කණිෂ්ක චාමින්ද ජයලත්

කණිෂ්ක චාමින්ද ජයලත් Get up stand up...get up for your rights ..Get up stand up..Don't give the fight.

25/05/2024

මාර ගති දවසක්

පිරිමි ඇස් වල කදුළුපිරිමි ඇස් වල කදුළු නැතුවටඅකුරු වල දුක් කදුළු තිබුනාකවි ගීත පබැඳුම් විලාසෙන්එම කදුළු බිදු  ගලා හැළුනා...
14/01/2024

පිරිමි ඇස් වල කදුළු

පිරිමි ඇස් වල කදුළු නැතුවට
අකුරු වල දුක් කදුළු තිබුනා
කවි ගීත පබැඳුම් විලාසෙන්
එම කදුළු බිදු ගලා හැළුනා
ලියා නිම කල ගීත කවි පද
ගිටාරයෙ තත් සමග හැඩුවා
හඩා නගා මුළු ලොවට කියමින්
පිරිමි ඇස් වල කදුළු ගැයුනා.

සමහර රාත්‍රියන් බොහො දිගුයවැයෙන මිහිරි ස්වර අදුරේ ගලා යයිසඳ නොනිදා හොරෙන් අසන් ඉන්නවා ඇති රහසින්හුදකලා නිමේෂයකපද බදින ගී...
08/01/2024

සමහර රාත්‍රියන් බොහො දිගුය

වැයෙන මිහිරි ස්වර අදුරේ ගලා යයි

සඳ නොනිදා හොරෙන්

අසන් ඉන්නවා ඇති රහසින්

හුදකලා නිමේෂයක

පද බදින ගී පෙලක

නැවුම් හැගුමන් නොවේ

ලියවෙන්නෙ ඔබ ගැනමය

එකම පද මිස අන් යමක්

අළුතින් ලියවුනා නොවේ

බොහෝ රැයවල් දිගුය

සිතුවිලි සමග පොර බදින

සඳට කවි ගී ලියන

සඳත් හුදකලාවෙ අසා සිටින

මිහිරි ස්වර වැයෙන

රාත්‍රිය නිහඩය

නමුත් බොහෝ රැයවල් දිගුය

වැහි කෝඩු ඉකි බිඳිනමන්දාරම් සැදෑවකපාළු නිසසල වීදියෙහුදකලාවෙම පිය නගනමිනිසා නුඹව අදුනනමලානික පහන් එළිපවා සරදමට හිනා වෙනමේ...
07/01/2024

වැහි කෝඩු ඉකි බිඳින
මන්දාරම් සැදෑවක
පාළු නිසසල වීදියෙ
හුදකලාවෙම පිය නගන
මිනිසා නුඹව අදුනන

මලානික පහන් එළි
පවා සරදමට හිනා වෙන
මේ නිසල වීදියේ
එකම මගියා මමය
අවන්හල දෙස නොබලාම
අදුර වෙත පිය නගන

හිරි කෝඩු උලුප්පන
දරා ගත නොහැකි ශීතල
පතයි නුඹගෙ උණුසුම
නමුත් නොබලමි අවන්හල දෙස
පිය නගමි නිසල මාවතෙ
කෙලවරක ඇති කුටියක
හුදකලාවටම ගුලි වෙන්න

BY MY SIDEI am the remnants of Our stolen love, A hidden memoryResiding beyond the Overwhelming dread That anchors me.I'...
06/01/2024

BY MY SIDE

I am the remnants of
Our stolen love,
A hidden memory
Residing beyond the
Overwhelming dread
That anchors me.

I'm the dreamed-up kiss,
The tender first
Brush of your hand,
Eagerly expected.

I am the confession
Of love unspoken.

I'm the note left unsent,
The poem never
Breathed into life.

I am the untrodden path,
The one we didn't take,
My love,
Yet this unventured road is
My everyday stroll,
I walk with you eternally.

Seasons turn,
Leaves bloom,
Fade, wither,
And bloom once again -

I have tread this path
So frequently that I require
Not the sight of a leaf to
Affirm it's presence -
My canvas is
Painted in response to
The command
Of my thoughts,

Hence, even in
Your absence,
I feel
Your existence
Here,
By my side.

Still, this looming dread
Holds me captive,

For these
Moments are
Where I walk
With the
Ghost of you,

When my soul
Yearns
Your presence

But the fear of
Never holding you,

Stops me
From holding you,

Hence, the poem remains unread,
Words stay trapped in silence

As I envision you walking,
Hand in hand with me
On this often lonely
Path of hope.

I saunter past barren fields
Teeming with roses,
Eagerly awaiting
The initial caress
Of your hand.

I know to speak my truth
May rob me of the
Very hope of you -
I don't yet
Have the strength
For that,
So we remain here,
Together,
As I imagine
You are mine
Forever more.

Heather Lea

ස්වර රටා අතරනැගෙන සුසුමක අරුතඑයයි සෝ ගීයකඅවසාන ස්වර පෙලක ඇරඹුමසිහින් කෙඳිරි ලෙසිනවිටක උච්චව ගැයෙනකදුළු බිදුවෙන් ලියනපද ප...
01/01/2024

ස්වර රටා අතර
නැගෙන සුසුමක අරුත
එයයි සෝ ගීයක
අවසාන ස්වර පෙලක ඇරඹුම

සිහින් කෙඳිරි ලෙසින
විටක උච්චව ගැයෙන
කදුළු බිදුවෙන් ලියන
පද පෙලක උරුමය ඔබය

නිශා යාමෙ නොනිදන
අයාලෙ යන සිතුවිලි අතර
නිමා කල නොහැකි කිසි දින
එකම ගීතය ඔබය

තත් අතර නවතින
හුස්ම ගන්නා හඩ
එයයි දුක නිවාලන
මගෙ අවසන් කවිය

කෝඩු වැසි කඩා වැටෙනමන්දාරමේ හවසකනිමාවක් නොදන්නාපාළුම මාවතකශීතල පමණක් තනි රකිනඔබේ උණුසුම යදිනහුදකලා මගියාඅදුරේම සැගවීපලා ...
01/01/2024

කෝඩු වැසි කඩා වැටෙන
මන්දාරමේ හවසක
නිමාවක් නොදන්නා
පාළුම මාවතක
ශීතල පමණක් තනි රකින
ඔබේ උණුසුම යදින
හුදකලා මගියා
අදුරේම සැගවී
පලා යයි නොකියාම

29/12/2023
විඩා බර දිගු ගමනනිමාවිය ඔබ සමගදෙමංසලකදි දිනකසමුගනිමු වෙන වෙනමබොහෝ දුරා ගෙවාමඟහි මට මුණ ගැසුනකාත් කවුරුත් නොමැතහුදකලා කඳු...
26/12/2023

විඩා බර දිගු ගමන
නිමාවිය ඔබ සමග
දෙමංසලකදි දිනක
සමුගනිමු වෙන වෙනම

බොහෝ දුරා ගෙවා
මඟහි මට මුණ ගැසුන
කාත් කවුරුත් නොමැත
හුදකලා කඳු අතර

ලියා අවසන් නොකල
එකම කවියක් සමග
බලාහිමි තව දිනක
යලිත් අප මුණ ගැසෙන

විරාමය බොහො දිගය
කදුළු පමණක් උරුම
නිමාවක් නොමැතිමද
හුදකලා විලාපය

වෙඩි වැදුන නත්තල් ගස්කදු මුදුන් වල තිබේ උස්පිනි මුවන් පවා මිය ගොස්තරු නැතිව  අහස  හිස්සාමයෙ උල්පත්  ගලා ගිය භූමියෙකුඩා ද...
25/12/2023

වෙඩි වැදුන නත්තල් ගස්
කදු මුදුන් වල තිබේ උස්
පිනි මුවන් පවා මිය ගොස්
තරු නැතිව අහස හිස්

සාමයෙ උල්පත් ගලා ගිය භූමියෙ
කුඩා දරුවන් හඩයි තනිවෙලා හාමතේ
පද පේලි මාරු වී සාමයේ ගීතයේ
වෙඩි හඩින් ගිඟුම් දෙයි බෙත්ලෙහෙම් මාවතේ

ලෝකයක් දකින්නට පෙරම පොඩි දරුවො
සිය දහස් ගණනකින් උන් ගොසින් මැරුවො
ප්‍රේමයෙ නාමයෙන් රුදුරු අවි දැරුවො
ලෝකයම ක්ෂණයකින් ලේ විලක් කෙරුවො

ජේසු මියයයි නත්තලේගාසා තීරයෙ රිහිරු ගඟබඩකුඩා ජේසුව ඇණ ගසා ඇතමරියා ජේසුව සොයා සොයාපටාචාර ලෙස දුවන්නියජුසේ වධ කඳවුරක් ඇතුල...
24/12/2023

ජේසු මියයයි නත්තලේ

ගාසා තීරයෙ රිහිරු ගඟබඩ
කුඩා ජේසුව ඇණ ගසා ඇත
මරියා ජේසුව සොයා සොයා
පටාචාර ලෙස දුවන්නිය

ජුසේ වධ කඳවුරක් ඇතුලේ
ජුදාසුන් ලග බැද දමා ඇත
බෙහෙත්ලෙහෙම් පුර කළුවරේ
පාර කියනා තාරකා නැත

ගව ලෙනට යන පාර සොයනා
රජුන් තුන් කට්ටුව පවා
ජේසුගෙ රතු ලෙයින් පුරවපු
මධු බඳුන් රසයේ ගිලි ඇත

සාමයෙ කුමරුන් උපන්දා දා
කුරුසයෙ උන් ඇණ ගසා
ගාසා තීරයේ පාළු බිමකදි
ජේසු පුතු මිහිදන් කලා

22/12/2023

බොහෝ උස් කඳු මුදුන් වල
ඔබේ කට හඩ ඇසේ අප හට
බලා උඩුඟං දියේ පීනපු
නුඹේ මලකඳ ගියා පහලට
ගං ඉමේ කටු පදුරු ගාලක
රැදි තිබුනා නිසල මල කඳ
තියුණු වෙඩි සැර පහර අභියස
බයක් තිබුනේ නොමැත ඇස්වල
ගලාගෙන ගිය රුධිර බඳු මිස
කදුළු සටහන් නොමැත ඇස්වල
අදත් උන් මර බියයි උඹ හට
ඇසෙන විට නුඹගේ තියුණු හඩ
බොහො හිස් කඳු මුදුන් වල සිට

අදත් ඔබ එතැයි කියාමදක් නැවතිලා ගියාපදක් දෙක තුනක් ලියාඉතින් සැනසෙමි දයාසිනා හා  සුසුම් අතරේඔබයි පාවුනේ සසරේදවා අළු කලත් ...
22/12/2023

අදත් ඔබ එතැයි කියා
මදක් නැවතිලා ගියා
පදක් දෙක තුනක් ලියා
ඉතින් සැනසෙමි දයා

සිනා හා සුසුම් අතරේ
ඔබයි පාවුනේ සසරේ
දවා අළු කලත් මතකෙ
නිමාවක් නොවේ සොදුරේ

සිතට වේදනා නොදැනි
කෙසෙ ඔබ සිටිනු ‍තුටිනි
සිතා ගත නොහැක සොදුරේ
ඔබේ හදවතේ අරුමේ

Address

Melbourne, VIC

Telephone

+61433441269

Website

Alerts

Be the first to know and let us send you an email when කණිෂ්ක චාමින්ද ජයලත් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share

Category