසංගයේ තවත් තැනක්.

ප්‍රසංගය අවසානයේ කරදමුංගු, කරාබුනැටි, සාදික්කා, වාසාවාසි, බුලත්විට වගේම නෙල්ලි තෙම්පරාදුවේ සුවඳ තුළ මා මෙන්ම, ඔබත් මොහොතකට හෝ අතරමං වනු නිසැක ය.

පුංචි තුත්තිරි ඉත්තකටත්, පරණ ජෑම් බෝතයකටත් පණ දෙන මස්ඉඹුලගේ මැයි මාර ගස ප්‍රසංගයක් වන්නේ එසේ ය. තව කිව යුතු තේ බොහෝ ය. නමුත් ඔබටත් ගවරවෙල කන්දේ මුදුනේ පැත්තකට වෙන්න තිබුණු මැයි මාර ගස දෙස ඔබේ කෝණයෙන් බලා විඳින්නට ඉඩ තබමු.

මිනිස්සු සිය කැමැත්තෙන්ම කටු ඉඹුළක නගින්න කැහැපොට ගහන කාලෙක මස්ඉඹුලගේ මැයි මාර ගස ඇත්තටම මාර ය.
_______________________
සාමන්ත තැන්නගේ (18 Apr 24)

අයිස් මෝල හන්දියේ අතුල සමරසේකර=======================මචං, උඹට මතකද අතුල සමරසේකර…“අර ලංකාවට ක්‍රීඩා කළේ” ?ඔව් මචං මම පොරව...
17/04/2024

අයිස් මෝල හන්දියේ අතුල සමරසේකර
=======================

මචං, උඹට මතකද අතුල සමරසේකර…
“අර ලංකාවට ක්‍රීඩා කළේ” ?
ඔව් මචං මම පොරව හොඳට දන්නවා.
……..
මට දැන් විලි ලැජ්ජාවේ බෑ.
මේ යකා මාව හොඳටම දන්නවලු.
_____________________
(උපුටා ගැනීම - අයිස් මෝල හන්දියේ අතුලයාගේ කතා සයුරෙන්)

අපි නොදන්න අය අපි ගැන අපටත් වඩා හොඳට දන්න බව ඇත්තක්. අතුල සමරසේකර ගැන මාත් ගොඩාක් දේ දැනගෙන හිටියා. සමහර විට අතුලටත් වඩා එයා දැනගෙන හිටියා කියලයි මේ මෑතක් වෙනතුරු මාත් හිතාගෙන හිටියේ.

ඒ, ලංකාව ක්‍රීඩා කරන ක්‍රිකට් තරඟයක් රූපවාහිනියෙන් බලන්න බැරි නම් ගුවන්විදුලියෙන් අහන්න හරි අපි අතේ ඇඟිළි ගැන ගැන හිටපු කාලයක්. ඇත්තම කීවොත් ඒ කාලේ සීමිත ඕවර් තරඟයක අතුලයි, බ්‍රෙන්ඩනුයි ඕපනිං ඇවිත් නෙළන හැටි අපි හීනෙනනුත් නරඹපු වාර අනන්නතයි - අප්‍රමාණයි. අපේ ඒ හීන හැමදාම සැබෑ නොවුන බව ඇත්ත. ඒත් උතුරත් දකුණත් ත්‍රස්තවාදයෙන් වෙළිලා තිබුණු වකවානුවක, ඒ හීන පුංචි බලාපොරොත්තුවක් වගේ වෙස් වළාගෙන ඇවිත් අපේ ජීවිත වලට ලොකු ආලෝක ධාරාවක් පතිත කළා.

ලංකාවේ හැම පිරිමි ළමයෙක් වගේම අපිත් ක්‍රිකට් ගැහුවට ශ්‍රී ලංකා ටීම් එකේ ගහන අය ගැන අපට තිබුණේ වෙනම හැඟීමක්. ඒ, තුන් වේලටම හැම් බේකන් කන වරප්‍රසාද ලත් පංතියේ අය හැටියට. හැබැයි එහෙම දැනිලත් අපි ඒ අයට වෛර කරන්න ගියේ නෑ - මැච් පරදින කොට ඇරෙන්න.

ඒ කාලේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයෝ අතරින් අනුර රණසිංහ ඇරෙන්න අමාරුවෙන් ජීවිතය ගැට ගහගත්ත කෙනෙක් ගැන මම අවංකවම දැනගෙන හිටියේ නැහැ.

ඉදියප්ප කාලා ප්ලේන්ටියක් බීලා ලංගමේ නැගලා ප්‍රැක්ටිස් ගිහින්, පයින් ගෙදර යන එහෙම නැත්තම් පිට්ටනියෙම නිදාගෙන රැය පහන් කළ ක්‍රිකට් ක්‍රීඩකයෝ ගැන ඇත්තටම මම දැනගත්තේ ඒ කාලේ අපේ වීරයෙක් වූ අතුල සමරසේකරගේ කතා සයුරෙන්.

මේ කතා සයුරේ කතා නායක අතුල සමරසේකරව මට හමු වන්නේ අහම්බෙන්. අමුතුම තැනක දී. මෙල්බර්න් නුවර පොත් කතුවරු කතුවරියන් අතර. අවුරුදු උත්සවයක දී.

එදා අතුල හිටියේ ඔහු ලියූ කතා සයුර අත දරාගෙන. ඒ අතුල සමරසේකර කියා මම හීනෙන්වත් නොසිතූ දෙයක්. ඔහුගේ පොතේ පිටකවරේ දැක්ක ගමන් පෙනුනේ “අයිස් මෝල” කියන වචන දෙක. අඩුගානේ කතා සයුරේ නිර්මාතෘගේ නමවත් පොත් කවරේ දකින්නට නැහැ. තිබුණේ සංස්කාරකගේ සම්පූර්ණ නම විතරයි.

දවස් තුන හතරක් ඇතුළත මම අතුලයාගෙ කතා සයුරේ පීනුවා.

මේ, පොතේ දැක්වෙන්නේ අපේ කාලයේ අපේ ජීවිත වලටම බද්ධ වූ තවත් එක් ඉසව්වක අපි නොදුටු සිදුවීම් පෙළක්. ඒ හරහා අපි කියවන්නේ වෙනම මානයක්. ඒ සිදුවීම් විටෙක අපේ හිත් වලට ගෙන එන්නේ එක්තරා කම්පනයක්. ඇතැම් විට හාසය රසයක්.

මා එතෙක් දැන සිටි එහෙත් කිසිවක් නොදත් අතුලත්, මාත් එදා අපේ පොත් අළෙවි කළේ එකට එක්ව.

අතුල නොදන්නා කෙනෙක් අතුල ඉන්නා තැනකදී ම ඔහුගේ මිතුරෙකුට අතුලව දන්නා බව කියන කතාවක් අතුලගේ කතා සයුරේ දැක්වෙනවා. ඒ හා සමාන සිද්ධියක් එදා අපටත් සිදුවුණා.

ඉන් සතියකට දෙකකට කලින් අප මුද්‍රණය කළ කෘති ඊට කලින් කිය වූ බව එදා අප හමු වූ කිහිප දෙනෙක්ම පැවසුවා. ඒ අතරින් කිහිප දෙනෙක් වෙළඳ පොළේ නැති අපේ පොත් වල පිටපත් මීළ දී ගෙනත් තිබුණා.

එහෙව් එකේ අපි, අපි ගැන දන්නේ මොනවාද?

ඇත්තටම මම අතුල සමරසේකර නම් ලේඛකයාට හිස නමා ආචාර කරන්නේ මා නොදැන සිටි පැතිකඩක් ඔබේ කතා සයුරෙන් කරලියට ගෙන ආ නිසාම පමණක් නොවේ.

ඔබ බෙහෙවින්ම සරල මිනිසෙක් නිසා ය.

අසත්‍ය තුළ ජීවත් වන ප්‍රවීණ යැයි කියා ගන්නා අයට වඩා ඔබ සත්‍යවාදී නිසා ය.

ඉතිං ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසය යම්තාක් දුරකට හෝ ස්ඵර්ශ කරන්නට ඔබ ඔබේ කතා සයුර හරහා ගත් වෙහෙස අගයමි.

එමෙන්ම මෙය කියවන ඔබේ ඇස කවදා හෝ “අයිස් මෝල හන්දියේ අතුලයගේ කතා සයුර” හා ගැටුණොත් ඉන් පිටපතක් මිළට ගැනීමට දෙවරක් සිතන්නත් එපා.
_______________________
සාමන්ත තැන්නගේ (17 Apr 24)

"ඔබ හෙළනා දහඩිය විඳින්න. මක්නිසාද යත් වෙහෙස මහන්සි වී වැඩ කිරීමෙන් සාර්ථකත්වය සහතික නොවන නමුත් වෙහෙස නොවී ඔබට අවස්ථාවක්ද...
08/04/2024

"ඔබ හෙළනා දහඩිය විඳින්න. මක්නිසාද යත් වෙහෙස මහන්සි වී වැඩ කිරීමෙන් සාර්ථකත්වය සහතික නොවන නමුත් වෙහෙස නොවී ඔබට අවස්ථාවක්ද නොමැති හෙයිනි."

"ඔබ හෙළනා දහඩිය විඳින්න. මක්නිසාද යත් වෙහෙස මහන්සි වී වැඩ කිරීමෙන් සාර්ථකත්වය සහතික නොවන නමුත් වෙහෙස නොවී ඔබට අවස....

දන්න අය නොදන්න දේ
01/04/2024

දන්න අය නොදන්න දේ

එදිනෙදා ජීවිතයට ස්ටොයික් සංකල්ප 8ක්.1. ඔබට වෙනස් කළ හැකි දේ ගැන පමණක් අවධානය යොමු කරන්න. ඔබේ පාලනයෙන් තොර දේ ගැන වද න....

මට වැරදුණු තැන්, වැව රවුම සහ සිංගරූ-කු
22/03/2024

මට වැරදුණු තැන්, වැව රවුම සහ සිංගරූ-කු

The Online Book Store

සුන්දර සැන්දෑව වර්ණවත් කළ සුන්දර හදවත්…!(සාලිය විජේසිංහ සොයුරාගේ පිංතූර එකතුවෙන්.)
22/03/2024

සුන්දර සැන්දෑව වර්ණවත් කළ සුන්දර හදවත්…!
(සාලිය විජේසිංහ සොයුරාගේ පිංතූර එකතුවෙන්.)

Address


Alerts

Be the first to know and let us send you an email when Kadapatha - a friendly talk in the atrium posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Kadapatha - a friendly talk in the atrium:

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share