Machan Api Dubai- මචං අපි ඩුබායි

Machan Api Dubai- මචං අපි ඩුබායි Machan Api Dubai

12/11/2024
23/10/2024
මේ තමයි මේ අවුරුද්දෙ හොදම Event එක. මිස් කර ගත්තොත් අපරාදෙ කියලා හිතෙන එකක්. Date එක දැන්ම වෙන් කරගෙන අනිවාර්යයෙන්  ඒ In...
18/10/2024

මේ තමයි මේ අවුරුද්දෙ හොදම Event එක. මිස් කර ගත්තොත් අපරාදෙ කියලා හිතෙන එකක්. Date එක දැන්ම වෙන් කරගෙන අනිවාර්යයෙන් ඒ International Level එකේ එක්ස්පීරියන්ස් එක ගන්න. 🔥😎

Rejections පිළිගන්න!කවුරුහරි ඔයාට "ආදරේ නෑ!", "කැමති නෑ!", "ඔයාව ඕනි නෑ!" වගේ දේවල් කිව්වොත් තව ඩිංගක්වත් ඉන්නම් කියලා එ...
10/10/2024

Rejections පිළිගන්න!

කවුරුහරි ඔයාට "ආදරේ නෑ!", "කැමති නෑ!", "ඔයාව ඕනි නෑ!" වගේ දේවල් කිව්වොත් තව ඩිංගක්වත් ඉන්නම් කියලා එයාලා ලඟ ඉන්න එපා. මොකද මිනිස්සු එහෙම වචන විහිළුවට කියන්නෙ නෑ. ඔයා එක්ක එකට කතා කර කර ගිය ගමන් බිමන් එයා handfree එකක් ගහගෙන සිංදුවක් අහගෙන ගියොත් ඔයාගෙ හිත කැඩෙන එක අනිවාර්යයෙන්ම වෙන දෙයක්. මොකද ඒ කෙනා ඔයාට reject කරලා ඉවරයි දැන්. එතනින් එහාට ඔයාට ඒ අයව කොයිතරම් ඕනි උනත්, එයාට ඔයා කලින් හිටපු "එයාගෙ කෙනා" නෙවෙයි, මිනිස්සු ගොඩක තවත් "එක්කෙනෙක්" විතරයි.

ඉතින් මිත්‍රයා, ආදරේ වැඩි කමට, අතාරින්න බැරි කමට ඕනෑවට වඩා ලඟින් ඉන්න ගිහින්, බලෙන් ආදරේ කරන්න ගිහින් ඔයාගෙ හිත රිද්දගන්න එපා. ඔයාගෙ mentality එක අවුල් කරගන්න එපා. Rejections පිළිගන්න, සතුටින් ඒ අයට සමුදීලා ඔයාගෙ ගමන ඉස්සරහට යන්න. ඒ ඇරෙන්න ඔයාට වෙන තේරීමක් නෑ කියලා හිතාගන්න. ඔයා ඔයාව පරිස්සම් කරගන්න. මොකද මේ සේරම අවසානෙදි ඔයාට තනියට ඉතුරු වෙන්නෙ "ඔයා" ම විතරයි!

ප්‍රමෝද් වීරරත්න

Creative 🖤මට හිතෙන විදිහට ❗️දොස්තර මහත්තයා = පෙර ආත්මේ දුවඑදා - දුව වකුගඩු අසනීප වෙලා මැරෙනවා, තාත්තා අලියා ගහලා මැරෙනවා...
04/10/2024

Creative 🖤

මට හිතෙන විදිහට ❗️

දොස්තර මහත්තයා = පෙර ආත්මේ දුව

එදා - දුව වකුගඩු අසනීප වෙලා මැරෙනවා, තාත්තා අලියා ගහලා මැරෙනවා.

මෙදා - දුව නැවත ඉපදිලා දොස්තර කෙනෙක් වෙලා ගමට එනවා. දුව එනකන් තාත්තාගේ ආත්මය බලන් ඉන්නවා. දුව ආවට පස්සේ ගම දුවට බාර දීලා තාත්තා අලුත් ආත්මෙකට යනවා.

දොස්තර මහත්තයා දැන්ද එන්නේ අහද්දිම තේරෙනවා කොච්චර කාලයක් බලන් ඉදලද කියලා. මූනවල් අලුත් උනාට මතක මැරෙන්නේ නෑ කියන්නේ අලුත් මූනකින් ආවට ඒ දුව කියලා තාත්තා දන්න නිසා. ඊලගට කලින් ආත්මේ පුරුද්දට වගේ දැන්වත් වතුර ටිකක් බොමුද කියලා අහනවා තාත්තගෙන්.

මහපොලොවේ යථාර්ථයක් සිංදුවකට ✨

Thinking is next level 👏

මේ ගැන ඔයාට හිතෙන විදිහ වෙනස් වෙන්න පුලුවන් 🙌

Yuki Navaratne Jagath Benaragama

Hey Deva Vicci 🙏 WELCOME TO DOHA, QATAR! 🇶🇦The arrival of our headliner from Ukraine 🇺🇦 DEVA VICCI just landed to our lo...
03/10/2024

Hey Deva Vicci 🙏 WELCOME TO DOHA, QATAR! 🇶🇦

The arrival of our headliner from Ukraine 🇺🇦
DEVA VICCI just landed to our lovely city DOHA!

NOISE OF SERENDIB PRESENTS DEVA VICCI DEBUT IN DOHA | 03.10.2024

NOISE OF SERENDIB AFTER HOURS : LITTLE BIRD | 04.10.2024

"මෙම තායි ගුරුවරිය තම ළග සිටි සිසුවා තම සිරුරෙන් වසාගෙන සිටි බව කියන්නේ බස් රථය ගිනිගෙන පුපුරා යන අවස්තාවේදීය." 💔 -ඇසින්...
02/10/2024

"මෙම තායි ගුරුවරිය තම ළග සිටි සිසුවා තම සිරුරෙන් වසාගෙන සිටි බව කියන්නේ බස් රථය ගිනිගෙන පුපුරා යන අවස්තාවේදීය." 💔 -ඇසින් දුටුවන් හා දිවිගලවාගත් අය..

ඇගේ නම Kanokwan Sripong

ඇගේ ශරීරය සොයාගන්නා විටත් දෙදෙනාම මියගොස් සිටියේය..
ඇය ගිය මස (සැප්තැම්බර්.) ඇගේ උපාධි ප්‍රදානෝත්සවයට සහභාගී විය.. උපාධිය ලැබී දින කීපයයි..😭

මෙම විපතෙන් කුඩා සිසුන් 25හා ගුරුවරියන් 3දෙනෙක් මියගියේය..😭👩👦

ඇයගේ පරිත්‍යාගය සහ ඇගේම දරුවෙකු ලෙස තම සිසුන් කෙරෙහි ඇති ආදරය ලොව පුරා සිටින බොහෝ ගුරුවරුන්ට ආදර්ශයක් ලබාදෙයි.

අපගේ නිර්භීත සුපිරි වීර ගුරුවරුන් සමාදානයේ සැතපේවා. 🕊️

01/10/2024

වහින්නට හැකි නම් ගිගුම් දී
වියලි ගම් බිම් වලට ඉහළින්......
ඉදෙන්නට හැකිනම් බතක් වී
බතක් නොයිදෙන පැළක රහසින්.....💔😢

🎧 PROG X The Ultimate Progressive House Experience!🔥 DJ Ruby (3-Hour Extended Set) A legend in the progressive house sce...
30/09/2024

🎧 PROG X

The Ultimate Progressive House Experience!

🔥 DJ Ruby (3-Hour Extended Set)

A legend in the progressive house scene, known for his powerful sets across the globe!

Supporting acts: Hash, Laki, Praveen, Zad

🚨 EVENT DETAILS 🚨

🗓️ Date: 6th October 2024

📍 Venue: Novel Hotel, Abu Dhabi

🕗 Time: 8 PM – 4 AM

Experience the magic of DJ Ruby’s signature sound. This is one night you don’t want to miss! 🎶

අම්මෝ diesel 33කින් අඩු කරලා. ! 😇🙏🔥
30/09/2024

අම්මෝ diesel 33කින් අඩු කරලා. ! 😇🙏🔥

"මට ඉස්සෙල්ලම ඕන උනේ උබේ ඔය ගන් කුලෑටි කෑල්ල නැති කරන්න. ඒක කරන්න නම් උබලා මේ නගරේ ඉන්න නෝනලා මහත්තුරු කියලා කියන එඋන් ග...
30/09/2024

"මට ඉස්සෙල්ලම ඕන උනේ උබේ ඔය ගන් කුලෑටි කෑල්ල නැති කරන්න. ඒක කරන්න නම් උබලා මේ නගරේ ඉන්න නෝනලා මහත්තුරු කියලා කියන එඋන් ගැන තියෙන සංස්කෘතික බය නැති කරගන්න ඕන.

ඉංග්‍රීසි ටිකක් කටේ ගාගත්ත, ලීසින් කරලා වහනයක් ගත්ත, තමන්ගේ මුළු පඩියම බැංකුවට උකස් කරලා ණය වෙලා ගෙයක් හදාගත්ත, තමන් ගමේ ඉස්කෝලේ ඉගෙනගෙන තමන්ගේ ළමයි ඉන්ටනැශනල් ස්කූල් වලට යවා ගන්න හදන ඔය ගොන් හැත්තගේ බොරු වලට තමයි ගමේ ඉදලා එන උබලා ඔක්කොම බය වෙන්නේ.

මට ඕන උනේ ඉස්සෙල්ලම අන්න ඒක නැති කරන්න උනුත් අපි වගේම දාඩිය ගද ගහන මිනිස්සු කියලා උබලට තේරුම් කරන්න..!" 🐜

- ජෙහාන් -

"තාත්තලා බුදු වෙන්නේ නැහැ දරුවන්ව සසරින් එතෙර කරන්නට ආයෙ ආයෙ උපදිනවා"තාත්තලා ආදරය කරන්නට දන්නේ නැත. හැබැයි දුවලාට වත් පු...
27/09/2024

"තාත්තලා බුදු වෙන්නේ නැහැ දරුවන්ව සසරින් එතෙර කරන්නට ආයෙ ආයෙ උපදිනවා"

තාත්තලා ආදරය කරන්නට දන්නේ නැත. හැබැයි දුවලාට වත් පුතාලාටවත් තාත්තලා තරම් ආදරවන්තයන් ලෝකයේ කොහේවත් නැත. අම්මාගේ ආදරය පිළිවෙලය. ලස්සනය. ඒත් තාත්තලා පිළිවෙල කියා වචනයක් වත් අහලා නැත. ලස්සන කියා වචනයක් අහනවා තබා ඔවුන්ගේ ශබ්ද කෝෂයේ වත් නැත.
ගෙදරට සතෙක් සරුපයෙක් ආවොත්, ගෙදරින් පිටදී මදුරුවෙක් වැහුවත් එලවා අරින තාත්තලා,ගෙරදරදී අර සතා මරා ගිනි තබා මිස පස්ස නොබලන්නේ තම දරුවන්ට අනතුරක් කරාවියයි හිතේ ඇවිලෙන ගින්නෙනි. නිතරම අතේ මිළ මුදල් නැති නිසා ඉඳ හිට අඩියක් ගසන්නට සෙට් වෙන
සමහර තාත්තලා නප්පියට ගසා සිටියත් දුවගෙන් call එකක් ආවොත් answer කරන්නේ වාඩි වුණු තැනින් ද නැඟිටිමිනි.
මෙසේ ඉඳහිට set වෙන තාත්තලා ගෙදර ආ විට බැණුම් අසන්නේ හැමදාමත් කරටි කැඩෙන්නට ගසා ගෙදර එන කසිප්පු කාරයෙක් ගාණටය.

කරන්නට තිබෙන පස්පව් දස අකුසලයම සිදු කරත් තාත්තලා පවුලේ කුසගිනි නිවන්නට දස අතේ ඇප වෙති. කැප වෙති. තම කුසට අහරක් දිනය පුරා නොලැබුණත් තම දුව හෝ පුතා, එක් වේලක් හරියට නොකෑවොත් තාත්තාගේ පපුව හෝස් ගා දවා යන්නේය. "තොපිට නාස්ති කරන්න තමයි මේ මම දවස පුරා නැහෙන්නේ... "යයි තාත්තලාගේ කටින් සමහර විට පිටවන්නේ ඒ දුක් ගින්දරය.

තමන් මොන තරම් කරටි කැඩෙන්නට ගසා පාරේ කාණුවේ වැටී සිටියත්, තමන්ගේ පුතා එක බියර් උගුරක් බොනවා දැක්කොත් තාත්තලා ගේ හිත වාවන්නේ නැත. එසේ දුටු විට, "ආයෙත් තෝ බීලා අහුවුණොත් හතර හන්දි කඩනවා.."යයි කියන්නේ තමන් ඇබ්බැහි වූ නරක පුරුදු තමන්ගේ ආදරණීය පුතාලා ටත් හුරු වේ යයි හිතේ ඇතිවෙන බියටය.

තමන් ගිය වැරදි පාර වල් වලින් අත්මිදෙන්නට උත්සාහා නොකළද, දරුවන් ඒ පාරේ නොයවන්නට තාත්තලා දිවා රෑ වෙහෙසෙන්නෝය.

"අම්මලා මතු බුදු වුණත් , තාත්තලා බුදු වෙන්නේ නැහැ දරුවන්ව සසරින් එතෙර කරන්නට ආයෙ ආයෙ උපදිනවා" යයි මගේ යාළුවෙකු කිව්වේ ඒ නිසා වන්නට ඇත.

මොනදේ ඇහුවත් ගස් ගල් වගේ නොසැලෙන තාත්තලා දරුවන් ගැන හිත රිදෙන යමක් අහද්දී කපා හල කෙසෙල් කඳන් මෙන් ඇදවැටෙති. දරුදුක කියන්නේ ඒක වන්නට ඇත. ඉතින්, දරු දුකට පපුව පැලෙනවා යයි කියන්නේ ඇත්තය.

තාත්තලා තරම් දක්ෂ නළුවන් මේ ලෝකේ තවත් නැත. කාර්යයාලයේදී කප්පරක් බැණුම් අසා, මහමෙරක් වැඩ කර පැමිණියද..., "තාත්තාට මහන්සිදැ" යි ඇසුවොත් "නෑ පුතේ" යයි කියන්නේ ලස්සනට හිනාවෙලාය. ඉතින්, දරුවන්ට තාත්තා තරම් වීරයෙක් නැත.

අම්මලා වියපත් වූ පසු පන්සල් පල්ලි ගොස් ආධ්‍යාත්මිකව පොහොසත් වී මතු බුදුබව පතා සසරින් එතෙර වනු ඇත. ඒත් තාත්තලා පන්සල් පල්ලි වලට අඩිය ගසන්නේ නැත. ඒ වෙලාවේත් කීයක් හරි හරි හම්බ කරන්නට ජීවන යුද්දේය. නැත්තම් දිගටම වැඩ කර යන්තම් ලද නිවාඩුවට පොඩ්ඩක් set වෙලාය.

ඉතින්, මගේ යාළුවා හරිය...
අම්මලා බුදු වුණත් තාත්තලා නිවන් දකින්නේ නැත. දරුවන් සසරින් එතෙර කරන්නට ආයෙ ආයෙත් උපදිති. එහෙත් තාත්තලා ඊට අකමැති නැත. ඒ ඔවුන් නිවන් දකිනවාට වඩා තම දරුවන් සමඟ දුක් විඳින්නට කැමති නිසාය.

27/09/2024

Wedding හානවා කියලා අහලා තිබ්බට,
දැකලා තිබ්බේ නැහැනේ 😅😆.

🎧 𝗣𝗥𝗢𝗚 𝗫 – Presents By Laki Eventz❤️❤️𝗧𝗵𝗲 𝗨𝗹𝘁𝗶𝗺𝗮𝘁𝗲 𝗣𝗿𝗼𝗴𝗿𝗲𝘀𝘀𝗶𝘃𝗲 𝗛𝗼𝘂𝘀𝗲 𝗘𝘅𝗽𝗲𝗿𝗶𝗲𝗻𝗰𝗲! International Progressive Artist 🔥 𝗗𝗝 𝗥...
26/09/2024

🎧 𝗣𝗥𝗢𝗚 𝗫 – Presents By Laki Eventz❤️❤️

𝗧𝗵𝗲 𝗨𝗹𝘁𝗶𝗺𝗮𝘁𝗲 𝗣𝗿𝗼𝗴𝗿𝗲𝘀𝘀𝗶𝘃𝗲 𝗛𝗼𝘂𝘀𝗲 𝗘𝘅𝗽𝗲𝗿𝗶𝗲𝗻𝗰𝗲!

International Progressive Artist 🔥 𝗗𝗝 𝗥𝘂𝗯𝘆 (3-𝗛𝗼𝘂𝗿 𝗘𝘅𝘁𝗲𝗻𝗱𝗲𝗱 𝗦𝗲𝘁)

𝗔 𝗹𝗲𝗴𝗲𝗻𝗱 𝗶𝗻 𝘁𝗵𝗲 𝗽𝗿𝗼𝗴𝗿𝗲𝘀𝘀𝗶𝘃𝗲 𝗵𝗼𝘂𝘀𝗲 𝘀𝗰𝗲𝗻𝗲, 𝗸𝗻𝗼𝘄𝗻 𝗳𝗼𝗿 𝗵𝗶𝘀 𝗽𝗼𝘄𝗲𝗿𝗳𝘂𝗹 𝘀𝗲𝘁𝘀 𝗮𝗰𝗿𝗼𝘀𝘀 𝘁𝗵𝗲 𝗴𝗹𝗼𝗯𝗲! ✌️

𝗦𝘂𝗽𝗽𝗼𝗿𝘁𝗶𝗻𝗴 𝗮𝗰𝘁𝘀: 𝗛𝗮𝘀𝗵, 𝗟𝗮𝗸𝗶, 𝗣𝗿𝗮𝘃𝗲𝗲𝗻, 𝗭𝗮𝗱

🚨 𝗘𝗩𝗘𝗡𝗧 𝗗𝗘𝗧𝗔𝗜𝗟𝗦 🚨

🗓️ 𝗗𝗮𝘁𝗲: 6𝘁𝗵 𝗢𝗰𝘁𝗼𝗯𝗲𝗿 2024

📍 𝗩𝗲𝗻𝘂𝗲: 𝗡𝗼𝘃𝗲𝗹 𝗛𝗼𝘁𝗲𝗹, 𝗔𝗯𝘂 𝗗𝗵𝗮𝗯𝗶

🕗 𝗧𝗶𝗺𝗲: 8 𝗣𝗠 – 4 𝗔𝗠 𝗘𝘅𝗽𝗲𝗿𝗶𝗲𝗻𝗰𝗲 𝘁𝗵𝗲 𝗺𝗮𝗴𝗶𝗰 𝗼𝗳 𝗗𝗝

𝗥𝘂𝗯𝘆’𝘀 𝘀𝗶𝗴𝗻𝗮𝘁𝘂𝗿𝗲 𝘀𝗼𝘂𝗻𝗱.
𝗧𝗵𝗶𝘀 𝗶𝘀 𝗼𝗻𝗲 𝗻𝗶𝗴𝗵𝘁 𝘆𝗼𝘂 𝗱𝗼𝗻’𝘁 𝘄𝗮𝗻𝘁 𝘁𝗼 𝗺𝗶𝘀𝘀! 🎶



#𝗣𝗥𝗢𝗚𝗫 #𝗗𝗝𝗥𝘂𝗯𝘆 #𝗔𝗯𝘂𝗗𝗵𝗮𝗯𝗶𝗡𝗶𝗴𝗵𝘁𝗹𝗶𝗳𝗲 #𝗣𝗿𝗼𝗴𝗿𝗲𝘀𝘀𝗶𝘃𝗲𝗛𝗼𝘂𝘀𝗲 #𝗟𝗮𝗸𝗶𝗩𝗶𝗯𝗲𝘀

අන්තිමට තඹුත්තේගම  ඉංග්‍රීසි හොඳට බැරි කොල්ලෙක් රටේ ජනාධිපති වෙද්දි....කොළඹ බිෂොප් එකේ ඉංග්‍රීසි හොඳට පුළුවන් කෙල්ලෙක් අ...
25/09/2024

අන්තිමට තඹුත්තේගම ඉංග්‍රීසි හොඳට බැරි කොල්ලෙක් රටේ ජනාධිපති වෙද්දි....කොළඹ බිෂොප් එකේ ඉංග්‍රීසි හොඳට පුළුවන් කෙල්ලෙක් අගමැති වුනා..❤️ යම් හෙයකින් මෙවර සජිත් ජයගත්තේ නම් අගමැති රංජිත් මද්දුමබණ්ඩාර වීමට ඉඩ තිබුණි. රනිල් ජයගත්තේ නම් නැවතත් දිනේෂ් එම ධූරයට පත්වන්නට ඉඩ තිබුණි. ඒ අන් කිසිවක් නිසා නොව විධායක ජනාධිපතිවරයාට අභියෝගයක් විය නොහැකි දුර්වල තරමක් වයෝවෘද්ධ දේශපාලනයේ ඉන් එහා බලාපොරොත්තු නොමැති අයෙකු අගමැතිධූරයට පත් කරගැනීම අප රටේ බලලෝභී නායකයන්ගේ සැනසීම නිසාවෙනි.

ඉතින් මේ අලුත් වෙනස දිහා පොඩ්ඩක් ඇස් ඇරල බලන්න. හරිනි කියන්නෙ ජනාධිපති අනුරට වඩා වයසින් අඩු උගත්කමින් වැඩි සංධානයේ ප්‍රධාන පක්ෂය වන ජනතා විමුක්ති පෙරමුණේ නොවන අයෙකි. නමුත් එදා සිට ජවිපෙ වෙනුවෙන් වෙහෙසුණු විජිත නොව අනුරගේ අගමැති වන්නේ හරිනිය. ඊට හේතු කිහිපයකි.

01.අනුර එළවා හරිනි ජනපති වේව්‍ යැයි හෝ මාලිමාවේ නායිකාව වේ යැයි අනුරට බියක් නැත.
02. එසේ නායක පට්ටං ජනපති පට්ටං සොයමින් කුමන්ත්‍රණ කිරීමට හරිනිටද උවමනාවක් නැත.
03.මට නොදී අලුත් එකීට දුන්නා යැයි විජිත තරහ වෙන්නේ ද නැත.

ඒ ඔවුන්ගේ දේශපාලන සංස්කෘතියයි. තනතුරක් යනු වගකීමක් මිස ඔටුන්නක් හෝ වරප්‍රසාද ගොන්නක් ලෙස ඔවුන් නොසළකයි. ඉතින් බලලෝභී දේශපාලකයන්ගේ තනතුරු බෙදාහදා ගැනීමේ පොරය මෙතෙක් කල් බලා සිටි අප මේ දකින්නේ සියවස් ගණනක් අප දුටු සිනිහය නොවේද. මැවූ බොරු බිල්ලන් නිසාවෙන් මාලිමාව හැර වෙනත් පක්ෂයකට ඡන්දය දුන් සබුද්ධික මිනිසුනි‍, මේ සමාජ පරිවර්තනය සම්පූර්ණ කිරීමට මහමැතිවරණයේ දී මාලිමාව සමඟ එක්වන්න...මහින්දානන්දලාගෙන් ජොන්ස්ටන්ලාගෙන් ප්‍රසන්නලගෙන් කෙළෙසුණු ශ්‍රී ලංකාවේ උත්තරීතරම ආයතනය වන පාර්ලිමේන්තුව හරිනිලාගෙන් පුරවමු. ලංකාවට ජය ❤️

(උපුටා ගැනීමකි)

ආචාර්ය හරිනි අමරසූරිය දශක 2කට පසු ශ්‍රී ලංකාවට පත් වූ අගමැතිනිය..❤️💪ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය වෙනස් කරමින් 2024 සැප්ත...
24/09/2024

ආචාර්ය හරිනි අමරසූරිය දශක 2කට පසු ශ්‍රී ලංකාවට පත් වූ අගමැතිනිය..❤️💪

ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය වෙනස් කරමින් 2024 සැප්තැම්බර් 21 වන දින පැවති ජනාධිපතිවරණයෙන් අනුර කුමාර දිසානායක ජනාධිපති ධූරයට පත් වූ අතර, එතෙක් අගමැතිවරයා වශයෙන් කටයුතු කළ දිනේෂ් ගුණවර්ධන සිය ධූරයෙන් ඉල්ලා අස් විය.

ඒ අනුව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරසූරිය අගමැති ධූරයේ අද පස්වරුවේ දිවුරුම් දෙන ලදී.

සිය පවුලේ උරුමයෙන් දේශපාලනයට පිවිස අගමැතිනියන් වූ සිරිමාවෝ බණ්ඩාරානායක සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගට පසුව දේශපාලන පවුල් පසුබිමක් නොමැතිව අගමැති ධූරයට පත් වූ ආචාර්ය හරිනි අමරසූරිය යනු කවුද?

පවුලේ තොරතුරු හා අධ්‍යාපනය

1970 මාර්තු 6 වන දින කොළඹ දී උපත ලැබූ ආචාර්ය හරිනි අමරසූරියගේ පියා තේ වැවිලිකරුවෙකි. ඇයට සහෝදර සහෝදරියන් දෙදෙනෙක් සිටිති.

කොළඹ බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හදාරා ඇති අය උසස් අධ්‍යාපනය සඳහා විදේශගත වී ඇත.

ඇය සමාජ විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධියක් දිල්ලි විශ්වවිද්‍යාලයෙන් ප්‍රථම උපාධිය ලෙස සම්පූර්ණ කර ඇති අතර, ඔස්ට්‍රේලියාවේ සිඩ්නිහි මැකවරි විශ්වවිද්‍යාලයෙන් ව්‍යවහාරික මානව විද්‍යාව සහ සංවර්ධන අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් හිමි කරගෙන තිබේ.

2011දී ඇය එඩින්බරෝ සහ ක්වීන් මාග්‍රට් විශ්වවිද්‍යාලවලින් සමාජ මානව විද්‍යාව, අන්තර්ජාතික සෞඛ්‍ය හා සංවර්ධන අධ්‍යනය සම්බන්ධයෙන් ආචාර්ය උපාධියක් හිමි කරගෙන තිබේ.

මුල් කාලීන වෘත්තීය ජීවිතය
ආචාර්ය හරිනි අමරසූරිය පසුගිය දශකයක කාලය තුළ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක ලෙස සේවය කළා ය.

ඇය විශ්වවිද්‍යාලයේ පරිපාලන කටයුතු සඳහා ද සම්බන්ධ වී ඇති අතර, 2016 සිට ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ සමානාත්මතාවය පිළිබඳ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ කමිටුවේ සාමාජිකාවක ලෙස ද කටයුතු කළා ය.

ඇය ප්‍රජා සෞඛ්‍ය, ඒඩ්ස් හා ළමුන් පිළිබඳ ක්‍රියාකාරිනියක ලෙස කටයුතු කර තිබේ.

ඊට අමතරව ඇය ශ්‍රී ලංකාවේ ප්‍රජා සෞඛ්‍ය සංවිධානයක් වන Nestහි අධ්‍යක්ෂක ධූරයක් සහ සභාපති ධූරයක් ද, ශ්‍රී ලංකාවේ කාන්තා සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ පර්යේෂණ සංවිධානයක් වන CENWOR අයතනයේ තනතුරක් ද දරා තිබේ.

ආචාර්ය හරිනි නීතිය සහ සමාජ භාරයේ (Law & Society Trust) අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකාවක් ලෙස කටයුතු කර ඇති අතර, පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයට පත් වූ පසු එම තනතුරෙන් ඉවත් වී ඇත.

වෘත්තීය සමිති ක්‍රියාකාරීත්වය
ඇය විවෘත විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්ගේ සංගමයේ 2012 සහ 2013 වසරවල ලේකම්වරිය ලෙස කටයුතු කර ඇති අතර, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ සහකාර ලේකම් ලෙස 2014, 2015දී කටයුතු කර ඇති අතර ලේකම්වරිය ලෙස 2016 දී කටයුතු කළා ය.

2011දී විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය විසින් දළ දේශීය නිෂ්පාදිතයෙන් 6%ක් අධ්‍යාපනයට වෙන් කරන ලෙස ඉල්ලා ක්‍රියාත්මක කරන ලද අරගලයට ද ක්‍රියාකාරීව සම්බන්ධ වූවා ය.

ඊට අමතරව ඇය මෑතකාලීනව නිදහස් අධ්‍යාපනය සම්බන්ධයෙන් විවිධ පාර්ශව විසින් ගෙන යන ලද අරගල රැසකට ද සම්බන්ධ වී තිබිණි.

දේශපාලනයට පිවිසීම
ආචාර්ය හරිනි පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස පත් වීමට පෙර ජාතික ජනබලවේගයේ දේශපාලන ක්‍රියාකාරීත්වයේ සිටි අතර, 2020 මහමැතිවරණයෙන් ජාතික ජන බලවේගය හිමි කරගත් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට පත් වූ අතර, එතැන් පටන් මේ දක්වා ඇය එම මන්ත්‍රී ධූරයේ කටයුතු කරයි.

ඇය එම කාලය තුළ පාර්ලිමේන්තුව පවත්වා ඇති දින 389න් දින 269ක් පාර්ලිමේන්තු පැමිණ තිබේ.

ඇය පාර්ලිමේන්තුව දැරූ තනතුරු පහත පරිදි වේ.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ කාන්තා සංසදය

ශ්‍රී ලංකාව තුළ ස්ත්‍රී-පුරුෂ සමාජභාවය මත පදනම් වී කරනු ලබන වෙනස්කම් සහ කාන්තාවන්ගේ අයිතිවාසිකම් කඩවීම් පිළිබඳව විශේෂ අවධානය යොමු කරමින්, ස්ත්‍රී-පුරුෂ සමතාව සහ සමානාත්මතාවය තහවුරු කිරීමට සහ ඒ පිළිබඳව සොයා බලා සිය නිර්දේශ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව

ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව

ශ්‍රී ලංකාවේ ළමා මන්දප‍ෝෂණ තත්ත්වය වැඩි වෙමින් පවතින්නේ ද යන්න සොයා බැලීමටත්, එසේ නම් ඒ සඳහා ගත යුතු කෙටිකාලීන, මධ්‍යකාලීන හා දිගුකාලීන ක්‍රියාමාර්ග පිළිබඳව සොයා බැලීම සඳහාත්, හඳුනාගත් ක්‍රියාමාර්ග කඩිනමින් ක්‍රියාවට නැංවීම පිළිබඳව අධීක්ෂණය කිරීම සඳහාත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව

ළමුන්, කාන්තාවන් හා ස්ත්‍රී-පුරුෂ භාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව

සත්ව ශුභසාධනය පිළිබඳ පාර්ලිමේන්තු සංසදයරජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව
ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාව
අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව

manthri.lk වෙබ් අඩවිය සිදු කර ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ශ්‍රේණිගත කිරීම් අනුව, මන්ත්‍රීවරුන් 225 දෙනා අතරින් ඇය 65 වන ස්ථානයේ සිටින අතර ඇය මාතෘකා 14ක් සම්බන්ධයෙන් අදහස් දක්වා ඇත.

ඒ අතරින් ඇය වැඩි වශයෙන් අදහස් දක්වා ඇත්තේ අධ්‍යාපනය, අයිතිවාසිකම් හා නියෝජනය, සෞඛ්‍ය සහ ආර්ථික හා මූල්‍ය සම්බන්ධ මාතෘකාවලට ය.

මැතිවරණ ප්‍රචාරණයට කිලෝමීටර 21,500ක් ගියා'

2024 ජනාධිපතිවරණයේ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රචාරණ වේදිකාවල ආචාර්ය හරිනි අමරසූරිය කැපී පෙණුනු අතර, ජනාධිපතිවරණයට පෙර ජාතික ජන බලවේගය විසින් සංවිධානය කළ කාන්තා සමුළුව ද බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් විය.

ජනාධිපතිවරණයේ නිහඬ කාලසීමාව ආරම්භ වීමට පෙර දින හරිනි අමරසූරිය සිය ෆේස්බුක් ගිණුමේ තබා තිබූ සටහනකන් දැක්වුණේ ඇය මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා රට පුරා කිලෝමීටර 21,500ක් ගමන් කළ බව ය.

"අපගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය තුළ මම කිලෝමීටර් 21,500 කට වැඩි දුරක් ගමන් කර තිබෙනවා. මා රැස්වීම් සිය ගණනක කතා කරන්න ඇති. දහස් ගණන් මිනිසුන් හමුවෙන්න ඇති. එය මගේ මුළු ජීවිතයේම ප්‍රීතිමත් සහ වෙහෙසකර කාලයක් වුණා," යැයි ඇය සිය ෆේස්බුක් ගිණුමේ සටහන් කර තිබිණි.

දේශපාලන පවුල් පසුබිමකින් නොපැමිණි පළමු අගමැතිනිය
ලෝකයේ පළමු අගමැතිනිය පත්වූයේ ශ්‍රී ලංකාවෙන් ය. ඒ සිය සැමියා වන හිටපු අගමැති එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායකගේ ඝාතනයෙන් පසුව දේශපාලනයට පිවිසි සිරිමාවෝ බණ්ඩාරනායකයි.

ඉන්පසුව ඇගේ දියණිය වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග 1994 මහමැතිවරණයෙන් අගමැති ධූරයට පත් වූ අතර, එම වසරේ ම පැවති ජනාධිපතිවරණයෙන් ඓතිහාසික ඡන්ද ප්‍රතිශතයක් ලබා ජනාධිපති ධූරයට ද පත් වූවා ය.

ඔවුන් දෙදෙනා ම එක ම පවුලේ සාමාජිකයන් වූ අතර, සැමියන් සහ පියා මිය ගිය පසු පවුලේ ඇවෑමෙන් අගමැති ධූරයට පත් වූ අයයි. එය දකුණු ආසියාවේ ම නිරීක්ෂණය වන ලක්ෂණයක් වන අතර, ඉන්දියාව, පකිස්ථානය සහ බංගලාදේශය වැනි රටවල්වලත් රාජ්‍ය නායිකාවන් ලෙස කටයුතු කළ සියලු කාන්තාවන් සිය දේශපාලන පවුල් පසුබිමක් සහිත ව දේශපාලනයට පිවිසුණු අයයි.

ඒ අනුව ආචාර්ය හරිනි අමරසූරිය යනු දකුණු ආසියාවේ සියලු ම රටවල්වලින් දේශපාලන පවුල් පසුබිමක් නොමැතිව අගමැති ධූරයට පත් වූ ප්‍රථම කාන්තාවයි

Copied
අමන්දිකා කුරේ
Role,BBC සිංහල

9th Executive President of Sri Lanka : Anura Kumara Dissanayake 🥹🫶🤍
23/09/2024

9th Executive President of Sri Lanka : Anura Kumara Dissanayake 🥹🫶🤍

Address

Dubai

Website

Alerts

Be the first to know and let us send you an email when Machan Api Dubai- මචං අපි ඩුබායි posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share