Today Dehiattakandiya

  • Home
  • Today Dehiattakandiya

Today Dehiattakandiya දෙහිඅත්තකණ්ඩියෙ යාවත්කාලීන වන පුවත්

අගෝස්තු 07උදේ 9.00 සිට
03/08/2022

අගෝස්තු 07
උදේ 9.00 සිට

26/07/2022
26/07/2022
02/07/2022

වෙලඳ කුටි සඳහා විමසීම්

අධිකාරී - 0715551024
M.කරුණාතිලක - 0770092283

ඇසල මේලා විශේෂ තොරණ රාජයා සහ සැණකෙළිය.
මෙවර දෙහිඅත්තකණ්ඩිය බිහිරිසොරොව්ව බෝධිමළු විහාර භුමියේදී..

21/06/2022

සඳුන්පුර ඉන්ධන පිරවුම්හල අසල උණුසුම් තත්වයක්

දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ පිරිසක් ගමන් කළ වෑන් රථයක්  ගිරාඳුරුකෝට්ටේ තෙල්දෙණියාය ප්‍රදේශයේ දී..අනතුරකට ලක්වෙයි...හතර දෙනෙ...
03/06/2022

දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ පිරිසක් ගමන් කළ වෑන් රථයක් ගිරාඳුරුකෝට්ටේ තෙල්දෙණියාය ප්‍රදේශයේ දී..අනතුරකට ලක්වෙයි...හතර දෙනෙකු ගිරාඳුරුකෝට්ටේ සහ මහියංගනය රෝහල් ගත කෙරේ... සියලු දෙනාටම තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා.....
උපුටා ගැනීම :
Oshan Arunalu සහ
S.P.Herath සහෝදරයන්ගෙන්

10/05/2022

ගෝටාගෝගමට එල්ල කල මිලේච්චර ප්‍රහාරයට විරෝධය පා දෙහිඅත්තකණ්ඩිය තරුණයින් ඔරලෝසු කණුව ඉදිරිපිට

ඔබේ මංගල දිනයටහොඳම දේවල්    අපෙන්.✔️ අප ආයතනයේ සියළුම දෙනා vaccine දෙකම ලබා ගෙන ඇත.✔️ අප භාවිතා කරන සියළුම උපකරණ හෝටල් ...
20/11/2021

ඔබේ මංගල දිනයටහොඳම දේවල් අපෙන්.

✔️ අප ආයතනයේ සියළුම දෙනා vaccine දෙකම ලබා ගෙන ඇත.

✔️ අප භාවිතා කරන සියළුම උපකරණ හෝටල් පරිශ්‍රයට රැගෙන එන්නේ සෞඛ්‍යරක්ෂිතව පිරිසිදු කිරීමෙන් පසුවය.

✔️ ඒවා සියල්ල ඔබේ මංගල දිනයට පෙර දින setup කරනු ලැබේ.

✔️ අදාල කටයුත්තට අදාල පුද්ගලයින් පමණක්ම සහභාගී වන අතර කිසිම විටකදී වෙනත් කිසිම කෙනෙක් පැමිණෙන්නේ නැත.

✔️ අප විසින් භාවිතා කරන මයික්‍රෝපෝන අපගේ ගායකයින් පමණක් භාවිතා කරන අතර අනෙකුත් කටයුතු සඳහා වෙනම මයික්‍රෝපෝනයක් ලබා දෙනු ලැබේ.

✔️ සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ලබා දී ඇති සියළු මාර්ගෝපදේශ වලට අනුකූලව 100% සෞඛ්‍යරාක්ෂිතව අපගේ සේවා සැපයීමට උත්සහ දරන්නෙමු.

2022 විවාහ වන්නට බලාපොරොත්තුවෙන් ඉන්න ඔබ අනිවාර්යයෙන් අපව අමතන්න

DJ / Lights / Projectors and Multimedia

දින වෙන් කර ගැනීමට අමතන්න
📲
0712775940 / 0762225940

Special Offer Price Rs 70000/=👉 Poruwa👉 Settiback👉 Oil Lamp👉 Table Decorations 👉 Entrance Decorations 👉 Head Table Decor...
13/11/2021

Special Offer Price Rs 70000/=

👉 Poruwa
👉 Settiback
👉 Oil Lamp
👉 Table Decorations
👉 Entrance Decorations
👉 Head Table Decorations
👉 Ashtaka
👉 Wes Dancing
👉 Jayamangala Gathaa
👉 Saubhagya Table
👉 Milk Fountain
👉 Dj Setup

Free...👇👇👇👇👇👇
☝️ Salupaliya Dance
☝️ Car Decorations

Call Now
071 38 58 241

#සසිරි_කළා_මණ්ඩපය
දෙහිඅත්තකණ්ඩිය

10/11/2021
Covid වසංගත තත්වය හේතුවෙන් මාස 3කට ආසන්න කාලයක් වසා දමා තිබූ සතිපොළවල් සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුකූලව යළි ආරම්භ කිරීමට පො...
02/10/2021

Covid වසංගත තත්වය හේතුවෙන් මාස 3කට ආසන්න කාලයක් වසා දමා තිබූ සතිපොළවල් සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුකූලව යළි ආරම්භ කිරීමට පොළ බදුකරු විසින් තීරණය කර ඇත.

ඒ අනුව -
ඔක්තෝබර් - 3 ----- ළිහිණියාගම
ඔක්තෝබර් - 4 ----- නව මැදගම
ඔක්තෝබර් - 6 ----- දෙහිඅත්තකණ්ඩිය
වශයෙන් සතිපොළවල් ආරම්භ කෙරේ...

පොළ බදුකරු - 0789319292

✅අවුරුදු 18-30 ඉතිරි සියලු අයට එන්නත් මේ සැප්  24 සිකුරාදට දෙනවා.✅ දවස වෙන්කරගන්න සූදානමින් සිටින්න.
22/09/2021

✅අවුරුදු 18-30 ඉතිරි සියලු අයට එන්නත් මේ සැප් 24 සිකුරාදට දෙනවා.
✅ දවස වෙන්කරගන්න සූදානමින් සිටින්න.

කොවිඩ් පරදා ජයගත් දෙහිඅත්තකණ්ඩියේ බිළිදා වර්ෂ 1988දී මධ්‍යම බෙහෙත් ශාලාවක් ලෙසින් ඇරඹී  පියවරෙන් පියවර තබා පැමිණි දෙහිඅත...
21/09/2021

කොවිඩ් පරදා ජයගත් දෙහිඅත්තකණ්ඩියේ බිළිදා

වර්ෂ 1988දී මධ්‍යම බෙහෙත් ශාලාවක් ලෙසින් ඇරඹී පියවරෙන් පියවර තබා පැමිණි දෙහිඅත්තකණ්ඩිය මුලික රෝහල අද දින තම තිස්තුන් වසරක ගමන් මගේ සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරා. ඒ පළමු කොවිඩ් සිසේරියන් සැත්කම සිදුකරමින්. වයස තිස් හතරක දෙදරු මවක් වූ ඇය සති තිස්නවයක් පුරා කුස දරා සිටි බිළිදු කළලය අද දෙහිඅත්තකණ්ඩිය රෝහල් සෙවනේදී නිරෝගී ළදරුවෙකු ලෙසින් ඇයට තිළිණ කරනු ලැබුවා...

මේ පුවත බහුතරයක් ශ්‍රීලංකාවාසී ජනතාවට අරුමයක් නොවුනත්, දිවයිනේ ඊසාන දිග පිහිටි, නැගෙනහිර පළාතේ, අම්පාර දිස්ත්‍රික්කයේ කොණක වෙසෙන දෙහිඅත්තකණ්ඩියේ ජනතාවට ආඩම්බරයක් ජනිත කරවනු ඇති. මන්දයත් සම්පත් බෙදී යාමේ විෂමතාවයේ අදුරු ප්‍රතිඵල භුක්ති විදින ඔවුන්ට, ඉතා සීමිත පහසුකම් යටතේ සිදුවූ මේ බිළිදු උපත අභිමානයක් වන බැවිණි.

මීට පෙර කොවිඩ් ආසාදිත මව්වරුන් කිහිප දෙනෙකුටම සාමාන්‍ය ප්‍රසූතිය හරහා තම ළදරුවන් දෑතට ගන්නට වරම් දුන් දෙහිඅත්තකණ්ඩිය රෝහලේ, පළමුවරට සිසේරියන් සැත්කමක් හරහා කොවිඩ් රෝගී මවකට එම භාග්‍ය අත්කර දීමේ භාරදූර වගකීමට පණදෙන්නේ රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂ වෛද්‍ය එල්.ඩී. ඩබ් ගුණවර්ධන මහතා ප්‍රමුඛ එම වෛද්‍ය කණ්ඩායමයි. ළමා රෝග විශේෂ වෛද්‍ය ස්වර්ණා බණ්ඩාරණායක මහත්මියත්, නිර්වින්දන විශේෂ වෛද්‍ය ජයති සුබසිංහ මහත්මියත් මෙහිදී සුවිශේෂී කාර්‍යභාරයක් ඉටු කරනු ලැබුවා. මේ සියළු කරතව්‍යන්ට මගපෙන්වූ රෝහලේ වෛද්‍ය අධිකාරී ඩී. එස්. ඒ ජයසිංහ මහාතාද විශේෂයෙන් සිහිපත් කළයුතුයි. මේ කරතව්‍යන්හීදී නොපසුබටව ක්‍රියාකළ ශල්‍යාගාර කාර්‍ය මණ්ඩලය මේ අසීරු ඉලක්කය පහසුවෙන් ජය ගැනීමට උර දුන්නා..

දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහල තැබූයේ කොවිඩ් රෝගී සත්කාරයේ විශාල ඉදිරි පියවරක් බව ඔබට මෙහිදී සිහිපත් කළ යුතුමය. දැඩි සත්කාර ඒකකයක විශේෂ ප්‍රතිකාර අවශ්‍ය රෝගීන් පමණක් එවන් පහසුකමක් ඇති, කොවිඩ් සදහාම වෙන්වූ රෝහල් වෙත මාරුකර යැවූවා හැරෙන්නට, අන් සියළුම කොවිඩ් රෝගීන්ට අවශ්‍ය උපරිම පහසුකම් ලබා දෙන්නට රෝහලක් ලෙස අපි ශක්තිමත්ව සිටිමු. නොබෝ දිනකින් ඒ අඩුවද පිරවෙන්නේ දැනටමත් වැඩ නිමකෙරෙමින් පවතින කොවිඩ් අධිසත්කාර ඒකකය තව නොබෝ දිනකින් දෙහිඅත්තකණ්ඩියේ ජනතා අයිතියට පිරිනැමීමත් සමගමය. මේ අධිසත්කාර ඒකකය පරිත්‍යාගශීලීගේ උපකාර මත වෛද්‍යවරුන්ගේ කැපවීම නිසාම ගඩොලින් ගඩොල ගොඩනැගුණක් බව ඔබ දැනගත යුතුය. එය රෝහලෙන් ඔබට ලැබෙන තිළිණයකි.

කොවිඩ් මාරයා සැමවිටම ඔබව පරාජය කිරීමට බලා හිදී. එහිදී මාරයාව පරාජය කර, ඔබව ජයග්‍රහණය කරවීම රෝහල සතු වගකීමකි. අපි එය හැකි උපරිමයෙන් ඉටු කරන්නෙමු. කොවිඩ් පැරදු දෙහිඅත්තකණ්ඩියේ බිළිදා සහ මව ඒ ජයග්‍රහණයේ ආසන්නතම ජීවමාන සාක්ෂියයි. අපි ඔවුනට නිරෝගී සුව පතමු...

Dehiattakandiya Base Hospital - දෙහිඅත්තකණ්ඩිය රෝහල

හම්බෙන පලවෙනි පාරම විදගනිල්ලා... නැත්තං ඊළඟ එක එන්න කලින් යන්ඩ වෙයි. 🙏🙏🙏🙏🙏
20/09/2021

හම්බෙන පලවෙනි පාරම විදගනිල්ලා...
නැත්තං ඊළඟ එක එන්න කලින් යන්ඩ වෙයි. 🙏🙏🙏🙏🙏

20/09/2021

හෙට (21) සිට රැපිඩ් පරීක්ෂණ -
දිනපතා
✅කුඩාගල හංදිය උදේ 9
✅ලිහිනියාගම උදේ 10
✅මැදගම රෝහල උදේ 11

MOH Office Dehiattakandiya

19/09/2021

🤘🤟

2021.09.09  දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මහවනාවෙල, සඳුන්පුර, මැදගම සමෘදධි ප්‍රතිලාභීන් වෙත ජාතික ගෙවතු වගා ...
09/09/2021

2021.09.09 දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මහවනාවෙල, සඳුන්පුර, මැදගම සමෘදධි ප්‍රතිලාභීන් වෙත ජාතික ගෙවතු වගා සංවර්ධන වැඩසටහන යටතේ පොල් පැළ බෙදාදීම ප්‍රාදේශීය ලේකම් එස්.ටී ප්‍රියංකා වීරසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදි.එම අවස්තාවට ප්‍රාදේශීය සභා මන්ත්‍රි අජිත් මහතා සහ සමෘද්ධි කළමනාකරුවන් ඇතුළු නිළධාරීන් සම්බන්ධ විය

✅තරුණ තරුණියන් එන්නත්කරනය - සැප්තැම්බර් 08.(වයස 18-30 ) SINOPHARM 1st Dose✅දෙහිඅත්තකණ්ඩිය ජාතික පාසල. (උදේ 9-10)නාගස්වැව...
07/09/2021

✅තරුණ තරුණියන් එන්නත්කරනය - සැප්තැම්බර් 08.
(වයස 18-30 ) SINOPHARM 1st Dose

✅දෙහිඅත්තකණ්ඩිය ජාතික පාසල. (උදේ 9-10)
නාගස්වැව,දොලකන්ද,චන්දනගම,මුවගම්මන,බක්මීදෙනිය,හුංගමාලගම,රංහෙලගම,රිදීඇල ,පරගස්වැව,රත්මල්කඳුර,නාමල්ගම. ගම්මාන වල අයට.

✅කුඩාගල මහා විද්‍යාලයේදී. (උදේ 9-10)
කදිරපුර,මුවපැට්කේවෙල,බිහිරිසොරොව්ව,මාවනාවෙල,තුවාරගල,කුඩාගල,සමනලතැන්න,සූරියපොකුන, පුස්සලවින්න. ගම්මාන වල අයට.

✅ ඔබේ ටෝකන් එක අද දවස ඇතුලත, ග්‍රාම නිලධාරී - කොවිඩ් කමිටුව - ඔබේ මන්ත්‍රී - ක්ශේත්‍ර නිලධාරීන් විසින් ගෙනත් දෙයි.වෙලාවට එන්න.

✅ටෝකන් නොලැබුන අයට එතනින් ගන්න පුලුවන්.
මේකට අදාල ගම්වල නොවන තරුණ අයටත් , උදේ 10ට ජාතික පාසලේදී (එන්නත් ඉතිරිවෙන ප්‍රාමානය අනුව) ගන්න පුලුවන්.

✅සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී දෙහිඅත්තකණ්ඩිය.

✅අද සවස 3.30ට, රත්මල්කඳුර පාසලේ සහ දියවිද්දාගම ප්‍රජා ශාලාවේදී වයස 20ට වැඩි කැමති ඕනෙ කෙනෙක්ට එන්නත් ගන්න එන්න පුලුවන්. ...
06/09/2021

✅අද සවස 3.30ට, රත්මල්කඳුර පාසලේ සහ දියවිද්දාගම ප්‍රජා ශාලාවේදී වයස 20ට වැඩි කැමති ඕනෙ කෙනෙක්ට එන්නත් ගන්න එන්න පුලුවන්.

( අද වැඩසටහන අවසානයේ ඉතිරිවන මාත්‍රා ප්‍රමානය අවසන් වන තෙක් )
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී දෙහිඅත්තකණ්ඩිය

✅සැප්තැම්බර් 6 සඳුදා (හෙට) වයස 30ට වැඩි ඉතිරි සියලුදෙනා එන්නත් කරනවා.✅ හෙට, එන්නත් මාත්‍රා 14,500ක්, පැය 6කින් මධ්‍යස්ථා...
05/09/2021

✅සැප්තැම්බර් 6 සඳුදා (හෙට) වයස 30ට වැඩි ඉතිරි සියලුදෙනා එන්නත් කරනවා.
✅ හෙට, එන්නත් මාත්‍රා 14,500ක්, පැය 6කින් මධ්‍යස්ථාන 8ක ජංගම කන්ඩායම් දෙකකින් එන්නත් කරනවා. අදාල එන්නත් අද මධ්‍යම රාත්‍රියේ ලැබීමට නියමිතයි.
✅එනකොට ID එක අරගෙන එන්න, කලින් ඇවිත් පෝලිම් වල බොරුවට රස්තියාදු වෙන්න එපා. පරක්කු වෙලා එන්නත් එපා.
✅ඔබට දීපු වෙලාවට ඔබට ලැබුන ෆෝම් එක සම්පුර්ණ කරගෙන එන්න.
( නිවැරදි කරන ලද සැලැස්ම පහත දක්වා ඇත)

MOH Office Dehiattakandiya

Covid  රෝගය ආසාදනයවී අභාවප්‍රාප්ත වූ, අාදීවාසි නායක විශ්ව කීර්ති වනස්පති වන්නිල ඇත්තන්ගේ බිරිඳ වන ඌරුවරිගේ හීන්මැණිකා මෑ...
05/09/2021

Covid රෝගය ආසාදනයවී අභාවප්‍රාප්ත වූ,
අාදීවාසි නායක විශ්ව කීර්ති වනස්පති වන්නිල ඇත්තන්ගේ බිරිඳ වන ඌරුවරිගේ හීන්මැණිකා මෑණියන්ට උතුම් නිවන් සුව ලැබේවා...!
(බොහෝ කාලයක් වකුගඩු රෝගයෙන් ද පීඩා විඳ ඇත)

ජංගම දුරකතනය හරහා ඔබගේ ආයතනයට ඉහල පිළිගැනීමක් ලබා දෙන්න  Company Ringing tone එකක් නිර්මාණය කරගැනීමට අපව අමතන්න 07794965...
04/09/2021

ජංගම දුරකතනය හරහා ඔබගේ ආයතනයට ඉහල පිළිගැනීමක් ලබා දෙන්න Company Ringing tone එකක් නිර්මාණය කරගැනීමට අපව අමතන්න 0779496596

සැප්තැම්බර් 06 එන්නත්කරන සැලැස්ම.දැනට ඉතිරි වයස 30-60 අතර පිරිස එදින  සම්පූර්ණයෙන්ම එන්නත් කිරීමට නියමිතයි. ඔබේ ටෝකන් එක...
04/09/2021

සැප්තැම්බර් 06 එන්නත්කරන සැලැස්ම.දැනට ඉතිරි වයස 30-60 අතර පිරිස එදින සම්පූර්ණයෙන්ම එන්නත් කිරීමට නියමිතයි. ඔබේ ටෝකන් එක ඔබ අතට ලැබයි, සූදානමින් සිටින්න.

සැප් 06 සඳුදා ඉතිරි 30-60 අතර සියලුදෙනාට එන්නත් ලබාදෙනවා.එදින මාත්‍රා 14000 ක් ලබාදීමට නියමිතයි.
03/09/2021

සැප් 06 සඳුදා ඉතිරි 30-60 අතර සියලුදෙනාට එන්නත් ලබාදෙනවා.
එදින මාත්‍රා 14000 ක් ලබාදීමට නියමිතයි.

03/09/2021

සැප් 13 දක්වා නිරෝධායන ඇඳිරි නීතිය දීර්ඝ කෙරේ.

සැප්තැම්බර් 02 - අද අලුත් ආසාදිතයන් 82යි.30 වෙනිදා මරණ 01යි.31 වෙනිදා මරණ 02යි.01 වෙනිදා මරණ 01යි.02 වෙනිදා මරණ 01යි.✅වය...
02/09/2021

සැප්තැම්බර් 02 - අද අලුත් ආසාදිතයන් 82යි.

30 වෙනිදා මරණ 01යි.
31 වෙනිදා මරණ 02යි.
01 වෙනිදා මරණ 01යි.
02 වෙනිදා මරණ 01යි.

✅වයස 60ට ඉහල සියලුදෙනාගේ පලමු - දෙවන මාත්‍රාව සම්පූර්ණයෙන්ම අවසන්.
✅සියලු රාජ්‍ය ආයතන එන්නත් කර අවසන්.
✅පුද්ගලික, ලංගම, බස් සේවකයන් එන්නත් කර අවසන්.
✅මැලිබන් ඇඟලුම් හල සම්පූර්ණයෙන්ම එන්නත් කර අවසන්.
✅සියලු පුද්ගලික ආයතන එන්නත් කර අවසන්.
✅සියලුම පාසල්, පෙරපාසල් කාර්ය මන්ඩල එන්නත් කර අවසන්.

❎30-60 අතර කාන්ඩයේ තවත් ගම්මාන 21 ක් සම්පූර්ණයෙන්ම එන්නත් කිරීමට ඉතිරිව ඇත.
❎ඒ සඳහා තවත් එන්නත් මාත්‍රා 13,500ක් පමණ අවශ්‍යයි.
❎ 18-30 කාන්ඩය සඳහා කිසිම එන්නතක් අපට දැනට ලැබී නැත. ( ඒ නිසා බොරු වයසවල් කියාගෙන එන්නත් ගන්න එපා, ඔබේ ID අංකය පරිඝනක ගත කරනකොටම ඔබේ වයස අහුවෙනවා ).

✅එය මේ සතියේ අග ලැබීමට නියමිතයි. ලැබිලා පැය 24කට කලින් ඒ 13,000ම එන්නත් කරනවා. එතෙක් ශාරීරික දුරස්ථභාවය ආරක්ෂා කරගෙන සෞක්‍යාරක්ෂිතව කටයුතු කරන්න. දැනට එන්නත් නැත, එකක් වත් නැත.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලය දෙහිඅත්තකණ්ඩිය.

ඔන්න කිව්වා වගේම දෙහිඅත්තකණ්ඩියෙ කාබනික පොහොර හදන ගොවි මහත්තුරු ගැන විස්තරේ රටටම කියන්න හදන්නෙ... පළමු සටහන ගෙවිලියක් ගැ...
01/09/2021

ඔන්න කිව්වා වගේම දෙහිඅත්තකණ්ඩියෙ කාබනික පොහොර හදන ගොවි මහත්තුරු ගැන විස්තරේ රටටම කියන්න හදන්නෙ...
පළමු සටහන ගෙවිලියක් ගැන....

ඇය නමින් උදේශා ජයසේකර... ගෙවිලියක් කියනවට වඩා ඇයව ගුරුවරියක් ලෙස හැඳින්වූවා නම් මා නිවැරදි...
ඇය දෙහිඅත්තකණ්ඩියෙ කදිරපුර ගමේ තමයි මේ කාබනික පොහොර නිශ්පාදනය සිදු කරන්නේ.... ඇගේ ආදරණීය ස්වාමිපුරුෂයා ඇයට නිරතුරු ඔහුගේ සහය ලබා දෙනවා...
ඇය අපිට කිව්වේ මේ වෙනකොට කාබනික පොහොර මෙට්‍රික් ටොන් 30ක් පමණ නිශ්පාදනය කරලා තියනවා කියලා...
මේ පිළිබඳ දැනුම ඕනිම කෙනෙක්ට නොමිලේම ලබා දෙන්නත් කැමතියි කියලයි ඇය අපිට කිව්වෙ....
දිනෙන් දින දියුණුවට පත් වේවා 🤘🤟☝️

👇👇👇👇👇👇👇👇👇👇👇👇👇
ඔබත් කාබනික පොහොර නිශ්පාදනය කරන ගොවිමහතෙක් නම්,
චායාරූප අපට එවන්න.....

01/09/2021

කාබනික පොහොර හදපු දෙහිඅත්තකණ්ඩියෙ ගොවි මහත්තුරු අපිට චායාරූප එවන්න... අපි රටටම පෙන්නන්නම්.. 😍

2021 සැප්තැම්බර් 02 එන්නත්කරන වැඩසටහන.➡️උදේ 9.00 නාගස්තලාව පාසල.➡️උදේ 9.30 සඳමඩුල්ල පාසල.➡️උදේ 10.30 සේරුපිටිය පංසල.✅ අද...
01/09/2021

2021 සැප්තැම්බර් 02 එන්නත්කරන වැඩසටහන.

➡️උදේ 9.00 නාගස්තලාව පාසල.
➡️උදේ 9.30 සඳමඩුල්ල පාසල.
➡️උදේ 10.30 සේරුපිටිය පංසල.

✅ අදාල ගම් වල පදිංචි අයට පමනයි.
✅හැඳුනුම්පත අනිවාර්යයයි. පැනක් අරන් එන්න.
✅ගෙදරට පොඩි ෆෝම් එකක් ලැබෙයි අද, ඒක පුරවගෙන එන්න. ග්‍රාමසේවක හෝ ඔබේ මන්ත්‍රී ඇතුලු කන්ඩායම ඒක ගෙනත් දෙයි. ෆෝම් නැති අයට එතනින් ගන්න පුලුවන්.

✅අදාල ගමේ වයස 30ට වැඩි ඕනෙ කෙනෙක්ට එන්න පුලුවන්.පලමු දෙවන මාත්‍රා දෙකම ගන්න පුලුවන්.
✅විනාඩියක් වත් කලින් එන්න එපා, බොරුවට පෝලිම් වල ඉන්න එපා.
✅ හැමෝටම ප්‍රමානවත් එන්නත් තියනවා, අපිට ඔය එක මධ්‍යස්ථානයක එන්නත් විදින්න යන්නෙ විනාඩි 10යි. ඒ නිසා කරුනාකර කලින් එන්න එපා.

✅ තමන්ගෙ වයස් කාන්ඩය, පදිංචිය අනුව අදාල නොවන අය ඇවිත් එන්නත්කරනයට එන වෛද්‍යවරුන්ට, PHI, මිඩ්වයිෆ් හෝ කාර්ය මනඩලයේ කිසිම කෙනෙක්ට කරුනාකර බලපෑම් කරන්න එපා. අදින් පසුව, තමන්ගෙ ගමට එන සෞඛ්‍ය කාර්ය මන්ඩලයට ගහන්න/බනින්න හදන පලමු වතාවෙම අපි සම්පූර්ණයෙන්ම වැඩසටහන නවත්වල යනවා.

✅ හැමෝම එන්නත් ලබාගන්න උනන්දුවෙන් ඉන්න බව අපි දන්නවා.නමුත් එන්නත් ලැබෙන ප්‍රමාන අනුව තමයි ගම්මාන සැලසුම් කරන්නෙ. ඕනෙ කෙනෙකුට කැමති තැනකින් ඇවිත් එන්නත් ගන්න තරම් තවම එන්නත් නෑ.
ඒ නිසා හැමෝම මේකට උදවු කරන්න 🙏.
ඉදිරි දින කීපයේ ඔබේ ගමටත් එන්නත් ලැබෙයි.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී දෙහිඅත්තකණ්ඩිය

✅පැය 8 ක දී  එන්නත් මාත්‍රා 15,000ක් අද අපි සාර්ථකව එන්නත් කලා.විනාඩියකට එන්නත් 35 ක් මධ්‍යන්‍ය වේගයකින් අද වැඩසටහන ක්‍ර...
30/08/2021

✅පැය 8 ක දී එන්නත් මාත්‍රා 15,000ක් අද අපි සාර්ථකව එන්නත් කලා.විනාඩියකට එන්නත් 35 ක් මධ්‍යන්‍ය වේගයකින් අද වැඩසටහන ක්‍රියාත්මක වුනා.

✅ ගම්මාන 15 කට එන්නත් ලබාදීමේ ජංගම වැඩසටහනක් සහ රාජ්‍ය, අවදානම් ආයතන හා අධ්‍යාපන සේවා සඳහා ජාතික පාසලේ වැඩසටහන ඒ අයුරින් අද අවසන් කලා.

✅ ඔබට කිසිඳු පෝලිමක විනාඩියක් හෝ වැයකිරීමට අවශ්‍ය නොවන ලෙස සියල්ල සැලසුම් කරන්නට අපි උපරිම උත්සහ කල අතර, ඒ ඉලක්කය හැකි පමන සාර්ථක කරගැනීමට අපිට හැකිවුනා.

✅ අවස්ථා කීපයක යම් පෝලිම් නිර්මානය වුනේ, අප ලබාදුන් වෙලවට පෙර ඔබ පැමිනීම නිසා.ඒ නිසා කරුනාකර මීලඟ වතාවේ විනාඩියක් වත් කලින් එන්න එපා.

✅ ඉතා කුඩා කාර්ය මන්ඩලයක් සහිත ආයතනයක් වන අපට, දිනකදී එන්නත් 15,000ක වැඩසටහනක් සාර්ථක කරගැනීමට තිරය පිටුපස සිට දැවැන්ත සහයෝගයක් ලබාදුන් ප්‍රාදේශීය සභා සභාපති තුමා ඇතුලු කන්ඩායම, ප්‍රාදේශීය ලේකම් තුමිය ඇතුලු කන්ඩායම සහ පොලිස් ස්ථානාධිපති තුමා ඇතුලු කන්ඩායම මේ සේවාවේ සම කොටස්කරුවන්.

✅විවිධ දූශමාන මාධ්‍ය ප්‍රචාර නිසා, ඉතා ක්‍රමවත්ව සංවිධානය කල වැඩසටහනට පිටින් විවිධ පිරිස් එන්නත් ලබාගැනීමට පැමිනීම නිසා, ඔවුන් හසුරවන්නට අපට බොහෝ අමතර වෙහෙස වන්නට සිදුවුනා.

✅ එන්නත් ලබාගැනීමේ ඔබේ උනන්දුව වගේම, ලැබෙන එන්නත් ප්‍රමානය නිසා ඉදිරියටත් ගම් අනුවම එන්නත්කරනය සංවිධානය කෙරෙනු ඇති.

✅ අද දින වැඩසටහනේ, යම් අඩුපාඩුවක් ඔබ නිරීක්ෂණය කලේ නම් ඉදිරි වැඩසටහන් වඩාත් විධිමත්ව නවීකරනය කිරීමට, ඔබෙගේ යෝජනා අපට ලබාදීමට කාරුනික වන්න.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලය - දෙහිඅත්තකණ්ඩිය
( 2021 අගෝස්තු 30 )

අපි පලමු මාත්‍රාව ලබා දුන් අයට දෙවන මාත්‍රාව ලබා දීම පිළිබඳ විස්තර. ✅ග්‍රාමනිලධාරී/ ගමේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී/කොවිඩ් ක...
29/08/2021

අපි පලමු මාත්‍රාව ලබා දුන් අයට දෙවන මාත්‍රාව ලබා දීම පිළිබඳ විස්තර.

✅ග්‍රාමනිලධාරී/ ගමේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී/කොවිඩ් කමිටුව වෙත මේ වනවිට ඔබේ වැක්සීන් ෆෝම් එක ලබා දී ඇත. ඒක සම්පූර්ණයෙන්ම පුරවගෙන එන්න.
කාඩ්පත, ID අත්‍යාවශ්‍යයි.

✅එම කිසිම ස්ථානයක වල පළමු මාත්‍රා නැත.

✅ටීවී එකේ විවිධ අය කියන ඒවා අහලා නිකරුණේ රස්තියාදු වන්න එපා.ඕනෑම කෙනෙක්ට පලමු මාත්‍රාව ඕනෑම තැනකින් දෙන්න තරම් එන්නත් අපට නෑ. කරුනාකර මේ වෙනතෙක් ලස්සනට කරපු වැඩසටහන පොරකාල ඒක විනාස කරන්න නම් එන්න එපා.

✅කුඩා දරුවන් රැගෙන එන්න එපා. සමාජ දුරස්ථභාවය පවත්වා ගන්න.
මාස්ක් දෙකක්වත් පැළඳ එන්න.

✅උණ කැස්ස හෙම්බිරිස්සාව හා උගුර රිදීම තියන අය පෝලිම් වල ඉන්න එපා. නිරෝධායනය වෙන ගෙවල් වල කිසි කෙනෙක් එන්න එපා.

✅පුරවගෙන එන්න දෙන චිට් එක හැර අනවශ්‍ය මලු අරන් එන්න එපා. ඕනෙනෙම් බෙහෙත් විදින වෙලාවෙ ෆොටෝ එකක් ගන්න පුලුවන්. බෙහෙත් විදින්න පහසු ඇඳුමක් ඇඳන් එන්න.

✅කරුනාකරල එක විනාඩියක් වත් කලින් එන්න එපා, එක විනාඩියක් වත් අපි ඔබව ප්‍රමාද කරන්නෙ නෑ. අපේ කිසිම එන්නත් මධ්‍යස්ථානයක කිසිම රස්තියාදුවක් නෑ. එදා එන්නත් 15,000ක් විදිනවා. ඒ නිසා අනෙක් මිනිස්සුන්ගෙ/ආයතන වලට වෙන්කරපු වෙලාවල් වලට එන්න එපා.

✅ඔබ වෙනත් ස්ථාන වලින් SINOPHARM පළමු මාත්‍රා ලබා ගත් අයෙක් නම් දෙවන මාත්‍රා සඳහා පැමිනෙන්න පුලුවන්. ඒ අය හවස 4න් පස්සෙ එන්න උත්සාහ කරන්න.
ෆෝම් එක එතනින් ගන්න පුලුවන්.

✅එන්නත්කරනයට සහය දැක්වූ ග්‍රාමීය කමිටු වල අයට ඒ දවසේ ඕනෑම වෙලාවක එන්නත්කරන මධ්‍යස්ථානයෙන් තමන්ගෙ දෙවනි

✅එන්නත් කරගන්න ෆෝම් එක නොලැබුන කෙනෙක්ට මේ පහල ෆෝම් එක ප්‍රින්ට් කරගෙන පුරවගෙන එන්න පුලුවන්.

https://drive.google.com/file/d/1IE9jnTJIq9V9tLZ68YUqvtObBDSSerXO/view?usp=drivesdk

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී - දෙහිඅත්තකණ්ඩිය

30 සඳුදා,   පැවැත්වෙන එන්නත්කරන වැඩසටහනේ කාල සටහන....
28/08/2021

30 සඳුදා, පැවැත්වෙන එන්නත්කරන වැඩසටහනේ කාල සටහන....

අගෝස්තු 30 සිටවයස 30ට වැඩි අයගේ SINOPHARM  දෙවෙනි මාත්‍රාව ලබාදේ.
28/08/2021

අගෝස්තු 30 සිට
වයස 30ට වැඩි අයගේ SINOPHARM දෙවෙනි මාත්‍රාව ලබාදේ.

Address


Telephone

+971543962403

Website

Alerts

Be the first to know and let us send you an email when Today Dehiattakandiya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share