18/10/2020
අම්මේ තාත්තේ අඉයේ අක්කේ නංගී මල්ලි 😊
පොඩි වෙලාවක් අරන් මේක කියවලා මගේ අහිංසක උත්සහයට support එකක් දෙන්න.
මම සිහිනයකි රෑ බලනවා දැන් ගොඩක් කල් ඉදන්. මම එකෙන් ඉගන ගත්ත ගොඩක් දේවල්. අපේ සිංහල බෂාවේ ලස්සන, අපේ පරණ සින්දු වල තියන රස සහ අපේ මිනිසුන්ගේ ජීවිත කතා සහ ඔවුන්ගේ ජීවිත සටන.
මේ ඔක්කොම පොඩ්ඩ පොඩ්ඩ තේරුම් අර ගෙන යන අවරුදු 28ක කොල්ලෙක් මම. 😊
මම ඉගන ගත්තේ ජාත්‍යන්තර පාසලක.ගොඩක් ගේමක් දුන්නේ English ඉගනගන්න. සිංහල හොදට තේරෙනවා හැබය් වැඩේ කියන්නේ ගොඩක් පරණ සින්දු මට තේරෙන්නේ නැ මොකද එඉකේ තියන බර වටින සිංහල නිසා. අපි පොඩි කලේ ඇහුවේ English සින්දු, තාමත් අහන්නේ බහුතරයක් ඒවා මොකද ඒ බාසාව තේරෙනවා අපේ එකට වඩා.සමහර වෙලාවට මේක මට විතරක් තියන ප්‍රශ්ණයක් නෙමේ, දැන් කාලේ ඔක්කොම තරුණ කෙල්ලෝ කොල්ලන්ට තියන ප්‍රශ්නයක්. ඔව්. ලජ්ජය් තමයි එහෙම කියල මෙහෙම ඉන්නත් බැ නෙ හැම දාම.
මම මගේ යාළුවන්ට කියනකොට සිහිනයකි රෑ බලන්න කියලා ගොඩක් අය කියන්නේ අනේ අපිට ඕක තේරෙන්නේ නැ කියල. ඔබත් දන්න එකෙක් දෙකෙක් හරි ඇති මගේ යාලුවෝ වගේ. මේක තමය්reason එක පරණ සින්දු දැන්radio වල ඇහෙන්නේ නැත්තේ. මේක තමය් reason එක සිංහල කියන බාසාව හෙමින් සැරේ ලිස්සල යන්නේ. මේක තමය් reason එක ඔය දැන් හැදෙන මෝඩ සින්දු හිට් වෙන්නේ. මොකද තේරුම් ගන්න ලෙසෙයි නේ.මමත් ඔය මෝඩ සින්දු අහපු පොරක් තමයි දැන් හරි පැත්තට වැටිලා ඉන්නේ. මට sure ඔයාල දන්න එක්කෙනෙක් දෙන්නෙක් හරි ඇති මම වගේ, මට sure ඔයාලටත් මේ දැන් කලේ හැදෙන සින්දු ගැන තරහ ඇති. මට sure ඔයාලත් මහේෂ් නිස්සංක වගේ වෙනසක් කරන්න කැමති ඇති කියල අපි මේ ජීවත් වෙලා ඉන්නේ සමාජයේ. අපේ තරුණ පරම්පරාව රකින්න සහ පරණ සින්දු රකින්න.
මේ ඔක්කොම හිතල තමයි මම අලුත් දෙයක් පටන් ගන්න යන්නේ. එකට මට ඔබව ඕනේ මොකද මට වෙන කව්රුත් නැති නිසා.මගේ අලුත්project එකේ, අපි කතා කරන්නේ පරණ සිංහල සින්දු ගැන, එකේ තේරුම ගැන. වැඩි වෙලා නැ, විනාඩි 30ක් 40kකින් සින්දු දෙකක තේරුම කියන්න.ඉට පස්සේ ඒක අපේ තරුණයා අහයි කියල මම විශ්වාස කරනවා. ඔබට හඩක් තියනවනම්, internet connection එකක් තියනවනම් මම හොයන්නේ ඔබ වගේ කෙනෙක් ව. සිංහලෙන් යන සාකච්චාවක්, වැඩිය හිතන්න එපා, ඔබ පමා වෙන්න පමා වෙන්න, තව තව මෝඩ සින්දු හැදේවි.
කරමු වැඩක් රටට නිකන් ඉන්න වෙලාවේ.
ඔබ කැමති නම් දන්න comment එකක් නැත්තම් මට msgඑකක් දාන්න.
බොහොම ස්තුතියි කියව්වාට.
ජය වේවා
මම කලණ ජයසේකර.
****මම මෙඉකෙන් සල්ලි හම්බ උනොත් ඒවා ඔක්කොම ලංකාවේ charity එකකට තමයි දෙන්න බලාපොරුත්තු වෙලා ඉන්නේ. සල්ලි වලට කරන වැඩක් නෙමේ, මේක රටට කරන වැඩක්. 🙂